අපි අපේ

Od HappyRanuk

30.5K 5.2K 1.3K

සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පල... Viac

අපි අපේ 1
අපි අපේ 2
අපි අපේ 3
අපි අපේ 4
අපි අපේ 5
අපි අපේ 6
අපි අපේ 7
අපි අපේ 8
අපි අපේ 9
අපි අපේ 10
අපි අපේ 11
අපි අපේ 12
අපි අපේ 13

අපි අපේ 14

3K 472 232
Od HappyRanuk

අපි අපේ 14

දහයහමාර කිට්ටු කරලා ගේට්ටුව ඇරගෙන අයියා එනකොට මම පුටුවෙන් නැගිටලා ගෙදර දොර අඩවල් කරන් එලියට් බැස්සෙ ඌවත් ඇදගෙන පඩිපෙල නැගලා උගෙ කාමරෙට දුවන්න...

" මොකද බං මේ අස්ස කුලප්පුව හැදිලා වගේ..මට මහන්සී..."
" කෑ නොගහා දොර අරිනවකො "

අයියා දොර ඇරියට පස්සෙ මම ඌවත් ඇතුලට තල්ලු කරන් මාත් ඇතුලට ගිහින් දොර වැහුවා...ලයිට් එක දාලා තමයි ඌ දිහා කෙලින් බැලුවෙ...

" මහන්සී...මොනවා කරලද..."
" වැඩ කරලා..."
" ඔය ඇඳුම ඇඳන්...කෝ ටයි පොල්ල...සපත්තු දෙක..."
" අද මේ ඇඳුමෙන් ගියෙ...මොකද තෝ ආපු ගමන් මාව කන්න හදන්නෙ...මට මහන්සී..."
" කනවා නෙමේ...තමුසෙව මරාගෙන කන්නෙ...මට කියනවා... ජොබ් එකෙන් අයින් වෙලා කොහෙද ගියෙ...කෝ තමුසෙගෙ බයිසිකලේ..."
" කවුද ජොබ් එකෙන් අයින් උනේ...අනික බයික් එක ගැරිජ් එකේ..මං කිව්වෙ....ඇයි මේ "
" තමුසෙ හිතුවද ඔය බොරුවලට මම රැවටෙයි කියලා..සේරම දැනගෙන මම අහන්නෙ...බයික් එක උගස් තිබ්බෙ ඇයි... ජොබ් එකෙන් අයින් වෙලා කොහෙද අද ගියෙ...ඇයි මේවා මටවත් නොකිව්වෙ අයියෙ...තමුසෙ ඇයි අපි වෙනුවෙන් මෙහෙම කරන්නෙ...?
" අනේ මල්ලි...උඹ කොහොමද මේවා දැනගහ්තෙ...මොනදේ කලත් මම කැමැත්තෙන් කලේ...ඒ දේවල් හිතන්න එපා...බයික් එක බේරගන්න පුළුවන් .."
" බේරගන්න...ගස්වල කොල දීලද...කෝ සල්ලි..කෝ ජොබ් එකක්..."

" මම දැනට පොඩියට එකක් හොයාගත්තා...අඳුරන අයියා කෙනෙක් එක්ක සිවිලිම් ගහන්ඩ වැඩ සෙට් උනා...අද ගියෙත් ඒකට...මේවා අම්මා එක්ක කියන්ඩ එපා..අම්මගෙ හිත රිදෙයි..."

" ඒ මගෙ අම්මා...මගෙ අම්මා ගැන මටත් වඩා කැක්කුමක් තමුසෙට කොහෙන්ද ආවේ අයියෙ... මම කොහොමද තමුසෙට මේ ණය ගෙවන්නෙ..."

" ආපහු ගෙවන්න උඹවත් කවුරුත් මට ණය වෙලා නෑ නෙ..මනස්ගාත හිතන්ඩ එපා....මම සතුටින් "

මට අවසරයක් ඕන උනේ නෑ...දාඩිය පිටිම්ම අරූව බදාගත්තෙ මට ඌව මගෙම එකෙක් වගේ දැනිලා ඉවර හින්දා....

" මොක කොහොම මොනවා උනත් කමක් නෑ...තමුසෙ ආයෙම එක එක කුලී වැඩ කරන්ඩ යන්නෙ නෑ...."

" තොට පිස්සුද දාඩිය පිටින් මාව බදාගන්නෙ...වැඩට නොයා බෑනෙ බං...ජොබක් සෙට් වෙනකන් යන්න ඕනෙ..."

" ඔයාගෙ යාලුවගෙ ගාමන්ට් එකේ ඕඩර් එක අපි ගත්තා...අපිට හෙට ඉඳන් වැඩ ගොඩක් තියෙයි... "

" මොකක්...උඹ ඔය කියන්නෙ ඇත්තමද....එහෙනම් ජොබෙන් අයින් උනා කියලා පාඩුවක් නෑ නෙ...අපි ගහමු සුපිරි ගේමක්"

දඩිය කතාව පැත්තකට දාලා අයියත් මාව බදාගෙන ඒ ටික කිව්වෙ....

"මායි...තමුසෙයි...අම්මයි...තාත්තයි...අපි හැමෝම එකතු වෙලා මේක කරමු.. "

ඇත්තටම කරදර ගොඩක් මැද්දෙ සතුටු හිතෙන දේවල් හම්බෙන්නෙ...අපි වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු හම්බෙන්නෙ.... ආදරේ , බැඳීම් , බලාපොරොත්තු, හීන මිනිස්සු එකතු කරන්නෙ සුරංගනා කතාවල විතරක් නෙමේ....ඇත්ත ජීවිතේ ඒවගේ දේවල් වෙනවා... හැබැයි  ඒ අපි ඇත්තටම බැඳීම් වලට වටිනාකමක් දුන්නොත්...

ලේ බැඳීම් නැති මිනිස්සු වෙනුවෙන් රස්සාවක් , බයිසිකලයක් කැප කරන්න අයියට පුළුවන් වුනේ ඇයි...අපි ඉස්සරහා බයිසිකලේ එයාට නිකන්ම නිකන් යකඩ ගොඩක් විතරක් උනේ ඇයි. ඊට එහා ඌ ගැන මොනවා හිතන්නද, ඇත්තටම අපි කෙලින් නොකිව්වට අපේ හිත්වල අපි වෙබුවෙන් ගොඩක් දේවල් තිබ්බා...
දාඩිය පිටින්ම උනත් මම ඌව බදාගෙන හිටියෙ මට හරි මගෙ කියලා හැඟීමක් දැනුන හින්දා..

" ඒත් මට බිස්නස් එකට එන්න බැරි වෙයි "

" මොකක්...එ ඇයි ඒ?"

මම ඇහුවෙ අත් දෙක උගෙ ඇඟේම තියෙන්න දීලා මූන විතරක් අහකට අරන්

" නෑ ඉතින්..උඹ ඔහොම බදාගෙන ඉන්නකොට කොහොමද මම අහකට යන්නෙ. "

"බදාගන්ඩම මහලොකු කුමාරයනෙ තමුසෙ...දාඩිය ගඳේ බෑ....ගිහින් නාගන්නවා...මතක ඇතුව සිවිලිම් ගහන්ඩ වැඩ සෙට් කරපු අයියට කියන්න ආයෙ එන්න වෙන්නෙ නෑ කියලා..."

" ම්ම්ම්...අරූටත් කෝල් කරන්න්  ඕනෙ...වැඩේ පටන් ගන්න ලෝන් එකක් උනත් සෙට් කරගන්න පුළුවන් ..ඕඩර්ස් වලින් ටික ටික කැපෙන්න "

" අන්න මරු....සේරටම කලින් ගිහින් නාගෙන එනවකො...හඩ්ඩා "

අයියා හිනාවෙලා ටීශර්ට් එක ගලවලා මට දමලා ගැහුවා...මම ඒක අරන් ආයෙම ඌට ගහන්න යනකොට ඌ කලිසමත් ගලවන් අමුඩෙ පිටින්...මට ඒක දැකලා තනියම හිනාගියෙ ඒ මම බාම් ගාලා උට දැවිල්ල හදවපු එකම හින්දා...

" ඇයි උඹ හිනාවෙන්නෙ..."

" නෑ මොකුත් නෑ..."

මම ඇඳුම් රාක්කෙන් ටවල් එක අරන් ඌට දික් කලා..

" ආ  .ඇඳගන්නවා "

" ඇයි බලන් ඉන්න ලැජ්ජද...නැත්නම් දැක්කම කන්ට්‍රෝල් නෑ වගේද...ටවල් එක අන්දවන්න හදන්නෙ.."

" වැඩේමයි..මට හොඳට ඉස්සරහා බ්‍රේක් තියේ..ඒනිසා ලේසි වෙන්නෙ නෑ මගෙ කුමර බඹසර බිඳින එක"

" මොකක් බිඳින එක "

" අපෝ ..ඒකවත් දන්නෙ නැද්ද ...කොල්ලො අරවා කරන්නෙ නැතුව ඉන්න එකට ඒක කියන්නෙ..."

" හම්මටසිරි ...පව් ඉතින්. මෙහෙම ඉන්ඩෝනෙ නෑ..පොඩ්ඩක් ළඟට ඇවිල්ලා ටච් කලා නම් ඇති බඹසර නෙමේ ඕන සර්ක් බිඳෙන්ඩ...එදා දැක්කනෙ ෆෝන් එකට පොරකනකොටත් මම කන හපලා සැලෙන්ඩර් උන ලස්සන "

" අනේ මෙ තමුසෙ මගෙ කට අවුස්සගන්න එපා ඔය ලබ්බවල් කියෝලා..යනවා එලියට..ගිහින් නාගෙන එනවා "

අයියා හිනාවෙවී එලියට ගිහින් පල්ලෙහාට බහින්න ගත්තා විතරයි මම ඇතුලින් දොර ලොක් කරගත්තා...ඒ සද්දෙ ඇහිලා ඌ ආපහු ආවේ මම එහෙම කලේ ඇයි අහන්න...

" මොකද්ද උඹ දොර වහන් කරන හොර වැඩේ...ඔය ඉතින් ගුටි කන්න හදන්නෙ ඈ "

" අනේ මෙ...බය වෙයි..ගිහින් නාගන්නවා..මම මේ එදා තමුසෙ ලිව්ව කොලේ හොයන්නෙ..මට බොරු එකක්ක්නෙ පෙන්නුවෙ..අනික මම හොයාගන්නම්.."

" ඇරපන්කො දොර, මගෙ ඒවා අදින්න එපා ඈ... උඹේ කොලේ කටේ දාන් දිව්වෙ..මට නොදී, ඉතින් මගෙ එකත් බලන්න එපා තෝ..අසාධාරණයි "

" අනේ ඔහේගෙ සාධාරණේ..ගිහින් නාගන්නවා, දැන් කොහොම කිව්වත් මම ඒ කොලේ හොයාගෙන තමා පස්ස බලන්නෙ.."

" පස්ස බලන්ඩ නෙමේ..පස්ස පලනවා තොගෙ මගෙ ඒවා ඇදලා තිබ්බොත්"

මම අයියා එක්ක කියෝ කියෝ කලේ මේසෙ ඇදලා ඒ ෆයිල් එකයි කොලෙයි හොයන එක, අරූට මම ඒක කියවන එකට් ලැජ්ජාවෙ එලියට වෙලා ඉඳන් දොරට තඩිබානවා.

" ආ..හම්බුනා..මේ තියෙන්නෙ "

"ඕක කියවන්ඩ එපා, උඹේ කොලේ මට දුන්නෙ නෑ නෙ...කියවන්න එපා"

" ඔන්න හයියෙන් ම කියවන්න යන්නෙ... සබාවෙන් අවසරයි"

මම කොලේ දිගෑරගෙන ඒකෙ තියෙන ටික අරූට ඇහෙන්නම කියෙව්වා..

""" සුදු අප්පුවො, ලොකුවට කවි ලියන්න දන්නෙ නෑ බන්, උඹ කණ්නාඩියක් වගේ..මම රැව්වොත් මට රවනවා..මම බැන්නොත් මට බනිනවා..මම හිනාඋනොත් අට හිනා වෙනවා..ඇත්තටම් නෑ...කණ්නාඩියකට වඩා උඹේ එකට එක කිරිල්ල වැඩී..මම එකක් කලොත් උඹ දහයක් කරන සයිස් එකේ ඉන්නෙ . වෙලාව්ක්කට හිතෙනව බන් උඹට ආදරේ කරලා බලන්න... මම එක පාරක් ආදරේ කලොත් උඹ දහ ගුණයක් මට ආදරේ කරයි. මට උඹ ගැන ලෝබයි සුදු අප්පුවො, බයයි මම උඹ ගැන හිතනවා වගේ උඹ මම ගැන නොහිතුවොත් මෙහෙම රන්ඩු වෙන්න වත් ආයෙ කතා නොකරයි කියලා... ඒත් කියාගන්න පුළුවන් නම්...මට උඹව ඕනෙ කියලා "

මම අන්තිම ටික කිව්වෙ ඇත්තටම එකපිට එක වේගෙන් හුස්මගන්න ගමන්...ඒක කියවන එක නවත්තන්න් බෑ කියලා දන්න හින්දම අයියත් දොරට ගහන එක නවත්තලා ඒක අහගෙන හිටියා..කොලේ කියවලා මම ගිහින් දොර ඇරියෙ තාමත් ඌ එතන ඉන්නවද බලන්න... මම හිතලා කලේ නෑ , දොරට හේත්තු වෙලා දොරට ඔලුව තියන් හිටිය ඌ දොර අරින පාරට බිම පත බෑවෙලා තුවායත් කැඩුනා...
රොමෑන්ටික් වෙන්න ඕන් වෙලාවටත් මගෙ දෛවය මාව හිනස්සවනවනෙ..හරි වේදනයි මට..ඌ වැටිලා තුවය කැඩෙනවා දැක්කම හිනා නොයා ඉඳීද. මට හයියෙන් හිනා ගියා, අරූ නැගිටලා ඉක්මනට තුවාය ඇඳගත්තෙ මගෙ හිනාවට රව රවා...

" ඇයි අඳින්නෙ ඕක..ලැජ්ජද..නැත්නම් කන්ට්‍රෝල් නෑ ද "

" තොට අද මම "

අයියා ඇතුලට ආවේ මාව තල්ලු කරන්..දොර වහලා තුවාය ගැලෙව්වෙ මගෙ දිහා තරහෙන් බලන්

" දැන් තෝ දැනගත්තනෙ...ඒකද ඔය කින්ඩියට හිනාවෙන්නෙ..කොහෙවත් ඉඳලා ආපු බෝඩිම් කාරයෙක්ව මොකටද මට කියලා කින්ඩු දානවා ඇති හිතින් නේ..."

අයියා තුවාය කරකවලා අරන් මගෙ දෙපැත්තෙන් දාලා මාව ඌ ගාවට ඇදලා හිර කලා...

" හිනා උනේ වැටුන එකට "

මම අයියගෙ මූන් දිහා බලාගෙන අහිංසක විදිහට කිව්වෙ මට විහිලුවක් උනාට ඒ සිද්දිය හින්දා ඌ සෑහෙන්ඩ ලැජ්ජ වෙලා මම දිහා තරහෙන් බලනා හිටිය හින්ද..

" දැන් තෝ දැක්කනෙ.. දැන් හිනාවෙයි..මට පිස්සු කියයි...කියපන් ..එදා උඹ ලිව්ව දේ ..නැත්නම් අසාධාරණයි "

" මට මොකුත් කියන්න බෑ...මට ඕනෙ මොකුත් නොකියා ඉන්න "

" තෝ හිනාඋනේ මම ලිව්ව ඒවටනෙ..වැටුන එකට නෙමේ...කියපන් එදා උඹ ලිව්වෙ මොකද්ද ..කියපන් "

" තරහා ගිහින් ද ඉන්නෙ.."

" ඔව්"

"ඇයි ?"

" උඹ ලිව්ව එක මට නොපෙන්නා..මගෙ එක බැලුව හින්දා...කියපන් දැන් "

" තරහා ගියාම තමුසෙ ලස්සනයි.."

" තවත් කින්ඩි නොදා කියපන් "

" මම ඉස්සර ඉඳන් ඔහේට කැමතීනෙ...තමුසෙ ඒක තේරුම් නොගත්තට මම මැරෙන්ඩ ඈ..ටවල් එක ගන්නවද දැන්වත් අහකට"

" බෑ ගන්නෙ නෑ....අයි මොනවා කරන්ඩත නොගත්තොත්"

" කරන්නෙද....පොඩ්ඩක් පාත් උනා නම් කරලා පෙන්නනවා..කිය කියා ඉන්න ඕනෙ නෑ..."

" හා පෙන්නපන් බලන්ඩ"

අයියා මූන පාත් කලා...එයාට වැඩිය කතා කරන්න නොදී මාත් වැඩිය කත  නොකර අපි දෙන්නට අපේ තොල් එක්ක ලොකු ගණුදෙනුවක් කරන්න දුන්නෙ දෙගොල්ලන්ට දෙගොල්ලො අඳුනගන්න...දාඩිය ගෑවිච්ච රෝම කුප වලට මාව තෙත් කරන්න බැරි තරම් රස්නයක් උගෙ තුරුලෙ තිබ්බා... කොයිතරම් වෙලාවක් එහෙම උන්නද කියන්න මම දන්නෙ නෑ , හැබැයි මුලින්ම කතා කරන්න පටන් ගත්තෙ අරූ

" ඔච්චර ද පුළුවන් "

" ඇයි මදිද කරපු හරිය"

" ඊට වඩා දෙයක් කරයි කියලා හිතුවා .."

" කසකාරයො විතරයි ආවේ..පෙරහැර ඉස්සරහට...දැන්වත් ගිහින් නාගෙන එනවා...මම යනවා කාමරේට..හෙට අර වැඩේ කතාකරගන්න ඕනෙ..උදේ නැගිටිනවා"

" අනේ...යන්නෙ ඇයි"

" ඇයි මදිද "

" තව පාරක්.."

" ඕනවට වඩා කරාම අගයක් නෑ...යනවා යනවා ..ගිහින් නාගන්නවා..මේ කොලේ මම තියාගන්නවා..."

" පල බල්ලා...තෝ නම් මොන මොකෙක්ද මන්දා "

" යනවා තමා "

" මොනවද බිඳගෙන නෑ කිව්වට කසගහලා පලපුරුදු ගතියක් නම් තියේ.."

"ඉස්කෝලෙ ඇරිලා එන ගමන් පහේ අයිස් කෑවනෙ...ඒකයි"

මම කටේ දිවේ නොගෑවෙන්න කියාගෙන එලියට ගියේ හිතුවෙ නැති දෙයක් උන එක ගැන හිත හිතා...

# ආවේ බිස්නස් එක ගැන කියන්න...අන්තිමට උනේ හිතේවත් නොතිබ්බ දෙයක්..දෙයියනේ...අරූ කිව්වත් වගේ කොහොමද මම ඒ තරම් ඒක හොඳට කලේ, මේක නම් මට උපතින් ම් ආව වල්කමක් වෙන්නැති... අරුත් ඉතින් බබා වගේ හිටිය ඈ, මාස ගානක් බඩගින්නෙ හිටපු එකෙක්ට කෑමක් හම්බුනා වගේනෙ...ඇරත් හොඳ සහය නළුවෙක් හන්බුනාම හොඳට රඟපානවා තමයි...#

පොතක පිටු පෙරලෙන්නා වගේ වේගෙන් දින සති ගෙවිලා ගියා...අම්මගෙ ලෙඩ ගතිය නැතිවෙලා පරණ හිටිය තත්වෙටම ආවා...මුලින් දන්සලේ බඩු සෙට් එක ඉල්ලගෙන වැඩේ කරන් ගිය අපි සති දෙකක් වගේ යනකොට අපිටම කියලා සාස්පාන් සෙට් එකක්, ලොකු ගෑස් ලිපක් හදාගත්තා...ගමේ ගෑනු අය දෙන්නෙක්ව දවස් පඩියට අපේ උදව්වට ගත්තෙ හොඳටම වැඩටික කරන්න ඕන නිසා...අපේ දිව්‍ය රථය උනේ ත්‍රීවිල් කට්ට... ඒ වෙනකොට අපේ පවුලෙ හතර දෙනාම මහන්සි වෙලා අපේ බිස්නස් එක වෙනුවෙන් සෑහෙන වැඩ කලා ..අම්මා තමා හදන කෑම මොනවද කියලා තීරණය කරන්නෙ...වෙනස් වෙනස් ගමේ කෑම එයා  කෑම වේල් ව්ලට දානවා... කෑම උයන්න උදව්වට ගත්ත අයටයි අපිටයි තේ හදන කමිටුව බාර උනෙත් එයාටමයි... තාත්තා ඉතින් ලොකු සෑර් නෙ...එයා තමා ගනං හිලව් බලන්නෙ හවසට... දවල් තිස්සෙම එයාගෙ වැඩේ කාඩ්බෝඩ් පෙට්ටි හදන එක. මමයි අයියයි තමා වීල් එකේ ඕඩර් දාන්න යන්නෙ... මොනා උනත් ඉතින් අරූ ඩ්‍රයිවර් මම තමා ලොක්කා... මට ත්‍රීවිල් එක එලවන්න බැරි එක වෙනම කතාවක්... අපේ දෙයක් වෙනුවෙන් මහන්සි උනාට කිසිම දෙයක් අපතෙ යන්නෙ නෑ...දේවල් ටික ටික දියුණු උනා මිසක් අපි පස්සට අඩියක් තිබ්බෙම් නෑ... එකාට එකෙක් විශ්වාස කරන්, ආදරේ කරන අය එකතු වෙලා කරන දේවල් එහෙම වෙන්නෙත් නෑ නෙ...
සැරින් සැරේ ඉතින් අයියට කසකාරයො පෙන්නුවට පෙරගැරේ එක්කගෙන ගියෙ නෑ මම...ඇත්තටම එහෙම කරන්න ඕන උනත් වෙලාවක් තිබ්බෙත් නෑ....එකක් මට නිමාඩු හම්බුනේ අඟහරුවාදා පන්ති යන්ඩ විතරනෙ...අනික් දවස්වල අපි නොසෑහෙන්ඩ වැඩ.අනික් හේතුව දෙන්නම උඩුමාලෙ උනාට මම එක පැත්තක..ඌ එක පැත්තක... දවසක් මට කන්න පින තියෙනවා කියලා හිතුනෙ තුනපහා පැකට් එක බන්දෝලා ඉබ්බව ගෙට ගත්තෙ අම්මම හින්දා..අපි රෑ කෑම කන ගමන් තමා අම්මා කතාව පටන් ගත්තෙ.

" මේ හැමෝම ඉන්න තැන කියන්නෙ...මම නිවුටන් බාසුන්නැහෙට එන්න කිව්වා හෙට "

" ඒ මොකටද අම්මෙ.."

" ගෙයි උඩ කෑල්ල තෝ බදු අරන් වගේනෙ...අපි ඒකට එන්නෙ අස්පස් කරන්ඩ විතරනෙ...උඹ ඒකෙ රජා කියලනෙ හිතාන ඉන්නෙ... අර බාගෙට හදලා තියෙන කාමර දෙකෙන් එකක් කපරාදු කරලා වැඩ ටික ඉවර කරලා දෙන්න කිව්වා මම "

" ඒ මොකටද...මේ හදිස්සියෙ...මේ වෙලාවෙ කරන්න ඕනෙ ගෙවල් හදන එක නෙමේ...ෆිනෑන්ස් කරලා හරි බඩි ලොරියක් ගන්න එක...වීල් එකේ අරන් යන්න බෑ ඉස්සරහට... ඇරත් අලුතින් සෙට් උන ගාමන්ට් දෙකටත් දෙපාරකට යන්න ඕනෙ නෑ නෙ ඉඩපාඩු තියෙන වාහනයක් තියේ නම්..."

" හරි හරි...ඒක ඉතින් උඹලා දෙන්න බලලා හොඳ විදිහක් කරහන්කො...අපි දන්නෑනෙ ඕවා... මේක කරන්නෙ මම..මගෙ සල්ලි වලින්...මම ඉතුරු කරපුවා "

" ආ...ඒකියන්නෙ තාත්තට හොරෙන් ඔයා අපේ බිස්නස් එකේ ලාච්චුවට විදලා නේ...අනෙ අම්මේ ඔයා නම්.."

" කොහොම හරි කමන්නෑ...මම උඩ කෑල්ල කපරාදු කරවනවා... "

" බොරු වැඩක්නෙ.."

"බොරු ඇඩක් නෙමේ...එතකොට උඩ කෑල්ලෙ අපේ බඩු මුට්ටු ටික දාන්ඩ පුළුවන් ...කුස්සියෙ ඉඩ මදිනෙ "

" ආ.....බඩු මුට්ටු දාන්ඩ නම් කපරාදු ක්රන්ඩ ඔනෙ ඈ...විකාර "

" නෑ බොල...ඒක කපරාදු කරලා ලොක්කට දෙනවා..ඒ දරුවා දැන් ඉන්න එකේ තමා අරවා දාන්න ඉන්නෙ..."

# හත්තිලව්වෙ ...ඒකියන්නෙ මාගේ උඩුමහල් රාජධානියට අර ඇටිකුකුළා පාත් කරන්නද අම්මා හදන්නෙ....අනේමන්දා මේවට අඬන්ඩද හිනාවෙන්ඩද කියලා... ඊට පස්සෙ ඉතින් අම්මලා පල්ලෙහානෙ ඉන්නෙ..මුගෙ වලත්තකම් මම එපැයි ඉවසන්ඩ...ඉම්හි ඉම්හි ඉම්හි...අනේ මේ සුදු අප්පු.. බොරුවට දුක් වෙනවා වගේ රඟපාන්ඩ එපා...තෝ නිකම්ම ඉඳී...අසල්වැසියා කාමරවැසියා උනාම #

සත් ගුණවත් , හැදිච්ච නිමිච්ච ( අම්මලා ඉස්සරහා ) ඇටිකුකුළා කතා කලේ ඊටපස්සෙ...

" ඒ දේ කරන්නෙ මම ගැන හිතලා නම් ඒක ඔනෙ නෑ...ඒත් බිස්නස් එකේ වැඩවලට ලේසියක් වෙන්න නම් මට කමක් නෑ...."

" ආ ආ මේ...මම තීරණය කරලා ඉවරයි ...අනික මම සල්ලි දෙන්නං...හෙට අපේ එකත් එක්කම ගිහින් බයිසිකලේ බේරන් ආවනම් හොඳා..."

" ඇන්ටි මේ... කොහොමද බයික් එක ගැන දන්නෙ..මේ..."

" කිව්ව කෙනා වැඩක් නෑ....මට ආරන්චි උනානෙ..."

මම මොකුත් නෑහුන ගානට බත් එක දිහා බලාන කකා හිටියෙ මම කේලම කිව්වා කියලා අරූ පරල වෙන බව දැනගෙන. බිම බලාන හිටියට මොකද උගෙ දිග අන්ඩකින් මට ගැහුවෙ මාව අවුස්සගන්ඩ

" තෝ තමා අම්මා එක්ක කේලම කිව්වෙ නේ...එපා කිව්වනෙ කියන්ඩ මම..ඒක හෙමීට බේරගන්න තිබ්බනෙ "

"ආ හා...ඌට බනින්නෙ මොකද . සුදුඅප්පුවා  මට හන්ගන්නෙ නෑ මොකුත්...මීටපස්සෙ එහෙම මට නොකියා ඔයවගේ වැඩ කරලා අහු උනිත් සුදුඅප්පුවාට ගහන්වා වගේ තමා ඔය ළමයත් ගහන්නෙ..කොස්සෙන්...නැත්නම් පොල් බෑයෙන්..."

ඒක ඇහුනහම මට හිනා ගියෙ අම්මා පොඩි එකෙට වගේ අරූට සැර කරපු නිසා...

" අම්මා කියන දේ තේරෙන්නෙ නැතුව උඹ හිනාඋනාට සුදුඅප්පුවො ..ඔය එයා නොකියා කියන්නෙ එයා සුදු අප්පු තරමටම ඒ පුතාටත් ආදරෙයි කියලා ඈ ඒකනෙ උඹ ගහන සෑම්පලේටම ඒ කොල්ලටත් ගහනවා කියන්නෙ..මොකද අම්මලා පිට උන්ට එහෙම ගහන්නෙ නෑ නෙ"

තාත්තා හිනාවෙවී ඒක කිවෙ මගෙ දිහාත් බලලා...

# යකෝව්...ඔව්ව්...ඒකියන්නෙ දැන් නම් ඇදක් පලුද්දක් නෑ...ඒ වෙනකොට අපේ පවුලෙ හතර දෙනයි...අම්මයි තාත්තයි..ලොකු කොල්ලයි පොඩි කොල්ලයි....#

" ඇයි ඇන්ටි විතරක් ද...ඒ අන්කල් නොකියා කියන්නෙ අන්කල් මට එහෙම ආදරේ නෑ කියලනෙ නේ"

" මම ඉතින් දේවල් කිය කියා ඉන්නෙ නෑ නෙ පුතේ... අපේ එක්කෙනා වීරයා වගේ බාසුන්නැහෙට එන්න කියලා ඒක මෙතන සද්දෙට කිව්වට මොකද ...එයැයිට ඔය අදහස දැම්මෙ කවුද කියලා එයා කිව්ව නම්..පුතාට ඒකට උත්තරයක් හන්බෙයි "

" ම්ම්....කොල්ලො දෙන්නා මට පණ ඇරලා ඉන්න එකට ඊරිසියාව...අනේ මට නම් බලෙන් හොඳ නාම ගන්නෝනෙ නෑ...මෙය  තමා කිව්වෙ ලොකු කොල්ලව ගෙට ගම්මු කියලා .ඕන් කිව්වා...දැන් සතුටුද "

# ඇත්තටම හිතාගන්න බෑ...මේවට අඬන්ඩද හිනාවෙන්නද කියලා...ඕන ලබ්බක්...අම්මට තාත්තට ඌ ලොකු පුතා වෙච්ච එකේ...මට මොකෝ...  හැබැයි ඌ මගෙ අයියා නෙමේ... ලෝකෙට නම් පේන්න සහෝදරයා වගේ ඉන්න බැරියෑ... හැබැයි ඉතින් ඌ මගෙ අරයා....#

" ඔයාලා දෙන්නා මේ මිනිහව ඔයාලගෙ ලොකු පුතා ගානට දාගත්තට කමක් නෑ...හැබැයි කෙලින්ම කිව්වා...ඌට වැඩිය මට ආදරේ වෙන්න ඕනෙ...එච්චරයි "

මම කිව්ව එකට උත්තරයක් දෙනවා වෙනුවට කට්ටියම කලේ මට කින්ඩිය දාන් හිනාවෙන එක... ඒක මට ඇල්ලුවෙ නැති හින්දම තමා බත් එකේ අන්තිම කට කන ගමන් පිගානත් අරන් කුස්සියට යනකොට  දෙයක් කියාගෙනම ගියෙ...

" හරි හිනා...ඇන්ටිලා..අන්කල් ලා පුතාලා ඔයතරමට ලව් එකේ ඉන්න එකේ...ඇන්ටි බැන්ටි නොගා ඉතින් මෙයාට් බැරියෑ ඔයාලට අම්මා තාත්තා කියලම කතා කරන්න....කතාව ඉවරනෙ..අනේ අපේ ඉරිසියාකාර වැඩ් නෑ ඕං..."

" මිනිහා තමා දවසකට හරි මිනිහා...අපි තුන් දෙනාගෙන් කවුරුත් නොකියා හිතේ තියන් ඉඳපු එකක් ඔය ලස්සනට කියලා ගියෙ...සුදු අප්පු...එන ගමන් සීනි අහුරක් කාලා එනව....මම ගානෙ "

අම්මා ඒකත් කිව්වෙ හිනා වෙවී.. ඉතින් මාත් කට වහන් ඉඳීද...නෑනෙ

" මට සීනි කන්න ඕනෙ නම් ඔයා කියනක්න් ඉන්නෙ නෑ නෙ..ඔයයි..ඔයාගෙ ලොකු පුතයි ඕනෙ නම් කන්න...අර අන්දරේ කෑව වගේ... තව ඉස්කෝලෙ මහත්තයටත් ඕනෙ නම් එකතු වෙන්න පුළුවන් එයාලට "

" ආ එහෙනම් පිඟාන තියලා එන ගමන් සීනි බෝතලේ අරන් වරෙන්කො..."

" ලෝබ නැතුව සීනි බෝතලේ ගන්න කිව්වට මොකද ..උම්බලකඩ කැලෛ බෝතලේ එහ්ව්ම ගත්තා නම් බලාගන්ඩ තිබ්බා ඔයාගෙ කයිය. "

" අනේ මේ කටවහන් ඉඳු...කාගන්න එකනෙ ඇත්තෙ..උඹලා හම්බ කරලා උඹලා ගේන ඒවනෙ..මම අහව්ල්ල් එකටද එපා කියන්නෙ.."

මම පිඟාන රාක්කෙට දාලා වතුර එකකුත් බීලාඅ කෑම කාමරේට ඇවිත් අත පිහදාගන ගමන් තමා ඒකට උත්තරයක් දුන්නෙ...

" අපි හම්බ කලාට ඉතින් ඔයානෙ ලොක්කා ...ඔයා හින්දනෙ අපි මේක පටන් ගත්තෙ "

" දැන් උඹ ඔය මට කෝචොක් කරනවද...ඇත්තටම වර්නනා කරනවද..."

" ඒක ඉතින් මනෝරිට කැමති විදිහට බාරගත්තට කමන්නෑ...ඉස්කෝලෙ මහත්තයට ඒ ප්‍රකාශෙ අවුල් වගේ නම්...සම ලොක්කා එයා කියලා හිතාගත්තත් ප්‍රශ්නයක් නෑ....කවුරු කොහො මොකා උනත් ඔයාලගෙ ලොකු පුතා තමා ඩ්‍රයිවර් "

" තොට වීල් එක එලවන්න බෑ කියලා මම මැරෙන්ඩ ඈ...මම ඩ්‍රයිවර් නම් උඹ නාට්ටාමියා...බත් පැකට් දාපු පෙට්ටි උස්සන් යන්නෙ..."

" මම විතරක් ඈ ඉතින් තමුසෙත් උස්සන් එන්නෙ..."

" ඒ ඉතින් නාට්ටාමියගෙ උදව්වටනෙ...බත් පෙට්ටි ඉස්සුවට මම ඩ්‍රයිවර්...ඒක වෙනස් වෙන්නෑ නාට්ටාමී.."

" නාට්ටාමි ???...ඔයා එතකොට පියුමි හංසමාලි ද...මට නාට්ටාමියා කියන්ඩ "

" කවුද පියුමි හංසමාලි කියන්නෙ.."

ඒක් ඇහුවෙ අපේ තාත්තා....දැන් ඉතින් දීපල්ලකො උත්තර කියලා කටට එන එකක් කිව්වා...

" මේ අයියා පස්සෙන් යන කෙල්ලගෙ නම තාත්තෙ "

" අනේ බොරු අන්කල්...ඒ ටීවී එකේ ඉන්න නිලියක් "

" කොයි කතාවෙද ඉන්නෙ...නිලියක් නම්  කතා සෙට් එකම බලන මම නොදැන ඉන්න විදිහක් නැ  නෙ "

" මල්ලිගෙ ෆෝන් එකේ එයාගෙ වීඩියෝ ඇති...ඇන්ටි ඉල්ලගෙන බලන්නකො.."

" කෝ බලන්න සුදුඅප්පුවො ...පෙන්නපන් ඔය නිලිය"

# අපෝ...දැන් ඉතින් මොනවා පෙන්නන්න ද...මේක මට පැටැලෙව්වනෙ...#

" මගෙ එකේ නැ අම්මෙ ඔව්ව... මේ ඒක නෙමේ...මම අච්චර මම ඉරිසියා නෑ කියලා පෙන්නන්න ඔයාලට අම්මා තාත්තා කියලා කතා කරන්න කිව්ව...ඒත් මූ තමත් ඇන්ටි බැන්ටි කියන්නෙ...ඔයාලා ඔලුව උඩ තියාන හිටියට එයා එහෙම නෑ ..."

" අනේ මට පුරුද්දට කියඋනේ..ඇත්තටම මාත් ආසයි අම්මයි තාත්තයි කියලා කතා කරන්න..."

" ආ...ඒක එහෙනම් ටික ටික පුරුදු වෙන්නකො පුතේ..."

අම්මා එහෙම කියලා එයාග්ව් පිඟානත් අරන් කුස්සියට යන ගමන් ම අයියා එයාට උත්තරයක් දුන්නෙ

" හරි ඇන්ටි...ආ නෑ...අම්මෙ...හරි අම්මෙ...මම ඒක කටට හුරු කරගන්නම් එහෙනම් "

හිතුවට වඩා ජීවිතේ ලස්ස්නයි කියලා හිතුනා... අමාරු තැන්වලදි ඕන දෙයක් කරන්න ලෑස්ත්‍යෙන් අපේම කියලා උන් ඉන්නකොට ජීවිතේ ඕනදේකට මූන දෙන්න පුළුවන් ... ලස්සන දවස් ඉක්මනට ගෙවිලා යනවා කියනවනෙ... මගෙ කෝස් එක ඉවර වෙන කාලෙ වෙනකොට අපේ බඩි ලොරිය ගන්න එකටයි ටවුම කිට්ටුවෙන් පොඩි කඩ කෑල්ලක් රෙන්ට් එකට ගන්න පුළුවන් වෙන තැනටයි අපේ සාක්කු  සරු වෙලා තිබ්බා...අපි මහන්සි වෙලා හොඳට ඕඩර් ටික කරන හින්දම තව තව පොඩි පොඩි ගාමන්ට් අපිට සෙට් වෙන්න ගත්තා...උදව්වට ගත්ත අයටත් පඩි බේරලා... කීයක් කීයක් හරි ඉතුරු කරන්ඩ අම්මා මාටියා ගැහුවටත් පස්සෙත් අපිට මාසෙකට බිංදු පහක් ඉස්සරහට එකක් දාගන්න පුළුවන් උනා.... බිස්නස් එකේ වැඩ ගැන අපේ මීටින් රූම් එක උනේ කෑම කාමරේ....ඒකත් ඉතින් රැට තමා නිවී සැනසිල්ලෙ එකට ඉඳන් කෑම කන්න තරම් ඉස්පාසුවක් ලැබෙන්නෙ...

" දැන් හෝටලේට දාන්ඩ නමක් හිතුවද ?"
"මම හිතුවෙ අපේ හෝටලේ කියලා දාන්න..."
" ඒ මොන විකාර නමක්ද...ටිකක් ලස්ස්න එකක් හිතපන්කො..."
" ඇයි ඒකෙ කැත මොකද්ද ...කවුරු හරි කඩේ නම කිව්වත් එයාලටත් එයාලගෙ කඩේ වගේ ෆීලින්ග් එකක් එයි... අපේ හෝටලේ කෑම රහයි...අපේ හෝටලේට ඕඩරේ දෙන්ඩ...අපේ හෝටලේ ඉන්න පොඩි කොල්ලා ලස්සනයි...අපේ හෝටලේ ඩ්‍රයිවර් නම් වඳුරෙක් වගේ...අනික ඉතින් මේක අපේ හෝටලේනෙ...ඉතින් අපේ හෝටලේ කියලා දාමු.."

" හා හා..දෙන්න කතා කරලා ඕන නමක් දාගන්ඩ..හැබැයි රණ්ඩු වෙන්නෙ නැතුව... දැන් එතකොට මහනුවර යන ගමනට දෙන්නගෙන් එක්කෙනෙක් වත් එන්නෙ නැද්ද "

" අපි දෙන්නම ගිහිල්ලා බෑනෙ...ඔයාල දෙන්නයි , සීතා නැන්දයි, රුවනි අක්කයි ඉන්නෙ... අනික පොඩ්ඩෙ අයියගෙ වෑන් එක කතා කරලානෙ තියෙන්නෙ...අපි නාවට බයක් නෑ...අපි ගියොත් කඩේ සුද්දකරගන්න බැරි වෙනවා එදාට ඕපන් කරගන්න...අනික බඩු මුට්ටු අදින්නත් එපැයි "

" ඉතින් එව්වා අපි බලාගන්නම්...දෙන්නත් එක්ක නුවර මාළිගාවට ගිහින් බාරෙ ඔප්පු කරලා, වාහනේ යතුරත් ආරාස්සා කොරන් ආවනම් ඉවරනෙ...අනික ඉතින් අපි උඩින් පහුරු ගෑවට මේ බිස්නස් එක උඹලා දෙන්නගෙනෙ...එක්කෙනෙක් හරි ආවනම් නරකද "

" අපි දෙන්නා පස්සෙ වෙලාවක ගිහින් මාළිගාව වැඳලා එන්නම්...ඔයාලා ගිහින් ඒ ටික කරන් එන්නකො.."

" හැබැයි ඉතින් අපි එදා රෑ ලොකු අක්කලගෙහා ඉඳලා පහුවදා එයාලත් එක්කගෙන තමා එන්නෙ...උඹල  දෙන්නා තනියමනෙ රෑට "

" අනේ අම්මෙ...අපි පොඩි උන් ඈ...අපි ඉන්නම්...ඔයාලා බාර හාර ඔප්පු කරන්...යතුර ආරාක්ශා කරන්..නෑදෑයො බැහැ දැකලා...සේරම වැඩ ටිකකරාන එන්නකො...කඩේ පටන් ගන්න කිට්ටුව අපි දෙන්නා ගිහින් බෑ..."

" පොඩි උන් නොවුනට පොඩි උන් වගේ රණ්ඩු වෙන එකනෙ වැඩෙ..හා හා..ඕන දෙයක්... උඹ ලොකූට කරදර කරනව නෙමේ ඈ..මට උඹව තමා විස්සාසෙ නැත්තෙ "

#මහලොකු විස්සාසවන්තයා...දන්නවනම් හොරාට හොරාට මට රිටන් එක දෙන්න මාන බලනවා කියලා...ගහලා පන්නන්නෙ...#

අම්මලා පහුවදා උදෙම පිටත් උනේ...අපි දෙන්නත් ටවුමට ගිහින් ප්‍රින්ට් එකට දාලා තිබ්බ ස්ටිකර් ටිකයි බෝඩ් ටිකයි අරන් ආවේ වීල් එකේ ගිහින්...කඩ කෑල්ල හෝදලා අස්පස් කරලා ඕන කරන කේටරින් සෙට් ටික ගෙනිහිල්ලා දාලා..මේස පුටු දාලා අමාරු වැඩ ටික ඉවර කලා... ඊටපස්සෙ ඉතින් තිබ්බෙ මේස රෙදි දාලා ඉටිකොල දාන්න...මල් වාස් තියන්න..බුදුපහන හදන්න...ඔයවගේ වැඩ සෙට් එක තමා...කොහොම හරි ඉතින් අපි දෙන්නා වාරෙට දෙවාරෙට ගෙදර තිබ්බ සාස්පාන්...අරවා මේවා සේරමත් ගිහින් කුස්සියෙ අඩුක් කලා... බුෆේ සෙට් එක අපි ගත්තෙ මැටි භාජන... කඩේ ඉස්සරහා කෑල්ල ගැමි පාටට පේන්න තමා අපි හැදුවෙ... ඇතුලට ආවාමත් ටවුමක ඉන්නවා කියලා නොදැනෙන ගානට ගැමි පරිසරයක් හදන්න අපිට ඕන උනා....
හවස් වෙනකම්ම වැඩ කරා උනාට අපි දෙන්නට මහන්සියක් දැබුනෙ නෑ...ඒ ටික කරන ගමනුත් අවලම් වැඩක් කරන්..අවලම් කතාවක් කියන් තම  හිටියෙ..මොකුත් නොකටොත් යමුන් එමින් හරි අරූ මගෙ පස්ස හරි නිරිකන් යනවා...

" මේ...අද රෑට කොත්තු පාරක් දාලාම ගෙදර යමු නේ..."

" නෑ නෑ...කොත්තු ඕනෙ නෑ..වෙන මොනවා හරි කමු..."

මගෙ යෝජනාවට අයියා එක පයින්ම්  විරුද්ධව කතා කලේ...මාත් ඉතින් හේතුවක් හිතාගන්න් බැරුව ඔහෙ බලන් හිටියා...ඌ හිනා වෙලා නවත්තපු වැඩ ටික කරන් ගියා...
ඉතින් අපි රෑවෙලා සුදු ආප්පයි බිත්තර ආප්පයි කෑවෙ තරගෙට...කාටද වැඩියෙන් කන්න පුළුවන් බලන්න...මම ඉතින් කොහෙ දිනන්නද අරූ එක්ක..උගෙ බඩේ බඩගිනිකාරයෙක් ඉන්නවද කොහෙද...මට ඉස්මුරුත්තාවට ආවට පස්සෙත් අරු බිත්තර ආප්ප දෙකක් කෑවා.... එතනත් ඉතින් පැරදි මම...

ගෙදර ගිහින් අපි නාලා කරලා සාලෙට වෙලා කතා කලේ දවස් ගානකින් පටන් ගන්න හෝටලෙයි...ගාමන්ට් ඕඩර් ටික දාන ඒවයි ගැන....ෆ්හෙකම හොඳට කරන්න නම් ලොකුවටම මහ්න්සි වෙන්න ඕනෙ කියලා තමා අඔඉ ආයෙ ආයෙ කතා කලේ...

" අද අම්මලත් නෑ නෙ"
" අමුතුවෙන් කියන්ඩ ඕනෙ ඈ ඉතින් ඒක "
" ඉතින් පොඩ්ඩක් හිතපන්කො "
"ආ.....මට දැන් තේරුනේ.."
"හා මොකද්ද ?"
" දොරවල් සේරම ලොක් කලාද බලන්න ඕනෙ..."
"ඉඳකින්....මම යනවා කාමරේට...තෝ ඕන වෙලාවක නිදාගනිම් "

මට ඉතින් නොතේරෙන්න මම බබෙක් නෙමේනෙ....

අරූ උඩ පඩිපෙල නැගලා කාමරේට ගියහම මම මගෙ කාමරෙන් කොල දෙකකුයි පෑනකුයි අරන් ඊට එහා පැත්තෙම තිබ්බ උගෙ කාමරේට ගියා..

" අදත් අරකම කරමු...කියන්න බැරි දෙයක් තියේ නම්...මේකෙ ලියන්න ඕනෙ.."
"හැබැයි හොර බෑ "
" එකගයි "

මම එයාට කොලෙයි පැනයි දීලා මම මගෙ කොලේ ලියන්න ගත්තෙ පැත්තකට වෙලා...
"" එදා ඔයා වැටුනෙ මුත්‍රා දැවිල්ල හැදිලා නෙමෙ...මම කලින් දවසෙ උරිස්සෙ ගාපු බාම් ඔහේගෙ ජොකාගෙ ගෑවා...පව් ඔයා...😂 """

අපි කොල දෙක මාරු කරන් කියෙව්වා..

"" අද නම්..හොඳින් හරි නරකින් හරි රිටන් එක දෙනවා ...""

දැන් ඉතින් හිඳින් බැයි නම් නරකින් කරන්න හරි මම එයැයිට හේතුවක් දුන්නනෙ... නෝ හෙල්ලුම්..පොල් මැල්ලුම්..

" තෝ යකෝ...මට එහෙම දෙයක් කරාද..පරයා..බලපිය අද තොට කරන දේ...."

අයියා ගිහින් දොර ලොක් කලා....එතනින් එහාට උන දේවල් ඉතින් ඔයාලට හිතගන්න පුලුවන්නෙ... ඇටිකුකුල් උන්නාන්සෙගෙ අමුඩ ලේන්සුවෙ බාම් ගෑ වරදට සහ සුදු අප්පුවාගෙ සව් ඇටිකුකුළා මහත්තයා ගේ මුනේ ගෑමට සැලස්වීම සඳහා බරපතල වැඩ සහිත් දඬුවම් නියම කලා....

" ඔහොම රවන්න එපා අයියෙ..බය හිතෙනවා... අනික මට පුරුදුත් නෑ අප්පා"
"මම පුරුදු කරලා ගන්නම්.."

ඊටපස්සෙ ඉතින්..#අපි_අපේ#

                        සමාප්තයි
..................................................................

යක්කල හරියෙන් යනකිට දෙන්නගෙ කඩේට ගොඩවෙලා කෑම ටිකක් කාලා යන්න අමතක කරන්න එපා ඕන්.. ආ ඔන්න නොකිව්වා කියන්න එපා..හෝටලේ විවෘත කරන එකට ඔයාලා හැමෝටම විවෘත ආරාධානාවක් කරන්න කිව්වා සුදු අප්පු... තෑගි එපා කිව්වා...එයාලට විශ් කලහම ඇති කිව්වා... යුද්දෙට නැති කඩුව කොස් කොටන්ඩද නේ..අද නොදාන කමෙන්ට් ශෙයා ආයෙ කවදා සුදු අප්පුලාට දෙන්නද...ඒනිසා කතාව ගැන් අදහසක් කොටාන යන්ඩෝ...
වෝට් කරන්ඩ....එනවුන්ස්මන්ට් එකක් දාන්ඩෝ.... මතකනෙ ඉතින්
අපි අපේ.....මම රනුක් බණ්ඩාර...@happyranuk

Pokračovať v čítaní

You'll Also Like

4.8K 654 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....
22.7K 4K 16
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අ...
247K 459 21
အောစာအုပ်တွေ စုပြီးတင်ပေးပါမယ်
38.4K 5.3K 40
පොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු...