දේදුණු පාලම

By HappyRanuk

22.7K 4K 478

උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන්... More

දේදුණු පාලම
දේදුණු පාලම 2
දේදුණු පාලම 3
දේදුණු පාලම 4
දේදුණු පාලම 5
දේදුණු පාලම 6
දේදුණු පාලම 7
දේදුණු පාලම 8
දේදුණු පාලම 9
දේදුණු පාලම 10
දේදුණු පාලම 11
දේදුණු පාලම 12
දේදුණු පාලම 13
දේදුණු පාලම 14
දේදුණු පාලම 15

දේදුණු පාලම 16

2.2K 315 163
By HappyRanuk

දේදුණු පාලම 16 (අවසාන කොටස)
-
"ඔව් මිස්ටර් නිමන්ත...මගෙ හැම පොරොන්දුවක්ම මම ඉශ්ට කලා...එතනින් එහාට ආයෙ අපේ.ජීවිත වලට කිසිම ගනුදෙනුවක් තියෙන එකක් නෑ..."
-"උඹට දැනුනද දෙයක්"
-"ගොඩක් දේවල් දැනුනා...මිස්ටර් නිමන්ත අදහස් කලේ කොයි දේද"
-"උබ තනිවෙල ඉන්නෙ.කියලා...මේ පාටි එකේ.කවුරුත් උබ එක්ක කතා කලෙ නෑ කියලා...පාලුවක් තනිකමක් දැනුනෙ නැද්ද"
-"ඇයි අහන්නෙ...ඒක ඔයාට අදාල නෑ"
-"ඒ දේම තමා ජීවිතේදිත් වෙන්නෙ...අපි හැමෝටම අපේම කියලා අය ඉන්නවා...උබට කවුරුත් නෑ....ජීවිතෙත් මෙ පාටිය වගේ...උබ තනිවෙලා ඉන්නෙ..."
-"ඒක් මට අලුත් දෙයක් නෙමෙයි...ඒක මතක් කරල දුන්න්ට තෑන්ක්ස්"
-"දැනෙනවද පරාද උනාම දැනෙන දුක...තරහවා...වේදනාව"
-"ඔට්ටුවෙන් පරාද උන එකද"
-"නෑ..ජීවිතෙන් පරාද උන දුක"
-"ඒකත් ඔයාට අදල නෑ..ඔට්ටුවෙන් මම පැරදුනා...ඒකට ඔයා ඉල්ලපු දේ මම ඉශ්‍ට කලා...දැන් හැමදේම ඉවරයි...මම යනවා..."
-"කොහෙද දැන් ඉන්නෙ...කී දෙනෙක්ව ර්‍රැවැට්ටුවද මට පස්සෙ"
-"ඉන්නෙ.කොහෙද කියන දේත් ඔයාට අදාල නෑ....ඔයාට පස්සෙ ගොඩක් අය රැවැට්ටුවා...සහ රවට්ටනවා...ජීවිතේ අකුරු ගොඩක් ගනන් උන ලමයි...ජීවිතේ එපා උන මිනිස්සු...එදාවේල හොයාගන්න මහන්සි වෙන මිනිස්සු ගොඩක් රවට්ටනවා...අපි හිතනවට වඩා මේ ජීවිතේ ලස්සනයි කියලා...හැමදේම දවසක හරි යයි කියලා..."
-"අද දවස ඉවර වෙන්න කලින් මම වයින් වීදුරුවක් හරි බිව්වොත් උබ ඔට්ටුවෙන් දිනනවා...බැරිවෙලා හරි උබ දිනුවොත් මගෙන් ඉල්ලන්නෙ.මොන්වද"
-" ඔට්ටුවයි ජීවිතෙයි දෙකම ඔයා දිනලා ඉවරයි...මට ඔට්‍යුව දිනන්න ඕනකමක් නෑ...ජීවිතේ දිනන්න ඕනකමක් නෑ...හැබැයි ජීවිතෙ පරදින්නෙ.නැතිව මැරිලා යන්න බැරි වෙන් එකක් නෑ..."
අයියා ඊට එහායින් හිටිය වේටර් කෙන්ක්ට කතා කලා.... එයාගෙ ට්‍රේ.එකේ තිබ්බ වයින් ග්ලාස් එකක් අරන් කිසිම කතාවක් නැතුව අයියා බිව්වා...ට්‍රේ එකේම ග්ලාස් එක තියලා වේටර් ව ආපහු ඇරියා...
-"උබ එපා කිව්ව දවසෙ ඉදන් මේ වෙනකන් බිව්ව එකම වීදුරුව ඒක...හරි මම පරාදයි...දැන් උබට ඕනම දෙයක්.ඉල්ලපන්....ඕනම දෙයක් කියන්නෙ ඕනම දෙයක්...උබ එදා ඉල්ලුවා වගේ උබව අරන් ඈත පලාතකට යන්න කියන එක හැර..ඕන දෙයක් ඉල්ලපන්...මගෙ සල්ලි..දේපල...කම්පැනි එක...ඕන දෙයක් ඉල්ලපන්..."
-" මම ඉල්ලන ඕනම දෙයක් දෙනවද"
-"ඔව්...ඔට්ටුව ඒකනෙ...ඒක ඒ විදිහටම වෙයි"
-" දැන් ගත්ත ඩ්‍රින්ක් එක...ඔයාගෙ ජීවිතෙ අවසාන මත්පැන් වීදුරුව වෙන්න ඕනෙ....මෙච්චර කල් හිටියා වගේ නරක.පුරුදු වලින් ඈත් වෙලා ඉසාරහට ඉන්න ඕනෙ...ජීවිතේ ගැන හොදට හිතලා තීරන ගන්න ඕනෙ...අම්මට තාත්තට වගේම අක්කට ආදරේ කරන්න ඕනෙ...එයාල එක්ක ඔයාගෙ ලෝකෙට කිසිම ප්‍රශ්නයක් එන්න නොදී හැමෝම එක්ක සතුටින් ඉන්න ඕනෙ..."
-"එච්චරද...."
-"පුලුවන් නම් විතරක්...මීට පස්සෙ මට වෛර නොකර ඉන්න...මම ගැන තියෙන තරහා එක්කම අපි දෙන්නගෙ හැම මතකයක්ම අමතක කරලා දාන්න...."
-"එච්චරද"
-"මන් ගැන හොයන්න බලන්න එපා...හැබැයි ඔයාට කලින් මට ටිකටෙක ඇදිලා අහම්බෙන් හරි මගෙ මල ගෙදර ගැන ඔයාට දැන ගන්න ලැබුනොත්...එක පාරක් ඇවිත් මාව බලලා යන්න..."
-" එච්චරද"
-"ම්ම්....වෙන මොකුත් එපා...දැන් මට යන්න දෙන්න..."
-"මේ හෝටලෙන්ද...මගෙ ජීවිතෙන්ද"
-"දෙකෙන්ම...ආ මෙන්න...මේක ගන්න"
-"මොකද්ද"
-"මගුල් ගෙදරකට ආවහම තෑග්ගක් නොදී යන්න බෑ නෙ..මේ ලියුම් කවරෙ ගන්න....තෑගි තියෙන තැන මම ගෙනාපු තෑග්ගක් ඇති..ඒකත් තියාගන්න...මම යනවා"
අයියගෙ ඇස් දෙක රතු වෙන්න ගත්තා....තරහින් පිරිලා තිබ්බ ඇස් වල වේදනාවක් නලියනව මට පෙනුනා....වෙවුලන අත දික් කරල.මගෙ ලියුම් කවරෙ අතට ගත්තා...
-"එච්චරද"
-"තව එකම එක දෙයක්...මනමාලයා අඩන්න එපා...පොටෝ වලට කැත හිටී....අදින් පස්සෙ කවමදාවත් අඩන්න එපා...හිනාවෙලා ඉන්න..."
අයියගෙ ඇස් දිහා බලන් මට තව්ත් අඩන් නැතුව ඉන්න බැරි නිසා මම ඉක්මනටම ආපහු හැරිලා ආවා...එයා දිහා තව පාරක් බලන්න කියලා හිත කොයිතරම් කීව්ට්ත් ආපහු හැරිලා නොබලාම මම හෝටලෙන් එලියට ආවා......බස් එකක නැගලා ටවුන් එකට ඇවිත්...දුර බස් එකක වාඩි උනා...ටිකකින් ඒ බස් එක මාව නිමන්‍ය්හ අයියගෙන් ඈතට අරගෙන යන්න පටන් ගත්තා..... මම පොඩි කලෙ ඉදන් හැදුන...එක එක.මිනිස්සු හම්බ උන...ජීවිතේ දුක සතුට හැමදේම අත් වින්ද..අයියගෙයි මගෙයි මතක පිරිල  තිබ්බ ඒ අහන්කාර නගරෙන් ඈත් වෙලා...මම මගෙ අලුත් ජීවිතේ හොයාගෙන ගියා....ගහ කොල වැව් ...දුප්පත් මිනිස්සු...ඒ අය එක්ක ජීවිතේ ඉතුරු හරිය දිය කරලා දාන්න මම තීරනය කරලා තිබුනා.....බස් එකේ අයිනෙම ශීට් එකක ඉදගෙන ඉවත බලාගෙන ගොඩක් දුර ආවා.....ජීවිතේ.කියන්න් කොයිතරම් පුදුම නවාතැනක් ද කියලා ආයෙම හිතන්න ඒ වෙලාව මට වෙලාව වෙන් කරලා දුන්නා...වුන හැමදේම වුනා...අතීතය එක්ක ජීවත් වෙන්න බෑ....අපි හිතන්න ඕනෙ මියදුන අතීතය ගැන නෙමෙයි...නූපන් අනාගතය ගැන.....හැබැයි...ඇස් දෙක පියාගෙන මට විනාඩි ගානක් පරන හැමදේම මතක් කරලා කාටවත් නොපෙනෙන්න අන්තිම පාරට අඩන්න අවස්තාවක් තිබ්බා..

ඒකට හේතුව..බස් එකේ බෆල් එකේ ප්ලේ උන සින්දුව ඒතරම් මගෙ ජීවිතේට සමීප එකක් උන නිසා...
**ඔබ මා හමු උන මේ ඉර හද යට
කොතනක හිටියත් මා මල දවසක
මගෙ ලග තනියට ඉනු මැනවී..මගෙ ලග තනියට ඉනු මැනවී.....

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර උන පෙම් මල..
සිතින් තුරුලු කල..මා මල දවසට
මගෙ ලග තනියට ඉනු මැනවී...මගෙ ලග තනියට ඉනු මැනවී..........................
**************************************

මොණරාගල සුන්දර මිනිස්සුන්ගෙ ජීවිත එක්ක...එයාලගෙ හිත්වත් කම් එක්ක මගෙ ජීවිතේ ගලාගෙන ගියා....ඉදලා හිටලා දෙතුන් පාරක් මට ඒ මතක පිරුන නගරෙට යන්න්  ඕන උනේ අපේ ලමා නිවාසෙ මොනවා හරි දෙයක් තිබ්බොත් විතරයි....ඒ නගරෙ ඒ සීමවෙන් පිටට යන්න මට ඕනකමක් තිබ්බ් නෑ..ගියා නම් ඒ බීච් එකට විතරයි...නිමන්ත අයියගෙයි මගෙයි සමුගැනීමෙන් පස්සෙ තව එක පාර්‍රක් මට එයාව දකින්න හම්බුනා...ඒ හරියටම අවුරුදු  7 කට විතර පස්සෙ...අපේ ලමා නිවාසෙ අම්මා කෙනෙක්ගෙ මල ගෙදරක ගිය වෙලාවක..මට ඕන් උනා තාමත් ඒ බීච් එක එදා තර්‍රම් ලස්සනද බලන්න...වෙනදා තරම් ඉස්සො වඩේ රසද බලන්න...මම මුහුද දිහා බලාගෙන වැල්ලට වෙලා ඉදගෙන හිටියා....කොහෙද ඉදන් ආව අවුරුදු පහක නැත්නම් හයක පුන්චි සෙල්ලක්කාර චන්ඩියෙක් පෙරලිලා යන එයාගෙ  බෝලෙ අල්ල ගන්න මුහුද පැත්තට දුවනවා මම දැක්කා...වට පිට කවුරුත් පේන්න නොහිටිය නිසා ඒ හුරතල්.කොලු පැටියර මුදුදට යන්න නොදී මම දුවලා ගිහින් අල්ල ගත්තා...එයාගෙ බෝලේ මුහුදු රැල්ල එක්ක කොහෙද ගමනක් ගියා.....ඒ පොඩි ඇස් වල.කදුලු පිරිලා....
-"අනේ ඇයි පැටියො බෝලෙ ගන්න  මුහුද ගාවටම දිව්වෙ කෝ අම්මා...තනියම මෙහෙම යන්නෙ නෑ පොඩි ලමයි.."
-"අම්මා අර  දුවගෙන එනවා අන්කල්...දිව්වා කියලා මට ගහයිද දැන්..."
-"නෑ නෑ...අදට මම ඔයාට ගහන්න නොදී බේඑරගන්නම්කො...හැබැයි මීට පස්සෙ ඒම දග වැඩ කරන්න බෑ හරිද...අපි අලුත් බෝලෙකුත් ගම්මුකො.."
-"තැන්කූ අන්කල්..."
-"මොකද්ද පුතාගෙ නම"
="ඉන්ගචාප"
-"මොකක්...ඔයාගෙ නම ඉන්ද්‍රචාපද..ලස්ස්න නමක් නේද...මාමිගෙ නමත් ඉන්ද්‍රචාප පැටියො "
පැටියටයි මටයි විනාඩි දෙක තුනකට වඩා කතා කරන්න හම්බුනෙ නෑ...එයාගෙ අම්මා අපි ලගට ආවා...දැක්ක ගමන් මට එයාව අදුරගන්න පුලුවන් උනා....පැටියගෙ අම්මා වෙන කවුරුත් නෙමේ...නිමන්ත අයියගෙ නෝනා...අක්කාර තව බබෙක් හම්බෙන්න....දෙයියනේ...ඒ කියන්නෙ.මම වඩාගෙන ඉන්නෙ චූටි නිමන්තයා නේද..ඒ වගේම ලස්ස්න කොලු පැටියෙක්....එයාලගෙ කූඩුවට ලස්ස්න කුරුලු පැටියෙක් ඇවිත්...තව කෙනෙක් එන්න බලාගෙන ඉන්නවා...
-"මල්ලි ඔයා....."
-"පුතා මුහුද පැත්තට දුවන්න හැදුවා බෝලෙ ගන්න...මම ඒකයි වඩාගත්තෙ..."
අම්මා දැක්කම කොලු පැටියා අම්මගෙ අතට පැන්නා....
-"අනේ තැන්ක් යූ මල්ලි...."
-"තනියමද ආවේ...කෝ අයියා..."
-"අනේ නෑ...අයියයි පුතයි මායි තාත්තයි අම්මයි දෙන්නත් ආවා..අයියා අපිට අයුස් ක්‍රීම් ගේන්න ගියා..අම්මයි තාත්තයි නම් අර ඉන්නෙ...."
දෙන්නට දෙන්න ආදරෙන් තුරුල් වෙලා එන තාත්තවයි අම්මවයි අක්කා මට පෙන්නුව...ලොකු සරුත් අපිව දැක්කා....එයාලා මේ පැත්තට එනවා...
="ඇයි අක්කෙ පුතාට ඉන්ද්‍රචාප කියලා නම දැම්මෙ "
-"ඒ නම දැම්මෙ නිමන්ත අයියාමයි මල්ලි...ආ...මල්ලි ...මම නොදැන හිටපු ගොඩක් විස්තර තාත්තා මන් එක්ක කිව්වා මල්ලි, මට විස්වාස කරන්න බැරි තරම්..ඒ හැමදේම අකුරක් නෑර මම දන්නවා මල්ලි...ඔයාව හම්බුන එක හොදයි....මන් දන් නෑ ඔයාට කොහොම මේ ණය ගෙවනාද කියලා..ඔයාට ගොඩක් පින් මල්ලි..."
-"අයියෝ...ඕවා අමතක.කරන්න...ඕවා මොනවද"
-"ඔයාට ඒක පොඩි දෙයක් උනාට ඒක මට සෑහෙන ලොකු දෙයක්...මම ඔයාට දෙයක්.පොරොන්දු වෙන්නම් මල්ලි...මම මැරෙන්න කලින් මේ හැමදේම මන් අයියා එක්ක කියන්නවා මල්ලි.....ඔයා කරපු හැම කැපකිරීමක්ම මම එයාට කියනවා....ඔයා විසින්ම.එයාගෙ හිතේ ඇදපු ඉන්ද්‍රචාප කියන කලු මනුස්සයගෙ අහින්සක කම මම එයාට කියනවා...මට වඩා එයාට ආදරේ කරපු ඔයාගෙ ආදරේ කැපකිරීම්.ගැන මම එයාට කියනවා...තව....ඔයා තරම්ම මම එයාට ආදරේ කරන්න පොරොන්දුව වෙනවා...ජීවිතේ ගැන ආදරේ ගැන ගොඩක් දේවල් ඔයාගෙන් මම ඉගන ගත්තා මල්ලි..අපේ ජීවිත පිලිවෙල කලාට ඔයාට ගොඩක්.පින්
..අපේ ලෝකෙ සම්පූර්ණ කලාට ඔයාට ගොඩක් පින්..."
-"අයියෝ හරි අනේ...පොඩි එකත් බලනවා අම්මා මොනවද මේ කියන්නෙ කියලා...දැන් ඇති ඕක...ඔහොම ඉන්න...මම අතනින් බෝලයක් අරන් එන්නම් කොල්ලට..."
මම එහෙම කියලා එතනින් එහාට ගියෙ ඒ දේවල් එක්ක ඇවිස්සුන මතකයන් එක්ක කදුලු වලට මුහුවෙන්න නොදී.....මම වෙලෙන්දෙක්ගෙන් ලස්ස්න බෝලයක් අරගෙන ආවා...නිමන්ත අයියගෙ පුතු පැටියට ඉන්ද්‍රචාප මමගෙන් පොඩි තෑග්ගක් දෙන්න ඕන නිසා...මම බෝලේ අරන් ගිහින් පොඩි එකාට දුන්නා...පොඩි එකාගෙ ලස්ස්න හිනාවකින් මට තැන්ක්‍යූ කියලා ඒක ගත්තා...ඒ වෙනකොට ලොකු සර් වගේම එයාගෙ නෝනත් එතනට ඇවිත් හිටියා.......අවුරුදු ගානකට පස්සෙ ඒ මිනිස්සු දැක්කාම කාලය කොයිතරම් වේගෙන් ගලාගෙන යනවද කියලා හිතුනා...

ටික වෙලාවකින් මගෙ ජීවිතේ අමතක නොවෙන මතක ගොඩක් ඉතුරු කරපු, මගෙ ජීවිතේ වැඩියෙන්ම මම ආදරේ කර්‍රපු (ආදරේ කරන) ඒ මනුස්සයව තව පාරක්  මට දකින්න පුලුවන් උනා..
එයා හැමෝටම අයිස් ක්‍රීම් අර්‍රගෙන එනවා...අපි ලගට එනකොට ඈත තියාම එයා මාව දැක්කා...එයාගෙ රැවුල් ගස් දෙකක් තුනක් ඉදිලා තිබ්බ එක හැර ඒ ලස්සනේ කිසිම අඩුවක් වෙලා තිබ්බෙ නෑ...ඒ හැඩි දැඩි ඇගපත...අහන්කාර හිනාව..ලස්සන් මූන තාමත් එහෙමමයි...මට අයියව එක පාරක් බදාගන්න තිබුනනම්...බදාගෙන එයාට මම කොයිතරම් ආදරේද කියලා කියන්න තිබුනනම්..එයාව හැමදාම මතක් වෙනවා කියල..කියන්න තිබුනනම්...ඒ හැමපාරකම තාමත් රෑට තනියෙන් මම අඩනවා කියලා කියන්න තිබුනනම් කියලා හිතුනා...ඒත්..එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්නවත් මට පුලුවන් කමක් තිබ්බෙ නෑ...අයියා ඇවිත් හැමෝටම අයිස්ක්‍රීම් දුන්නා...එයා මන් එක්ක කතා කලේ නෑ...පුතාව  අක්කගෙන් වඩාගෙන හැමෝටම යමු කියලා කිව්වා...හැමෝම පාර පැත්තට යන්න ගියා...අයියගෙ තාත්තා ඒත් ගියෙ නෑ...එයා නිමන්ත අයියට කිව්වා
-"පුතාලා කාර් එක ගාවට යන්..මම මේ දරුවා එක්ක ටිකක් කතා කරලා එන්නම්"
කියලා...අයියා පුතාව වඩාගෙන මගෙ ලගට ආවා...
-"පුතේ...ඔය අයිස්ක්‍රීම් එක බාප්පට දෙන්න...මායි පුතයි මේ අයිස් එක කමු..හාද"
අයියා පොඩ්ඩට ඒම කිව්වට පස්සෙ පොඩි එකා එයාගෙ අයිස් එක මට දුන්නා...මම තැන්ක් යූ කියලා කිව්වට සද්දෙ පිට උනෙ නෑ..ඒක නිකන් කටින් හුස්මක් පිට උනා වගේ ඇහුනේ.......ඊට පස්සෙ එයාල දෙන්නත් ඉන්ද්‍රචාප බාප්පගෙන් ඈතට ගියා....මම අයියවයි පොඩි එකාවයි පේන්නෙ නැති වෙනකම්ම බලාගෙන හිටියා........මටවත් නොදැනිම මගෙ ඇස් වල කදුලු කම්මුල් දිගේ පල්ලෙහාට නිදහස් වෙලා තිබුනා...
ඊටපස්සෙ මගෙ අවදාඅනෙ ගියෙ නිමන්ත අයියගෙ තාත්තා අහපු ප්‍රශ්නෙකට..
-"ඔය සතුටු කදුලුද දුක් කදුලුද පුතා.."
-"මම දන් නෑ සර්..සමහරක් දේවල් වලට හරිම නිර්වචනයක් දෙන්න අපි කාට්වත් බෑ...හැබැයි නිමන්ත අයියා මම හිතුවට වඩා හොද නිර්වචනයක් පුතා ට මන් ගැන කියලා දුන්න සර්..මට ඒකට සතුටුයි..."
-"ඒ කිව්වෙ පුතා.."
-"එයා පොඩි එකාට කිව්වෙ මම බාප්පා කියලා...මාව පිට කෙනෙක් කරලා මාමා කියලා කිව්වෙ නෑ සර්....ඒ වචනෙ මට ඇති...මම.මැරෙනකන් සතුටින් ඉන්න ඒ වචනෙ මට ඇති..මම බාප්පා කෙනෙක්...මම අනාතයෙක්.නෙමෙයි...මම බාප්පා කෙනෙක්..."
-"පොඩි එකාගෙ නමත් ඉන්ද්‍රචාප...ඒ නම දැම්මෙ අපේ පුතාමයි "
-"අයියා ඇයි සර් එහෙම දෙයක්.කලේ...සර්, මම අක්කා අතරෙ උන කිසි දෙයක් අයියා දන්න් නෑ නෙ...ඇයි එයා එහම කලේ.."
-"එයාට ඇගිල්ලෙන් ඇන ඇන නොකිව්වට කාලය එයාට හැමදේම තේරුම් කරලා දීලා ඇති පුතේ....එදා පාටි එක දවසෙ අර චෙක් එක ලියුම් කවරෙට දාලා පුතා දීලා තියෙනවා දැකලත් සෑහෙන කල්පනා කලා ම්ම දැක්කා....ඒ විතරක් නෙමෙයි...පුතා එදා ගෙනල්ලා තිබ්බ තෑග්ග...ඒ දෙන්නගෙ පොටෝ එක..ඒක තියෙන්නෙත් එයාලගෙ නිදන කාමරේ..අපි මොකුත්ම  නොකිව්වත් කාලයත් එක්ක මිනිස්සු දේවල් තේරුම් ගන්නවා...අනික දුව මට පොරොන්දුව උනා...දවසක මේ හැමදේම එයා එක්ක.කියනවා කියලා"
-" ආයෙ දවසක අපි මුනගැහෙයිද කියලා දන්නෙ නෑ...ඒත් මට දැන් අයියගෙ ජීව්තේ ගැන සතුටුයි..එයාගෙ කූඩුවට තව පොඩ්ඩෙක්.ලගදිම එයි...එයාලා හැමදාම සතුටින් ඉදී..."
-"පුතා දැන් කොහෙද ඉන්නෙ...කලින් නම්බර් එක වැඩ නෑ නෙ පුතාගෙ"
-"මම මොණරාගල පැත්තෙ ඉන්නෙ සර්...එහෙ පොඩි රස්සාවක්.කරන්..ඒපැත්තෙ පොඩි උන් ටිකට උගන්නගෙන ජීවත් වෙනවා....ඒ ජීවිතේ මේ සංකීර්ණ ජීවිත වලට වඩා...සංකීර්ණය බැදීම් වලට වඩා හොදයි සර්....සර් දැන් මොකද කරන්නෙ.."
-"මම දැන් බිස්නස් ගැන කිසිම දෙයක් බලන්නෙ නෑ ..නිදහසේ ලමයි එක්ක ගෙදරට වෙලා ඉන්නවා පුතා..සේරම බිස්නස් බලාගන්නෙ පුතා...වැදගත්ම දේ එයා මම වගේ බිස්නස් එකත් එක්ක් ජීවිතේට මගෑරෙන්න දෙන්නෙ නෑ...හැමෝම ගැන හොයලා බලනව...බිස්නස් එක හොදටම කරගෙන යනව...එයා හොද පුතෙක්,සැමියෙක්, තාත්තෙක් ඒවගේම හොද බිස්නස්මන් කෙනෙක්...."
-" එහෙනම්.මම ගිහින් එන්නම්.සර්..."
මම සර් ට සමු දීලා මොණරාගල මගෙ බෝඩිමට යන්න පිටත් වෙන්න හැදුවා...අයියලා ගිය ඔඇත්තෙන් නෙමේ..වෙන පැට්ත්තකින් පාරට යන්න පිටත් උනේ...මගක් යන්න ගිහින් මම ආපහු සර් ට කතා කලා...
-"සර්...සර් මගෙන් අහපු තව එක ප්‍රශ්නයක්  තියෙනවා නේද මම එදා උත්තර නොදීපු...ආයෙ දවසක හම්බ උනොත් උත්තර දෙන්නම්.කියපු"
-"ඔව්...මට මතකයි...තාමත් ඒ ප්‍රශ්නෙ මට එහෙම්මම තියෙනවා...පුතා ඒ තරම් නිමන්තට ආදරේ කලා නම් ඇයි එයා ලග තියාගෙන ආදරෙන් බලාගන් නැතුව වෙන කෙන්ක්ට දීලා ඈතට ගියෙ..."
-"අපි මලකට ආස කලොත් අපි කරන්නෙ ඒ මල ගහෙන් කඩාගෙන අපි ගාව තියාගන්න හදනවා...හැබැයි...අපි මලකට ආදරේ කරනවානම්...අපි කරන්නෙ අපි ඒ මල පිපුණු ගහේම තියෙන්න ඇරලා...ඈතට වෙලා ඒ මල දිහා බලලා සතුටු වෙනවා.....අන්න ඒකයි මගෙ උත්තරේ....මම ගිහින් එන්නම් සර්...."
                ****සමාප්තයි****
*************************************

දේදුණු පාලම දිගේ අන්තිම පියවර  වෙනකම්ම ඔයලා මන් එක්ක ඇවිත් තියෙනවා... ඉතින් ඒ කතාවේ අවසානය මෙසේ සනිටුහන් කරමින් මම පොඩි දෙයක්.කියන්...ඉන්ද්‍ර්‍රචාප කියන්නෙ දේදුන්න....කදුලු ගගකින් වෙන් වෙලා තිබ්බ ඉවුරු දෙකක් පාලමකින්  එකතු කරන්න ඉන්ද්‍රචාපට පුලුවන් උනා...ඉන්ද්‍රචාපගෙ නිමන්තගෙ ජීවිත වල  කතාව මේක...මෙතනින් පස්සෙත් ඉන්ද්‍රචාපලා නිමන්තලා ආදරේ වෙනුවෙන් තරහ වෙයි, අඩයි ..කැපකිරීම් කරයි....ජීවිතේ කියන්නෙ ඒ දේට.....ආදරේ කියන්නෙ අන්න ඒ ජීවිතේ ලස්ස්න කරන්න අපිට ලැබෙන සහ අපි ලබා දෙන්න ඕනෙ දෙයක්....ලෝකෙන් අසම්මත වෙලා අපේ ලෝකෙක මෙහෙම තනිවෙලා ඉන්න අපිට ඒ ආදරේ වටිනාකම මීටවඩා දැනෙනවන්ම් කියලා මට වෙලාවකට හිතෙනවා... ලබාගන්න පුලුවන්..හැබැයි අපේම වැරදි නිසා...අපේ හැගීම් වලට වහල් වීම් නිසා...අපිට ඒ ලස්ස්න ආදරේ මගෑරිලා ඇති....ඉන්දචාප ට නිමන්ත නැතුව වෙන කෙනෙක් හම්බ උනානම්...එයාගෙ ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා...අනේමන්දා ...
කොහාම උනත් එයාලගෙ ජීවිත ගැන කිසිම දෙයක් ආයෙම මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නැ...එයාලව අයිති ඔයාලට...මේ කතාව කියවලා ඔයාලට ඒ චරිත ගැන දැනුන දේ මේකට පහලින් මට කියන්න...ලස්සනයි, එල ,නියමයි වගේ පොඩි කමෙන්ට් එකක් දානවට්ට වඩා පොඩි වෙලාවක් අරගෙන දේදුනු පාලම ගැන ඔයාලට හිටෙන දේ අවන්කව මට කියන්න...
එහෙනම්.....මේ තර්‍රම් කල්.දේදුණු පාලමට ඇවිත් යන්න ආවට..ඔයාලා හැමෝටම ස්තූතී...ඔයාලහෙ ජීවිත වලට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....මම රනුක් බන්ඩාර

Continue Reading

You'll Also Like

254K 9.2K 39
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
13.3K 1.8K 25
ආසයි අරලිය මලක් වෙන්න , මියගියත් ලගින්ම ඉන්න.........
7.9K 1K 27
නුඹ දන්නවාද දන්නෙ නෑ..... මගෙ ආදරේ ...... මම ඉන්නවාද දන්නෙ නෑ...... ඔබෙ ලෝකයේ....... 🧡❤️💜️