දේදුණු පාලම

By HappyRanuk

22.1K 4K 478

උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන්... More

දේදුණු පාලම
දේදුණු පාලම 2
දේදුණු පාලම 3
දේදුණු පාලම 4
දේදුණු පාලම 5
දේදුණු පාලම 6
දේදුණු පාලම 7
දේදුණු පාලම 8
දේදුණු පාලම 9
දේදුණු පාලම 10
දේදුණු පාලම 11
දේදුණු පාලම 12
දේදුණු පාලම 13
දේදුණු පාලම 14
දේදුණු පාලම 16

දේදුණු පාලම 15

1K 221 15
By HappyRanuk

දේදුණු පාලම 15

පහුවදා මට වැඩට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..ඇගේ අමාරුව වගේම මොකද උනේ කියලා අහන උන්ට උත්තර දෙන්න බැරි කමට...එලාම් එක ඕෆ් කරලා නිදාගත්තා...නැගිටිනකොට උදේ 9 ත් පහුවෙලා....කතා කරලා නිමාඩුවක් දාන්න හදපුහාම දැන ගත්තෙ එදා උදේ විශේශ මීටින් එකක්.කෝල්.කරලා...ඒත් ඒක හවසට කල් දාලා...මට හාෆ් ඩේ දාලා මීටින් එකට එන්න කිව්ව පුලුවන් කමක් තියේනම්...මම කෙලින්ම හා වත් බෑ වත් නොකියා හරි මම බලන්නම් කියලා පෝන් එක තිබ්බා...ඒ කියන්නෙ අද උදේ අයියා වැඩ බාරගන්න ඉදලා තියෙන්නෙ...අම්මට අසනීප නිසා වෙන්න ඇති කල් දාලා ඇත්තෙ හවසට..මොන අමාරුව තිබ්බත් මම යන්න ඕනෙ...කවුරුත් නොදන්නවා උනාට්ට අයියව මේ තර්ටම් වෙනස් කලේ මම...එයාගෙ ඉංග්‍රීසි හැදුවෙ මම...එයා හොද කෙනෙක් කලේ මම...එයාට කම්පනි එක ගැන කියාදුන්නෙ මම....ඉතින්...ඒ හැම දෙයක්ම එක්ක එයා අද අපේ බ්‍ර්‍රාන්ච් එකේ මනේජර් විදිහට වැඩ බාර ගනී....ඒ මොහොත නොදැක ඉන්න්  කොහොමද මම....එතකොට අර හොර නඩේට අද හොද පාඩමක් උගන්වයි...මේතරම් කල් කම්පැනි එකෙන් ගසාගෙන කෑවට....මෙච්චරකල් තමන්ට තේ ඇදලා තියෙන්නෙ කම්පනි එකේ අනාගත අයිතිකාරයා කියල දැන ගත්තාම සෙට් එකට යන එනමන් නැතිවෙයි....අයියගෙ අම්මට මොනවා වෙලාද ...අයියා මොනවා කියන්න ඇද්ද...අම්මා අයියට මොනවා කියන්න ඇද්ද...අක්කා එක්ක කතා කරලා ඇත්ද...අනේ මට දැනගන්න විදිහක් තිබ්බනම්....අඩුම ගානෙ එහෙම දෙයක් උනා නම්.ලොකු සර් ට මට කෝල්.කරලා කියන්න වත් වටින් නැද්ද..මම මේතරම් කැප කිරීම් කර්‍රලත් අන්තිමට මට කාගෙන්වත් හිත හැදෙන්න වචනයක්වත් නැති හැටියක්...කමක් නෑ..මමම කෝල්.කරලා ඒකත් අහලා බලනවා...
-"හෙලෝ..සර්..මැඩම් ට මොකද"
-"ආ   .හරි අද හවස මීටින් එක ඔව්..මම ටිකකින් ඔයාට ගන්නම්"
එහෙම කියලා කෝල් එක කට් කලා...සමහරවිට ඒ කිට්ටුව අයියා ඇති...ඒනිසා වෙන්න පුලුවන් ...එහෙම උනොත් ගනීනේ ආපහු....මම ගිහින් වොශ් එකක් දාගත්තා . .කිරි එකක් හදාගෙන කාමරේට ආවා...මට හරි පසුබැස්මක් දැනෙන්න ගත්තා...තමන් ලග තිබ්බ හැමදේම නැති කරගත්ත මිනිහෙක් වගේ මම දැන්....අනික් අයගෙ සතුට වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කරලා මට මොනවද ලැබෙන්නෙ....මම කලේ මෝඩ වැඩක් කියලා හිතුන වාර්‍ර එමටයි..
මෙහෙම කල්පනා කරන් ඉන්නකොට මට කෝල් එකක් ආවා...ඔව්..ඒක ලොකු සර් ගෙන්..
-"පුතා...එවලෙ වෝඩ් එකේ හිටියෙ...අපේ කොල්ලා ලග හිටියා ඒකයි අර විදිහට කතා කලේ.."
-"ආ ...මට හිතුනා ඒක...මම කෝල්කලේ මැඩම් ට මොකද අහන්න සර්...මොනවද ඔතන සිද්ද උනේ...අපි හිතපු විදිහට දේවල් සිද්ද උනාද්"
-"අපි හිතපු විදිහටත් වඩා හොදට හැමදෙව්ම සිද්ද උනා පුතා...අවුරුදු ගානකට පස්සෙ අපේ ජීවිත ව්ලට ආයෙත් සැනසීමක් ආවා...මට තේරෙන්නෑ පුතාට කොහොම ස්තූති කරනද කියලා...කොහොම් මොනවා කලත් ඒ ණය ගෙවන්න බෑ....තැන්ක්‍යූ පුතා"
-"ඒ වෙන්න තිබ්බ දෙයක් සර්...මම කලේ ඒකට ඉඩ හදලා දුන්න එක විතරයි....සර්..ඇත්තටම මොනවද උනේ.."
-"එදා උදේ මම අපේ වයිෆ් එක්ක පුතා කිව්ව විදිහටම කතා කලා...එයා කරපු හැමදේම මම දන්නවා කියලා කිව්වා...අර වේටර් ට සල්ලි දීලා කෝල්.කෙරෙව්වෙ මම කියලත් කියවුනානෙ....ඒත් ඒකෙන් වැඩේ ට බාදාවක් උනේ නෑ....හැබැයි එයා දවසම අඩ අඩා කල්පනා කලා...කෑවෙ බීවෙවත් නෑ...එයා පුතාගෙ ජීවිතේම නාස්ති කලා කියලා අපි හිතුවා වගේම් මානසිකව වැටුන...ඊයේ රෑ පෙශර් වැඩිව්වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා....අපේ පුතා අර චෙක් එකේ කතාව අහන්න අට ඊයෙ කොල්.කලා එවලෙ මම ඕක කිව්වා...මනුස්සයා ඊයෙ රෑම ආවා හොස්පිටල් එකට...එයා අම්මා බලන්න ආවාම අපේ නෝනට තවත් දරාගන්න බැරි උනා...එයා අඩ අඩ පුතා එක්ක හැමදේම කිව්වා...විසි තිස් පාරකට වඩා මට සමාවෙන්න පුතා කිය කිය ඇඩුවා .   පස්සෙ කියව කියව ඉදලා  නෝනට නින්ද ගියා...පුතයි මායි කතා කලා සෑහෙන වෙලා..."
-"අයියා මොකද කිව්වෙ"
-"මම දන් නෑ පුතාට කොහොම දැනෙයිද කියලා මේක කිව්වාම...ඒත් පුතා බලාපොරොත්තු වුන විදිහටම හැමදේම වුනා පුතා"
-"ඒ කිව්වෙ සර්"
-"එයා කිව්වා...එයාගෙන් දුවට උනේ ලොකු වරදක් ලු..එයා කවදාවත් දුවව තේරුම් ගත්තෙ නෑ ලු...එයාට ඒ වැරදි හදාගෙන ආපහු එයාගෙ ජීවිතේ පටන් ගන්න ඕනෙ ලු..."
-"එහෙනම්.හොදයිනෙ සර්...දැන් හැමදේම හොදින් වෙයි...එයාල දෙන්නා ආපහු එකතුවෙයි..."
-"ඔව් පුතා...නිමන්ත අද උදේම ගියා දුව එක්ක කතා කරන්න...දුවයි අපේ පුතයි දෙන්නම ආවා අම්මව බලන්න....නිමන්ත ගෙ අම්මා දුවගෙන් සමාව ගත්තා පුතා.....ආයෙත් එයාලා දෙන්නා එකතු වෙන්න ඕනෙ කියලා අම්මා එයාලා එක්ක කිව්වා...දුවගෙන් ඉල්ලුව පුතාව බලාගන්න...උන දේවල් වලට අපිට සමාවෙන්න කියලා.."
-" ඉතින් අක්කා කැමති උනාද...එයාගෙ අකමැත්තක් නෑ නෙ..සේරම හරිනෙ"
-"දුව තාමත් අපේ පුතාට ආදරෙයි....දුව කැමතී...ඒත් එයාලගෙ ගෙදර අය මොනවගේ තීරනයක් ගනීද දන් නෑ නෙ පුතා...අද දවල් වයිෆ් ව ඩිස්චාජ් කරනවා..එතකොට අපි දෙන්න දුවගෙ ගෙදර යනවා මේ දෙන්න ගැන කතා කරන්න"
-"කෝ දැන් අයියයි අක්කයි .."

"එයාලා කොෆී ශොප් එකකට ගියා ටිකක් කතා කරන්න කියලා...අපිට එහෙම්මම ලන්ච් අරන් එනවා කිව්ව"
-"ම්ම්..මට ඕන උනේ මේ දේවල් දැනගන්න සර්...ඇත්තටම.මට සතුටුයි...අයියගෙ අනාගතේ ගැන මටසතුටුයි"
-"ආ පුතා...ඔෆිස් එකේ වැඩ මොකද..අද හවස මීටින් එක..කට්ටියම පුදුම වෙයි..."
-"මම ඔෆිස් ගියෙ නෑ සර්...සනීප.මදි..."
-"හවස එනවද...මම වාහනයක් එවන්නද පික් කරන්න"
-"එපා එපා සර්...මට එන්න පුලුවන් .."
-"ම්ම්...බ්‍රාන්ච් මැනේජර් කාරයටයි අනික් දෙන්න ගැනයි පුතාම තීරනය කරයි...ඒ ගැන මන් එයාට ඕන තීරනයක් ගන්න කිව්වා...මේ බ්‍රාන්ච් එක එයාටම දීලා බලනවා...මන් හිතන්නෙ පුතාව HR Manager විදිහට පත් කරයි...ඒ කියන්නෙ ඉස්සරහට වැඩ වැඩිවෙයි..."
-"ම්ම්...එහෙමද...හරි සර්...මන් හවස එන්නම්..."
අයියගෙ ජීවිතේ  ලස්න්නම කාලෙ හෙටින් පස්සෙ පටන් ගනී...මගෙ ජීවිතේට ලස්ස්නම දවස් ආයෙ නාවත්...මම හදලා දුන්න ලස්ස්න ලෝකෙ ජීවත් වෙන මිනිස්සු දිහා බලන්..මට පොඩ්ඩක් හරි සතුටින් ඉන්න පුලුවන් වෙයි....
දවල් වෙනකොට මම ඔෆිස් එකට ගියා....කට්ටියගෙ ප්‍රශ්න වලට එහෙන් මෙහෙන් උත්තර දුන්නා...කියාගන්න කටට ආව ලොකුම බොරුව..නානකොට බාතෲම් එකේ ලිස්සලා වැටුනා කියලා විතරයි....
දවල් දෙක හමාර වෙනකොට මීටින් එක කෝල්.කරලා තිබ්බා...හැම කෙන්ක්ටම ඒ මීටින් එකට කතා කරලා තිබුන නිසා බෝඩ් රූම් එකේ නෙමෙයි මීටින් එක තිබ්බෙ...ඉඩ කඩ තියෙන ලොකු කැබින් එකක...ස්ටාෆ් එකේ හැමෝමයි...වැඩ කරන අයයි සේරම එක්ක 50 ස් දෙනෙක් විතර කට්ටිය එක තැනකට එකතු වෙලා හිටියා...
ලොකු සර් ඇවිත් හැමෝටම කතා කලා...ටික වෙලාවක් කතා කරලා..මීටින් එක කැදවපු හේතුව කිව්වා...
-"අද මම මගෙ එකම පුතාට මේ බ්‍රාන්ච් එක බාර දෙනවා...එයා හෙට ඉදන් ඔයාලා එක්ක වැඩ කරයි...ඉතින් ඔයාලා හැමෝගෙන්ම විස්වාසවන්ත අවන්ක වගකීම් ඉටු කිරීමක් මම බලාපොරොත්තු වෙනවා...ඉතින් එහෙනම්...මම ඔයාලගෙ සර් ට කතා කරන්නම්...ඔයාලා අමතලා වචන කීපයක් කතා කරන්න...."
හැමෝම වට පිට බැලුවා..මොකද සර් ඇරුනාම වෙන කවුරුත් එතන නොහිටිය නිසා...ටික වෙලාවක් හැමොටම සර් මොනවාද කියනවද තේරුම් ගන්න් බැරි කුතුහලයක් තිබ්බා...ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න ඒ කැබින් එකේ දොර ඇරගෙන නිමන්ත අයියා ඇතුලට ආවා.....වෙනදට දේ හදන මිනිහා අද මේ බ්‍රාන්ච් එකේ ලොක්කා වගේ එනවා ..එතන කට්ටියගෙ ඇස් ලොකු වෙනවා මම බලාගෙන...වැඩියෙන්ම්..පුදුම උනේ දේවක සර්...නිමන්ත අයියට නරක විදිහටම සැලකුවෙ ඒ මනුස්සයා...හිතාගන්න බැරුව ඇති මෙහෙම ද්ව්‍යක් වෙන එක...ඇත්තටම අයියා හරිම කඩවසම්...කලු කලිසමට ලා දම් පාට කමිසයක් ඇදලා යට කරලා තද දම් පාට ටයි එකක් දාලා...හැමෝගෙම කුතුහලය එක්ක...හැමෝගෙම පුදුමයත් එක්ක...අයියා කතා කරන්න ඔඅටන් ගත්තා....
-"හරි ..මන් හිතනවා ඔයාලා හැමෝම මාව දැනටමත් මාව දන්නව ඇති කියලා...මොකද දවස් ගානක් ඔයාලට බොන්න උනේ මම හදපු තේ නිසා...මුලින්ම අහන්න හිතුනෙ..ඇත්තටම මගෙ තේ රහයිද කියලා"
හමෝම හිනා උනා...අයියා හරිම සුහදශීලී විදිහට අයියව පිලිගත්තා..
-"හරි....ඒ දේවල් එහෙම උනේ මට මේ බ්‍රාන්ච් එකේ වෙන දේවල් ගැන හොයලා බලන්න ඕන උන නිසා...ඉතින්..මම හිතනවා ඔයාලා මගෙත් එක්ක ඉස්සරහට හොද සහයෝගයෙන් වැඩ කරයි කියලා.."
ඊට පස්සෙ කතා කලෙ ලොකු සර්..
-"හරි   එහෙනම් ඔයාලගෙ හෑදේම මීටපස්සෙ ඔයාලගෙ අලුත් සර් එක්ක විසදගන්න...මම යනවා..එහෙනම්..හැමොටම තැන්ක් යූ....ඉස්සරහට හොදට වැඩ කරන් යමු..ජය වේවා..."
සර් ගියාට පස්සෙ එක එක්කෙනාබ්සර් ට සුභ පතන්න ගියා...හැමෝම හිනාවෙලා අයියා එක්ක කතා කරලා අතට අත දීලා විශ් කලා..දේවක අයියත් ලැජ්ජ නැතුව ගිහින් විශ් කලා...අයියා කින්ඩි හිනාවක් දාගෙන කතා කලා මන් බලාගෙන...මටත් විශ් නොකර ඉන්න් බෑ නෙ..හැමෝම කරන නිස මාත් අයියට විශ් කරන්න ගියා...
-"ඕල් ද බෙස්ට් සර්...හොදින් වැඩ ටික.කරගෙන යන්න.."
මන් අතට අත දෙන්න අත දික් කරලා කිව්වා...සාර් නෑහුන ගානට එහාට ගියා...මාව දූවිල්ලක් ගානට ගනන් නොගෙනම..මම  අත අහකට ගත්තෙ කවුරු හරි දක්කොත් චාටර් නිසා...මම පැත්තකට වෙලා හිටියා...පස්සෙ හැමෝම එක්ක කතා බහ කරල අයියා පොදුවේ හැමෝටම කතා කලා..
-"හරි.....මම අද උදේ තමයි වැඩ බාරගන්න හිටියෙ..ඒත් අම්මට ටිකක් අසනීප උන නිසා තමයි හවසට මීටින් එක දාගත්තෙ....ඉතින්..අපිට ඉස්සරහට ලොකු වැඩ කොටසක් එකතුවෙලා කරන්න තියෙනවා...මම හිතුවා අදම අපි වැඩ පටන් ගන්නවා කියලා...මුලින්ම කියන්න ඕනෙ..මට ඕනෙ විශ්වාසවන්ත යාලුවො වගේ පිරිසක්...මම කැමති නෑ ලොක්කෙක් කියලා ඔලුවට දාන් හැම වෙලේම් බැනගෙන ඔයාලගෙන් වැඩගන්න..ඉතින් මම හිතනවා ඔයාලා මම එක්ක හොදින් වැඩ කරන් යයි කියලා...තව...පහුගිය කාලෙ මම මේ ඔෆිස් එකේ හිටිය නිසා..මේකෙ මේතාක් කල් උන හොර වැඩ ටික මට හොයාගන්න පුපුලුවන් උනා...අපිට හොරු එක්ක වන්චාකාරයො එක්ක වැඩ කරන්න බෑ කියලයි මම හිතන්නෙ..මේ හැම දේම සාක්ශි ඇතුවයි මම කතා කරන්නෙ....ඉතින්...හෙට ඉදන් එයාලගෙ ඉන්වෙස්ටිගේශන් එකක් පටන් ගන්නවා...

එ කියන්නෙ මේ මොහොතෙ ඉදන් එයාලාගෙ වැඩ තහනමකට ලක් වෙනවා...මට කනගාටුයි මගෙ පලවෙනි රාජකාරිය මේ දේ උන එක...ඒත් ඒ දේ කරන්නම වෙනව..."
මෙහෙම කියනකොට ගැමෝ අතරෙම ඇති උනේ කසු කුසුවක්..දේවක සර් ට ඒ සී එකේදිත් දාඩිය දාලා තියෙනවා මට පෙනුනා...දැන් බය වෙලා ඇත්තේ....අයියා එයාගෙ කතාව ආයෙත් පටන් ගත්තා...
-"අපේ බ්‍රාන්ච් මැනේජර්..මිස්ටර් අනූපම....ප්‍රඩ්ක්ශන් මැනේජර් මිස්ටර් දේවනාරායන...එච් ආර් මැනේජර් මිස්ටර් දේවක....ඒවගේම ඇසිස්ටන් එච් ආර් මැනේජර් ඉන්ද්‍රචාප....ඔයාල හෙට ඉදන් අපි එක්ක වැඩ කරන එකක් නෑ...මට කනගාටුයි...ඒත් වරදක් කලොත් දඩුවමක් ලැබෙන්න ඕනෙ...ඉන්වෙස්ටිගේශන් එකෙන් පස්සෙ  මේ හොර වැඩ වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපේ.කම්පැනි එක බලාපොරොත්තු වෙනවා....ඔය කාට හරි කියන්න දෙයක් තියෙනවද"
මට ඒ දේ විස්වාස කරගන්න බැරි උනා....හැමදේම අල්ලලා දුන්න මාවත් අන්තිමට හිරෙක් ගානට දැම්මෙ ඇයි අයියා...එයා ඇයි මගෙ ආට්ත්ම ගව්‍රවය එක්ක මේවගෙ නරක දෙයක් කලේ...මම කවදාවත් හොර නාමයක් ගාවගත්ත මිනිහෙක් නෙමෙයි..එහෙම එකේ මේ දේ මට දරගන්න අමාරු උනා....දේවක සර් ලා මොකුත් ම නොකියා කැබින් එකෙන් එලියට ගියෙ තරහින් පුපුර පුපුර....මට කරන්න දෙයක් හිතාගන්න බැරි උනා....දේවක සර් ලා වගේ මාත් එලියට යන්න ඕනෙද..ඒත් මම හොරෙක් නෙමෙයි....ඇයි අයියා මෙහෙම දෙයක්.කලේ...මේතාක් වෙලා මූන හන්ගන් ඉදපු මම අයියගෙ මූන බැලුවා...අයියගෙ මූනෙ තිබ්බ් මන් වෙන්වෙන් තරහක්...
-"තමුසෙට බුලත් දෙන්න ඕනෙද...අර හොරු ටික වගේම තමුන්ටත් යන්න පුලුවන් ...බොරු කරයො මට පේන්න බෑ......"
-"මේ තරම් දේවල්.නිහඩව දරාගත්ත මට මම හොරෙක් නෙමෙයි කියලා කියන්න ඕන කමක් තිබ්බෙ නෑ.....මම මොකුත් නොකියම කැබින් එකෙන් එලියට යන්න හැදුවා....
-"ඔහොම ඉන්නවා...මගෙ ඔෆිස් රූම් එකට යනවා..මට විස්තර ටිකක් දැනගන්න තියෙනවා තමුන්ගෙන්.."
මිනිස්සු ගොඩක් ඉස්සරහා මේතරම් ලැජ්ජාවෙලා නෑ මම කවදාවත්..මම මොකුත් නොකියමා එලියට ගියා...මට හිතුනෙ බෑග් එකත් අරන් ආපහු යන්න...කතා නොකරම..ඒතරම්.ලැජ්ජවක්.මට ඇති උනේ....ඒත් මට අයියා එක්ක එක පාරක් හරි කතා කරන්න පුලුවන් නේද කියලා හිතුන නිසා මම ඕන දෙයක් උනදෙන් කියල අයියගෙ ඔෆිස් රූම් එකට ගියා...අයියා කට්‍යිය එක්ක කතා කරලා එනකන් මම පැය බාගයක් විතර එතන් රස්තියාදු උනා...මට එලියට යන්න හිතුනත් මිනිස්සුන්ට මූන දෙන්න බැරි නිසා අයියා එනකම්ම හිටියා...මම පුටිවක වාඩි වෙලා......උන දේවල්.ගැන කල්පනා කලා...මට යන්තමට ඇඩිලා තිබ්බා...මේ වෙලාවෙදි තමා අයියා දොර ඇරගෙන රූම්.එකට ආවේ...
මම අයියා එනකොට නැගිට්ටා....
-"මොකද හිතෙන්නෙ උඹට..."
-"ඇයි මට එහෙම.කලේ...මම හොරෙක් වන්චාකාර්‍ර්‍රයෙක් නෙමෙයි..ඇයි එහෙම කලේ අයියේ...."
-"අයියා....අයියා කවුද මහත්තයො...මම ඔයාලගෙ සර්...තෝ වගේ බොරුකාරයෙක්.මට අයියා කියන්න එපා...හිරිකිතයි මට..."
-"සොරි සර්...මටයි වැරදුනේ....මම යන්නම්.."
-"ඔව් පලයන්...ඒත් දැම්ම නෙමේ..මේ ටික අහන් පලයන්...ඔව්ව්...වැරදුනේ උබට...හිතුවෙ නෑ නේද උබ බොරු කරලා රවට්ටපු එකා තමන් වැඩ කරපු තැන ලොක්කා වෙයි කියලා...මම නිකමෙක් කියලා මට අපහස කරනකොට හිතුද්  නෑ න්වෙද මම කවදාහරි උබේ බොස් වෙයි කියලා....මොකද හිතෙන්නෙ දැන් උබට...මම උබලගෙ බොස් විදිහට කැබින් එකට එනකොට උබට උබ ගැන ලැජ්ජාවක් හිතුනෙ නැද්ද ..."
-"මේ කිසිම දේකට උත්තර දෙන්න මම බැදිලා නෑ මිස්ටර් නිමන්ත...මම යනවා.....මීට පස්සෙ මගෙ ජීවිතේට එන්න එපා...මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න......"
-"එහෙම යන්නෙ කොහොමද...අපි අතරෙ තාමත් විසදුන් නැති ගනු දෙනුවක් තියෙනවනෙ....අමතකද"
-"මොකද්ද...."
-"තව මාසයයි දවස් පහයි...උබ මට චැලේන්ජ් කරලා..එදාට අවුරුද්දයි...එදා වෙනකන් උබ ඉන්න ඕනෙ...පරාජය බාරගන්න උබ ඉන්න ඕනෙ....මගෙ සාර්තකත්වය දැකලා මට ඉරිසියා කරන්න උබ්  ඉන්න ඕනෙ...එතකන් උබට කොහෙවත් යන්න බැ...."
-"හරි....මම අනිවාර්යයෙන්ම එදාට එනවා...දැන් මම යන්නම්...ලබන මාසෙ පස් වෙනිදා උදේම මම එනවා...ඔයා කියන ඕනම දෙයක් බාරගන්න මම එදාට එන්නම්...ඔයාව දැකලා ඉරිසියා කරලා යන්න මම එන්නම්...දැනට මම යන්නම්ම්.."
-ඔහොම.ඉදපන්...හොරකම් කරලා ගත්ත සල්ලි වලින් හොද ඇදුමක් එහෙම අරගෙන වරෙන්....මොකද ඒ දවස මගෙ ජීවිතෙ විශේශ දවසක් වෙයි..."
-"ඒ කිව්වෙ..."
-"ඇත්තම ආදරේ මොකක්ද කියලා මම තේරුම් ගත්තා...මායි අක්කයි එදාට ආපහු මැරි කරනවා....උබ අනිවාර්යයෙන්ම ඒකට එන්න ඕනේ..."
-"මට ඕනකමක් නෑ....මගෙ ඉරිසියාව ඔයාට දරාගන්න බැරිවෙයි..."
-" නෑ...උබ අනිවාර්යයෙන්ම එන්න ඕනෙ...උබේ ඉරිසියව දකින එක තමයි මම ආසම දේ...උබ අඩනව බලන එක තමයි මට ඕන එකම දේ...එදාට උබ අනිවාර්යයෙන්ම එන්න ඕනෙ..."
""මට බෑ.....මට ඕනකමක් නෑ.."
-"මතකනෙ...මම ඉල්ලන ඕනම දෙයක් උබ මට එදාට දෙන්න ඕනෙ කියලා..මම එදා ඉල්ලන දේ අද ඉල්ලනවා....උබ මගෙයි අක්කගෙයි කසාදෙ දවසෙ අනිවාර්යයෙන්ම එන ඕනෙ...ඒක මගෙ ඔට්ටුවෙ දිනුම...උබට ඒක කරන්නම වෙනවා"

මම ඒ දේට උත්තර නොදීම පිටවෙලා ගියා....තරහක් වෛරයක් නම් ගහලා බැනලා ඒකට වාඩුව ගනී...ඒත් අයියා ඇයි මට මෙහෙම්  කරන්නෙ....ඒ යකාට මම ගැන මොනවගෙ හැගීමක්ද තියෙන්නෙ...ආදරෙයි වෛරායයි අතර තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කියලා මම අහලා තිබ්බා...ඒට්ත් මම ඒක විස්වාස කලෙ නෑ...මොකද මාව දාලා ගිය මගෙ පලවෙනි ආදරේට මට පොඩ්ඩක්වත් වෛරය කරගන්න බරි උන නිසා....ඒත්...ඒ දේ මට අද අයියගෙ හැසිරීම දැක්කාම විස්වාස කරන්න වෙනවා...මේතර්ටම්.මාව රිද්දාලා මගෙන් පලිගන්න තරම් වෛරයක් අයියට ඇති උනේ කොහොම්ද....මට අයිති කරගන්න බැරි උනාට ඒතරම්ම ආදරයක් අයියගෙ හිතේ තියෙන්න ඇති මන් ගැන...කලින් නම්.මට ඕන උනා කවදම හරි මන් කරපු කැප කිරීම් අයියා දැනගන්න...ඒත් මම දන් එයා මේ මොනවත් දැනගන්නවට්ද් කැමති නෑ..මොකද එහෙම උනොත් එයා ආයෙත් ඒ ගැන හිතලා දුක්වෙයි...මට සලකපු විදිය මතක් කර කර පසුතැවෙයි.....හැමදේම වෙනස් වෙන්න කොයි තරම්.පොඩි කාලයක්ද ගියෙ..දැන් මම ආයෙම රස්සාවක් වත් නැති අනාතයෙක් ගානට වැටුනා....ඉතුරු කරගත්ත සල්ලි වලට බරක් වෙලා දවස් ගනන් ජීවිතේ ගෙවුනා....ටික දවසකින් මම නොහිතපු තව දෙයක් වෙලා තිබුනා...බෝඩිමේ අයිතිකාර කට්ටිය මට ආපහු බෝඩිම දෙන්න බෑ කිව්වා.....සතියක් ඇතුලත මට වෙන තැනක් හොයාගන්න කිව්ව...කවුරු හරි මම ගැන නරක කතා ටිකක් එයාලට කියලා...එයාලා කතා කරඖ දේවල් වලින් මට ඒක තේරුනා...මෙහෙම එක එක අය බෝඩිම් අස්සෙ රින්ගගන්න ගියාම අපේ කොල්ලො උනත් මේවට පුරුදු කර්‍රගනීද කවුද දන්නෙ...ඔයවගේ දේවල් එයාලා කිව්වෙ...මම ගේ කොල්ලෙක්.කියන එක දැන් මේ වහේ මිනිස්සුත් මට මතක් කරලා දෙන්න පටන් අරන්...අමුතුවෙන් මොලේ වෙහෙසන්න ඕන් උනේ නෑ..මේ දේ අනිවාර්යයෙන්ම අයියා කරන්න ඇති ...ඒ දේවල් වලින් එයා සතුටක් ලබනවානම් ඔහෙ ඕන දෙයක් කරපුදෙන්...මගෙන් පලිගන්න ඕන දෙයක් කරපුදෙන්...දැන් අන්තිමට මට බෝඩිමත් නෑ..රස්සාවත් නෑ....කොහොමත් මේ ප්‍ර්‍රශ්න ඉවර උනාම මම දුරකට යන්න හිටියෙ...ඒනිසා මට මේවගෙ.ලොකු අමුත්තක් දැනුනෙ නෑ....මට දුශ්කර පලාතකට ගිහින් අහින්සක දුප්පත් ලමයින්ට උගන්නන්න ලොකු ඕනකමක් තිබ්බ...ඉතින් මට මොනරාගල පැත්තෙන් පොඩි බෝඩිමක් හොයාගන්න පුලුවන් උනා...සාමාන්‍ය පඩියක් තියෙන පොඩි රස්සාවක් හොයාගන්න මට පුලුවන් උනේ මගෙ උගත්කමේ අඩුවක් නොතිබ්බ නිසා.....ලස්සන වැව් පිරුන  ඩේටා නැති සන්කීර්න ජීවිත නැති ඒ ගම්මානෙ ජීවිතේ මගෙ වේදනාවන් ටිකෙන් ටික සුවපත් කලා.......මාසෙකට අඩු කාලයක් තුලා ඒ ගමේ මිනිස්සු එක්ක මට ලොකු බැදීමක් ඇති උනා...ඉරිදට දහම්.පාසලේ උගන්නපු නිසාත්...ඉරිදා හවසට නොමිලේ ඒ ලමයින්ට ඉස්කෝලෙ පාඩම් කියාදුන්න නිසාත් එ මිනිස්සූ මට ගොඩක්.ලෙන්ගතු උනා..පොඩි උන්ගෙ දග වැඩ එක්ක...ඇට්ටරකම් එක්ක...ඒ මිනිස්සුන්ගෙ අගහිග කම්.එක්ක...හිතවත් කම් එක්ක...මගෙ තනිකම කියන දේ අමතක වෙන්න තරම් මගෙ ජීවිතේ වෙනස් කරගන්න මට පුලුවන් උනා...පරන පෝන් නම්බර් පවා වෙනස් කරපු නිසා මතකයන් එක්ක ඇදුම් බෑග් එක්  හැර අර අහන්කාර නගරෙන් කිසිම බැදීමක් මම අරගෙන ආවෙ.නෑ......ඉතින් ඒ ජීවිටේට මම ආදරේ කලා...ජීවිතෙ ඔය විදිහට ගලාගෙන යනකොට මට මගෙ ආදරේ අන්තිම වගකීම ඉශ්ට කරන්න වෙලා තිබුනා....මන් අල්ලපු ඔට්ට්ටුවෙ පරාජය මට බාරගෙන ඒ වන්දිය ගෙවන්න් මට තිබුනා...පහුවදා අයියා ආපහු අක්කව මැරි කරනවා...මම කරන්න යන්න හොද වේගන එන මගෙ තුවාලෙ ආයෙම පාරගන්න...ඒත් පොරොන්දුවක් දුන්නානම්.ඒක්  ඉශ්ට කරන්නම වෙනවා......මම අයියගෙ පාටි එකට ගියා....එහෙ මම අදුරන කිසිම කෙනෙක් හිටියෙ නෑ..අයියගෙ තාත්තටවත් මට කතා කරන්න බෑ...මොකද අපි අදුරන් නැති ගානට ඉන්න අපි කතාවෙලා තිබ්බෙ....අක්කා මන් එක්ක කතා කරන්න එන්න හැදුවත් අයියා ඒක නැවැත්තුවා....හැමෝම හැමෝ එක්ක කත කර්‍රනවා...මම පැත්තකට වෙලා තනියම හිටියා...කිසිම.කෙනෙක්.මාත් එක්ක කතා කලේ නෑ....හැබැයි සැරෙන් සැරේ අයියා මන් දිහා බලලා සමච්චලේට් හිනාවෙනවා මම දැක්කා...මට කවදටත් වඩා ලොකු තනිකමක් අසරන කමක් එදා දැනුනා..සමහරවිට අයියට මට දෙන්න ඕන උනේ ඒ පනිවිඩේ වෙන්න ඇති...මම අනාතයෙක් කියලා අයියට මට මතක්.කරන්න ඕන වෙන්න ඇති.....දවල්ට කන්නවත් මට ඕන කමක් තිබ්බෙ නෑ....ටික වෙලාවකින් මම ආපහු යන්න හිතුවා...මෙගෙන් දැන් ගියොත් කොහොමත් මොනරාගලට යනකොට හෙට පාන්දර වෙනවනෙ...ඉතින් කාට්වත් නොකියම මම ලියුම් කවරයක් අරන් ඒකට අක්කගෙ නමට මට හම්බුන ලක්ශ දෙකේ චෙක් එක දාල අතේ තියාගත්තා...ඒක අයියට දෙනවද නැද්ද කියලා මම කල්පනා කලේ...මම නොකියම යන්න් හදනවා කියලා අයුයට තේරෙන්න ඇති අක්කා කවුරු හරි අමුත්තො කට්ටියක් එක්ක කතා කරනකොට එයා මන් ඉන්න් පැත්තට ආවා..එක දවසක් ඌව දකින්නෙ නැතුව ඉන්න බැරි උන මම අයියව දකින්නෙ මාස ගානකින්.....මට මහ කියාගන්න බැරි වේදනාවක් දැනුනෙ...දුකක්ද තරහක්ද කලකිරීමල්ද මම දන් නෑ..සමහරවිටමේ හැමදේම මිශ්‍ර උන හැගීමක් වෙන්න ඇති...ඒත් අයියගෙ මූනෙ තාමත් මම වෙනුවෙන් තිබ්බෙ තරහක්..
-"යන්නද හදන්නෙ"

මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

10.4K 1.4K 13
❤...අහිංසක හදවතේ මේ නපුරු උරුමක්කාරයා...🖤
1M 44.2K 56
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
200K 7.5K 35
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...