අපි අපේ

By HappyRanuk

29.8K 5.1K 1.3K

සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පල... More

අපි අපේ 1
අපි අපේ 2
අපි අපේ 3
අපි අපේ 4
අපි අපේ 5
අපි අපේ 6
අපි අපේ 7
අපි අපේ 8
අපි අපේ 9
අපි අපේ 10
අපි අපේ 11
අපි අපේ 13
අපි අපේ 14

අපි අපේ 12

1.7K 353 68
By HappyRanuk

අපි අපේ 12

" මට උඹේ ෆෝන් එක ටිකකට දීපන්කො කෝල් එකක් ගන්ඩ..මේ මගුල ඊයෙ චාජ් කලේ නෑනෙ...බැටරි ලෝ..."

මම කොරහෙ කිඹුල්ලු දැක්කද මම දන්නෙ නෑ...ඒත් ගොඩක් දේවල් කල්පනා උනා...ඒ කල්පනාව කොයිතරම් ගැඹුරුයිද කියනවනම් අයියා ළඟට ඇවිල්ලා ෆෝන් එක ඉල්ලනක්ම්ම මම දැක්කෙ නෑ....

"ආ මේන්...."

"නෑ නෑ නෑ...එක්කො එපා....මෙහෙම කරමු...මගෙ සිම් එක ඕකට දාලා දීපන්කො..."

අයියා එහෙම කිව්වෙ ටිකක් කල්පනා කරලා..

" නෑ නෑ...සල්ලි තියෙනවා...මේකෙන් අරන් නම්බරේ ඩිලීට් කරලා දාන්ඩ...මට ඔයාගෙ කොල්ලගෙ නම්බරෙන් වැඩක් නෑ නෙ..."

# බය ඇති මම දෙන්නා මැද්දට පනී කියලා.... ගියා ගියා කිය කියා ෆොටෝ බල බල හූල්ලනවා...ආයෙ කෝල් එකක් ගන්න පරක්කු උනත් කලබල වෙන්ඩ තරම් ඇයි හොඳයි...අනේ මන්දා... ඇයි කිවොත් හොඳයි කියලා..හොඳයි කීවොත් ඇයි කියලා මගෙයි උගෙයි ඇයි හොඳයි නවත්තගත්තා නම් මගෙ ඇඟට හොඳ වෙයි #

" පණ්ඩිතකම නැතුව මේක දාලා දීකෝ...අම්මව එක්කන් එන්නත් යන්ඩ ඕනෙ... උඹ එක්ක එල්ලි එල්ලි උන්ඩ බෑ නෙ...."

" අනේ මටත් ඕනෙ නෑ එක එක අය එක්ක එල්ලි එල්ලි ඉන්ඩ...වෙන එල්ලෙන්ඩ අය නැතුව ඈ "

" නෑ කිය කියා උඹ එල්ලෙන්ඩමනෙ එන්නෙ...කට වහන් මේ සිම් එක දාලා දීකෝ "

මම එතනින් එහාට මොකුත්ම නොකියා උගෙ සිම් එක් අරන් මගෙ ෆෝන් එකට දාලා ඔන් කරලා ලොක් එකත් ඇරලා දුන්නා...ඒටික කරලා දෙනකන් වත් ඇටිකුකුළා ට ඉවසිල්ලක් තිබ්බෙ නෑ.... මාර කඩි කුලප්පුවක් තිබ්බෙ...මම හිතලම පරක්කු කලේ මිනිහගෙ කඩි කුලප්පුව තව වැඩි කරන්ඩ... දුන්නා විතරයි ෆෝන් එක උදුරගෙන වගේ අරන් ආයෙම පැත්තකට ගියෙ කෝල් එකක් ගන්න ගමන්...

# කෝල් එක ගන්ඩ පරක්කු උනහම ඔයතරම් කඩිකුලප්පවක් හැදෙන්ඩ මාර ලවක්නෙ තියෙන්නෙ.... එහෙම ඒවා තියන් මොකට මාව බඳන් හිටියද...මොකට අර තරම් මගෙ හිත හැදුවද... ටිකට් ගන්නෙ නැතුව ෆිල්ම් බලන්ඩ යනවට තොටත් හොඳවැඩේ සුදු අප්පු...මේ යන විදිහට ට්‍රේලර් එක පෙන්නලා හෝල් එකෙන් එලියට යන්ඩ වෙන සිද්දියක් මට වෙලා තියෙන්නෙ...ආයෙ නම් ඕකට අයියෙ හුයියෙ ගාන් පස්සෙන් යන්නෙ නෑ... කමක් නෑ..අද මගෙ අම්මා එනවනෙ... මට ඒ ඇති... #

අරූ පැත්තකට වෙලා කෝල් එක ගන්නකම්ම මම හිතින් තොයිල් නැටුවා....  කෝල් එක අරන් ඉවර වෙලා මගෙ පැත්තට ආවෙම එයාගෙ සිම් එක ගලවලා ෆෝන් එක විතරක් මට දික් කරගෙන....

" යමන්...අම්මා එක්කගෙන එන්න පරක්කු වෙයි.. "

මම ෆෝන් එක ගත්තෙ උදුරලා අහක බලන්....

" මම ඈ ඉතින් කෝල් අරන් මල් කඩ කඩා කාලෙ කෑවේ...දැන් තමා තදියම හැදිලා තියෙන්නෙ...."

මම එහෙම කියන් වෙන කතාවකට පැටලෙන්න නොඉඳ පන්සලෙන් එලියට ආවේ පඩිපෙල ළඟ ගලවපු මගෙ සෙරෙප්පු දෙකත් දාගෙන් අරූගෙ සෙරෙපොඋවක් ටිකක් එහාට විසි වෙන්න පයින් ගහගෙන.... මම ගිහින් පාර අයිනෙ නවත්තලා තිබ්බ වීල් එකට නැගලා මගෙ සිම් එක දාගෙන හිටියෙ අරූට ඕන වෙලාවක ඇවිල්ලා වීල් එක අරන් යන්නෙ නැතැයි කියල හිතන්...

අයියා ඇවිල්ලා වීල් එක ස්ටාට් කරන් යන්න ගත්තෙ මම එක්ක කතා කරන්ඩ පොටක් ඇදගන්ඩ මාන බලන ගමන් කියලා මට හිතුනෙ මම ෆෝන් එක දිහා බලන් උනාට හොරෙන් ඌ දිහා බලාන හිටපු නිසා...සැරෙන් සැරේ මගෙ දිහා බලලා ඒ යකා මට මොනවා හරි කියන්ඩ හැදුවා...මම නොදැක්ක ගානට ෆෝන් එක බලාගෙනම හිටියා.... වීල් එක ඉස්පිරිතාලෙ ගාව නැවැත්තුවට පස්සෙ මම අයියා එක්ක කතා නොකරමයි ඇතුලට යන්ඩ ගියෙ...

" මල්ලි..."

අයියා කතා කරපු කමට මම හැරිලා බැලුවා...ඒත් ඇයි වත් කිව්වෙ නෑ...ඒ හින්දා ආයෙම කට ඉස්සර කලේ එයාම තමා..

" දන්නවද බන්...මිනිස්සුන්ට කුඩේ ඕනෙ වහිනකන් විතරයි... වැස්ස පායපුහාම කුඩේ විසි කරලා දාන්නෙ ආයෙ කවදාවත් ඕන වෙයි කියලාවත් නොහිත.... කුඩේ තරහක් නෑ...ආයෙ වැස්සක් වැස්සොත් මිනිස්සු ගාවට යනවා..."

# මොනවා කියනවද මන්දා...මේ යකා සාහිත්‍ය පොතක් දිගෑරගත්තනෙ ඒපාර...මොකක් ගැනද මේ කියන්නෙ දැන්... දැන් වැස්ස පායලා ඇති එහෙනම්...කුඩේ එපා කියලා වෙන්ඩ ඇති කියන්නෙ...නෑ නෑ...ඔයාලගෙ මැද්දට මම එන්නෑ.... #

" ඇයි මට ඕවා කියන්නෙ ඉතින්..."

" ම්ම්ම්...නෑ...මේ...උඹේ වචන..කතා බහ වෙනස්....නෑ..එක්කො...අම්මව එක්කන් එමු....අම්මා බලාගෙන ඇති. "

මම ඉස්සරහා හැරිලා ඇතුලට ගියා... ඒ වෙද්දි ඇස් වහගෙන උනත් අම්මා හිටිය වාට්ටුවට යන්ඩ තරම් පුරුද්දක් තිබ්බා...මගෙ පිටිපස්සෙන් අයියා එනවා කියලා හිතුවට අයියා ඇවිල්ලා තිබ්බෙ නෑ....මම නිකමට වගේ ආපහු හැරිලා බලපුහාමයි ඒක දැක්කෙ....
මම ඇඳ ගාවට යනකොට අම්මයි සීතා නැන්දයි ඇඳුම් බෑග් අහුරන්...ඇඳුම් මාරු කරන් ගෙදර යන්ඩ දත කට මැදන් හිටියෙ...

" අම්මෙ.... මම බත් අරන් ආවා... කාලම යමු...සීතා නැන්දටත් බඩගිනිත් ඇතිනෙ..."

" අනේ බං..දවස් ගානක් උඹල නැතුව මේකෙ ලැගන් හිටියෙ ඉන්ඩ ඕනවට...හරි හැටියකට නින්දක් වත් නෑ... එහෙව් එකේ ටිකට් එක කපපු ගමන් ගෙදර නොයා මේකට වෙලා තවත් කකා බිබී ඉන්ඩ ඕනෙ නෑ..."

සීතා නැන්දත් ඒක අනුමත කරන්ඩ වගේ හිනා වුනා...ඉතින් නැන්දගෙ උදව්වෙන් අම්මවත් වත්තන් කරන් අපි එලියට ආවේ ඉක්මනට ගෙදර යන්ඩ..නොකිවාට මටත් ඕන උනේ ඉක්මනට අම්මව ගෙදර එක්කගෙන යන්ඩ.... අපි එලියට යනකොට අයියා වීල් එකට වෙලා ඔලුව තියන් ලොකු කල්පනාවක.... මම බෑග් ටික සේරම වීල් එකේ පිටිපස්සෙ කෑල්ලට දාලා..මුලින්ම සීතා නැන්දට නගින්ඩ කියලා ඊළඟට අම්මට නගින්ඩ කිව්වෙ  අම්මව අයිනෙන් එක්ක යන්නෙ නැතුව මැදට ගන්න.... අපි දැකලා අයියා නැගිට්ටා...අම්මා දැකලා උගෙ මූනෙ හරි අහිංසක හිනාවක් ඇඳුනෙ... මම අම්මගෙ මූන බැලුවෙ අම්මා ඌ දිහා බලන් ඉන්න විදිහ බලන්ඩ... එයා ඊට හපන්....ආයෙම මාව පුපුරු ගහන්න ගත්තෙ මට වඩා ආදරෙන් අම්මා අයියා දිහා බලනවා කියලා කොහේද තිබ්බ ඊරිසියාවක් හිතේ ආයෙම වපුරන්....ඒක්ත් සාධාරණයි...ඇස් වල ලාවට කඳුලු පුරවන් ඌ දිහා බලාන හිටියෙ.... වීල් එකට නැගලා ගෙදර යන්න පටන් ගත්තමත් අම්මා කතාවට මාතෘකාව කරගත්තෙ අර යකාව..

" අනෙ අප්පෙ...මේ කොල්ලට බෝඩිම් වෙලා වෙච්ච දෙයක්... අන්තිමට උගෙ වැඩ පාඩු කරන් අපේ වැඩවලට එහෙ මෙහෙ දුවන්ඩ උනා... "

" හරි හරි...ඇන්ටි දැන් ඔය කියන්නෙ...ඔයාලගෙ වැඩ වෙනයි..මගෙ වැඩ වෙනයි...මම පිට කියලනෙ...කිව්වත් වගේ මට හැමවෙලේම අමතක වෙනවා මම බෝඩිම්කාරයා කිය්න එක...මීටපස්සෙවත් මම ඒක අමතක නොකර ඉන්නම්කො... "

" ඕන් කිව්වා කතාවක්....ඇත්තමයි වෙන වෙලාවක ඔය කතාව කිව්වනම් උඹට මම කොස්සෙන් ගහන්නෙ පුතේ.... උඹේ වෙලාවට මම අසනීපෙන් ඉන්නෙ...කවුද දැන් උඹට පිට එකෙක් කිව්වෙ.... "

" ඇන්ටිනෙ කිවෙ ඉතින්...."

" උඹත් සුදුඅප්පුවා වගේමයි...වචනයක් ඇති ඒක අල්ලන් ඔරොප්පු වෙන්ඩ.... මට එඹෙයි සුදු අප්පුවගෙයි වෙනසක් නෑ... හිතේ ගින්දර ටිකක් හරි අඩු කරන් අරකට වෙලා ලැග්ගෙ උඹත් ගෙදර ඉන්නවා කියලා හිතුන හින්දා... ආයෙම උඹ ඔය පිට කතාව කීවොත් අම්මපා උඹව හම ගහනවා මම... "

අම්මා අන්තිම වචන ටික කිව්වෙ වෙවුලන කටහඬකින්... අම්මට කටට ආවට එහෙම කිව්වට ඇත්තටම අරූ පිට එකෙක් කියන්ඩ එහෙම කීවෙ නෑ කියලා සේරම දන්නවා...එහෙව් එකේ අරූ ඒ දේ ආයෙ ආයෙ අහග්න්ඩ මොකට ඒකම කියවනවද කියලා මට නම් තරහත් ආවා...

" අනේ අම්මෙ මේ...අඬන්ඩ තියාගන්නෙ හරියට මහා දෙයක් උන ගානටනෙ... අරයටත් ඌ පිට කෙනෙක් කියලා අම්මා හිතන්නෑ කියලා ආයෙ ආයෙ අහගන්ඩ ඕනවට එකම විහිලුව කරලා හුරතල් වෙන්ඩ එනවා... "

" හරි හරි...මම උඹේ අම්මා එක්ක විහිලු නොකර ඉන්නංකො..ඒකනෙ ඔය කියන්නෙ..."

අපි තුන්දෙනා මොකට එහෙම්  පොඩි ළමයි වගේ රණ්ඩු උනාද මන්දා...සමහර වෙලාවට එහෙම රණ්ඩු වෙන එකෙන් උනත් කියාගන්නෙ වැඩියෙන්ම ආදරේ කියලා අපිට නොහිතා ඉන්නත් බෑ... කොහොමහරි ඒ කතා බහ වැඩිය දුර දිග නොගියෙ සීතා නැන්දගෙ කට ඇරුන හින්දා..

" ඈ බන් මනෝරි...කීවත් වගේ මුන් දෙන්නා උඹට රන්ඩු වෙන්නෙ හරියට පොඩි කාලෙ ඉඳන් එකට හැදුන සහෝදරයො ගානටනෙ.... නැවතිල්ලෙ හිතලා බලනකොට ඉතින් ලොකු කොල්ලා කියන කතාව ඇත්ත... මොකද මනෝරි මටවත් පොඩි එකාටවත් ස්තූතී කතා කරන්ඩ ගියෙ නෑ නෙ...එහෙව් එකේ මේ කොලුවට විතරක් ස්තූතී කරන්ඩ ගියහම ඌ පිට කියලා නොකියා කිව්වා වගේ තමා... "

සීතා නැන්දා කිව්වෙ හින වෙවී....අම්මත් හිනාවෙවීමයි  ඒකට උත්තර බැන්දෙ...

" සීතාක්කා ඉතින් කඩේට ලොකු කෙල්ල තියලනෙ ආවේ...එව්ත් මේ කොල්ලා මම හින්දම නිමාඩු දැම්මනෙ...ඒකනෙ මම කිව්වෙ..."

" කොයික කොහොම උනත්... දෙන්නම එකයි නම් එක පුතෙක්ට විතරක් එහෙම කියන්ඩෝනෙ නෑ නෙ... බැරිවෙලා හරි උඹ මටත් අනේ උඹ කඩේ ඉන්නෙ නැතුව මම ගාව දවස් ගානක් හිටියා කියලා වගේ කිව්ව නම් මටත් හිතෙනවා ඉතින් අපි පිට උන් ගානට දැම්මා කියලා... "

"හරියට හරි නැන්දෙ....කතා කරන්ඩ...එයා කොයිතරම් මගෙ එකා කීවත් මම ඉතින් පිට... "

# යකෝ...මේ ඇටිකුකුළා වශී කරනවද...ඒ පාර සීතා නැන්දත් උගෙ පැත්තෙ...හිටපියකො හොඳ වැඩක් කරන්ඩ... #

" සීතා නැන්දට මෙයාව හිතට අල්ලලා තියෙන එකේ නැන්දගෙ දුවව වත් දුන්නා නම් හරිනෙ... එතකොට ඉතින් නෑදෑ කමක් එක්කම එයාව පුතා වෙනවනෙ ඔයාලා දෙන්නගෙම... "

" ඒකී ඔය කඩේට බඩු දාන්ඩ එන එකෙක් එක්ක පැටලිලා නොයින්ඩ...කිව්වත් වගේ මම ජෝඩු කරනවා දෙන්නව... මේ කොල්ලා වගේ කොල්ලෙක් පවුලකට  එනවට කවුද අකමැති "

# මදැයි කරගත්තා...ඌව චාටර් කරන්ඩ කෙල්ලෙක්ව ජෝඩු කරන කතාව ඇදලා ගත්තත් අන්තිමට ඒකෙන් උනේ ඌම උඩ යන එක...දැන් යනවා ඇත්තෙ අඩි ගානක් උඩින්... වශී කාරයා..මිනිස්සුන්ව රවට්ටගන්නවා.... මොන මගුලකට මිනිස්සු මූට මේ තරම් පැහැදෙනවද ... රෙද්ද #

ඒකෙන් පස්සෙ කවුරුත් මොකුත් කියනවා වෙනුවට කලේ හිනා වෙන එක.... මිනිස්සු වෙලාවකට නැති හේතු අල්ලගෙන හරි ආදරණීය විදිහට එල්ලි එල්ලි යනවා....එහෙම වෙන්නෙ තරහකට නෙමේ...ආදරේ බෙදාගන්ඩ බැරි තැන්වල.... ඇත්තටම මට හිතාගන්න බැරි උනා...අරූ අපේ පවුලෙ එකෙක් ගානටම කිට්ටු බැඳීමක් අපි අතරෙ ඇතිවෙලා තිබ්බා.. බැඳීම් හදන්නෙ ලේ වලින් විතරක්ම නෙමේ කියලා මම පිලිගන්න තරමටම.... අරූට ඒ තරම් මිනිස්සු වශී වෙන්නෙ ඇයි කියලා මම හිතුවා...අම්මා...තාත්තා ..සීතා නැන්දා විතරක් නෙමේ මමත් ඌ ගැන ඉන්නෙ මොකද්ද අමුතු පැහැදීමකින් කියලා මම වාදයක් නැතුවම පිලිගත්තෙ මම හිතන දේවල් වෙන කාටවත් ඇහෙන්නෙ පේන්නෙ නෑ කියලා විශ්වාස නිසා...

අයියා සුපර් මාකට් එකකට කිට්ටු කරලා වීල් එක නැවැත්තුවෙ අපි කවුරුත් නොකියා...

" ඔයාලා ඔහොම ඉන්ඩ...මම විනාඩි පහෙන් එනවා...."

එහෙම කියලා අයියා කඩේට ගියා...මම අම්මගෙ කරට දකුණු අත දාලා උරිස්සෙන් ඔලුව තියාගත්තෙ දවස් ගානකට තුරුල් වෙන්ඩ බැරි උන ඒවගෙ වාඩුව වෙලාව ලැබුන ගමන් ටික ටික හරි ගන්ඩ හිතන්....

" ඕන් මුගෙ නාකි හුරතලේ...අම්මගෙ ඇඟේ නගින්නෙ නැතුව ඒ මනුස්සයට් ඉන්ඩ දීපන්...මහන්සි ඇති..."

" ඇයි හත් දෙයියනෙ...උරිස්සෙන් ඔලුව තියාගත්තා කියලා කිලෝ ගානක් ඇඟට බර වෙනව යෑ...ඇරත් මගෙ අම්මගෙ කරේ මම ඔලුව තියාගන්නෙ නැතුව වෙන්  මොකා හුරතල් වෙන්න්ඩ සීතා නැන්දෙ.... "

" ආ...ඔය පැන්නෙ... මේකගෙ ඊරිසියාව මනෝරි..උඹ අර කොල්ලව ලොකු ඖතා ගානට දාලා තියෙන එකට මුගෙ ඊරිසියාව..."

" වැඩේමයි ඉරිසියා කරන්ඩ....නැන්දටත් ඉතින් කලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟනෙ ලොකු...ඔහොම යන්කො.... ඔයතරම් පැහැදිලා නං ඉන්නෙ අර මගුල කඩලා හරි අර යකාව බෑනා කරගන්ඩ තියෙන්නෙ..."

මම ඇගට නොදැනි සීතා නැන්දට කියලා ඇරියා...එයා මට ආදරෙයි...ඒකනෙ හිනාවෙවීම ඒවා කිව්වෙ.... අම්මත් හිනාවෙවී අඒරම අහන් ඉඳලා මට බැන්නෙ කියපු කතාවට නෙමේ...මොනවා උනත් වයසින් වැඩි කෙනෙක් එක්ක ඒවගේ එකට එක කියාන ය්න එකට අම්මා අකමැති හින්දා කියලා මං හිතුවා..

" අනේ අනේ සුදු අප්පු..උඹගෙ කියවිල්ල ගානට වැඩී දැන්...කට වහපන්...තෝ හිතන්ඩ එපා මෙහෙම අසනීප උනා කියලා හිතූ හිතූ මනාපෙට නටන්න්ඩ දෙයි කියලා...ඔපරේශන් එකක් නෙමේ හතක් කලත් තෝ ඔයවගේ කට කියවන් ගියොත් ලොකු මිනිස්සු එක්ක...අම්මපා ගහනවා කොස්සක් කැඩෙනකන්..."

ඒ රණ්ඩුවත් ඉවර උනේ තුන් දෙනාම හිනාවෙලා...මම ඉතින් අම්මා බැන්නට ඒ වචනවල තිබ්බෙ එයාගෙ ආදරේ හින්දම තව ටිකක් බදන් අම්මව ඉම්බා...

# ඕනව්ට වැඩියෙන් දගලනකොට ගහන්ඩ.... ඕන්නැති කතා කියනකොට බයින්ඩ...මොනවා කලත් මොකෝ..ඉස්සර වගේ ආයෙම ඔයා අපි එක්ක ඉන්න එකයි අපිට ඕනෙ... #

අපි ටික වීල් එකට වෙලා ඔයවගේ දේවල් කියෝ කියෝ ඉන්නකොට අර යකා මල්ලක් උස්සගෙන එලියට ආවා..වීල් එක පැත්තට ඇවිල්ලා ඒක මට දීලා ආයෙම ගෙදර යන්න පටන් ගත්තා...මම අහන්නෙ නැතුවම  මල්ල එහෙ මෙහෙ කරලා බැලුවෙ මූ මොනවද ගෙනල්ලා තිබ්බෙ කියලා..

" යෝගට්...දෙළුම්...ඇපල්...බේබි නාරං... අම්මටහුඩු..චීස් රෝලකුත් තියේ... ඒක නම් මරු පාන් එක්ක කන්ඩ පුළුවන් .."

" අනේ මේ..උඹව නලවන්ඩ ඕවා ගත්තෙ නෑ...ඕවා ගත්තෙ ඇන්ටිට... ඕකෙ ඇති වෙනම පොඩි බෑග් එකක්...ඒක සීතා ඇන්ටිලගෙ දිහාට... "

" ආ...එයාව නලවන්ඩ වෙන්ඩ ඇති ඒක ගේන්ඩ ඇත්තෙ..."

සේරම දිහා බලාගෙන හිටියා අම්මා ආයෙම මැද්දට පැන්නා..

" මොකද්ද සුදුඅප්පු වෙලා තියෙන්නෙ... කතා කලොත් කා එක්ක හරි එල්ලෙන්ඩමනෙ.... අනික් ගොනා මේ ඉස්සරහා ඉන්න එකා...මේ ටිකට දාස් ගානකට වඩා යන්ඩ ඇති... මොකටද මෙහෙම සල්ලි නාස්ති කරන්නෙ...අම්මපා මේවා ගේන්ඩ යනවා කියලා දන්නවනම් මම ගේන්ඩ දෙන්නෙ නෑ...මම  සහරා කාන්තාරේ බඩගින්නෙ ඉඳලා ආවා වගේනෙ...ඇරත් මේ බෑග් වලත් කෙහෙකන් බිස්කට් තිබ්බා කට්ටිය ගෙනාපුවා..."

" පගාව පගාව.... කට්ටියගෙන් ලකුණු දාගන්ඩ..."

" උඹ එක්ක මගෙ කතාවක් නෑ මට "

" මමත් ඔයාට කිව්වෙ නෑ...."

"දෙන්නම කටවහගන්නවද නැද්ද "

අපි ගෙදර ආවේ ආයෙම ඉස්සර වගේ අපි හැමෝම එකට ඉන්න ඒ ලස්සන දවස් ගොඩක් අපේ ජීවිත වලට එකතු කරන්න හිතින් හිතාගෙන.... ඇත්තටම ඒ වෙද්දි අපේ ඔත්තෙ පවුල ඉරට්ටෙ පවුලක් වෙලා තිබ්බා.... මේ කාලේ තමන්ගෙ එකෙක්වත් අම්මෙක්ට නොබලන තරම් ඉන්දීවර අයිය අම්මා ගැන හෙව්වා බැලුවා... මගෙයි උගෙයි මොන මොන ඇරියස් තිබ්බත් ඌ ගාව තිබ්බ ඒ මනුස්සකමට හිත යටින් මම ගරු කලා....

දේවල් පරණ තිබ්බ තත්වෙට පත්වෙන්න ගම්ටිකක් වෙලා ගියා...උදේ කැම...දවල් කෑම  අපි හැමෝම එකට එකතු කලා...ජීවිතේ වටිනම දේවල් බැඳීම් කියන දේ ආයෙ ආයෙම මගෙ හිතේ පැලපදියන් වෙන්න ගත්තා....
හවස්වරුවෙ අම්මා ටිකක් නිදාගත්තා... අම්මගෙයි තාත්තගෙයි ආදරෙත් වයින් එකක් වගේ...පරණ වෙන්ඩ වෙන්ඩ වටිනාකම වැඩී...අම්මා නිදාගන්නකන් තාත්තා අම්මා ගාවට වෙලා ලොකු කයියක්... ඒ දෙන්නටත් සතියක් තිස්සෙ  වෙන වෙනම එකතු කරපුවා ගොඩක් කතා කරගන්ඩ ඇතිනෙ කියලා මම මගෙ කාමරේට ගියා.... ඒ වෙලාවෙදි ඇටිකුකුළා හිටියෙ එයාගෙ කාමරේ....

# බලනවා ඇටිකුකුලො...අපි දෙන්නම එකම උසින් ඉන්නෙ...කාමර දෙක අතරෙ මහා දුරකුත් නෑ....ඒ උනාට බිත්ති කීයක් අපි දෙන්නා මැද්දෙ තියෙනවද.... ඇත්තටම අද උදේ අර කෝල් එක මගෙ ඉස්සරහා නාවනම් මම මීට වඩා තමුසෙ ගැන වද වෙයි... එක්කො එහ්ව්ම උන එක් හොඳයි...මොකද මම දැනගත්තනෙ තමුසෙ ගාව මට ඉඩක් නෑ කියල...#

කම්මැලිකමටත් එක්කම මම ඇඳට පැනලා ෆෝන් එක අතට ගත්තෙ ෆේස්බුක් පැත්තෙ රවුමක් දාන්ඩ... ෆේස්බුක් එකටත් අපේ හිත් කොයවන්ඩ පුළුවන් ද මන්දා...ගියපු ගමන් උඩ පල්ලෙහා යනකොට තිබ්බෙ අර යකාගෙ පෝස්ට් එකක්...

" ජීවිතේ පුදුමාකාරයි.... හෙමීට හෙමීට අපේ ළඟට පාවෙලා එන පෙලක් වරාමල්...ආවටත් වැඩිය වේගෙන් අපෙන් ඈතට ගහගෙන යනවා... වැරදිකාරයා එක්කො හුළඟ...නැත්නම් වරාමල....මම දන්නෙ නෑ....
මට පුළුවන් එකම දෙයයි
ආයෙම පාරක් ඒ හුළඟට ම ගහගෙන..මගෙ ළඟට එනවනම්...
මම ආසයි "

# එයි එයි...බලාගෙන ඉඳපන්...අරූ ගැන වෙන්ඩ ඔය කවි නිසඳැස් ලියන්නෙ.... එක අතකට උඹ කැමති ඒ යකාට නම්...මාත් කැමති ඒ යකා ආපහු තෞසෙ ළඟට එනවනම්.. රෙද්ද...ඇඳට ආවනම් බදාගන්නකොට ඉඩ නොදී ඉන්ඩ ඕනෙ... දවස් ගානක් බදාගෙන ඉන්ඩ දීලා ආයෙම අරූව ලොකුකරගත්තා... #

ඒ උනාට මට අයියව ඕනෙ ඕනෙ ව්ග්ගේ මොකද්ද මට කියාගන්න තේරෙන්නැති හැඟීමක් හිතේ උඩ පල්ලෙහා දහාට සන්නි නටන්න ගත්තා...ඌ ඕන එකක් හිතපුදෙන් කියලා මම උගෙ කාමරේ පැත්තෙ ගියා...දොරට තට්ටු කරලා ටික වෙලාවකින් ඌ දොර ඇරන් එලියට එබුනා...

" ඇයි ආවේ..."

" ඇයි එන්ඩ හොඳ නැද්ද "

" මයෙ මොකෝ...ඇයි දැන් උඹේ අම්මා ඇවිල්ල්ලා ඉන්නෙ...අපිව මොකටද"

මම ඇතුලට් ගිහින් උගෙ මේසෙ අවුස්සලා වැඩක් නැති පොතක් හෙව්වා...එක්කො හිස් කඩදාසියක්...

" මේ පොත වැඩක් නෑ නෙ..."

" වැඩක් නම් නැ...ඒත් උඹට මොකටද "

" කටවහන් පන්ඩිත නොවී කියන දේ කරන්ඩකො..."

මම ඒ පොතෙන් කොලයක් කඩලා මම අරගෙන පොතම ඌට දුන්නා...මේසෙ උඩ වීදුරුවක් ඇතුලෙ දාලා තිබ්බ පෑන් වලින් දෙකක් අරන්...එකක් එයාට දීලා එකක් මම ගත්තා...අයියා මම ඒ කරන වැඩේ තේරුම් ගන්ඩ බැරිව බලාගෙන හිටියෙ මොකුත් නොකියා..මම එයාට ඒ දෙක දීලා මෙසෙ ළඟ පුටුවෙන් වාඩි වෙන්න දීලාමම ඒ යකාගෙ ඇඳට ගියෙ වෙන ෆයිල් එකක් අරන් ඊට උඩින් මගෙ කොලේ තියන්...

" මෙහෙමයි....එක එක හින්ට් ගහන්ඩයි....රහස් තියන් ඉන්ඩයි..හිතේ එකක් තියන් ඉන්ඩයි ..කටින් එකක් කියන්ඩයි බෑ නෙ...ඔයා ගාවත් කොලයක් තියේ..මගෙ ගාවත් තියේ...
දැන් මේකේ අපි දෙන්නා ලියන්ඩ ඕනේ..
අපි දෙන්නට දෙන්නා දන්නෙ නැටි රහස් තියේ නම් ඒ දෙයක්...එක්කො මට කියාගන්න බැරිව මොනවා හරි තියෙනව න්ම් ඒ දෙයක්...ඔයත් ලිය්න්ඩ..මාත් ලියනවා..."

" දැන් ඇයි මම එහෙම කරන්නෙ..."

" මම නෙමේ...අපි....මෙච්චර දවසක් තනුඅඑ මගෙ එක්ක හිටියා..මාව බලාගත්තා...ඒත් අද උදේ ඉඳන් ඔයා වෙනස්.... මම සමහරවිට එඒකට හේතුවත් දන්න්නවා...ඒත් මට ඒක තහවුරු කරගන්න ඕනෙ... මොකද මම කැමති නෑ ආයෙම තමුසෙ එක්ක රන්ඩු වෙවී ඉන්ඩ....ඒනිසා කියන්ඩ තියෙ නම් දෙයක් කියන්ඩ..."

" හරි එකගයි....හැබැයි ඒ දේ මුකින්ම පෙන්නන ඕනෙ උඹ...."

" බෑබෑ...දෙන්නම එකට මරු කරගම්මු..."

"  මේ අදහස උඹේ නෙ...ඒනිසා උඹේ එක මුලින්.."

" අනේ ඔයා නටාගන්ඩ...තමුඅඑට ඉතින් වෙන වෙන අය ඉන්නවනෙ...මම රන්ඩු කල්ත් මොකද නේ...ඔකේ...සොරි ..මම යනවා.."

" ඔහොම ඉඳපන්...හරි දෙන්නම එකට මාරු කරගම්මු.... "

දෙන්නම වැඩේට එකග වෙලා දෙපැත්තට වෙලා ලියන්න ගත්තා...අරූ හොරෙන් වහගෙන මොන මොනවද ගොඩක් ලිව්වා...මාත් මට ලියන්ඩ ඕන් දේ ලිව්වා...

" අයියෙ...මම් දන්නෙ නෑ ඔයා මම ගැන මොනවා හිතයිද කියලා...ඒත් මට ඔයා ළඟදි ලොකු ආරක්ෂාවක් දැනෙනවා... ඔයා අපි ගැන හොයලා බලන විදිහට මම පුදුම බැඳීමකින් ඉන්නෙ... ඔයාගෙන් මොන දේ නැතත්...පපුව අස්සට වෙලා හැමදාම් හරි රෑට නිදියගන්ඩ තියේ නම් හොඳයි කියලා හිතෙනවා...පිස්සු කියලා හිතන්න එපා...ඒත් අනේ මන්ද  "

# හෝව් හෝව්...ඔහොම ඉඳපන් සුදු අප්පු....මතකනෙ මූ ඉස්සර බොරුව දාලා උඹව රැවැට්ටුවා... උඹ දැන් ඔය ඇත්ත ඔහොම ලියලා පෙන්නුවට..ඌ මොකක් හරි  කින්ඩියක් ලියල පෙන්නුවොත්...චාටර් නේද පුතේ.... ඒනිසා කෝකකත් හොඳා කියල ඔය කොලේ අනික් පිටුවෙ ස්ටෑන්ඩ් බයි එකක් තියාගනිම්.... කෝකටත් කියලා මුලින්ම ඒක පෙන්නපන්.. #

මම ඒ  කොලේ දෙකට ඉරලා..මම ලිව්ව එක යටින් තියන් අලුත් කොලේ උඩට අරන් ඒකෙ ලියන්ඩ එකක් කල්පනා කලා....

" සුදු මැණික ලොකු ද "

මම ලියන ගමන් හොරෙන් හොරෙන් ඌ දිහාත් බැලුවා....ඒ බලනකොට ලියන එක නවත්තලා මූ චිත්‍රයක් අඳිනවා වගේ මම දැක්කෙ....  ටික වෙලාවක් ගිහිල්ලා මම කතාවට මුල ඇල්ලුවා..

" දැන්නම් කාලය ඇති...කෝ ඔයාගෙ එක...."

" හරි මම් දෙන්නම්...කෝ ඔයාගෙ එකත් නමලා මට දෙන්න..."

දෙන්නට දෙන්නා තමන් ලිව්ව කොලේ නමලා දෙන්නට දුන්නා... කෝකටත් කියලා මම දුන්නෙ බොරු කොලේ....
මට ලැබුනු කොලේ දිග ඇරලා මම් බැලුවා... ඒකෙ තිබ්බේ චිත්‍රයක්...කෝටු කිතයි බබෙක් තව කෝටු කිතයි බබෙක්ට ක*ට දෙනවා තමා ඒ යකා ඇඳලා තිබ්බෙ...යටින් ලියලා තිබ්බා...
රිටන් එක ඕනෙද කියලා..

# ඉඳකින්...මම ගොනා වගේ අරක දුන්නා නම් විලි ලැජ්ජයි....එතකොට මූ මොනවද්  හෙන වෙලා රචනාව වගේ ලිව්වෙ...ඒකියන්නෙ මේ යකත් මම වගේ කොල දෙකක් ලියලද ..අනික මොනවද තියෙන්නෙ දන්නැ... #

" මගෙ දේවල් මට ලොකුයි තමා යකෝ... උඹට ඒවගෙන් වැඩක් නෑ නෙ...

මම ලිව්ව එක කියවලා අරූ පත්තුවෙලා දගලනවා...මම ශේප් එකේ මම ලිව්ව අනික් කොලේ අරන් අතේ ගුලිකරගත්තා....

" ආ ඇත්තද...ලොකු නම්..තියාගගන්න එකනෙ ඇත්තෙ.... එතකොට කෝ අර රචනා ලිව්ව කොලේ...මම හොරෙන් දැක්කනෙ...ඔය පොත මෙහාට දෙනවා..මම බලාගන්නම්..."

මම පොත උදුරන්ඩ හැදුවට ඌ ඒක ඇදලා අරන් අතේ රෝල් කරගත්තා...මට ඒක අස්සෙ ඌ ලිව්ව දේ බලාගන්න් බැරි උනා..

" හරි මොකද්ද දැන් උඹ ඔය අතේ ගුලිකරගත්තෙ .... ඒකත් දීපන්කො බලන්ඩ...."

අයියා එහෙම කියලා මගෙ අතේ තිබ්බ කොල ගුලිය ගන්ඩ මාව බදන් පොරකෑවා...මම ඉඩක් හම්බුන ගමන් කලේ කොල ගුලිය මගෙ කටට් දලා හපපු එක... මමඒක කටට දාලා හපනව දැක්කට පස්සෙ අරූ පොරකන එක නැවැත්තුවා ...මම ඌට පේන්ඩම චුයින්ගම් එක වගේ එක තව හැපුවා...

" දෙපිටකාට්ටුවා..."

" මම විතරක් ද...තමුසෙත් එහෙමනෙ..."

මම කටේ කොල ගුලිය තියාගෙනම උත්තරයක් දීගෙන කාමරෙන් එලියට ගියෙ උගෙ හිතේ තිබ්බ දේ දැනගන්න බැරි උන එක ගැන දුකින්... සාම ගිවිසුම් ගහන්ඩ හැදුවට බෑ... ආයෙම ඌ තමා වැඩේ වරද්දගත්තෙ...මගෙ ගිත හදාගන්න කියලා තිබ්බෙ එකම හිතුවිල්ලක් ... අඩුම ගානෙ මම එයා එක්ක හොඳින් ඉන්න හරි උතසහා කලානෙ..මමනෙ කොල සීන් එක පටන් ගත්තෙ..ඒනිසා ඒයකාට කියන්න බෑ අම්මා නැති ටිකෙ විතරක් මම චාටුවට යාප්පුවෙන් හිටියා කියලා.....

රෑට කැම හැදුවෙ මම...තාත්තා උදව් කලා...අම්මත් එහෙන් මෙහෙන් උදව් කලේ අපි කොයිතරම් එපා එපා කිව්වත් එයා කරන්නෙ එයාට ඕන දේ වගේ හැසිරිලා...ඒ උනාට ඉතින් මේසෙට තියන් එලවලු ටිකක් කපන්ඩ...ලූනු ගෙඩියක් සුද්ද කරන හැරුනහම වෙන වැඩක් අම්මට කරන්ඩ දුන්නෙ නෑ.. රෑ කෑමට ඇටිකුකුළා පල්ලෙහාට ආවට මගෙ මූනක් වත් බැලුවෙ නෑ... ඌ උගෙ සුදු මැනික ගැන හිතන එකට මම මාර විදිහට වෛර කලා...ඇත්තටම කඩන්ඩ බැරි මිදි ඇඹුල්.... ඒ හින්දයි මට ඌව කොයිතරම් ඕනෙ උනත් නපුරු විදිහට ම ආයෙ සලකන්න පටන් ගත්තෙ....
කෑම කන ගමන් සුපුරුදු කතා බස් හුවමාරු උනා.... කාලා බීලා තව ටික වෙලාවක් ටීවී බලලා...හැමෝම නිදාගන්ඩ යනකොටයි මට කවදාවත් නැති තරම් මහ තනියක් දැනුනෙ....දවස් ගානක් මගෙ කාමරේ තිබ්බ පිරිච්ච ගතිය නෑ...කනත්තක් වගේ වස පාලුයි.... නිදාගන්න කොයිතරම් උත්සහා කලත් එහා පැත්තට මෙහා පැත්තට හැරුනා...සීට් එක ආයෙ අයින් කරල සම්පූර්ණයෙන් පොරවගත්තා...නැගිටලා කොට්ට මාරු කලා..ඔච්චර තමා.... එකහමාරත් එකත් පහු වෙනකන් මගෙ අහලකටවත් නින්දක් ආවෙ නෑ.... කොච්චර කරත් නින්ද යන්නෙ නැති හින්දා මම ෆෝන් එක අතට ගත්තෙ ෆේස්බුක් පැත්තෙ යන්ඩ....

# යකෝ...මේ මහ පාන්දර වෙනකන් මේ ඇටිකුකුළා නිදි නෑ...මට වගේම ඌටත් මම නැතුව නින්ද යන්නෙ නෑ ද දන්නැ....අනේ නිකන් ගොන් කතා හිතන්ඩ එපා සුදු අප්පු...ඌ උගෙ සුදු මැනික එක්ක නැලවි නැලවි මල් කඩනවා ඇති... #

ඕන ලබ්බක් වෙද්දෙන් කියලා මම මැසේජ් එකක් දැම්ම...

" මොකෝ නිදි නැත්තෙ..."

" ඇයි උඹට කිය කියාද අපි නිදිමරන්න ඕනෙ...උඹත් නිදි නෑ නෙ..."

" ඕකෙ සොරි...මම කවුද ඔයාගෙන් ප්‍රශ්න අහන්ඩ නේ...."

ඒක්ට හිනාවෙන ඉමෝජියක් මට එවලා තිබ්බා...ඕනවට වඩා පස්සෙන් යන්ඩ බෑ නෙ කියලා මම ආයෙ රිප්ලයි නොදා හිටියා....විනාඩි දෙකකින් තුනකින් මෙන්න ආයෙ ඌම එවනවා මැසේජ් එකක්....

" mk "

" MRAHPK "

" මොකද්ද යකෝ ඒ කිව්වෙ..."

" mk කියන එකේ තේරුම දන්නවා...ඒක දන්නෙ නෑ....MRAHPk කියන්නෙ...මහ රෑ ඇහැරගෙන හොර පොල් කඩනවා..."

" ආ ඇත්ත ද..හා..කඩාගෙන යන්ඩකො...ලෙලි ගහගන්ඩ ඕන උනොත් අපිටත් කියන්ඩ.."

" ඕනෙ නෑ..ඔයා ඔයාගෙ සුදු මැණික්ගෙ ලෙලි ගහගන්ඩ "

මමත් ඉතින් නිකන් හිටියෙ නෑ...මට මුකින් දුන්න ලොකු සීන් එකට මාත් දීලා ඇරියා.... ඒපාර නම් ඇටිකුකුළා ට තද වෙලා රිප්ලයි කලේම නෑ....මම සෑහෙන වෙලා බලාගෙන ඉඳල බැරිම තැන ෆෝන් ඒක පැත්තකට තියලා නිදාගන්න හැදුවා....ඇඳේ පැත්තක නමලා තිබ්බ අයියගෙ පොරවන රෙද්ද මම දැක්කෙ ඒවෙලාවෙ... මට මොනවා උනාද මන්දා...මම ඒක අරන් මගෙ කොට්ටෙ උඩින් තියාන නිදාගත්තා...ඒ සුවඳ...මහ අමුතු කියාග්න්න බැරි සෑහෙන්ඩ පුරුදු සුවඳක් වගේ මට් දැනුනෙ..

"තව එකෙක්ගෙ කුනු කෙලයි දාඩියයි ගැවුන පොරවන එකකත් උඹට මහ අමුතු සුවඳක් එනවනම්.... කන්ග්‍රැජුලේශන්...ඔයාට දැන් ලව් සික් එක හැදිලා..."

කොහෙන් ඔලුවට ආවද මන්දා...මම කියව්ප්පු නවල් එකක තිබ්බ දෙබසක් එක පාරට ඒකත් එක්ක මගෙ ඔලුවට ආවා....

# මොන මගුලක්ද...මම මේ මොනවද ගිතන්නෙ....ආයෙ නම් ඔයවගේ බූත නවල් කියවන්නෙ නෑ...මොන විකාරයක්ද ඒ...එහෙම වෙන්ඩ පුලුවනෑ...මල සමයන්... විකාර හිතන්නෙ නැතුව නිදි පලයන්කො රෙද්ද #

                   මතුසම්බන්ධයි
...............................................................

හායි...😁
ඉන්දීවර ඒ තරම් කඩිකුලප්පවකින් කෝල් ගන්න තරම් එයැයිගෙයි...ඒ ගත්ත එකාගෙයි අතර මොනවා කතාබහ උනද කියල ඉතින් එයාලනෙ දන්නෙ..

නිකන් ඉන්න එකේ ඒ ප්‍රශ්න දෙකට නිවැරදි පිළිතුරු සපයන් යන්ඩ 😂😂😂

*  දාලා ගිහිල්ලා හිටිය සුදු මැණිකගෙ මොන රෙද්දකටද ආයෙම අරූට කෝල් ගන්නෙ ?
* ඒ උනාට ඇටිකුකුළා කුඩේ කතාව කිව්වෙ අම්මා ආපුහාම ඌව අමතක කරන්න එපා කියලා වෙන්න බැයිද?

වෝට් එකක් දාන්න.... ❤

Continue Reading

You'll Also Like

544K 1.1K 28
နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်
22.2K 4K 16
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අ...
11.7K 1.1K 21
ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද? කෙනෙක්ගෙ අයිතිය ලබා ගන්න එකටද.....?එහෙමත් නැතිනම් කොලේකට සීමා කරන එකටද...? සීමා මායිම් දාගෙන කරන ආදරේ... ඇත්තටම ඒ ආදරයක්...
764K 7.3K 21
အလြန္ရိုင္းပါတယ္ ဘာဗဟုသုတမွမရွိပါဘူး ကိုယ္စိတ္ကိုႏႈိင္ေအာင္ထိန္း wattpad ကိစၥ wattpad မွာထားခဲ႔ ဖင္မယားနဲ႔ ok အသက္မျပည့္ေသးရင္ ေဝးေဝးေဂ်ာင္း not for...