නිහඬ | Silence

Oleh peaceful_softie

6.9K 1.7K 820

ශ්රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන ගමගේ මහතා ලෝකයට ඉතා දයාබර පුද්ගලයෙකි. විසල් ගේට්ටුවකින් වැසුණු බේජ් පැ... Lebih Banyak

පිදුම
1
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18

2

413 112 18
Oleh peaceful_softie

 ටනාෂා මධ්‍යම රැයේ නැගිට නිවසේ ගේට්ටුව දෙස බැලුවාය. ඇයට එම මහ රෑ ශබ්ද ඉතාමත් හුරු පුරුදු වුවද සෑමදාම අවදිව ඒවා පරීක්ෂා කිරීම ඇයට නවතා ගත නොහැකිය. 

රටේ මිනිසුන් නොදන්නා කොතරම් නම් දේවල් ඇය දැන සිටියාද කියතොත් ඇයව නිදහස් කිරීමට ගමගේ බියපත් වීමට එක් හේතුවක් එය වන්නට ඇත. 

මිනිසුන් නොපිළිගන්නා තරම් රහස් පිරුණු තැනක් ලෙස ඇය ජීවත්ව සිටි ස්ථානය හැඳින්වීමට ඇය කැමති වූවාය.

කළු පැහැ ඩිෆෙන්ඩරයෙන් බැසගත් මිනිසුන් දෙදෙනෙකු වාහනය ආරක්ෂා කරද්දි ඇතුළත තවත් අය සිටි බව ටනාෂා දුටුවාය. ඇයට ඔවුන් හඳුනාගත නොහැකි වුවද හඳුනාගතහොත් පුදුමයට පත් වන්නටද උවමනාවක් නැති බවත් ඇය දැන සිටියාය. ‍‍

ඉන් විනාඩි පහකට පමණ පසුව සුදු පැහැ ඇඳුමින් සැරසුණු ගමගේ ඇමතිතුමා ඩිෆෙන්ඩරය වෙත ගමන් කරනා ආකාරය ටනාෂාට පෙනෙයි. ඔහු වට පිට බලමින් වාහනයේ රියැදුරු අසුනට එහා පසින් වූ අසුනින් හිඳ ගත්තේ සියල්ලන්ට ඈත් වන ලෙස සන් කරමිනි. 

ටනාෂා දෑස් රෝල් කළාය.

වාහනයේ සිටින තැනැත්තා පැහැදිළිව දැක ගැනීමට ඇයට ආසාවක් ඇති වුවද එය කිරමට ඇයට ක්‍රමයක් නැත. ඇගේ කාමරය තිබෙනා සතරවන මහලේ සියලුම ද්වාර නිසැක ලෙසම දැන් වසා ඇත. සතරවන මහල සම්පූර්ණයෙන්ම භාවිත කළේ ඇය පමණි. 

ඇගේ සේවය සඳහාම කැප වූ නිර්මලා නම් සේවිකාවද, කෝකියෙකුද වූ අතර ඔවුන් දෙදෙනාට අමතරව ඇය ජීවත් වනවාද යන්න දැන සිටියේ ගමගේ ඇමතිතුමා සහ නිවසේ තෙවන මහලේ සිටින්නවුන් පමණි. ටනාෂාට කිසිඳු වෙලාවකට තෙවන මහලෙන් පහළට යෑම අවසර නොතිබිණි. 

ඇය කිසිම අවස්ථාවක ඊට උත්සාහයක්ද නොදැරුවාය. දුරකථනය සහ පරිඝනකය සමඟ කාම‍රයේ වැඩි හරියක් කල් ගත කරන ඇය වටපිට සිදුවන සියල්ල පිළිබඳ දැනගත්තේ අන්තර්ජාලයෙනි.

අවිවාහක ගමගේ ඇමතිවරයා ඇයට සියල්ල සිදු කර දුන්නේ කිසිදු විමසීමකින් තොරවය. 

නමුදු දැන් ඔහු විවාහ වීමට යන්නේය. 

තව දුරටත් ඇයට පෙර පරිදි සැලකිළි නොලැබෙනු ඇත. ඇයව නොසලකා හැරෙනු ඇත. 

පැය භාගයකටත් වඩා අධික වෙලාවක ඇදී යන ඩිෆෙන්ඩරය තුළ කතා බහ දෙස දෑස් යොමා සිටියද ඇයට අලස බවක් නොදැනිණි. ‍එය කුමක් පිළිබඳවද යන්න ඇය දැනටමත් අනුමාන කර තිබිණි.

හෙටින් පටන්‍ ගෙන දින කිහිපයක් පුරාවට ඇදී යන මරණ සංඛ්‍යාව පිළිබඳ ඇයට නිශ්චිත අදහසක් නැති වුවද ඒ සියල්ලම අද්භූත ලෙස සිදුවනු ඇත. 

අසරණ ජීවිත සියල්ලට අනතුරු ඇඟවීමට නොහැකි වීම පිළිබඳ ඇයට දැනුණේ දැඩි කණගාටුවකි. 

මරණයක්, මිනීමරුවා ලෙස බාර වෙන තවත් ජීවිතයක්, ඇප, සැඟවී සිටිනා සත්‍ය මිනීමරුවන්, මියගිය මිනිසුන්ට ලැබෙනා නින්දා...

ටනාෂා ඇඳ රෙදි අතරට ගුලි වූයේ මේ සියල්ල පිළිබඳ කල්පනා කිරීමෙන් ඇයට දැනුණ හිසරදය පිට කිරීම සඳහාය. දුරකථනය ගත් ඇය සංගීතය වාදනය වන්නට හැර ජනෙල් දාර අතරින් අහස දෙස බලා සිටියේ පහළ වාහනය තුළ සිදුවන්නා වූ දේවල් අමතක කිරීමට තැත් කරමිනි.

ගැහැණු ළමුන් කීයකට නම් හෙට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වෙයිද යන්න කල්පනා කිරීමෙන් ඇගේ සිත ඇදුම් කන්නට විය. 

කාමරයේ දොර විවර කළ ඇය වහා පඩිපෙළ අසලට ගොස් යකඩ කූරු ඇති දොර අතරින් ඇමතිවරයා එනතුරු බලා සිටියාය.

කූරු සහිත දොර ඇයට දුන්නේ සිරකාරියකගේ හැඟීමකි. ඇය සැබැවින්ම එක්තරා ආකාරයක සිරකාරියක් වූවාය. 

ලෝකය නොදන්නා, අඩුම වශයෙන් නිවැසියන්වත් නොදන්නා ජීවිතයක්. 

තමා පැය කීයක් එතැන හිඳගෙන සිටියාද පිළිබඳ ඇයට අදහසක් නොවිණි. මද වේලාවකින් එතැනින් බර අඩි තබමින් යමෙකු යන බව දැනීමෙන් නිදිබර දෑස් පිස දැමූ ටනාෂා නැගිට්ටාය.

'අහ්ම්?' ඇය කැස්සේ ඇමතිගේ අවධානය ගැනීමටයි.

ගමගේ ඇය දෙස හැරී බැලුවේය. 'ඇයි?' 

ඔහුගේ මුවින් පිටවූ හුස්මින්ම ඔහු බීමත්ව සිටි බව ඇයට වැටහිණි. 

'ඔයා හෙට කීයක් මරනවද?' ඇය නිහඬවම ප්‍රශ්න ක‍ළාය. ඇගේ හ‍‍ඬේ වූයේ මරණීය බවකි.

ඇමතිවරයා කූරු දොරට අත තබා ඇය දෙස බලා සිටියේ කට කොනක වූ සිනහවක්ද සමගිනි. 'විස්සක්?' 

ටනාෂා කෙල ගිල්ලාය. 'ඒත්... දවස් කීයද?' 

'මගෙයි මිනුරිගෙයි විවාහ උත්සවය තියෙන්නේ තව මාස එකහමාරකින්. මාසයක් ඇතුළත?' ඔහුගේ මුවේ ඇති ප්‍රීතිමත් බව ටනාෂාට ගෙන දුන්නේ පිළිකුලකි.

'ඇයි ඒ අසරණ කෙල්ලන්ව මරන්නේ ඔයා? ඒ කෙල්ලෝ කළ වැරැද්ද මොකක්ද? ඔයාට නිකන් ඉන්න බැරුවට ඒ ගෑනු ළමයි ටික පලිද?' ඇගේ කෝපයෙන් පිරුණ හඬ නිවසේ නිහඬතාවයට බාධාවක් වන බව හැඟුණු හෙයි‍න්දෝ ඇමතිවරයා අතින් යකට කූරු වලට පහරක් ගසා ඇයව නිහඬ කළේය.

'මගේ චරිතය මට නිදහසේ තිය‍ාගෙන ඉන්න ‍නොදෙන ඕනම කෙනෙක්ට මම ඉන්නේ දෙන්නේ නැහැ. රහස් තියෙන්න ඕන රහස් විදිහට. මිනුරිව බැඳලා ලස්සනට ඉන්න යන මට අඳුරු වදයක් වෙන්න යන අයව කලින්ම අයින් කරලා දාන එක හොඳයිනේ?'

දෑසින් වැටෙනා කඳුළු සමඟින් යටි තොළ සැපූ ටනාෂා ඇමතිවරයා එතැනින් යන ආකාරය බලා සිටියාය. ඔහු දර්ශන මානයෙන් ඉවත් වන්නට ඔන්න මෙන්න තිබියදී හඬ නැගුවාය.

'ඔයා මාවත් දවසක අයින් කරලා දානවද?' 

ඇමතිවරයාගේ දෑසෙහි වූ කෝපය ඇයට අන්ධකාරයේම දැකගත හැකිවිය. 'අර හේතුව නොවුණා නම් තමුන් මේ වෙනකොටත් මැරිලා.'

ඇමතිවරයා නොපෙනී යන තෙක් සිටි ටනාෂා තමාගේ කලවා අතර මුහුණ සඟවාගෙන කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියාය. 



________________

වැරදි කරන්නා සදා නිවැරදිය
බලය ඇති තුරාවට
නිවැරදි වුවද වැරැද්දක් ‍වේවි
බලය තැනි බව හේතු කොට

________________


An Anonymous Author

your happiness



Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

1.1M 36.6K 62
WATTYS WINNER When her fiancé ends up in a coma and his secret mistress, Halley, shows up, Mary feels like her world is falling apart. What she does...