Chocolate Chips

By the_mini_atom

157 51 45

YOONMIN SHIP STORY🍃💜 Jimin Amarathunga, whose father is a Sri Lankan comes to Sri Lanka to escape and meets... More

🌬️WHAT DOES TIME DO?
🌬️TIME GOES
🌬️TIME RUNS
🌬️TIME DRIVES
🌬️TIME MOVES
🌬️TIME PASSES
🌬️TIME WALKS
🌬️TIME LEAVES

🌬️TIME FLIES

18 5 0
By the_mini_atom

සරා......ස්

Cake tray එකක් බිම වැටුනා. අයිසින් පුරවපු piping bag අස්සෙන් මේසෙටම ඔලුව තියන් කෙනෙක් නිදි. හැම තැනම හැලිච්ච අයිසින් කන්න කූඹි පෝළිමක් එනවා. අයිසින් කරලා ඉවර වුන ලස්සන කේක් එක කූඹින්ට නගින්න බැරි වෙන්න වතුර බේසමක් උඩින් තියලා.

ට්‍රීන්.... ට්‍රීන්.... ට්‍රීන්....

Tray එකකට යටවෙලා තිබ්බ phone එකක් ring වෙනවා. ඒකෙ සද්දෙට තමයි ජිමින් නැගිට්ටුනේ.

"Jinnie"

ජිමින් අමරතුංග, කොරියානු සම්භවයක් තියෙන ලාංකිකයෙක්. ඔම්මා කොරියාවෙ, අප්පා ලංකාවෙ. පවුලේ එකම ළමයා වුන ජිමින් ඉන්නෙ සෝල් වල තනියෙන්. ඔම්මයි අප්පයි බූසාන් වල. Seoul Arts High school එකේ ඉගෙන ගත්ත ජිමින්ව හැමෝම වගේ දන්නෙ "boxing අමරයා" කියලා. ඉස්කෝලෙ විතරක් නෙවෙයි සෝල් වලත් kick boxing නිසා ජිමින් ගොඩක් ජනප්‍රියයි.

ජිනී, දොන් සෝක්ජින් කියන්නෙ boxing අමරයාගෙ high school එකේ හොඳම යාලුවා. "සුදු සෝමෙ" කිව්වම නොදන්න කෙනෙක් නෑ. ඉස්කෝලෙ හැම කෙල්ලෙක්ගෙ ම වගේ crush එක වෙලා ඉඳලා තියෙනවා. රංජිත්, ජින්ගෙ අප්පා navy officer කෙනෙක් නිසා ගොඩක් සල්ලි තියෙනවා.

ජින් දැන් model කෙනෙක්. ජිමින් දැන් kick boxing නවත්තලා cake shop එකක් කරනවා. එයාගෙ cake ගොඩක් රසයි වගේම ගොඩක් ප්‍රසිද්ධයි. පළාතෙම තියෙන හොඳම cake shop එක කිව්වොත් හරි. හැම top b'day party එකකටම cake ගන්නෙ අනිවාර්යෙන්ම ජිමින්ගෙන්. හැබැයි ඇත්ත ම කියන්න එපැයි, එයා ටිකක් අපිරිසිදුයි... හී... හී...

රින්ග් වෙන phone එක නිදිමතේ ම ජිමින් answer කරා.

"Morning ජිමින්. Get-together එකට ඕන costume select කරලා ඉවරද?"

"Morning morning... තාම නෑ මනුස්සයෝ ඕක අහන්න ද උදේම ගත්තෙ?"

"නෑ නෑ. මාත් තාම නෑ. තව ටිකකින් ඇඳුමක් ගන්න යමුද අහන්න ගත්තෙ. තමුසෙත් එක්ක බෑ නෙ වැඩක් කරන්න. පුදුම කියවිල්ලක් තියෙන්නෙ"

"දැන් බෑ. තව ටිකකින් කේක් එක ගෙනියන මනුස්සයා එනවා. එයාට කේක් එක දීලා තමයි යන්න වෙන්නෙ"

"මොකක්ද අර කන්ග් චාවොක් ගෙ කේක් එකද? ඔව් ඔව් ඕක හරියට යවන්න"

කන්ග් චාවොක් කියන්නෙ බිලියනපතියෙක්. කොරියාව වගේ දුප්පත් රටක බිලියනපතියො ගොඩක් අඩුයි. ඉතින් හිතාගන්න පුලුවන් නෙ එයා කොයි තරම් ප්‍රසිද්ධ ද කියලා. ලොකු ම ආදායම මත්පැන් විකුණන එක. ඒ නිසයි මේ තරම් සල්ලි. එයාගෙ නිවුන් දුවගෙයි පුතාගෙයි 14වෙනි b'day වලට කන්ග් අරා, එයාගෙ දුවට ජිමින්ගෙ ම කේක් ඕනලු.

කෝල් එක කට් කරලා කේක් එක ගෙනියන්න එනකම් ජිමින් වැනි වැනී ගියේ මූණ හෝදලා costume ගන්න යන්න ලෑස්ති වෙන්න. ඒ එයාලගෙ high school එකේ annual get-together එකට.

සින්දුවකුත් මුමුණ මුමුණ ඉක්මනින් මූණත් හෝද ගත්ත ජිමින් කාමරේට ඇවිත් කොල්ලගෙ දිලිසෙන හමේ පාට කැපිලා පේන රතු ටීෂර්ට් එකට ලා නිල් කලිසමක් ඇන්දේ කණ්ණාඩියෙන් පේන එයාගෙම handsome පෙනුමට අමුතු හිනාවක් දාන ගමන්. ඒ ගමන් ම එයා උපුල්ටත් call කතා කරේ ජින් එක්ක යනවා කියන්න. කීකරු පුතා...

"අප්පා මමයි ජිනුයි ඇඳුමක් තෝර ගන්න දැන් යනවා"

"ආ ජින් පුතාට කියන්න අපෙ හාමිනේ ගෙදරටම කෑම පාර්සලේ එව්වා කියලා. ඔයත් එහෙන් ඉල්ල ගන්න"

"හරි අප්පා. ආයුබෝවන්"

"ආයුබෝවන් පුතේ"

ක්‍යෝක්‍යුඃ......ක්‍යෝක්‍යුඃ......

ඒ එක්ක ම විනාඩි 10ක් යන්න කලින් ගෙදර බෙල් එක වැදුන අමුත්තෙක් ඇවිල්ලා කියන්න.

"ආ ජින් ඇවිල්ලත් එක්කද"

ජිමින් දොර ඇරියේ ජින්ව දකින්න බලාගෙන. ඒත් ඒ හිටියෙ ජින් නෙවෙයි කේක් එක ගෙනියන්න ආපු චාවොක්ගෙ රියදුරෙක්. සම්පූර්ණ ඇඳුමට ටයි එකක් දාලා කොණ්ඩෙ පිළිවෙලට පීරලා හිටිය රියදුරා ඇත්තටම පෙනුනේ වැදගත් විදියට.

"ආයුබෝවන් අමරතුංග මහත්මයා. සුභ උදෑසනක්"

ගොඩක් ආචාරශීලී ව කතා කරපු එයා හොඳ කෙනෙක් වගේ.

"මම තමයි හන් ඕසග්. කේක් එක ගෙනියන්න තමයි ආවෙ" කියාගෙන ම හැඳුනුම්පතක් දික් කරා.

"ආයුබෝවන්. මේක අත්සන් කරලා කේක් එක අරන් යන්න" මූණ පුරා හිනා වෙන ගමන් ජිමිනුත් කොළ ටික දික් කරා.

"හොඳයි. ස්තූතියි. කේක් එක නම් සුවඳයි. ඒ වගේ ම ලස්සනයි" අත්සන් කරපු කොළ ආයෙත් ජිමින් අතින් තියාලා ජිමින්ගෙන් කේක් එක අරන් පෙට්ටියට උඩින් නහය තියලා එයා පෙණහලු පිරෙන්න හුස්ම ඉහළට ඇද්දා. හිනා වෙලා ජිමින්ට සමු දුන්න ඕසග් ආයෙත් යන්න ගියේ ආපු කාර් එකේමයි. හදන විදිය දැක්කා නම් කූඹි වත් එන්නෑ ඕවා කන්න හැබැයි.

දැන් චිම් ලෑස්ති වෙලත් ඉවරයි. ජින් එනකම් ඉන්න තමයි තියෙන්නෙ.

ජිමින් ගේ ඇතුලේ එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. පැය බාගෙකටත් වැඩිය බලන් ඉඳලා ජිමින්ටත් එපා වෙලා.

පීප්.. පීප්.. ජින් ඇවිත් හෝන් කරද්දි cap එකත් අතට අරන් ජිමින් එලියට බැස්සේ මූණ ඇද කරගෙන.

"මම පැය බාගයක් තිස්සෙ බලන් ඉන්නේ. ඇඳුමකට කලින් ඔරලෝසුවක් තමයි අරන් දෙන්න ඕනෙ වෙලාවට වැඩ කරන්න උගන්නන්න"

"අයියෝ හරි අනේ මම නම්ජුන්ගෙ ගෙදර ගියා"

"තමුසෙලා දෙන්නා break up උනා කියලා මම හිතුවෙ. දැන් දවස් 03කට කලින් මරා ගන්න හැදුවෙ මහ ලොකුවට. මෝඩ ජෝඩුව"

"ඔය වගේ මෝඩ තනිකඩයන්ට ඒවා තේරෙන්නෙ නෑ ගොබ්බයා. වැඩිය හිතන්න එපා"

නම්ජුන් ගැන කතාවෙන ගමන් හෙමින් හෙමින් දෙන්නා සෝල්වල තියෙන හොඳම department store එකට ගියේ handsome look එක highlight වෙන විධියෙ ඇඳුමක් හොයා ගන්න.

"ඕයි ආන් කවුද ඇවිල්ලා ඉන්නෙ බලන්න අපිට කලින්" ජිමින්ගෙ හීනි ඇස්වලට පුරුදු මූණක් එක පාරක අහු වුනේ entrance එක ළගදි.

"ඔව් ඔව් නම්ජුන් එනවා කිව්වා. මමයි ගෙදර ගිහින් එන්න කිව්වෙ. ඔයා ඉන්න නිසා ඉඩ නෑ නේ. ඒකයි එයා තනියෙන් ආවෙ"

ජින්, ජිමින් එනකම් මග බලාගෙන හිටපු නම්ජුන් පෙන්නලා ජින් කිව්වා.

"ආ ජිමිනි... යමු යමු"

"යමු ජූනා" ජිමින් පැනගෙන ගිහින් නම්ජුන්ගෙ අතේ එල්ලුනා. එයාට එල්ලෙන්න තියෙන අතේ නේද ජිමින් එල්ලුනේ කියලා හිතින් බැණ බැණ ජින් ජිමින්ගෙයි නම්ජුන්ගෙයි පස්සෙන් තනියෙන් ඇවිදන් ආවා.

පැය 04කටත් වැඩිය එහෙ මෙහෙ ඇවිදලා තුන්දෙනාම ඇඳුම්, සපත්තු හැමදේම අලුතෙන් ගත්තා. නම්ජුන් කියන්නෙත් එකම high school එකේ අමරයාගෙයි සෝමෙගෙයි හොඳම යාලුවෙක් ඒත් දැන් ජින්ගෙ fiancé.

"අපි අද යන ගමන් නම්ජුන්ගෙ ගෙදර යමු ද ජිමින්"

"ඔව් ඔයාලා දෙන්නා අද අපේ ගෙදර නවතිමු. හෙට යන්න පුලුවන් නෙ. අද ඔම්මත් ඉන්න නිසා හොඳට කන්න පුළුවන්" ජූන්ටත් ඉතින් මොකද මාර සතුටුයි.

"කන්න? එහෙනම් හා.... ආ හැබැයි film බලමු කියලා රෑ තිස්සෙ romantic film දාගෙන තුරුල් වෙවී බලන්න නම් ලෑස්ති වෙන්න එපා එච්චරයි" ජිමින් විරිත්ත විරිත්ත කියනවා.

ඒකට නම් ජින්ටයි නම්ජුන්ටයි දෙන්නටම හිනා. අන්තිම පාර ජින්ගෙ ගෙදර නවතින්න ගිය වෙලාවෙ ජිනුයි නම්ජුනුයි film එක බලන අස්සෙ ගුලි වෙලා ඉන්නවා දැකලා තනිකඩ ජිමින් film එක බලන එක පැත්තකට දාලා ගස්සගෙන නිදා ගන්න ගිය එක මතක් වුනා හැමෝටම.

ජින්ටයි නම්ජුන්ටයි එක කාර් එකේ යන්න දීලා ජිමින් ජූනිගෙ කාර් එකට නැග්ගා. නම්ජුන්ගෙ ගෙදර ගියපු ගමන් ජිමින් කරේ wash දාන් පුටුවක් බදාගෙන නිදා ගන්න එක. රෑට ඔම්මගෙ කෑම කන්න කතා කරන කම් මනුස්සයා නෙවෙයි නැගිට්ටෙ. ඒ අතර නම්ජින් ලොකු කතාවක.

"ජූනී ඔයා හිතනවද හෝප් get together එකට එයි කියලා?"

"ආවත් කමක් නෑ ජිමින් නොදැක. නැත්තං පරණ දේවල් මතක් වෙලා ජිමින් ආයෙ මූඩ් අවුල් කරගන්න එක විතරයි වෙන්නෙ"

"ඔව්. මොනා උනත් high school එකේ හිටිය best matching couple එක. දේවල් වෙනස් වෙන ඉක්මන"

"ඒක නම් කියලා වැඩක් නෑ. Break up වෙලා කොච්චර කල් ගියත් Hobiගෙ නම ඇහුනත් ඇති මාසයක් අඩන්න"

"ඇත්ත. ඒක නෙවෙයි ඔයාගෙ නංගි ජිමින්ට ගැලපෙනවා ජූන්. ඇත්තටම කියන්නෙ"

"නංගි කැමති වුනත් ජිමින් කැමති වෙන එකක් නෑ"

"ළමයි කන්න එන්න" ඔම්මා කතා කරද්දි හැමෝම එනවා බඩු මුට්ටු පෙරලගෙන. හැමෝම අහන්න මග බලාගෙන හිටිය ලස්සන වචනේ, "කෑම ලෑස්තියි" ඒ නිසාම ජිමිනුත් වැනි වැනී එනවා

ජූන්ගෙ ඔම්මා, අප්පා වගේම නංගිත් ඇවිත් කන්න. නම්ජින්ගෙ ප්ලෑන් එකට ජිමින්වයි ජූනිගෙ නංගිවයි එකළග ඉන්දවන්න යන්නෙ. දෙන්නගෙ වැඩේ සාර්ථකයි. අන්තිමට වැනි වැනී ආපු ජිමින් ඉතුරු වෙලා තිබ්බ එකම හිස් පුටුව උන ජූනාගෙ නංගි එහා පැත්තෙන් ඉඳ ගත්තා. කන ගමනුත් නම්ජින්ගෙ ඇස් නංගියි ජිමිනුයි ළග. ඒ්ත් වැඩක් නෑ ජිමින්ගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ. මේ මනුස්සයා මමියක් වත් ද අනේ... නම්ජුන්ගෙ ගෙදර කන වෙලාවට පුරුද්දක් විදියට කවුරුත් කතා කරන්නෙ නෑ. නැත්නම් දනී නම්ජින් කරන දේ මේ දෙන්නට. හැඳි එහෙ මෙහෙ වෙන සද්ද නැතුව වෙන කිසි සද්දයක් නෑ. හැමෝම ඉක්මනට කාලා කාමර වලට රිංග ගත්තෙ කඩි රැළක් වගේ. කොච්චර කලින් නිදා ගත්තත් ජිමින් තාම නිදිමතේ. ඇත්තටම හැමෝම මහන්සි වෙලා හිටිය නිසා කලින් ම නින්ද ගියා.

In next day morning,

ජිමිනා උදේම නැගිටලා අනිත් දෙන්නා නැගිටිනකම් බලන් ඉන්නවා. නම්ජුන්ගෙ ඔම්මයි අප්පයි office ගිහින්. නංගි high school ගිහින්.

"Morning ජිමින්. අපිට කලින් නැගිට්ටද?"

"Morning, ඔව් ඔයාලා එනකම් කන්න බලන් හිටියෙ. බඩගිනි"

කෑම මේසෙ පුටුවක් ඇදලා ජිමින් ළගින් ම යාලුවො 02ත් ඉඳගත්තා.

"ඊයෙ කේක් එක මොකද ජිමින්? චාවොක් කතා කරලා thank කරේ නැද්ද?"

"ඒක තමයි මාත් බැලුවෙ. කිසි හැල හොල්මනක් නෑ නෙ"

"ඔය මනුස්සයා එහෙම ලේසියෙන් කාටවත් කතා කරන කෙනෙක් නෙවෙයි අනේ. එයා කෝල් කරනකන් බලන් ඉන්න ඔය දෙන්නට පිස්සුද?"

"ආ ඔව් තමයි. අපි උදේට කාලා යනවා ජූන්. අනිද්දා get together එකට කලින් හම්බෙමු හරිද?"

"ඔව් අපි යන්නම්"

ඇති තරම් නම්ජුන්ගෙ ගෙදරින් උදේට සෂිමි කාලා ජින්ගෙ කාර් එකේ ම ජිමින් ජින් එක්ක ජින්ගෙ ගෙදර ගියේ අප්පා එව්ව කෑම ටිකත් අරන් ආපහු එයාගෙ ගෙදර යන්න.

"ආ ජිමින් පුතා..."

රංජිත් අප්පා අයන්ති ඔම්මත් එක්ක උඩ තට්ටුවෙ ඉඳන් ජින් එද්දිම පහළට බහිනවා.

"උපුල්ට කොහොම ස්තූති කරන්නද  ජිමින් පුතේ මේ ලංකාවේ කෑම ගෙන්නලා දුන්නට... මම ලංකාවෙ කෑමවලට හරි ආසයි. කුම්බලාවො කරෝල කාපු කාලයක් මතක නැතුව හිටියෙ. වැල්අල වගේකුයි කනේරු වගේකුයිත් එවලා" අයන්ති ඔම්මා ජිමින්ගෙ කොටස එයාට දෙන ගමන් කිව්වා.

"ඔය කනේරු නෙවෙයි කුරුදු හිටං හාමිනේ. අයන්තියි මායි ළගදිම ලංකාවට යන්න ඉන්නෙ හිටං ජිමින් පුතා"

"එහෙම ද මාමෙ... මාත් යන්න ආසාවෙන් ඉන්නෙ. කවදාවත් ගිහින් නෑ නෙ. පුලුවන් උනොත් මායි ජිනුයිත් එන්නම් නේද ජිනී"

"ඒක හොදයි ජූනා වත් එක්කන් යන් ජිමින්"

"එහෙනම් මන් ගිහින් එන්නම් රංජිත් මාමෙ, අයන්ති නැන්දෙ, යන්නම් ජිනී"

"හරි, annyeonghaseyo හිටං"

Continue Reading

You'll Also Like

211K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
946K 21.7K 49
In wich a one night stand turns out to be a lot more than that.
231K 7.9K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
248K 17.9K 90
as usual many dramas, emotions, fluffy , angst, and most importantly soo much love. top tae bot kook no cheating no threesom No skin ship with others