♡ 🅲🅷🅾🅲🅾🅻🅰🆃🅴 🆂🅲🅴�...

Por Ni-Ki-Ni

61.3K 14.9K 3.1K

ඔලී side story Fanfiction Más

පෙරවදන
1 කොටස
2 කොටස
3 කොටස
ඕතර් නෝට්
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
ඕතර් note
😁😁😁😁
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
Happy jiminday 😍
30 කොටස

24 කොටස

1.6K 434 119
Por Ni-Ki-Ni

විනාඩි දෙකක් වගේ ඇතුලත බේටා කාර් එක ස්ටාර්ට් කරගෙන ඇවිත් අපේ ලගින් නැවැත්තුවා.. එයාගේ මූණේ තිබුනේ ලොකු හිනාවක්..

මම ඇස් වලින් වීනුට ඉස්සරහින් නගින්න කියන ගමන් පිටිපස්සෙ දොර ඇරගෙන නැග්ගත් එතකොටම බේටාගේ මූණෙ තිබුනු හිනාව නැතිඋනා..

වීනු ඉස්සරහින් නගිනවා ටිකක් වෙලා බලන් ඉදපු බේටා මගේ පැත්ත හැරුනා..

-" මායාකාරිත් යනවද? "

එයා ඇහුවත් මම උත්තර දෙන්න කලින් වීනු පපුවට අත තියාගෙන කෑ ගැහුවා..

-" හාහ්.. ඒකට නම් හිත රිදුනා හොදේ.. ඇයි මාව හලලා යන්නද හැදුවේ.. "

වීනු තාමත් පපුවට අත තියාගෙන බේටා දිහා රවාගෙන බලන් හිටියේ නාට්‍යක රගපානවා වගේ..

ඕවර් ඇක්ටින්..

මම හිතින් හිතන ගමන් යන්තම් හිනාවෙලා වීදුරුවෙන් එලිය බැලුවා.. බේටා ටිකක් වෙලා ඉදලා කාර් එක ස්ටාර්ට් කරනවත් වීනු යන්න ඕන පාර කියනවත් මට ලාවට ඇහුනත් මම ඒවට අවදානය නොදී පාර දිහා බැලුවා..

අපේ ගම තිබුනේ කදු පන්ති ළගම නිසා පැක් එකෙන් පිට ගෙවල් තිබුනේ කලාතුරකින් වගේ.. ඒත් දැන් දැන් ගමෙන් ඈතට යන්න යන්න පාරවල් ටික ටික ජනාකීර්ණ වෙලා තිබුනා.. සාමාන්‍ය මිනිස්සු ලෝම ඇදුම් ඇදගෙන හිම අතරින් ඇවිදින දිහා බලාගෙන මම කල්පනාවක වැටුනා.. මෙතනින් වුල්ෆ් ශිප්ටර්ස්ලා කියලා ජාතියක් ඉන්න බව දන්නවා ඇත්තේ කීයෙන් කී දෙනාද? තමන් ජීවත් වෙන ලෝකේ තමන්ගේ අහල පහලම මෙහෙම අයත් ජීවත් වෙනවා කියලා දැනගත්තොත් එයාලගේ ප්‍රතිචාරය කොහොම එකක් වේවිද?  වුල්ෆ්ලාගේ තියන දියුණු මතක ශක්තිය නිසා ලෝකේ ඉහලම පුටු වල රටවල් පාලනය කරන අපේ අය.. ඒ නිසාම වුල්ෆ්ලාගේ ජීවිත වල රහස්‍යභාවයත් , ආරක්ශාවත් ගැන අපිට බය වෙන්න දෙයක් තිබුනේ නෑ..

-" මේ ලස්සන කොල්ලෝ.. ඉස්සරහා බලන් යමුකෝ.. සැරින් සැරේ පස්ස බලන්නේ නැතුව.. මට දැන්ම මැරෙන්න ආසාවක් නෑ.. "

වීනු කියනවා ඇහෙනකොට මම කල්පනා ලෝකෙන් මිදිලා ඉස්සරහා බැලුවා .. වීනු කියපු දේ නිසා බේටා රතු උනත් ආයෙම පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා.. මම ඇහි බැමක් ඉස්සුවේ ඇයි කියලා අහන්න.. ඒත් එයා හිනාවෙලා ඉස්සරහා බලාගත්තා..

-" මේ.. මෙන්න මේකෙන් බලන්න.."

වීනු ආයෙම කිව්වේ කාර් එක ඉස්සරහා තිබුනු මිරර් එක පෙන්නලා..

-" කාර් එක ඩ්‍රයිව් කරනකොට පිටිපස්සේ කෙල්ලෙක් ඉන්නවනම් බලන්නේ මේකෙන්.. ඔහොම පස්ස හැරි හැරි බලන්නේ නෑ.. මේවත් මේ නාකි මට කියලා දෙන්න උනානේ මේ කොල්ලොන්ට.."

වීනු ආයෙම කිව්වේ අත් දෙක පපුවෙන් බැද ගන්න ගමන්..

බේටා ඒ සැරේ නම් හිනාවෙලා වීනුගේ දිහා බැලුවා..

-" පැක් එකේ අය කිව්වා ඔයා වයසට යන්නේ නෑ කියලා.. ඇත්තටම කොච්චර වයසයිද දැන්.. "

-" ම්ම්ම්.. අවුරුදු 150 කට වැඩි දැන්.. "

-" අම්මෝ ලොකු කාලයක්නේ.. "

බේටා පුදුමෙන් කිව්වම වීනු බේටාගේ දිහා බැලුවේ සීරියස් පෙනුමක් මූනට අරගෙන..

-" ඇත්තටම ලස්සන කොල්ලෝ මම මේ කාලයක් ජීවත් උනු අත්දැකීමෙන් කියන්නේ.. "

එයා එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.. මමත් කුතුහලෙන් එයා දිහා බැලුවේ මට නොකියපු විශේශ දෙයක් බේටාට කියන්නේ ඇයි කියලා..

-" කාලයක් යනකොට අපිට තේරුම් යනවා. ඇත්තටම කාලයක් ගියා විතරයි මෙලෝ සංසාරයක් තේරුනේ නෑ කියලා.. අත්දැකීමෙන් කියන්නේ.. "

වීනු ලොකු දෙයක් කිව්වා වගේ කියලා ඔලුවත් වනලා ඉස්සරහා බලාගත්තා.. මමත් කට කොනකින් හිනාවෙන ගමන් ආයෙම එලිය බැලුවා..

-" අපි කොහෙද යන්නේ? "
බේටා මිරර් එකෙන් මගේ දිහා බලලා ඇහුවත් උත්තර දුන්නේ වීනු..

-" මුලින්ම හෝස් රයිඩින් ක්ලබ් එකේ ඔෆිස් එකට.. ඊට පස්සේ ආකිගේ ස්කූල් එකට.. "

-------------------

හෝස් රයිඩින් ක්ලබ් එකේ ඔෆිස් එකට ඕන කරන ලියවිලි ටික බාර දීලා මම එලියට බැස්සේ ආයෙම කාර එකට යන්න හිතාගෙන.. කලින් වීනුයි බේටායි දෙන්නම මගේ පස්සෙන් ඔෆිස් එකට එන්න දැගලුවත් මම බලෙන්ම දෙන්නවම කාර් එකේ තියලා ආවේ වීනු ආවම වටේම ඉන්න අයත් එක්ක පැය ගණන් කයිය ගහන නිසා..

කොරිඩෝ එක දිගේ ගිහින් එලියට බහින්න හිතාගෙන දොර අරින්න අත තිබ්බත් මම අරින්න කලින්ම දොර යන්තම් ඇරෙනවත් එක්කම මට ආවේ පුරුදු කෙනෙක්ගේ ඉවක්.. ඒත් ඒක හිතට සතුටු දැනෙන ඉවක් උනේ නෑ.. හිතට දැනුනේ අපහසුතාවයක් එක්ක බයක්.. මම ඇරුනු දොරෙන් එලිය බැලුවේ කුතුහලේකින්..

දොර ගාව හිටපු රූපේ දැක්කම මම එහෙමම ගල් ගැහුනා..

-----------------------

කව්ද ඒ ?

Seguir leyendo

También te gustarán

9.6K 1.7K 29
තමන්ගෙ ආදරය කෙනෙකුට දෙනකොට පරිස්සම් වෙන්න, මොකද අපි ආදරෙ දෙන්නෙ හරිම කෙනාට නොවෙන්න පුලුවන්..... තමන් කෙනෙකුගෙ ආදරය ප්‍රතික්ශේප කරනකොට පරිස්සම් වෙන්න...
806K 18.3K 47
In wich a one night stand turns out to be a lot more than that.
35.9K 5.9K 37
"Why?" she whispered. "WHY?!!! ABUBAKAR WHY?!!!" she screamed. Her voice sounded inhumane. I flinched and watched as she broke down crying again. "...
3.1K 863 11
⭕ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලියවුනු නිර්මාණයකි.. මුහුදට වෛර කරන නාවික කපිතාන්වරයෙක්.. මිය ගිය මිතුරාගේ පොරොන්දු ඉෂ්ට කරන බැදීමක්.. ⭕ සෙවෝල් නෞකාවේ ඛ...