Hospital එකේ බිත්තියකට හේත්තු වෙලා බිම ඉදගෙන හොදටම අඩන හොබීව දකින ඕනම කෙනෙක් ගේ හදවත ඉරිතලලා ගියා.....
පැත්තකට වෙලා ඉදන් ඉන්න ජිමින් වගේම ජේකේත් කල්පනා සාගරේක ගිලිලා......
ජිමින් ගේ කන් පුරාම අද යුන්ගි උදේ කියපුවා දෝන් කාර දිදී ඇහුනා.........
ඒවගේම මේ යුන්ගි ගේ අනතුරටත් එයා වග කියන්න ඕනේ කියලා හදවත කෑගහලා කියනකොට, ජිමින් ට ඒක දරාගන්න බැරි උනා.......
කව්ද කියන්නේ ජිමින් යුන්ගි ට ආදරේ කරේ නෑ කියලා .......
නෑ එයා කරා..
ගොඩක් ආදරේ කරා...
ඒත් ඒ මොන ආදරයක් ද ...
ඒක දන්නේ නෑ එයාවත්....
කොච්චර කන්න යන් කිව්වත් ජිමින් හොබී දෙන්නා එන්නේ නැති නිසා ජේකේ ත් ආපහු ගිහින් වාඩි උනා....
හොබී,ජිමින් ,ජේකේ...
කොච්චර වෙලා බලන් හිටියත් යුන්ගි ගැන තාම එයාලට කිසිම දෙයක් දැනගන්න හම්බුනේ නෑ.......
නැම්ජුන් එක්ක ආව ජින් දුවගෙන ගිහින් බිම වකුටු වෙලා අඩන හොබීව බදාගත්තා....
"ජින්..."
"ම්ම්ම්ම්ම්ම්"
"ජින් අනේ යුන්ගි ......"
"හැමදේම හරියයි කලබල වෙන්න එප හොබී අපි බලමු..."
"අනේ.......යුන්ගි ....එයා පව්.....මගේ ..
මගේ....පපුව රිදෙනවා ගොඩක් ........"
"හොබී මේ අහන්න මැනික...
යුන්ගි ට මුකුත් වෙන්නේ නෑ හරිද .. මොන දේ උනත් මම ඔයා එක්ක ඉන්නවා..."
එහෙම කියපු ජින් හොබීගේ කදුලු පිහ දාලා ආයේත් තමන්ගේ ඇගට හොබීව වාරූකරගත්තා...
ජිමින් ට ඕනේ උනේ ටේ ගේ උර හිසේ ඔලුව තියන් අඩන්න..
එතන තමා ජිමින් ට හිතට නිදහසක් දැනෙන එකම තැන..
හොබී නැගිට්ටවලා පුටුවකින් ඉන්දවපු ජින් නැම්ජුන් ව හොබී ලග තියලා ජේකේ ජිමින් ඉදන් ඉන්න තැනට ගියා...
"ජිමින් ....."
ඒ ඇහුන කට හඩට බිම බලන් හිටපු ජිමින් වගේම ජේකේත් ගැස්සිලා බැලුවා.....
දෙන්නාගෙම මැදින් ඉදගත්ත ජින් ජිමින් ජෙකේ ගේ අත් දෙක අල්ල ගත්තා...
"මගේ හොද ලමයී දෙන්නා වගේ අඩන්නේ නැතුව ඉන්න ඕනේ.. මේ වෙලාවේ ඔයාලා කඩන් වැටිලා බෑ තේරුනාද..
හිත ශ්ක්තිමත් කරගන්න ජිමින් ..ඒ වගේම ජේකේ ඔයත්..
මන් දන්නවා කරන්න අමාරුයී ,
ඒත් කරන්න ..
යුන්ගි ගැන හිතලා ...
අනික ඔහොම නොකා නොබී මුකුත් කරන්න බෑ තේරුනාද ඉස්සෙල්ලාම මොනා හරි ටිකක් කාලා ඉන්න..."
ජින් එයා ගෙනාපු කෑම වගයක් ඒ දෙන්නට දෙන ගමන් කිව්වා...
ජින් ගේ උර හිසින් ජෙකේ ඔලුව තියා ගද්දී ජිමින් ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා....
"කාලා ඉන්න කෝ මගේ මැනෙකෙලා ඉතින් ...ම්ම්ම්ම්...
කන්නකෝ....හානේද...."
"ම්ම්ම්ම්ම්....."
මේ දිහා බලාගෙන හිටපු නැම්ජුන් ගේ ඇස් දෙක කදුලින් තෙත් උනා.......
"ජිමින් ඔයායී හොබී ගෙදර යන්න ..ගිහින් ටිකක් රෙස්ට් __."
ජින් ට කියන්න හම්බුනේ එච්චරයි ..
මෙච්චර වෙලා බලන් හිටපු ඒ දොර ඇරුනා.......
ඩොක්ට ගාවට දුවගෙන ගියපු හොබී ඩොක්ටගේ අතින් අල්ලගත්තා..........
" අනේ ඩොක්ට ....යුන්ගි ..එයාට මොකද .අනේ එයා හිදින් නේද...."
වචනයක් වත් කිව්ව නැති ඩොක්ට එයාගේ දිහා උත්තරයක් බලාපොරොත්තු වෙන් ඉන්න මූනවල් ටික දිහා බැල්ලමක් හෙලලා
ආයේ හොබී දිහා හැරුන ඩොක්ට එයාගේ අතින් අල්ලන් ඉන්න හොබී ගේ අත අල්ලන්..
"Im really sorry "
"අනේ...ඇයි......යුන්ගි ..එයා හොදින් නේද........"
"එයාට මොලේ කැන්ස එකක්.
Accident එක නිසා එයාගේ මොලේට ගොඩක් හානී වෙලා ."
එක පාරටම බිම ඉන්නද උන හොබී පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා...
"එක්කෙනෙක්ට ඇතුලට යන්න් පුළුවන් ....."
එහෙම කියපු mr. හෝවන් (doctor ) එතනින් ගියා.....
නැගිටලා ඇතුලට දුවපූ හොබී ගේ පපුව ගැලවෙන්න ඔන්න මෙන්න වගේ දැනුනා ....
එයා මැශින් ගොඩකට හිර වෙලා ඉන්න යුන්ගි ලගට ගිහින් එයාගේ අයිස් වගේ සීතල අතකින් යුන්ගි ගේ මූන අතගෑවා............
"යුන්ගි .... මට මෙහෙම කරන්න එපා plz නැගිටින්න....
ඇයී මට මුකුත් කිව්වේ නැත්තේ ඔයා කලින්....
ඇයී යුන්ගි මට මෙච්චර රිස්සන්නේ ඔයා..."
එයාගේ මූනේ එහා මෙහා යන හොබී ගේ අත අල්ලගත්ත යුන්ගි ..
"මට සමාවෙන්න හොබී.. හැමදේකටම....."
"යුන්ගි අනේ යන්න එපා මාවත් එක්කන් යන්න....අනේ...."
"මට යන්න වෙලාව හරී හොබී දැන්.....
ඊට කලින් කියන්න දෙයක් තියනවා...."
"එපා....එපා...මුකුත් කියන්න එපා...නෑ..ඔයා කොහෙවත් යන්නේ නෑ........."
"මේ අහන්න ..... ....
My sunshine .........
කෝ මගේ මූන දිහා බලන්න.....
සරන්හේ මැනික...."
හොබීට ඇඩුනා...
එයා හැමදාමත් යුන්ගි ගෙන් බලාපොරොත්තු උන දේ..... ඒත්......
නාදූ නාදූ සරන්හේ යුන්ගි ....
අනේ යන්න එපා මාවදාලා plz...."
"ඒවගේම happy birthday my sunshine ..........
ඔයාගේ පූස් ට සමාවදෙන්න මැනික .....
ඔයාව එච්චර රිද්දුවට...
දන්නවද මට දැන් සතුටින් යන්න පුළුවන් .....
ඇත්තටම ගොඩක් සතුටුයී මට.
අන්තිමට මම ඒක කරා.....
හොබී ආදරේයී ගොඩක් .....
මගේ පන සතුටින් ඉන්නවා කියලා පොරොන්දු වෙන්න plz....
ඒ වගේම ජිමින් ටත් කියන්න මම එයාගෙන් සමාව ඉල්ලුවා කියලා .... ඒ වගේම මම එයාටත් ගොඩක් ආදරෙයී කියලා ..."
"අනේ ඔයා මොනාද කියන්නේ යුන්ගි ...මාව දාලා කොහෙවත් යන්නේ නෑ ඔයා........."
"අමතක කරන්න එපා හොබී මාව කදාවත් .
මන් හැමදාම ඔයා ලගින්ම ඉන්නවා....
අන්තිම පාරට....එක සැරයක්...
මැනික මට කි____..."
"යුන්ගි ගේ සීතල තොල් අල්ල ගත්ත හොබී කදුලූ අතරින් ඒවා සිප ගත්තේ ගොඩක් ආදරෙන්........"
"හොබීගේ බෙල්ල හරියෙන් අල්ලගත්ත යුන්ගි හොබීව තවත් එයා ගාවට ඇදගත්තා....."
විනාඩී කීපෙකට පස්සේ හොබීට දැනුනා එයාගේ බෙල්ල හරියෙන අල්ලන් හිටපු යුන්ගි ගේ අත බිමට කඩන් වැටුනා...ඒ එක්කම මැශින් වල 'ටීඊඊඊඊඊක්' 'ටීඊඊඊඊක්' හඩ කෑගහනවා..
ඒ එක්කම ඩොක්ටස්ලා වගේම නස්ලත් ඇතුලට කාඩාගෙන බිදගෙනා ආවා....
එකපාරටම සිහිය නැති උන හොබී බිමට ඇදගෙන වැටුනා....
ජින් ගෙන් පනිවිඩේ ආපූ ගමන් ම මිරෙයිනා හොස්පිට්ල් එකට දුවගෙන ආවා.
"ආන්ටි.."
"ම්ම්ම්ම් ලමයී , ඔයාලා ඔක්කොමලා ගෙදර යන්න දැන් මම මෙතන ඒවා බලාගන්නම් ."
"අනේ ජින් හියුන් මම ඉන්නම් කෝ."
"නෑ නෑ ජිම් ඔයාත් යන්න. ජන්කුක් යුන්ගිගේ ඔම්මලාට කියන්න. ජින් ඔයා ටේ ටත් කියන්න. නම්ජුන් ඔයා මෙයාලව පරිස්සමට ගෙදර එක්කන් යන්න..."
හොබී නැගිටිනකොට හිටියේ එයාගේ කාමරේ.....
නැගිටින්න කිසිම උවමනාවක් නොතිබ්බ නිසා එයා සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා..
Hobi pov..
'ඇයී යුන්ගි ඔයා මට මෙච්චර රිද්දන්නේ... ඇයී යුන්ගි ඇයී..
මාව දාලා ගියේ...
අඩුම තරමේ ඔයාට මට කියන්න තිබ්බා...
ඔයා මට පොඩ්ඩක් හරී ආදරේ නම්....
ඇයී මට මෙහෙම කරන්නේ රිදෙනවා ගොඩක් ..
කොහොමද යුන්ගි ඔයා නැතුව ඉන්නේ මම දැන්.. කියන්න ...
කොහොමද මම ඉන්නේ..
ඔයාට හිතක් පපුවක් නෑ ..
මෝඩ පූසා....කිසිම අනුකම්පක් නෑ...
අනේ යුන්ගි එන්නකෝ මාත් එක්ක ඉන්න.....
යුන්ගි .....................
අනේ මම මොනාද දැන් කරන්න ඕනේ කියන්න කෝ....'
නෑ හොබී ඇඩුවේ නෑ එයාට අඩන්න තවත් කදුලු නම් ඉතුරු වෙලා තිබ්බේ නෑ.....
එයාට හිතාගන්න බැරි උනා ඉස්සරහට කොහොමද එයාගේ ජීවිතේ ගෙනියන්න ඕන කියලා ......
ජිමින් ආපු වෙලේ ඉදන් මුකුත් කන්න වත් ආපු නැති නිසා ජෙකේ ජිමින් ගේ කාමරේට ගියා....
"ජිමින් මම එන්නද ඇතුලට..."
"ම්ම්ම් එන්න ජෙකේ ..."
ජෙකේට මතක උනේ ඊයේ උදේ යුන්ගි ජිමින් එක්ක රන්ඩු උන එක...
ඒක ජෙකේට ඇහුනා ...
ටික වෙලාවකකින් මොන තරම් දේවල් වෙනස් වෙලාද කියලා එයාට හිතුනා....
ඇදට හේත්තූ වෙලා ජිමින් බිම ඉදන් හිටියා.......
එතන ලගින් ඉදගත්ත ජෙකේ ජිමින් ගේ අතක් අල්ල ගත්තා....
"මට සමාවෙන්න ජිමින් ...."
"අනේ ජේකෙ...මොකක්ද උනේ..ඇයී මේ සමාව ගන්නේ...."
"මම දැනන් හිටියේ නෑ ඇත්තටම ඔයා ටේ ට____"
"ජෙකේ අහන්න ඒවා වැඩක් නෑ..අනික ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ...
ටේ ඔයා එක්ක ඉන්නේ සතුටින් ඒක මම හොදටම දන්නවා අනික මට ඕනේත් එයාගේ සතුට විතරයී එයාව හොදින් බලාගන්න මට ඒ ඇති..."
ජන්කුක් ගේ අත අල්ලන් ඒ ටික කියපු ජිමින් bathroom එකට ගිහින් දොර වහගත්තා........
ටික වෙලාවකට පස්සේ පහලට ආපූ ජිමින් කෑම මේසෙන් ඉද ගත්තා.
ජින් කෑම හද හද හිටියා , නැම්ජුන් මිරෙයිනා එක්ක එලියට ගිහින් තාම ඇවිත් තිබුනේ නෑ..
ජෙකේ සෝෆා එකේ ඉදගෙන ඔහේ බලාගත්තූ අත බලාගෙන ඉන්නවා..
"හොබී හියුන්ග් තාම කාමරේද හියුන්ග් ....."
"ඔව් ජිමී.... "
"ම්ම්ම්ම්..මම බලලා එන්නද......"
"හරි ජිමී... එයාවත් එක්කන් එන්න කන්න..."
"ම්ම්ම්ම්ම්..."
නොකිව්වට ජිමින් හොබීට හුගක් ආදරේ කරා....
එයාගේ ලමයෙක්ට වගේ හොබී ජිමින් ට සැලකුවේ...
ඒකට ජිමින් ගොඩක් ආස උනා.....
දොර ලොක් කරලා තිබ්බේ නැති නිසා ජිමින් ඇතුලට ගියා..
හොබී සිවිලිම දිහා බලාගෙන තනියම මොනද කියවනවා...
එයාගේ ඇස් දෙක දෙපැත්තෙන් කදුලු ගලනවා...
ජිමින් හොබී ලගින් ඇදේ වාඩී වුනා......
"හි...යුන්ග්..."
"................."
"හියුන්ග් ......."
".................."
"කන්න යමුකෝ........"
"...................."
"එන්න යමුකෝ....."
"මට බෑ....."
"ඒත් හියුන්ග් ඔයා දවස් දෙකකින් විතර හරියට මුකුත් කාලා නෑ......."
"කිව්වනේ ජිමින් එක සැරයක් කන්න බෑ කියලා ...."
"හියුන්ග් ඔයා මාත් එක්ක තරහින් ද....."
"ඔව්....."
"ඒත්... ඇයී..."
ඇදෙන් නැගිට්ට හොබී වේගෙන් ගිහින් ඇදේ එහා පැත්තේ තිබ්බ කන්නඩිය කුඩුවෙලා යන්න අත මිට මොලෝලා ඒකට ගැහුවා..
වීදුරූ කෑලී හැමතැනම විසි උනා ... අතේ වීදූරූ ඇනිලා ලේ ආවත් ඒ ගැන නම් හොබීට කිසිම ගානක් තිබ්බේ නෑ ...
"හියුන්ග් .... ඔයාගේ අත...."
මෙච්චර වෙලා බය වෙලා හොබී දිහා බලන් හිටපු ජිමින් නැගිටලා ගිහින් හොබී ගේ අත අල්ල ගත්තා...
ඒත් අත ගසලා දාපූ හොබී ජිමින් ට කෑගහලා බනින්න ගත්තා...
"ඔයා නිසා තමා මේ සේරම..
මට මගේ යුන්ගි ව නැති කරා තමුන් ...
ආයේ ....ආයේ මගේ ඇස් දෙකට පේන්නවත් එන්න එපා තමුන් ....
යනවා යන්න.... මෙතනින්...."
මේ සද්දෙට උඩට දුවගෙන ආපූ ජින් බිම වැටිලා ඉන්න ජිමින් ව නැගිට්ටුවා..
"හොබී මොකක්ද වෙලා තියේන්නේ...
ඇයී මේ...
ඒදේවල් වලට ජිමින් ගේ කිසිම සම්බන්දයක් නෑ...
නිකම් බොරුවට ඒ ලමයට කෑගහන්න එපා...."
ජින් ජිමින් වත් එක්කන් කාමරෙන් එලියට ආවා....
ජිමින් ගේ වේලිලා තිබ්බ කදුලු ආයේ ආයේ අලුත් වෙවී වැටෙන්න ගත්තා.....
"ජිමී මේ අහන්න මැනික...
එයා ඉන්නේ ගොඩක් අවුලෙන්..
එයාට යුන්ගි නැති එක දරා ගන්න බෑ..ඒකයී...
අනික ඔයා හොදටම දන්නවා හොබී එහෙම කේන්ති ගන්න කෙනෙක් නෙමේ කියලා ...
අනේ මැනික අඩන්නේ නැතුව ඉන්න..ම්ම්ම්ම් ..
මේ ඔක්කොම ඉක්මනට විසදෙයී....."
වචනයක් වත් කතා නොකර ජිමින් ජින් ගේ පපුවට තුරුල් වෙලා හිටියා........
.......................................................
$ජිනී......."
"ආආආආ ජුනී ආවද..."
"ම්ම්ම්ම්ම්.."
"ඔම්මා..මොකෝ උනේ..."
" Funeral එකේ ඔක්කොම වැඩ හරී.....
ජින් ඔයා ටේ ට කෝල් කරාද..."
"ම්ම්ම් ඔව්.. ඒටික මම balance කරා.... එයා අනිද්දට එනවා..."
"ම්ම්ම්ම්.. ඒක හොදයී."
"ජිනී ඇයී මේ ඔයාගේ අත් වල ඇගෙ හැමතැනම ලේ...."
නැම්ජුන් කලබලෙන් ජින් ව ලගට අරන් ඇග හැමතැනම බැලුවේ ජින් ට තුවාල වෙලාද කියලා ...
"පුතා මොකක්ද උනේ...."
"හොබී ටි_________..
💢💥💢
"මොකක්ද ඒ සද්දේ..."
"හොබී...
එයා පිස්සුවෙන් වගේ හැසිරෙනවා.
එයා ට බෙත් දාන්න ගිහින් මේ ලේ ගෑවුනේ ..
හැමතැනම කපා ගෙන..
ජිමී ටත් බැන්න හොදටම.
අනේ මන්දා ඔම්මා මම කියන දේ වත් අහන්නේ නෑ එයා...."
ජින් ගේ ඇස් වලට කදුලු ආවේ එයාගේ එකම යාලුවා මෙහෙම හැසිරෙන එක දරාගන්න අමාරූ නිසා...
ජින් ව ලගට අරන් කදුලූ පිහ දාපූ ජූන් ඒ ඇස් දෙක සිපගත්තා .....
"හොබී එහෙම හැසිරෙනවා මම කවදාවත් දැකලා නෑ..."
සෝෆා එකේ නින්ද ගිහින් ඉදලා,
ආයේමත් උඩින් ඇහුන සද්දයක් නිසා ඇහැරුන ජෙකේ කිව්වා.
"ජිමී කෝ ....."
"එයා කාමරේ ඔම්මා....."
"ම්ම්ම්... "
In the funeral ...
කෑගගහා අඩන හොබී ව පාලනය කරගන්න නම් කාටවත් ම බැරි උනා......
මේ දිහා පැත්තක් ඉදන් බලන් හිටපු ජිමින් ව කියාගන්න බැරී දුකකින් වෙලා ගත්තා..
තමන්ගෙම සහෝදරයෙක්ට , ලමයෙක්ට වගේ සලකපූ දෙන්නවම එයා නැති කරගත්තා කියන හැගීමෙන් නම් ජිමින් ට ගැලවෙන්න බැරී උනා.......
යුන්ගි ගේ ඔම්මා වගේම අප්පත් හැඩූ කදුලිම් ඔහේ බලාගත්තූ අත බලාගෙන ඉන්නවා....
මිරෙයිනා එන අයව පිලි ගන්න අතරේ ජින් , නැම්ජුන් , ජෙකේ එන කට්ටියට සන්ග්‍රහ කරා.
හැමෝම හඩා වැලපෙද්දී යුන්ගි ඒ හැමෝවම දාලා සදහටම යන්න ගියා.........
ආයේ නොයෙන්නම...........
අද ටේ එනවා උනත් ඒ සතුට වහගෙන යුන්ගි ගේ මතකයන් ඒ හැමෝගෙම හිත් වලට රිදුම් දුන්නා.....
ටේ ව ගන්න ජන්කුක් වගේම මිරෙයිනා ත් airport එකට
ටේ එනකම් ජෙකේ දැන් පැය දෙකක ඉදන් බලන් ඉන්නවා..
තව පස්සේ එමූ කිව්වත් ජේකේ ගේ තදියම නිසා මිරෙයිනා ට එන්නම උනා...
තාම අවුරුදු 4 ක් නැති උනත්,
ටේ ට ජෙකේ ගාවට එන්න මිරෙයිනා අවසර දුන්නා....
ඈතින් පේන එයාගේ මාශ්මෙලෝ ගේ මූන දැක්ක ගමන් ජෙකේ වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඉස්සරහට දිව්වා .....
ටේ ත් දුවගෙන ගිහින් ජෙකේගේ ඇගට පැන්නා....
" miss you baby..."
" me tooooo..... miss you sooooooooo much.."
"හා හා ඉතින් දැන් දෙන්නා එක්ක යන්.... මෙතන ඉදලම එපා වෙලා හිටියේ මට ..."
පැත්තකට වෙලා මේ දෙන්නගේ කෝලම් බල බල හිටපු මිරෙයිනා කිව්වා..
" කුකී...අනේ සොරි මට යුන්ගි හියුන්ග් ගේ____"
" නෑ නෑ කමක් නෑ..ඒවා අමතක කරන්න ටේ... දැන් ඉතින් මොනා කරන්නද.."
කට්ටියම epartment එකට ආවා ..
ඔක්කොමලා ටේ ව පිලිගත්තත්...
ජිමින් හොබී ඒ අය අතර හිටියේ නෑ...
" හියුන්ග් කෝ ජිමී..."
" එයා කාමරේ ටේ...ඔයා ගිහින් කතා කරන්නකෝ.. අඩුම තරමේ කන්නවත් එන්නේ නෑ..."
ජින් එහෙම කියලා කුස්සිය දිහාට ගියේ එයාගේ කදුලු පාලනය කරගන්න බැරි නිසා..
ඒ පස්සෙන් නැම්ජුනුත් ගියේ ,
එයාගේ සිප ගැනිමකින් හරි ජින් ව සනසන්න හිතාගෙන..
"එතකොට හොබී හියුන්ග් කෝ කුකී ..."
" එයත් එහෙමම තමා ටේ "
"ම්ම්ම්ම්ම්"
කාමරේ ඇතුලට ගියපූ ටේ නිදාගෙන ඉන්න ජිමින් ලගින් වාඩිවෙලා ඔලුව අතගෑවා..
"ටේ ටේ....."
ජිමින් නින්දෙන්ම කියෙව්වා.
එයාට කවදාවත් ටේ ගේ උනුසුම අදුරගන්න බැරි වෙන්නේ නෑ...
"ම්ම්ම්ම්ම්... "
"ඔයා ආවද..."
ඇස් දෙක ඇරපු ජිමින් ටේ දිහා බලාගෙන ඇහුවා...
ජිමින් ගේ ඇස් ....
ටේ ට පුළුවන් උනා ඒවගේ ලියවිලා තියන දුක , කලකිරීම,
කියවන්න....
"Sorry ටේ මමත් එන්න තමා හිටියේ____"
"ඒකට කමක් නෑ..මම දැන් ආවනේ..."
"ම්ම්ම්ම්ම්ම්ම්"
"ජිමින් ඔයාට හැමදාම මම එපා කියන දේ ම කරන්නේ ඇයී..'
"මොකක්ද ටේ .."
"ඇයී ඔයාට හැමදේකටම ඔයාවම හේතුව විදියට දකින එක නවත්තන්න බැරී...
ඔයාගේ ඇස්..ඒවා දිහා බැලුවාම මට කියන්න පුළුවන්."
"Miss you ටේ........"
එහෙම කියපු ජිමින් ටේ ව බදාගත්තා...
"Miss you too ජිමී...."
ජිමින් ටේ ව බදාගෙම වරුගානක් ඇඩුවා....
එයාගේ වේදනාව
අඩුවෙනකම් ම....
ටේත් ඇඩුවා ජිමින් එක්කම....
ජිමින් ට කන්නත් දීලා එයා හැදුවේ හොබී බලන්න යන්න ඒත් එයා කතා කරන්න පුළුවන් හොද තත්වෙක නෑ කියලා ජිමින් කියපු නිසා ටේ කුකී ගාවට ගියා......
කුකී බැල්කනි එකට වෙලා හෝ ගාල වහින වැස්ස දිහා බලාගෙන ඉන්නවා...
ටේ පිටිපස්සෙන් ගිහින් ජෙකේව බදාගත්තා......
"මැනික ......."
"ම්ම්ම්ම්ම්ම්"
"කාලය මොන තරම් දේවල් ඉක්මනට වෙනස් කරනවද නේද .... "
"මට කනගාටුයී ඔයාගේ හොදම යාලුවා නැති උන එකට...."
"ම්ම්ම්ම්ම්"
"දන්නවද ටේ ඔයා ගිහාම පිස්සෙක් උන මාව ආයේ පරන ජෙකේ කරේ යුන්ගි ..
ඒත් එයා අද මාව දාල ගිහින් ..
අපි හැමෝවම දාලා ගිහින් ..
හැමදේම කියාදීල මගේ හිත හදපූ හොබී______"
"කුකී අහන්නකෝ හැමදේම හොදින් සිද්දවෙයි ..
බය වෙන්න එපා..
අපි බලමු..
දෙයක් වෙන්න තියනව නම් ඒ දේ වෙනස් කරන්න මටවත් ඔයාටවත් බෑ කුකී.."
"ම්ම්ම්ම්ම්ම්ම්..."
"යාආආආආ කිස් එකක් වත් දෙනවකෝ හලෝ...
.. කියන්නේ නම් මන් නැතුව ජිවත් වෙන්නත් බෑ______."
"ටේ ගේ සිනිදු රෝස පෙති අල්ලගත්ත ජෙකේ ඒවා එයාගේ තොල් වලින් ලස්සනට පාට කරන්න ගත්තා........."
__________________________________________________
________________
හායීඊඊඊඊඊඊඊඊ ලමයී .
දිග chapter එකක්..
චිමී angel
හොබී
යුන්ගි පව් නේද ලමයී.
දුකයී මට....
අදහස් කියන් යන්න...
අද කන්න නෑ හොදේ...ද්
පරිස්සමෙන් ඉන්න සුදූලා
බායීඊඊඊඊඊඊඊඊඊඊඊ
අලව්වියෝ ඕල්ල්ල්ල්ල්ල් ....
♡♡♡♡♡♡♡♡♡♡♡♡