OUT OF THE DARKNESS ........y...

By Rukshikakalhari

60.4K 13.2K 2.7K

ගිලන්වූ හදවතට වෙලා මුදු මදහසක්... යලිත් මට හිනැහෙන්න නුඹ උනා අත්වැලක් ...... දරාගනු බැරිමතැන හිත නිහඩ වූ හැඩක... More

OUT OF THE DARKNESS .............
දෙවැනි දිගහැරුම .....
තුන්වෙනි දිගහැරුම ........
හතර වන දිගහැරුම ......
පස්වෙනි දිගහැරුම ...................
හයවෙනි දිගහැරුම ....
හත්වෙනි දිගහැරුම .............
අටවෙනි දිගහැරුම ..............
බෝනස්........🌟🌟
නවවෙනි දිගහැරුම ................
දස වෙනි දිගහැරුම ..........
එකොලොස් වෙනි දිගහැරුම .....
🌟 දොළොස් වන දිගහැරුම .........
🌟 දහතුන් වෙනි දිගහැරුම .......
දාහතර වෙනි දිගහැරුම ................
දාසය වෙනි දිගහැරුම ...........
දාහත්වෙනි දිගහැරුම ........
🚫🚫🚫 special note 🚫🚫🚫
දහ අටවෙනි දිගහැරුම ...........
දහනව වෙනි දිගහැරුම .........
විසිවන දිගහැරුම .............
විසි එක්වෙනි දිගහැරුම .......
🌟🌟🌟special note 🌟🌟🌟🌟
විසිතුන් වෙනි දිගහැරුම .....
විසි දෙවැනි දිගහැරුම ...
විසි හතරවෙනි දිගහැරුම ...
විසි පස්වෙනි දිගහැරුම .....
විසිහය වෙනි දිගහැරුම ......
විසිහත්වෙනි දිගහැරුම ....
විසි අටවෙනි දිගහැරුම .....
විසි නවවෙනි දිගහැරුම .........
අවසන් දිගහැරුම ...........

පහලොස් වෙනි දිගහැරුම ........

1.8K 431 72
By Rukshikakalhari

Out of the darkness .......📎📎📎📎

පහලොස් වන දිගහැරුම ...........

🚗 🚗🚗🚗🚗🚗🚗🚗🚗

සවස් වනවිට චාන්ව ඉවතට ගෙනයාමේ කටයුතු සියල්ල නිසියාකාරව සිදුකරගැනීමට හැකිවූ නිසාවෙන් යීබෝ සවස හයට පමණ ගමනට සූදානම් විය...මේ වනවිට බින් ද යීබෝගෙ හොදම මිතුරෙකු බවට පත්වී සිටි නිසා ඔහුගේ අවසරය හිතුවාටත් වඩා පහසුවෙන් ලැබුනි ... චාන් සිටින්නේ රටක් රාජ්‍යක් පහලවූවා මෙන් සතුටිනි....

මුහුණ කලුකරගෙන සිටින යුවාන් හට පොරොන්දු රාශියක් ලබාදුන්නේය ... ඉන්පසුව ඔහු සිනාසුනේය ... චාන් යීබෝටත් පෙර වාහනයට ගොඩවිය... යීබෝ අනෙක්පසින් නැගී චාන්ගේ ආසන පටිය මුලින්ම සම්බන්ධ කලේය... ගමන ආරම්භ විය... වටින් ගොඩින් අදුර ගලා එන නිසාවෙන් මඟ දෙපස එතරම් දැකගන්නට නොහැකිය ... නමුත් චාන් වීදුරුවෙන් එපිට තබාගෙන සිටින දෑස් ඉවත්කර ගන්නේම නැත...

" චාන් මැණික ....."

යීබෝ නිදහස් අත චාන්ගේ අතක් උඩින් තබා කතාකලේය ..

ඔහු යීබෝ දෙස බැලුවා පමණි... නමුත් ඒ ඇස් "ඇයි " යැයි අසයි.....

" සීට් එක පාත්කරලා දෙන්නද නිදාගන්න ... "

යීබෝ චාන්ව මේ ගමන රැගෙන ආවාට තරමක බියක් ඔහුගේ සිතෙහි නැතුවා නොවෙයි ...

" නිදිමත නෑ.... බෝ....."

ඔහු අහිංසක ලෙස කීවේය ...

" එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් කන්න මොනවහරි අරගමු..."

යීබෝ චාන්ගේ හිස හෙමින් අතගාමින් කීවේය ..

" හා....."

චාන් කොහොමත් කඩසෝරු කන්නට හපනෙක් බව යීබෝ දැනටමත් දනී...

ආහාර ගැනීමට පමණක් එක් තැනක නවතා යීබෝ ඉක්මනින් ගුවැන්සු වෙතට ලඟාවූයේය.... මඟ දිගටම කිහිප වතාවක් දෙනෙත් පියාගත්තත් චාන් අවදියෙන් සතුටින් වැඩි වේලාවක් සිටිනු යීබෝ දුටුවේය ... මධ්‍යම රාත්‍රීය වන විට ඔවුන් නිවසට ලඟාවිය... නිවස අන්ධකාරයේ තිබුනි....

"  ඔහොම ඉන්න... මම දොර ඇරලා ලයිට් දාලා එන්නම් ඔයාව ගන්න..."

චාන් ඔලුව වැනුවේය ...

යීබෝ ඉක්මනින් නැවත වාහනය අසල විත් දොරහැර ආසනපටිය ඉවත්කර චාන්ව නිවස තුලට රැගෙන ගියේය .. එය තරමක් කුඩා නමුත් අලංකාර නිවසකි.. දෙමහල් නිවසක් වූ එහි චාම් බවක්, නිස්කලංක බවක් තිබුනි... නිවස තුලත් විවිධ ස්වභාවික මල් වර්ග තැන් තැන්වල තබා තිබුනි... එක් පසෙක මධ්‍යස්ථානයේ මාලු ටැංකිය මෙන්ම විශාල අලංකාර මාලු ටැංකියකි.. යීබෝ ගමන් මලු රැගෙන එනතුරු චාන් නිවස පුරා දෙනෙත් යැව්වේය ....

" මැණික දැන් පාන්දර ... හෙට උදේ ලස්සන බලමු... දැන් නිදාගන්න යමු...."

චාන් සිනාසෙමින් යීබෝගෙ බෙල්ලේ එල්ලුනේය...

" හා... ඉතින්... මේ බෑග් දෙකයි අලි බබෙකුයි උස්සගෙන උඩට යන්නද කියන්නෙ මට...."

යීබෝ සිනාසෙමින් ඇසුවේය ... චාන් ද සිනාසෙමින් යීබෝ පසුපස උඩුමහලට ගියේය .. යීබෝ සෙමින් ඔහුගේ කාමරයේ දොර විෘත කලේය.. යීබෝට පෙර චාන් ඊට ඇතුල්විය ..

චාන් දැන් කාමරය පුරා ඇවිදිමින් හැඩ බලයි... එය තරමක් විශාල කාමරයකි... පිටතට බැල්කනියක් මෙන්ම කාමරයට අලලා නාන කාමරයක් ද තිබුනි... එක් පසෙකින් තරමක් විශාල ඇදක්, පොත් රාක්කයක් විය... පාඩම් මේසය මත තිබුනු යීබෝගෙ ජායාරූපයක් චාන් අතට ගෙන ඒ දෙස බලා සිටින්නට විය...

" මැණික .... අපි නිදාගන්නෙ නැද්ද.... යන්න වොෂ් එකක් දාගෙන එන්න.   "

චාන් කාමරය නරඹන තුරු යීබෝ වොෂ් එකක් ගෙන කාමරය තුලට ආවේය ...

චාන් පිරිසිදු වී පිජාමා ඇදුමකට මාරුවිය... මුලදී මෙන් නොව එවන් කටයුතු දැන් ඔහු තනිවම සිදුකරගනී.... ඉක්මනින් ඇදට නැඟගත් චාන් එක් කොනකට වී යීබෝ එනතුරු බලා සිටියේය .. නිවසේ විදුලි බුබුලු නිවාදමා දොරවල්ද වසා දමා යීබෝ ඇඳට ආවේය ... අද යීබෝට සැහැල්ලුවක් දැනෙයි.... උදෑසන මව අසනීප වූවායැයි කී විට සහ චාන් දමා එන්නට සිදුවේයැයි සිතා ඇතිවූ ආතතිය මේ වනතුරුත් ඔහුගේ හිතට වදදුන්නේය...

යීබෝ ඇඳට ආ සැනින් චාන් ඔහුට සුපුරුදු ස්තානය සොයාගත්තේය ... දැන් යීබෝ දෙස බලාසිටී...

" මහන්සි හින්දා ඕනෙ නෑ කියලා හිතුවේ..."

යීබෝ එසේ කියමින් චාන්ගේ දෙතොල හෙමින් සිපගන්නට පටන්ගත්තේය .... ඉතින් චාන් ඔහුගේ රාජකාරි ආරම්භ කර ඇත... යීබෝගෙ දෙතොල් මත දෙතොල් රදවාගෙන ඒ ස්පර්ශයත් සමඟින්ම දෙනෙත් පියාග්ස්ත් චාන් මුලින්ම යීබෝගෙ කමිසයට යටින් අත දමා පිට අතගාන්නට පටන්ගත්තේය ... ටිකවේලාවක් මෙසේ හිද ඒ අත යීබෝගෙ ගෙල මතට තබාගත්තේය ... ගෙල පුරා විටෙක අතගාමින් විටෙක කොනිත්‍තමින් ඒ අත දැන් හිසකේ මතට ගෙන ආවේය .... යීබෝ චාන්ගේ දෙතොල් සිපගන්නා ගමන්ම මේ පහස හෙමින් විදගනී.... දැන් ඒ අත යීබෝගෙ මුහුණ මතයි... කම්මුලක් මිරිකයි... නලල පුරා ඇඟිලි දෙකක් එහෙ මෙහෙ යවයි.... තවමත් සිපගැනීම එලෙසින්මය... යීබෝ ඒ සිහින් තොල් පෙති උඩ යට සීරුවට මාරුවෙන් මාරුවට සිපගන්නේය.... එදා මුල් වරට දැනුනු රසයම ඒ ලෙසින්ම තවමත් ඒ දෙතොල් මතින් යීබෝ රසවිදී... දැන් චාන් දෑස් හැරියේය ... ඔහු දැන් යීබෝගෙ ඇසක් ඔහුගේ ඇගිල්ලකින් බලෙන් විවරකරයි... ඉතින් යීබෝත් දෑස් හැරියේය ... හැමදාමත් මෙන්ම චාන්ට මෙය අවසන් කරන්නට කිසිම උවමනාවක් නැත.... යීබෝගෙ දෑස් දෙසම දැන් ඔහු බලා සිටී.... මදවේලාවකට පසුව ඔහු දෙතොල් මුදා ගත්තේය .... විනාඩි තිහක්.. ඒත් චාන් දෙතොල් මුදවද්දී යීබෝට ලෝබ සිතුනි...

දෙතොලින් මිදී චාන් දැන් යීබෝගෙ දෙතොල් මත ඇඟිල්ලකින් රටා අදී..

" නිදියන්න මැණික.... දැන් පාන්දර ..."

යීබෝ සෙමින් ඔහුගේ නලලත සිම්බේය ... දැන් ඔහු යීබෝගෙ ගෙලමතින් මුහුණ තබාගත්තේය ... විනාඩි දහයක් පමණ වූ විට ඒ සුසුමන් සන්සුන් ව දැනෙන්නට විය... ඔහු නින්දේය ... යීබෝත් දෙනෙත් පියාගත්තේය ... පැය ගනනාවක් එක දිගට ධාවනය කිරීමේ තෙහෙට්ටුව නිසාවෙන් යීබෝටත් ඉක්මනින් නින්දගියේය....

🌞🌞🌞🌞🌞

ගුවැන්සු වලට ලස්සනට ඉර පායා තිබුනි... යීබෝ අවදිවන විටත් තරමක් ප්‍රමාද වී තිබුනි... චාන් තවමත් ඔහු තුරුලේ සුව නින්දේය ... යීබෝ එහෙන්මම හිද ජනේලයෙන් පිටත බලාගෙන මදවෙලාවක් සිටියේය ... වෙනදා නිවාඩු ආවිට නොදැනෙන සනීපයක්, සැහැල්ලුවක් ඔහුට දැනෙන්නට විය.. ඒත් සමඟින් ඔහුගේ දුරකතනය නාදවිය ... ඒ හඩට චාන්ද හෙමින් හෙමින් දෙනෙත් හැරියේය ..

ඇමතුම බින්ගෙනි....වීඩියෝ ඇමතුමක් ... චාන් එලෙසින්ම සිටියදී යීබෝ ඇමතුම සම්බන්ධ කරගත්තේය ... බින්ට දැන් මේ දසුන හොදට හුරුය.. එමෙන්ම ඇමතුම් ගන්නා සෑම විටෙකම  චාන් ද බින්දෙස බොහෝ වේලාවක් බලා සිටින්නේ පුරුදු බවකිනි...

" හෙලෝ බින්...."

" ගුඩ් මෝනින් ඩොක්ටර් ... ගුඩ් මෝනින් චාන් ...."

චාන් යලිත් යීබෝගෙ ගෙල තුල මුහුණ සඟවා ගත්තේය ...

" ගුඩ් මෝනින් බින්....."

" කරදරයක් නැතිව ආවද බලන්න ගත්තෙ ඩොක්ටර් ...."

" ඔව් බින් අපි හොදින් ... තවමත් නිදි මේ පේනවනේ ..."

බින් ඒ දෙස බලා ආදරයෙන් සිනාසුනේය ... යීබෝගෙ සෙනෙහස නිසා චාන් මෙතරම් දුරකට සුවවී ඇතිබව බින්ට දැන් රහසක් නොවේ.. ඉතින් ඒ ආදරය චාන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වන්නේ නම් තව වෙන කුමක් අවශ්‍ය වන්නේද ....

" හරි ඩොක්ටර් එහෙනම් මම වැඩට යන්න හදන්නෙ.. දෙන්නම පරිස්සමෙන් ඉන්න.... චාන් මම තියෙනවා ...."

චාන් යලිත් යීබෝගෙ ගෙල අසලින් මුහුණ ගෙන ඒ දෙස බැලුවේය  ..

යීබෝ මුලුතැන්ගෙයට ආවේ උදෑසනට කෑමට යමක් හදන්නටයි.. පසුව මව බලන්න යන්නට අවශ්‍ය නිසා ඔහු ඒ තුල එහා මෙහා ගියේය .. ඇත්තෙන්ම යීබෝ තේ එකක් හදාගන්නට වත් දන්නේ නැත... චාන්ද හෙමින් මුලුතැන්ගෙය තුලට ආවේය ... යීබෝ ඒ වනවිට වතුර උණුවෙන්නට තබා කෝපි හදන්නට සූදානමින් ඒ මේ අත බලයි... මේ දෙස මදවේලාවක් චාන් බලා සිටියේය ... ඔහුට කෝපි හදන්නට  හුරු බවක් දැනුනි... යීබෝ අසලට ගොස් මග් දෙක ඔහු අතට ගෙන... නෙස්කැෆේ හැදි දෙක බැගින් ඒවාට දමා කොෆිමේට් හැදි දෙකක් සහ සීනි ස්වල්පය බැගින් දැම්මේය.. දැන් වතුර උතුරා ඇති නිසා චාන් ඒ දෙස බලා යීබෝ දෙස බැලුවේය ... යීබෝ දැන් චාන්ගේ දෑස් භාෂාව හොදින් හදුනයි... ඔය කියන්නේ උනුවතුර දමන්නට කියායි... යීබෝ ඉක්මනින් කෙට්ට්ල් එක ගෙන උනුවතුර දැම්මේය .. චාන් දැන් ඒවා හොදින් හැන්දෙන් කලවම් කලේය ..

" නියමයි නේ... මගෙ මැණික කෝපි හැදුවා.. කෝ බලන්න රස..."

යීබෝ එක් මග් එකක් ගෙන උගුරක් බිව්වේය  . ඇත්තෙන්ම එය ඉතා රසවත් විය.. බින් කියූ පරිදි චාන් වැඩිම කාලයක් ජීවත්වූයේ තනිවමය.. උයන්නට ඔහුට හැකියාවක් ඇත... ඉතින් මේ ඒ හුරුවට ඔහු සිදුකරන දේවල් බව යීබෝ සිතුවේය ...

" හරිම රසයි වස්තූ.... "

චාන්ගේ දෑස් දිලිසෙන්නට විය...

" ඕක බොන්න මැණික ......"

නැත චාන් යීබෝ අසලට විත් ඔහුගේ මග් එක අතට ගත්තේය ... යීබෝ සිනාසී චාන්ගේ කොපුලක් මතට හාදුවක් තබා අනෙක් මග් එක ගත්තේය ....

" අපි යනගමං මොනවහරි කමුද මැණික ... ඔයාගෙ බෝ උයන්න දන්නෙ නෑනේ....."

යීබෝ චාන් අසලට විත් කීවේය ...

" සැන්ඩ්විච් හදමු....."

චාන් ආසාවෙන් කීවේය ...

" පුලුවන්ද ....."

යීබෝ පුදුමයෙන් ඇසුවේය ......

" පාන් දෙන්න... බිත්තර දෙන්න... ......"

දැන් චාන් කියන දේවල් යීබෝ ගෙනත් දෙයි... චාන් ලූණු ගෙඩියක් සුද්ද කලේය.... තක්කාලි ගෙඩියක් සේදුවේය .... බිත්තර ඔම්ලට් එකක් දමා පාන් පෙති බටර් දැමූ පෑන් එකක් මත මදවේලාවක් තබා රන්වන් පැහැ වූ පසු ගෙන ඒවා මත බටර් තැවරුවේය .... හරි අපූරුවට සැන්ඩ්විච් හතරක් චාන් සැදුවේය.. යීබෝ ඔහු අසලටවී ඒ දෙස බලා සිටියේය ... වෙනදාට වඩා අද චාන් දොඩමලු වන බව යීබෝට සිතුනි .. ඉතින් යීබෝ හිතා මතාම වැරදි කලේය...

" බෝ..... මේක හෝදන්න ...."

" බෝ.... මට ලුනු දෙන්න,..."

" බෝ මේකට ගම්මිරිස් ටිකක් දාන්න...."

යීබෝ හිතාමතාම ටික වැඩිපුර ගම්මිරිස් දාද්දී චාන් කෑගැසුවේය ..

" ඇති බෝ..... ඔයා මෝඩයි...."

යීබෝ ගොස් චාන්ව පසුපසින් වැළදගත්තේය ... ඒ උරහිස මතින් මුහුණ තියාගත්තේය ...

" කවුද මැණික මෝඩ ... ඔයා මට මෝඩයි කිව්වා...."

කවදාවත් නැතිව යීබෝ චාන් අසල හුරතල් විය...

" බෝ..... මෝඩ නෑ.... මගෙ බෝ..... හොදා.....යි...."

චාන් යීබෝ දෙසට හැරී ඒ දෙතොල් සිපගත්තේය ....

🏥🏥🏥🏥🏥🏥🏥

යීබෝ චාන්ගේ අතින් අල්ලාගෙනම මව සිටින රෝහල් කාමරය සොයා ගියේය .. ඔවුන් ඊට ඇතුල්වන විටත් යීබෝගෙ මව මග බලමින් සිටියේය ... නමුත් යීබෝට පෙර මව අසලට විත් ඇයව වැළඳගත්තේ චාන් ය...

" මගෙ මැණික ...."

යීබෝගෙ මවත් ආදරයෙන් ඔහුව තුරුලුකරගත්තේය ..

" මගෙ මමා..... බෝගෙ මමා.... "

ඔහු ඒ උණුසුමට වී කියවන්නට විය.... යීබෝත් ඒ අසලට විත් දෙදෙනාවම වැළදගත්තේය ... චාන් නම් සෑහෙන වේලාවක් ඇයගේ තුරුලෙන් මිදුනේම නැත... ඇය හෙමින් ඔහුගේ හිස අතගාන්නට පටන්ගත්තේය ...

" එහෙනම් ඔහොම ඉන්න... මම ඩොක්ටර් හම්බවෙලා එන්නම්...."

යීබෝ එසේ කියමින් කාමරයෙන් ඉවතට ගියේය ..

" මගෙ මමා..... "

චාන් ඒ උණුසුම උපරිමයෙන් වින්දේය ...

" මැණික ..... "

" මමා ලෙඩවෙලා .... මමා පව්....."

ඇයගේ දෑසින් කදුලක් පිටවූයේ මේ සෙනෙහස දරාගන්නට නොහැකිවයි....

🌟
🌟
🌟

මතුසම්බන්ධයි .........

📚 Ru shi ------------------------------------------------------------

🌟 හෙටත් ගුවැන්සු වල හොදේ....

🌟  ආදරේකට පුලුවන් ගිලන්වුනු හිතක් හෙමීට හරි අපූරුවට සුවපත් කරන්න.....

🌟  කතාව කියවලා කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ස්තූතී ... රිප්ලයි කරන්නෙ නැත්තෙ ඇත්තටම රැකියාව නිසා හුගාක් කාර්‍ය බහුලයි ... ඒත් ඒවා කියවනකොට පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.....

🌟 අනික තමයි මම වැඩිය කතාව මැදට පින්තූර එකතුකරන්න කැමති නෑ... ඔයාලා ඒක හිතෙන් මවාගන්නකොට කතාව තවත් ඔයාලට දැනෙනවා... මේක මගේ අදහසක්... ඒ වගේම පින්තූර හොයාගන්න ඇත්තටම මට කාලයත් නෑ....

🌟 Beach boy .... අලුත් කතාවත් එක්කත් එකතුවෙන්න කියලා ආදරයෙන් මතක්කරනවා.....

Continue Reading

You'll Also Like

4.5K 1K 34
♥️ මාව කවදාවත් දාලා යන්නෙ නෑ නේද ආයු 💚 මරණෙටවත් අපිව වෙන් කරන්න බෑ ගීෂ්
98.3K 15.9K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
72.5K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
23.7K 5.3K 36
ලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳