Out of the darkness ..........📎📎📎📎
" මමා දැන්වත් මාත් එක්ක යමුද.... බලන්න ඔයාව තනියම මෙහෙම දාලා අපි ඉන්නෙ කොහොමද ... හිතුන ගමන් එන්න ලේසි දුරකත් නෙවෙයි ඉන්නේ..."
යීබෝ මව අසලින් වාඩිවී කියවන්නට පටන්ගත්තේය .. මමාගේ තුරුලට වී සිටි චාන් ට නින්දගින් තිබුනි... ඇයගෙ ඇකයේ හිස තියාගෙන ඔහු සුවනින්දේය .... ඇය තවමත් චාන්ගේ හිස අතගාමින් සිටී...
" අනේ.. මට මේ ගෙවල් වහලා යන්න බෑ පුතේ.. අනික කඩාගෙන බිදගෙන එන්න තරම් ලොකු අසනීපයක් නෑනෙ මට..."
සිචෙන් කියන්නාක් මෙන් ඇය ඇත්තෙන්ම හිතුවක්කාරය....
" මමා.... ඔයානම් හරිම හිතුවක්කාරයි.... එහෙ ක්වාටස් එකකුත් තියෙනවනේ ... අපූරුවට ඉන්න පුලුවන් ... මට අනිද්දා අනිවාර්යයෙන් යන්න වෙනවා..."
යීබෝ තරමක් කනස්සල්ලෙන් කීවේය ...
" හරි ඉතින් හෙට හවස ඩිස්චාර්ජ් කරනවා කිව්වනේ.. මාව ගෙදර එක්ක ගිහින් ඔයාලා අනිද්දා යන්න..."
ඉතින් ඇයගේ තීරණය එයයි... ඇය තවමත් චාන්ගේ හිස පිරිමදී..
" පව් මැණික ... මගෙ ලඟටම වෙලා ඉදලා නින්දගියානේ ... අනේ බලන්න බෝ මූණෙ තියෙන සිරියාව.... ඔයාගෙ අස්සෙම ඉදලා එයාට දැන් හුගාක් අඩුයි වගේ..."
යීබෝ චාන් දෙස බලා ලොකු හුස්මක් පිටකලේය ... ඒ හුස්ම මවට බොහෝ දේ තේරුම් කලේය...
" කිසිම දෙයක් ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා රත්තරං.... එයාට දැනෙන දේ විතරක් හිතන්න.. අන්තිමට ඔයාට දුක්වින්න වෙයි ..."
මව කියන්නේ කුමක් ගැනදැයි යීබෝ හොදින්ම දනී.... ඔහු නිහඩව සිටියේය ...
සවස තුන පමණ වනතුරුම චාන්ව මවගෙන් ඉවත්කර ගන්නට නොහැකිවිය ... අවසානයේ මේ අසල ඇති පාරක් එකකට යමුයැයි කියූ පසු චාන් මවගේ මුහුණ කිහිපවතාවක් සිඹ යීබෝ සමඟින් පිටත්වූයේ පසුවදා උදෑසන යලිත් එන්නට පොරොන්දුවීමෙන් පසුවයි ...
" බෝ..... අයිස්ක්‍රීම් ඕන..."
යීබෝට පුදුම හිතුනි.. මේ ඔහු කටින් යමක් ඉල්ලූ පළවෙනි වතාවයි.. කාලගුණය තරමක් යහපත් වූ නිසා යීබෝ චාන් හට ලොකු අයිස් චොක්ස් එකක් රැගෙන දුන්නේය .. එයත් රැගෙන එහෙ මෙහෙ මදක් ඇවිද කලුවර වැටුනු පසුව නිවසට යන්නට පෙර යීබෝ නගර මධ්‍යයේ වාහනය නතරකර ..
YOU ARE READING
OUT OF THE DARKNESS ........yizhan ff Complete ......
Fanfictionගිලන්වූ හදවතට වෙලා මුදු මදහසක්... යලිත් මට හිනැහෙන්න නුඹ උනා අත්වැලක් ...... දරාගනු බැරිමතැන හිත නිහඩ වූ හැඩක්... ඒත් යලි අවදිවෙමි දකිමි මම ලෝකයක්.....