අපි අපේ

By HappyRanuk

30.5K 5.2K 1.3K

සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පල... More

අපි අපේ 1
අපි අපේ 2
අපි අපේ 3
අපි අපේ 4
අපි අපේ 5
අපි අපේ 6
අපි අපේ 7
අපි අපේ 8
අපි අපේ 9
අපි අපේ 11
අපි අපේ 12
අපි අපේ 13
අපි අපේ 14

අපි අපේ 10

1.8K 350 48
By HappyRanuk

අපි අපේ 10

" ඒ උනාට...මට හොස්පිට්ල් එක ළඟට හරි ගිහින් එන්න ඕනෙ...මට අම්මව මගෑරුනා...ඒ වෙලාවෙ මට ගෙදර ඉන්න තිබ්බෙ..."

අයියාගෙ මූනෙ ඊට පස්සෙ තිබ්බෙ අනුකම්පාවක් එකතු වෙච්ච බැල්මක්...

" යකෝ....ඒක එහෙම තමයි...උඹ හිතලා එහෙම මගෑරියෙ නෑ නෙ...මටත් ආව තරහට උඹටම ගැහුවෙ...අනේ සොරි මල්ලි....ඒක මම හිතලා කලේ නෑ.... උඹට ඕනෙ නම් බැනපන් මට..."

" ඔය මගුලක් නෙමේ...මට හොස්පිට්ල් යන්න ඕනෙ...අම්මට මොකද දන්නෑ..."

අපි දෙන්නගෙ කතාව අහන් හිටපු තාත්තා ඒ මැද්දට පැන්නා..

" සුදු අප්පුවො...දැන් උඹ ගියා කියලා මොනවා කරන්නද....දොස්තර වැඩේ කරන්ඩ ඈ මොකෝ...අම්මා ගාව සීතා නැන්දා ඉන්නවනෙ...ඇරත් අම්මට සුප් එකකුයි...සීතා නැන්දට කඩෙන් බත් එකකුයි ගිහින් දීලා ආවේ..."

"ඒකනෙ අන්කල් මාත් කියන්නෙ.....මම ගිහින් නාගෙන එන්නං....ඇඟට මාර මහන්සී...මල්ලි...උඹත් ගිහින් නාගනින්කො...ටවුමට ගිහිල්ලා මොනවා හරි කන්ඩ ගේමු....තාත්තට බේත් බොන්න එපැයි"

අයියා ගියාට පස්සෙ මම තාත්තා වාඩිවෙලා හිටිය පුටුව ළඟ බිම වාඩිවෙලා තාත්තගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා...කෙස් අස්සෙන් අත යවල ඔලුව අතගෑවට දාඩිය පිරිලා...

"මගෙ ඔලුවෙ දාඩිය...තාත්තගෙත් අතේ ගෑවෙනවා..."

"උඹට අම්මා නැතුව පාලුද..."

"නෑ..."

" එහෙනම්.."

"දුකයි.."

" ඇයි "

" මට අම්මාව මගෑරුනා...මම ෆෝන් එක පැත්තක තියලා රෑවෙනකන් සෙල්ලං කලා....ඔයයි අම්මයි විතරයි ගෙදර කියලා ගානක් වත් ගියෙ නෑ.... මගෙ වැරැද්ද "

"සුදු අප්පු...උඹ හිටියා කියලා අම්මා අසනීප නොවී තියෙන්නෙ නෑනෙ...උඹ හිටියනම් කරන්නෙ අම්මාව ඉස්පිරිතාලෙ එක්කන් යන්ඩ උදව් කරන එකනෙ...ඒක කොහොම හරි දැන් උනානෙ...ඒ හින්දා උඹ වැරැද්දක් කලා වගේ හිතන් ලතැවෙන්ඩ එපා...හෙට පාන්දර ගිහින් අම්මව බලන්ඩ..."

" ඒ උනාට මට අම්මව බලන්ඩ ඕනෙ..."

"උඹ හිතන්නෙ මට අම්මව මතක් වෙන්නෑ කියලද...ගෙදරම වස පාළුයි... එයැයිගෙ කට හඬක් නෑහෙද්දි ගෙදරම මූසලයි... ඒ උනාට මේ ඉන්නෙ..."

"අම්මා පව් තාත්තෙ...එයා මම හින්දා සෑහෙන්ඩ මහන්සි වෙන්නෙ..මම රස්සාවක් හොයගන්නවා...ආයෙ අම්මට මහන්සි වෙන්ඩ දෙන්නෑ...."

" උඹ තාම ඉගනගන්න වයසෙ...වැරදි උඹ නෙමේ...මම. ලෝන් අරන් ගෙවල් දොරවල් හැදුවට මොකද දැන් තමා හිතෙන්නෙ පුළුවන් විදිහකට බිත්ති හතරක් අටවන් හිටියනම් එකක් කියලා"

" අනේ මේ...විකාර කියවන්න එපා..තාත්තා අවුරුදු ගානක් අපිව බලාගත්තෙ....දැන් මමයි ඔයාවයි අම්මවයි බලාග්න්ඩ ඕනෙ..."

" අනේ මේ...උඹේ මනස්ගාත කියවිල්ල පැත්තක තියලා...ගිහින් නාගනිං...දාඩිය පෙරෙනවා..."

" තාත්තට බඩගිනි ද "

"නෑ "

" මටත් බඩගිනී නෑ...ඒත් ඔයාට බේත් බොන්ඩ එපැයි...අම්මා හිටියනම් මේ වෙද්දි දහපාරක් කෑගහලා බේත් බොන්ඩ කියලා "

" අර පුතා එක්ක ටවුමට ගිහින් සුදු ආප්ප අරන් එනවකො...ගෙදර සීනි කෙහෙලුත් තිබ්බා...කාලා ඉඟුරු දාලා ප්ලේන්ටියක් බොමු...මම හදලා දෙන්නම්කො...උඹලගෙ අම්මට වඩා මට රහට තේ හදන්ඩ පුළුවන් "

" නෑ නෑ...මම හදන්නෙ...."

" අර ළමයා කිව්වම මතක් උනේ....මගෙන් ගුටියක් කෑවත් වචන දහයක් හරි සැරට කියලා රවාන ඉන්න උඹ පුදුමයි කටවහන් හිටියා..."

" අනේමන්දා ... මම හිතුවෙ නෑ ඒ යකා ගහයි කියලා..ඇරතේ  ඒ යකාට කේන්ති ගියෙ උගෙ අම්මට මම නොබලා හිටියා වාගේඒඑ....අනික ඌ මගෙ තාත්තා වගෙනෙ මට ගැහුවෙ...ඔයාවත් ගැහුවනම් කමක් නෑ....ඌ හිතාන ඉන්නෙ මේක උගෙ ගෙදර කියලද දන්න් නෑ..."

" නෑ ඉතින්...අපි ඌට සැලකුවෙ බෝඩිම්කාරයෙක්ට එහා ගිහින් වෙච්ච කොට...ඒළමයා අපිට ගරු කරන්නෙ අම්මට තාත්තට වගේ වෙච්ච කොට...එහෙම කරපු එකත් සාධාරණයි...උඹට අයියෙක් හිටියනම් ඌත් ඒවගේ සලකයි.... එක අතකට එහෙමත් හොඳයි ඉතින්...බයක් නෑ ඌ හරි ඉන්න එකෙන්.."

"මොකද්ද හොඳ... ඔයාටත් ඉතින් ඌවනෙ ලොකු...වෙන තාත්තෙක් නම් තමන්ගෙ ළමයට පිට එකෙක් ගැහුවහම කට පියන් ඉන්නව ඈ...ඔයා වචනයක් වත් කීවෙ නෑ නෙ "

" අන්න පරණ සුදු අප්පු ආවා.... එකට එක කියන්...ගහන්ඩ තමා වටින්නෙ ඉතින්... ඇරත් උඹ ඌට වචනයක් වත් නොකියා කට වහන් හිටිය එකේ ...මම මොකටද කියවන්න යන්නෙ...හරි දැන් උඹ කියපන්කො බලන්ඩ ඇයි කටවහන් හිටියෙ"

"නෑ ඉතින්...ඒක මගෙ වැරැද්දනෙ...අනික ඒ කනේ පාර රිදුනෙ නෑ මට...තාත්තා කිව්වත් වගේ මේ වෙලාවෙ ඒයකා ඉන්න එක මට සැහැල්ලුවක් වගේ දැනෙනවා තාත්තෙ... ඔයා ගැන..අම්ම  ගැන වද වෙන විදිහට...ඇත්තටම අයියෙක් වගේ... "

" හ්ම්ම්...ඇත්ත... දෙයක් නැති උන මනුස්සයෙක් තමා දන්නෙ පුතේ ඒකෙ වටිනාකම.... අම්මෙක් නැති දරුවෙක් දන්නෙ අම්මෙක් නැති අඩුව...අම්මගෙ වටිනාකම... ආදරයක් නැති වෙච්ච කෙනෙක් දන්නෙ ආදරේක වටිනාකම... නැතිකොට හිතලා විඳවනවට  වඩා..ඉන්නකොට තේරුම් අරන් පරිස්සන් කරන එකයි වැදගත්...එතකොට හිතේ පසුතැවිල්ලක් ඉතුරු වෙන්නෑ..."

" ඔහොම කතා කියන්න එපා...මම අර යකා ආවහම ගිහින් නාගෙන එන්නං..නැත්නම් ඔයා තනියමනෙ..."

"මාව මොකා උස්සන් යන්ඩද බන්..ගිහින් නාගෙන වරෙන්..හඬු ගඳයි උඹ ගාව..."

මම  ඒත් තාත්තගෙ ඔඩොක්කුවෙන් ඔලුව උස්සන්න ලෝබ්  කමට ඔහේ ඔලුව තියාන උන්නා..තාත්තගෙ ගොරෝසු අත් වලින් ඔලුව අතගානකොට අමුතු ආරක්ෂාවක් මට දැණුනෙ.

අයියා නාගෙන තුවාය පිටින් රෙදිවැල ගාවට ගිහින් රෙදි වනනවා දැක්කම, ඌ තාත්තා පේන මානෙ ඉන්න නිසා ම්ද්ම් උඬට ගියා නාගන්ඩ.

මුලු ගේම පාලුයි...අම්මගෙ කට හඬක් ඇහෙන්නෙ නැතිකොට ගෙදරම නාය ගිහින් වගේ... මම කාමරේට ගිහින් ඇඳුම් ටික ගලවලා...යට ඇඳුම පිටින් සාලුවත් අරගෙන නාන කාමරේට ගිහින් නාගත්තා...කොයිතරම් හිත සැනසුවත් මගෙ හිතේ මහ වරදකාරී හැඟීමක් මුල් බැහැගෙන තිබ්බ... අයියා ගහඖ පාරෙන් ඒක ටිකක් හරි අඩු උනා...ඒ වෙලාවෙ හැටියට මම ගුටි කාපු එක මට දැනුනෙ ආරක්ශාවක් ඒක්ක මගෙ වැරැද්දට කැබුන් දඬුවමක් ගානට. නගෙන ඇඳුමක් දාගෙන මම ගාව සන්තකේට්ම තිබ්බ රුපියල් පන්සීය බෑග් එක්ව්න් අරන් මම පල්ලෙහාට බැස්සා...මම යනකොට අයියගෙ බයික් එක පේන්න තිබ්බෙ නෑ...

" කෝ අර යකා තාම ආවෙ නැද්ද...ටවුමට යන් කිව්වෙ ඉස්සෙල්ලා"

" ආවා...ආයෙ උඹත් ගියොත් මම තනියෙන්නෙ කියලා තනියෙන්ම ගියෙ... "

" තාත්තා සල්ලි දුන්නද...?"

" මොන...දෙන්ඩ හැදුවට ගත්තෙ නෑ...කන්නෙ මොනවද අහලා සුදු ආප්ප කමු කිව්වම ගියෙ..."

" මාර මිනිහෙක්නෙ...ඈ තාත්තෙ..කිව්වත් වගේ ඌ දැන් ඔයාලගෙ ලොකු පුතා ගානට හිතාන ද මේවා කරන්නෙ... "

"කවුද දන්නෙ බං...එ උනාට තව එකෙක් ඉන්න එක හොඳයිනෙ... බැඳීම් හැදෙන්න...හදාගන්න ඔයා මගෙ අරයා..මම ඔයාගෙ මෙයා කියලා කිය්න්නම ඕනෙ නෑ ඉතින්...එහෙම නොකියා දෙගොල්ලක්ට දෙගොල්ලක් අතරෙ එහෙම බැඳීමක් හැදෙනවනම්  ඒක කිය කියා හදාගන්න බැඳීමකට වඩා හොඳා...ඌට අඩුවක් වෙච්ච දේ අපෙන් හම්බෙනවනම්...ඒ කොල්ලා එහෙම හිතාන උන්නදෙන්...ඌ නරක එකෙක් නෙමේ කොහොමත්.. කත  බහෙන් පේනවා "

" දැන් එතකොට අහසින් වැටිච්ච එකෙක් හින්දා මම මේ ගෙදර පොඩි පුතා වුණා...ඌ ලොකු එකා..."

" හරි...මට කියනවා... අයියෙක් ඉන්න එකට උඹ කැමතිද...අකමැති ද"

" අක්මැත්තක් නෑ.... එහෙමයි කියලා ලොකු කැමැත්තකුත් නෑ...බලමුකො..."

" හෙට පාන්දර අම්මව බලන්ඩ යනවද..."

" ඔව් ඔව් ඔව්..."

" මම පාන්දර නැගිටලා ..රයිස් කුකර් එකේ බත් එකක් ගහලා , පරිප්පුවක් උයලා බිත්තර තම්බලා දෙන්නම්...කඩෙන් කෑම දෙන්න බෑ නෙ "

" තාත්තා නිකන් ඉන්ඩ...මම ඒ ටික කරන්නං...මනෝරිගෙ පුතාට උයන්ඩ බැයි නම් කාටද උයන්ඩ පුළුවන් ...තාත්තා  ....මේ....තාත්තා ගාව තියේ නම් සල්ලි කීයක් හරි දෙන්ඩකො ..ඒ ඇති "

" මං ගාව දාහක් දෙදාහක් ඇති....අම්මගෙන් තමා අහන්ඩ වෙන්නෙ එයා ස්ල්ලි අරන් තියපු තැන්..හෙට ගියාම ඒකත් අහන් වරෙන්...පෙන්ශන් එක එන්නත් තව සති ගාන්ක් තියේනේ..."

"හූම්ම්..."

අපේ කතාව් මග නැවතුනේ අයියා සුදු ආප්ප අරන් ඇවිල්ලා මට දික් කලහම...

" ඒ මේ...තාත්තට කන්න දීලා බේත් ටික දීලා ඉන්නවකො...."

මං ගිහින් ආප්ප ටික ගද්දි ඒකට උත්තර බැන්දෙ තාත්තා ..

" පුතත් ඇවිල්ලා කාලා හිටියනම් හරිනෙ...."

" ම්ම්...යන්...මම කෝල් එකක් අරන් එන්නං...මල්ලි තාත්තට බෙදලා දෙනවකො..."

මම තාත්තත් එක්ක කෑම කාමරේට ගිගින් කැම්ම ලෑස්ති කලා...පිගන් වලට දදා කැටයම් කෙරුවෙ නෑ අම්මා වගෙ...ඓලි කවරෙ පාත් කරලා ඒ ටික මේසෙන් තියලා..ලුණු මිරිස් එක කඩලා දීසියකට දාලා...ගෙදර තිබ්බ සීනි කෙහෙල් ඇවරියකුත් ඒ කිට්ටුවට කරලා වතුර ජොග්ගුවට වතුර එකක් පුරවලා පිගන් තුනක් හෝදලා තිබ්බ......

" තාත්තා ක්න්ඩකො...මම වතුර එකක් ගහලා එන්නම්..."

" අර ළමයා ආවහමම කමු...."

" ඕන එකක්..."

වතුර  එකක් රත් වෙන්න ගහලා මම තාත්තගෙ බේත් ටික තොරලා ළඟින් ගෙනල්ලා තිබ්බෙ කාලා අමතක නොකර බොන්න ලේසි වෙන්න. කුස්සියට ගිහින් තේ එකක් ලොකු කෝප්පෙකට හදලා කෝප්ප තුනකට දාන් අරන් ආවා...අයියා ඒ වෙද්දි ඇවිල්ලා තාත්තට කන්න බෙදලා දීලත් තිබ්බා...

" ලුණුමිරිස් අතින්ද ගන්නෙ...හැඳි නැද්ද ගෙදර "

මම වචනයක් වත් නොකියා හැන්දකුත් ගෙනල්ලා තිබ්බ්බා...
ගෙනල්ලා එයාලා එක්කම වාඩිවෙලා මාත් කන්ඩ පටන් ගත්තා...

" තේ එක බොන්ඩ පුළුවන් වෙයිද අන්කල්...අපරාදෙ..මම හ්දනවනෙ...මේක නම් බැලූ බැල්මට අරිශ්ටයක් වගේ....තේකුඩු එක්ක තරහක් තියෙද කොහෙද මේ තරම් දාලා තියෙන්නෙ..."

වෙන වෙලාවක නම් මම ඕකට කියලා දෙනවා...ඒ වෙලාවෙ මට එකට එක් කියන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ...කට වහන් කාලා මට ඕන උනේ ඉක්මනට පාන්දර වෙනවා දකින්න....තාත්තා හිනාවෙලා පොඩි දෙයක් කිව්වා මිසක් අරූ කිව්ව දේ මම ගනන් ගත්තෙම්  නෑ...ඔහේ කැම ටික කකා හිටියා..ඒ නිසා මේසෙ අස්සෙන් කකුල දාලා ඌ මගෙ කකුලට එකක් ගැහුවා. කන එක නවත්තලා මම ඌ දිහා රවලා බැලුවා මිසක් ආයෙ ගහන්ඩවත් ඒකට බනින්නවත් ගියෙ නෑ....

සැරින් සැරේ  ඌ මාව අවුස්සන්ඩ..තරහා ගස්සන්න එක එක දේවල් කිව්වා..කලා...මම ඒත් වචනයක් වත් කිව්වෙ නෑ...තාත්තට ත් ඒක තේරිලා තිබ්බා..

" වෙනදට එකක් ක්ලොත් දහයක් ක්‍රන සයුස් එකෙන් ඉන්නෙ...අද නම් සුදු අප්පුවගෙ සද්දයක් වත් නෑ නෙ..."

" ඒකනෙ අන්කල් මාත් බැලුවෙ...."

කාලා තේබීලා ඉවර උනහම මම කෝප්ප ටිකයි , පිඟන් ටිකයි එකතු කරලා කුස්සියට අරන් ගියා...මම් නැති තැන දෙන්නා කතාදවෙන ඒවා අහන් ඉන්ඩ මට මහ් කැත ආසාවක් ආවා...

" අරූ අවුලෙන් ඉන්නෙ අන්කල්...වෙනදට මම මේ කිව්ව ටික කිව්ව නම් අනික් පැත්තට හොඳ කතාවක් කියලා කට වැහෙන්ඩම...අද මනුස්සයා සයිලන්ට් "

"  මටත් තේරුනා....මෙතන හිටියට ඌ හිටියෙ වෙනම කල්පනාවක...හෙට පාන්දර නැගිටලා බත් උයාගෙන ඉස්පිරිතාලෙ යන්ඩ මිනිහගෙ කල්පනාව.... ඔය කිව්වට නැගිටින එකක් නෑ ඔය යකා...මම බත් එකක් ගහලා එක මාලුවක් එක්ක හරි බත් මුලක් බැඳලා දෙනවා... "

" මාත් පාන්දර යන්න බැලුවෙ මල්ලි එක්ක...."

"මේ...මම මේ දරුවට පොඩි දෙයක් කියන්ඩද...කියන්ඩ කිව්වට මේ පොඩි ඉල්ලීමක්..."

" මොකද්ද අන්කල් "

" සුදු අප්පුවා ඉන්නෙ හොඳින් නෙමේ...පුතා අකමැත්තක් නැත්තන් උඩ කාමරේ නිදාගන්ඩ පුළුවන් ද...ඌ එක්ක.... "

" නොකිව්වට මටත් හිතුනා...හරි අන්කල් ...මම ඌ එක්ක කත  බහ කරලා හිත හදන්නං...මම ඌ එක්ක ඒ කාමරේ නිදාගන්නං..."

# දැන් එතකොට මේ යකා එක්ක එක ඇඳේ නිදියන්ඩ ඕනෙද මම.... මොන විකාරයක්ද ...ඒ තරම් හිත්  හදන්ඩයි...නලවන්ඩයි මම පොඩි එකෙක් ඈ..... එක්කො ආපුවාවෙ...තනියෙම ඉන්න මට බෑ....අම්මා ගැන මතක් වෙනවා... #

මම මොකුත් නෑහුන ගානට කෑම කාමරේට ගිහින් තාත්තා ට බේත් ටික බොන්න දුන්නා...

" තාත්තෙ..පාන්දර නැගිටින්නත් තියෙන එකේ දැන් නිදාගත්තනං හරිනෙ...අයියටත් හෙට වැඩට යන්ඩ ඇතිනෙ....කතා කර කර හිටියා වගේ නෙමේ...."

" අන්කල්...මම උඩ කාමඒඑට ගිහිල්ලා එන්නං...."

මට නොකියා තාත්තා ට විතඑඅක් කියන් අයියා එලියට ගියා... තාත්තව කාමරේට එක්කන් ගිහින් ඇඳ හදලා දීලා මම එලියට එන්ඩ ආවා..

" දොර ලොක් කරන්ඩ එපා...අර පුතා උඩ කාමරේ වහලා එයි..."

" ඒමොකටද..."

" නිකන්..."

" මම පොඩි එකෙක් ඈ.... එනවනම් ආපුදෙන් ඉතින්...."

මම එහෙම කියන් එලියට ආවෙ ඇත්තටම ඒ වෙලාවෙ මගෙ ළඟ කවුරු හරි ඉන්නවනම් හිතට බයක් නෑ කියලා හිතන ගමන්

මම සාලෙ දොරකඩට වෙලා බලාන හිටියා...අරූ උගෙ සීට් එකත් උස්සන් දොර ලොක් කරන් පහලට බැස්සා....බැහැලා අපේ ගෙදරට ආවා...

" කොහෙද මේ සීට් එකත් උස්සන් යන්නෙ...."

" තනි රකින්ඩ..."

වෙන මොකුත් නොකියා මාවත් තල්ලු කරන් ඌ ගෙට ආවේ...ඌ එහෙම බලහත්කාරෙන් වගේ දේවල් වලට මැදිහත් වෙන එක මට හරි නිදහසක් උනා හිතට.

" දොර වහලා වරෙන්.....උඹේ කාමරේ කෝකද කියහන්කො නැත්නම්..."

මම මොකුත් නොකිය අකමැත්ත පේන විදිහට දොර වහලා කතා නොකරම උඩට ගියා...අරූ සීට් එකත් උස්සගෙන මගෙ පස්සෙන් පඩිපෙල දිගේ උඩට ආවා....කාමරේට යනකම්ම වචනයක් වත් නොකියා ඌ ආවා...

" යකෝ...මෙතනට මගෙ කාමරේ වහලේ සෑහෙන්ඩ ළඟයිනෙ...තෝ එදා හොල්මන් නැටුවෙ බැල්කනියට ගිහිල්ලා වෙන්ඩ ඇති   "

" හ්ම්ම්ම්..."

මම දීපු උත්තරේ ඒක විතරයි...පාන්දර හතරට විතර එලාම් එක තියලා මම අරූට ඇඳේ පැත්තක් තියලා බිත්තිය පැත්තට වෙලා නිදාගත්තෙ අරූ එක්ක වචනයක් වත් කතා නොකර. ඌ ඇඳට ඇවිල්ලා ස්කිනි එක ගලවලා ඇඳ විට්ටමට දාලා රෙද්ද පොරවන් නිදාගන්ඩ හැඳුවා....

" මල්ලි..."

" ම්ම්ම්..."

" අද මොකෝ උඹ සද්දෙ වහලා ඉන්නෙ...මම මොනවා කිව්වත් එකට එක කියන්නෑ...එහෙම ඉන්නකොට එපා වෙනවා බං..."

" අම්මා ඉස්පිරිතාලෙ ඉද්දි මම ඔයා එක්ක මොනවා කියෝ කියෝ ඉන්නද අයියෙ...මම අවුලෙන් ඉන්නෙ... "

" ඉතින් බං මල්ලි...අම්මා ඉස්පිරිතාලෙ හොඳින් ඉන්නවනෙ...මම අම්මා නැතුව..තාත්තගෙ රැකවරනයක් නැතුව අවුරුදු ගානක් ඉන්නෙ...."

" තමුසෙට දුක නැද්ද .."

" මොකද නැත්තෙ...දවස් තියෙනවා තනියෙන් අඬපු...ඒත් කාටවත් පේන්නෙ නැතිවෙන්ඩ..හිනාවෙලා කතා කරන් හිටියට..හැමෝගෙම හිත් අස්සෙ එක එක අඩුපාඩුකම් තියෙනවා බන්..."

" ඒකද තමුසෙ අපේ අම්මට ආදරේ..."

" මම දන්නෑ...ඒත් උඹලගෙ අම්මා හරි වෙනස්...උඹ ගැන .. මම උනත් අත කැඩිලා ඉද්දි බලපන්කො බතුත් කැව්වෙ... එහෙම කඑඅන්වද බන් වෙන අම්මලා... ඇරත් බෝඩිමට ආපු එකෙක්ට..."

මට අම්මව ඒ තරම් දැනුනේ අම්මා ඉස්පිරිතාලෙ ඉඳන් මම ගෙදර ඉඳන්..එයා ගැන මතක් කරපු නිසා..ඇත්තමයි...දේක වටිනාකම වැඩියෙන් දැනෙන්න පොඩ්ඩකට හරි පේන මානෙන් එහාට යන්න ඕනෙ... අම්මව මතක් වෙද්දි මට යන්තම් ඇස් අස්සට කඳුලක් ඇවිල්ලා තිබ්බා...මගෙන් උත්තරයක් නැති තැන අයියා ආයෙම කට ඉස්සර කලා..

" ඕයි.... වෙන උන්ට වඩා උඹ ත් වෙනස්... කටින් ගහලා ඕන දෙයක් දිනයි....එහෙම එකෙක්ට මොකුත් නොකියා කටවහන් ඉන්න එක ගැලපෙන්නෙ නෑ...කොටින්ම අඬන එක නම් ගැලපෙන්නෙම  නෑ... මේවෙලාවේ තාත්තව බලාගන්න ඕනෙත් උඹ... දන්නෑ නෙ මම තව කීකාලයක් ඉඳී ද කියල...උඹ මේ වෙලාවේ කෙලින් ඉඳපන්...තාත්තටත් බෑ නෙ බං...උඹ වැටුනොත් තාත්තාත් තව වැටෙනවා..."

ඒ වචන එක්ක මට අයියා ගැන මහ ආදරයක් ගෞරවක් හිතට දැනුනා...තාත්තගෙ ළඟ තරම් ආරක්ෂාවක් මට දැනුනා..... දෙපාරක් නොහිතා මම ඌ පැත්ත හැරිලා අත් දෙකන් ඌව බදාගෙන මූන උගෙ ඇඟ උඩින් තියගත්තේ බැන්නත් කමක් නෑ තප්පරයක් හරි මම එහෙම ඉන්නවා කියල් හිතන්.... අයියාගෙන් වචනයක් වත් පිට උන් නෑ....එක අතක් මගෙ ඔලුව උඩට තියන් මගෙ ඔලුව අතගෑවා...

" මට සමාවෙනවා අයියෙ..."

" මොකටද..."

" මම ඔයාට නපුරු දේවල් කලා...."

" නෑ...ඒක මෙහෙමයි...ම්ම උඹට නපුරු වෙද්දි ..උඹ මට නපුරු උනා...මම උඹට කිට්ටු වෙද්දි ..උඹ මට කිට්ටු උනා... "

" හිතට දුකක් ආපු වෙලාවට මම ඒක කිව්වෙ අම්මා එක්ක....තාත්ත එක්ක ප්‍රශ්න කිව්ව අඩුයි.... ඒ දෙන්නගෙන් පිට මෙහෙම මගෙ හිත හැදෙන්න වචනයක් කිව්වෙ...මට හිත හැදෙන්න පුළුවන් විදිහට කතා කරන්න ඉන්නෙ තමුසෙ...හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා.... ඒකට පිං "

" මතක ඇති කාලෙකින්..අම්මා තාත්තා ඇරුනහම මේ තරම් මාව අගය කරලා...ඕනකමින් බදාගත්ත එකම එකත් උඹ..."

" ඇයි තමුසෙගෙ කොල්ලා...නිකන් බොරුව දාන්ඩ එපා ..."

" දැන් කට ට ටිකක් පණ ඇවිල්ලා වගේ නේ....බොරුවක් නෙමේ...ආදරෙන් බදාගන්න එකයි...කෑදර කමට බදාගන්න එකයි වෙනස්...  උඹට මම ගාවදි දැනෙන ඔය සැනසීම...ඌට දැනුනෙ නෑ බං... මම ගාව් ඌ හොයපු දේවල් තියෙන්ඩ් නැතුව ඇති....ඒ හින්දා ඌ මාව දාලා යන්ඩ ඇති.. "

" තමුසෙ කොහෙවත් යන්ඩ එපා හොඳද....මට වෙන්  මොකුත් ඕනෙ නෑ....ඉඳලා හිටලා තම්සෙව බදාගෙන වරුවක් නිදාගෙන ඉන්න දෙනවා...කියාගන්න බැරි තරං මොකද්ද සැනසීමක් දැනෙනවා...."

මට අයියගෙන් උත්තරයක් ලැබුනෙ නෑ.... ඒ වෙනුවට පුළුවන් උපරිමෙන් මාව බදන් ඌ නිදාගත්ත එක කලේ... මට ඉස්සර හීන තිබ්බෙ කොල්ලෙක් එක්ක ගොඩක් දගලන්ඩ...ඒත් ඒ වෙලාවෙ මට හිතුනා...ඒ දේවල්වලට වඩා තමන්ට කියලා එකෙක් ඕන කරන්නෙ... හිතින් වැටිලා ඉන්න වෙලාවට බදාගෙන තුරුල් වෙන්ඩ..ප්‍රශ්නයක් ආවහම සේරම ඌ එක්ක කියවන්ඩ.... ඌට දුකක් ප්‍රශ්නයක් ආවාම ඒ තරමට මාත් ඌ වෙනුවෙන් මගෙ ජීවිතේ ඉඩ වෙන් කරලා දෙන්ඩ....ඒ පපුවෙ රස්නෙ මට දැනුනෙ ලොකු ආරාක්ශාවක්.... මට එහෙම්මම නින්ද ගිහින් තිබ්බා...

පහුවදා පාන්දර හතරට එලාම් එක වැදිලා මම නැගිටිනකම්ම මම අරූව බදාගෙන නිදියන් ඉඳලා... එලාම් එක කල් තිය තියා ආයෙම නිදාගන්න ඕන උනේ නෑ....අවුරුදු ගානක් නිදියෑවා වගේ ප්‍රබෝදෙකින් මම නැගිට්ටෙ.... ඒ ගෙවුන රෑ ඒ තරම්ම සැනසීමකින් මම නඳාගෙන ඇති....කවදාවත් නැති තරම්... එලාම් එක ඉක්මනට ඕෆ් කලේ අයියා ඇහෙරෙයි කියලා... මම නැගිටින්න ගිහින් ආයෙම නැවතුනේ කවදාවත් නොදැකපු විදිහට අයියව අහිංසක පාටට මම දැකපු නිසා....

# ඉන්න හැටි විතරක්....හොඳටම නිදි....කවුද හිතුවෙ මට අච්චර නපුරු විදිහට සලකනකොට තමුසෙ මේ තරම් හොඳ එකෙක් කියලා... #

ඌට නොදැනෙන්න මම උගෙ මූනට ළං වෙලා හරිම හෙමීට ඌව ඉම්බා...රැවුල් කොට උඩ....නහය අතුල්ලන් පල්ලෙහාට ආවා...ඒ සුවඳ අමුතුයි....  හරි ලෝබකමකින් මම ඌව දාලා ඇඳෙන් පැන්නෙ ඌව ඇහෙරෙන්නෙ නැති වෙන්ඩ. මම බාත් රූම් එකට ගිහින් දත් ටික මැදගෙන මූන හෝදන් කන්නඩියෙන් මගෙ දිහා බැලුවා....

# සුදු අප්පු...මෙ ලෝකේ අපි ආදරේ කරන අයට..අපිට ආදරේ කරන අයට තමා බැඳීම් කියන්නෙ...බැඳෙන්න බැඳෙන්න රිදෙන බව ඇත්ත....ඒත් අපිට රිදුන වෙලාවට ඒ රිදිච්ච තැන් සුවපත් කරන්නෙත් ඒ බැඳිම්..... කවදාවත් අමතක කරන්න එපා... අපි වෙනුවෙන් තප්පරයක් හරි ආදරේ දුන්න බැඳීමක්...පණ තියෙනකන්...රැකපන්... මොකද කවුරු කවදා කොහොම අපිව දාලා යයිද අපි නොදන්න හින්දා #

මම පල්ලෙහාට බැහැලා කුස්සියට යනකොට තාත්තා නැගිටලා බත් එකක් ගහල තේ බොන්න වතුර රත් කරනවා....

"තාත්තෙ....ඔයාට කිව්වනෙ මම...මම මේ ටික කරන්නං කියල...ඔයා ගිහින් නිදාගන්ඩකො..."

" අනේ නිකන් ඉඳපන් බන්..මේ වගේ පොඩි වැඩක් කරන්ඩ මට් බැරි කමක් නෑ නෙ...."

"හරි...එහෙනම් අපි දෙන්නම උයමු....හැබැයි පොල් ගාන්නෙ අරවා මේවා කරන්නෙ මම...ඔයා ලූනු ටිකක් කපලා....පරිප්පු ටික හෝදලා දෙන්ඩ වගේ පොඩි පොඩි ටික කරලා දෙන්ඩ...තේරුනාද බොස්..."

අපි දෙන්නා පරිප්පු උයලා...සෝයා තෙල් දාලා...බිත්තර තම්බලා බත් මුල් දෙකක් බැන්ඳා....අයියා පහාමාරට විතර පල්ලෙහාට ආවේ මම ඌව නැගිට්ටුවෙ නෑ කියලා මට බනින ගමන්.... ඒ වෙද්දි මම සේරම ගෙනියන දේවල් ලෑස්ති කරලත් ඉවරයි.... අයියා මූන  කට හෝඳන් ආවා... තාත්තට කෑම බෙදලා...බේත් ටිකත් වෙන් කරලා මමයි අයියයි හොස්පිට්ල් එකට යන්න පිටත් වුනා... හොස්පිට්ල් එක ලගින් අයියා මාව බැස්සුවා....

" ඔයා එහෙනම් යන්ඩ..මම එනකොට බස් එකේ එන්නම්..."

" උඹ ගිහිල්ලා අම්මව බලලා වරෙන්කො.... මම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් මේ වෝඩ් එකේ නර්ස් කෙනෙක්...මම ඌට කතා කරලා බලන්න ඕනෙ...උඹ යමන්කො..."

අම්මව බලන්න එයාගෙ අක්කා කෙන්ව්ක් ඇවිල්ලා තිබ්බෙ තාත්තා එයාලට කෝල් කරලා තිබ්බ නිසා... සීතා නැන්දා වීල් එකක් අරන් ගෙදර ගිහින් තිබ්බෙ ලොකු අම්මා අම්මා ළඟ නවතින්න බලාන ඇවිල්ලා තිබ්බ නිසා...එයත් කෑම උයන් ඇවිල්ලා තිබ්බා කියලා දැනගත්තෙ මගෙ කෑම එක අම්මට දීලා කාලා ඉම්මු කිව්වම ලොකු අම්මා එයත් බත් ගෙනල්ලා කියලා කිව්වමයි..

" කවුද බත් ඉව්වෙ..."

" මායි තාත්තයි...."

ඒක ඇහුනම අම්මාගෙ ඇස්වල කඳුලු නලියන්න ගත්තා....

" අනේ රත්තරනේ..උඹට පුළුවන් වැඩද ඕවා...ඇරත් තාත්තව මහන්සි කරන්ඩ ඕනෙ නෑ නෙ..."

" අනේ මේ මනෝරි ...ඔයා හිතන්නෙ උයන එක ඔයාට විතරයි කරන්ඩ පුළුවන් කියලද....ඔයාට වඩා රහට මට පුළුවන් ...බොරු නම් කාලා බලන්ඩකො..."

අම්මා එක්ක කතා කර කර හිටියට එයා හරි අපහසුවකින් වගේ කතා කලේ....ලොකු අම්ම අම්මට බත් කවන්නං කිව්ව නිසා මම ඉක්මනට එතනින් මගෑරලා ආවෙ අම්මා  ඒ විදිහට ඉන්න එක මට බලාන ඉන්න් බැරි උන හින්දා...
මම හතට කාලක් වගේ තියලා එතනින් ගියෙ මම ඉන්න එක අම්මටත් අම්මා එහෙම දකින එක මටත් මහ කරදරයක් කියලා මම තේරුම් ගත්ත හින්දා..

මම අයියට කෝල් කලේ එයා ගියාද..ඉන්නවද බලන්න... ටික වෙලාවකින් එයා ආන්සර් කලා ..

" ඔයා කොහෙද "

" මම මේ දැන් අර නර්ස් එක්ක කතා කරලා එලියට ආවා විතරයි ...පොඩි ගමනක් යනවා...විනාඩි පහලවෙන් මං එනවා "

" ඉතින් තමුසෙගෙ මහලොකු ඇන්ටිව බලන්ඩ නාවෙ ඇයි.."

" උඹ ගියානෙ...මම නොගිය කියලා අඩුවක් වෙන් නෑ නෙ බං... ඒ උඹේ අම්මනෙ..."

" එයා ඔයා ගැන ඇහුවා..."..

" ඇත්තටම..?"

" දවාලෙ මම අම්මව බලන්ඩ යන්නං...."

" වැඩට යන්න්නෙ නැතුව ඉන්ඩ ඈ...ආයෙ හෙට පාන්දර හරි එන්ඩ බැරියෑ...ඔයා වැඩට යන්ඩ..."

" නෑ නෑ...මම නිමාඩු දැම්මා..දවස් දෙක තුනක්.. "

" අත කඩන් දවස් ගානක් නිමාඩු දාලා...එක දවසයි වැඩට ගියෙ...ආයෙම දවස් දෙක තුනක් නිමාඩු දෙන්නෙ ඇයි ඔයාගෙ බාප්පගෙ කම්පැනි එකක්ද "

" නෑ...මහප්පගෙ..මේ උඹ යනවනම් බස් එකේ යමන්...මම බයික් එක ගැරිජ් එකට දාන්ඩ ආවේ...ස්ටාට් වෙන්නෙ නැතුව ගියා බන්..."

" ගොඩක් වෙලා යයිද...තාත්ත තනියෙන් නෙමේ නම් ඉඳලා යන්ඩ තිබ්බා එකටම..."

" ඒක තමා මාත් කියන්ඩ ගියෙ...උඹ යමන්කො...මම එන්නම්... "

" ම්ම්ම්ම්....."


                     මතුසම්බන්ධයි
.................................................................................

දෙපැත්තට බෙදිලා රණ්ඩු වෙවී හිටියට එයාලා යාළුවො මල්ලි...😂

කමෙන්ට් එකක් දාන්ඩ...වෝට් එකක් දාන්ඩ....
පරිස්සමින් ඉන්නෝ..❤❤❤

Continue Reading

You'll Also Like

12K 1.3K 25
⁣ඔබේ අදුරු ලොවට එළිය වී පැමිණියෙමි...
295K 311 12
စာရေးရမှာ ပျင်းနေသေးလို့ ရေမယ်ဆိုရင် ဘယ်လိုလေးတွေရေးပေးရမလဲ ပြောပြခဲ့နော်
83.3K 4.9K 42
សរសេរដោយ : ជុងឈូ Jungguk Top X Jimin Bottom take ur own responsible for reading this.
22.7K 4K 16
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අ...