SILENT LOVERS ♡ || MYG ✅

Von KIMvikii04

5.4K 1.7K 173

Love is not always something to be told to each other ... it is something to be done from the heart ... that... Mehr

CHAPTER - 1
CHAPTER - 2
CHAPTER - 3
CHAPTER - 4
CHAPTER - 5
CHAPTER - 6
CHAPTER - 8
CHAPTER - 9
CHAPTER - 10

CHAPTER - 7

394 162 2
Von KIMvikii04

" මේකයි යුංගී...ජීයුව මැරි කරන්න ඉන්නෙ මම..."

" ම්ම්ම්..."

හෝසක් බලාපොරොත්තු උනේ මීට වඩා වෙනස් රිඇක්ශන් එකක් උනත් යුංගි නිකන් ඒක ගනන් ගත්තේ නෑ වගේ හිටපු නිසා හෝසක් ආයෙත් කතා කරන්න ගත්තා...

" ජීයුව මට ප්‍රොපොස් කරාම මම මුලින් අකමැති උනා..ඒත් මොකක්දෝ හේතුවකට මට ජීයුව ආස්‍රය කරලා බලන්න ආස හිතුනා...ඒක නිසාම මම ජීයුගේ යුනිවසිටි එකටම ආවේ...මම ජීයුව දැක්ක මුලම දවසේ මම මැරේජ් එකට කැමැත්ත දුන්නා...

මැරේජ් එකක් වෙන්න දෙන්නා අතර තියෙන තේරුම් ගැනීම හුගක් වැදගත් නේ...ඒක නිසා මට හිතුනා මුලිනම් ජීයුගේ යාලුවෙක් වෙලා ටික ටික එයාට ලං වෙන්න...

ජීයු දන්නෙ නෑ මම තමයි එයාට ප්‍රොපෝස් කරපු පිරිමි ලමයා කියලා...මම එයාට හුගක් ආදරෙයි..ඉති..."

" මමත් එයාට ආදරෙයි හෝසක්..."

" ඇහ්...මොකක්.."

" මම විතරක් නෙමෙයි හැමෝම එයාට කැමතී...ආදරෙයි..."

යුංගි එහෙම කියනකොට තමයි හෝසොක්ගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ ..

" ජීයූ පොඩි ලමයෙක් වගේ..මමයි පොඩි කාලෙ ඉදන් එයාගේ ලග හිටියේ...එයාට මොනා හරි ඕන උනොත් ඕනමයි..එයාගේ කටට බ්‍රේක් ඇත්තෙම නෑ...ගිටාර් එක ප්ලේ කරන්න ආසයි..ඒත් අහන් ඉන්න අමාරුයි...හැමවෙලේම බඩගිනී කියාගත්ත ගමන්...හිටපු ගමන් පොඩි එකෙක් වගේ අඩන්න ගන්නවා...ඔයාට මේ දේවල් ඉවසන්න පුලුවන්ද හෝසක්..."

යුංගි කෙලින්ම හෝසක්ගේ මූන දිහා බලන් අහපු නිසා හෝසක් ටිකක් වෙලා යුංගි දිහා බලන් හිටියා..

" මට පුලුවන්..මම උපරිමෙන් එයාව සතුටින් තියන්නම්.."

යුංගි ලොකු හුස්මක් පිට කරලා ඇස් දෙකත් පියාගෙන ශීට් එකට බර උනා..හෝසකුත් කිසි වෙනසක් පෙන්නනන්නෙ නැතුව ඉක්මනට ක්ලබ් එකේ පාකින් ඒරියා එකට ගියා..

යුංගි ඉක්මනට බැහැලා එයාගේ බයික් එකත් ස්ටාට් කරන් හෝසක්ගෙ කාර් එක ලගට ආවා...

" හෝසක් .. ජීයුව හොදින් බලාගන්න... ජීයු ඔයාට කැමති වේවි...ඒකට උදව්වක් ඕනිනම් මට කියන්න "

යුංගි හෝසක්ට උත්තරයක් දෙන්න නොදීම ඉක්මනට එතනින් ගියා...යුංගිගේ දැන් දැනෙන හැගීම මොන වගේ එකක්ද කියලා යුංගිටම තේරුනේ නෑ...

-----------------------

" තාම ඩොක්ට කෙනෙක්ව හම්බවෙන්න ගියෙ නැද්ද යුංගී..."

" නෑ...මගේ ඔඩිශන් වලට යද්දි මෙඩිකල් එකක් ගේන්න කියනවනේ .. "

" නෑ ..ඒ ගේන්න කියන්නේ ඔඩිශන් පාස් උනාම..."

"ම්ම්.."

" ඒමේ..ජීයු ඔයාට හුගක් කැමතී වගේ.."

" ම්ම්..ඒ වගේද..."

" ඔයා කිව්වට වඩා කෙල්ල හුගක් ලස්සනයිනේ.."

" ම්ම්..හුගක්...හුගක් ලස්සනයි...හිතයි රූපෙයි දෙකම..."

" මොකද අද වැඩි වෙලාද මේ කෙල්ලගෙ හොද කියවන්නේ.."

" අනී ටේරා..මම දැන් යනවා..අද ක්ලබ් එකේ සද්දෙ වැඩී වගේ...ප්‍රැක්ටිස් එහෙමත් තියනවනේ..."

යුංගී ක්ලබ් එකෙන් ඉකමනට එලියට ඇවිත් ඉක්මනට ගෙදර ගියේ ඔඩිශන් යන්න තව සතියකටත් අඩු කාලයක් තිබ්බ නිසා...
----------------------

" හෙලෝ යුංගියා මොකද උනේ...ඔයාව සිලෙක්ට උනාද..."

යුංගි ඔඩිශන් ගිහින් ආව ගමන් ජීයු එක දිගට අහන්න ගත්තේ මොකද උනේ සිලෙක්ට්ද කියන එක විතරයි...

" ආයිශ් කන...චුට්ටක් හිමීට කතා කරනවකෝ වදේ...එපාවෙනවනේ...සිලෙක්ට් උනාද නැද්ද කියලා පස්සෙනේ කියන්නෙ..."

" හරි ..හරි...මම අද එන්නද ඔයාගෙ ගෙදර පාටියක් දමු..."

" බෑ එපා...අද මම ක්ලබ් එකට යන්න ඕනේ...ගෙදරට වෙලා ඉන්නවා..."

"අනේ යුංගී..."

ජීයු මොනවත් කියන්න කලින්ම යුංගි ෆෝන් එකත් ඕෆ් කරලා ඉක්මනට කැෆේ එකට ගියේ ජින්ටත් මේක ගැන කියන්න..
°
°
°
°
°
_VIKII_

Weiterlesen

Das wird dir gefallen

173K 26.4K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
12K 2K 21
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හ...
73.4K 13.7K 32
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දා...
572K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...