_Lost Eyes_

By Bulbz_D

103K 18.4K 4.6K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත්... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
24 කොටස
25 කොටස
Special Chapter
A/N
Hikiz - ( Lost Eyes 2 )

23 කොටස

2.9K 617 135
By Bulbz_D

ඒ ඇස් දෙක මාව අදුරගත්තේ නෑ...

බයිසකලේ ගියර් එක ඇගේ උපරිම වේගේ දාලා අඹරපු කෙයාන් හිතුවේ නැති විදියට බ්රේක් ලූස් වෙලා ගියේ හිතාගන්න බැරී විදියට බයික් එක ඉස්සරහට විසි වෙලා යද්දී.. බයික් එක ඇගට උඩින් විසිවෙලා මහ හඩින් වැටෙද්දී කෙයාන් පාර මැද ඇදගෙන වැටුණේ එහා පැත්තෙන් ආපු වාහනය කෙයාන්ගේ ඇගේ වැදෙන නොවැදෙන ගානට නතර වෙද්දී.... තාමත් වෙව්ලන ඇස් පිහාටු අතර පෙනුණ වේගයෙන් කැරකැවෙන බයික් එකේ රෝදේත් එහෙමම තියෙද්දී කෙයාන් අමාරුවෙන් එහා පැත්ත හැරුණා..

වෙනදා වගේම ලොකු හිස්තැනක් විතරයි.. කෙයාන් එහෙමම පාර මැද හාන්සි වුණේ තුවාල වුණු වැලමිට අල්ලගෙන... කිසිම මනුස්සයෙක් එයාට ළං වුණේ නෑ.. ඔව් ඇක්සිඩන්ට් එකකදී මෙතනට කව්රුත් ළං වෙන්නෑ.. මිනිස්සු බයයි ඒ තරම්ම කට උත්තරයකට.. අවුරුදු ගානකට පස්සේ කදුළු එක්කම හිනාවක් කෙයාන්ගේ මූණේ ඇදිලා ගිහින් තිබුණා...

සහන්ස එයා ඉන්නවා... එයා මේ ළගම ඉන්නවා... වෙන කොහේවත් නෙවේ නුවරම ඉන්නවා... ඒ ඇරෙන්න වෙන කිසිම කෙයාන්ගේ ඔළුව ආවේ නෑ.. බුදු සාධුට එයාව ඇහිලා.. ජීසස් එයාව අහලා...

ආා... අදුරගන්න බැරි වෙන එක අහන්න දෙයක් ද , කෙයාන් ඉදියාට වඩා ගොඩක්ම වෙනස්.. කෙට්ටුවට ඉදිය කොල්ලා උසට ගැළපෙන මහතක් වෙනකම් ලොකු වෙලා... කලින් අතටවත් ඇහවුනේ නැති කොණ්ඩේ වෙනුවාට අගල් දෙකක් විතර දිගට තිබුණ කොණ්ඩේ බෙල්ල ගාවට කට් එකකට කපලා තිබ්බා.. කෙයාන් වැලමිටත් අල්ලගෙන නැගිට්ටේ පාරේ මිනිස්සු එයාට බැන බැන යන එක සතපහකට ගණන් නොගෙන.. චුට්ටක් කොර ගහ ගහම බයික් එක කෙලින් කරපු කෙයාන් බයික් එකේ අයිනකට කළේ පාරේ ඉඩ හදලා දෙන ගමන්..

ෆෝන් එකේ අන්තිම කෝල් එකට දෙපාරක් හිතන්නේ නැතුව කෝල් බැක් කරපු කෙයාන් නොඉවසිල්ලෙන් ඒක කනේ තියාගත්තා.. 

'' කෙයාන් !! උබ කොහේ ද ? '' සතීශ්ගේ ගෝරනාඩුව.. රෑ වෙලාත් ගෙදර ආවේ නැති නිසා.. ඇයි සතීශ් නැත්තන් චූටිත් ගෙදර තනියම..

'' බං.. අහපන්... මට... මට.... මට හිතාගන්න බෑ... එයා මෙහේ.. මෙහේමයි.. නුවර... මම එයාව දැක්කා... සතීශ් මම අය්යාව දැක්කා... වැවරවුම ගාව.... උබ අහගෙන ද ? මේ පාර මම දැක්කා.... '' කෙයාන් වචනත් පටල පටල කිව්වේ සතුටට අත් දෙකත් වෙව්ලද්දී,

'' කෙයාන් ?? ... කතා කළා ද ? මොක ද වුණේ...'' සතීශ් කලබලෙන් ඇහුවේ කෙයාන් පැටලී කියපු වචන ටික හරියට ඇහුණෙත් නැති නිසා...

'' මම එන්නම්.. '' කෙයාන් ලොකු හුස්මක් අරගෙන කිව්වේ ෆෝන් එක කට් කරන ගමන්.. ටිකෙන් ටික වැවරවුම වටේත් , දළදා මාළිගයේත් ලයිට්ස් පත්තු වෙලා නුවර ලස්සනට එළිය වෙනවා කෙයාන් බලාගෙන ඉදයා... මෙච්චර ළගට දැකලාත් සහන්සව එයාගේ දෑස මානේට පෙනී නොපෙනී ගියා කියලා කෙයාන්ට තාමත් විශ්වාස කරන්න අමාරුයි..

කලින් හිත ඇතුළේ පෙරළි ගහපු සතුට එක්ක දැන් ටිකක් දුකක් මෝදු වෙන කොට කෙයාන් ආයෙත් නැගිටලා බයික් එක ස්ටාට් කළේ හෙල්මට් එක දාගෙන.. චූටි තනියම ගෙදර තියලා එයා මෙහෙම රවුම් ගහන එක ගැන , සතීශ්ගේ කේන්තියත් කෙයාන්ගේ ඔළුවේ වැඩ කරනවා..

කවදා කාපු කටු ද ? වසලයා වගේ ඇවිත් චූටිට ලයින් දාලා .. ඒ මල හොල්මනත් මේකාගේ එක සිය විසි අටට අහුවෙලා...දැන්ම මස්සිනා වෙලා එනවා මට පාට් දාන්න.. කලින් කෙල්ලගෙන් කාපු බූට් එක මදි වෙලා ද කොහේ.... කෙයාන් හිතුවේ සතීශ්ට බැන බැන... ඇයි එනවා මෙතන කිරියි පැණියි අරගෙන නුවර..

කන්ද උඩ රිදී දෝළී එක ළගම තිබුණ කෙයාන්ගේම ගෙදර , ගාව ඌ බයික් එක නැවැත්තුවේ ඌට පාට් දාන වෙන්න මස්සිනා දොර ගාව අත් දෙකත් බැදගෙන බලාගෙන ඉදිද්දී, මූ බලාන්කාේ.. තා ටික දවසකින් නංගි එක්ක එකතු වෙලා මාවත් පාරට ඇදලා දාවි.. කමක් නෑ මම යනවා සහන්ස අය්යාලහා.. එහේ සේපාලිකා ගහ යට තමා ලෝකේ සනීපම තැන..... කෙයාන් හිතුවේ සතීශ්ගේ අනාගතේ අදුරු වෙන තැනකට පා පහරක් එල්ල කරලා උගේ ඇගට පනින ගමන්..

කවදාවත් නැතුව කෙයාන්ගේ සැහැල්ලු හැසිරීම සතීශ්ටත් අරන් ආවේ පුදුමයක්.. සහන්සව හොය හොය මිනිහා මැරැච්ච ගෑනි වගේ වැන්දඹු සළුව දාගෙන ඉදිය එකා නේද මේ කියන ලුක් එකෙන් තමයි සතීශ් කෙයාන් දිහා බැලුවේ...

'' මම දැක්කා.. එයාව..එයා ඉන්නවා.... එයා නුවරම ඉන්නවා... එයා මෙහේටම ඇවිත්.. පුදුම නැද්ද  ?... කට්ටියව දැම්මුවා ද සතීශ්  ? '' කෙයාන් ඇහුවේ සතීශ්ගේ බෙල්ල කකුළුවා වගේ අතඅරින්නේ නැතුව..

'' චූටිඊඊඊඊඊ.. '' සතීශ් කට අරින්නත් කලින් කෙයාන් කෑගැහුවේ ඒ ආරංචිය චූටිට කියන්න... ඒත් ගෙදරම නිශ්ශබ්දයි..

'' චූටි ? '' කෙයාන් එකපාරටම කලබල වෙන ගමන් ආයේත් කතා කළා.. කිසිම හේතුවක් නිසා තමන්ට ඉන්න එකම කෙනා නැති කරගන්න කෙයාන් ලෑස්ති නෑ,.

'' ආ.. මතක් වුණා ද පොඩි මහත්තයා ? චූටිට ක්ලාස් එකක් ... මම ගිහින් දාලා ආවා..  උබ වගේ අය්යෙක් ඉන්නකොට හරි ඉතින්..  '' සතීශ් කිව්වේ කෙයාන්ව පහළටම දාලා..

යකූ ඒකහ්.. දැන් ක්ලාස් ඇරලවන්නෙත් මූ ද එතකොට ? චහ්... ලෝකය ගෝලාකාරයි නෙවේ ඉලිප්සාකාරය්.. කෙයාන් එයාටම කියාගත්තේ සතීශ්ව පැත්තකට කරලා..

'' මම කිව්වා උබ කෝල් කරපු වෙලේ....'' සතීශ් කිව්වේ සෝෆා එකට පැනපු කෙයාන් දිහා බලලා පැත්තකින් වාඩි වෙලා..

'' මට හෙට උදේ ඉදන් එක කොනක ඉදන් පටන් අරගෙන හොයනවා.. හොයලා ගෙනල්ලා හිර කරගන්නවා මෙහේ... ආයේ යයි නැට්ට ගහේ.. හාල් හිපාටුවා.. '' කෙයාන් හිනා වෙවී කිව්වේ එයා දිහාවට සසර වසන තුරු නිවන් දකින තුරු , කෙයාන්ගේ ඥාති සහෝ කෙනෙක් වෙන්න එපා කියන ලුක් එකෙන් එයා දිහා බලාගෙන ඉදපු සතීශ්ට..

ඒත් ඒක වැඩක් නෑ කෙයාන් දැනටම පරණ මතක වෙලා කිමිදිලා.. ගොඩ කාලෙකින් කොල්ලාගේ මූණ පුරාවට හිනාවක් ඇදිලා...

.
.
.
.
.
.
.
.
.

මේ දේවල් මෙහෙම වෙන කොට , ඒ සෙංකඩගල අහස යටම තවත් හිතක් තාමත් එයාගේ හැගීම්වල අයිතිකාරයාව ඉල්ලනවා.. ලස්සන රොබරෝසියා මල් පිරුණ '' වළ '' රගහලට වෙලා අතේ තිබුණ සුදු පිටුවේ එයා නොහිතම කුරුටු ගෑවේ කළු පාට හුරු පුරුදු ඇස් දෙක තියන මුහුණ... වෙනදා විදියටම මූණ පිරෙන හිනාවත් එක්ක ඇදපු ස්කෙච් එක දිහා සහන්ස ආදරය පිරුණ ඇස් දෙකින් බලාගෙන ඉදියා..

'' සුදු මැණික.. '' සහන්ස මිමිණුවේ තාමත් හුළගට ගහගෙන වැටෙන රොබරෝසියා මල් පියලි දිහා බලාගෙන...

යුනිවසිටි එක ඇතුළේ එයාගේ යාළුවෝ දෙන්නා දෙන්නා අත් අල්ලගෙන යද්දී , සහන්ස හැමදාමත් සුදු පාට කොළේ මිනිරන්වලින් ඇදෙන චූටි චිත්‍රය පපුවට තුරුළු කරගත්තේ මහ මෙරක් ආදරෙන්...

අනිත් අයට අනුව කෙයාන් මැරුණ කෙනෙක් උනාට , සහන්සගේ හදවතේ නම් කෙයාන් තාමත් ජීවත් වුණා.. චූටිත් , කෙයානුත් , අම්මාගෙත් අහිමිවීම සහන්සව පිස්සෙක් කළ තරම්... ආමි එකේ උදව්ව නොවෙන්න සහන්ස මිනීමරුවෙක් උනත් වෙන්න ඉඩ තිබුණා..

අවුරුද්දක්  පරක්කු වුණත් සහන්ස එයාගේ ඉලක්කෙට ගියා... අක්බාර් පාලම දිගේ නිදහසේ ඇවිදින ගමන් සහන්සගේ හිත නම් තිබුණේ අවුරුදු තුනක් ඈත දවසක නැවතිලා.. පහළින් ගලාගෙන යන මහවැලි ගගත් , ඈතින් පේන හන්තාන කන්දත් එයාට ගෙනාවේ නිවුන සිතිවිලි..

කෙයාන් නැති වුණා කියලා කී දෙනෙක් එයාට කිව්වත් , තමාත් කෙයාන් ඉන්නවා කියලා සහන්සගේ හිත දන්නවා.. මල් වසන්තයට යුනිවසිටි එක ලස්සන මල්වලින් පිරිලා ගිහින්... ඒ වගේ එයාගේ ජීවිතේත් පිරිලා යන දවසක් එයි කියලා සහන්ස හැමදාම බලාපොරොත්තු වුණා... ඉතින් අත් අල්ලන්නේ මොකට ද එයාගේ පපුවට තුරුළු කරගන්න එක සුදු කොළයක ඇදපු දිලිසෙන ඇස් දෙකත් එක්ක සති තුනක කාලයක එකතු වුණ මහ මෙරක් වගේ වටින මතක ගොඩක් සහන්සට තිබුණා..

'' හාල් හිපාටුවා.. වරෙන්.. '' කෙයාන් එක්ක තනිවෙලා ඉදපු සහන්ස පියවි සිහියට ආවේ ඒ හඩින්.. එයාගේ යාළුවෝ... අක්බාර පාලම කෙළවරටම ගිහිල්ලා.. සහන්ස තාමත් මුල ඉදන් ....

ඔව්.. හාල් හිපාටුවා යුනි එක ඇතුලේ සහන්සගේ නිළ කාඩ් එක වෙලා දැන්...

ආදරේ විදින්න දෙන්නෙක් ළගින් ඉන්න ඕනම ද ?

මොක ද අපි හැමෝම උඩ බැලුවොත් බලන්නේ එකම අහස... හැමෝම දකින්නේ එකම හද... හැමෝටම පේන්නේ එකම ඉර.. ඒත් දකින විදියයි වෙනස්...

එයාගේ ෆෝන් එක අරගත්ත සහන්ස ඉයර්ෆෝන් දෙක කනට ගහගත්තා.. ලොකුවට සිංදු අහන්න පුරුද්දක් නොතිබුණ සහන්ස සිංදු අහන්නේ කෙයාන් නිසා.. කෙයාන් නම් කොයි වෙලේත් මොකක් හරි කනේ ගහ ගත්ත ගමන්මයි...

ඔයා ඉන්නවා නේද සුදු මැණික ළගම ? රෑ වේගෙන එන අහසේ නැගෙනහිර පැත්තට වෙන්න තිබුණ තරුවලින් සහන්ස ඇහුවා...

පොඩි කාලේ සහන්ස අප්පච්චි අහද්දී අම්මා කියන්නේ අප්පච්චි තරුවක් වෙලා කියලා... ඉතින් මිනිස්සු මැරෙන්නේ නැහැ තරු වෙනවා..
එතකොට චූටිත් ඇති.. අම්මාත් ඇති...
කෙයානුත් ලස්සන තරුවක් වෙලා කොහේ හරි ඇති..

සහන්ස විශ්වාස කළේ එහෙම... හැමදාම කෙයාන් එයා දිහා බලාගෙන ඉන්න නිසා සහන්ස කෙල්ලෙක් එක්ක කතා කළත් පරිස්සම් වුණා.. ඇයි ඉතින් ඒ රතිඤ්ඤා කරලට ඉරිසියා හිතුනාම , මුකුත් හොයන්නැතුව කඩාගෙන බිදගෙන යනවානේ.. දුක හිතිලා වල්ගා තරුවක් වගේ අහසින් ගියොත් සහන්ස කතා කරන්නේ කාත් එක්ක ද ?

කෙයාන් මැරුණා කියන එක පිළිගන්න හිත නොනැමුණ සහන්ස , ඒක පිළිගත්තේ මෙහෙමයි... ප්ලේ වුණ සිංදුවේ තිබුණ වචන ටික කොල්ලාගේ හිතේ ගැඹුරු තැනක තැන්පත් වුණා...

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ

දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත

නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා


.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* බොළදයි ද ? හිකි හිකි.. කොටාගෙන යන්න.. 

Continue Reading

You'll Also Like

538K 1.1K 28
နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်
3.7K 543 10
ප්‍රේමයේ කොන්ඩිස් වීදුරුව, මන්දගාමීව කලතමි......✨
1.3M 3.7K 68
ထန်တဲ့အချ်ိန်ဖတ်ဖို့ စုထားတာတွေပါ ကိုယ်တိုင်ရေးသားခြင်းမဟုပါ crdပေးပါတယ်
593K 1.5K 8
ကလေးတေမဖတ်နဲ့ ဖတ်ရင်လည်း တိုးတိုးတိတ်တိတ်ဖတ် wattpadစာကိုwattpadမှာဘဲထားခဲ့ပါ ယူသွားမယ်ဆိုလည်းကိုတို့လိုလူတေရှိတဲ့နေရာဘဲယူသွားပါ