🍃Ⓢ𝔢𝔠𝔲𝔯𝔢𝔡 𝔟𝔶 Ⓗ𝔞𝔫𝔡�...

By _s_anu_trinky_

3K 467 344

"ඔය ඇති, ඔයාට හැම වෙලේම මට වඩා ඔයාගේ business තමා ලොකු වුනේ...මට තව මුකුත් අහන්න ඕනි නැහැ. ඔයාගේ business එකය... More

🍃Secured by Handsome -1🍂

🍃Secured by Handsome -2🍂

1.2K 252 208
By _s_anu_trinky_

"B.....o...d...i....මේකනම් නියමයි. මම පියාඹනවා...හී...හී....හී..."

"Zhan ge ඔයා වැටෙයි."

හරියට පොඩි ළමයෙක්ට එයා කැමතිම සෙල්ලම් බඩුව ලැබුණා වගේ. ඔහ් Zhan, Zhan, ඔයානම් මම හිතුවට වඩා ගොඩක් වෙනස්. ඔයා ඔහොම සතුටු වෙනවා දැක්කම මට ඔයාව කිස් කරන්නමයි හිතෙන්නේ.

"අපි කොහෙටද යන්නේ?"

"Beiluna එකට"

"අහ්...දැන්නම් ඔයා මාව හයියෙන් අල්ලගන්න."

මම එහෙම කියවත් එක්කම එයා පුංචි ළමයෙක් වගේ හුරතල් විදිහට හිනා වෙලා මගේ ඉණ තද කරලා අල්ලගත්තා. God මට අනුකම්පා කරන්න. එයාගේ උණුසුම මාව පිස්සෙක් කරනවා.

"අපි ආවා."

"හ්ම්..."

"Zhan ge?"

"හ්ම්...?"

"අපි ආවා...."

"හ්ම්...ඔහ් මට සමාවෙන්න මේ හුළඟත් එක්ක මට ටිකක් නින්ද ගියා."

Aigoooo එයා රතු වෙනවා. මගේ හා පැටියා රතු වෙනවා. ඔහ් දැන් ඇයි මම එයාට හා පැටියා කියන්නේ නේද? මොකද එයාගේ හිනාව ඒ වගේමයි. හා පැටියෙක් වගේ.

"එන්න Bodi අපි යමූ.....shopping කරන්න...."
Zhan ge පුංචි එකෙක් වගේ කෑ ගහගෙන මාව අදිනවා. එයාට මේ මොකක්ද වෙලා තියෙන්නේ?

"Zhan ge ඔයාගේ වයස කීයද?"

"අවුරුදු 3යි." ඔහ්...Zhan එයාගේ කට හුරතල් විදිහට උල් කරගෙන මගේ මූණ ගාවට ඇඟිලි 3ක් ළං කරලා පෙන්නුවේ පුංචි බබෙක් වගේ.
දෙවියොම මගේ හදවත ගැන බලාගන්න ඕනි. මේ cute bunny නිසා මම මැරෙන්නේ heart attack හැදිලා.

"එන්නකෝ....."

"අහ්..හා මේ එනවා"






Xiao Zhan ගේ සිතුවිලි

මට අද මොනවා වුනත් වැඩක් නැහැ. අද මම මගේ දවසම විනෝද වෙනවා මගේ puppy එක්ක. අහ්..හා....හා..බලන් ඉන්න puppy මම ඔයාට මගෙන් ගැලවෙන්න බැරි කරනවා. ඔයා කොහොම සූටී zhanzhan ගෙන් cute වැඩ වලින් ගැලවෙයිද බලමුකෝ.

අපි ඇඳුම් ගොඩක් ගත්තා. ඇත්තටම මේ පුංචි කොල්ලා මට මුලු shop එකේ තියෙන හැම ඇඳුමක්ම අන්ඳලා බැලුවා. ඒත් එයාගේ ඇස් දේකේ සතුට දැක්කම මට මේකේ විතරක් නෙමෙයි රටේම shop වල ඇඳුම් ඇඳලා පෙන්නන්න උනත් පුලුවන්.

"ඊළඟට කොහෙද baby zhanzhan?"

මම බබෙක් වෙන්න පටන් ගත්ත වෙලේ ඉඳන් එයා මට baby zhanzhan කියන්න පන් අරන්. ඔහ් sooo cute.

"Ice cream කමූ...."

"හරි යන්...."

මේ තමයි මගේ ජිවිතේ සතුටුම දවස. මම අවුරුදු 8කට පස්සේ මේ තරම් නිදහසේ හිටියමයි.

"Thank you Bodi"

"ඇයි?"

"මම මෙහෙම සතුටු වුනේ අවුරුදු 8කට පස්සේ. Thank you so much."

"Zhan ge මමයි ඔයාට thank you කියන්න ඕනි. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මේක ලොකු දෙයක් නෙමෙයි."

"ඒත් Bodi දන්නවද මොන දේ තිබ්බත් සතුට නැත්තන් ඒ ජිවිතෙන් වැඩක් නැහැ කියලා."

"ඒක ඇත්ත. ඉතින් අපි යමුද දැන් කලුවර වැටීගෙන එන්නේ?"

"හ්ම්...."

මගේ puppy ට ළං වෙලා ආපහු යන්න...ඔහ් මගේ මුලු ඇඟම රත් වෙනවා.






කාලය පියඹා ගියා. Yibo, Zhan ගේ ගෙදරට ඇවිත් දැන් මාස 3කට කිට්ටුයි. මුලු ගෙදරම අය Yibo ගේ හුරතල්, කටකාර , කරුණාවන්ත ගතිගුණ වලට ආදරේ කරන්න පටන් ගත්තා. ඔහු Zhan ගේ ගෙදර, එයාගේ ඇඳුම් විතරක් නෙමෙයි Zhan ගේ මුලු ජිවිතේම වෙනස් කරා. Zhan මේ ලෝකේ කිසිම කෙනෙක්ට නැති තරම් ආදරයක් කරුණාවක් Yibo ට දැක්වුවා. Yibo යි Zhan නුයි මේ කාලෙදී ඇවිදින්න ගියා. පුංචි ළමයි වගේ ගේ වටේම සෙල්ලම් කරා. රණ්ඩු වුනා. TV game ගැහුවා. ඇත්තටම Zhan සම්පූර්නෙන්ම ඔහුගේ ජිවිතේ මග හැරුණු තරුණ කාලය රස විඳින්න පටන් ගත්තා. Yibo එයාට Dance කරන්න පවා කියලා දුන්නා. මේ හැම දේකටම වඩා දෙන්නගෙම හදවත් වල දෙන්න ගැන ඉවත් කරන්න බැරි තරම් ආදරයක් දලු ලෑවා. ඒත් එක්කෙනෙක් වත් ඒක අනෙකට කියන්න ඉදිරිපත් වුනේ නැහැ.

"Zhan baby ඔයා කොහෙද?"

Heels සද්දයක් එක්ක sofa එකට වෙලා tv game ගහගහ හිටපු Yibo ඒ පැත්තට හැරුණා.

"ඔහේ කවුද? මොනාද ඔහේ මගේ baby ගේ ගෙදර කරන්නේ?"

"Baby?" Yibo පුදුමයෙන් ඇය දෙස බලාගෙන ඇහුවා. මොකද මෙහෙම දෙයක් Zhan එයාට කියලා තිබුණේ නැහැ. අනික මේ ගෑනු කෙනාව එයා දැකපු පලවෙනි වතාව මේක.

"හේයි මමයි ඇහුවේ ඔහෙගෙන් ප්‍රශ්නේ?"

"ඔහ් මමද? මම Bodi. Zhan ge ගේ මල්ලි"

Yibo ට ඕනිම කෙන්ක්ට තමන්ව එහෙම හඳුන්වලා දෙන්න කියලා ඉගෙන්නුවේ Zhan මයි. ඒත් Yibo කල්පනා කරේ මේ කවුද කියලා.

"ඔහ්...මම නොදන්න මල්ලි කවුද Zhan ගේ? ඔහේ කවුද කියනවා?ඔහ් ඔහේ මෙහෙට ආවේ මගෙන් Zhan ව උදුරගන්න ද?"

"මොකක්?..."

"මතක තියාගන්නවා Zhan මගේ. එයා මට ගොඩක් ආදරෙයි. ඒ නිසා කවදාවත් ඒක වෙන්නේ නැහැ."

Yibo ගල් පිළිමයක් වගේ මේ කෙනා දිහා බලන් හිටියා

"Lin Qin? ඔයා ඇයි මෙහෙට ආවේ?"

Xiao Zhan මේ සද්දේ නිසා එලියට ආවා. ඔහු එතකොට දැක්කේ උගුලකට අහු වුනා වගේ මූණ හදන් හිටපු එයාගේ Bodi වයි. මේ පුංචි කොල්ලාගේ මොළේ දැන් හාරන් කන්න වගේ බලන් ඉන්න Lin Qin ව.

"ඔහ් baby....I miss you...."

"Lin Qin...ඔයා ඔයිට වඩා ගෞරවනීය විදිහට හැසිරෙන්න මෙතන මගේ මල්ලි ඉන්නවා."

"ඔහ්...මෙයා ඇත්තටම කවුද?"

"මගේ didi"

"ඔහ්....sorry මගේ හැසිරීමට..හායි didi මම Lin Qin ඔයාගේ gege ගේ fiancee"

Wang Yibo ගේ සිතුවිලි

එහෙනම් මේ එයා. මගේ Zhan ge ගේ අයිතිකාරයා. මට තවත් මේක බලන් ඉන්න බැහැ. මම යනවා මෙතනින්.මම දන්නෙත් නැහැ. ඒත් මම මගේ bike එකේ යතුරත් අරන් එලියට දිව්වා.

"Bodi...Bodi...Bodi...."

Zhan ge මට කතා කරනවා. ඒත් මට සමාවෙන්න Zhan ge ඔයා මගේ ඇස් දෙක ඉස්සරහදිම වෙන කෙනෙක් එක්ක lovely dovely වෙනකොට මගේ පපුව පැලෙන්න වගේ එනවා. මට යන්න දෙන්න. මම ආයේ ඔයාට කරදර කරන්නේ නැහැ....

මම දන්නවා මේ ලෝකේ මට කිසිම කෙනෙක් ආදරේ කරන්නේ නැහැ. ඔයා මගේ අසරණකම නිසා මට අනුකම්පා කරලා කරුණාවන්ත උනාට Thank you Zhan ge ඒත් මම මගේ සීමාව පැන්නුවා. මම ඔයා ගැන පිස්සෙක් දැන් ඒත් ඔයාව මට අයිති නැහැ ge ඔයා වෙන කෙනෙක්ගේ. ඔයාගේ හදවත මගේ නෙමෙයි. එතන ඉන්නේ වෙන කෙනෙක්. මම යනවා ge ඔයාගේ සතුටට මම මගේ හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න මගේ හා පැටියෝ. I love you so much.

නොදැනුවත්වම මම ආවේ මගේ ගෙදරට. කොහොමත් මට වෙන යන්න තැනක් නැහැ. තාත්තා මාව දැකලා මට හොඳටම ගහයි කියලා මම හිතුවත් එයා මට එක වචනයක්වත් කිවුවේ නැහැ. එයා හැසිරුනේ හරියට මම එනවා කියලා දැනගෙන හිටියා වගේ.මම කෙලින්ම ගිහින් නැවතුනේ මගේ කාමරේ.

දවස් දෙකක් ගෙවිලා ගියා. තාත්තා තාමත් මගෙන් කිසි දෙයක් ඇහුවේ නැහැ.අඩුම තරමේ ඇයි මම මෙච්චර අඬන්නේ කියලවත් එයා මගෙන් ඇහුවේ නැහැ. මගේ ගාවට ඇවිත් ඔලුව අත ගාලා මගේ කෑම ටික කනකන් ඉඳලා එයා එතනින් යනවා. තාත්තා මගේ එක්ක තරහෙන්ද? මේ හැමදේම මාව නිකන් මරනවා වගෙයි මට දැනෙන්නේ.

"Little Wang, Little Wang?"

"හ්ම්...."

"ඔබ තුමාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්. පුස්තකාලයේ ඉන්නවා."

"කවුද රූනා?"

"මමනම් දන්නේ නැහැ. ලොකු මහත්තයා තමයි කියන්න කිවුවේ. ඔබතුමාගේ යාලුවෙක්ලු."

"හ්ම්..."

මට මිනිස්සු හම්බෙන්න වුවමනාවක් දැන් ඇත්තෙම නැහැ. ඒත් මම නොගියොත් තාත්තා තවත් මං ගැන කලකිරෙයි. මම හිමිට මගේ මූණ හෝදගෙන එලියට ආවා. අමුත්තා මාව දැක්කම zombie කෙනෙක් කියලා බය නොවුනොත් හොඳයි. රූනා කිවුවා මම ඇවිදින zombie කෙනෙක් වගේලු. මම පුස්තකාලයට ළඟට යද්දී තාත්තා එතන ඉන්නවා.

"Yibo, මට තවත්නම් ප්‍රශ්න ඇති කරන්න එපා පුතා. ඔයාගේ finace, Sean ඇවිත් ඉන්නේ. කරුණාකරලා එයා එක්ක කතා කරලා දැනහඳුන ගන්න. අතීතය අමතක කරන්න."

"හ්ම්...හොඳයි තාත්තේ"

මම වෙන මොනවා කියන්නද? Zhan ge මගේ නෙමෙයි. ඉතින් අඩුම තරමේ මගේ තාත්තාගේ සතුට වෙනුවෙන්ත් මේක මම කරනවා. මම හිතන්නේ නැහැ Sean ge නරක කෙනෙක් කියලා. මම ලොකූ හුස්මක් අරන් දොර ඇරගෙන ඇතුලට ගියා.

"හලෝ!"

"..."

එයා හිටියේ පුටුව අනිත් පැත්ත හරවගෙන මම හිතන්නේ මම කලින්ම හැමදේම කියලා දැම්මොත් හොඳයි. එයා මාව තේරුම් ගනිවිනේ.

"හ්ම්..Sean ge වෙච්ච දේවල්වලට සමාවෙන්න. මම ටිකක් කලබල වෙලායි පැනලා ගියේ. මට සමාවෙන්න. අනික් දේ...තමා...මගේ හිතේ...හ්ම්...මගේ හිතේ....වෙන කෙනෙක් ඉන්නවා...කරුණාකරලා මට මගේ හිත හදා ගන්න ටික කාලයක් ඉඩ දෙන්න"

"Yibo? ඇහුම් කන් නොදී පැනලා යන එක ඔයාගේ පුරුද්දක්ද?"

"මො..කක්?" ඒ කටහඬ එදා මාව sell කරන දවසේ මට bid තියපු කටහඬමයි. ඒ ගැඹුරු ඒත් පැහැදිලි කටහඬ, ඔව් මේ...ඒත් මට පිස්සුද? මට දැන් Zhan ගේ කටහඬත් ඇහෙන්න පටන් අරන් නේද?

"ඔයාට ආයෙම කරදරයක් වුනානම්...?

"ඔයා මොනාද කියවන්නේ?"

"Yibo ?....."

එයා හැරුණා. නැහැ මේක වෙන්න බැහැ. මගේ ඇස් දෙක ඒක මාව රවට්ටනවා. මම ආයෙම ඇස් දෙක පිහදාලා බැලුවා. ඒත් ඒ එයාමයි.

"ඔයා දන්නවද මම කොච්චර බය වුනාද කියලා....අහ්...ඔයා නිසා...ඔයා නිසා....මම කියන දේ අහන්නත් කලින් ඔයා යන්න ගියා. ඇයි ඒ Yibo? ඇයි ඔයා දැන්වත් අනිත් අයට ඇහුම් කන් දෙන්නේ නැත්තේ?"

"Zhan? එත් ඔයා? එතකොට කෝ Sean ge?"

"ඔහ්...ඔයාට දැන් ඕනි Sean වද? මම හිතුවේ ඔයා මාව දැක්කම සතුටු වෙයි කියලා."

"නැහැ. ඒත් මම....අහ්......Zhan ඔයා මාව අවුල් කරනවා." මම තවත් කියන්න දෙයක් දැනන් හිටියේ නැහැ. Zhan මං ගාවට ඇවිදගෙන ඇවිත් එයාගේ තුරුලට මාව ගත්තා. මම මේ උණුසුම නැතිව කොයිතරම් වේදනා වින්ඳද? මට තවත් කිසි දෙයක් අහන්න ඕනි වුනේ නැහැ. කියාගන්න බැරි හැඟීම් ගොඩක් එක්ක මට මගේ මුලු ඇඟම වෙව්ලනවා දැනෙනවා. ඒත් මට මොනවා උනත් කමක් නැහැ. එකම දේ මෙතන ඉන්නේ මගේ Zhan. මාව තුරුල් කරන් ඉන්නෙ මගේ Zhan. මම පණටත් වඩා ආදරේ කරන මගේ Zhan

"අඬන්න එපා පැටියෝ. මට සමාවෙන්න වෙච්ච දේට. එවෙලේ මම පහදන්න කලින් ඇයි ඔයා ගියේ? මට සමාවෙන්න."

"ඒත්...Zhan...ඔයා...මෙතන" මම අඬනවා. හුස්ම ගන්න බැරි තරම් අඬනවා.

"අනේ මගේ මෝඩ කොල්ලෝ...ඔයාට අමතකද මම ඔයාට මාව අඳුන්වලා දුන්න විදිහ? මම කිවුවේ Sean Xiao Zhan කියලයි"

Zhan එහෙම කිවුවද? මට ඇහුනේ නැහැනේ. අහ්.....මගේ මෝඩකම...ඒත් පොඩ්ඩක් ඉන්න එතකොට.....එතකොට....

"ඔයාවයි මම marry කරන්න ඉන්නෙ?" මම මහා හයියෙන් කෑ ගැහුවා.

"ඇති යන්තම් ඔය මෝඩ මොලේට තේරුණා. ඔයා හිතන්නේ මම හැමෝටම ඔයාට දීපු අවධානේ, ඔයාට සලකපු විදිහ, ඔයා වෙනුවෙන් කැප කරපු කාලේ දෙනවයි කියලද? නැහැ Yibo, මම එහෙම කරේ ඔයා වෙනුවෙන් විතරයි. මොකද ඔයාවයි මම marry කරන්න ඉන්නේ. මම ඔයාට විතරයි ආදරේ."

"Zhan...Zhan....මම...මම..."

Zhan මාව මම හිටපු තැනින් උස්සලා පුංචි බබෙක් වගේ වඩාගත්තා. මම මගේ කකුල් දෙක එයාගේ ඉන වටේට දාලා අත් දෙකෙන්ම තද කරලා බෙල්ල බදාගත්තේ හරියට නිකන් Zhan මාව දාලා යයි වගේ. නැහැ එයාට මාව දාලා යන්න දෙන්න බැහැ. කීයටවත් මම එයාට මෙතනින් යන්න දෙන්නේ නැහැ. එයා හිමීට මාව අතේ තියන්ම ඇවිදගෙන ගියේ පුස්තකාලයෙන් එලියට. ඊට පස්සේ පඩි පෙල දිගේ බැහැගෙන ගිහින් තවත් කාමරේකට ඇතුලු වෙනවා මට දැනුනා.

"Zhan? මොකක්ද වුනේ? Yibo හොඳින් නේද?"





"එයා හොඳින් අංකල්. ඒත් කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ඉන්නේ."

"ඔහ්...මෙතනින් වාඩි වෙන්න. අපි කතා කරමු. Bo, එන්න අපි කතා කරමු."

ඒත් Yibo නම් Zhan ගේ උණුහුමෙන් මිදෙන්න සූදානම් නැහැ. ඔහු ඔලුව දෙපසට වනා තව තවත් Zhan ව තදින් වැළඳගත්තා. Zhan ගේ මුවට මෘදු සිනහවක් නැගුනා. ඔහු Yibo ගේ තවමත් වෙව්ලන උරහිස සෙමින් සිප ගත්තා.

"පැටියෝ...Bobo, මේ අහන්න අපි මේ හැම දෙයක්ම කතා කරන්න ඕනි. ඒක නිසා හොඳ පැටියා වගේ පහලට එන්න." පුංචි බබෙක්ට තරම් ආදරයෙන් හා මෘදුව Zhan තමන්ගේ ගෙලේ එල්ලී සිටින Yibo ට කිවුවත් Yibo නම් තවමත් ඒකට ලෑස්ති නැහැ.

"බැහැ...මම අත ඇරියොත් ඔයා අපහු යයි. මට බැහැ. මට බැහැ."

Zhan විශාල සුසුමක් පිට කරා. ඒත් සමග ඔහුගේ මුවට සිනහවක් නැගුනා.

"අනේ, මැණික....මම පොරොන්දු වෙනවා ඔයාව දාලා යන්නෙ නැහැ කියලා. මේ බලන්න මේ දේවල් කතා කරලා විසඳගන්න ඕනි නේද? ඔයාට ප්‍රශ්න නැද්ද අපෙන් අහන්න...හ්ම්?"

Yibo හිමින් හිස ඔසවා Zhan දෙස බැලුවා. Zhan ට දැනුනේ තමන් ඉස්සරහ හිටිය මේ cute බෝලේ නිසා එයාගේ හුස්ම නවතින්න යනවා වගෙයි. Red puffy ඇස් දෙක, රතු පාට කම්මුල් දෙක, රතු වුනු චූටි නහය, වෙව්ලන තොල් දෙක, කෙනෙක් අඬද්දිත් මෙච්චර ලස්සන වෙන්නේ කොහොමද? Zhan සිතන්නෙම නැතිව ඒ රතු වුනු නහය උඩින් පුංචි හාදුවක් තිබ්බා.

"හ..ම්..හම්...මම තාම මෙතන love birds. දැන්වත් අපි කතා කරමුද?"

Zhan, Yibo ගේ පියාගේ ඉදිරියේ ඇති පුටුවේ වාඩි වී Yibo ව තම උකුල මත ඉන්ඳවා ගත්තා. Yibo තම මුහුණ Zhan ගේ පපුවේ සඟවා ගත්තේ වැඩිමහල් දෙදෙනාට ඇහුම් කන් දීමේ අරමුණෙන්.

"Zhan මම ඔයාට පොරොන්දු වුණ විදිහටම මුකුත් ඇහුවේ නැහැ. ඒත් මට කියන්න ඇයි එදා Bo අර විදිහට ආවේ?"

"අංකල් මගේ පරණ school friend කෙනෙක් ගෙදරට ආවා. එයා lady කෙනෙක්. එයා ටිකක් නැහැ ගොඩක් විකාර විදිහට හැසිරුණේ. එයා bobo ට කිවුවා එයා මගේ fiancee කියලා.මොකද එයා හිතන් හිටියේ මම එයාව marry කරයි කියලා. එයාටනම් පිස්සු. දැන්නම් මම ඒ ප්‍රශ්නේ විසඳුවා. ඒත් එවෙලේ මම එයා ඇත්තටම කවුද කියලා Yibo ට කියන්න කලින් මේ මෝඩ කොල්ලා එතනින් දිව්වා."

Zhan සිනහවක් සමග තම තුරුලේ ලැජ්ජාවෙන් මූන සඟවා ගත් Yibo ගේ හිස මෘදුව සිප ගත්තා.

"තාත්තේ, Zhan ge? මම විතරද එතකොට මෙකේ ඇත්ත දැනගෙන හිටියේ නැත්තේ? Zhan ge මුල ඉඳන්ම මම කවුද කියලා දැනගෙන හිටියද? තාත්තා මම කොහෙද ඉන්නේ කියලත් දැනන් හිටියද?"

හදිසියේම Zhan ගේ තුරුලෙන් හිස ඔසවා තරහක් සමග දෙදෙනාගේම මුහුණ බලමින් Yibo ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

"නැහැ Bo,"

-------
-------

මාස කිහිපයකට පෙර

"Mr.Cheng ඔයා මාව විහිලුවකට ගත්තද? එදා ඔයා මාව විකාර hotel එකකට ගෙන්න ගත්තා. අද මොකක්ද? Wang Zhuocheng! ඉන්න බැරිනම් ඔතන මැරෙනවා. මට දැන් මේ විකාර ඇති වෙලා."

"Mr. Xiao ඔයාට අමුත්තෙක්!" Zhan ගේ secretary තමන්ගේ තරහ ගිය boss ව තවත් තරහ ගස්සවන්න භයේ හරිම හෙමින් කිවුවා.

"ශෝක් මට අඩු වුනේ එච්චරයි. එන්න කියන්න"

"Mr. Xiao?"

"අංකල්....ඇයි මේ professional. එන්න ඉඳගන්න."

"මම ආවේ වැරදි වෙලාවකද මන්දා?"

"නැහැ අංකල්. මම ටිකක් තරහ ගිහිල්ලයි හිටියේ. Sorry. Uncle ඇයි මේ හදිසියේම? Yibo ගැන ආරංචියක් තියෙනවද?"

"ඒක ගැන කතා කරන්න තමා මම ආවේ. මට සමාවෙන්න පුතා. මම එයා මෙහෙම කරයි කියලා හිතුවේ නැහැ. අනික මට දැන් මගේ පොඩි එකා ගැන හරිම බයයි. එයාගේ යාලුවා කිවුවා එයා හොඳින් කියලා. ඒත් ඇස් දෙකෙන් නොදැක මට මොකක්ද වගේ. අනික ඔයාට වෙච්ච අගෞරවයටත් මට සමාවෙන්න."

"අංකල් මේ මොනාවද කියන්නේ? Yibo පොඩි ළමයෙක් අංකල්. මම එයාගේ වයසේ හිටියනම් මම උනත් ඔහොම කරන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ අංකල් එයා තරහ නිවුනාම ආවම අපි එයා එක්ක කතා කරමු."

"මට තේරෙන්නේ නැහැ ඇයි ඔයා එයාට මේ තරම් අවස්තාව දෙන්නේ කියලා Zhan. ඔයාගේ ප්‍රති රූපෙ එක්ක මේක මට තේරෙන්නේ නැහැ."

"අංකල් මම Yibo ව දැකලා නැහැ තමා. ඒත් මගේ අම්මා එයා ගැන කියපු විදිහට, එයාගේ බලාපොරොත්තුව තිබුනු විදිහට මම එයාලා වෙනුවෙන් මේක කරන්නේ."

"ඔහ්...Zhan ඔයා Bo ව දැකලා නැහැ නේද? දෙවියනේ මටත් පිස්සු ඔයා එයාව දැකලා නැත්තම් කොහොමද අඳුර ගන්නේ දැක්කත්. මේ ඉන්නේ මගේ Bo"

Mr Wang තම දුරකතනයේ ඉදිරියේ තිබුණු පිංතූරය Zhan ට පෙන්නුවා. තරුණයා සිටි තැනින් නැගිට්ටේ ඇස් දෙකත් ලොකු කරගෙන

"අංකල්....මේ ඇත්තටම Yibo ද? ඔයාට විශ්වාසද?"

"ඔයා මොනාද අහන්නේ මේ Zhan මගේ පුතා තමා මේ ඉන්නේ. ඇයි ඔයා එයාව දැක්කද? කියන්න එයාව දැක්කද?"

"හ...හා...හා....අංකල් කැමතිද Bobo ඉන්න තැන දැනගන්න. හැබැයි ඔයා පස්සට වෙලා cam එකෙන් ඈත් වෙලා ඉන්නවා කියලා මට පොරොන්දු වෙන්න."

"අහ්...හරි..හරි"

Zhan ගේ කාමරයේ විශාල තිරයේ ඔහුගේ නිවසේ ප්‍රධාන ගෘහ සේවකයා පෙනී සිටියා.

"අංකල් ලෑම්...Bodi කෝ?"

"Studio එකේ dance කරනවා පුංචි මහත්තයා"

"එයා ගාවට phone එක ගෙනියන්නකෝ."

Mr Lam විශාල studio එකකට ඇතුලු විය. එහි මැද මහ හඬින් සිංදු දාගෙන නටන පුංචි කොල්ලාව දුටු Mr Wang ඉදිරියට එන්න හැදුවත් Zhan ඔහුට ඇස් වලින් නවතින ලෙස පැවසුවා.
Yibo කෑගසාගෙන තිරේට එබුනේ විශාල සිනහවක් සමගයි.

"Zhan ge....."

"Bodi....ඔයා මොකෝ කරන්නේ?"

"Zhan ge මේකනම් cool. හරිම fun. Thank you sooo much මට මේක දුන්නට. ඒත් ඇයි ඔයා කතා කරේ? මාව බලන්නද?"

"මගේ puppy ගේ මූණේ හිනාව බලන්න. ඉතින් ඔයා කෑම කාලාද ඉන්නේ?

"ඔව්...gege?"

"හ්ම්...තාම නැහැ...Bodi...වැඩිවෙලා මහන්සි වෙන්න එපා. මම අද කලින් එනවා shopping යන්න ලෑස්ති වෙලා ඉන්න හරිද? මම එහෙනම් තියන්නම්...bye bye puppy"

"Bye bye gege" Yibo flying kiss වරුසාවක් එවන ගමන් දුරකතනය විසන්ධි කලා.

"එයා...මගේ bobo? ඒත් කොහොමද?"

"ඒක වුනේ අහම්බෙන් අංකල්..."

Zhan තමන්ට Yibo ව මුණ ගැහුනු ආකාරයත් එතනින් එහාට දේවලුත් පහදා දෙන්නට විය. Mr Wang කඳුලු පෙරමින් Zhan ට ස්තූතියි කරමින් කතාවට ඇහුම්කන් දුන්නේය.

"මට එයාව බලන්න ඕනි Zhan"

"අංකල් එයාට ටික දවසක් ඔහොම ඉන්න දෙන්න. එයාගේ කේන්තිය අඩු වෙනකන්. මම එයාට අංකල්ට කත කරන්න කිවුවත් එයා ඒකට කැමති වුනේ නැහැ. ඒ නිසා එයාගේ කේන්තිය අඩු වෙන්න දෙන්න. අනික එයාව මම හොඳට බලාගන්නම් අංකල්. එයාටයි මටයි මේ කාලය තුලදී තේරුම් ගන්නත් පුලුවන්. ඊට පස්සේ අපි බලමු මේ marriage එක ගැන එයාගෙන් අහලා."

"හොඳයි. ඔයාව මට විශ්වාසයි. අපි එහෙම කරමු."

-------
-------

"ඔන්න ඕකයි වුනේ?"

"ඒත් ඇයි මට ඇත්ත කිවුවේ නැත්තේ?"

"මම ඔයාට ඇත්ත කිවුවනම්. ඔයාගේ හිතේ අවංකව මං ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ puppy. මොකද ඔයා එතකොට මගෙන් ඈත් වෙලා ඉන්නයි උත්සහ කරන්නේ. අනික ඔයා මගේ ගෙදරිනුත් ගියොත්?"

Yibo මද වෙලාවක් හිස පහත් කරගෙන කල්පනා කරා. ඉන්පසු තමා ගැනම ලැජ්ජාවක් එක්ක වැඩිමහල් දෙදෙනාගේ මුහුණ දෙස බැලුවා.

"Zhan...තාත්තේ මට සමාවෙන්න මම මෝඩයෙක් වගේ හැසිරුණාට."

"ඒකට කමක් නැහැ. පැටියෝ ඔයා සතුටෙන්නම් මම සතුටෙන්. ඔයාගේ අම්මත් දැන් ඔයා දිහා බලලා සතුටු වෙනවා ඇති."

Yibo ආදරයෙන් තම පියාව වැළඳගෙන සමාව ඉල්ලමින් ටික වෙලාවක් ඇඬුවේය.

"ඉතින් love birds ඔයාලා දෙන්නා කතා කරන්න. මම යනවා මට වැඩ ගොඩක් තියෙනවා. Zhan මේ කාමරේ soundproof හැබැයි මතක ඇතුව දොර ලොක් කරන්න. අහ්...මගේ කොල්ලට ඇවිදින්න නම් බැරි කරන්න එපා"

Mr Wang, Zhan දෙසට ඇසක් ඉඟිමරා රතුවෙමින් සිටි Yibo ව සහ පුටුවෙන් බිමට වැටී මහා හඬින් සිනාවෙමින් සිටී Zhan ගෙන් ඉවතට ඇවිද ගියේය.

"තාත්තේ ඔයා????ඔයා???"

"ඔහ් ඉතින් ඔයාගේ කැත, කලු වයසක ඇන්ටි කෝ? මට එහෙම කිවුවට මම ඔයාට දඬුවමක් දෙන්නද? මට ඉහලින්ම අවසර ලැබුණා ඕනි දේකට."

"Zhan ge.....ඔයා? ඔයා? ඔයාව මම ඉතුරු කරන්නේ නැහැ. එන්න එපා මගේ ළඟට යන්න...යන්න....මම තාම ඔයාට සමාව දුන්නෙ නැහැ "

Zhan සිනාසෙමින් ගොස් Yibo ගේ අත් දෙකෙන් අල්ලා තමන් ළඟට ඇදලා ගත්තා. ඔහු බාලයාව ආදරයෙන් තම තුරුලට ගෙන ලොකු සුසුමක් පිට කරා.

"මම සමාවෙන්න මගේ puppy මම ආයේ කවදාවත් ඔයාව අඬවන්නෙ නැහැ. මම ඔයාට විතරයි ආදරේ, මට ඔයාව විතරයි ඕනි. ඒ වගේම මම ඔයාගේ අකමැත්තෙන් කිසිම දවසක ඔයාගේ ඇඟට අත තියන්නේ නැහැ. ඔයා තාම පුංචි මම ඔයා ලෑස්ති වෙනකන් ඔයාට මේ මුලු ලෝකෙම කාලය උනත් දෙනවා"

"Thank you so much gege."

"Bobo?"

"හ්ම්...?"

"මට ඔයාව kiss කරන්න පුලුවන්ද?"

Yibo සිනහවෙන්නට පටන් ගත්තේය. ඒත් ඒ මොහොතේම ඔහුගේ මුව වැසී ගියේ මෘදු ලවන්පත් සඟලක් ඔහුගේ දෙතොල ආක්‍රමනය කල නිසයි. මොහොතකට පසුව Zhan සිප ගැනීම බිඳ දමා Yibo දෙස බැලුවේය.

"Zhan?"

"හ්ම්...?"

"I love you"

"I love you too my baby puppy"

සිනාසුනු Yibo තවමත් තම සිතට මදි වුනු අනෙක් දෙතොල්වල රසය විඳීමට Zhan ගේ සිහින් දෙතොලට බර විය.






නිමි

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

*****ඉතින් ඔයාලා මේක ගැන හිතන්නේ මොකක්ද? කතාව හොඳයිද guys? අහ්...මටනම් හරිම බොළඳයි වගේ😅ඔයාලාට මේකෙන් සතුටක් දැනුනානම් අදහස් කියලා comments|vote දාන්න අමතක කරන්න එපා.*****

Continue Reading

You'll Also Like

43.8K 5.6K 29
කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල
1K 152 12
අසම්මතයකත් අසම්මත කතාවක් , . . . . . . . . . . . වේවිදෝ ...............
32.5K 698 8
Abby always favorited Maddie until one surprising day...
1M 39.8K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...