_Lost Eyes_

By Bulbz_D

101K 18.3K 4.6K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත්... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
Special Chapter
A/N
Hikiz - ( Lost Eyes 2 )

11 කොටස

3.4K 701 119
By Bulbz_D

'' නෑ අම්මේ.. මල්ලී තාම නිදි.. '' සහන්ස අය්යා ආයම්මාට උත්තර දෙන සද්දෙට කෙයාන් හිමින් ඇස් දෙක ඇරියේ... උදේ නෙවේ දවලුත් වෙලා ද මන්දා..

හැරෙන්නැතුව ඔහොමම ඉදපාන් කෙයාන්.. නිදි වගේ හිටපාන්.. කෙයාන් එයාටම කියාගත්තේ ආයේත් ඇස් දෙක පියාගන්න ගමන්.. සහන්ස අය්යාත් පූෂ් තඩියා ළග පාත නැති නිසා ද කොහේ තාම එයාගේ ඔළුව හිමීට අතගානවා කෙයාන්ට දැනුණා..

ඒත් එහෙම කියලා හැමදාම මෙහෙම ඉන්න ද බෑනේ.. මේකේ ඉවරයක් තියෙන්න එපැයි... කෙයාන් ආයේ හිතුවේ අකුණක් ගැහුවා වගේ නැගිටලා ඇද උඩින් වාඩි වෙන ගමන්...

'' නැගිට්ට ද ? ඕන නම් තව ටිකක් නිදාගන්න මල්ලී... '' සහන්ස කිව්වේ කෙයාන් තාම බාගෙට නිදි වගේ නිසා...

'' ඕන්නෑ,. '' සහන්සටත් ගස්සලා උරහිසින් වැටිලා තිබුණ සහන්සගේ කෙහෙම්මල් ටීෂර්ට් එකත් හදාගන්න ගමන් කෙයාන් සහන්සගේ ඇග උඩින්ම ඇදෙන් බිමට පැන්නා.. කෙලින්ම කාමරේ දොරත් ඇරගෙන එළියට දුවගෙන ගියපු කෙයාන් දොරත් වහලා දැම්මේ සහන්ස අන්ද මන්ද වෙලා බලාගෙන ඉදිද්දි...

උදේ පාන්දර මොන යකා ගැහුවා ද ලුක් එකෙන් කෙයාන් දොරත් දාඩාස් ගාලා වහගෙන ගියපු හැටි බලාගෙන ඉදපු සහන්සත් ඇදෙන් බැස්සේ දැන් අට -නවයත් පහු වෙලා නිසා..

ඉස්තෝප්පුව හරහා කෙලින්ම ගෙට පැන්න කෙයාන් කුස්සියටම ගියේ ආයම්මා හොයාගෙන. ආයම්මාට කියන්න ලොකු කේලම් මල්ලක්ම කෙයාන්ට තිබුණා..

'' ආයම්මේ.. '' කෙයාන් කුස්සියට ගිහින් චූටි මැටි බැම්ම උඩින් වාඩි වුනේ කේලාම් ටික එකින් එක කියන්න හිතාගෙන.. සහන්ස ඔය පේන තරම් අහිංසක නෑ කියලා ආයම්මා වුනත් දැනගන්න එපැයි.. හාල් හිපාටුවා...

''ආ.. මෙන්න නැගිටලා.. මොක ද පොඩි මහත්තයා.. බඩගිනි වෙලා ද ? '' ආයම්මා ඇහුවේ එයා ලිපේ හද හද ඉදපු සුවදම සුවද කිරි හොද්ද හැදි ගාන ගමන්..

'' ආයම්මේ අර සහන්ස අය්යා... '' කෙයාන් ලෑස්ති පිට ඔක්කොම කේලාම් ටික දිගඅරින්න හැදුවාත් , සහන්ස අය්යාගේ කිරි බෝතලයකුත් අරගෙන කුස්සියට ආවේ කෙයාන්ගේ කට වහලා දාන ගමන්.. කේලාම් වුනත් අදාළ කෙනා ඉන්න තැන කියන්න බෑනේ.. ඒම වුනාම ඒවා කේලම් වෙන්නෑනේ... අනික තුන් හතර ගුණේකින් වැඩි කරලා කියන්න බැරි නම් ඒවා කේලාම් වෙන්නෙත් නෑනේ..

'' අම්මේ.. කිරි මාමා එළකිරි බෝතලයක් දීලා ගියා.. '' සහන්ස කිව්වේ කිරි බෝතලේ ආයම්මට දීලා කෙයාන් ඉදපු මැටි කණ්ඩිය උඩම වාඩි වෙන ගමන්..

'' රත් කරලා ද චානු ? '' ආයම්මා ඇහුවේ කිරි හොද්ද හැදි ගාන ගමන්..

'' ඔව් උණුයි.. '' සහන්ස කිව්වේ ආයේත් මිරිස් ගල උඩ තියපු කිරි බෝතලේ අල්ලලා බලලා..

'' පොඩි මහත්තයා කිරි බොනවා ද ? '' ආයම්මා ඇහුවේ කේලම කියාගන්න බැරි වෙච්ච ගෙන ගැන මූණත් බුම්මගෙන ඉදපු කෙයාන්ගෙන්.. කිරි ද ? කෙයාන් මොකද කිරි බොන්නැත්තේ.. ඒත් කෙයාන් බොන්නේ සීතල කරලා... දැන් කොහේ සීතල කරන්න ද ?  කෙයාන් ඔන්න ඔහේ ඔළුව වැනුවේ ආයම්මාගේ හිත රිද්දන්න බැරි නිසා.. අනික උදේට බත් කන්නත් පරක්කු නිසා කෙයාන් කිරි එක බොන්න හිත හදාගත්තා..

බෙලෙක් කෝප්පෙකට දාලා අතට ලැබුන කිරි එකත් අරගෙන කෙයාන් නැගිට්ටේ අර නොන්ඩි හිනාව දිහා බලාගෙන නිදහසේ කිරි එකක්වත් බොන්න නැති නිසා.. රෑ ආපු නිසා ගෙදර වත්තත් දැක්කේ නෑ කෙයාන්.. උදේ තාම පිනි බිංදු වැටෙන වැලි මිදුලට එයා කිරි එකත් අරගෙන ඇවිදගෙන ගියේ නයි නෙවේ පොළොංගු කෑවක් කමක් නෑ කියලා හිතාගෙන..

උණු කිරිවලත් ලොකු අවුලක් නෑ.. ඒ වුනාට යොදය ද මොකක් ද එක උඩ පාවෙනවානේ.. හැබැයි ඒක අතින් අයින් කරන එකත් අමුතු ආතල් වැඩක්.. වත්තේ ඇවිද ඇවිද කිරි එක බොන එකේ වාසියකුත් තියේ.. එක්කෝ බොන්න බැරි වුණොත් ෂේප් එකේ කොහේට හරි හලලා බිව්වා වගේ ඇක්ට් කරන්නත් පුළුවන්නේ..

ආයම්මාලාගේ ගෙදර තිබුණේ ගුරු පාරකින් එන පාරක අන්තිම ගෙදර විදියට.. තාම තෙත වැලි පොළවේ වැලි කෙයාන්ට හරි අමුතුයි.. ඒ වැලි තෙත නිසා කකුල් දෙකටත් සීතලයි... උදුපියලියත් තියෙනවා... හාවෝ නැද්ද දන්නෑ ?  වත්ත ලොකුත් නෑ චූටිත් නෑ.. ඉස්සරහා ඉස්තෝප්පුව පැත්ත වෙනකම් ගේ වටේ රවුමක් ගහපු කෙයාන් , සේපාලිකා ගහ ගාවට වෙනකම් ඇවිදගෙන ආවේ ඒ සුවදට වශී වෙලා වගේ.. සේපාලිකා ගහ යට පුංචි ගලකුත් තිබුණා වාඩි වෙන්න.. කෙයාන් එතනින් වාඩි වෙලා අමාරුවෙන් කිරි කෝප්පේ දෙවෙනි උගුරත් බිව්වා..

තව නම් බොන්න බෑ කියලා කෙයාන්ට හොදටම ෂුවර්.. ආයම්මාත් ආදරේට පුරවනවා කියලා සහන්සටත් වඩා කිරි ගොඩාාාක් දාලා කෙයාන්ගේ කෝප්පේට.. කෙයාන් හිමින් කෝප්පේ සේපාලිකා ගහ යටට ඇල කළේ ලොකු වීරකමක් කළා වගේ.. දැන් නම් කොප්පේ හිස්.. එයා තමා හොදටම කළේ වගේ අනිත් පැත්ත හැරුන කෙයාන් ඩිම් වෙලා ගියේ කිරි එක බිබී ඉදපු සහන්ස අය්යාව දැකලා..

ඕ ෂිට්.. අහුවුණා නේ ද ? කිරි එක හලපු එකත් දකින්නැති.. මොන කරුමයක් ද මේ.. කෙයාන් හිතින් මිමිණුවේ සහන්ස අය්යා ඒ පැත්තට ඇවිදගෙන එද්දී,.. එයා හිමින් සැරේ කෙයාන්ගේ හිස් කෝප්පේට එබිලා බැලුවා...

'' පොඩි මහත්තයා කිරි ටික ඔක්කොම බීලානේ.. කොප්පේත් හිස්නේ... කෝ මේ ටිකත් බොන්න ඉතින්.. '' සහන්ස නොන්ඩි හිනාවක් දාන ගමන් කිව්වේ එයාගේ කෝප්පේ ඉතිරි වෙලා තිබුණ කිරි ටික ඔක්කොම කෙයාන්ගේ කොප්පේට හලන ගමන්.. හරිනේ කෙයාන්.. ඔය කරගත්තේ...ඔච්චරයි අඩුවට තිබුණේ......

'' කෝ බොන්න ඉතින්.. '' සහන්ස කිව්වේ කොයි වෙලේත් එයාගේ ඇග වටේ එතෙන පූස් තඩියා , කෙයාන් කිරි එක හලපු සේපාලිකා ගහ යට ඉව කරනවා බලාගෙන නොන්ඩි හිනාවකුත් දාලා..

'' බොනවා තමා.. ඇයි තමුසේ හිතුවේ මම කිරි එක විසි කළා කියලා ද ? '' කෙයාන් පිපිරි පිපිරි ඇහුවේ ඕන මගුලක් වෙන්න කියලා කෝප්පේ තිබුණ කිරි ටික එක හුස්මට බීලා දාන ගමන්.. වතුර කියලා හිතාගෙන බිව්වා වෙන මොකක් කරන්න ද ?

වීරයා වගේ කිරි එක බීලා ඉවර කරපු කෙයාන් සහන්ස දිහා බැලුවේ දැන් ඇති ද උබට කියන්න වගේ... කිරි එක බීලා වමනේ ගියොත් අතුරු ප්‍රථිඵල ගැන වෙනම සලකා බලන්න වෙයි.. දැම්මොත් වමනේ දාන්නේ මුගේ ඇගටමයි , සත්තයි.. කෙයාන් සාප කළේ කිරිවල රස තාමත් උගුරේ තියෙනවා දැනෙද්දී..

'' පොඩි අය කිරි බොනවා ඔයට වඩා හොදට.. '' සහන්ස කිව්වේ , එක හුස්මට කිරි එක බීලා කට වටේ කිරිත් ගාගෙන දැන් පූසාටත් රවන කෙයාන්ට හිනා වෙලා.. එයා මුකුත් කියන්න කලින් සහන්ස කෙයාන්ගේ නිකටින් අල්ලලා උස්සලා කටවටේ තිබුණ කිරි ටික හිමින් පිහදැම්මේ කෙයාන්ගේ පුපුරන ගල්වල වගේ කට වහලා දාමින්....

කෙයාන් තමුසේට පිස්සු.. තව ටිකකින් ඔයාට පිස්සු හැදෙයි.. පිස්සු නොහැදි තියෙය් ද ඉතින් මේ මනුස්සයා ෆිල්ම් බලලා වැඩියි හොදටම... ඕක කිව්වා නම් කෙයාන් පිහිදගන්නවානේ.. මොකට ද ඔහොම තොල් එක්ක පිහිදාන්නේ ෆිල්ම්වල වගේ.. ඔක්කොම පැත්තකින් දාලා රගපාන්න යැව්වා නම් ඉවරයි... කෙයාන් එයාටම කියාගත්තේ හෙන ලොකු ෆිල්ම් එකක් රගපෑවා වගේ එයා දිහා බලපු සහන්ස දිහා බලාගෙන..

'' මොක ද ? '' සහන්ස ඇහුවේ දැන් ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්න කෙයාන්ගෙන්..

'' තමුසේ ආයම්මට හොරෙන් ක්ලාස් කට් කරලා කෙල්ලෝ එක්ක ෆිල්ම් බලන්න යනවා නේ ? ඉන්නකෝ මම ආයම්මට කියන්න.. ආාායම්මේ... '' කෙයාන් නැගිටින්න හැදුවත් සහන්ස ආයේත් එයාගේ අතින් අල්ලගත්තා.. හරි. මේකත් මොකක් හරි ෆිල්ම් එකක තිබ්බා කියලා කෙයාන්ට ෂුවර්..

'' පොඩ්ඩක් ඔහොම ඉන්න මල්ලී..'' සහන්ස සන්සුන් විදියට කිව්වේ කෙයාන්ව ඇදලා ගල උඩින් වාඩි කරවන ගමන්.. ඒ දෙබස නම් චුට්ටක් වෙනස් වගේ.. තව ටිකක් රොමැන්ටික් වුණා නම් හොදයි.. කෙයාන් හිතින් ඩ්‍රාමා එක ඩිරෙක්ට් කරනවා.. සහන්ස එයාගේ අතින් අල්ලගෙන එයා දිහාවට ළං වෙනවා කෙයාන් අන්ද මන්ද වෙලා බලාගෙන ඉදියා.. කෙයාන් අත් දෙකෙන්ම බෙලෙක් කෝප්පෙත් අල්ලෙගෙන බලාගෙන ඉදියේ සහන්ස අය්යාගේ අඩවන් වෙළා තිබුණ ඇස් පිහාටු දිහා..

'' ඇදුම අවුල් වෙලා මල්ලී,. '' සහන්ස අය්යා එකපාරටම හිනා වෙන ගමන් කිව්වේ කෙයාන්ගේ උරහිසෙන් වැටෙන ටී ෂර්ට් එක හදන ගමන්..

ෂික්.. මූ මේක කියන්න ද නවත්තගත්තේ... කෙයාන් පුපුරලා ගියේ සහන්සගේ මූණේ තාමත් තිබුණ අර නෝන්ඩි හිනාව නිසා.. ෆීලින්ග්ස් දැනගත්තා කියලා මෙච්චර නෝන්ඩි කරනවා ද මෙහෙම... අනික ඒක නොන්ඩි කරන්න දෙයක් ද ? කෙයාන්ට කේන්තියටයි දුකටයි දෙකකටම ඇස් දෙක බොද වෙලා යනවා දැනුණා..

'' මම යනවා.. '' කෙයාන් කිව්වේ සහන්සගේ අතත් ගහලා දාලා එයාවත් තල්ලු කරලා නැගිටින ගමන්... එයාට දැන් මේක විහිළුවකුත් වෙලා.. ඔව් කෙයාන් ඉතින් තමුසේනේ විහින් විහිළුවක් වුනේ.. කෙයාන් තරහෙන් හිතුවේ කුස්සිය පැත්තට කේන්තියෙන් යන ගමන්..

බෙලෙක් කෝප්පේ දඩාස් ගාලා මිරිස් ගල උඩින් තියලා , ඒකට රවලා සුළි සුළග වගේ ගේ හරහා ඉස්තෝප්පු කාමරේට ගියපු කෙයාන් දිහා ආයම්මා තත්පර කිහිපයක් බලාගෙන ඉදියේ ඒ මොකක් ද උනේ කියලා හිතාගන්න බැරුව.. ඊට පස්සේ ටික වෙලාවකින් සහන්සත් තනියම හිනා වෙවී පූස් තඩියාව වඩාගෙන ඇවිත් හිස් කිරි කෝප්පේ තියලා ගේ ඇතුළට යනවා ආයම්මා බලාගෙන..

'' සීසී මැණික.. ඌචි.. කුචු.. කුචු.. ආා...ව්.. පූරුරූඌ... ඌර්....  '' සහන්සත් තනියම හිනා වෙවී පූස් තඩියාත් උඩ දදා තනියම හුරතල් කර කර යනවා බලාගෙන ඉදපු ආයම්මා මුකුත් හිතාගන්න බැරුව ආයේ කිරි හොද්ද හැදි ගෑවේ මේ ළමයි දෙන්නට මොනවා වෙලා ද කියලා හිතාගන්න බැරුව..

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* හිකි හිකි.. හිනාවෙන්න හිනා වෙන්න... මුල ටිකේවත් හිනා වුනේ නැත්තන් වැඩක් නෑනේ.. කතාවේ main phrase එක , Loving you is a losing game කියලා අමතක නොකර ඉන්න ඉතින්.. අහිංසකයිලු මම.. හිතෙනවාට වඩා ඇදෙනවානේ.. ඒත් කමක් නෑ මම ඉක්මනින් ඉවර කරනවානේ. දවසට 3ක් විතර දෙනවානේ.. Comment plz. 

* තා ඕන ද ?? අප්ඩේට් ?

Continue Reading

You'll Also Like

12K 1.6K 39
" කර්කශ අහසක පියෑඹීමෙන් හතිවැටී තටු හකුලාගත් පුංචි කුරුල්ලෙක්ව ඉඩෝරෙන් බේරගන්න සුදුමැලි ලිලීමලකට කොහෙ තියෙන හයියක්ද????? " ...
13.8K 3.7K 43
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්රශ්නයක් තියෙනවා.' මම...
20.7K 3.6K 16
ENJOY MY 1ST DARK THEME STORY - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ Based on feelings of a person who are suffreing from Schizophrenia / Manic Depression / Bipolar...
217K 432 20
အောစာအုပ်တွေ စုပြီးတင်ပေးပါမယ်