JUST FRIENDS 🤷 [ COMPLETED ]

By JinNu97

13.2K 3.6K 2K

"කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙය... More

Intro ✌️
1st Chapter ✌️
2nd Chapter ✌️
3rd Chapter ✌️
4th Chapter ✌️
5th Chapter ✌️
6th Chapter ✌️
7 th Chapter ✌️
8th Chapter ✌️
9th Chapter ✌️
10th Chapter ✌️
11th Chapter ✌️
12th Chapter ✌️
13th Chapter ✌️
14th Chapter ✌️
15th Chapter ✌️
17th Chapter ✌️
18th Chapter ✌️
19th Chapter ✌️
20th Chapter ✌️
21th Chapter ✌️
22th Chapter ✌️
Final Chapter ✌️
Postscript ✌️

16th Chapter✌️

412 134 179
By JinNu97

📞 " මින්හා.. එළියට එනවා.. "

📞 " සොම්බේ මේ වෙලාවේ එන්නේ කොහොමද ? "

📞 " කීවම අහලා එනවා.. ඒක ගැන මං බලා ගන්නම්... "

📱🔇

මින්හා හෝබීගේ කේන්තිය දන්න නිසාම ඇදුමක් දාලා පොඩ්ඩක් හැඩ වෙලා හිමින් සැරේ හොරෙන් හොස්ටල් එකෙන් එළියට ආවා.. ඒත් ගේට් එක ගාවදිම හොස්ටල් එකේ සික්‍යුරිටි මින්හාව නවත්ත ගත්ත නිසා හෝබීට ආයෙත් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ කේන්තිය වැඩිවීගෙන ආවා...

🔊🔊🔊🔊🔊🔊

හෝබී සික්‍යුරිටි මින්හාට ලං වෙනවත් එක්කම කාර් එකෙ හොන් එක දෙතුන් පාරක් ගහලා හෙඩ් ලයිඩ් එක ගැහුවා... සික්‍යුරිටි මින්හා දිහා බලලා ආයෙත් කාර් එක දිහා ඇස් පොඩි කරලා බලලා කාර් එක ලගට දුවගෙන ගියා.. මින්හාත් ඒ නිසා කාර් එක ලගින් ඇවිත් හිට ගත්තේ ඒ එක්කමයි...සික්‍යුරිටි ලගට එනවත් එක්කම හොබී ශටර් එක පාත් කරලා සික්‍යුරිටි දිහා රවලා බැලුවා...

" ඇයි.. මොකද්ද වෙන්න ඕනේ? "

" සර්..සර්.. මං දැනන් හිටියේ නෑ... "

සික්‍යුරිටි හෝබීට දෙතුන් පාරක් ඔලුව නවලා අත් දෙක බැදගෙන පස්සට වුනා...හොබී එයාගේ පැත්තේ ශටර් එක උස්සලා මින්හා හිටිය පැත්තේ ශටර් එක පාත් කලේ කෙල්ල තවම කාර් එකට නගින් නැතුව එළියට වෙලා හිටගෙන හිටිය නිසයි..

" උස්සලා දා ගන්නකම්ද බලන් ඉන්නේ?.. නගිනවා.. "

හෝබී කියනවත් එක්කම මින්හා කාර් එකට නැගලා ශීට් බෙල්ට් එකත් දාන් අත් දෙක කකුල් දෙක උඩින් තියන් බිම බලා ගත්තා.. හෝබී වචනයක්වත් නොකියා කෙලින්ම ගියේ එයාගේ එපාර්ට්මන්ට් එකට..... කෙල්ලත් මුකුත් අහන් නැතුව ඔහේ වැනී වැනී වට පිටේ බල බල එපාර්ට්මන්ට් එක ඇතුලට ගියා... හෝබී කෙල්ලට ඇතුලට යන්න කියලා නැවතුනේ එයාගේ ගාර්ඩ්ලට කතා කරන්න....

" කවුරු හරි වටේ කැරකෙනවද කියලා ඇහැ ගහන් ඉන්නවා.. 🤨 "

* දේ.. සර්.. *

හෝබි කට්ටියට කියලා ගේ ඇතුලට ඇවිත් කෝර්ට් එක ගලවන්න කියලා හදද්දී දැක්කේ එපාර්ට්මන්ට් එකෙන් එළිය පෙන්න තිබ්බ ග්ලාස් එක ගාවට වෙලා කෙල්ල හන් ගග දිහා බලන් ඉන්න හැටි...හෝබී ලාවට හිනා වෙලා ආයෙත් කෝර්ට් එක ගලවලා ගද්දීම මෙච්චර වෙලා ලේ එක්ක අතට ඇලිලා තිබ්බ ලේන්සුව ගැලවිලා ගිහින් තුවාලේ ලේ අලුත් වෙලා බිමට බේරිලා වැටුනා...

" ආයිෂ්. 😖.. ශිට්.. "

හෝබී එක පාරට ආව වේදනාව නිසාම අත දෙතුම් පාරක් ගසද්දී ලේ හැමතැනම විසි වෙලා යන හැටි මින්හා දැක්කා...

" සොම්බේ ... 😟 ඔයාගේ අත.. "

මින්හා ළගට ඇවිත් හෝබීගේ අත අල්ල ගත්තත් හෝබී මින්හාගේ අත අයින් කරලා දාලා යන්න හැරුනා...

" ඔප්පා... 😑 "

මින්හා එක පාරට හෝබීගේ ශර්ට් එකෙන් අල්ලා නැවැත්තුව නිසා හොබී ගැස්සිලා ආයෙත් මින්හා දිහා බැලුවේ පළවෙනි පාරට කෙල්ල හෝබීට ඔප්පා කියලා කතා කල නිසයි...

" ඔයා පිට අයට කොච්චර චන්ඩියෙක් වුනත් මට කමක් නෑ.. ඒත් ඔයා මගේ නම්ජා චින්ගුනේ. ඔයාමනේ කීවේ ඔයාව ඈත් කරන්න එපා කියලා.. පහුගිය දවස් වල වුන දේවල් වලට සමාවෙන්න.. මට මේ දේවල් අලුත් නිසයි එහෙම වුනේ.. ඒත් තව එහෙම ඉන්න ඕනේ නෑ.. ඒ නිසා දැන් වචනයක්වත් නොකියා ඔයා මෙතනින් වාඩි වෙන්න.. "

මින්හා හෝබී දිහා නොබලම කියලා හොබිගෙ අතින් අල්ලලා එක්ක ඇවිත් සෝෆා එකෙන් වාඩි කෙරෙව්වා...

"First ist Aid Box එක කොහෙද?"

හෝබී අතින් First Aid Box එක තියෙන තැන පෙන්නුවා.. මින්හා ඇස් වල කදුලු පු‍රවන්ම ගිහින් බොක්ස් එක අරන් ඇවිත් හෝබිගේ අත ඇදලා අරන් ලේ ගැවෙන එක ගැනවත් නොහිතා ඔඩොක්කුවෙ තියන් බෙහෙත් දාන්න ගත්තා .

"කටනම් තියෙනවා මහා ලොකුවට. හැම වෙලේම මට කෑගහා ගහා ඉන්න විතරයි දන්නේ නැට්ට ගිනි අරන්.. පොඩි බබෙක්ද තුවාල කර ගන්න.. අහ්හ්.. කාට හරි චන්ඩිකම් පෙන්වන්න යන්න ඇති.. ඒකනේ .. ඇයි දෙයියනේ බෙහෙත් දා ගන්න බැරිද?.. මහ ලොකුවට සල්ලි වලින් රටම ගන්න කතාව.. බෙහෙත් ටිකක් දා ගන්න බෑ.. දැන් කොච්චර වෙලාවක් වෙනවා ඇත්ද ඕක වෙලා.. අර ලේස්නුවත් ලේ වලින්ම තෙත් වෙලා.. ( හොටු උඩට ඇදලා කදුලු පිහදාන ගමන් ) ... මට පොඩි තුවාලයක් වුනා කියලා එදා නැටුවේ.. එයාට මෙහෙම තුවාල කර ගත්තම මට රිදෙන් නෑනේ.. "

මින්හා සැරින් සැරේ ඇස් වලින් එන කදුලු පිහද පිහද බෙහෙත් දාන දිහා හෝබී බලන් හිටියේ හිනා වෙවී..

" කෝ දෙන්න මං කර ගන්නම්...ඔයා අඩලා ඉවර වෙන්නකෝ.. "

" පණ්ඩිත නොවී ඉන්නවද?.. කටවහන්.. "

" ආව්... 😫 "

හෝබී අත අරන් බෙහෙත් දා ගන්න යද්දි මින්හා හෝබීගේ අතට එකක් ගහලා ආයෙත් බෙහෙත් දාන්න ගත්තා..

කොහොම හරි කෙල්ල බෙහෙත් ටික දාලා ඉවර වෙලා ලේ ගැවුන පුලුවන් ගෝස් කෑලී ටික අරන් ඩස්බින් එකට දාලා වතුර වීදුරුවකුත් අරන් ඇවිත් පේන්කිලර්ස් දෙකකුත් අරන් හෝබීට බොන්න දුන්නා.. හෝබී හිනාව තද කරන් බෙහෙත් ටික බීලා වතුර වීදුරුව ආයෙත් මින්හාට දුන්නම මින්හා වීදුරුව ටේබල් එකෙන් තියලා යන්න නැගිට්ටා...

" මං යනවා... "

" කොහේ යන්නද..මෙන්න මෙහේ ඉන්න.. "

හෝබී ආයෙත් මින්හාගේ අතින් ඇදලා අරන් සෝෆා එකෙන් ඉන්දවලා කෙල්ල ඇස්පිල්ලම් ගහන්නත් කලින් හෝබී මින්හාගේ මූණ පෙන්න කෙල්ලගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා...

" සො...ම්...බේ... 😳 "

" වෙහ්හ්... දැන් කියෙව්වේ.. ඈත් වෙන් නෑ කියලා.. අම්මෝ මං දන් නෑනේ මගේ කෙල්ල චැටර් බොක්ස් එකක් කියලා.. එක හුස්මට වචන කීයක් කියන් ගියාද ආ. "

" 😒😒😒 "

" මට තුවාල වුනාම ඔයාටත් රිදෙනවද? 😌 ඒ ඇයි.. "

" ආදරේ නිසානේ. 😒 ( රහසින් වගේ) "

" ම්වෝ?.. මට ඇහුන් නෑ.. 🙂 ".

" ආදරේ....නිසාආආඅ. 😒 "

මින්හා හෝබීගේ පපුවට එක්ක ගහලා ටිකක් හයියෙන් කීවා.. ඒ එක්කම හෝබී මින්හා අත ගන්න කලින් කෙල්ලගේ අත අල්ලන් පපුවට තද කර ගත්තා....

" මට එච්චර ආදරේද? 🙂 "

" ම්ම්ම්.. 😒 "

" කවදා ඉදන්ද මට ආදරේ කරන්න ගත්තේ? "

" දන් නෑ. 😒 ඕක මතක තියන් ඉන්න පුලුවන්ද?.. "

" ම්වෝ?... 😒 මාව වටින් නෑනේ ඒ කියන්නේ.. එහෙනම් මට මේ බෙහෙත් ඕනෙත් නෑ.. "

හෝබී බොරුවට කෙල්ලව අවුස්සන්න හිතන් තුවාලෙට දැම්ම බෙහෙත් ගලවන්න ලෑස්ති වුනා...

" ආඅ.. පිස්සුද?.. මොනවද කරන්නේ.. මට මතකයි .. හැදේම මතකයි... සොම්බේ මාත් එක්ක කතා කරන්න ගත්ත දවසේ ඉදන් මං සොම්බේ ගැන හිතුවා.. ඒ කාලේ ආදරේ නොකලත් කැමැත්තක් තිබ්බා...එහෙම එහෙම ටික ටික ඒක ආදරයක් වුනා.. 😢 දන්නවද ඔයා ඊයේ බැන්නම පුදුම දුකක් දැනුනා.. මං ඔම්මා අප්පාගෙන් ලැබුන් නැති ආදරේ සොම්බේ ගෙන් ලැබෙනවා කියලා දැනුනා. ඒත් ඊයේ එහෙම බැන්නම.. 😔 ...."

හෝබී මින්හාගේ අතින් අල්ලන්ම සෝෆා එකේ ඉදගෙන අනිත් අතින් කෙල්ලගේ මූන අල්ල ගත්තා... මින්හාගේ කම්මුල දිගේ බේරිලා ගිය කදුලු හෝබී හිමීට ඇගිල්ලක් පිහිදැම්මා..

" මියන්හේ .. ම්ම්.. ආයේ එහෙම මං බනින් නෑ.. මට කේන්ති ගියා.. අරූ කල දේට.. ඔයා දන්නවනේ..මං කැමති නෑ මගෙ දේවල් වෙන වුන් අල්ලනවට. "

" මං කැමැත්තකින් නෙවේ ඕවා ඉවසන්නේ.. 😢 මං අනාතයෙක්. මට එන කරදර වලට මූණ දෙන්න මගේ හිත ගලක් කරන් ඒ වගේ පොඩි පොඩි දේවල් ඉවසන්න ඕනේ.. නැත්නම් ඒ අය මාව දකින්නේ අසරණයෙක් විදිහට.. එතකොට එයාලා මට තව කරදර කරනවා..."

" ඔයා තවත් අනාතයෙක් නෙවේ... අනික ඒ වචනේ ආයේ මට ඇහෙන්න කියන්න එපා මැනික.. ඔයාට මං ඉන්නවා. මගේ පවුලේ අය ඉන්නවා...මං ඉක්මනට ඔයාව මගේ ලගට ගන්නවා.. ම්ම්ම් එතකන් ඉවසන් ඉන්න "

මින්හා ඇස් වල තිබ්බ කදුලු එක්කම හෝබි දිහා බලන් ඉද්දී හෝබීගේ ඇස් ගියේ කෙල්ලගේ රෝස පාටට අඩපු නිසා වෙව්ලන තොල් වලට...එක් තත්පරෙන් හෝබී එයාගේ තොල් වලින් මින්හාගේ තොල් අල්ල ගත්තා... හෝබී එයාගේ අතක් මින්හාගේ බෙල්ල පිටිපස්සට යවලා කෙල්ලව තවත් ලං කරන් මාරුවෙන් මාරුවට ඒ තොල් තෙත් කරන ගත්තේ උතුරලා යන ආදරේකින්... මින්හාත් තමන්ගේ අත් හෝබිගේ කර වටේ යවලා හෝබීට අවනත වෙද්දී කොල්ලට තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා... සියුම්ම පටන් ගත්ත සිපගැනීම ටික ටික රලු වෙද්දී හෝබී වේගෙන් හුස්ම පිට කරමින් මින්ගේ තොල් සිපගත්තේ පුංචී සැපීම් පාරවල් එක්කමයි.. මින්හාගේ සිහින් කෙදිරිලි හඩත් එක්ක හෝබීගේ හැගීම් ටික ටික ඇවිස්සෙද්දී හෝබී මින්හාව උස්සලා අරන් එයාගේ ඔඩොක්කුවෙන් තියා ගත්තේ කෙල්ලගේ කකුල් දෙපැත්තට හිටින විදිහට... හෝබී ටිකින් ටික මින්හාගේ තොල් වලින් මිදිලා සිපගැනීම පුංචි සැපීම් එක්ක කෙමෙන් කෙමෙන් කෙල්ලගේ බෙල්ල දිහාට යද්දී මෙච්චර වෙලා හැගීම් වලින් මොහොතකට අතරමන් වෙලා හිටිය කෙල්ල එක පාරට ගැස්සිලා වගේ පියවි සිහියට ඇවිත් හෝබීගේ ඔඩොක්කුවෙන් නැගිටලා උඩින් පැනලා ගිහින් සෝෆා එකේ කෙලවරට ගුලි වුනා...

මෙච්චර වෙලා මින්හගේ උණුසුම නිසා තමන්ව වෙනම ලෝකේක අතරමන් වෙලා හිටිය හොබී මින්හා නැගිටලා යනවත් එක්කම තමන් සිමාවෙන් පිට ගියා කියලා තෙරුන නිසාම ඉද්ද ගැහුවා වගේ සෝෆා එකෙන් නැගිටලා අතේ ඇගිලි කොන්ඩේ අතර යවන ගමන් අහක බලන් තොල් දෙක හපා ගත්තා...

" අහ්.. මියන් ... මින්හා.. මට ....මට සමාවෙන්න ... 😑 මට.. මාව කන්ට්‍රෝල් කර ගන්න බැරි වුනා. "

හෝබී දෙන්නගේ නිහැඩියාව බිදලා එහෙම කියලා ගියේ ගලවපු කෝර්ට් එක අතට ගන්න..

" යන්.. මං ඔයාව ගිහින් දාන්නම්.. "

හෝබි එහෙම කියනවත් එක්කම මින්හා හොබිගේ අතින් අල්ලන් බිම බලා ගෙන එපා කියන්න ඔලුව දෙපැත්තට වැනුවා..

" කමක් නැ.. ( හෝබී දිහා හිමීට ඔලුව උස්සලා බලන් ගමන්.. )... එන්න.. මෙතනින් වාඩි වෙන්නකෝ.. ( හෝබීව ආයෙත් සෝෆා එකෙන් වාඩි කරවලා..)... මෙතනින් ඔලුව තියා ගන්න.. ( අතින් මින්හාගේ ඔඩොක්කුව පෙන්වන ගමන්.).. "

හොබී ලස්සන හිනාවකින් මින්හා දිහා බලලා ලැබුන අවසරෙන් ආයෙත් ඇවිත් මින්හාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියා ගත්තා....මින්හා හෝබී දිහා ආදරෙන් බලන් ඉදලා එයාගේ ඇගිලි හෝබීගේ කෙස් අතරින් තාලෙට අරගෙන යද්දී හෝබී ඒ සනීපෙටම ඇස් පියා ගත්තා...

" ඇයි මට ඔච්චර ආදරේ කරන්නේ ඔප්පා?"

" මට ආදරේ ඕන නිසා... "

හෝබී කීවේ ඇස් දෙක පියාගෙනමයි...

" මං කරන වැඩත් එක්ක මට හැමවෙලේම ඉන්න වෙන්නේ කේන්තියෙන්. ඒත් මට ඔයාව දැක්කම හිතට සහනයක් දැනෙනවා.. මට තේරෙන විදිහට මගෙ සතුට තියෙන්නේ ඔයා ලග.. "

" සරන්ග්හේ ... ඔප්පා.. "

" නාදෝ .. මගේ පන.. "

හෝබී ඇස් වහන්ම කියද්දී මින්හා හෝබිගේ තොල් වලට ඉක්මන් සිපගැනීමක් දීලා අහක බලාගද්දී හෝබී එහෙන්ම ඉදන් හිනා වුනේ කෙල්ලගේ කෝලම් වලට ආදරේ හිතෙන නිසයි.....

-----------------------------------

Meanwhile

" ඒ යුංගියා... එහාට පලයන්කෝ..😩 මයේ සිරි යහන වනසන් නැතුව.. දැන් උබ දවස් දෙකක් මෙහේ ඉදන් මට වද දෙන්නේ ඇයි කියපන්කෝ. "

" මං දන් නෑ... මට ඉන්න දීපන් මෙහෙම.. 😪 "

යුංගී එදා සිද්ද වුන සිද්දියෙන් පස්සෙ කෙලින්ම ආවේ ජින්ව හොයන්.. මුකුත්ම නොකියා යුංගී ජින්ට කීවේ ටික දවසට එයා එක්ක ඉන්න දෙන්න කියලා...ජින් යුංගිගෙන් මුකුත්ම අහන් නැතුව කොල්ලාව තියා ගත්තේ කොහොමත් ඔයවගේ දේවල් සාමාන්‍යයෙන් යාලුවෝ අතර වෙන නිසයි....ඒ දවස් දෙක පුරාම ජින් ඩිසයින් වැඩත් එක්ක බිසී වෙලා හිටිය නිසා හරියට යුංගී එක්ක කතා කරන්න තියා නිදා ගන්නවත් වුනේ නෑ... වැඩ ටික ඉවර වෙලා නිදහසේ පොඩි නින්දක් දානවා කියලා හිතන් ගෙදර ඇවිත් වොශ් දාලා එද්දිම දැක්කේ යුංගී ජින්ගේ බෙඩ් එකේ හතර ගාතේ දාලා නිදන් ඉන්න විදිහ...

" පලකෝ එහාට.. 😩... මට නිදාගන්න ඕනේ.. මයේ ඇසුත් යට ගිහින් නිදිමරලා.. කොහොම ඉදිය කොල්ලෙක්ද දෙයියනේ මං... "

ජින් යුංගිගේ පස්සට කකුලෙන් ගහන ගමන් ටිකක් එහාට කරලා යුංගී ලගින් හාන්සි වෙලා කණ්නාඩිය අතට අරන් මූණ බලන්න ගත්තා...

" 😪 මට ඉදලා වැඩක් නෑ ජිනා... 😭 අහ් මං මහා මෝඩයෙක්... කිසි දෙයක් කරගන්න බෑ හරියට... "

යුංගී කොට්ටේත් හප හප අඩන්න ගත්තේ ජින්ගේ මූන අතගාන ගමන්...

" එහාට ගනින් ඔය අත.. 😩 මොකද වුනේ කියපන්කෝ... "

" මාව අහු වුනා....😭 උබ කියන එක හරි.. මං උපතින්ම මෝඩයෙක්.. "

" 😂😂 ( අර ජින් හැක්ක හැක ගගා දාන හිනාව ) "

" 😭😭😭 ආඅ ඔම්මාඅ... ඔව් හිනා වෙයන්.. තව හිනා වෙයන්.. මාව හැමොටම විහිලුවක් .... එච්චර දෙයක් වෙලා මට බැන්නෙත් නෑ... මාව මෝඩයෙක් වගේ පේනෝද දන්නෑ... කෝ ඕක දියන්. ( ජින්ගෙන් කණ්නාඩිය උදුරලා අරන් මූණ බලලා )..හෑආආආආ 😭😭😭 ඔව් ඒ වගේ තමයි... මට බැ... "

යුංගී ජින්ට කන්නාඩිය දීලා ආයෙත් කොට්ටේ අස්සේ මූන ඔබන් අඩන්න ගත්තා...

" මොකද්ද වුනේ කියපන්කෝ.. කෙල්ලෙක් වගේ අඩන්නේ.. "

යුංගී ඒ ක්ෂණිකව බෙඩ් එකේ ඉදන් කකුල් දෙකත් එරමිණියා ඔතාගෙන කතාවට ලෑස්ති වුනා...

" අහපන්කෝ... මේකයි වුනේ... "

.
.
.
.

යුංගී අකුරක් නෑර ජින්ට කියද්දී ජින් ඒවා අහන් හිටියේ කටත් ඇරන්....

" ම්... උබ කියන්නේ උබට ඒ photo එකත් එක්ක සම්බන්ධයක් තියේ කියලද?.. "

" කියන්න බෑ..ඒත් මොනාම හරි අමුත්තක් තියෙනවා.ලොක්කා මට වචනයක්වත් කීවේ නෑනේ බන්... "

" කෝ දැන ඒ photo එක.. "

" ජන්ග්කුක් ට දුන්නා.. මිනිහා එයාගේ අප්පාගෙන් අහලා බලන්නම් කීවා.. "

" ශුවර් ද?.. ඉතින් උබ ඕක උබ හිටියෙ ළමා නිවාසේ මේට්‍රන්ගෙන් අහලා බලපන්කෝ.. "

" එයා මට මුකුත් කියන් නෑ.. ඒ ඇයි කියන්න මං දන් නෑ.. එහෙනම් මාව එහෙට යවන් නෑනේ බන්... එදාම කියනවනේ. 😒 "

" ම්ම්.. ඒකත් ඇත්ත.. 🤔 අර කුකා අහලද දන් නෑ.. උබ ඇහුවේ නැත්ද උගෙන්?.. "

" අහන්න මං කොලේජ් යන්න එපැයි.. 🙂 "

" 🙂 ... ඔහොම ඉදපන්.. "..

ජින් එක පාරට යුංගිගේ ඇගට පැනලා කකුල් දෙකෙන් යුංගිව තද කරන් යුංගිගෙ පස්සට ගහන්න ගත්තා...

" ඉන්න දීපන් යකෝ.. 😩 ඔම්මාආආආආආආආආ...... මෙන්න මට අතවර කරනවා.... "

" මං හරියට තවම අතවර කලේ නෑ උබට.. 🙂 මං බැලුවේ උබේ මොලේ පස්සෙද තියෙන්නේ කියලා.. උබ ඔහොම මෝඩයෙක් වගේ අඩ අඩ ඉද්දී කොහොමද ඕක ගැන හොයා ගන්නේ... "

" මං ලැජ්ජාවෙන් හිටියේ 🙂 මං ගැනම.. උබට තේරෙයි හොර වැඩක් කරලා අහු වුනානම්.. 😩 "

" හරි හරි හෙට ගිහින් බලපන්කෝ.. "

" දේ 🙂 "

" ඒ උංගියා.. 😗😗😗 "

" ආයිෂ්... 😩 මං යනවා ..ඔම්ම්මාආආආඅ..... මං යනවා.. මූ මට ඉන්න දෙන් නෑ... 😒 සික්.. කාම විකෘතිකයා... "

" 🙂🙂🙂"

යුංගි බැන බැනම ජින්ව එහාට දාලා බෑග් එකත් අරන් එයා නැවතිලා හිටිය ඇනෙක්ස් එකට ගියා..

-----------------------------------------------------------------

Next Day Morning .....

🔔🔔🔔🔔

උදේ පාන්දරම ඇනෙක්ස් එකේ බෙල් එක ගහන සද්දේ ඇහුන නිසා කට දෙපැත්තේ බේරිලා තිබ්බ කෙලත් පිහිදදාම ඔලුවත් අතකින් කස කස යුංගී ඈස් දෙකවත් අරින් නැතුව ගිහින් දොර ඇරියේ ආව කෙනාගේ හත් මුතු පරම්පරාවටම බැන බැනමයි...

" 😑😑 කවුද..?"

" මේ මං.. "

" කවුද මං ? 😑 "

" ඇස් දෙක ඇරලා බලන්නකෝ.. එතකොට පෙනෙයි.. අනේ ඇත්තට ඉගෙන ගන්න කොල්ලෙක්ද මේ අහ්හ්. "

කලින් දවසේ මිස්ට ජොන්ග්ට වුන පොරොන්දුව නිසාම දොන්ග් මින් උදේ පාන්දරම යුංගී නැවතිලා ඉන්න තැනට හොයාගෙන ආවා.. යුංගී උදේම පෙරේතයෙක් ගහලා වගේ ඇවිත් දොර අරිද්දී ආජුස්සීට හිනා ගියත් කොල්ලගේ හැටි දන්න නිසාම හොද පාරක් පිට හරහා දීලා ගේ ඇතුලට ගියේ බලෙන්මයි...

" 😩 ආ ... ආජුස්සී .... "

" ඔව් ආජුස්සී තමා... බලනවා මෙතන හැටි... අම්බලමක් වගේ.. "

" කොල්ලා තනියෙම ඉද්දී කැටයම් මොකටද 🙂 "

" 🤨🤨🤨 "

" ආ ආඅ.... ගහන්න එපා.. 😩 හරි හරි ඉතින්... දැන් ඇයි ආජුස්සී උදේම මාව කන්න ආවේ.. "

" මහත්තයා ඔයාව හොයනවා... යන්න ගිහින් හම්බෙන්න ... 🤨 "

" මට බෑ..😒.. "

" ඇයි බැරි "

" මට ලැජ්ජයි 😩 මං කෝමෙයි ආයේ ඇදුමක් ඇදන් එයා ගාවට යන්නේ.. "

" ඒක මං දන්නෑ. කොහොම හරි හවසට එන්න.. මහත්තයාට ඊයේ අසනීපත් වුනා.. ",

" වෙහ්. 😒 මොකද වුනේ?"

" ඇවිත්ම බලන්න.. මහත්තයාට මොනා හරි වුනොත් ඔන්න මං දන් නෑ යුංගිට තමයි වග කියන්න වෙන්නේ.. 🙂 "

ආජුස්සී එහෙම කීවේ යුංගිව බය කරන්න හිතාගෙන...

" 😩 ඇයි අහිංසක මටම මෙහෙම වෙන්නෙ.... හරි හරි.. මං එන්නම් 😒 දැන් ආජුස්සී යන්න.. මං කොලේජ් යන්න ඕනේ.. කොල්ලා බීසී දැන් 😌 "

" දේ... දේ.. 🤨 මට පේනව... ආ මේක කන්න.. කාලා කොලේජ් යන්න.. "

ආජුස්සී කෑම පෙට්ටියක් යුංගිගේ කෑම මේසෙන් තියන ගමන් කියලා යන්න හැරුනා..

" ආජුස්සී ...😭😭 හැනේ... සරන්ග්හේ ....😚😚😚😚 "

යුංගී එකපාරට දුවගෙන ගිහින් ආජුස්සී ගේ කරේ එල්ලිලා කිස් එකකුත් දුන්නේ පොඩි එකෙක් වගේ...

" කෝලම් නොකර හවසට අනිවාර්යයෙන් එන්න... මං යනවා.. "

" පරිස්සමෙන් යන්න මයේ කොල්ලෝ 😭💜️ "

යුංගී ෆින්ගර් හාර්ට් එකක් පෙන්නලා පස්ස නටවලා කියද්දි ආජුස්සී හිනාවෙලා ගෙදර දොරත් වහගෙන එළියට ගියා....

Few Hours Later....

" ඒ ජොන්ජුකුකා... "

" 😒 යහ්.. නම හරියට කියනවා.. "

" හරි හරි කොහොම හරි උබට තේරුනානේ 😌 "

" උබ කොහෙද බන් හිටියේ.. මං මේ දවස් ටිකේම උබව හෙව්වා.. 😒 "

" අහ්.. දන් නැත්ද .. කොල්ල පොඩ්ඩක් බිසී වුනානේ..😌 මේ උබව හම්බෙන්නමයි මං ආවේ.. මගේ වැඩේ මොකෝ.. ".

" එහෙම ලොකු විස්තරයක් හොයා ගන්න බැරි වුනා.. දන්නවනේ අපේ අප්පා ගැන.. නම ගම වයස කවුද කියන්න හොයා ගත්තා 😌 "

" හැහ්හ්.. 🙂 සිරාවට . කියපන්කෝ එහෙනම්. "

"වරෙන්කෝ යන්න..."

ජන්ග්කුක් යුංගිවත් එක්කන් එයාලගේ සුපුරුදු තැනට ගිහින් වාඩි වුනා...

" මෙහෙමයි.. මං එදා උබ දුන්න photo එක අප්පට ගිහින් පෙන්නුවා....
.
.
.
.
.

Two Days Ago.....

" මේක කොහෙන්ද ජන්ග්කුක් ඔයාට? 🤨 "

" අප්පා.. ඔය ඉන්න කෙනා කවුද කියනකෝ.. මං ඉතුරු ටික කියන්නම්.. "

" ම්ම්.. මේ ඉන්නේ හේසූ... 😔 ජොන්ග් ගේ දෙවනි වයිෆ් ... වයිෆ් කිව්වට එයාව මැරි කරලා නෙවේ හිටියේ .....

( හේසු මෙයා කියලා හිතා ගන්න ළමයි 😗💜️ Park So-Dam ව ගත්තේ ඉතින් තේරෙනෝනේ හේතුව... 🙂 )
.
.
.
.
.
.
.
.
.

( මේ කවර් එක මයේ හම්බාවා ඕතර් නිම්ගෙන් 🙂💜️ _nim_nim_ කොමාවෝ හම්බේ.. 😭 ආදරෙයි...)

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

හේසූ දැන් කොහෙද දන් නෑනේ..?.. 🙄

ළමයි මං මේ කතාව 🔞 දාලා ඒ සිද්දී ඒ රාමුවට කොටු කරන් නෑ.. මොකද ආදරේදී ඒ දේවල් සාමාන්‍ය නිසා. 😌

ඉතින් ළමයි 🙂 ප්‍රස්න වැලක් ප්‍රින්ට් වෙනෝ වගේද.. මගෙත් එහෙමයි.. ක්වෙන්චනා ..😗 හිමීට ඔක්කොම විසදෙයි..ඕකේ බායි...

Borahae 💜️

Continue Reading

You'll Also Like

25.5K 3.7K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
5.9K 1.5K 10
මිනිස් ලොවෙහි පැවැත්ම හින වන යුගයක , මිනිසුන් වෙනුවෙන් උපත් ලැබූ තරුණයින් සත් දෙනෙක්.... දක්ශ මායාකරුවෙක් මිය නොයන වැම්පයර් වරයෙක් අදුරේ බලවත් ඩිමොන්...
1.7M 105K 49
" ရေစက်မပြတ်လို့ တစ်ပတ်ပြန်လည်လာတဲ့ သံသရာဟာ သံသယနဲ့ အစပြုရတာမျိုးတော့ ဘယ်တော့မှမဖြစ်စေချင်ပါ ။ ချစ်ခြင်းအားဖြင့် တစ်ခါလောက်တော့ ငြိမ်းချမ်းချင်မိပါ...
19.4K 3.1K 12
හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ...