අපි අපේ

By HappyRanuk

29.9K 5.1K 1.3K

සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පල... More

අපි අපේ 1
අපි අපේ 2
අපි අපේ 3
අපි අපේ 4
අපි අපේ 5
අපි අපේ 6
අපි අපේ 7
අපි අපේ 8
අපි අපේ 9
අපි අපේ 10
අපි අපේ 12
අපි අපේ 13
අපි අපේ 14

අපි අපේ 11

1.7K 368 41
By HappyRanuk

අපි අපේ 11

බස් එකකට නැගලා වීදියවත්ත ට එනකන් මට නොසෑහෙන්න තරම් දේවල් කල්පනා උනා... මම වැඩ කලේ කිසිම වගකීමක් නොගත්ත එකෙක් ගානට කියලා මට ම බැනගත්ත වාර එමටයි... හිතෙන් මම මං ගැනම නඩු ඇහුවා... පැම්ණිල්ලත් මම...විත්තියත් මම.... නඩුව අහන්නෙත් මම....වැරදිකාරයත් මම....  පුළුවන් තරම් ඉක්මනට රස්සාවක් හොයාගන්න ඕනෙ කියන අදහස හිතේ යට නොයා තිබ්බ එකක්..මේ දේවල් නිසාඒක පෑරි පෑරි උඩට ආවේ ආයෙම ඒලෙවල් කරනව කියලා හිතේ ලාවට තිබ්බ හීනයක් විසි වෙන්නම තල්ලු කරලා දාන ගමන්....

වීදියවත්තෙන් බැහැලා පයින් මම ගෙදර ට යනකොට අටට කිට්ටු කරලා...තාත්තා ඉස්සරහට වෙලා බලා හිටියා..

" මොකෝ පයින්...කෝ අර දරුවා.."

" බයිසිකලේ කැඩිලා කියලා හදන්න ගියා....ඒ මගුලත් මේ අල්ලපනල්ලේ ම කැඩුනනෙ..."

" වීල් එක උනත් තියෙන්නෙ යනවනම්...අර දරුවට එලවන්ට හැකිනෙ...දොස්තරලා මොකෝ කියන්නෙ සුදු අප්පු..."

" මන්දා..."

" මන්දා කියන්නෙ...උඹ මිසී කෙනෙක් ගෙන් හරි දොස්තර මහත්තයෙක් හරි හම්බෙලා අම්මට මොකෝ කියලා ඇහුවෙ නැද්ද ?"

" නෑ....ලොකු අම්මා ඇවිල්ලා හිටියා..."

" අනේමන්දා බන් උඹත්...ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලන්ඩ යනවා කියන්නෙ ඕන් ආවා මේන් බැලුවා කියලා එන එක නෙමේ සුදු අප්පු... මහත්තයෙක් හරි මිසී කෙනෙක් හරි අල්ලගෙන ඒක දැනගන්න ඕනෙ...බැරි ගාතෙ හරි මට ඉස්පිරිතාලෙට යන්න තිබ්බෙ...දවාලෙට මම වත් ගිහින් එනවා...මෙහෙම ඉඳලා බෑ... "

" මම මහ නිකමෙක් නේද තාත්තෙ ?"
.
" ඕන්න් කිව්වා එකක්...උලව්වක් කියන් හිත් රිදෝගන්ඩ නෙමේ..මින් මත්තට හරි එහෙම පුරුදු වෙයන්...සීතා නංගි ඇවිල්ල මට කතා කරලා ගෙදර ගියෙ...ඒකිත් ලොකු විස්තරයක් දන්නෙ නෑ...පරීස්සන කොරනව තාම කියලා ගියෙ... "

" ලොකු අම්මට කතා කරලා බලමුද..."

" එයැයි ආවේ උදේනේ...හරි හැටි විස්තරයක් නොදන්නවා ඇති...ඉඳකිං...මට මේ එහාට මෙහාට යාගන්ඩ බැරි වුනානෙ බං... මේ වගේ වෙලාවට තමා මෙහෙම ඉන්නවට වඩා මැරුනා න්ම් හොඳා කියලා හිතෙන්නෙ... "

" අනේ තාත්තෙ..මොනවද අප්පා කියවන්නෙ... "

" කියවුනා බං...උඹ ඕවා හිතන්ඩ එපා...උඹට තේ එකක් හදලා දෙන්ඩද..."

"එපා..."

" ඇයි....එහෙනං කාලා හිටපන්කො ?"

" අර යකත් එයිනෙ  ....ආහම කනවා "

" නරක කාලෙ බන්...."

" ආ.... ඕඩරෙන් හම්බුන දෙදාහකුයි...තව සල්ලි වගේකුයි අල්මාරියෙ දකුණු පැත්තෙ ලාච්චුවෙ වෙඩින් කේක් පෙට්ටියක දාලා තියෙන්නෙ කිව්වා...වියදමට ගන්ඩ කිව්වා..."

" අම්මා දාහා දෙදාහා පොලියට දුන්නට මොකද අපිට ඕන්  වෙලාවට ලොකු ගානක් අතමාරුවක් කරගන්ඩ එකෙක් නෑ නෙ...මම කුරුප්පු මුදලාලිට කෝල් එකක් දාලා ඇහුවා...දහ දාහක් විතර ඉල්ලගන්ඩ.... ඌත් බෑ නොකියා බිස්නස් පාඩුයි ගගා කියෙව්වෙ..."

" සීටු වලටයි..ලෝන් වලටයි ගෙවලනෙ තියෙන්නෙ...ඇරත් හාල් තුන පහත් මාසෙටම එක පාර ගෙනල්ලා දාගන්නවනෙ.... ඒ හින්දාමේ ටික ඇති වෙයි...තාත්තා හිතන්ඩ එපා... "

" මේවෙලාවට තමා බන් හිතෙන්නෙ අතට එන සොච්චමෙන් අර ගෑනි කොහොම රෝල ගහනවද කියලා.... අපරාදෙ කියලා හිතෙනවා බොරුවට වීල් එකක් ගත්තෙ....ඒ සල්ලි වලින් පලක් ප්‍රයෝජනයක් ඇති වැඩක් කරන්ඩ තිබ්බෙ..."

" වෙච්ච දේවල් කරපු දේවල් ගැන වද උනා කියලා මොනවා කරන්ඩද තාත්තේ....ඉන්ඩකො..මාත් ර්ජොබක් හොයාගන්න..."

" ජොබ් කරන්ඩ තරම් උඹ මහ එකෙක් ඈ බන්..මම නං කියන්නෙ තව් ටික කාලයක් මොනව හරි දෑතෙ රස්සාවක් හරි ඉගනගනින්...අඩුම ගානෙ ඉංගිරීසි කොම්පියුටර් කෙරුවාවවත්..."

අපි කතා කර කර ඉන්න අතරෙ ඉන්දීවර අයියා පයින්ම ආවා...ගේට්ටුව ඇරන් ආවෙම හරි මහන්සි පාටකින්...

" හදාගන්න බැරි උනාද..."

" දවස් කීපයක් යයි කිව්වෙ...උඹ ඇවිල්ල ගොඩක් වෙලාද..."

" පැය බාගෙකට වැඩි නෑ..."

මායි තාත්තයි වඩිවෙලා කයිය දාන් හිටියෙ වැරෙන්ඩා එකේ තිබ්බ ලොකු පුටු දෙකේ...අයියට වාඩිවෙන්න මම ඉඳන් හිටිය ලොකු පුටුව දීලා මම පොඩි පුටුවකට ගියා...

අයියා වාඩි උනාට පස්සෙ තාත්තා එයා එක්ක කතාවට වැටුනා..

" අපේ එකා ගියාට දොස්තර මහත්තයෙක්වත් මිසී කෙනෙක් වත් හම්බෙලා කතා කරලා නෑනෙ...පුතාටවත් මතක් උන් නැද්ද ටිකක්... "

" මට ඇතුලට යන්ඩ වෙලාව මදි උනා අන්කල්...."

" ආ...මේ...ඇයි ඔයා කිව්වනෙ කවුද නර්ස් කෙනෙක් හම්බුන කතාවක්...."

" ආ...මේ...ඔව්ව්...අර..මේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්...එයාලා වැඩිය ඕවා දන්නෙ නෑ නෙ....මේ මල්ලි...තරහා නැතුව කේතලේ ලිපේ තියලා එනවකො...දැන් මහන්සි ඇරිලා ඇතිනෙ...."

" කාලා ඉම්මුකො "

" පස්සෙ කමු...."

මම උත්තරයක් නොදීම ගෙට ගියෙ අපි තුන් දෙනාට බොන්න තේ හදන්න...

" ගොනා වගේ කිව්ව පලියට කේතලේ ලිපේ තියලා විතරක් එන්න එපා...තේත් හදාගෙනම එනවා හොඳ එකා වගේ..."

මම යනවා ගෙට එබිලා බලපු අයියා ඒක කිව්වෙ ටිකක් සද්දෙ වැඩි කරලා...

" කියනක්න් හිටියෙ..."

මම ත් ඔහේ කියවගෙන ගියා... වතුර තියලාතේ හදන්න කෝප්ප සීනි ළඟට අරන් තේ හදනවද කිරි හදනවද කියන්  ප්‍රශ්නෙ ආවෙ පිටි බෝතලේ දැකලා.... ඉතින් ආයෙම යන්න උනා තේ බොනවද කිරි බොනවද කියන ඔරශ්නෙ අර දෙන්නට යොමු කරන්ඩ.

"නෑ නෑ...එහෙම බයවෙන්ඩ තරම් ලොකු දෙයක් නෙමේ අන්කල් ඒක...අපේ නැන්දා කෙනෙක්ටත් කලා...පොඩි ඔපරේශන් එකක්...අනික"

" මොකක්...?"

සේරම ටික කියනකන් අහන් ඉන්නෙ නැතුව ගොනා වගේ කට ඉස්සර කරගත්තනෙ කියලා හිතුනෙ එකපාරටම ඒක ඇහිලා මට එහෙම කියවුනහම් දෙන්නා කතාව නවත්තලා ගෙට එබුනහම... මම  කිරි ද තේද කියලා අහන එක පැත්තකට දාන් වෙන ප්‍රශ්න ගොඩක් අහන්ඩ හිතන් වැරෙන්ඩා එකට ගියෙ...

" මොකද්ද දැන් ඒ කිව්වෙ...තේ හදන්ඩ කියල මාව යවාගත්තෙ ඒකටද...ඇයි මට කිව්වහම මොකද වෙන්නෙ..."

" නික්ද්න් බොරුවට කෑගහ්ද්න් දගල්න්ඩ එපා සුදු අප්පු...ඒක මහ ලෙඩක් නෙමේ...වතුර එක තියලා ආවනම් ඒක බලලා එනවකො..."

" නෑ.....ගින්දර අඩු කරලා ආවේ....ඒක නෙමේනෙ මම අහන්නෙ..ලොකු එකක් හරි පොඩි එකක් හරිද පොඩිද ලොකුද බලන්ඩ මටත් ඒක කියන්ඩකො....දවල්ට ත් අම්මා බලන්ඩ යන්නෙ මම...මම ම අහගන්නං අම්මගෙන්..."

" උඹ ගොනෙක්ද බන්...අම්මගෙන් මොනවා අහන්ඩද....මම නර්ස් ලව්ව  ඩොක්ටර් එක්ක කතා කරලා ඕක ඇහුවෙ...අම්මට කියන්ඩ යන්ඩෙපා..."

" හරි දෙයියනේ ..මොකද්ද ඉතින්..."

" ලොකු දෙටක් නෙමේ බං...කලබල නොවී ඉඳපන්කො... හර්නියා එකක් වගේ කියලා කියන්නෙ..බලමු..."

" එතකොට..මොකද්ද කරන්නෙ...මොකද්ද ඒක?"

" බඩේ පොඩි ගෙඩියක් වගේ එකක්...පොඩි ඔපරේශන් එකකින් ඒක අයින් කරන්න පුළුවන් ...බයවෙන්න දෙයක් නෑ..."

මට ඒ ගැන ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ... අයියා කිව්ව දේවල් විස්වාස කලා..මොකද තාත්ත6මූනෙ උණත් ලොකු කලබලයක් පේන්න නොතිබ්බ නිසා...

" ඇයි ඒවා හැදෙන්නෙ...?"

"කාලයක් තිස්සෙ  බර වැඩ කලහම ...එක්කො ළමයෙක් හම්බෙනකොට අමාරු උනොත් කියලා නර්ස් කිව්වෙ...."

" වෙන්ඩ ඇති....ළමයි හම්බෙන්ඩ ගිහිනුත් කීයක් ප්‍රශ්න උනාද....ඇරත් රෙදි කඳු ගනන් හේදුවෙ...දර පැලුවෙ...මේ ගේ හදන කාලේ බ්ලොක් ගල් පවා ඇද්දා.... "

මම එතනින් එහාට ඒ කතා බහට හිටියෙ නෑ.... තේ බොනවද කිරි බොනවද නාහම මම කුස්සියට ගියා..පැහි පැහි තිබ්බ වතුර එක කෝප්පෙට දාලා...ඒකට තේකොල දාලා තැම්බෙන්ඩ තියලා...තව ලොකු කෝප්පෙකට සීනී පිටී දාලා කලවම් කරලා තේ ටික පෙරුවා....කෝප්ප තුනම අරන් යන්ඩ බැරි නිසා අයියටටයි තාත්තටයි කෝප්ප දෙක ගිහින්දීලා මගෙ එක කුස්සියටම වෙලා බොනවා කියලා හිතානා ආවා..තේ හදන්ඩ ගත්ත කෝප්ප ටික සින්ක් එකට දැම්මෙ පස්සෙ හෝදනවා කියලා හිතන්.... මගෙ තේ එකත් අරන් ටයිල් එක අතින් පිහදාලා ඒ  බැම්ම උඩට නැගලා මම තේ එක අතේ තියන් කල්පනාවක වැටුනා...උගුරක් බීලා ආයෙ සෑහෙන දේවල් කල්පනා කලා.... කල්පනා කර කර හිටිය එක එකපාරටම නැවතුනේ අයියා කුස්සියට ඇවිල්ලා කතා කරපු නිසා ගැස්සිලා...

" ඕයි...මොකෝ කල්පනාව "

" මොකුත් නෑ...."

අයියා ඊළගට උත්තර දෙන්න කට හදන් මගෙ ලඟට ආවේ සින්ක් එකෙන් අර දාලා තිබ්බ කෝප්ප ටික එක්ක එයාගෙ කෝප්පෙ හෝදන ගමන්...

" මොකුත් නැති වෙන්ඩ බෑ..."

"ඔය ටික තියන්ඩ..මම හෝදන්නං.."

" ඇයි මම හේදුවොත් හේදෙන්නෙ නැද්ද?"

අයියා කෝප්ප ටික හෝදලා වතුර බේරෙන්න තියලා මගෙ ළඟට ආවා..

"තේ එක රහයි...මට මදිත් උනා..."

" බොරු නොකියා ඉන්ඩ අනේ..."

" බොරු කියලා මොනා ගන්ඩද...දැන් ඔය තේක නිමෙනකන්ද තියන් ඉන්නෙ...පොඩි එකා නොවී බීලා ඉඳපන්... නැත්නම් අපිට වෙන්නෙ සූප්පුවක් ගෙනල්ලා දාලා පොවන්ඩ.."

" තේ නෙමේ..වතුර වත් බොන්ඩ හිතක් නෑ අප්පා...පිස්සු වගේ මට..."

අයියා මගෙ අතින් කෝප්පෙ අරන් මගෙ තේ එකෙන් එයා උගුරක් බිව්වා...ඊටපස්සෙ එයා ඒක මට දික් කලේ ඇස් දෙකෙන් බීපන් කියන්න වගේ බැල්මක් දාගෙන....මම උගුරක් බීලා ආයෙම අයියට දික් කලා....

" මම බිව්වනෙ...උඹ බීපන්කො...බබා නොවී..."

" හූම්ම්..."

" ඔහොම කඩා වැටෙන්න එපා බන්..හූල්ල හූල්ල ඉන්න මූනක් උඹට සෙට් නෑ...උඹ වගේ නසරානියෙක්..ගේම් කාරයෙක් එහෙම ඉන්නවද....කෝ අර කලින් තිබ්බ දඩබ්බරකම... "

මට දෙයක් ඔලුවට ආවේ එකපාරටමයි....ඒක අයියට කියන්න ඕන නිසා ඉක්මන්ට එක  උගුරට තේක බීලා ඉවර කරලා අන්තිම ටික සින්ක් එකට හැලුවා...

" මේ....උදව්වක් ඕනෙ..."

" මොකද්ද දැන් එකපාරටම කියන්ඩ්  හදන්නෙ..."

" වීල් එකේ ටවුමට යමුද..."

" මොකටද.."

" මම ගාව බඩුවක් තියේ උගස් තියන්න..."

" පිස්සුද උඹට...මොනවද දැන් ඔය බඩු "

" මමපොඩි කාලේ අක්ක කෙන්ව්ක්ගෙ මගුලක ඒකිගෙ මනමාලයගෙ කකුල් දෙක හෝදලා හම්බෙච්ච පොඩි මුද්දක්...තව ප්ංචායුදයකුත් තියේ "

" ඕවා උගස් තියන්ඩ පුස්සුද...ඇරත් එහෙමට ලොකු ගානක් ගන්නත් බෑ බන්... සල්ලි ගැනද දැන් උඹ හිතන්නෙ...ඒක හිතන්න එපා...මොකක් හරි කරමු..මම ගාවත් සල්ලි ටිකක් තියේ එකතු කරපුවා...ඒ හින්දා ඒක හිතන්නෙ නැතුව හිටපන්කො..."

" ඔයා ගාව තිබ්බා කියලා එහෙම ඔයාගෙන් ගන්ඩ පුළුවන් ද අයියෙ.."

" ඇයි...මම බෝඩිංකාරයා හින්දද...ඒ උඹේ අම්මා හින්දද...".

" හිතුවෙවත් නැති මගුල් කියන්ඩ එපා...රන්ඩු වෙන්ඩ තර්ක කරන්ඩ තරම් පනක් නෑ...මට.."

" නෑ නෑ...ඒක තමා හිතුවෙ...මම පිට එකානෙ..."

" කිව්වා එක පාරක් ඇ..."

"මම පිට එකානෙ..."

මම් ටැප් එක ඇරලා වතුර ටිකක් අරන් අර යකාට දමලා ඇරියා...

" ආයෙ ඔය කතාව කිව්වොත් වතුර නෙමේ ගහන්නෙ...පෙට්‍රල්...ගහලා ගිනි තියනවා... තමුසෙ මට නැතත් අපේ අම්මට පිට නෑ.... අපි අතරෙ කොහොම මොනවා තිබ්බත්...ඇති උනත්...පිට උනත්...පිට නොවුනත්.... අපේ අම්මට ඔයා එයාගෙම එකෙක් ගානයි... කොටිම්ම එයා හිතාන ඉන්නෙ ඔයා එයාගෙ ලොකු ගානට... ඒනිසා ඒක කියන්න එපා..."

" ඒක තමා මාත් කියන්නෙ අත කඩන් ඉද්දි බත් කටක් කැව්වෙ ඇන්ටි...බෝඩිං සල්ලි හදිස්සියක් නෑ පුළුවන් වෙලාවක කීයක් හරි දීපංකො සම්පූර්ණ ගානම ඕනෙ නෑ..කිව්වෙ ඇන්ටි...මටත් ඒ මගෙ අම්මා ගානයි...එහෙව් එකේ ඇයි මට බැරි වියදම් කරන්ඩ...."

" හරි මනුස්සයො....දැන් ඔයාගෙ බයික් එක හදන්ඩත් සල්ලි යනවා...ඒකෙ වාරික දාන්ඩ ඕනෙ...බෝඩිං සල්ලි පැත්තකට දාමුකො...තව කීයක් වියදම් ද....එහෙව් එකේ කොහොමද අයියෙ තමුසෙට වද දෙන්නෙ....මේ කරන උදව් මදෑ.."

" අනේ...හු*තක් කියනව....මම කැමැත්තෙන් නම් කරන්නෙ...වදයක් වෙන්නෙ කොහොමද...හරි..උඹේ ඔය මහ ලොකු බඩ්ඩ මට උගස් තියපන්කො....මම ඒදෙක උගස් අරන් සල්ලි දෙන්නං...ඉවරනෙ..."

" පොලී කොහොමද...බේරගන්න බැරි උනොත් මොකද වෙන්නෙ.."

" පොලිය සැරයි ඉතින්....බේරගන්න බැරි උනොත් සදාකාලිකව මට තමා අයිති වෙන්නෙ...."

" පොලියත් සැරයි නං... බේරගන්න බැරි උඅනහම අරහෙමත් වෙනව නම්... මාව උගස් ගන්නවකො...අරන් කීයක් හරි දෙනවා..."

" හොඳට හිටී තෝව සින්න උනොත්...."

" ඇත්ත ඕයි...මම මහ නිකමෙක්...ඒක මටම තේරෙනවා..."

" එහෙව් ප*ක් නෙමේ ලබ්බො කියන්නෙ... මනෝරි අක්කා එයි පොල්ලක් උස්සන් ..තෝව උගස් අරන්..."

" කවද හරි දවසක මගෙනුයි අපේ අම්මගෙනුයි කෙනෙක් තෝරගන්ඩ උනොත්...ඔයා කාවද තෝරන්නෙ...?"

" උඹ හිතලා කියපන්..මම මොනවා කරයිද?"

" තමුසෙ තෝරන්නෙ අපේ අම්මව..."

" ඔව්...මට ඒ ආදරේ හරි ඌණ පූරණයක් බං... ඇත්තටම ආදරේ කරන්නෙ අම්මලා... ඒක දන්නෙ ඒකෙ අඩුව දන්න එකෙක්මයි... "

"මම හිතුවෙ ඒක ඇහුවම මට දුකක් හිතෙයි කියලා...ආයෙ නැවතිල්ලෙ හිතලා බැලුවම හිතෙනවා ඒක හොඳයි කියලා.... සමහරවිට තමුසෙට මේ බෝඩිමටම එන්ඩ ලියවිලා තිය්න්ඩ ඇති...ඒකනෙ ඒදේවල් එහෙම උනේ...."

"ගැලපෙන අය හමුවෙනවා...ඒක ලොවේ සොබාව කියන්නෙ ඒකනෙ..."

" තමුසෙ ඕක කියන්නෙ අපේ අම්මගෙ අරන් හදා ගත්ත පුතා වෙන්ඩ ලැබුන එකට මිසක් මාව්  හම්බුන එකට සතුටින් නෙමේනෙ."

" නවත්තගන් ඔය ලබ්බ....තාත්තට ඇහුනොත් ගලපවයි තෝවයි මාවයි...."

" ඇයි නරකද..."

" මගුලක් කතා කරනවා...මේ  අම්මා ඉඳියාප්ප ඕඩරේ හදලා දුන්න යාලුවා කතා කලා...මාර හොඳ කියවිල්ලක්නෙ බං ඌ කිව්වෙ... අම්මගෙ කෑමවලට වශී වෙලාද මන්දා...මම හිතුව දේම ඌත් නොකියා කිව්වනෙ බං "

" මොකද්ද ?"

" මං කීවේ....එයාට ඇපරල් එකක් තියෙනවා...ළමයි තුන් හාරසීයක් වැඩ. මූ කියපි ඒ ටිකට කෑම දෙන එක උනත් ඒ ඇන්ටිට දෙන්ඩ හිතයිලු...ටවුමෙ ඒවට වඩා ගානත් අඩුවට රහට කොලිටියට වැඩේ කරයිලු "

" ඒත්....අම්මා කොහොමද ඒක ලැබුනත් ආයෙ මහන්සි වෙලා වැඩ කරන්නෙ..ඔපරේශන් එක කරහම කොහොමත් බෑ නෙ..."

" බලමුකො...ශුවර් කරලා කීවේ නෑ නෙ...ඕඩර් එක මිනිහා දුන්නොත් බෑ කොයන්ඩ හොඳ නෑ...ගනේ ගෑනු උදවිය ටිකක් දම්මලා හරි කරමුද බං...උඹට උනත් ආයෙ ජොබකට යන්ඩෝනේනෑ..ඒ ටික මැනේජ් කරන් අම්මවයි තාත්තවයි බලාගෙන්  උන්නැහැකි..."

" ඔව් ඉතින්....දවසට වේල් දෙක ගානෙ තුන් සීයකට දැම්මත් හය සීයක් කෑම පාර්සල්... එකකින් විස්සක් ලාබ තිබ්බත් හෙන ගානක්නෙ ඕයි...."

" ඒකයි මාත් කියන්නෙ... ඔය ගමේ ගෑනු දෙන්නෙක් දාන් වැඩේ කලත් පාඩුවක් නෑ...."

" සිරාවටම ඕයි...අනික ඒක හරියට කලා කියන්නෙ තව වැඩ අහු වෙනවනෙ ඉස්සරහට....හම්බුනොත් නම් හොඳා..."

" ඒකයි මාත් කියන්නෙ..."

" මේ ඕයි...ඒක නෙමේ මම අහන්නෙ...දැන් දවස් ගානක් අත එල්ලන් වැඩට ගියෙ නැතුව දවසක් වැඩට ගියා...ආයෙම අද වැඩට නොයා හිටියා....හෙට අනිද්දත් නිමාඩුලු...ඇත්තටම ඕකෙ බොස් තමුන්නැහැගෙ බාප්පද....?"

" වැඩට යන්ඩ හිත දුන්නෑ බන්...උඹයි තාත්තයි මෙහෙ අසරණ උන වෙලාවට මට එහ්ව්ම ආත්මාර්ථකාමී වෙන්ඩ බෑ නෙ...රස්සාව වගේද බං අම්මෙක්...කාගෙ උනත් අම්මෙක්නෙ..."

" අනේ මන්දා ..තමුසෙත් හරි ගුප්ත ඩයල් එකක්...බෝඩිමට ආව දවස්වල මට කියපු කරපුවයි...දැනුයි...අහසට පොලව වගේ"

"ඇයි මම විතරක් තෝත් එහෙමනෙ... හැබැයි පුතෝ...මගෙ මූනෙ අරව ගාපු එක නම් අමතක කරා කියලා හිතන්ඩ එපා...අම්ම ගෙදර එනකන් විතරයි මේ සටන් විරාමෙ..."

" ඊට පස්සෙ තමුසෙ ආයෙම ඉස්සර වගේ මාව පැත්තකට දානවද ඒ කියන්නෙ..."

" බලමු ඉතින්...අපිට් සලකන හැටියට තමා අපිත් සලකන්නෙ.."

" ඒක මගෙ දෙබසක් ඈ..."

කොහොම හරි එදා දවල්ට අම්මව බලන්ඩ ගියෙත් මායි අයියයි..මට කරන  කියන දේවල් ගැන ලොකු අවබෝධයක් නොතිබ්බට අයියා වැඩ කලේ මහ එකෙක් වගේ... ඌ එක්ක ඉද්දි මට අම්මලා තාත්තලා එක්ක ඉන්නවා තරම්ම ලොකු ආරක්ශාවක් දැනුනා...
දවාලෙත් අපි කෑම හදාන අම්මට බත් මුලක් බැඳන් ගියෙ...මායි අයියයි තාත්තයි තුන් දෙනාම එකතු වෙලා හදපු කෑමවල සෑහෙන්න ලොකු ආදරයක් තියෙන්න ඇති...ඒ නිසා ඒ කෑම ගොඩක් රසට තියෙන්න ඇති. අයියා අම්මව බලන්න ගියහම අම්මට මම ගිය එක තරම්ම මහ අමුතු සතුටක් දැනිලා තිබ්බා...ඒක මම දැක්කෙ එයාගෙ ඇස්වලින්...ලාවට එලියට එන්ඩ දගලන කඳුළු වහන්ඩ හිනාවෙන ඇස්වලින්...
සීතා නැන්දා එදා රෑ අම්මා ළඟ නවතින්න ආවම අයියායි මායි අපේ වීල් එකේ ලොකු අම්මා හවස ගෙදරට ගිහිල්ලා දාගෙනමයි රෑ ගෙදර ගියෙ...තාත්තට උයන්ඩ කරදර වෙන්ඩ එපා කියලා දෙතුන් පාර මතක් කරලා කිව්වෙ අපි රෑට කන්ඩ කෑම කඩෙන් අරන් එන්නම් කියලා.. එහෙම නැත්නම් තනියම එයා උයන්න දඟලනවනෙ....

ඉතින් ගෙදර එන ගමන් සයිවර් කඩේකින් තෝසෙ අරන් යමු කියලා යෝජනාව දැම්මෙත් අයියාමයි...මාත් එක පයින් ම හා කියලා ඒක ස්තීර කලේ මම වගේම තාත්තත් තෝසෙ කන්ඩ ආස හින්දා...

ගෙදර ඇවිල්ලා නාගෙන තෝසේ කාලා ප්ලේන්ටියක් ගැහුවම මාර වෙනසක් ඉතින්...හැමදාම නෑ නෙ...තාත්තට බේත් දීලා අපි ඔහේ කතා කර කරා හිටියා ..වෙනදට දෙතුන් පාර ප්‍රවෘත්ති බලන තාත්තා ඒ දවස්වල ප්‍රවෘත්ති බලන්ඩ වත්  ටීවී එක දැම්මෙ නෑ... කවුරු කොහොම එක එක්කෙනාගෙ හිත සනසන්ඩ හැදුවත්... අනික් එකා දුකින් ඇත්තෙ කියලා ඒක අමතක කරන්ඩ මෝඩ විහිලුවක් කලත් ඒකට සාධාරණයක් කරන්ඩ නිකන් හිනාවක් ගියා විතරයි ..නොකිව්වට නොපෙන්නුවට හැමෝගෙම හිත් අස්සෙ අම්මාගෙ කච කචේ නැති අඩුව තිබ්බා...පිට එකෙක් වෙච්ච අයියටත්...අපිට තරම්ම නොඅඩුව ඒක එහෙමම දැනුනා....
අම්ම නැති රැයක් මම හීනෙකින් වත් හිතලා තිබුනෙ නෑ... අම්මා ඉස්පිරිතාලෙ අරන් ගිය දවසෙ හවස හිතට අමුතු බයක් දැනුනා...මහ පාලුවක්..තනියක්..මූසල ගතියක්...ඒත් හිතුව තරම් ඒ රෑ එහෙම නොවුනෙ අයියා මං එක්ක හිටපු හින්දා....
මිනිහෙක් ඕනේ ඒ වගේ වෙලාවකට..  අබමල් රේණුවක් තරම් වැරදි හිතුවිල්ලක් වත් හිතට නේන්ඩ පපුවක් අස්සෙ ඔලුව ඔබන් ඉන්න තියෙන එක වාසනාවක්...ඒක වෙනම පිරිසිදු හැඟීමක්...ආරක්ෂාවක් ...රැකවරනයක්.අයියට ඕන තරම් ඉඩ තිබ්බ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්ඩ...එහෙම නොකරපු එකම ඌ ගැන මගෙ හිතේ තිබ්බ මහත්තයෙක් කියන්  හැඟීම තව වැඩි කලා.... කතා නොකර ඉන්නකොට ජොට්ටෙකින් ගහලා... ඔහේ බලන් කල්පනා කරනකොට මොකක් හරි මෝඩ කතාවක් ඇදලා අරන් අවදානෙ වෙනස් කරලා...ඌට පුළුවන් හැමදේම ඌ මම වෙනුවෙන් අපි වෙනුවෙන් කලා...සමහරක් වෙලාවල් වල මට තේරුනා මූ පෙලක් දේවල් අහන්නෙ ඕනවට නෙමේ කියලා...ඒත් නොතේරුන ගානට මම උත්තර බැන්දා... සමහරක් වෙලාවට ඌ කරන්නෙ මෝඩ විහිලු ..කිචි කැව්වත් හිනා යන්නෑ..ඒත් මම ඌට පේන්ඩ හිනා උනා....බොරුවට හරි.... අම්මා ගැන කල්පනා වෙන වාර ඌ අඩු කලා..මට දුක හිතෙන තැන් ඌ ඇහිරුවා..වෙන වෙන විකාර වලින් හිඩැස් පිරෙව්වා..මට නරක විදිහට සැලකුවෙ ඌමද කියලා හිතෙන තරම් ඒ ඇටිකුකුලා වෙනස් ම චරිතයක් උනා...

දවස් ගෙවුනෙ ඒ විදිහට ....අපේ නිල රථය උනේ රෝද තුන...ලොකුම්  රාජකාරිය උනේ බතක් මාලු ඔඉන්නක් උයන් බත් එකක් බැඳන් තුන් වේලක් ඉස්පිරිතාලෙට යන එන එක....තාත්තා ගැන බලන්නයි...අම්මව බලන්න ඉස්පිරිතාලෙට යන්නයි අස්සෙ මම දන්නෙම නැතුව ජීවිතේ මහ වගකීම් කන්දරාවක් මට බාරවෙලා තිබ්බා...වාසනාවට ඒ දේවල් එක්ක මගෙ හයියට අයියා කෙනෙක් මට ලැබිලා තිබුණා....උදෙයි දවල් වරුවම නොහිතුව තරම් වැඩ කරන්න උනාට රෑට රෑ වෙනකොට අරූ ගාවට වෙලා පිස්සුවක් කෙලින පැය ගාන...ඒ හැම දේම සතුටින් විඳගන්න තරම් ශක්තියක් වුණා....

ඒ වගේ දවස් ගෙවුනෙ සතුට දුක මැදි කරන්...ලොකුවට දුක් නොවෙන්ඩ...ලොකුවට සතුටක් නොදී...  අම්මගෙ ඔපරේශන් එක කෙරුනෙ අම්මා ඉස්පිරිතාලෙ නවත්තලා තුන් දවසකින්....තව දවස් එක හමාරක් එයාට ඉස්පිරිතාලෙ ඉන්න උනා.... ඒ පෙලක්  දවස්වල තාත්තා එක්ක අපු ගනේ පන්සලට ගියෙ බෝධිය ට පැන් කලයක් දාලා අම්මට සෙත් පතන්න....ටිකට් කැපුවට  පස්සෙ අම්මව ගෙදර එක්කගෙන එන්න කලින් උදේ පාන්දරම අපි ගියෙ වීදියවත්තෙ ලොකු පන්සලට ....අපි පාන්දර නැගිටන් හදන් ආපු කිරි ආහාර බෝධීන් වහන්සෙට පූජා කරලා අම්මව පරිස්සම් කරලා ඉක්මනට සනීප කරලා දෙන්න කියලා වුණ බාරෙ ඔප්පු කලා....
දවස් පහ ගෙවිලා යනකොට රැයවල් පහක් මම අයියගෙ පපුව කොයිතරම් සද්දෙට ගැහෙනවද කියලා දැනගත්තා... ඌ ගාව තියෙන්නෙ හරි ආදරණීය උණුසුමක් කියලා මම දැනගත්තා...

අපි අම්මව එක්කගෙන එන්න ඉස්පිරිතාලෙට යන්න තව වෙලාව තිබ්බ නිසා සුදු වැලි මලුවට වෙලා ඔහේ කතාවක් වත් නොකර හිටියා...
ඒ ඉන්න අතරවාරෙ අයියට කෝල් එකක් ආවා...නොහොබිනා කමට නෙමෙ හිතේ ඇති වෙමින් තිබ්බ ආලවන්තකමට මට ඒ දිහා බැලුනා..වුවමනාවෙන් නොවුනත්... ඒකෙ නම වැටුනෙ  # සුදු මැණික # කියලා.... ඒකට මම ඉන්න තැන ආන්සර් නොකර අයියා මම දිහා බලන නොබලන ගානට බලලා මූන හංගගෙන පැත්තකට ගියා...

# මම ඉස්සරහා කතා කරන්න බැරි හුඟක් දේවල් ඇතිනෙ....දාලා ගිහිල්ලත් උඹ ගැන ඔහොම හොයන්නෙ..එක්කො ඌ තාමත් උඹට ආදරේ ඇති....නැත්නම් මොකටද අයියෙ උඹත් කවි ලියාගෙන ඌගෙම්  පොටෝ බල බලා හූල්ලන්නෙ... උඹත් ඌ මත්තෙම නැහෙනවා ඇති...එක අතකට උඹ මගෙ ඇඳට නාවනම් එකක් අයියෙ... දවස් පහක් තිස්සෙ අපි මොකට එහෙම හිටියද... වැරදි දෙයක් උනා නම් තව අමතක කරන්න පුළුවන් ...ඒත් ඒ වගේ රස්නයක් මොකට දුන්නද...ඒ වගේ මොකට මගෙ හිත හැදුවද... අඩුම ගානෙ එහෙම නොකලා නම් කාත් කවුරුත් නැති වෙලාවට කාගෙවත් උරිස්සකට බර නොවී තනියෙන් හිත හදාගන්න හැටි හරි මට ඉගනගන්න තිබ්බා...අපරාදෙ ..උඹේ හිතේ මොනවා තිබ්බද අහන්නෙ බලන්නෙ නැතුව..මම මහ ගොඩක් හීන පුරලනම්....අද රෑ මම කොහොම ඉන්ඩද...?????
කමක් නෑ....කවුරු නැතත් මට මගෙ අම්මා ආපහු ගෙදර ඒවිනෙ... අම්මා නැති අඩුව උඹට තුරුල් වෙලා අකා මකා කරගත්තා වගේ...උඹ නැති අඩුව නැති කරගන්න මම අම්මට හරි තුරුල් වෙන්නං... #

                  මතුසම්බන්ධයි
...............................................................

මොනවා කියන්නද ඉතින්...පෙලක් දෙවල් ලැබෙන්නෙ තාවකාලිකව...දෙයක් ලැබෙනකොට දේවල් නැති වෙනවා... එහෙමයි කියලා මැරෙන්ඩ ඈ.... උන් උන්ගෙ ප්‍රශ්න විසඳගනී...බොලා ලා ඕක කියෝලා අනුන්ගෙ ප්‍රශ්න ඔලුවට දාන්නෙ නැතුව ඉඳිල්ලකො....😂😂😂😂😂
සුදු අප්පුවා අම්මා ගෙදර එක්කගෙන ආහම අම්මා එක්ක හරි හුරතල් වෙන්නෙ නැතැයි....
බලමුකො බලමුකො...මක්කා දෙනවද කියලා...
එහෙනම්...කැමති ඈයො වෝට් එකක් දාගෙන..හිතෙන දේ වචන ටිකකට පෙරලගෙන යන්ට...ශෙයා කරනවනම් කොරන්ට...😁

Continue Reading

You'll Also Like

81.2K 4.9K 42
សរសេរដោយ : ជុងឈូ Jungguk Top X Jimin Bottom take ur own responsible for reading this.
29.4K 6.3K 22
💔 ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ... සමහරුන්‍ට ඒ ආදරේ උරුම වෙද්දී ආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි.. එක පුංචි බිම්මලක් රෑ අහසට...
11.7K 1.3K 25
⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...
4.6K 634 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....