_Lost Eyes_

By Bulbz_D

102K 18.3K 4.6K

𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත්... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
Special Chapter
A/N
Hikiz - ( Lost Eyes 2 )

8 කොටස

3.5K 692 172
By Bulbz_D

'' චානු පුතා , ඇග පත සෝදගෙන එන්න කන්න.. '' ආයම්මා එහෙම කියලා කුස්සියට ගියා...

'' හලෝ පුංචි පැංචි.. මම කෙයාන්.. '' කෙයාන් කිව්වේ තාමත් සහන්සට නොන්ඩිය දාන නංගියාට.. බලාගෙන ගියාම සහන්සත් නංගිට බයයි ද මන්දා..

'' පැංචි නෙවේ මගේ නම සිනෙලි.. අනික මම පුංචි නෑ. මම දහයේ.. '' නංගියා කිව්වේ ඒ පාර කෙයාන්ටත් රවන ගමන්.. අනේ අම්මියෝ බටු ඇටේගේ ගෑස්.. දහයේ වුන්ගෙන් කෙයාන් අද දවසටම කිච වෙන දෙවෙනි පාර මේ.. වයසේ අවුලක් ද කොහේ...  මොනා වුනත් එයා එක්ක එකතු වුනොත් සහන්සව හොදට පල් කරන්න පුළුවන් කියලා නම් කෙයාන්ට ෂුවර්...

'' චූටි මැණිකේ , යන්න අම්මට උදව් කරන්න...'' සහන්ස කිව්වේ පූස් තඩියාවත් බිමින් තියන ගමන්..

කව්ද චූටි මැණිකේ ? නංගියා ද ? අනේ මේ ගෙදර පූසාත් සිසී කැටේ... නංගි චූටි මැණීකේ.... මම විතර ද නිකන් කළු ගල් ? කෙයාන් හිතුවේ මම අසරණ වෙලා වගේ හිතට දැනෙනවා කියාගෙන... නංගි කුස්සියට යනවා බලාගෙන ඉදපු කෙයාන් සහන්ස ගාවට ගියේ එයාට රවන ගමන්..

'' හාල් හිපාටුවා.. ආයම්මා , ඔයාගේ අම්මා කියලා කිව්වේ නෑ මට ! '' කෙයාන් රවන ගමන් කිව්වේ දැන් සහන්ස ඉදියාත් නැතත් එයා ෂුවර් එකටම ගේ ඇතුළේ නිසා.. අනික කෙයාන්ගේ බද්ධ වෛරයත් උට මතකම නැති තරම්..

'' දැනගෙන ඉන්න එපැයි මම කියන්න,. කව් ද දන්නේ අම්මා නිතර කියවන පොඩි මහත්තයා කියලා මේ.. '' සහන්සත් කිව්වේ දකුණු පැත්තේ කෙළවර ඉස්තොප්පු කාමරේට යන ගමන්..

පුංචි හතරැස් හැඩේ කොටු කාමරේ කෙයාන්ගේ කාමරෙන් හතරෙන් එකක්වත් නෑ.. ඒත් අපාරාදේ කියන්න බෑ හැම එකම හරිම පිළිවෙලයි.. පොත් මේසේ උඩ පුංචි ටේබල් ලෑම්ප් එකක් තිබුණේ හරිම පිළිවෙලට පොත් ටික අස් කරලා තියේද්දී,. ඇදෙත් එක රැල්ලක් නැතුව පිළීවෙලට තියෙනවා දැකලා කෙයාන්ට මතක් වුනේ මුහුදට වඩා රැළි වැඩි එයාගේ ඇද ...

නෑ නෑ කෙයාන් මේවායන් සැලෙන්න එපා.. කොල්ලෙක් වුණාම අපිළීවෙල තියෙන්න ඕන.. කෙයාන් එයාටම කියාගත්තේ කාමරේ දිහා උකුසු නෙත් විදහා පාමින්.. සහන්ස අය්යාගේ මේසේ තමා තමා කෙයාන්ගේ මීළග පිරික්සුම් මධ්‍යස්ථානය ... පැත්තකින් පිළීවෙලට ගොඩ ගහලා තිබුණ කඩපු නැති චොකලට් තොගේ තමා කෙයාන්ගේ දෑසට හසුවුන පළවෙනි දේ.. පුදුම වෙන්න දේකුත් නෑ, එකක් ගත්තා කියන්නේ දිගටම එවනවානේ.. මේ මනුස්සයාට ආඩම්බරයක් කියලා එකක් නැද්ද මන්දා.. කෙයාන් හිතුවේ එයාට නම් හැම එකටම වඩා ආඩම්බරයයි , ලොකුකමයි තියෙන නිසා..

'' චානූ,. '' ආයම්මා සහන්ස අය්යාට කතා කරන සද්දේට කෙයාන් පියවි සිහියට ආවේ..

'' ඇයි අම්මේ ? '' සහන්ස අය්යා කාමරෙන් එළියට ගියේ කෙයාන්ව ඇතුළේ තනිකරලා.. ලයිට් එක දාලා නිසා අවුලක් නෑ ඉතින්..‍

සහන්ස ගියපු ගමන් වටපිට බලපු කෙයාන් ඉක්මනින් චූටි ඇදුම් අල්මාරිය ඇරලා බැලුවා.. ඕව් ඒකත් පිළිවෙලයි තමා.. කෙයාන්ගේ වුණා නම් අල්මාරිය ඇරපු ගමන් ඇදුම් ටිකම බිම ඇදගෙන වැටෙන්න ඕන.. අල්මාරියේ තිබුණ යුනිෆොම් දෙක දිහා බලලා කෙයාන් ලැබුවේ කෲර සතුටක්.. සැක්.. තව ටිකක් කලින් දැනගත්තා නම් ආයම්මා අතේ සේප් එකේ ඔක්කොම ටික යවන්න තිබුණා.. ෆෝන් එකක් , ලැප්ටොප් එකක් , ලස්සන ෆැෂනබ්ල් ඇදුම් ටිකක් , ෂූස් , අලුත් වොච් එකක් තව ගොඩක් දේවල් යවන්න තිබුණා...කෙයාන් හිතුවේ අල්මාරිය වහලා දාන ගමන්...

ඊළගට කෙයාන් ගියේ කූරු කූරු තිබුණ ජනේලේ ගාවට.. ඒකට සේපාලිකා ගහ ළගටම පෙනුනා.. ඒකේ සුවද තමා ඒනම් කාමරේ තිබුණේ ..රෑ නිසා හරියට මුකුත් පේන්නේ නැති නිසා කෙයාන් වට පිට බලන වැඩේ අතෑරලා දැම්මා..

'' සෝදිසි මෙහෙයුම් අවසාන ද  පොඩි මහත්තයා ? '' සහන්සගේ කටහඩට කෙයාන් ගැස්සිලා ගියා.. දොර උළුවස්සට හේත්තුවකුත් දාගෙන ඇදුම් වගයක් අතේ තියාගෙන ඉදිය සහන්සගේ මුණේ පුංචි හිනාවක් තිබුණා..

'' යෙස් සර්.. පිපිරුම් ද්‍රව්‍ය නැත. කාලතුවක්කු නැත. යුධ උපකරණ නැත. ආරක්ෂාව සහතිකායි'' කෙයාන් සැලියුට් කරලාම කිව්වේ ටිකක් සැහැල්ලුවෙන් හිනාවෙලා...

'' අායම්මා කියන කෙනා ඉන්නවා නේද ? අර කොහේවත් යන පොඩි මහත්තයෙක් නිසා එයාගේ පුතාව අමතක වුන කෙනා ??? ආන්න එයා පොඩි මහත්තයාගේ ඇදුම් වගයක් සෝදන්න ගෙනල්ලා තිබිලා .. ඒවා තමා මේ.. මේ පොඩි මහත්තයා දැන් අැග සෝදගත්තා නම් නරක ද ? '' සහන්ස හිනාවෙවී ඇහුවේ අතේ තිබුණ ඇදුම් ටික පෙන්නලා..

ඇයි අර පූස් තඩියා තමුසේව හීරුවා ද , ඌව හුරතල් නොකර මෙතන එකපාරටම මාව හුරතල් කරන්නේ කියලා අහන්නත් හදලා කෙයාන් කටපියා ගත්තේ ඒ මල හොල්මන ආයෙත් ඇවිත් සහන්සගේ කකුල් දෙක වටේ එති එතී පුරු පුරු ගාන්න පටන් ගත්ත නිසා. පූස් අවතාරේ..

'' කොහේ ද බාත්රූම් ? '' කෙයාන් පූසාටත් රවලා ඇදුම් ටිකයි, ටවල් එකයි උදුරගන්න ගමන් ඇහුවා..

'' බාත් රූම් නම් නෑ මල්ලී,.. ''

'' ඇහ් ? ආා... ළිදක් ද ? වාව්.. මාරයිනේ බ්‍රෝ..'' කෙයාන් කිව්වේ එයා ජීවිතේට ළිදකින් නාලා නෑ කියලා මතක් කර කර.. අර 3 වසරේදිද කොහේ හම්බන්තොට ට්‍රිප් එක ගිය වෙලේ උණුවතුර ළිංවලින් කට්ටිය වතුර ගහගත්තා , ඔච්චරම තමා කෙයාන් දන්න ළිං...

'' ඔව් මල්ලී,. ඉන්න මාත් එන්නම්... '' සහන්ස කිව්වේ ඇදුම් ටික කෙයාන් අතට දීලා එයාගේ ඇදුම් ටික තොරලා අතට ගන්න ගමන්..

'' ඔයා මොකට ද ? '' කෙයාන් තාමත් නපුරු විදියට ඇහුවාත් කලින් පාවිච්චි කරපු තමුසේ එක දැන් ඔයා වෙනකම් බැහැලා..

'' ඇයි ඔයා ළිද තියන තැන දන්නවා ද ? '' සහන්ස අය්යා කිසිම කලබලයක් නැතුව ඇහුවේ ඇදුම් ටික අරගෙන දොරත් වහන ගමන්..

'' ආ.. එහෙමත් සීන් එකක් නේ ද ? ''

හිටාම්කෝ , මම මේ ඔක්කොම ටික දැනගන්න කම්.. එදාට තමුසේව දානවා ගෙදරින් එළියට.. මම තමා ආයම්මාගේ වන් ඇන් ඔන්ලි පොඩි මහත්තයා එතෝට.. කෙයාන් හිත යටින් හිතුවේ සහන්සට රවන ගමන්..

'' ඇයි දැන් ටෝච් එකක් ? '' කෙයාන් අැහුවේ හෙන පුදුමෙන්.. උගේ ගෙදර වගේ වත්තටත් ෆ්ලෑෂ් නෑ කියලා කෙයාන්ගේ ඔළුවේ නෑ,.

'' ළිද තියෙන්නේ ටිකක් වත්ත පල්ලෙහා මල්ලී.. නයි පොළොංගු ඉන්නවා පරිස්සමින් හොදේ... '' සහන්ස අය්යා කියපු විදියට ඒකා කළේ විහිළුවක් ද නැත්තන් ඇත්තටම කියලා හිතාගන්න බැරිව කෙයාන් පොඩ්ඩක් අසරණත් වුණා...

ඒකා කාලගුණේ වගේ.. සීරියස් කතාවක් කියනවා.. ආයේ විනාඩි පහකින් නෝංජල් කතාවක් කියනවා.. ආයේ කලාතුරකින් තරහා යනවා. තරහා ගියාම බ්‍රොක් ලෙස්නර් වගේ.. තාම පාර මැද කාපු පාරවල් මතක් වෙනකොට කෙයාන්ගේ ඇගම රිදෙන්නත් ගන්නවා...

කොකටත් නයි පොළොංගු කන්නේ මුලින් පෑගුණ කෙනාව නෙවේ අහුවෙන කෙනාව නිසා කෙයාන් ඉස්සරහින් ගියේ සහන්ස අය්යාව පිටිපස්සට දාලා.. එතකොට කෙයාන්ගේ අතින් නයෙක් පෑගුණත් කන්නේ සහන්සයාවනේ... කොහොම ද කෙයාන්ගේ ටිකිරි මොළේ ?

ළිද ගාව ඉතින් පාළුයි .. කොච්චර පාළුයි ද කිව්වොත් කෙයාන්ට දැන් නම් ෂුවර් මහසෝණා ළගම ගැවසෙනවා කියලා.. අනික දැන් රෑ දොළහා විතරනේ.... එයා මුකුත් දන්නේ නැතත් එහෙම වැඩ බෑ කියලා පෙන්නන්නේ නැතුව සහන්ස අය්යා කරපු වැඩේම කළා.. වැඩ බැරි වුනත් ගම අසවල් එකෙයි කියලා කියනවානේ.... අලුත් ඇදුම් ටික අනිත් පැත්තේ ගල උඩින් තිබ්බ සහන්ස කඹේ එක්ක පනිට්ටුව ළිද  ඇතුළට දාන විදිහ කෙයාන් බලාගෙන ඉදියේ කටත් ඇරගෙන...

ඔව්, සහන්සට විතරෙයි ඕවා පුළුවන් ??  මේ කෙයාන්ටත් පුළුවන්... කෙයාන් හිතුවේ කඹේ දිහා බලන ගමන්...

'' තව හය්යෙන් අදින්න මල්ලී.. '' සහන්ස මේ කියන්නේ කප්පියට දාපු කඹේ ඇදගන්න බැරුව ලෝකයක් ඉස්සරහා ලැජ්ජ වෙන කෙයාන්ට.. දැන් කෙයාන් එයාටම දෙස් දෙවොල් තියාගන්නවා වීරයා වගේ මේක අදින්න ගත්තට...

'' මේක මගේ අවුලක් නෙවේ.. තමුසේලාගේ කප්පියේ අවුලක්.. '' කෙයාන් ලැජ්ජාව වහගන්න කිව්වත් , සහන්ස අය්යා ඒකටත් හිනා වෙනවා කෙයාන්ට ඇහුණා..

'' කෝ දෙන්න කඹේ මට.. '' සහන්ස කිව්වේ කෙයාන්ගේ අතේ තිබුණ කඹේ අල්ලගන්න ගමන්.. ඔව් ඉතින් එයාට අදින්න පුළුවන්.. දුෂ්ට කඹේ , ගෙදර මනුස්සයාට පක්ෂපාතීයි.. කෙයාන් එහෙම හිත හදාගත්තේ කඹේ අදින්න ගිහින් පතුරු ගියපු අත් දෙක දිහා බලාගෙන සුසුම් හෙළන ගමන්.. දුස්ට කඹේ...

කෙයාන් ආයේත් මුකුත් හිතන්න කලින් එයා ඔළුවේ ඉදන්ම නෑවිලා ගියේ සහන්ස අය්යා දෙපාරක් හිතන්නේ නැතුව ඔළුව උඩ අතෑරපු සීතල වතුර පනිට්ටුව නිසා..

'' තමුසේට පිස්සු ද යකෝ ? මම ඇදුම් ගැලෙව්වෙත් නෑ !!! '' කෙයාන් මරාවේෂ වෙලා කෑගැහුවේ තාමත් යුනිෆෝම් එකෙන් වතුර බේරේන කෙයාන් දිහා බලාගෙන පනිට්ටුවත් අතේ තියාගෙන හිනාවෙන සහන්සට ඔරවන ගමන්...

'' සීතලාායි හාල් හිපාටුවෝ.. '' හැමදාම උණු කරපු වතුරෙන් නාන කෙයාන් බාගෙට වෙව්ල වෙව්ල කිව්වේ එතනම බිමින් වාඩි වෙන ගමන්.

'' ගුලි වුනාම සීතල වැඩියි.. තා වතුර ටිකක් ඇගට වැටෙන කොට හරියාවි.. '' සහන්ස ගාණක් නැතුව කිව්වේ තවත් වතුර පනිට්ටුවක් අදින ගමන්..

දෙවෙනි වතුර පනිට්ටුවේ වතුර සහන්ස අය්යාගේ අතේ වැදිලා වේගේ බාලවෙලා ඇගට වැටෙනවා කෙයාන්ට දැනුණා.. ඒ වුනාට සීතාලයි.. සීතලයි කියලා මැරෙන්න ද ?

'' අඩෙහ්...මේ අර ඉස්කෝලේ ඉස්සරහා මට සද්දේ දාලා ගියපු මල්ලිම නේද ?  '' සහන්ස අය්යා නොන්ඩියට ඇහුවේ , සීතලට ගුලිවෙලා මොකා ද වගේ වාඩි වෙලා ඉදපු කෙයාන්ව තවත් අවුස්සන ගමන්. කෙයාන් අත් දෙකත් ගුලි කරගෙන නිකට යටින් තියාගෙන සීතලට ගුලි වෙලා ....

'' දැන් කාලේ දොළහේ කොල්ලොත් නාවන්න වෙනවා නේ ද මල්ලී ? '' සහන්ස නොන්ඩි කරනවා ඉවරයක් නෑ,. කෙයාන් දැන් මාරාවේෂ වෙලා වුණත් සීතල නිසාම මිනිහාට කරගන්න දෙයක් නෑ..

'' මල්ලි , මතක ඇතුව ගෙට යන්න කලින් කිරි ගහකට කොටලා යමු හොදද ? සුදු පාට අන්දලා නෑව්වානේ.. '' සහන්සගේ නොන්ඩි කිරීම තාමත් ඉවර වෙලා නෑ.. සීතල වතුර ටික පරිස්සමින් බිම වාඩි වෙලා ඉදපු කෙයාන්ගේ ඇගට හලලා එයාව නාවන ගමන් සහන්ස හිනා වෙවී ම බලාගෙන ඉදියේ ඇස් දෙකත් පියාගෙන මොකා ද වගේ කටිනුත් වතුර පිඹ පිඹ එයාට බනින කෙයාන් දිහා..

'' තමුසේ ඔහොම .... කරලා.... මගේ හැටි දන්නෑ,... මරනවා මම... '' කෙයාන් කේන්තියටයි සීතලටයි දෙකටම වෙව්ලනවා..

'' අම්මට කිව්වා නම් ඉවරයි පොල් ගෙඩියකුත් දෙකට මැදින් පලලා , සුදුපාට රෙද්දකින් වහලා මෙයාව ගෙට ගන්න කියලා.. '' සහන්ස මේ මොන තරහක් මෙහෙම පිරිමහනවාද කියලා කෙයාන්ට හිතාගන්න බෑ.. කේන්තියටම සහන්ස වතුර දාන එක නවත්තපු ගමන් කෙයාන් නැගිට්ටේ වතුර බේරි බේරි..

'' මොකෝ මොකාේ.. ගහන්න ද ? '' සහන්සත් හිනා වෙවීම ඇහුවේ පනිට්ටුවේ වතුර එතන තිබුණ ලොකු බේසමට හලන ගමන්.. ඒ බේසම පිරෙන්න වතුර තිබුණා..

'' තමුසේ නම් මහ ......... '' කෙයාන් කේන්තියෙන්ම කිව්වේ මූණේ තිබුණ වතුර පිහිදාන ගමන්... මොකක් වුනත් අර ලස්සන හිනාව දිහා බලාගෙන ගහන්න තරම් රුදුරු සිතක් කෙයාන්ට තිබුණේ නෑනේ.. ආයම්මා නිසා ඉවසන්නේ.. කෙයාන් එයාටම කියාගත්තේ , සහන්ස දැන් කරන වැඩවලට එයාව මහන්සියෙන් හදපු ආයම්මා පලි නෑනේ කියලා හිතලා...

'' සබන් ගාලා හෝදගෙන , වතුර මදි වුනොත් කතා කරන්න.. ළිදට පැන්නොත් ආයම්මා කියන කෙනා මාවත් ගෙදරින් එළියට දාවි ....මම අරෙහින් ඉන්නම්.. '' සහන්ස කිව්වේ ටිකක් එහා තිබුණ ගල පෙන්න ගමන්..

'' හා.. දුරට යන්න එපා හාල් හිපාටුවෝ...''' කෙයාන්  කෑගහලා කිව්වේ හදිසියේ මහසෝණා ආවොත් කියලා.. බයයි කියලාත් කියන්න බෑනේ.. එහෙම ආවොත් සහන්සව බිල්ලට තියලා , එයාට දුවාගන්න පුළුවන් දුරක සහන්ස අය්යා ඉන්න එපැයි.. මෝහිණි අක්කා ආවොත් නම් බබාව සහන්සට දීලා එයාට මෝහිණි අක්කා එක්ක පැනලා යන්නත් පුළුවන්..

'' සීතලායි '' කෙයාන් විකාර හිතන එක නවත්තලා මිමිණුවේ දුස්ට වතුරයි , සහන්සට පක්ෂපාතී ළිදයි දිහා බලන ගමන්... දුස්ට කඹෙයි, දුස්ට ළිදයි, දුස්ට සහන්සයි... හැමෝම එකයි..

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

26.2K 3.1K 15
මේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජී...
43.6K 7.3K 24
LOST EYES - 2 '' අපි බබෙක් හදමුද ?🥺 '' '' මොකක් ? !! ??😳 ' '' බබෙක් අනී.. 😃 චූටි බබෙක්.. අපි බෝල ඇස් තීන ලස්සන බෝල බබෙක් හදමුකො 😘? '' ''...
14.3K 2.8K 11
සත්‍ය සිදුවීමක් ඇසුරිනි ( requested) හිමි නැති නම් කිම නුඹගේ උණුහුම දැනුනේ .... 💔 boyXboy Started date - 26 June 2022 Completed - 03 Aug 2022
12.1K 1.6K 40
" කර්කශ අහසක පියෑඹීමෙන් හතිවැටී තටු හකුලාගත් පුංචි කුරුල්ලෙක්ව ඉඩෝරෙන් බේරගන්න සුදුමැලි ලිලීමලකට කොහෙ තියෙන හයියක්ද????? " ...