අපි අපේ

By HappyRanuk

29.5K 5.1K 1.3K

සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පල... More

අපි අපේ 2
අපි අපේ 3
අපි අපේ 4
අපි අපේ 5
අපි අපේ 6
අපි අපේ 7
අපි අපේ 8
අපි අපේ 9
අපි අපේ 10
අපි අපේ 11
අපි අපේ 12
අපි අපේ 13
අපි අපේ 14

අපි අපේ 1

4.5K 411 152
By HappyRanuk

"වීදියවත්ත කිට්ටුවෙන් බෝඩිම් කෑල්ලක් හොයලා දෙන්න පුළුවන් කාටද? අද හෙටම හරි කමක් නෑ"

ෆේස්බුක් එකේ උඩ පහළ යන ගමන් ඕක දැක්කම බ්‍රේක් වැදුනෙ ඉබේටමයි.

# ඈ යකෝ...කවුද මේ අපේ බල සීමාවෙ එකන් බෝඩිම් හොයන්නෙ....බලමු බලමු...ඩෑල් එක මෙහාටනෙ එන්න ඉන්නෙ #

මම ඒක දාලා තිබ්බ කෙනාගෙ ප්‍රොෆයිල් එක බලන්න ගියෙ ටිකක් ඇහැට කනට පේන එකෙක් නම් මොකුත් නොදන්න ගානට මනෝරි අක්කගෙ බෝඩිම ගැන කියන්න.. මනෝරි අක්කා ඉතින් කටේ සද්දෙන් ඕන දෙයක් ඇත්ත නැත්ත කරන්න් පුළුවන් මනුස්සයා. අපේ පැත්තෙ කාටහරි සල්ලි හදිස්සියක් උනොත් හිත කම්පා වෙන්නෙ නැත්තෙ නෑ..හැබැයි එයාගෙ පොලිය නම් අඩු වෙන්නෙ නෑ කාට උනත්...මනෝරි කියන්නෙ අපේ තාත්තගෙ නෝනා.... කියනකොටම මාව අමතන්න ගත්තා.

" සුදු අප්පු...දැන් තෝ බෙරිහන් දුන්නා නේද බත් බෙදනකන්...බෙදුවට පස්සෙ කනකන් මම බෙරිහන් දෙන්න ඕනෙ... මුගෙ අප්පොච්චිට් ගහන්න ඕනෙ ඔය ෆෝන් මල ඉලව්ව අරන් දුන්නට...මට නම් සතේකට විස්සාස නෑ...විභාගෙ කාලෙත් ඕක එබුව එකනෙ කලේ ..බලපල්ලකො.."

මම හින්දා සාලෙට වෙලා පත්තරේ බල බල පාඩුවෙ හිටිය තාත්තටත් බැනුම්... මනුස්සය නම් හරි හොඳා...හිටපු ගුරුවරයෙක් උනාට මොකෝ ගමේ අය නම් තාම කියන්නෙ ඉස්කෝලෙ මහත්තයා කියලා...එයාට නං තරහා යන්නෙ නෑ ලේසියකෛන්...නැත්නම් කොහොමද අපේ අම්මා වගේ කෙනෙක් එක්ක අවුරුදු ගානක් එකට ඉන්නෙ..හැබැයි ඉතින් ඉඳලා ඉඳලා වරම් ගත්ත දවසට කාටවත් වහන්න බැරි අපේ අම්මගෙ කටත් ඉබේම වැහෙනවා...හැබැයි එයා දැන්නම් ඉන්නෙ ටිකක් අසනීපෙන්...ඒනිසා වැඩිය්න්ම.කරන්නෙ පොත් පත්තර කියවන එක විතරයි.

" අනේ මං කන්නං අප්පා...අම්මා ඕක උස්සන් ඉන්නෑ නෙ. කූඩෙ යටින් තියන්ඩ"

අම්මට උත්තරයක් දුන්නෙ අර පෝස්ට් එක දාපු කොල්ලගෙ විස්තර බලන ගමන්....ඒ වෙලාවෙ නම් කොහොමත් ඒක දාලා බත් කන්න යන්න බැරි තත්ත්වයක් තිබ්බෙ... මූනත්තහඩුව නැති උනාට මොකද අහවල් එක නැතුව දාන්න පුළුවන් සේරගෙම ෆොටෝ දාලා තිබ්බා..අපරාදෙ කියන්න බැ මිනිහගෙ අම්මා පොඩිකාලේ අත පය ටික නම් හොඳට හදලා වගේ.... මයිල් නම් නෑ කියන්නත් බෑ..හැබැයි වලහෙක් නෙමෙ....

# මං හිතන්නෙ මේ වගේ කෙනෙක් අපේ මනෝරි බෝඩින් ප්ලේස් එකට ගෙන්නගත්තට පාඩුවක් වෙන එකක් නෑ...උදේ හවස දකිද්දි මොන මොනවද නොවෙන්න බැරි...හූම් හූම් හුම්....හරි හරි හරි..අනික මම දැන් දන්නවනෙ මූ කෙල්ලො වානා කොල්ලෝ ඕනා සංගමේ කෙනෙක් කියලා....යන් පුතා ඉන්බොක්ස් #

කලින් හීනියට චැට් කරලත් තිබ්බා....චැට් එක දකිද්දී ඒක දැනගත්තේ.....චැට් කරන්න කලින් මම ඒ ටික කියවලා හිටියෙ කොයි වගේ කෙනෙක්ද කියලා බලාගන්න

" හායි කොහෙද ඔයා?"

" කුරුණෑගල...22 "

" හානේ...අයියා බබෙක්...මට නම් තාම 18"

" ඉස්කෝලේ යනවද ?"

" හූම්...ලබන අවුරුද්දෙ අගෝස්තු ඒලෙවල් "

" විභාගෙට මාස කීයද ඉතින් ?"

" දහයක් විතර තියෙන්නෙ...."

" විභාගෙ ළඟ තියන් ෆේක් හඳන් ෆේස් බුක් ඇවිත් උඹ විෂය නිර්දේශෙ කවර් කරනවද... මොන දේ කරන්ඩත් කලින් ඉගනගෙන ඉඳපන් "

# මදැයි....ඔය අහගෙන තියෙන්නෙ....යකෝ මම ඉස්සර හෙන මෝඩයිනෙ...මේ කොහෙවත් යන එකෙක්ට චා වෙලානෙ...හැබැයි ඉතින් එයා කියලා තියෙන්නෙත් වැරැද්දක් නෙමෙ...හරි ඉතින්...දැන් විභාගෙ ඉවර වෙලත් මාස ගානක්නෙ....වයස විස්ස කියන්නෙ පොඩි වයසක් ඈ...අනික ඒලෙවල් කරල ඉවරනෙ....මිනිහා ගාව පරණ චැට් එක නැති උනොත් හොඳා..බලමුකො මැසේජ් කරලා..#

" හායි...ඔයා නේද බෝඩිමක් හොයලා තිබ්බෙ....වීදියවත්ත කිට්ටුවෙන්"

" අනේ ඔව්...අද හෙට හරි කමක් නෑ...ගෙදර ඉඳන් ජොබ් එකට යන්න දුරයි"

" ඒ කිට්ටුව මම දන්න තැනක් නම් තියේ...මගෙ යාලුවෙක් හිටියා...තනි කාමරේ..."

" අඩේ අවුලක් නෑ....නිදහසෙ ඉන්න පුළුවන් නම් එච්චරයි "

" නිදහසේ කිව්වෙ කොල්ලො සෙට් වෙන්නද.... අයියෝ...අයිති අයගෙ ගෙදර කෑල්ලෙමයි තියෙන්නෙ.... ඒවනම් බැරි වෙයි"

" නෑ බන්...නිදහසේ ඉන්න කිව්වෙ එක කාමරේ හතරක් පහක් ඉන්න බෑ කියලා..ඔය එක එකා ගෙන්නන් බුදියන්ඩ ඕන් නෑ මට"

" ආ....එහෙනම් හරි යයි එතන...හැබැයි ඉතින් බෝඩිමේ නැන්දා සැරයිලු"

" අනේ ඒවා මට අදාළ නෑ බන්...මං එයාව කසාඳ බඳින්න යන්නෙ නෑ නෙ...වෙලාවට සල්ලි දුන්නම ඉවරනෙ"

" අපො...එයාව බැඳලා ඉන්නෙ...ලස්සන කොලු පැටියෙකුත් ඉන්නවලු...යාලුවා මට ෆොටෝ එකකුත් එව්වා...මාර කියුට් කොල්ලා... බෝඩිමේ හිටිය මගෙ යාලුවා සෑහෙන්න ට්‍රයි කරලා මිනිහව දාගන්න...අරූ ලස්සන නිසා ගනන් අරන් වත් නෑ ලු"

" දැන් එතකොට උඹයි උඹේ යාලුවයි ඔය කියුට් කියන එකයි තුන් දෙනාම ගේ ද"

" මායි මගෙ යාලුවයි නම් ගේ...අරූ කොහොම ද දන්නෑ"

" ඕන එකක්....මට තැන කොහෙද කියපන්කො.... බෝඩිමේ නැන්දයි පුතයි ගැන නැතුව"

" ඔයා වීදියවත්තෙ පන්සල හරියෙන් බහින්න...ඊට පස්සෙ...............හැරිල....එතන තියෙන ......මාවතෙන් ඇතුළට ඇවිත් දකුණට හැරෙන්න....ඊට පස්සෙ කාගෙන් හරි අහන්නකො මනෝරි අක්කගෙ බෝඩිම කෝකද කියලා"

" අක්කා? යකෝ ලොකු පුතෙකුත් ඉන්නවානම් මම මගුලටද අක්කා කියන්නෙ"

" ආ....එහෙම තමා එයාට ගමේ අය කියන්නෙ..ඔයාට අක්කා බැයි නම් නැන්දා හරි නැන්දම්මා හරි කියාගන්නකො...මම ඕන ටික කිව්වනෙ..."

" අයියෝ හරි හරි බන්...තැන්ක් යූ ඉතින්....මේ මම එයාලට කවුරු කිව්වා කියලද කියන්න ඕනෙ..."

# මගුලයි...දැන් මොකද්ද කියන්නෙ...මතක් කරපන් මුල්ම කාලේ බෝඩ් වෙලා හිටිය කෙනෙක්....මතක් වෙන් නෑ නෙ මේ වෙලාවට....ආ හරිනෙ #

" ආ...ඔයා කියන්නකො ජනශක්ති එකේ වැඩ කරපු එරංග අයියා ගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කිව්වා කියලා"

" අයියගෙ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්....හම්මේ වටයක්නෙ...හරි හරි...මම ගලපගන්නම්කො...තැන්ක්ස් ඈ "

" මගෙ යාලුවට බැරි උන එකේ ඔයා හරි අරූව දාගන්න බලන්න...ඔයත් පෙනුමට ඉන්නෙ.... බැරි වෙන එකක් නෑ....හික්ස්"

" ම්ම්...බලමුකො බලමුකො...පොඩි ලයින් පාරක් දාලා...එහෙනම් කොල්ලො තෑන්ක්ස් ඈ"

# කට් කට් කට්.....හොඳටම ආවා වැඩේ....මං ගැන පම්පෝරි ගහගත්තා වැඩීද මන්දා ඒත්??..... නෑ නෑ...එහෙම ගානක් නෑ...ඌ දන්නෑ නෙ ඒ මම කියලා.. දැන් ගිහින් දවල්ට කාලා ඉන්නෝනේ ආයෙම මිසිස් මනෝරි කෝප වෙන්ඩ කලින් #

කාලා බීලා දවස සාමාන්‍ය විදිහට ගෙවුනා...පහුවදා සිකුරාදා දවසක්...මම උදේම නැගිටලා බලන් හිටියා කොයි වෙලේ හරි අර මනුස්සයා එයි කියලා...බයික් එකක සද්දයක් ඇහෙන ගානෙ...ත්‍රීවිල් එකක් හරවන ගානෙ ඉබේටම බැලවුනේ හිතේ අමුතු කුතුහලයක් තිබුන නිසා....ඒත් හවස් වෙන්කම්ම මනුස්සයා ආවෙ නෑ...කම්මැලිකම වැඩි කමට බලා ඉඳලා එපාවිල්ල එකතු උනා...අම්මට යන තැන කියන් මවුන්ටන් බයික් එක අරන් පෑගුවෙ ප්‍රජා ශාලාව පැත්තට. හවසට කොල්ලො බෝල ගහනවනෙ... මම ආසම වැඩක් තමා ක්‍රිකට් ගහන එක....හවස් වරුවම ඉතින් ගෙවෙන්නෙ ඕකට...වෙලාව යනවා දැනෙන් නෑ... දාඩිය පෙරෙනකන් ක්‍රිකට් ගහලා හවස හය හයහමාර වෙද්දි කට්ටියට හොඳ ගනන්.... හැම සෙට් එකකම ඉන්නවනෙ එක එක ජාතියෙ උන්...ඊට පස්සෙ ඉතින් වයසින් වැඩි බොන උන් ටික කොහෙ හරි නාන්ඩ යන්ඩ කතාව. මම ඕවට සම්මාදන් උනොත් අපේ අම්මගෙන් හතර හන්දි කඩන් ආයෙ ක්‍රිකට් ගහන්න එන්න නැති වෙන්නම කෙලවගන්නවා... ඉතින් කට්ටිය එහා මෙහා වෙනකන් ඉඳලා මායි අපේ වයසෙ තව කොල්ලො දෙතුන් දෙනෙකුයි... පොඩි සෙට් එකයි කරන්නෙ ගෙවල්වලට යන එක.

" ආ...මේ එන්නෙ...බලපිය ඇඟේ හැටි..දාඩිය දාලා... ගඳේ බෑ...නාගෙන සීතා නැන්දලගෙ කඩේට ගිහින් වරෙන්"

"අනේ මට බෑ...අම්මා යන්න්ඩ්කො

" උඹට ඔය මගුල කකුල් දෙක අස්සෙ ගහන් රස්තියාදුවෙ යන්ඩයි...ෆෝන් මල ඉලව්ව ඔබ ඔබා ගේම් ගහන්ඩයි සේරම පුළුවන් ...වැඩක් කිව්වබ බෑහ් ගානවා...පලනවා තොගෙ බයිසිකලේ ටයර් දෙක මන්න පිහිය ගෙනත්...දැනගං "

" අනේ හා හා.. දෙන්ඩකො..මං ගෙනල්ලා දීලා ඉන්නං..මල වදේ"

" හඩ්ඩා වගේ කඩේ යන්ඩ...අම්මපා මේකට කිසිම තිරිත්තුවක් නැති හැටි...ගිහින් නාගෙන හිටපං...මං යනවා උඩ කාමරේ අස් කරන්ඩ "

" ඒ මොකටද ..මේ හදිස්සියෙ ..."

"ළමයෙක් ඇවිල්ලා උඩ කාමරේ බලලා ගියෙ...පුළුවන් උනොත් හෙට ඉඳම්ම එනවා කියලා ගියෙ...සල්ලිත් දීලා ගියෙ...මට කඩෙන් බඩු ටික ගෙනල්ලා දීලා...ඕනෙනං ෆෝන් කාඩ් එකකුත් ගනින්. ඒ ළමයා සල්ලිත් දීලමයි ගියෙ..."

" ආ ඒක තමා මේ චූන් වෙලා තියෙන්නෙ....සල්ලි දෙද්දි ඒ ළමයා ඒ ළමයා ගෑවට...ඉස්සරහට සල්ලි දෙන්න දවසක් දෙකක් පරක්කු උනොත් ඔයා වතුර වහන්නයි..ලයිට් ගලවන්නයි හින්ට් ගහන්නයි පටන් ගන්න විදිහ බලමුකො...ඔයාගෙ ඔය වැඩ හින්දා තමා මේ බෝඩිමට එන අය වැඩි කාලයක් ඉන්නැත්තෙ"

" අනේ මේ...උඹෙයි මගෙයි බෝඩින් කෙරිල්ල...මගෙ කට නැත්තං කරයි....ඇයි මොකෝ උඹලගෙ තාත්තට හම්බෙනවනෙ ලස්ස ගානක පැන්සන් එකක්..."

මම කාමරෙන් ඇඳුම් අරන් බාත් රූම් එකට ගියෙ අපරාදෙ බෝල ගහන්න ගියෙ කියලා මටම බැනගන්න ගමන්..

# මේ ඇටි කුකුලට උදේ එන්න බැරි උනානෙ....හවස මං නැති වෙලාවෙම ඇවිල්ලා...බලාගන්නවත් බැරි උනානෙ කවුද කියලා ..ශික්...කමක් නෑ හෙට එයිනෙ...එතකොට බලාගම්මු....මගුලයි..හෙට අයි ටී කෝස් එකනෙ....නොයා ඉන්නවද...නැ නෑ..කෝස් එකට යමන්...මේ කොහෙවත් ඉන්න එක්ව්ක් හින්දා කෝස් එක පාඩු කරන් බෑ...උදේ එන එකක් නෑ කොහොමත්....හවස් වෙයි #

නාගෙන අම්මට කඩෙන් බඩු ටික ගෙනල්ලා දීලා මම ෆේස්බුක් පැත්තෙ ගියෙ ඒ අයියගෙන් මැසේජ් එකක් තියෙද බලන්න..

#ම්ම්ම්...හූ.. මැසේජ් එකක් නෑ...මෙයා නෙමේද දන්නෑ එතකොට බෝඩිමට ආවේ....කොහොම උනත් ආයෙ එයා මැසේජ් කරනකන් මැසේජ් එකක් දාන්න හොඳ නෑ...මොකද පන්න් පන්න විස්තර අහන්නෙ කියලා සැක හිතයි..බලමුකො#

එදා රෑත් ගෙවිලා ගියා..පහුවදා මම උදේ නැගිට්ටෙ අයි ටී කෝස් එකට යන්න තියෙන හින්දා...කෝස් එකේදි උනත් අයියා බෝඩිමට එන්න ඇතිද ..හවසට එයිද කියලා ගොඩ පාරක් මතක් උනා... මට ඒතරම්ම උනන්දුවක් තිබ්බෙ මම මීට කලින් ගේ කොල්ලෙක් ආශ්‍රය කරලා තිබ්බෙ නැති නිසා වෙන්න ඇති. බෝඩිමෙ හිටියන් උන් මගෙ පස්සෙන් ආව මගුලක් නෑ... අඒරම මගෙ බොරු...බෝඩිමට එන මනුස්සයා ගේ කියලා දැනගෙන හිටිය එක තමා මගෙ හිත ඒතරම් නොසන්සුන් කලේ...යක්කල ටවුන් එක ළඟ නිසා මම ක්ලාස් ගියෙ බයික් එකේමයි...කෝස් එක ඉවර වෙලා වෙනදට වඩා වේගෙන් බයික් එක පෑගුවෙ පුදුම හදිස්සියක් තිබ්බ එකෙක් වගේ.... හිතුවා හරි...ගේට්ටුව ඇරන් ඇතුලට යද්දි අපේ මිදුලෙ නවත්තලා තිබ්බෙ අපේ ගෙදරට ආගන්තුක මොටර් සයිකලයක්....
# ඒ කියන්නෙ එයා ඇවිල්ලාද....#
මම මගෙන්ම අහගත්තා...හිතේ මහ අමුතු චකිතයක් බයක් මිශ්‍ර වෙච්ච සතුටක් වගේ එකක් තිබ්බා... මම උඩ බෝඩින් කාමරේ දිහා බැලුවේ ඒක සැක හැර දැනගන්න....ජනෙල් ටික ඇරලා..කොට්ට මෙට්ට පෙර්ලන සද්දෙ ඇහෙනවා....

අපේ ගෙදර මහ ලොකු එකක් නෙමේ...හැබැයි තට්ටු දෙකක පොඩි ගෙයක්...පල්ලෙහා ගැරේජ් කෑල්ල තිබ්බෙ ගෙට ටිකක් එහායින් වෙනම...එකෙ උඩ කෑල්ල තමා බෝඩිම විදිහට දෙන්නෙ... ඒකට නගින්න පොඩි යකඩ පඩිපෙලක් වගේ එකක් තමා තියෙන්නෙ.... පල්ලෙහා කෑලත් බෝඩිමක්ම තමා...එත් තාත්තා ත්‍රීවිල් කට්ට ගේනකොට ඒකේ කට්ටිය නැතුව නිකන් තිබ්බ නිසා අම්මාගෙ පොඩි බර බරයක් එක්ක උනත් ඒක ගැරිජ් එක උනා..... මම බයිසිකලෙන් බැහැලා ගේ ඇතුලට ගියෙ මොකුත් නොදන්න ගානට අම්මගෙන් සේරම කේලම් ටික අහග්න..

" කාගෙද අම්මා අර බයික් එක "

" ආ..අර් බෝඩිම් ළමාගෙ"

"මොන"

"මොන ගාන්නෙ..ඊයෙ ආවා කිව්වෙ මම..කොහෙද ඉතින් උඹට සිහියක් පතක් තියෙන එකක් ඈ"

" ආ.... සිහියෙ තියාගන්නම හරි වැදගත් දේවල්නෙ...."

" මේ...මම දවල්ට කන්න උයන ගමන්...අර දරුවත් ඉන්නවනෙ...හොඳ එකා වගේ ෆ්‍රිජ් එකෙන් බීම එකක් දාලා ඒ ළමයට ගිහින් දෙනවකො සුදු අප්පු"

"මට බෑ අනේ..මං අඳුරන්නෙත් නෑ...."

" උඹලට කන්ඩ උයන්නත් ඕනෙ...අනික් මර සුමේ සේරම කරන්ඩත් ඕනෙ...අඳුරන්නෙ නෑ කියලා නොගිහින් ඉන්ඩ උඹ හෙට අනිද්දා දීග තුලා දෙන්ඩ ඉන්නෙ ළමිසෛයෙක් නෙමේනෙ...අඳුනගනින් කතා බහ කරලා....හොඳ ළමයා වගේ කරනවකො කිව්වම මාව කෑනොගස්සා "

" හරි හරි...ඉන්ඩ "

" ට්‍රේ එක අරන් යන්න රාක්කෙන්....වීදුරු සෝදලා තියෙන්නෙ උදේ...ආ මේ.....බිස්කට් ජාති දෙක තුන තියන්ඩ ඕනෙන්නෙ නෑ ...මොනවහරි එක් ජාතියක් තියන්ඩ ෆ්‍රිජ් එකෙන් අරන්..."

" ලෝබකම තියෙන....."

" හැව් හැව් හැව් තමා...පන්ඩිතයා නොවී ඕක ගෙනිහින් දෙනවකො...ඇවිත් ටික වෙලාවකුත් වෙනවා දැන්"

# හා හා ඉතින්...කවුද බෑ කිව්වෙ ....මමත් හේතුවක් හොය හොයනෙ හිටියෙ #

එපා එපා කිව්වට බිස්කට් ජාති දෙකක් වෙන වෙනම ලස්සනට දීසියකට අහුරලා...වීදුරුව පුරවලා බීම එක දාලා...මමත් ඒ ගමන්ම බෝතලෙන් ටිකක් කටට හලාගෙන

# වෙවුලන්ඩ තියාගන්න එපා...බීම එකත් එක්කම පඩි පෙලේ වට්ටගන පලවෙනි හමුවීමම චාටර් කරගන වෙන්නෙ.... දැන් ඉතින්...ඉක්මන්ට
දුවමු මිතුර දුවමු...මිතුර දුවමු දුවමු
තමයි....#

මහ පුදුම ඉවසිල්ලක් නැති ගතියකින් පඩිපෙළ ත් නැග්ග්...දොර වහලා තිබ්බෙ ...අතින් තට්ටු කරන්නත් බෑ ඒනිසා කතා කරන්නම වුනා...

# ඒත් මොකක් කියලා ද කතා කරන්නෙ..ගෙදර කවුද අහන්නත් බෑ නෙ....අයියෙ කියනවා ඉතින්...නැතුව සැරද මහරජ කියන්ඩ ඈ....අනේ වැඩිය හිතන්න එපා...සන්සුන් වෙන්න...සන්සුන් වෙන්න #

" අයියේ...අයියේ...මේ දොර පොඩ්ඩක් අරිනවද "

" දොර නිකන් ඇන්ටි "

# මොකක්...ඇන්ටි...මුගෙ කන් ඇහෙන්නැද්ද...අනික ඇන්ටි ආවනම් අයියෙ කියන්වද...ඒ නැතත් දොර නිකන් උනාට මගෙ අත් දෙකේ ට්‍රේ එකනෙ....ඇවිල්ලා අරින්ඩ බැරිද මුට...හරි ඉතින් මගෙ අතේ ට්‍රේ එක කියලා ඌ දන්නැනෙ එල අතකට #

මම මොකුත් නොකියම දොර අරිනකන් බලන් හිටියා...ඒ වෙලේ තමා දොර ඇරගෙන ඒ ඇස් මගෙ ඇස් වලට පලවෙනි පාරට මුණගැහුනෙ.... මේක ෆිල්ම් එකක් නම් මෙලහකට පසුබිමින් ලස්සන සින්දුවක් ප්ලේ වෙන්නම ඕනෙ....ඊටපස්සෙ මම ඇතුලට යද්දි කකුල පැටලිලා වැටෙන්න ගිහින් බීම එක අයියගෙ ඇගේ හැලෙන්නත් ඕනෙ... තව මම දිහා අමුතු විදිහට බලලා හැලුවනම් දැන් පිහදාන එකයි කියලා ඇස් එයාගෙ ඇඟ දිහාට හරවලා ලාවට සැර කරන්නත් ඕනෙ....

" ආ මල්ලි...අනේ සොරි මට ඇහුනෙ නෑ ෆෝන් එකේ සින්දු දාන් හිටිය නිසා.... ඇන්ටි ආවා කියලා හිතන් මම ඇඳුමක් දාගත්තා...ඒකයි වෙලා ගියෙ...."

"ආ...ඒකට කමක් නෑ අයියෙ..අම්මා කිව්වා මේක දීලා එන්න කියලා..."

" ආ එන්න මල්ලි ඇතුලට..."

මම ට්‍රේ එක මේසෙ උඩින් තිබ්බා....ඊටපස්සෙ බලන් හිටියෙ අයියා මොනවා හරි අහනකන්...උත්තරයක් දෙන්න...මොකද මට අහන්න දෙයක් මතක් කරගන්න බැරි උනා....

" මල්ලි ඊයෙ හිටියෙ නෑ නේද මං එද්දි..."

" ආ ඔව්...මම මේ යාලුවො එක්ක හවසට ක්‍රිකට් ගහන්න ගියා...දන්නැද්ද ඉතින්....අයියා එන වෙලාවෙත් මම හිටියෙ නෑ අදත්..."

"ආ ඇන්ටි කිව්වා මල්ලි කෝස් එකකටද කොහෙද යනවා කියලා...මල්ලි එතකොට ආෆ්ටර් ඒලෙවල්ද "

" ඔව් අයියෙ....කොහොමද කාමරේ අවුලක් නෑ නේද...මේ බීලා ඉන්නකො මේක කූල් එක යනවා..."

" අනේ තැන්ක්‍යු..මාත් තිබහෙ හිටියෙ කොල්ලො...."

එහෙම කියන් ගමන් අයියා බීම එක අරන් බොන්න පටන් ගත්තා...

# බොනකන් ඉඳලා ට්‍රේ එක අරන් යනවද....නැත්නම් පස්සෙ ගෙනියන්ඩ දැන් යනවද...මොකද කරන්නෙ...මේකා ඒපාර බොනවා විතරයි කතා කරන්නෙත් නෑ....ඔන්න් ඔහෙ යනවා..පස්සෙ එනවා ආයෙ ගෙනියන්න ට්‍රේ එක...#

" මල්ලි උගුරක් බොනවද ?"

අයියා බාගෙට බීපු බීම එක මට දික් කරලාම ඇහුවම මට එපා කියන්න කට ඉස්සර උනේම නෑ....බීම වලට තෙත් වෙච්ච තද දම්පාට තොල් ද්ව්කෙන් හිනා උනහම කොහොමද දෙයියනේ බෑ කියන්නෙ....මම අයියගෙ අතින් වීදුරුව අරන් උගුරක් බීලා අයියට අපහු දුන්නා...අයියා ඒක අරගෙන ආපහු උගුරක් දෙකක් බිව්වා...

" අයියා එහ්ව්නම් බොන්න..මම ටිකකින් එන්නම් ට්‍රේ එක ගෙනියන්න....

" ම්ම්ම්..නෑ නෑ...මම් බීලා ඉවරයි"

" ආ හරි...දෙන්න...ගෙනවට මොකද බිස්කට් කෑවෙ නෑ නෙ..මටත් අමතක උනා කන්න කියන්න..."

" ආ...ඒක් දෙය්ක් නෑ...මම කොහොමත් වැඩිය පැනි රස කන්න ආස නෑ..."

"ආ ඒකත් එහෙමද....හරි එහෙනම්....පස්සෙ හම්බෙමු අයියෙ...මේකෙ යට කෑල්ල පිටිපස්සෙ තමා අයියෙ බාත්‍ රූම් එහෙම තියෙන්නෙ...හැබැයි ඉතින් පල්ලෙහාට බහින්න වෙනවා..කලින් යට තට්ටුවත් බෝඩිම් කාමරයක්...."

" ආ එහෙමද....ඒක අවුලක් නෑ...තැන්ක් යූ"

මම ට්‍රේ එක අරන් පල්ලෙහාට බැස්සා...අයියා දිර වහන සද්දෙ මට ඇහුනා....

# ශිට්...අපරාදෙ උගෙ බීම එක්න් බිව්වෙ...මොන මගුලකට මල්ලි උගුරක් බොනවද ඇහුවද මන්දා...මාත් ඕනෙ නෑ කියන්නැතුව බිව්වනෙ....අපරාදෙ. එක්කො කමක් නෑ...මම කිසිම ලොකුකමක් නැති හරි අහිංසක කොල්ලෙක් කියලා හිතයිනෙ.... #

මම ඕවා හිත හිත ට්‍රේ එක කුස්සියෙන් ගිහින් තිබ්බෙ අම්මට ඕනෙනම් අස්කරගන්නෙ නැතැයි කියලා...අම්මා මාළුව හැඳිගාන ගමන් මම ආවා දැකලා කතාව පටන් ගත්තා...

" මොකෝ ඒ ළමයා කියන්නෙ "

" මොනවා කියන්නද අනේ...."

" ඇයි දැන් මෙච්චර වෙලා උඹ කතා කරේ නැද්ද ඒ දරුවා එක්ක....ආ බීම එක...මේන් බිව්වා...මේන් අරන් යන්ඩ කියලා ආවද..."

" ආ...වැඩකට ඇති දෙයක් කත කලේ නෑ ඉතින්...බෝඩිමේ ඇන්ටිනම් හරීම සීදේවි කිව්වා....ඇන්ටිට දුවෙක් හිටියනම් දෑවැද්ද නැතුවම හිරේ අරන් නැන්දම්මා කරගන්නවා කිව්වෙ "

" හා හා නවත්තගන් උඹේ ඔය බොරුව....උඹ වගේ එකෙක් නැතුව කෙල්ලෙක් හරි හිටියනම් එකක් තමා...සල්ලිකාර බෑනෙක් හොයන් දීග දෙන්න තිබ්බා...ඒ ළමයා ලොකු ඔෆීසියක වැඩ කරනවා කිවෙ...මන්දා මටනම් තේරුන් නෑ කීව එක...උඹේ අර ඇට බෝල ගහන සනුහරේ නැතුව ඒ වගේ ගුණ යහපත් එකෙක් ආස්සරේ කොරපන්... ඒ දරුවට කියලා හරි හොඳ තැනකින් උඹටත් රස්සාවක් හොයාගන්ඩයි මං බැලුවෙ..."

" අනේ මේ ඔය කියන තරම් ගුණ යහපත් කමක් නම් පේන්ඩ නෑ...ඇයි අම්මා දන්නවනෙ ආපු එක දවසට එයාගෙ හැටි....විකාර...අනික් දේ අම්මේ...ආශ්‍රය කරන්ඩ කියලා තුන් වෙලේම බත් එකයි..තේ එකයි උඩට අදින්ඩ කියන්ඩ නම් ලෑස්ති වෙන්ඩ එපා ඕන් කිව්වා ඈ...එයාට කකුල් දෙකක් තියේනෙ..පල්ලෙහාට ඇවිල්ලා ක්න්ඩ බොන්ඩ කියන්ඩ...."

" එහෙම දැන කියාගන්නකන් ගෙවල් ඇතුලට වද්දගන්න බෑ නෙ බන්...ටික දවසක් කාමරේට කෑම ටික ගිහින් දීපන්කො...තාත්තටත් බෑ නෙ...."

" ආ ඇත්තද....දැන කියාගන්නකන් ගෙට වද්දගන්න බැරි නම් මහලොකුවට කිව්වෙ ගුණයහපත් ලු..අශ්‍රය කරපන් කියලා .."

" උඹට එ පැහිච්චකම් වැඩක් නෑ නෙ...කෑම ටික ගිහින් දුන්නා කියලා උඹේ කොහෙවත් ගෙවෙන් නෑ නෙ..."

" එහෙනම් මට එයා දෙන සල්ලිවලින් මාසෙකට ගානක් ඕනෙ...කාඩ් එකක් දාගන්ඩ හරි ෆෝන් එකට."

" ඇයි ඌ එන්ඩ කලිනුත් තොගෙ ඔය මගුලට කාඩ් දාන්ඩ සල්ලි දුන්නෙ වෙන එකියක්ද...මගෙයි වැරැද්ද ...දෙන්නෑ ආයෙ සතයක් තොට "

" හා හා...ගෙනිහින් දෙන්නම් අප්පා...කිව්වනෙ හා "

නාගෙනම ඇඳුම් මාරු කරලා කෝස් එකේ කියා දුන්න දේවල් වලට සටහන් ටික ලිව්වෙ වැඩ ගොඩ ගැහුනහම එපා වෙන නිසා. වෙලාව දවල් දෙක විතර වෙලා කියලා දන්නෙ අම්මා කතා කරද්දි ..අම්මා බත් එක බෙදලා තව පිගානකෛන් වහලා කාමරේ ළඟටම ගෙනල්ලයි මට කතාක්ද්ලේ

" සුදු අප්පු...මේ බත් එක උඩ දීලා ඇවිල්ලා ඔයත් කන්න...මම තාත්තට බත් බෙදලා දීලා එන්නං"

" ඒ මල වදේ...කෝ දෙන්ඩ"

මලවදේ කිව්වට මොකද මමත් ඒ කාමරේට යන්න් හේතුවක් හොය හොය හිටියෙ. මම බත් එක දීලා ඉක්මන්ට ආවේ වැඩිය කතාබහට වැටෙන්නෙ නැතුව. ඇවිල්ලා මාත් කාලා තාත්තා එක්ක ටිකක් කියව කියව ඉඳලා කාමරේට ආවේ ෆෝන් එක අරන් ෆේස් බුක් පැත්තෙ යන්ඩ.

# දෙයියනේ..මට අමතකම උනානෙ...අරූ මොනවා හරි මැසේජ් කරලද දන්නෑ...බලමු#

මම එකවුන්ට් එකට ලොග් උන ගමන් කලේ අර මනුස්සයගෙ ෆේක් එකවුන්ට් එකට ගිහින් මැසේජ් තියෙනවද බලපු එක. මැසේජ් පෝලිමක් එවලා තිබ්බා ඒ වෙද්දි..

" අඩෝ මලයා ..තැන්ක්ස් උඹට..මම බෝඩිමට ගියා"

ඊට පස්සෙ මැසේජ් එක දාලා තිබ්බෙ ඊට පැය ගානකට පස්සෙ

" මේ ඕයි...තමුසෙ සුදු අස්සයෙක් වගේ කිව්වෙ හරියට කොටලුවෙක් ගැනනෙ ඕයි...අපෝ ඌ හොඳයි කොල්ලො දැකල නැති උන්ට....මූනෙ කිරි මයිලක් නෑ....හයියූ මාත් හිතන් හිටියා හොඳ කොල්ලෙක් ඉන්නවා නම් මරු කියලා...මදැයි...අනේ අනේ උඹයි මායි දන්න කියුට්..."

" හොඳම දේ...ඌ මට ගෙනාපු බීම එකෙන් මම නිකමට උගුරක් බොනවද ඇහුවා....මූ බඩජාරියා වගේ ඒකෙනුත් බිව්වා කියහන්කො...."

# ආ හරිනෙ...ඔය කරගත්තෙ වැඩක්....ශිට්...මොන ලබ්බකට උගෙ බීම එක බිව්වද මම....මහ නෝඩයෙක් මමත්....මූනට හිනා වෙලා වෙන උන් එක්ක බනින කැත මේකා...ඇටි කුකුලා...හිටපියකො...තෝව පන්නලා තමා පස්ස බලන්නෙ මං #

මම ෆෝන් එක තියලා කන්නාඩිය ඉස්සරහට ගියෙ පුදුම තරහකින්...ගිහින් මම දිහාම බැලුවෙ අරූට අර තරම් හිනාවෙන්ඩ මගෙ තියෙන අවලස්සන මොකද්ද කියලා. මූණ ලං කරලා පැත්ත හැරිලා බැලුවෙ යන්තමට පණ දාං එන මගෙ රැවුල් ගස් ටික දිහා..

# ඒ උඹලටත් ඉක්මන්ට ලොකු වෙන්න බැරි හැටියක්...කොච්චි ගස් මිරිස් ගස් න්ම් හාරලා යූරියා දාන්න තිබ්බා...ඒත් මේවා රැවුල් ගස්නෙ...ශිට්..විලි ලැජ්ජාවෙ බෑ....සේරටම හපන් බීම එකෙන් උගුරක් බිව්ව එක #

ඒ එකවුන්ට් එකෙන් මැසේජ් කරන්නෙ මං කියලා සැක නොහිතෙන්ඩ ශේප් එකේ රිප්ලයි දාලා එහෙම්මම ඇඳට වෙලා කල්පනා කලේ අරූට මොකද්ද කරන්නෙ කියලා....කොයිතරම් හිතුවත් හොඳ අඳහසක් ආවෙම නෑ....දෙමල් ෆිල්ම් කොයිතරම් බැලුවත් ඒවගේ මේවගේ පලිගන්න වැඩ මොන තරම් තිබ්බත් ඕන වෙලාවට එකක්වත් ඔලුවට එන් නෑ නෙ....

අරූට හිතින් බැන බැන ෆෝන් එකට දාගත්ත ෆිල්ම් එකක් දාගෙන කම්මැලි කමට් බැලුවා...එදා ක්‍රිකට් ගහන්න යන්නවත් ඔනකමක් තිබ්බෙ නෑ..ෆිල්ම් එක බලලා ඉවර වෙලා මම කුස්සියට යද්දි අම්මා පොලොස් ගෙඩියක් කපන් කොහොල්ල අරිනවා..අම්මත් පව් කියලා හිතුනෙ අසනීප තාත්තවත් බලන් හැමදේම දුවලා පැනලා කලේ අම්මා නිසා.....

" මොනවද අම්මෙ රෑට උයන්නෙ "

" ආන් උඹේ පරිප්පුව ඉව්වා..මේ පොලොසෙ උයලා තක්කලි සම්බෝලයක් හදනවා...ඇතිනෙ...දවාලෙ හාල්මැස්සො තෙල්දාපුවා ඇති ඕන්නං "

" අපෝ එච්චරද...අර අයියත් ඉන්නවනෙ "

" ඇයි මොකද ඌයි කියලා කොළඹ හතෙන් ගොඩබැස්සෙ නෑ නෙ... හිටපන්කො උඹට පැස්බරා බිත්තරයක් හරි අලි මස් ටිකක් හරි හදලා දෙන්නං"

" හදන්ඩ ඕනෙ නෑ...ඒ බිත්තරේ ඔයා රකින්ඩ පැත්තකට වෙලා...මං යනවා"

අම්මා එක්ක තරහා අරන් එලියට යන්න හදද්දිම බිත්තර කතාව මතක් වෙද්දි මට හොඳ අදහසක් ආවා...ඒකයි ආයෙම කුස්සියට ගියෙ

" මේ...ඇත්තට බිත්තර තිබ්බා නේ...ඕනෙ නම් මම ඔම්ලට් හදන්නම්.."

" පුදුමයි...වැලේ රෙදි ටික ගෙට දාලා ඉඳපන්...වහී නැත්තං"

" ඕන් ඕකනෙ...ඔයාලට උදව්වක් කරන්න ගියත් ඔච්චරයි"

" හරි හරි බං...මම දන්නවා ඉතින් උඹ මට ආදරේ කියලා...හොඳ එකා වගේ ගිහින් රෙදි ටික එකතු කරලා ගෙයි පුටුවට දාපන්කො...මම් රෑට නමලා තියන්නං"

" එතකොට බිත්තර ..."

" මං හදන්නම්......"

" මට විතරක් එපා හැබැයි...අර අයියටත් හදන්න...පව්නෙ..."

" හුම්ම්..."

මම එලියට ගිහින් රෙදි වැල පැත්තට යන ගමන් ලාවට වගේ උඩ කාමරේ දිහා බැලුවෙ අර ඇටි කුකුලා ඉන්නවද බලන්න.... රෙදි ගන්න ගමන් දැක්කෙ..අපේ වැලේ අපේ නොවන රෙදි වනලා තිබ්බා...

# ආ...හාමු මහත්තයා නාලා වගේ....මූ කලිසම් වලට වඩා ජොක්කු අඬිනවද මන්දා...කලිසම් එකක් හෝදලා..ජොක්කු දෙකක් හෝදලා...ඕන් හරි ඉතින්...අමුඩයක් දැක්කත් හිත නටන්න තියෙන දහ අටාපලි ටික සේරම නටනවා...බැලූ බැල්මට ස්මෝල් නම් නෙමේ....අනේ මේ...ආයෙත් ලැජ්ජ වෙන්න හොඳ නෑ...ස්මෝල් නෙමේ එක්ස්ට්‍රා ලාජ් උනත් මට වැඩක් නෑ නෙ....තෝ බලාගෙන හිටපන්කො...අද රෑට මම කරන්න්ං හොඳ වැඩක් #

මම ෆෝන් එක ඔබ ඔබා හිටියත් අවදානෙන් හිටියෙ අම්මා කොයි වෙලේ බත් එක ගෙනියන්න කතා කරයිද කියලා.... ඒ අස්සෙ අරූගෙන් මැසේජ් එකක් ආවා...

" තමුසෙ අවුල් ගන්නෙ මොකටද ඕයි...මම ඒවා මේවා කිව්වෙ උඹට නෙමේනෙ,අර හැලපයටනෙ..."

" අයියෝ...මම අවුල් ගත්තෙ නෑ අනේ...අනික මම ඌ දැකලත් නෑ..මට අර යාලුවා කිව්ව දේ කිව්වෙ...කාල එහෙම ද"

" නෑ බන්...බඩගිනී ඉන්න බෑ....ඇන්ටි කෑම එක එවනකන් ඉතින් ඉල්ලන්නත් බෑ නෙ "

" ආ කෑමත් එහෙන් ම ද...ගාන වැඩි ඇති"

"පාඩු නෑ හැබැයි...කැමත් රහයි...අනික කඩෙන් කන්න බෑ නෙ බන් හැමදාම..."

" ඒකත් ඇත්ත..හරි අයියෙ...එහෙනම් මම පැයකින් විතර මැසේජ් එකක් දාන්නම්...අපේ දිහාට නෑදෑයො කට්ටියක් ඇවිල්ලා..."

" එල එල."

# එක්කො දැම්ම බත් ගෙනියන්න ඕනෙ නෑ...බඩගින්නෙ හිටපං තව ටිකක්...මට බඩජාරියා කිව්වා..දැන් හැලපයා ත් කිව්වා...මූසල ඇටි කුකුලා..#

මගෙ වෙලාව හොඳ නෑ...පරක්කු වුනොත් හොඳයි කියලා හිතුවට බත් එක ගෙනියන්න අම්මගෙන් ඇමතුම ආවෙ ඔය වෙලාවෙමයි...
මම බත් එක ඇරලා බැලුවෙ අම්මට පේන්නෙ නැති වෙන්න...

# බිත්තර්ද් බැදලා...පුලුටු නේ...කාපන්කො...රෑට් දෙන්න්ං වැඩේ #

මම් බත් එක අරන් ගිහින් කතා කලාම අයියා දොර ඇරලා බත් එක ගත්තා..

" අටටත් කිට්ටුයි...බඩගිනිත් ඇති අයියට "

"අනේ නෑ මල්ලි...තාම එහෙම බඩගින්නක් නෑ...ටිකකින් කන්නම් මම..."

"ආ මේ ...අයියාට නූල් දාලා සුර දාලා අරවා මේවා නෑ නෙ..අම්මා බිත්තර බැදලා තියේ...අරවා තියේ නම් කන්න එපා කියන්න කිව්වා අම්මා.."

" ආ...එහෙම කේස් නෑ බන්..හරි"

මම හිතින් බැන බැන පල්ලෙහාට බැස්සා..
# හහ්...බඩගිනී ඉන්න බෑ ලු...දැන් කියනවා එහෙම් බඩගින්නක් නෑ ලු...මූව යවන්න තිබ්බෙ රඟපාන්න...හරි බිත්තරේ කාපන්කො..මම ඊටපස්සෙ වැඩේ පටන් ගන්නම්...එක්කො ඌ බය වෙලා මෙහෙන් යයි....නැත්නම් කෑ ගහලා චාටර් වෙයි..අද පාන්දර නටනවා හොඳ තොයිලයක් මම..හිටපන්කො ...

මතුසම්බන්ධයි

Continue Reading

You'll Also Like

4.5K 621 7
අහම්බයක් උනත් උබේ ඔය හමුවීම... ඒක මට මහාමෙරක් වගෙයි.... ඉතින් මන් හරි ආදරෙයි .....
77.9K 4.7K 40
សរសេរដោយ : ជុងឈូ Jungguk Top X Jimin Bottom take ur own responsible for reading this.
4.3K 495 7
අවුරුදු දහසයක හුරතල්,දඟකාර කොලු පැංචෙකුගෙයි..අවුරුදු විසි හතරක නපුරු කොල්ලෙක්ගෙයි වටේ ගෙතුණු ලස්සනම කතාවක්...මේක මං ලියපු කතා අතරෙන් රීඩර්ස්ලා ගොඩකගේ...
28.7K 6.1K 22
💔 ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ... සමහරුන්‍ට ඒ ආදරේ උරුම වෙද්දී ආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි.. එක පුංචි බිම්මලක් රෑ අහසට...