𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(compl...

By _Levi_lio_

22K 2.6K 702

"ඇයි මගේ ජීවිතේ ගැන වද වෙන්නේ" "ඒකට උත්තරයක් මම දෙන්නම්.....දැන් නෙවේ.....ඒත් ඉක්මනට..." 𝐎𝐍𝐋𝐘 𝐅𝐀𝐍 𝐅𝐈... More

part 1.....🩸
part 2.....🩸
Part 3‍.....🩸
Part 4‍.....🩸
Part 5.....🩸
Part 6.....🩸
Part 8.....🩸
Part 9.....🩸
Part 10.....🩸
Part 11.....🩸
Part 12.....🩸
Part 13.....🩸
Part 14.....🩸
Part 15.....🩸
part 16.....🩸
part 17.....🩸
part 18.....🩸
part 19.....🩸
part 20.....🩸
part 21.....🩸
part 22.....🩸
part 23.....🩸
part 24.....🩸
part 25.....🩸
part 26.....🩸
part 27.....🩸
part 28.....🩸
part 29.....🩸
part 30(END).....🩸

Part 7.....🩸

779 107 8
By _Levi_lio_

taehyung pov:

මම sryy කියලා බෑග් එකත් අරන් ආපහු ආවා.මම එනකොටත් සියෝන්ගී ගිනි මැලය ලග බලන් ඉන්නවා.සියෝන්ගී මං එන දිහා බලන් හිටියේ ඈත තියාමයි.

සියෝන්ගී-: "ටේහ්‍යුන්ග් ඔයා යනකොට යෙන්සූ හිටියද?."

මම බිම බලලා මගේ tent එක තිබුනු තැනට බෑග් එකත් උස්සගෙන ගියා.

සියෝන්ගී: "එයාට මොකද උනේ..."

.
.
.
.
.
.
"දැන්වත් මාව අතහරිනවා."

මම සේහුට කීවේ ටේහ්‍යුන්ග් ඇවිත් යනකොටමයි.ටේහ්‍යුන්ග් මං ගැන මොනවා හිතන්න ඇතිද?

සේහූ-: "ඇයි මේ ඔයාට කේන්තී ගිහින්."

"තමුසේ නිසා ටේහ්‍යුන්ග් මං ගැන වැරදියට හිතන්න ඇති.තමුසෙට හැමදේම විහිලුවක් උනාට මට එහෙම නෑ.ආදරේ කියන දේ බලෙන් ගන්න බෑ.ඔයා වගේ කෙනෙක්ට කොහොමත් බෑ."

මම සේහුගෙන් අත ගලවගන්න උත්සාහා කරන ගමන් මගේ කටට ආව වචන ඔක්කොම කියලා දැම්මා.මම කියවගෙන යන අතරේ සේහූ හයියෙන් මගේ කම්මුලට ගැහුවා.මම කම්මුලත් අල්ලගෙන බිමට නැමුනා.

සේහූ-: "උබට අරූ දැක්ක නිසා හරි නෑනේ.ඇයි ඌ උබේ කව්ද?.උබලා වගේ කෙල්ලෝ මම ඕන තරම් මට්ටූ කරලා තියෙනවා.උබ කියන්නෙත් මට මහලොකු දෙයක් නෙවේ.ඒක මතක තියාගනිම්."

සේහූ බීලා හිටියත් එයා කතා කරපු විදිහ ගොඩක් බයහිතෙනවා.ඒත් සේහූ ඉස්සරහා මට බය පෙන්නන්න ඕන නැති නිසා මම ඔලුව උස්සලා සේහූ දිහා තරහින්ම බැලුවා.ඒත් එක්කම සේහූ එලියට ගියා.මම මගේ කොන්ඩේ පිටිපස්සට කරලා කදුලු ටික පිහාගෙන ශීට් එකත් අරගෙන එලියට ආවා.මං දැක්කා සියෝන්ගී මං එනකම් ගිනිමැලය ලග බලන් ඉන්නවා.මම ඉක්මනට එතනට ගියා.

සියෝන්ගී-: "මොකද මෙච්චර වෙලා."

"නෑ මේ..බෑග් ගොඩක් තියන නිසා හොයාගන්න ටිකක් අමාරු උනා.ඒකයි.

සියෝන්ගී-: "ටේහ්‍යුන්ග් ඔය පැත්තට ගියා.ඒත් ගියා වගේම ආය ආවා"

"ම්ම්ම්ම්"

සියෝන්ගී-: "මොකද උනේ ආ.."

"මොකුත් නෑ.මට නිදි මතයි."

සියෝන්ගී-: "ආ...ඒකද මේ.හරි අපි යමු.ඒක නෙවේ අද අපි දෙන්නට වෙනමනේ ඉන්න වෙන්නේ.පාලුයි නේ ඒම ඉද්දී."

"හ්ම්ම්..ඒකනේ."

මම සියෝන්ගී අහන හැමදේටම කෙටි උත්තර දුන්නා.මොකද ටේහ්‍යුන්ග් මං ගැන මොනවා හිතන්න ඇතිද කියලා එවෙලෙත් කල්පනා උනා.

සියෝන්ගී-: "හරි.එහෙනම් good night යෙන්සුවෝ...උදේට හම්බෙමු.දෙන්නටම එකේ ඉන්න බෑනේ.උදේ වෙනකොට මේක ගැලවිලා ඇගේ තියෙයි.හරි ඔයත් යන්න."

එහෙම කියලා හිනා වෙලා එයා එයාගේ tent එකට ගියා.මමත් ශීට් එක අරගෙන tent එක ඇතුලට ගියා.නිදියගත්තත් නිදි මතක්නම් තිබුනේ.ඒ මදිවට කකුල ටිකක් රිදෙන්න ගත්තා.ඊට වඩා වේදනාවක් දැනුනු කලින් උනු සිද්දිය නිසා.මම කම්මුලත් අල්ලගෙන ඇස් දෙක පියාගත්තා.කම්මුල ගිනි ගන්නවා වගේ දැනුනා.එහාට මෙහාට පෙරලී පෙරලී පැය බාගයක් වගේ හිටියා.

ටේහ්‍යුන්ග් pov-:

tent එකට ආවත් මට නිදි මතක් තිබුනේ නෑ.බෑග් එක නිසා ඉඩත් ටිකක් මදී.අනික මගේ මනස හරි නොසන්සුන්.මම බෑග් එක ඇතුලින් තියලා ආය එලියට ආවා.හැමෝම නිදි.ඒත් මම ටිකක් වටපිට බලලා ගිනිමැලය ලග බිමින් වාඩී උනා.ඒ වෙනකොට 11.30 ට විතර ඇති.මම ගිනිමැලේට තව දර ටිකක් දාලා ඉදගෙන ගිනි මැලය දිහා බලාගෙන හිටියා.මට මතක් උනේ මම දැකපූ දේ....

.
.
.
.

යෙන්සූ pov:

මම පෙරලි පෙරලී හිටියත් නිදි මත කියන එක මගේ අහලකවත් තිබුනේ නෑ.මේක ඇතුලට වෙලා ඉන්නවට වඩා හොදයි කියලා හිතුන නිසා මම ටිකක් එලියට ආවා.මොකද හිත ගොඩක් නොසන්සුන් වගේ දැනුනු නිසා.මම ගිනි මැලය ලගට ඇවිදගෙන ගියා.ඒ අතර මං දැක්කේ කවුරු හරි එතන ඉදගෙන ඉන්නවා.පිටුපාලා හිටිය නිසාත් කලුවර නිසාත් කව්ද කියලා හරියට පෙනුනේ නෑ.ඒත් එතන ඉන්නේ ටේහ්‍යුන්ග් කියලා මට තේරුනා.මට නින්ද යන්නෙත් නෑ.මට ටේහ්‍යුන්ග් ඉන්න නිසා යන්න හිත දුන්නෙත් නෑ.ඒත් මම වැරැද්දක් කලේ නැත්නම් ඇයි ලැජ්ජා වෙන්නේ.ඇයි බය වෙන්නේ.එහෙම හිතලා මම හිමිහිට ඇවිදගෙන ගියා.ටේහ්‍යුන්ග් ඉදගෙන හිටපු තැනට ටිකක් මෙහායින් මම වාඩී උනා.ඒත් ටේහ්‍යුන්ග් හැරිලවත් බැලුවේ නෑ.එයා මාව නොදැක්ක ගානට හිටපු විදිහටම බලාගෙන හිටියා.මමත් කිසි දෙයක් නොකිය ගිනිමැලය දිහා බලාගෙන හිටියා.ටිකවෙලාවකින් මම ටේහ්‍යුන්ග් දිහා බැලුවා.පිලිමයක් වගේ ගිනි මැලය දිහා ඇස් පිය නොහෙලා බලන් ඉන්නවා විතරයි.

"ට්..ටේ...ටේහ්‍යුන්ග්"

මම හිමිහිට එයාට කතා කලා.ඒත් එයා හැරිලවත් බැලුවේ නෑ.

"ටේහ්‍යුන්ග් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."

මම ටේහ්‍යුන්ග්ට කතා කලත් එයා හැරිලවත් බැලුවේ නෑ.

"ටේහ්‍යුන්ග් මට ඔයාට දෙයක් කියන්න ඕන."
.
.
.
.
"ටේහ්‍යුන්ග්.මම කතා කරන්නේ ඔයාට."

මම මොන දේ කීවත් එයා මාව පොඩ්ඩක්වත් ගනන් ගත්තේ නෑ.මම ටික වෙලාවක් බලන් හිටියේ ටේහ්‍යුන්ග් මට අවදානය දෙයි කියලා.ඒත් එයාට කතා කරන්න උවමනාවක් නෑ කියලා දැනුනු නිසා මම නැගිටලා එතනින් යන්න ගියා.යන්න හදනවත් එක්ක ටේහ්‍යුන්ග් හැරුනා.

ටේහ්‍යුන්ග්-: "කියනවා.මොනාද කියන්න තියෙන්නේ."

මම ආය නැවතුනා.

"ඔයා මං ගැන වැරදියට හිතන්න එපා."

මම එහෙම කියනවත් එක්ක ටේහ්‍යුන්ග් මම කියපු දේ විහිලුවකට අරන් වගේ කට කොනෙන් හිනා උනා.

"ඔයා ඒ වෙලාවේ දැක්ක.."

ටේහ්‍යුන්ග්-: "නෑ එපා...ඇයි ඔයා ඕක මට කියන්නේ.මට දැනගන්න ඕන නෑ.ඒක ඔයාලගේ දෙයක්.ඉතින් මට ප්‍රශ්නයක් නෑ."

මට කතා කරන්න නොදී වචන හරස් කරලා එයා කතා කරන්න ගත්තා.ඒත් ඒ කතා කලේ වෙනදා විදිහටනම් නෙවේ.මම එහෙම ඉදලා ආය එතනින් යන්න හැදුවේ ටේහ්‍යුන්ග්ට කතා කරලා තේරුමක් නැති නිසා.

ටේහ්‍යුන්ග්-: "නෑ ඔහොම ඉන්නවා.මම යන්නම්"

ටේහ්‍යුන්ග් එහෙම කියලා නැගිටලා එතනින් යන්න ගියා.

මොන දේ උනත් ටේහ්‍යුන්ග් ඒ කතා කරපු විදිහ හරි වෙනස්.මට ඒ වෙලාවේ ටිකක් දුක හිතුනා ඒත් මම එතනින් වාඩිවෙලා කල්පනා කර කර ටිකක් වෙලා බලන් හිටියේ ටේ එලියට වෙලා ඇවිද ඇවිද ඉන්න දිහා.මොකද එයා එක්ක කතා කරන්න ඕන උනත් එයාට උවමනාවක් තිබුනේ නෑ.ටික වෙලාවක් එහෙම ඉදලා tent එක ඇතුලට ගිහින් මම නිදාගත්තා.
උදේ උනයින් පස්සේ අපිට තිබුනේ ගම බලන්න යන්න.හැමෝම ලෑස්තී වෙලා එලියට ඇවිත් හිටියා.ඒ අතරේ මිස්ලා සර්ලා හැමෝමත් ඇවිත් හිටියා.උදේට සීතල උනත් ඒ සීතලත් එක්ක කොහේ හරි ඇවිදිනවා කියන්නේ අමුතුම හැගීමක්.අපි ඇවිදගෙන ගියපු නිසා එක තැනක්වත් මග නොහැර ලස්සන බලන්න පුලුවන් උනා.හැමෝම විනෝදෙන් කාලේ ගත කලා.මේ විදිහට අපේ කෑම්ප් එකේ අවසානෙටම ලන් උනා.ගෙනාපූ හැම දෙයක්ම බස් එකට දාලා හැම කෙනෙක්ම යන්න ලෑස්තී උනා.ඒත් මේ වෙනකම් ටේහ්‍යුන්ග් මගේ මූන දිහාවත් බැලුවේ නෑ.මමත් කතා කරන්න ගියේ නෑ.හැමෝම බස් එකට පැනගෙන් ගියේ ශීට්ස් අල්ලගන්න අන්තිමට මමයි සියෝන්ගී බස් එකට නැග්ගා.ටේහ්‍යුන්ග් නගින්න හදනකොට එකපාරටම සේහූ ආවේ ටේහ්‍යුන්ග්වත් තල්ලූ කරගෙන.

සේහූ-: " මට හිතුනා යනකොට මේකේ යන්න.ප්‍රශ්නයක් නෑනේ"

"සේහූ ඒක කීවේ මගේ දිහා බලන ගමන්."

සේහූ අපේ ශීට් එකට එහා පැත්තෙන් ඉදගත්තා.එතනම් එහාපැත්තේ හිටියේ ටේහ්‍යුන්ග්.

"ඕ..හෝ....ටේහ්‍යුන්ග් මොකද වෙනතැනක.අපේ යෙන්සුට ඔලුව තියාගෙන දොයියන්න කෙනෙක් කොහෙන්ද දැන් හොයන්නේ."

පිටිපස්සේ හිටපු කෙල්ලෙක් ටිකක් හයියෙන් කියලා හිනා උනා.සේහුත් පිටිපස්ස බල්ලා ඇහි බැමක් උස්සලා කටත් ඇද කරලා ඉස්සරහා බලාගත්තා.මම ඒ කෙල්ල දිහා බලලා බිම් බලාගත්තේ ඒ වෙලේ ටිකක් ලැජ්ජා හිතුන නිසා.ඒ උනත් ටේහ්‍යුන්ග් ඒ දේවල් වලටවත් අවදානයක් දුන්නේ නෑ.
අපි යන්න පිටත් උනා.ඒ අතරෙත් සේහුගේ එහා පැත්තේ ඉන්න ටේහ්‍යුන්ග් දිහා බැලුවේ පාඩුවේ පැත්ත ගහලා ඉන්න නිසා.

සියෝන්ගී-: "ඒයි.මොකද මේ හැමවෙලේම ටේහ්‍යුන්ග් දිහා බලන්නේ."

"ඈ....නෑ නෑ."

සියෝන්ගී-: "නෑ නෙවේ...එදත් මම අහනකොට ඔහොම කීවා.මොකක්ද අව්ල."

"ආ......හ් ඔයානම්...මොකුත් නෑ."

සියෝන්ගී-: "හම්මේ....මෙයානම්.හරි ඉතින් මොකුත් නැත්නම් අව්ලක් නෑ.අව්ලක් තියෙනවනම් කියන්න ආ.."

"හරී....."

මට කියන්න දේවල් නැත්තෙමත් නෑ.ඒත් කියන්න තේරෙන්නෙත් නෑ..ඒ නිසාම මම මොකුත් නොකියා ඉස්සරහා බලාගත්තා.සමහර වෙලාවට ටේහ්‍යුන්ග් බලයි කියලා බලනකොට සේහූ කන්න වගේ බලාගෙන ඉන්නවා.මම එයාව ගනම් ගන්නැතුව අහක බලාගන්නවා.ගමනේ අවසානෙට යනකම්ම මේ විදිහට සිද්ද උනා.කපල්ස් ටික හොදට නිදි.අනිත් අය එක එක වැඩ.university එකට ආය ආවයින් පස්සේ හැමෝම මහන්සියෙන් වගේ බස් එකෙන් බැස්සා.ඒ වෙනකොට හොදටම හවස් වෙලා තිබුනා.තව ටික දවසකින් සීත කාලේ පටන් ගන්න නිසා සෝල් වලට ටිකක් සීතල වැඩී.හැමෝම ජැකට් දාගෙන university එක ඇතුලට ගියා.මමයි සියෝන්ගීත් බෑග් ගන්න උදව් උනා.ටේහ්‍යුන්ග් උඩ රැක් වල තිබුනු බෑග්ස් පල්ලෙහට ගත්තා.හැම වැඩක්ම ඉවර උනයින් පස්සේ ටේහ්‍යුන්ග්ටයි මටයි office එකට කතා කලා.අපි දෙන්නම office එක ඇතුලට ගියා.ඒ වෙනකොට ජූන් sir වගේම තව කිහිපදෙනෙක් ඇතුලේ හිටියා.ඒ වගේම සේහුගේ තාත්තත් හිටියා.

"ආ...මම ඔයාලට එන්න කීවේ ස්තූතී කරන්න.ඔය දෙන්නා මේ ගමන ලස්සනට ලෑස්තී කරලා තිබුනා.ඇත්තටම ඔය දෙන්නා තමා ඔක්කොම ලෑස්තී කලේ.ඉතින් ඔය දෙන්නටම බොහොම ස්තූතී.ඉස්සරහටත් ඔය දෙන්නා මේ වගේම සහයෝගයෙන් අනිත් අයත් එක්ක වැඩ කරන්න."

"සේහුගේ තාත්තා අපි දෙන්නට කීවා."

මම හිනා වෙලා ඔලුව නැමුවා.ටේහ්‍යුන්ග්නුත් හිනා වෙලා එලියට ආවා.අපි දෙන්නම අනිත් ලමයි ඉන්න පැත්තට එකටම ඇවිදගෙන ගියා.යන අතරෙත් මම ටේහ්‍යුන්ග් දිහා බැලුවේ කතා කරයිද කියලා.ඒත් "රවාගත්තූ මූන එහෙම්මමයි.සමහර වෙලාවට මූන ජම්බූ ගෙඩිය වෙන්න දෙන්න හිතෙනවා.මම හිතින් බැන බැන ඇවිදගෙන ගියා.කට්ටිය ගෙවල් වලට පිටත් උනා.ඒත් සියෝන්ගිටයි මටයි යන්න ටැක්සී එකක් හොයාගන්න ඕනේ.ඒ නිසා අපි වෙනදා එන ටැක්සී එකට කතා කලා.පැය බාගයක් වගේ පරක්කූ වෙනවා කීව නිසා මමයි සියෝන්ගී පල්ලෙහා තියෙන හෝල් එකේන් ගිහින් වාඩී උනා.

"වතුර තියෙනවද?.මගේ එකේ ඉවරයි."

සියෝන්ගී-: "මේ...මේකෙත් නෑ."

"අනේ....මට ඉන්න බෑ...මම වතුර එකක් පුරවන් එන්නම්."

සියෝන්ගී-: "ආ...හරි. ඔයා වතුර එකක් අරන් ඉක්මනට එන්න.මමත් ආවොත් ටැක්සී එක ආය යයි."

මම හෝල් එකට පිටිපස්සේ තියෙන ටැප් එක ලගට ගිහින් ඉක්මනට වතුර එකක් පුරවගත්තා.ආපහූ දුවන් යන්න යනකොට ටිකක් එහයින් කවුරු හරි කතා කරන සද්දයක් ඇහුනා.ඒත් එතන university එකේ අලුත් වැඩියා කටයුතු වලට ගෙනත් තිබුනු බඩු වගේම ලොකු ලොරි දෙකක් නවත්තලා තිබුනු නිසා කව්ද කියලා පෙනුනේ නෑ.ලොරි දෙකට එහා පැත්තෙ ඇහෙන කටහඩවල් ටිකක් අපහැදිලි උනත් සාමාන්‍යෙන් ඇහුනා.කවුරු උනත් පිරිමි දෙන්නෙක්. මම එතන සද්ද නොකර හිටගෙන හිටියා.

1. boy-: "තමුසේ කව්ද කියලා මම හොදටම දන්නවා.තමුසේ හිතුවද මාත් එක්ක හැප්පෙන්න ලේසී කියලා."

2.boy-: "ඒත් උබ ලේසියෙන් මෙල්ල උනානේ"

මට හිතාගන්න බැරි උනේ ඒ කව්ද කියලා.දෙවෙනියට උත්තර දුන්නූ කටහඩේ තිබුනේ බයානක හැගීමක්.ඒත් මම සද්ද නොකර අහගෙන හිටියා.

1.boy-: "උබට වැඩිකල් මම ඔහොම ඉන්න දෙන්නෑ.අන්නේකත් මතක තියාගනිම් පිසාචයා."

2.boy-: "...උබ වගේ පව් කාරයෙකුට වැඩිය ආයුශ නෑ.උබව ඇති කරන්න ක්‍රමයක් තිබුනනම් උබව නැති කරන්න ක්‍රමයකුත් ඇතිනේ"

1.boy-: "හොයාගනිම්.උබට පුලුවන් දෙයක් උබ කරපන්.උබට තිබුනු හයිය දැන් උබ ලග නෑ.උබේ පව්ලම දැන් දැන් නෑ .උබත් ඒ ගියපු තැනටම පලයං"

ඇත්තටම මට ඒ කතා කරපූ කිසි දෙයක් තේරුනේ නෑ.ඒ උනත් ඒ දේවල් අහන් ඉදලා එයාලා දකින්න කලින් මම එතනින් ඉක්මනටම පැනගත්තා.මට ඒ වෙලාවේ යන ගමන් කල්පනා කලේ එතන හිටපූ දෙන්නා කව්ද කියලා.ඒ මැරුවා කීවේ කව්ද?.

සියෝන්ගී-: "මොකද මේ කලබලෙන්.දාඩියත් දාලා."

"නෑ මම ඉක්මනට දුවගෙන ආවා.එන්න අපි ගේට්ටුව ලගට යමු.ටැක්සී එක ආව ගමන් ඉක්මනට යන්න පුලුවන්නේ."

මමයි සියෝන්ගී දෙන්නා බෑග්ස් ටිකත් අරගෙන ගේට්ටුව පැත්තට ගියා.ඒ වෙලෙත් මම කල්පනා කලේ එතන හිටියේ කව්ද කියලා.කට හඩ අහලා පුරුදුයි වගෙත් හිතෙනවා.ඒත් ඒ වගේ බයානක කටහඩක් අහලා තියෙන්න බෑ.මම ගේට්ටුව ලගට යනකම්ම කල්පනා කලා.

.
.
.
.
.
.
.

ටික වෙලාවකින් අපි දෙන්නා ටැක්සී එකේ ගෙදර යන්න පිටත් උනා.මම වීදුරුවට ඔලුවත් තියාහෙන එලිය දිහා බලාගෙන් කල්පනා කලා.හැමවෙලේම මට මතක් උනේ ඒ කට හඩවල්.කොයි තරම් මතක් කරන්න හැදුවත් කාගෙද කියල මතකෙට ආවේ නෑ.

"යෙන්සූ.මොකද ඔය"

සියෝන්ගී මගේ උරහිසට තට්ටුවක් දාන ගමන් ඇහුවා.

"ඇයි..."

"මොනාද ඔය තරම් කල්පනා කරන්නේ."

"නෑ මේ...මම කල්පනා කලේ..අපි සෝල් ආවයින් පස්සේ හිම වැටෙන පලවෙනී වතාව."

"හනේ...මේ තරම් කල්පනා කලේ ඕකද?"

"ඔව් ඇයි"

"නෑ නෑ..."

ගෙදර ලගටම ලං උනා.ටැක්සී එකෙන් බැහැලා බෑග් දෙකත් අරගෙන අපි දෙන්නා ඇතුලට ගියා.ගමන මොන තරම් විනෝදයක් උනත් මටනම් ඒ තරම් සතුටක් දැනුනේ නෑ.ගෙදරට ආව ගමන් කාමරේට ගිහින් ඇදට පැන්නේ හිරෙන් නිදහස් උනු මනුස්සයෙක් වගේ.tent එකක් ඇතුලේ නිදියලා ඇදට වැටුනම මාර සනීපයක්.මම ටිකක් වෙලා එහෙන්මම හිටියා.ඒත් එක්කම සියෝන්ගී බෑග් දෙකම පැත්තකින් තියලා මහන්සියට ඇදෙන් ඉදගත්තා.

"යෙන්සූ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.මේ දවස් ටිකේ අපිට හරියට කතා කරන්නත් බැරි උනානේ."

සියෝන්ගී මගේ පැත්තට හැරෙන ගමන් කීවා.

"ආ...කියන්න."

"ඔයා මට මොනවහරි හංගනවා.මට කියන්න බැරි දෙයක්ද?"

"එහෙම දෙයක් නෑ..."

මම සියෝන්ගී ලගට ඇවිත් ඉදගත්තා.

"මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා.ඒත් මට ඔයාට ඒ දේවල් කියන්න තේරෙන්නේ නෑ.ඇත්තටම මේ වෙන දේවල් හරි අමුතුයි"

මම සියෝන්ගිට කීවා.

"ඒ කියන්නේ.කමක් නෑ මට කියන්නකෝ."

"ඇත්තටම එදා කැලේදී මම අමුතු දෙයක් දැක්කා.ඒත් මට ඒ දේවල් හීනයක් වගේ.මම ඇස් අරිද්දී ටේහ්‍යුන්ග් එතන හිටියා."

"ඇයි මොකද උනේ කැලේදී."

"අමුතු මනුස්සයෙක්.එයාට මනුස්සයෙක් කියන්න බෑ.ඒත් හැඩරුව ඒ වගේ.ඇස් දෙක රතුම රතු පාට.හරි අමුතුයි.මට මතක එයා මගේ දිහාවට ආවා විතරයි.එතනින් එහා මොකුත් මතක නෑ."

"මොකක්.එතකොට ඔයාට සිහිය එද්දී එයා හිටියේ නැද්ද?.ඔයාට කරදරයක් උනේ නෑනේ."

සියෝන්ගී පුදුමයෙන් ඇස් ලොකු කරගෙන ඇහුවා.

"නෑ මම දැක්කේ ටේහ්‍යුන්ග් ඒතන ඉන්නවා විතරයි.එයා කීව විදිහට එයා මං ලගට එනකොට එතන කවුරුත් ඉදලා නෑ.මට හිතාගන්න බැරි මොකක්ද ඒ උනේ කියලා."

"වෙලාව්වට ටේහ්‍යුන්ග් හරි එතනට ආවේ"

"ඔව් ඒත්.මට කියන්න තේරෙන්නෑ.හරි ඒක වැඩක් නෑ.ආය අපි එහෙට යන්නේ නෑනේ."

"හරි.ඒත් මොකද ටේහ්‍යුන්ග් අව්ලේන් වගේ හිටියේ.කතා කලේවත් නෑනේ."

මම කතාව නවත්තන්න හැදුවත් සියෝන්ගී ආය ප්‍රශ්න අහන්න ගත්තා.

"ඒකනම් මම දන්නෑ.කොහොමත් ඒ මනුස්සයා හැමවෙලේම ඉන්නේ ඒමනේ."

මම එහෙම කියලා ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ගියා.අපි දෙන්නම මහන්සියත් නිසා කොෆී එකක් බීලා කලින්ම නිදියගත්තා.කෑම්ප් එකෙන් පස්සේ දවස් තුනක් නිවාඩූ හම්බුන නිසා අපි තීරනය කලා ගෙදර ගිහින් අම්මව තාත්තව බලලා එන්න.ඒත් දවස් තුනක් නිසා අම්මලා තාත්තලා අපිව බලන්න සෝල් වලට ආවා.සියෝන්ගිගේ තාත්තා පුලුවන් වෙලාවට ඇවිත් ගියත් මගේ අම්මව තාත්තාව දකින්නේ ගොඩ කාලෙකින්.ඒත් එයාලට වැඩි දවසක් ඉන්න උනේ නෑ.දවස් දෙකෙන් ආපහු ගියා.
මමයි සියෝන්ගී නිවාඩූ දවස් වලට ගොඩක්ම කොහේ හරි ඇවිදින්න යනවා.ඒ නිසා අපි දෙන්නා ටිකක් නිදහසේ ඇවිදින්න කියලා ලග තියෙන පාර්ක් එකකට ගියා.

"අම්මෝ....සීතලයි."

සියෝන්ගී අත් දෙක එකට අතුල්ලන ගමන් කීවා.

"ම්ම්ම්...ඒනම් අපි යමු කොෆී එකක් බොන්න."

"හා"

මමයි සියෝන්ගී දෙන්නම කොෆී ශොප් එකක් ඇතුලට ගියා.එතනින් වාඩි වෙලා කොෆී දෙකක් ඕඩර් කලා.මම බිම බලාගෙන අත් දෙක උනුසම් කරන අතරේ සියෝන්ගී හිමීට කියවනවා මට ඇහුනා.මම එයා දිහා බලද්දී එයා ඇස් වලින් මොනාද පෙන්නනවා.මම හිමිහිට ඒ පැත්ත හැරිලා බැලුවා.ඒ ඇවිත් හිටියේ ටේහ්‍යුන්ග්.බෑග් දෙකකුත් අතේ තියාගෙන ශොප් එකෙන් එලියට යන්න යනකොට අපිව දැක්කලා සියෝන්ගිට හිනා වෙලා හදිසියෙන් වගේ යන්න ගියා.මම ඒ පැත්ත බලලා රවලා ඉස්සරහට හැරුනා.

සියෝන්ගී-:"එහ්...ඔන්න රතු වෙලා."

"ඔව් මේ දවස් වල සීතලයිනේ"

සියෝන්ගී-:"ඇත්තටම ඇයි එයා හිනාවත් උනේ නැත්තේ."

"මම දන්නේ කොහොමද?අනික මොකටද එයා මාත් එක්ක හිනා වෙන්නේ."

සියෝන්ගී-:"ඔව් නේද?.ඔයා හර."

සියෝන්ගී pov:

ටේහ්‍යුන්ග් යෙන්සූයි අතරේ මොකද උනේ කියලා නොකිව්වත් මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඇති කියලා තේරුනා.ටේහ්‍යුන්ග් රවාගෙන යනකොට යෙන්සුගේ මුන කජු ලෙල්ල වගේ.රවාගෙන කොෆී එක බීලා මටත් රව රවම මූනත් එල්ලගෙන ශොප් එකෙන් එලියට ආවා.

යෙන්සූ-: "මට මොනවා හරි කන්න ඕනේ.උනුවට වගේ."

"දැන්නම් ඕන වෙන්නේ සීතල දෙයක්."

යෙන්සූ-: ඒයි....ඔයා මට විහිලූ කරනවද?"

"නෑ..නෑ..එන්න අපි යමුකෝ."

මම හැමවෙලේම කතාව නවත්තන්නේ ඇවිස්සුනොත් යකින්න වගේ නිසා.කියවන්න ගත්තොත් පැයකටවත් නවත්තන්නේ නෑ.ඒ නිසා යෙන්සුවත් ඇදගෙනම මම ලග තිබුනු පොඩි කඩයකට ගියා.එතනින් කෝන් ඩෝග් දෙකක් අරගෙන යෙන්සුට එකක් දුන්නා.අපිදෙන්නා කනගමන් ඇවිදගෙන ඉස්සරහට ගියා.යෙන්සූ කන විදිහ දකිනකොට මට හිතුනේ ටේහ්‍යුන්ග් එක්ක තියන තරහා කෑම එකෙන් පිට කරනවා කියලා.ඒත් මම වචනයක්වත් නොකිය තනියම හිනා උනා.

යෙන්සූ-: "දැන් මොකෝ කරන්නේ.."

"කැමතී දෙයක් කරමූ."

යෙන්සූ-:"වැඩ ගොඩක් තියෙනවා නේ.හෙට යන්නත් ඕනනේ."

දවස් තුනත් ගෙවිලා ගිය නිසා..හවස් වෙන්නත් කලින්ම අපි දෙන්නා ගෙදර ආවා.
.
.
.
.
.
.
.
දැන් මට ඉස්සරට වඩා උයන්න පුලුවන් ඒ නිසා මම සියෝන්ගී එක්ක උයනවා.රෑ වෙලා දෙන්නම එකතු වෙලා කෑම ලෑස්තී කලා.මම කෑම කාලා ඉවර වෙලා පාඩම් වැඩ ඔක්කොම ඉවර වෙලා ඩයරිය අතට ගත්තේ ගොඩ දවසකින් ලියන්න බැරි උනු නිසා.ඒ වෙනකොටත් සියෝන්ගී පොතක් බලන ගමන් හිටියේ.මම මේසේ ලගට ගිහින් පුටුවෙන් වාඩී වෙලා ඩයරි එකේ පිටුවක් පෙරලුවා....

"යෙන්සූ..."

"ඕ කියන්න."

"නිදියගන්නේ නැද්ද?."

"මට නිදි මත නෑ.ඔයා නිදියගන්නකෝ.මම ටිකකින් එන්නම්."

"හා....හරී..."

සියෝන්ගී ඈනුමක් අරින ගමන් ඇදට ගියා.මම පෑනකුත් අතට අරගෙන ඩයරිය ලියන්න ගත්තා.

මේ ගෙව්නූ දවස් ටික අපි සතුටින් ගත කලා.ඒ අතර සමහර වෙලාවල් තිබුනා ජීවිතේම එපා උනු.මට ගොඩක්ම දුක ටේහ්‍යුන්ග් මං ගැන හිතන් ඉන්න විදිහ.ඒත් ඉතින් එයා මං ගැන කොහොම හිතුවත් මට වැඩකුත් නෑ.කොහොම උනත් ටේහ්‍යුන්ග් නැතුව වෙන කෙනෙක් මං ගැන එහෙම හිතුවනම් ඒත් මට මේ වගේම දුකයි.ටේහ්‍යුන්ග් කියන්නේ මහ නපුරු හිතක් පපුවක් නැති මනුස්සයෙක්.සමහර වෙලාවට හොදින් කතා කරනවා.සමහර වෙලාවට යකෙක් වගේ ඔරවගෙන ඉන්නවා.මොන විදිහේ එක්කෙනෙක්ද මන්දා.සේහු නිසා තමා හැමදේම.ඒ මිනිහනම් තිරිසනෙක්නේ.එයා මගේ ඇස් ඉස්සරහට එන මොහොතක් ගානේ මගේ ඇගේ ලේ රත් වෙනවා.තව අවුරුදු දෙකක් මෙහෙම ඉන්න ඕන කියලා මතක් උනාම පිස්සූ වගේ.ලොකුම ප්‍රශ්නේ තමා එදා මට ඇහුනු දේවල්.කව්ද දන්නේ නෑ ඒ කතා කලේ.ඒත් ඒ දෙන්නා කතා කරපු විදිහ අමුතුයි.අනේ මන්දා...ඒ උනත් මට ඇහුනු කටහඩවල් හුරුයි කියලා දැනෙනවා.මොනා උනත් මම ප්‍රාර්තනා කරනවා හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා..

good night....

.
.
.
.
.
.
.
.

"නැගිටින්න.ඒයි...උදේ වෙලා."

උදේම කන අස්සේ සියෝන්ගී කෑ ගහන නිසා මමත් ඉක්මනටම නැගිට්ටා.9.00 ට විතර university එකට යන්න තිබුනත් සියෝන්ගී නිසා වැඩි වෙලාවක් නිදියන්න හම්බුනේ නෑ.උදේ කෑම එකත් කාලා වෙනදටත් කලින් ලෑස්තී වෙලා දෙන්නම පිටත් උනේ ගෙදර ඉන්න එකත් කම්මැලි නිසා.ගේට්ටුවෙන් ඇතුල් වෙනවත් එක්කම වෙනදා වගේම ටේහ්‍යුන්ග් බයික් එකෙන් ඇවිත් බැස්සා.කෙල්ලෝ පහ හයක් ඇවිත් ඇබරී ඇබරි කතා කරනකොට ටේහ්‍යුන්ග් දැක්කා මමයි සියෝන්ගී එනවා.ඒත් එයා නොසලකා හැරියා වගේ දැනුනු නිසාත් මමත් ගස්සලා අහක බලාගත්තා.ඒත් මම ආය හැරෙද්දී සියෝන්ගී මං ලග නෑ.වට පිට බලනකොට පොතකුත් ලමයෙක්ට දෙන ගමන් ලොකු කතාවක.ටේහ්‍යුන්ග්නුත් ඒ ලග හිටපු නිසාම මම සියෝන්ගී එනකම් හිටපු තැනටම වෙලා බලාගෙන හිටියා.ටිකකින් ටේහ්‍යුන්ග් කලබලෙන් පිටිපස්ස බලලා මගේ දිහා ඇස් ලොකු කරගෙන බැලුවා.මම පුදුම උනේ රවන් හිටපු කෙනාට මේ මොකද උනේ කියලා.ඒත් එක්කම ටේ වේගෙන් දුවන් ඇවිත් මාව ඇදලා අරගත්තා.මම පුදුම උනේ ඒ උන දේ ගැන.හැරෙන්නවත් බෑ මේ මනුස්සයගේ අත් වලින් පපුවට තද කරලා බදාගෙන.මට ඒ වෙලාවේ මොකුත් හිතාගන්න බැරි උනා.මාව සීතල වෙලා ගිහින් වේගෙන් හුස්ම වැටෙන්න ගත්තේ ටේහ්‍යුන්ග් අනිත් මිනිස්සූ ඉස්සරහා මාව බදාගෙන ඉන්න නිසා.

"ට්..ටේ...ටේහ්‍යුන්ග්..මාව අතහරින්න."

මම කියනවත් එක්කම එකපාරින් ටේහ්‍යුන්ග් මාව අතහැරලා පිටිපස්සට උනා.මම ඒත් එක්කම පිටිපස්සට හැරිලා බැලුවේ ටේහ්‍යුන්ග් රවාගෙන බලන් හිටපු නිසා. සේහුත් කාර් එක නතර කරහෙන බලන් ඉන්නවා. සමහර විට සේහූ වේගෙන් කාර් එකේ එන්න ඇති.ඒ නිසා ටේහ්‍යින්ග් මාව බේරගන්න ඇති කියලා හිතුවා.සේහූ ටේහ්‍යුන්ග් දිහා අමුතු බැල්මක් දාලා කාර් එක රේස් කරලා වේගෙන් පාර්ක් එක පැත්තට හැරෙව්වා.මම මගේ ශර්ට් එකේ කොලර් එක අල්ලන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ කියාගන්ඩ බැරි ලැජ්ජාවකින්.ඒත් එයා මාව බේරගත්ත නිසා හිනා වෙලා ස්තූතී කලා.ඒත් එයා කිසිම දෙයක් නොකිය ශර්ට් එක පල්ලෙහාට කරන ගමන් එතනින් යන්න ගියා.වටපිට බලනකොට කෙල්ලෝ කටත් ඇරගෙන බලන් ඉන්නවා.සියෝන්ගී ඉක්මනට මම ලගට දුවගෙන ආවා.

"පිස්සෙක්නේ ඒ මනුස්සයා..තව ටිකෙන් හැප්පෙනවා."

"එයාගේ පාරක් කියලද දන්නෑ එහෙම ආවේ."

"ටේහ්‍යුන්ග් හිටිය නිසා හොදයි.නැත්නම් අර මිනිහගේ වාහනේට හැප්පිලා."

"ඒයි...මොකද කතා නැත්තේ...."

සියෝගී කියවගෙන ගියත් මම තවමත් බලන් හිටියේ අන්ද මන්ද වෙලා.රව රව හිටපු මනුස්සයා ඇවිත් බේරගත්ත එක පුදුමයි.ඒත් යනකොට හිනාවත් උනේ නැති මනුස්සයා මොකට බේරගත්තේ...

"ආ...නෑ...නෑ..අපි යමු."

මම සියෝන්ගිට එහෙම කියලා ඇවිදගෙන ගියේ ටේහ්‍යුන්ග් දිහා බලාගෙනමයි.තවමත් තේරුම් ගන්න බැරි අමුතු කෙනෙක්...

සියෝන්ගී-: "මොනා උනත් ටේහ්‍යුන්ග් හොද කොල්ලෙක් නේ.රව රව හිටියට මොකද කෙල්ල හැප්පෙයි කියලා දුවගෙන ගියානේ."

වෙන්දා සියෝන්ගී කියන ඒවට මම බැන්නත් ඒ වෙලේ කිසිම වචනයක් නොකියා cls එකට ඇවිත් පිටිපස්සෙන්ම වාඩී උනා.

හෙ හේ හායි බබාලා🌝♥️

comment එකක් දාම් යන්න😌💙

Continue Reading

You'll Also Like

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
45.7K 4.4K 29
රාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.0...
27.7K 4.3K 32
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
61.9K 10.3K 29
ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය.. මැරෙනකල...