_Lost Eyes_

By Bulbz_D

103K 18.4K 4.6K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත්... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
Special Chapter
A/N
Hikiz - ( Lost Eyes 2 )

20 කොටස

3.2K 636 59
By Bulbz_D

'' ඇහැරිලා ද ? දැන් අඩුයි නේද ? '' සහන්ස ඇහුවේ කෙයාන් ඇස් දෙක ඇරගෙන මොකා ද වගේ සිවිලිම බලාගෙන ඉදපු කෙයාන්ගෙන්..

'' හ්ම්.. '' කෙයාන් මිමිණුවේ ආපහු හැරිලා සහන්ස අය්යාගේ ඇග වටේ අතයි කකුලයි දාලා එයාව බදාගෙන.. එයා මොකක් හරි ලොකු බරපතළ දෙයක් කියන්න යනවා කියලා තේරුන සහනසත් කෙයාන්ගේ පැත්ත හැරුනේ ඇස් දෙක පුංචි කරලා එයා දිහා බලන ගමන්..

'' රස - සුවදායි... '' කෙයාන් කිව්වේ එයාට මේ වෙලාවේ උද්ගත වෙලා තිබුණ බරපතලම තත්වේ.. ඇයි ඉතින් ආයම්මාගේ රම්පේ දාපු කෑම සුවද කාමරේටම දැනුණා.. සහන්ස හිනා වෙලා කෙයාන්ගේ ඔළුව ඇවිස්සුවේ මේ පිස්සු කොල්ලා බඩගිනියි කියලා කියපු විදියට..

'' බන්ඩි ගෙඩිය උල් වෙනකම් කමු.. හරි ද ? '' සහන්ස කිව්වේ බාගේට නිදිමතේම එයාගේ හේත්තු වුණ කෙයාන්ට.. හිමින් කෙයාන්ගේ නළලයි කම්මුලයි ඉඹබු සහන්ස හිතලාම එයාගේ තොල් මග හැරියේ තාමත් තුවාල වෙලා තිබුණ තොල් දැවිල්ල ගනිවි කියලා.. කොහොමත් ආයේ ඊයේ වුන එකක්වත් කෙයාන්ට මතක වෙනවාට සහන්ස පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ,.

'' ඒයි... ලොකු අය්යේ...දොර අරිනවාකෝ..'' දොරට තඩිබාන චූටිගේ සද්දේට කෙයාන් ඔළුව උස්සලා බැලුවා..

'' මොක ද ඕපාදූප හොයන්න ආවා ද ? පස්සේ එනවා... යනවා දැන් පොතක් බලාගන්නවා.. '' සහන්ස නංගිට සැර කළේ කෙයාන් සහන්ස දිහා අපරාදකාරයෙක් වගේ බැල්මක් දාද්දී.. ඇයි අර අසරණ පැංචි මොනවා කරන්න ද ? එයාටත් ගෑස් දාන නපුරු අය්යා...

'' අරිනවා කහකුරුල්ලො ... ඔයාව බලන්න එන්න පිස්සු කියලා හිතුවා ද ? අම්මා කිවා පොඩි අය්යා ලෙඩවෙලා කියලා... මොනවා ද ඔය දොර වහගෙන කරන්නේ.. අරිනවා..මටත් බලන්නෝනි... නැත්තන් අම්මාට කියනවා..'' පැංචි ගෝරනාඩු කළේ කෙයාන්ගේ මූණේ පුංචි හිනාවක් ඇදිලා යද්දී,. ඇයි හිනා යන්නැද්ද සහන්ස අය්යාත් ගැස්සිලා යන්න පැංචි දාන සද්දවලට...

'' ඔහොම ඉන්නවා චූටි ආච්චී, '' කෙයාන්ගේ මූණේ ඇදුණ හිනාව දැකපු සහන්ස මුමුණ මුමුණ ඇදෙන් බැස්සේ කෙයාන්ව ඇද උඩ පරිස්සමට තියලා..

'' පැංචි.. උස ගිහින් ද කොහේ.. '' කෙයාන් වීරයා වගේ කිව්වේ පැංචි ගස්සගෙන ඇවිත් සහන්සගේ පුටුව උඩ කකුල් දෙකත් උඩට අරගෙන ගාණක් නැතුව වාඩි වෙද්දී,..

'' දැන් අඩුද පොඩි අය්යේ ? මේ දුස්ටයා මට කිව්වෙත් නෑ.. '' පැංචි කිව්වේ සහන්සට රවන ගමන්..

'' විනාඩි දෙකයි... මම කෙයාන්ට බත් බෙදාගෙන එනකොට චූටි ඉන්න ඕනි එළියේ... '' සහන්ස පළවෙනි කොන්දේසිය දැම්මේ කුස්සිය පැත්තට ගාටන ගමන්.. ඇයි ඉතින් නංගිට වුණත් එහෙම බලන්න දෙන්න බෑනේ එයාගේ කොල්ලාව.. විනාඩි දෙකකුත් වැඩිද මන්දා..

'' අම්මේ.. '' සහන්ස කුස්සියට පැන්නේ කවදාවත් නැතුව අම්මව බදාගන්න ගමන්..

'' මේ මොක ද චානු මේ ? නාකි හුරතලේ.. '' ආයම්මා හිනා වෙලා කිව්වේ සහන්ස පොඩි එකා වගේ අම්මාගේ ඇගේ එල්ලෙද්දී,.

'' පොඩි මහත්තයාට අඩු ද ? '' ආයම්මා ඇහුවේ ළිපේ තිබුන රසම් හොද්ද බාලා පැත්තකින් තියලා..

'' අඩුයි.. බත් කන එක ද හො ද? නැත්තන් රසම් පොවන එක ද ? '' සහන්ස ඇහුවේ ඒවා ගැන එයාට වඩා හොදට දැනගෙන ඉදියේ ආයම්මා නිසා..

'' අප්පිරියාවක් නැත්තන් බත් කවන්න.. නැත්තන් රසම් ටිකක් පොවලා ඉන්න... '' ආයම්මා කිව්වේ ළිපේ තිබුණ උණු රසම් ටිකක් කෝප්පෙකට දාලා සහන්සගේ අතට දීලා..

'' හරි අම්මේ.. '' කවදාවත් නැතුව ආයම්මාගේ කම්මුලක් ඉම්බ සහන්ස රසම් එකත් අරගෙන කුස්සියෙන් එළියට දිව්වේ චූටිගේ විනාඩි දෙක ඉවර නිසා..

'' චූටි මැණික.. එළියට.. '' සහන්ස කිව්වේ වැලමිටෙන්ම තල්ලු කරලා චූටිව එළියට දාන ගමන්.. ඊට පස්සේ තරහා ගියපු චූටිගේ කොණ්ඩෙත් අවුස්සලා දාපු සහන්ස දොර අඩවන් කළා...

'' තමුසේ මහ දුස්ටයි අය්යේ.. '' චූටි මූණත් නරක් කරගෙන එළියට ගියේ සහන්සට ගස්සගෙන... මස්සිනාව රවට්ටලා අරවා මෙව්වා ගෙන්න ගන්න... ඒවා කොහේ ද.. සහන්ස හිතුවේ චූටිට දිව ඇදලා ඇද උඩට වෙලා අත් දෙක බැදගෙන ඉන්න තකට තක මස්සිනා පොඩ්ඩටත් නෝක්කාඩු බැල්මක් දාලාා..

'' රසම්.. බොනවා ද ? නිවෙන්න කලින් .. ඔක්කොම බිව්වොත් එළියට එක්කගෙන යනවා... '' සහන්ස කිව්වේ මේ මුරණ්ඩු සුදුමැණිකට රසම් පොවන්න වෙන විදියක් නැති නිසා.. නැත්තන් නපුරු සීයා , ඉන්නවා කියලා පොඩි අයට පොවනවා වගේ පොවන්න වෙන්නේ..

'' ඒත් මගේ ඇගට තාම.... ''

'' මමනේ එක්කගෙන යන්නේ.. ඕක බොන්නකෝ.. '' කෙයාන් ආයේත් පරණ දේවල් මතක් කරන්න කලින් සහන්ස ඉක්මනින් කිව්වේ හුළං වැදෙන්නත් එක්ක එළියට යන එක හොද නිසා.. එයා කෙයාන්ගේ එහා පැත්තෙන් වාඩි වෙලා රසම් කොප්පේ තොල් දෙකට තිබ්බේ කෙයාන්ට බොන්න ලේසි වෙන්න..

'' ඒක ඇඹුල්නේ.. ඒත් සියඹලා රසයි.. '' කෙයාන් කිව්වේ ආයම්මාගේ සුවද රසම් එක හිමීට උගුරෙන් පහළට යවන ගමන්.. පළවෙනි පාරට රසම් බොනවා කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ය.. කලින් බීලා තියේ වගේ ඇක්ට් කරන්නෝනි..

'' දනවා.. '' කෙයාන් කිව්වේ පිපිරුන තොල්වල ගෑවුණු රසම් පිහිදාන ගමන්.. අර කියන්නත් වගේ ටිකක් ගැඹුරට පිපිරිලා ගිහින් තිබුණ යටි තොලේ රසම් ගෑවුණාම දිව්‍යලෝකේ පේන එක අහන්නත් දෙයක් නෙවේ.. සහන්ස ඉක්මනින් පහත් වෙලා කෙයාන්ගේ තොල් දෙක උඩින් පුංචි කිස් එකක් තිබ්බේ රසම්වල රස සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන විදියට..

'' දැන් හරි ද පොඩි මහත්තයා? '' සහන්ස ඇහුවේ කට අයිනින් හිනා වෙලා , තාම ෂොක් එකේ බලාගෙන ඉන්න කෙයාන්ගෙන්..

'' හොදටම දනවා දැන් නම්.. '' කෙයාන් මූණත් ඇඹුල් කරගෙන කිව්වේ සහන්ස දිහා බලන ගමන්.. තව කිස් එකක් ඕන කියලා එකපාර ඉල්ලන්නත් බෑ.. හුම්..

'' එහෙම ද ? වතුර ටිකක් බොන්න එතකොට හරි යනවා.. '' කෙයාන් මොකට ද එන්න හදන්නේ කියලා තේරුන සහන්ස ගාණක් නැතුව කියලා දැම්මේ කෙයාන්ව අවුස්සන ගමන් ...

'' තමුසේ නම් මහ... '' කෙයාන් නහයත් පුම්බලා කිව්වේ ඇදේ අනිත් ඇදෙන් ආයේත් හාන්සි වෙන ගමන්.. තාමත් කොන්දයි ඇගයි දෙකම රිදෙනවා කොල්ලාගේ.. ඉණෙන් පහළ පණ නැති තරම්..... කොච්චර නොහිත ඉන්න උත්සහ කළත් ඇග පුරාම තියන වේදනාව කොල්ලාට ආයේ ආයේ හැමදේම මතක් කරලා දුන්නා..

'' ටිකක් එළියට යමු සුදු මැණික.. හුළං වදින්න.. '' සහන්ස කිව්වේ කෙයාන්ව අත් දෙක අතරට උස්සලා අරගන්න ගමන්.. ඔව් ඉතින් ස්පෝට්ස් කරලා මේ වගේ අහිංසකයෙක්ව උස්සගන්න බැරි නම් වැඩක් තියෙයි ? කෙයාන් හිතුවේ කෝකටත් කියලා සහන්ස අය්යාගේ ඉණ වටේ අත් දෙක දාලා අල්ලගෙන ඇගටම හේත්තු වෙන ගමන්..

'' මේකාගේ බර.. '' සහන්ස මිමිණුවේ කෙයාන්ව සේපාලිකා ගහ යට ගල උඩින් වාඩි කරලා.. තෙත වැලි පොළවේ සීතලට කෙයාන් ආසාවෙන් වැලි ඇවිස්සුවේ ඇගේ තිබුන හැමවේදනාවක්ම විනාඩියකට අමතක කරලා.. කාලම නැතුව ඇග තාම පරඩැලක් වගේ වුණත් කලන්තේ දැම්මත් අල්ලගන්න සහන්ස අය්යා ඉන්න නිසා කෙයාන් සැහැල්ලුවෙන් .....

'' එන්න මෙතනට.. මට දෙයක් කියන්න තියේ.. '' සහන්ස කිව්වේ කෙයාන්ව එයාගේ උකුල උඩට අරගෙන.. ගල උඩට වඩා කොච්චර සනීප ද මෙතන.. අනික බෙල්ල පිටිපස්සට සහන්ස අය්යාගේ කිස් ලැබෙනවාත් එක්ක.. බොනස් උරහිසටත් ලැබෙනවා..

'' සුදු අය්යාගේ කළු මැණික.. '' සහන්ස කිව්වේ කෙයාන්ගේ ලොකු ටීෂර්ට් එක අතරින් අත යවලා එයාට නොරිදෙන්න හිමින් අතගාන ගමන්.. සහන්සගේ අත එයාගේ පපුවට ගෙනාපු රස්නේ ගතියට අවනත වුන කෙයාන් ඇස් දෙකත් පියාගෙන සහන්සගේ ඇගටම හේත්තු වුණේ එයා එහෙම ලේසියෙන් අල්ලන්නේ නෑ කියලාත් හොදටම දැනගෙන ඉදපු නිසා.. අද මොක ද එකපාරට ?

'' මොනවා වුණත් ඔයා පරිස්සමින් ඉන්න ඕන.. හරි ද ? හොදට පාඩම් කරන්න එතකොට අමාරු නෑ විභාගේ.. '' සහන්ස මිමිණුවේ කෙයාන්ගේ හිතේ කලබලය වැඩි කරන ගමන්. එයාගේ ඇස් දෙකේ කදුළු පිරිලා යනවා කෙයාන්ට දැනුණා..

එක අතකින් එයාට දැන් ඔයාගෙන් මොනවා කියලා ගන්න ද කෙයාන් ?

කෙයාන් එයාටම කියාගත්තේ සහන්ස කියාගෙන එන දේ ටිකක් තේරුම් ගිය නිසා.. එයාට තවත් මගෙන් වැඩක් නැතුව ඇති.. සහන්ස අය්යා කියන්න යන ඕනම දේකට හිත හදාගන්න ට්‍රයි කරගෙන කෙයාන් ඇස් දෙක තදින් පියාගත්තේ තවත් සහන්සට තුරුල් වෙලා.. තව ටිකකින් එයාට සදහටම අයින් වෙන්න උනොත් මතක හිටින්න තරම් ඒ උණුසුම කෙයාන්ට ඕන වුණා..

'' ඔයාට ටික කාලයකට මගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් ද ? ම්ම්.. ''

කෙයාන්ව තිගස්සවමින් සහන්ස ඇහුවේ කෙයාන් හිතින් අහන්න එපා කියලා දහස් වතාවක් ප්‍රාර්ථනා කරපු ප්‍රශ්නේ.. ඒක ගැන හිතද්දීත් උගුර හිර වෙලා යනවා කියලා තේරුන කෙයාන් සහන්සව තවත් බදාගත්තේ මුකුත්ම කිව්වොත් ආයේ අඩන්න වෙයි කියලා බයට..

'' ඔයාට පුළුවන්.. ඔයාට තනියම ඕන දෙයක් කරගන්න පුළුවන්.. නේද ? වැඩි කල් ගන්නේ නෑ,. ඉක්මනින්ම... ඒත් ....'' සහන්ස කියන්න ගියපු එක නැවත්තුවේ ගේට්ටුවට තට්ටු කරන සද්දෙත් එක්ක...

මිදුලේ වැලි කරස් ගාලා පෑගෙන සද්දේට කෙයාන් සහන්සගේ පපුව අස්සේ ඔබාගෙන ඉදපු මූණ චුට්ටක් එහාට කළේ ඒ පැත්තට අවධානය යොමු කරමින්...

කාකි පාට නිළ ඇදුම් ඇදපු අංකල්ලා දෙන්නා කෙයාන්ට අමුතු බයක් ගෙනාවත් සහන්සගේ මූණේ තිබුණේ එයා ඒ දෙන්නාව බලාපොරොත්තුවෙන් ඉදියා වගේ පෙනුමක්.. එයාලාගේ ඇස් කෙලින්ම සේපාලිකා ගහ යටට එල්ල වෙද්දී , කෙයාන් හිමින් සහන්සගේ උකුලින් බැස්සේ තිබුණ වේදනාවල් ඔක්කොම එක විනාඩියකට අමතක කරලා.. සහන්සව එයාලාගේ ඇස්වලින් හංගලා කොහේ හරි ගෙනියන්න කෙයාන්ට හදිසියේම ඕන වුණත් එයා සද්ද නැතුව බලාගෙන ඉදියේ එයාගේ වෙව්ලන අතින් අල්ලගෙනම නැගිට්ට සහන්ස දිහා..

'' චානුල්‍ය සෙනෙවිරත්න ? '' ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇහුවේ සහන්සට ඇගිල්ල දික් කරන ගමන්..

'' ඔව් මම... '' සහන්ස කිව්වේ කෙයාන්ගේ අත හිමින් අත ඇරලා දාන ගමන්... අත හැරුනු අත ආයේ අතඇරෙන්නේ නැති වෙන්න අල්ලගන්න ඕන වුණත් කෙයාන් නිරුත්තර වෙලා බලාගෙන ඉදියා... හතර වටින් මූසල හැගීම් කෙයාන්ව වෙලා ගනිද්දී එයා සහන්ස දිහා බැලුවේ උත්තරයක් එයාගෙන්වත් උත්තරයක් බලාපොරොත්තුවෙන්.. ඒත් සහන්සගේ මුණේ තිබුණේ සන්සුන් පෙනුමක්..

'' අපිත් එක්ක යමු පුතා.. ''

'
'
'
'
'
'

~ මතු සම්බන්ධයි ~

.
.
.
.

* සමහර වෙලාවට , ඇත්ත ජීවිතය ප්‍රබන්ධයට වඩා ගොඩක් දරුණුයි.. ඇත්ත ජීවිතය ගැන අපි පොතක් කියෙව්වොත් , කෙනෙක් කියාවි ඒක ප්‍රබන්ධයක එක් සාහසික පරිච්ඡේදයක් කියලා..

=[ මම ඇයි මෙච්චර කෲර ? තාම පටන් ගත්තා විතරයි ]

Continue Reading

You'll Also Like

224K 439 20
အောစာအုပ်တွေ စုပြီးတင်ပေးပါမယ်
1M 47.3K 100
Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ္ခ်င္ေက်ာ္သြား❗️ Taekook Dark One Shrot⚠️ 18Plus 21Plus Wraning Rating မဖတ်ချင်ကျော်သွား❗️
760K 7.3K 21
အလြန္ရိုင္းပါတယ္ ဘာဗဟုသုတမွမရွိပါဘူး ကိုယ္စိတ္ကိုႏႈိင္ေအာင္ထိန္း wattpad ကိစၥ wattpad မွာထားခဲ႔ ဖင္မယားနဲ႔ ok အသက္မျပည့္ေသးရင္ ေဝးေဝးေဂ်ာင္း not for...
සක් By Ranuk Bandara

Mystery / Thriller

16.1K 3.1K 11
මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තිය...