දේදුණු පාලම

De HappyRanuk

22.7K 4K 478

උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන්... Mai multe

දේදුණු පාලම
දේදුණු පාලම 3
දේදුණු පාලම 4
දේදුණු පාලම 5
දේදුණු පාලම 6
දේදුණු පාලම 7
දේදුණු පාලම 8
දේදුණු පාලම 9
දේදුණු පාලම 10
දේදුණු පාලම 11
දේදුණු පාලම 12
දේදුණු පාලම 13
දේදුණු පාලම 14
දේදුණු පාලම 15
දේදුණු පාලම 16

දේදුණු පාලම 2

1.6K 282 25
De HappyRanuk

දේදුණු පාලම -2

මම අහම්බෙන් මේ සිද්දියට මූන දුන්න හැටි, ඊටපස්සෙ ඒ මනුස්සයව හොස්පිට්ල් එක්කන් ආව හැටි හැම දේම කට උත්තරේ සටහන් උනා .....
පොලිසියෙ කීප දෙනෙක් විසින් ඒ මනුස්සයගෙ ගෙදර පරික්ශා කරලා තිබුනා...සිය දිවි නසාගන්න හේතුවක් වත් කිසිම දෙයක් හොයාගන්න තිබිලා නෑ...ෆෝන් එකේවත් ආපු ගියපු කෙනෙක්ගෙවත් කිසිම සැකයක් තියෙන දෙයක් නිරීක්ෂණය කරලා තිබුනෙ නෑ...අඩුම ගානෙ ඒ මනුස්සයා ලියුමක් වත් ලියලා තිබුනෙ නෑ...එවලෙ බීමතින් ඉදලා තියෙන්නෙ...ඒ වගේම එයාම තමයි කඩේකින් ඒ කෙමිකල් එක සල්ලි වලට අරන් තියෙන්නෙ...ඒ නිසා මේක සිහි මද වෙලාවක තමා විසින්ම තමන්ගෙ ජීවිතේ නැති කරගන්න ගත්ත උත්සහයක් කියලා කරුනු ගොනු කරලා ඉවරයි..
එතන තිබිලා හොයාගෙන තිබුනෙ මගෙ සහතික ෆයිල් එක විතරයි....
ඉතින් කාලයත් එක්ක මේ දේවල් මෙහෙම වෙනකොට අර අයියට පහුවදා පියවි සිහියට පත් වෙන්න්  පුලුවන් උනා .....රස්සාවල් හොයන එක පැත්තකින් තියලා මම ඉතින් ඒ දවස් දෙකේ හොස්පිට්ල් ආව ගිය එක තමා කලේ   ....
මොන දේ උනත් මට මහ අමුතු සතුටක් හිතේ තියනවා...මම කෙනෙක්ගෙ ජීවිතයක් බේරුවා..ඒ ගැන පුදුම ධනාත්මක හිතුවිලි වලින් මම හිටියෙ....
තාම මට ඒ අයියා එක්ක කතා කරන්න අවස්තාවක් ලැබුනෙ නෑ...
ඇත්තටම මට හිතෙන්නෙ මට තවම සීයට සීයක් සතුටු වෙන්න බෑ...මට ඕන උනේ ඒ කෙනා ඒ තත්වෙට පත් උනේ ඇයි කියලා හොයලා බලන්න...ඒ දේටහේතු උන දේවල් මොනවද දැනගන්න...මට පුලුවන් විදිහකින් එයා කලේ වරදක් කියලා එයාට තේරුම් කරන්න....
ඩොක්ටර්ස්ලා , නර්ස්ලා නම් හැමෝම කලේ ඒ මනුසායට බනින එක...ඒකෙන් ඒ මනුස්සයා තවත් අපහසුතාවයට පත් වෙන්න ඇති...කමක් නෑ...මට පුලුවන් විදිහකින් මම එයාට උදව් කරනවා....
මම අයියගෙ ඇද ලගට ගියා....මට එයා එක්ක කතා කරන්න්  ඕනේ...ඒත් කෝමද මුල පුරන්නෙ...මොකද එක පාරටම කියන්නද මම තමා ඔයාව බේරගත්තෙ කියලා . ...
" දැන් කොහොමද"
මම ඇද ගාවට ඇවිත් කතා කලාට ඒ අයියා කලේ ජනේලෙකින් එහා පැත්ත බලන් හිටපු එක විතරයි...එයාට මම ආව විත්තිය නොදැනුනා නෙමෙයි...එක්කො එයා මට කතා කරන්න කැමති නෑ....නැත්නම් වෙන කල්පනාවක...මම නිකන් එතාට ගිහින් චාටර් වෙනවද මන්දා....
වෙලාවට එතනට බේත් වගයක් අරන් යන්න නාර්ස් කෙනෙක් ආවේ...
" ජීවිතේට නම් මොකුත් නොවුනට් මට පේන්නෙ ඒ සිද්දියෙන් පස්සෙ මෙයාට කතා කරන්න නම් බැරි වෙලාද කොහෙද..පොලිසිය අහපු දේවල් වලට විතරයි උත්තර දුන්නෙ..."
-" ම්ම්...එහෙමද මිස්...කමක් නෑ හෙමීට කතා කරයිනෙ..."
-" මල්ලි මේ දවස් දෙකේම රස්තියාදු වෙනවා...ඔයා මෙයාව අදුරන් නෑ කිව්වෙ බොරුවටද..."
-" අනේ නෑ මිස්...මේ අයියා මගෙ කවුරුත් නෙමෙයි...මට ඕන උනේ මේ අයියා ආපහු ජීවත් වෙනවා දකින්න.. "
-" ම්ම්...මෙයාට මේ බේත් ටික් දෙන්න ඕනේ....
කෝ නැගිටලා මේ බේත් ටික බොන්න...වහ බොන්න්  පුලුවන් නම් මේව බොන්න බැරි කමක් නෑ නෙ"
අයියා බේත් ටික අරන් ඇදෙන් නැගිටලා ඇද විට්ටමට හාන්සි උනා...
මම වතුර එකක් අරන් දෙන්න හදපුහාම මහ් ලොකුකමකින් මගෙ අත එහාට කරලා එයාම වතුර එක අරන් බේත් ටික බිව්වා ....
මම එක්ක කතා නොකර මට බලෙන් කිසිම දෙයක් අහන්න බෑ නෙ....මම ඉතින් ආපහු හැරිලා එන්න ආවා....

" ඇයි මල්ලි උඹ ඒ වෙලාවෙ එතනට ආවෙ...උඹ ආවෙ නැතනම් මෙලහකට මම මැරිලනෙ"
මේ යකා මේ ඉන්න මූඩ් එකට මම සීරියස් දෙයක් කිව්වත් මෙයා ඩෝන්ට් කෙයා තමයි.... මට ඕන උනේ එයාගෙ මයින්ඩ් එක චේන්ජ් කරන්න...
-" මොනවද හලෝ...මැරෙන්නම ඕනෙ නම් මේ වගේ බාල එකක් ගහලා හරියන් නෑ ....එක්කො හොද වන් ශොට් නොකවුට් එකක් ගහන්න්  ඕනේ.. නැතනම් ඉතින් ඔය කෝච්චියක් වගේ එකකට පනින්න ඕනෙ...එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ නෙ...මොකද කියන්නෙ රුපියල් දාහට හොද වහ බෝතලයක් තියනවා ...ඩිස්කවුන්ට් එකක් දාලා 900 ට සෙට් කරලා දෙන්නම් ...ගන්නවද".

මම ඒ කියපු දේට අයියට ලාවට හිනාවක් ගිය නොගිය ගානට තමා එයා උත්තර දුන්නෙ....
-" යකෝ මූ මැරෙන විදිහ කියලා කින්ඩි දාන්නෙ මම මැරුනනම්ද හොද,හොස්පිට්ල් අරන් ආවෙ ඇයි දන් නෑ...අපෝ තොගෙ වහ එක ය්හෝම තියාගනින්...මට එපා "
-" අපෝ...අහල නැද්ද උත්සහවන්තයා ජය ගනී කියලා...කවුද අර බල්බ් එක හොයාගත්තෙ....තෝමස් ලොක්කා නේද.... අන්න එයා 999 පාරක් ෆේල් ...ඒත් එයා බල්බ් එක හොයාගත්තනෙ ...අන්න ඒවගෙ...මම නම් කියන්නෙ ඔයා තව පාරක්  ට්‍රයි කරන්න...අනිවාර්‍යෙන් මැරෙන්න පුලුවන් ඔයාට"
-අම්මපා අතට අහුවෙන එකක් තිබ්බානම් පලනවා තොගෙ තට්ටෙ ..මේ තරම් මාව මරාගන්න හදන එකෙක් මම මේ දැක්කමයි ...මොකද උඹ මාව මරාගන්න දගලන්නෙ..."
-" ඔයාව මරාගන්න දගලන්නෙ ඔයා ජීවත් වෙන්න දගලන් නැති නිසා...ඔයා හිතනවද ප්‍රශ්න වලින් පැනලා යන එක ප්‍රශ්න වලට විසදුමක් කියලා... "
-"ඩොක්ටර්ස්ලගෙ ලෙක්චර් එක තමුසෙත් පටන් ගත්තද"
-" මොන....පිස්සුද...මම නම් කියන්නෙ මැරෙනවා...මම ඕන සපෝට් එකක් දෙනවා  ..අර වහ එක තව සීයක් අඩු කරලා 800 ට දෙන්නද..මටත් මේ ජීවිතේ එපා වෙලා ඉන්නෙ ඕයි...දෙන්නම බීලා මැරෙමුද"

අයියගෙ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියලා මට දැනුනා..කලින් මූනෙන් කිසිම හැගීමක් පෙනුනෙ නැති විදිහට කතා කරපු මිනිහගෙ මූනෙ දැන් හිනාවක් ලාවට එනවා...
-" උඹට ඕනෙ නම් උඹ බීලා මැරියන්...තව එක් පාරක් හරි ඔය මැරෙන කතාව කිව්වොත් තෝව මරනවා මම..."
-"හිරේ යන්න වෙයි"
-" කමක් නෑ"
-" මම හොල්මන් කරනවා.."
-" බය නෑ..."
-"මහ ලොකු චන්ඩියා...පව්...ඒක තමා ජීවිතෙන් පැනලා යන්න හැදුවෙ"
-" උඹ ඉන්දියන් මෙගා නට්ටි බලනවද"
" ඒ මොන අදාල නැති ප්‍රශ්නයක්ද"
-" නෑ උඹත් හරියට හැසිරෙන්නෙ ඒවගෙ ඉන්න උන් වගේ බොලද විදිහට...මම මැරුනෙ නෑ නෙ...විකාර කියවන් නැතුව ආපු අතක් බලන් පලයන්කො දැන්"
-" හාකො...මට ඕන උනේ හැමෝම ඔයාට බනිනකොට, ඔයාට කියවනකොට ඔයා තේරුම් නොගන්න දේ ඔයා එක්ක කතා බහ කරන්න...ඔයා අවුලකින්නෙ අනිවාර්‍යෙන් ඇත්තෙ...ඒ දේ අමතක කරලා පොඩ්ඩක් රිලැක්ස් කරන්න...සොරි..
මම යන්නම්..."
මට සිරාවටම මහ ලැජ්ජාවක් වගේ ආවා...මම ඒ විදිහට බොලද කෙනෙක් නෙමෙයි...මම එයා ඉස්සරහ එහෙම හැසිරුනේ එයාව ටිකක් රිලැක්ස් කරන්න විතරයි...මම ආපහු හැරිලා එන්න ආවා...
-" මල්ලි....මෙ අහපන්කො...මම පොලිසිය ඇරුනම කා එක්කවත් කතා කලේ නෑ...ඇත්තටම කාටව්ට්ත් මූන දෙන්න බෑ වගේ එකක් හිතට වද දෙනව...කොටින්ම්  උඹ එක්කවත් කතා කරන් නෑ කියලමයි මම හිතන් හිටියෙ...උඹට මූන දෙන්න ලැජ්ජාවක් වගේ හිතුනා...
මම හිතුවෙ උඹත් ඇවිත් අනික් උන් වගේ මට කියවයි බනී කියලා..
ඇත්තටම උඹ කියපු කරපු ඒවට මට කතා නොකර ඉන්න බැරි උනා...හිනා නොවී ඉන්න බැරි උනා  ..
උඹ බොලද නෑ බන්...මම දන්නවා උඹට මට වඩා මේ ජීවිතේ ගැන අවබෝදයක් ඇති...ඔය වගේ ආදරනීය , හුරතල් වචන අපි වගේ දරදඩු බේබද්දන්ට හරියන් නෑ බන්...හරියන්නෙත් නෑ නෙමේ...ඒවා පුරුදු නෑ ...මොකද හැම එකාම බනිනවා ඔරවනවා විතරයි...කවදාවත් ඇයි උඹ මෙහෙම හැසිරෙන්නෙ කියලා අහලා නෑ ..මූනක් බලල හිනාවෙලා නෑ...සොරි.."
-"යකෝ මට කිය කියා මේ යකා කියවන්නෙ ඉන්දියන් කතා වලට එහා ගිය දෙබස්නෙ...ඇත්ත කියන්න ඉතින්...අර ඔයා අර හෝන්තු කතා බලනවා නේ....සීකේ...ඊයා"
-"බොල හු#තො ..පලයන් මෙතනින් මාව හිනා ගස්සන් නැතුව..."
ඒ ටික කියනකොට  ඇත්තටම මෑන්ට හිනා ගියා...මම හිතන්නෙ තව පියවරකින්අම සාර්තකයි...
-" හිනා යනවා නම් හිනාවෙලා ඉන්නවා මනුස්සයො...ජීවිතේ මොන දේ උනත් තමන්ට තමන් ඉන්නවා...ප්‍රශ්න එනවා තමයි. ..ඒත් ඉතින් ඒවා මත්තෙ එල්ලිලා ඉන්න් එපා ...අයියා කැමති නම් ටිකට් කපලා ගියාම ඔයාගෙ තියෙන දේවල් ටික.ඔක්කොම මා එක්ක කියන්න..ඒකෙන් ඔයාට නිදහසක් දැනෙයි...."
-" ඒවා ඇහුවොත් උඹටත් පිස්සු හැදෙයි.. ඒ තරම් ප්‍රශ්න බන් ඒවා".
-" මේලෝකේ හැම මිනිහෙක්ම හිතන් ඉන්නෙ ලෝකේ තිඋඅන ලොකුම ප්‍රශ්න කන්දරාව තියෙන්නෙ තමන්ට කියලා ..මොකද අනික් මිනිස්සු හිනාවෙලා කතා බහ කරලා ඉන්නකොට එයාලට ප්‍රශ්න නෑ කියලා තමා හිතන්නෙ...එහෙම බැලුවොත් ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ අයියෙ..."
-"මල්ලි උඹ මොනවද කරන්නෙ"
-" තාම රස්සාවක් නම් කරන් නෑ..."
-" යකෝ බැලු බැල්මට 23 පැනපු ඉලන්දාරියෙක් වගේ පේන්නෙ.. තාම රස්සාවක් නෑ ලු"
-" ආව්....ඒ කියන්නෙ මගෙ වයසට වඩා අවුරුදු එක හමාරක් මම බාල පාටයි. ....මම මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කලා ...කැම්පස් එකෙන් අවුට් උනේ මේ මාසෙ මුල අයියෙ  "
-"ආ...ඒක මිසක්...ගොඩක් හොදයිනෙ බන්..."
-" අයියා මොනවද කරන්නෙ"
-"මම...මේ...මම...කරන්නෙ...ඒක උඹට වැඩක් නෑ නෙ"
-" බැලූ බැල්මට 30 පැනපු නාකියෙක් වගේ පේන්නෙ...තාම මොකුත් කරන් නෑ ලු"
-" අනේ පල...30 ක් පේන්නෙ කොහෙද යකෝ...මට 27... බලපන්කො ෆිට් බොඩිය තොගෙ කටු බොඩිය වගේද"
-"කීය හරි ඉතින් ඇත්තටම රස්සාවක් කරන් නැලු නෙ"
-" මම කුලියට මිනී මරනවා, ඇසිඩ් ගහනවා...කාට හරි ඇසිඩ් ගහන්න් ඒම ඕනෙ නම් කියපන්"
-"අනේ...පව්ව්...විනාඩි දෙක තුනක වෙලේ ඉදන් ඇගේ වහන මදුරුවා මරන් නැතුව 6 පාරක් විතර පන්නනවා මම දැක්කෙ නැතන්ම් ඒම්  හිතන්න තිබ්බා..මිනී නරන්න කතාව..මදුරුවෙක් වත් මරන් නැති මිනිහා "
ඇත්තටම මට ඒකට මහ කින්ඩි හිනාවක් ගියා
-" බලපන්කො....පච්ච ගහලා, කරාබුවක් දාලා...කොන්ඩෙ රැව්ල වවලා ඉන්න මම වගේ එකෙක් ඒම නොකරයි කියලා උඹ කඅද කියන්නෙ..අනේ පලයන්"
-" සමහරවිට සමාජෙ මිනිස්සුන්ට අයියව එහෙම පේනව ඇති...ඔයා දැන් කිව්ව දෙයින් තේරෙන්නෙ සමහරවිට ඔයාට ඒ වගේ ප්‍රතිරූපයක් ලෝකෙට පෙන්නන්න ඕනෙත් ඇති...තමුන් මා එක්ක කතා නොකලානම්...අනික් උන් කිව්ව දේවල් එක්ක මමත් එහෙම හිතන්න තිබ්බ ...ඒත් මම දැන් විනාඩි 30 කට වැඩියෙන් ඔයා එක්ක කතා කලා කියලා ඔයාට මත නෑ ..ඔය කිව්ව ජාතිඋඑ එකෙක් නෙමෙ මට පේන්නෙ...සින්හ හමක් දාගත්ත මුවෙක් වගේ....නෑ නෑ...ඒ තරම් නම් අහින්සක පාටකුත් නෑ පුතෝ...මුවෙක් නෙමෙ නරියෙක් කියමුකො අපි..."
-" උඹට මැනේජ්මන්ට් නෙමෙයි කරන්න තිබ්බෙ...එක්කො ලෝ...නැතන්ම් සයිකොලොජි. උඹ මහ පුදුම එකෙක්...තේරුම් ගන්න බෑ හරි ගුප්තයි"
-"කන්න ආස මොනවද කියනවකො...මේ ටිකේම හරියට කෑවෙ නෑ නෙ..."

-" එපා බන්...උඹ දැනටම කරපු උදව් හොදටම ඇති ...හොස්පිට්ල් එකෙන් කෑම දෙනවනෙ..."
-" නෑ ඇත්තටම මේකයි...මට මර්ඩර් එකක් කරගන්න්  තියනවා...ඉතින් බැලුවෙ කන්න බොන්න ටිකක් දීලා නොමිලේ වැඩේ කරගන්න"
ඒක කිව්වාම අයියට හිනා ගියා...
-"ආපෝ...ඕක සුලු දෙයක්නෙ.....කාවද මරන්න ඔනේ"
-" ප්‍රශ්න වලට බයේ පැනලා යන, ජීවිතේක වටිනාකම දන්නෙ නැති, අයියා ඇතුලෙ ඉන්න්  නිවට මනුස්සයව"
විහිලු අස්සෙ ඒවගේ දෙයක් කියයි කියලා අයියා හීනෙකින් වත් හිතන්න නැතුව ඇති...හිනාවෙන් තිබ්බ මූන පුදුමෙන් වගේ  ඇස් ලොකු කරන් මන් දිහා බලන් උත්තරයක් දුන්නා...
-" මම නෙමේ ඒක උඹම කරනවද මන්දා බන්"

මම ඊට වඩා  කතාවට ගියෙ නෑ....අයියා අන්තිමට කිව්ව දේ මොන හිතුවිල්ලකින් කිව්වද හිතාගන්න බෑ...ඒ බලන් හිටපු බැල්මෙ තිබ්බෙ මොනවගේ කතාවක්ද කියන්න මම දන්නෙත් නෑ...ඇත්තටම මම ඒ දේ කරනවා...ඒ වචන වලින් මට ඕකේ එකක් හම්බුනා වගේ...මම මිනිහව මැරෙන්න ලෝබ්  හිතෙන තැනකට ගේනවා...
මම මොකුත් නොකියම එලියට ආවා...සල්ලි ගැන් හිතුවෙ නෑ...කොත්තුවක් දාගත්තෙ අයියා කන්න ආස වෙයි කියලා හිතලා...
ඇත්තටම උදව්ව ක්ලා එතනින් හරි නම් ඉවර වෙන්න ඕනේ...මම ඇයි අයෙ ආයෙ ඒ දේ එක්ක ගැටෙන්න යන්නෙ????? මොන වගේ අරමුනක් ද මාව එහෙම ගැටෙන්න් සලස්වන්නෙ...මට දැන් තාවකාලික අරමුනක් තියෙනවා...මේ මනුස්සයගෙ ජීවිතේ ජීවත් කරවන්න මම උදව් කරනවා...බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න උදව් කරනවා...සතුටින් ඉන්න කියාදෙනවා....
සමහරවිට මේ දේවල් කරලා මම බලාපොරොත්තු වෙන්නෙ ආයෙ කිසිම දාක අනාතයෙක් වෙලා ඉපදෙන්න එපා කියලා වෙන්න ඇති..මොකද කාත් කවුරුත් නැතිව ජීවත් වෙනවා කියන්නෙ එපාම කරපු දෙයක්...ඔව්...මට එහෙම අරමුන්ක් තිබ්බා...තියෙනවා නෙමේ තිබ්බා...ඒ කියන්නෙ මම දැන් හිතන්නෙ මොකද්ද ?
මං වගේ තනි උන එකෙක්ට මේ වගේ අයියා කෙන්ක්ගෙ උනුහුමකට තුරුල් වෙලා හැමදාම ඉන්න තිබ්බනම් කියල්ද????
මොනවද මේ මම හිතන්නෙ...හිතකට ආයාලෙ යන්න ඒ හැටි වෙලාවක් නොගිය හැටි...අඩුම තරමේ ඒ පාරට හැරුන තැනවත් මතක නෑ .....හැගීම්.කියන දේ මහ්  පුදුමයි...එතකොට මට දැන් ඕනේ මේ යකා එක්ක ජීවත් වෙන්නද....මේ මොන මගුලක් හිතනවද මම...යකො ඌ කවුද කියලවත් මං දන් නෑ...විකාර හිතනවා ..කෙල්ල එක්ක් හරි ගෑනි එක්ක හරි රන්ඩු වෙලා වහ බීපු එකෙක්ද කවුද දන්නෙ...මම වගේ ඌ සමරිසි මනුස්සයෙක් නෙමෙයි වෙන්න ඇති....අනුන්ට බන කිය කිය මම මොනවද මේ නටන පිස්සු...

මම ගිහින් අයියව කෑම කන කාමරේට එක්කන් ගියා...ලග ඇදක කෙනෙක්ගෙන් පිගානක් ඉල්ලගෙන කොත්තුව ඒක උඩින් දිගෑරලා ටේබල් එකට තියලා වතුර එකකුත් ලගින් තිබ්බා..  මම ඒ ටික හදලා දීලා  පැත්තකට ගිහින් අනික් පැත්ත හැරිලා  ඉදගෙන වට්සප් එකට ආව මැසේජ් වලට රිප්ලයි කලා....
ඒ උනාට මගෙ හිතේ තිබ්බෙ
දැන් අයියා අහයි උඹ කෑවද කියලා...දැන් කියයි වරෙන් කන්න කියලා.... මම ඒ පැත්ත බැලුවෙවත් නෑ පෝන් එක දිහාම බලාගෙන හිටියා උදේට පරාට එකක් කාලා ප්ලේන් ටී එක බිව්ව ගමන් තාම මමත් කාල බීලා නෑ....විනාඩි 5 ක් විතර ගියා...උඹ හිතනවා වැරදී ඉන්ද්‍රචාප ....අයියා කැවද කියලවත් ඇහුවෙ නෑ...තනියම කනවා...ඌට ගානක් වත් නෑ....ඉතින් මම මොනවද කඩේදි කොත්තුව දානකන් හිතුවෙ...පිස්සුද මට...මම එයාව බේරගත්ත පලියට එයා මොක්ටද මට කැමති වෙන්නෙ....හේතුවක් දන් නෑ මට මාරම අප්සට් දැන්...තවත් ඉතින් විකාර හිතලා වෑක් නෑ.. .මට පැත්තකට උනේ අයියා මට කතා කරයිද බලන්න...දැන් ඉතින් මෙතන ඉදලා වැඩක් නෑ...එතනට් යනවා....
-" අයියෙ මට අහන්න අමතක උනා...මොනවා හරි බේත් බොන්න තියනවද කන්න කලින්..."
මට දැක්ක දේ හිතාගන්නවත් බැරි උනා...අයියා කොය්හ්තුවට අතවත් තියලා නෑ ..පුටුවට වෙලා බලන් හිටියා...
-" බේත් බොන්න මම එක්කන් ආවෙ අසනීප ව්ලා නෙමේනෙ යකො...වහ බීලනෙ...කෙල්ලට මැසේජ් කරලා ඉවරනම් වරෙන්කො...බඩගිනී...තව බලන් ඉන්න බෑ"
-"කෑම එක තියලා විනාඩි 10 ක් විතරනෙ තාම කෑවෙ නැත්තෙ මොකද "
-" මොකද කියල ආයෙ අහන්නෙ...උඹ එනකන් හිටියෙ...කෙල්ලට වෙන්න ඇති මැසේජ් කරන්නෙ කියලා හිතුව නිසා මම කතා කලේ නෑ ඉතින්"

මොනවද මම හිතුවෙ...ඒත් ඇත්තටම මොනවද උනේ...මම එනකන් විනාඩි 10 ක් නොකා හිටියා...ඒ මදිවට කෙල්ලට මැසේජ් කරනවා කියලා හිතන් කරදර කලෙත් නෑ.....කවුද යකෝ මූට බේබද්ද කිව්වෙ....මම මොකුත්  නොකියාම පුටුවක් එටම්තනට අරන් වාඩි වෙලා කන්න ඔඅටන් ගත්තා...
මහ අමුතු සතුටක් මගෙ හිතේ තියෙනවා...කියාගන්න තේරෙන් නෑ   කන විදිහෙන් පේනවා සෑහෙන්න බඩගින්නෙන් ඉදලා තියෙන්නෙ කියලා  .ඒතරම් බඩගින්නෙන් ඉදලත් මම වෙනුවෙන් විනාඩි 10 විතර නොකා බලන් හිටිය....හිතට ආපු අර හැගීම් වලට යන්න කියන්න තීරණය කරලා හුස්මක් වත් ගන්න දු නෑ නෙ මු...ඊට වඩා මාව ඒ හැගීම් වල අතරමන් කලා.....
චිකන් කෑල්ලෙන් ගොඩක් ඉවර වෙලා තිබ්බෙ...පොඩි කෑල්ලයි ඉතුරු...මම ඒක අනාගන්න අත දැම්මා ...එතකොටම අර යකත් ඒක ගන්න අත දික් කලා...
මම අත පස්සට අරන් කොත්තු කන්න පටන් ගත්තා...

අයියා ඒක අරන් මම කන තැනට දැම්මා...මම මොකද කලේ ඉතින් දන් නෑ වගේ ආපහු අයියා කන තැනට දැම්මා...ඔය වැඩේ තව දෙපාරක් ඒ විදිහටම උනා....බැරිම තැන අයියා ඒක අතට අරගත්තා..
" උඹ මේක කනවද නැත්නම් මම උඹට මේක කවන්නද"
-" මට ඕනෙ නම් මම කනවනෙ...එපා නිසානෙ කෑවෙ නැත්තෙ..."
-" තෝ හිතන්නෙ මම දෙක වසරෙ බබෙක් කියලද...උඹ කාපන්...ආ"
-" හ...මට ඕනෙ නම් මම කනවා..මේක ඉතින් මම ගෙනාපු කොත්තුවනෙ....මට එපා කිව්වම එපා...ඕන කෙනෙක් ඉන්නවනම් කන එකනෙ ඇත්තෙ..."
-" ආ හිටපන්කො..හොස්පිට්ල් එකෙන් ගියාම තොගෙ ණය ටික බේරලා දාන්නම්...."
-" ඇත්තට...කීයක් විතරද දැන් දෙන්න ඉන්නෙ...."
අයියා කන එක නවත්තලා ටිකක් සීරියස් උනා....
-" කීයක් දීලවත් ඒ ණය ගෙවන්න බෑ නෙ බන්....කොත්තුව නම් මෙච්චරයි කීහැකි...ඒත් මගෙ ජීවිතේට කොහොමද බන් ගානක් කියන්නෙ මම..උඹට ඒකට ඇත්තටම සල්ලි ඕනෙ නම් කියපන්..."
-" ඒ කියන්නෙ අයියට අයියගෙ ජීවිතේ ඒ තරමට වටිනවා..."
-" හ්ම්ම්..."
-" එහෙනම් ඇයි ඒ වගේ දෙයක් කලේ...."
-"ඒ දේ මෙතන කියන්න බෑ...මම උඹට පස්සෙ කියන්නම්...කොම උනත් එවලෙ මම හිටියෙ කේන්තියෙන්...තරහෙන් ඒවගේම මට එවලෙ වෙරි...ඒවෙලාවෙ ඒ තීරනේ ගත්තෙ අනික් උන්ගෙන් පලිගන්න බැරි කමට...මම මගෙන්ම පලි ගන්න.. ඒත් මට ඒකට හිත හයිය තිබ්බෙ නෑ... ටිකයි පෙවුනෙ මම ඒක නතර කලා...මට මැරෙන්න බෑ කියලා කෑගහල කියන්න ඕන උනා"
-"හරි....හේතුව කියන්න අකමැති නම් අයියා නොකියා ඉන්න...දැන් කන්නකො..."
අයියා මස් කෑල්ල කන්න ගත්තා...ම්ම්ම්...තනියමම කෑවා තමා....නෑ බාගයක්  කාලා අනික් බාගෙ මට දික කලා...මම ඒ දිහා බලන් හිටියා විතරයි ඒක ගත්තෙවත් එපා කිව්වෙ වත් නෑ..අයියම ඒක මට කැව්වා...ඇත්තටම මට ඕන උනෙත් ඒ දේ නෙමේද....
-" නෑ බන්...මට හැම දේම උඹ එක්ක කියන ඕනේ...මේ තරම් කාලෙකට කවුරුත් මට මේ තරම් මනුස්සකමකින් සලකලා නෑ...මට හැමදේම උඹ එක්ක කියලා හිත නිදහස් කරගන්න ඕනෙ..ප්ලීස් මල්ලි බෑ කියන්න එපා , එක පැයකට හැමදේම අහන් ඉදපන්.......ප්ලීස්"
-" මම මොකටද බෑ කියන්නෙ...ඕන දෙයක් මන් එක්ක් කියන්න..."
අයියා ආයෙම මොකුත් කිව්වෙ නෑ..කන එක නතර කරලා අත හෝදන්න ගියා...ලාවට ඇස් දෙකේ කදුලු මම දැක්කා...කවුද දෙයියනේ මූට කුඩු කාරයා, රස්තියාදු කාරය කියන්නෙ....පුදුමයි...ගේ ලගම ඉදලවත් මිස් ට වත් මූ ව තේරුම් නොගිය එක....මමත් කෑම කොලේ ඔතලා ඩස්බින් දාලා අත හෝදගත්තා....
**************************************
එදා හවසම අයියගෙ ටිකට් කැපුවා, අරන් යන්න කියලා අමුතුවෙන් ගෙනාපු බඩු මුට්ටුත් නෑ නෙ...අයියා ඇදගෙන හිටියෙ මම ගෙනාපු ටී ශර්ට් එකක් ..ඒක ඇදන් පාරෙ යන්න බැරි කාක් නෑ...ඒත් සෙරෙප්පු දෙකක් නෑ පාරෙ දාගෙන යන්න...
" මම සෙරෙප්පු දෙකකුයි, බුරුසුවකුයි අරන් එන්නම්..."
-" බුරුසු ඕනෙ නෑ ඔයගෙදර යන ටිකට...මල්ලි...උඹ ගාව සල්ලි තියෙද?? උඹ ජොබ් එකක කරන්නෙත් නෑ කීවනෙ බන්"
-" සල්ලි තියෙනවා ...ඔයා හිතන් ඉන්නෙ ඔයාගෙ කටින් මල් සුවද එනවා කියලද...දත් නොමැද පාරෙ යන්න පුලුවන් ද..මල පෙරේතයා"
-"ආ ඉඹලා බලපන්කො සුවද නැද්ද කියලා..."
-" අනේ ...ඕක ගිහින් කෙල්ලෙක්ට දීගන්නවා...දවස් දෙකකින් දත් මැදලා නෑ....ශික්"
ඇත්තටම අයියා ඇයි ඒම එකක් කිව්වෙ...මගෙ කටින් කිවෙත් ඉතින් හිතේ තියෙන දේ නෙමේ.....

ටිකට් කපා ගත්තට අයියට පොලිසියට යන්න උනා...ඒ වැඩ ටික කරගන්නකනුත් මම බෝඩිමට ගියෙ නෑ....
දැන් ඉතින් මේක ඉවර වෙලා අයියා එයාගෙ ගෙදර යයි...
මම මගෙ බෝඩිමට යයි...ඊට පස්සෙ ආයෙම මම රස්සාවල් හොය හොයා දගලන පරන පුරුදු ඉන්ද්‍රචාප ම වෙයි.....හ්ම්ම්...මොනවා කරන්නද ඉතින්...මොනව උනත් මේ දවස් දෙකේ මට අමුතුවෙන් සතුටු හිතෙන දේවල් හොයන්න ඕන උනේ නෑ..මොකද මට පොඩ්ඩක්වත් දුකක් දැනුනෙ නෑ...මම දන් නෑ ඒ ඇයි කියන්න....අයියා ආපහු ඒ මෝඩ වැඩේ කරන් නෑ කියන විස්වාසය මට තියේ...ඒ නිසා තනියම ඉන්න දෙන්න බයක් නෑ....
වැඩ ටික ඉවර වෙලා අපි බස් එකකට නැග්ගා ... දවස පුරාම මම සතුටින් හිටියට මම දැන් ඉන්නෙ දුකකින්...ඇයි මේ තරම් මේ යකා ඇස් දෙකෙන් දුරට යනකොට මට දුකක් දැනෙන්නෙ...බස් එකට නැගලා අයියා වාඩි උනා...ඒ  සීට් එකේ  මට ඉඩක් තිබුනෙ නෑ...ඉතින් මම ඊට පිටිපස්සෙ සීට් එකෙන් වාඩි උනා...ඒකත් හොදයි..ලගින්ම්  ඉන්නවට වඩා දුර ඉදන් යනකොට අයියා දිහා හිතේ හැටියට බලා ඉන්න පුලුවන් ...බහින්න කිට්ටු වෙනකොට අයියා නැගිට්ටා...මම ඉන්න තැනට ඇවිත්...පුලුවන් වෙලාවක ඇවිත් කතා කරලා පලයන්...මම යනවා...පරිස්සමින් පලයන්....
ආයෙත් මම හීන ලෝකෙලින් බිමට වැටුන ගානයි...කවුලුවෙන් අයියව නොපෙනී යනකම්ම මම බලන් හිටියා.......පුදුමයි තාමත් මම උගෙ නම වත් දන් නැතුව මේ තරම් හිතට වද දෙන හැටි...
##########################
ඉන්ද්‍රචාප ට ආයෙත් ඒ රස්තියාදුකාරයා මුනගැහෙයිද...
නැත්නම් මේ ඒ දෙන්නගෙ අන්තිම හමුවීම වෙන්නත් බැරි නෑ....

මතු සම්බන්දයි

කතාව කියවන හැමෝගෙන් කමෙන්ට් එකක් ඕනෙමයි....
ලස්සනයි නම් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න...වෝට් එකක් දාන්න

Continuă lectura

O să-ți placă și

259K 6.4K 73
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
1.2M 92.1K 126
credit to original author Shui Qian Cheng. This story belongs to Rosy0513 . I am just a translator. This cover photo is not belong to me.
8K 1K 27
නුඹ දන්නවාද දන්නෙ නෑ..... මගෙ ආදරේ ...... මම ඉන්නවාද දන්නෙ නෑ...... ඔබෙ ලෝකයේ....... 🧡❤️💜️
13.3K 1.8K 25
ආසයි අරලිය මලක් වෙන්න , මියගියත් ලගින්ම ඉන්න.........