JUST FRIENDS 🤷 [ COMPLETED ]

By JinNu97

13.1K 3.6K 2K

"කවදාවත් හිතෙන් ආදරේ කරන්න එපා .. ඒක ආදරේ කරලා අහිමිවෙනවට වඩා වේදනාවක්... "🥀 මං මින් යුංගි.. යාලුකමයි ආදරෙය... More

Intro ✌️
1st Chapter ✌️
2nd Chapter ✌️
3rd Chapter ✌️
4th Chapter ✌️
5th Chapter ✌️
6th Chapter ✌️
7 th Chapter ✌️
8th Chapter ✌️
9th Chapter ✌️
10th Chapter ✌️
11th Chapter ✌️
12th Chapter ✌️
14th Chapter ✌️
15th Chapter ✌️
16th Chapter✌️
17th Chapter ✌️
18th Chapter ✌️
19th Chapter ✌️
20th Chapter ✌️
21th Chapter ✌️
22th Chapter ✌️
Final Chapter ✌️
Postscript ✌️

13th Chapter ✌️

433 137 75
By JinNu97

" මේ.. මේක... "

" මට කිසි දෙයක් කියන්න එපා මින්හා.. "

හෝබි තරහෙන් phone එක කාර් එකේ පිටිපස්සේ ශිට් එකට විසි කරලා මින්හා ගේ පැත්තට වේගෙන් නැබුරු වෙද්දී කෙල්ල බයට කාර් එකේ දොරට හේත්තු වෙලා ඇස් පියා ගත්තා....

හෝබී ලොකු හුස්මක් අරන් මින්හා දිහා බැලුවේ අනුකම්පාවෙන් .. ආදරේ කරන්න පටන් ගත්ත දවසෙම කෙල්ලට දුකක් දෙන්න හෝබිට ඕන වුනේ නෑ.. ඒ නිසාම කේන්තිය පාලනේ කර ගන්න හෝබී ලොකු උත්සහයක් ගත්තා...හෝබිගේ අසනීප තත්වෙත් එක්ක මේ වගේ වෙලාවක කේන්තිය පාලනේ කරගන්නවා කියන්නේ බොහොම අමාරු දෙයක්.. ඒ එක්කම ඔලුවෙන් වේදනාවක් දැනුනත් ඒක ගනන් නොගෙනම හෝබී මින්හාට කතා කලා...

" මේ අහන්න පන.. ( මින්හාගේ අතක් අරන් හෝබිගේ පපුවට තියා ගන්න ගමන් ) මට ඔයා එක්ක තරහක් නෑ. මට කේන්ති අරූ එක්ක.. ඔයාට මාව තව අසරණ කරන්න ඕනේනම් ඔහොම ඌ එක්ක ඉන්න.. ඒත් මතක තියා ගන්න ඒකෙන් ඔය දෙන්නටම විදවන්න වෙයි.. "

" 😔 ඒ දේ වුනේ මගේ කැමැත්තෙන් නෙවේනේ.. අනික. "

" මං දන්නවා. එතන වුන කියපු දේවල් ඇහෙන නැති වුනාට ඒ වෙන දේ තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක් නෙවෙයි මං...ඒත් මොනම දේකින් හරි ඌ අත තිබ්බේ මං ආදරේ කරන කෙල්ලට.. "

" එයා මේ දේවල් මුකුත් දන් නෑ සොම්බේ ... "

"මින්හා ඉනෆ්.. ඕකේ.. මට ඌ ගැන කියන්න එන්න එපා. මං දන්නවා ඌ ඔයාගෙ යාලුවා කියලා.. ඒත් දැන් ඔයා මගෙ කෙල්ල.. මං ඔයාට ආදරේ කරන්න ගත්ත තීරණේ වැරදී තීරණයක් කියලා දැනෙන්න ඉඩ තියන්න එපා මට.. "

" ම්ම්ම් "

" හරි ඕක දැන් අමතක කරන්න. "....

හෝබී මින්හාගේ අත අරන් හරි ආදරෙන් හාදුවකින් තෙත් කලා..මින්හා ඇස් වල කදුලුත් පුරවන් හෝබී දිහා බලන් හිටියේ එයා කල වැරැද්ද ගැන පසුතැවීමකින් ... මොකද හෝබී මින්හාට තිබ්බ ආදරේ නිසා මින්හා දැනටමත් පිස්සු වැටිලා හිටියේ..

" මේ.. මං අරූට දෙකක් අනින්නද? 🙂"

" සොම්බේ 😒 "

" අරස්ස්සෝ 😂 විහිලුවට ඇහුවේ... හැබැයි ඔය ඌ කල දේ පළිය මං මොන වෙලේ හරි ගන්නවා.. 😉 "

" 😳 "

" වෙහ්?.. මට අයිති දේවල් මට විතරයි. "

📲📲📲📲📲

හෝබී මින්හාව අවුස්ස අවුස්ස ඉද්දී හෝබීගේ phone එකට කෝල් එකක් ආවා. කාර් එකේ පිටිපස්සේ ශීට් එකේ තිබ්බ phone එකේ කෝල් එක ආව කෙනාගේ නම බලලා හෝබී ලොකු හුස්මක් පිට කරලා ආයෙත් මින්හා දිහාට හැරුනා..

" කෝලෙ එක ගන් නැත්ද? "

" ම්ම් ඕනේ නෑ.. මට දැන් යන්න වෙනවා මැණික.. මගේ කට්ටිය බලාගෙන ඉන්නේ.. පේනවද පිටිපස්සේ තියෙන ඩිෆෙන්ඩර් දෙක.. "

හෝබී ඇස් වලින් කාර් එකේ සයිඩ් කණ්නාඩි වලින් පේන වාහන දෙක මින්හාට පෙන්නුවා...

" ම්ම් .. එතකොට ඔයා තනියෙම කොහෙවත් යන් නැත්ද? "

" ඒක ටිකක් අමාරු දෙයක්.. මගේ තත්වෙත් එක්ක තරහා කාරයෝ ඉන්න පුලුවන්.. ඒකයි.. දැන් ඔය කෝල් කලෙත් යන් කියන්න. මං එයාලගේ බොස් වුනාට එයාලා කියන එක මට වෙලාවකට අහන්න වෙනවා.. මගේ ආරක්ෂාව ගැන හිතලා.. ඒ නිසා මගේ මැනික දැන් යන්න.. පරිස්සමෙන් .. හරිද?.. මං හෙට කොලේජ් එකේදී හම්බෙන්නම්. "

හෝබී මින්හාගේ නලලට කිස් එකක් දීලා කියද්දී මින්හා හා කියන්න ඔලුව වනලා කාර් එකෙන් බැහැලා ආයෙත් අර වාහන දිහා බලලා හොස්ටල් එකට දුවලා ගියා..

මින්හා හොස්ටල් එක ඇතුලටම යනකම් බලන් ඉදලා හෝබි වාහනේ හරවන් යද්දී ඩිෆෙන්ඩර් දෙක හෝබීගේ වාහනේ දෙපැත්තෙන් ඇවිත් එකක් ඉස්සර කරන් ගිහින් අනික ස්ලෝ කරන් පිටිපස්සට ගියේ හරියටම වාහන දෙකට හෝබිගේ වාහනේ මැදිවෙන විදිහට..

Earbuds දෙක ගහන් හෝබී කලින් ආව නම්බර් එක ඩයල් කලා..

" මොකද උනේ? "

* බොස් NIS එකෙන් ඇහැ ගහන් වගේ ඉන්නේ. *

" සැක හිතෙන දෙයක් වුනාද? "

* දේ.. බොස් අර ගර්ල් එක්ක ඉද්දී ඒ පාරේ මිනිස්සු දෙන්නෙක් ගියා.. *

" ඔව් මාත් දැක්කා.. "

* ඒ එක්කෙන්ක් බොස්ගේ වාහනේ ඉස්සර කරන් ගිහින් ටික දුරක් ගිහින් පිටිපස්ස බලද්දී අනිත් මින්හා ඒ මිනිහා දිහා බලලා එතනින් ගියා... අපි හිටිය තැන එක්ක ඒ මිනිහා හිතන් නැතුව ඇති බොස් ගාර්ඩ් එක එක්ක ආවා කියලා.. මට පොඩි සැකයක් ආව නිසායි බොස්ට කෝල් කලේ.. *

" ම්.. කොහොමත් මුන් දැන් මං යන එන හැම තැනම ඇහැ ගහන් ඉදී.. හරී.. අද වැඩේ අපි ටිකක් කල් දාමූ.. බඩු ටික හෙට චෙක් කරමු... මං දැන් ගෙදර යනවා. "

හෝබී කෝල් එක කට් කරලා ඉස්සරහින් ගිය ඩිෆෙන්ඩර් එක පහු කරලා වේගෙන් කාර් එක අරන් ගියේ පාරේ යන වාහන ගැනවත් ගනන් නොගෙනයි...

-----------------------------------------------------------------

Next Day Morning ....

" දොන්ග් මින්... මගේ රූම් එකට කවුරු හරි ආවද? "

" නෑ මහත්තයා .. ඇයි? "

" අනී.. මේ මේසේ උඩ තිබ්බ photo එක නැහෑ.. "

" මහත්තයා කියන්නේ.. අර මහත්තයා හැම වෙලේම බලන එකද? "

" දේ... දොන්ග් මින් ඒක ගත්තද? "

" අනේ මං ඇයි මහත්තයා ඒක ගන්නේ? "

" පුතාවත් ආවද මේ පැත්තට?.. එක්කෝ සූබී? "

" අනි මහත්තයා .. ඒ දෙන්නම ඒ දෙන්නගේ වැඩ නේ.. ඒක ඔය කොහෙට හරි වෙලා ඇති .මං හොයන්නද මහත්තයා .. "

" ම්ම් එපා කමක් නෑ... මං හොයලා බලන්නම් තව.. "

දොන්ග් මින් මිස්ට ජොන්ග් ට ආචර කරලා එතනින් ගියේ බැරෑරුම් මූණක් හදාගෙන..

" ( අර ළමයාවත්.. 🤔 එහෙම වුනානම් මේ වෙද්දී එයා ඒ ගැන මගෙන් අහනවනේ.. ) "

දොන්ග් මින්ට මතක් වුනේ ඊයේ යුංගී එක පාරට අතුරුදහන් වෙලා හොරෙන් හොරෙන් කිචන් එකට ආව හැටියි...ඒත් එහෙම දෙයක් වුනානම් මොනාම හරි දෙයක් යුංගී අහනවා කියලා දොන්ග් මින් දන්න නිසා යුංගිව බොරුවට සැක නොකර ඉන්න හිතාගත්තා...

දොන්ග් මින් රූම් එකෙන් යනකම් ඉදලා ජොන්ග් ටේබල් එක උඩ හොයලා බැරිම තැන පුටුවට බර වුනේ ටේබල් එක උඩ තිබ්බ එයාගේ පව්ලේ පිංතූරේ දීහා බලගෙන.. ටික වෙලාවක් පිංතූරේ දිහා බලාගෙන ඉද්දී ජොන්ග් ට නොදැනිම එයාව එයාගේ අතීතෙට ඇදිලා ගියා..

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

Flashback ...

1989 Seoul

" ඔප්පා .. ඔයා කියන්නේ ඔයාට මාව ඔයාගේ කරගන්න බෑ කියලද? එහෙනම් ඇයි මට ළං වුනේ.. ? තවත් මට මෙහෙම ජීවත් වෙන්න බෑ.. මං තීරණයක් ගන්නවා.. "

"හේසු මං කියන එක අහන්න ළමයෝ.. අපේ අප්පා මේකට කැමති වෙන් නෑ..

" එහෙනම් ඇයි ඔයා මට ළං වුනේ? මං දැන ගත්තා ඔයත් අනිත් පිරිමි වගේමයි කියලා.. "

හේසු. මින් හේසු.. ඒ තමයි මං ආදරේ කල කෙල්ල.. මට සල්ලී තිබ්බා.. බලේ තිබ්බා. අපෙ අප්පා සෝල් වල හොදම බිස්නස්මන් කෙනෙක්.. ඉතින් මට ජීවිතේ කිසි අඩුවක් දැනෙන්න මගේ දෙමව්පියන් ඉඩ දීලා නැහෑ.. ඒ නිසාම මං හැදුනේ හිතුවක්කර විදිහට. සල්ලි වියදම් කල. කෙල්ලො එක්ක හිටියා.. ජීවිතේ වින්දා. යාලුවෝ එක්ක පාර්ටි දැම්මා.. ඒක තමයි මගේ ලයිෆ් එක වුනේ.. දවසක් යාලුවන් එක්ක ක්ලබ් එකේ ඉද්දී මගෙ ඇස් අහම්බෙන් ගිහින් නැවතුනේ ක්ලබ් එකේ වේටර් කෙල්ලෙක් ගාව.. ඒ හේසූ..බයෙන් බයෙන් එක එකා ගාවට ගිහින් බීම අල්ලද්දී මිනිස්සු ඒ කෙල්ලව නම්ම ගන්න එක එක දේවල් කරනවා... මට තේරුනා ඒ කෙල්ල ගොඩක් අහිංසකයි කියලා... ඒ වගේ කෙනෙක් මේ වගේ තැනක වැඩ කරන්න නම් පවුලේ ප්‍රශ්න නිසාම නිසා මිසක් වෙන දේකට නෙවේ කියලාත් මට ඒ කෙල්ල දිහා බැලුවම තේරුනා.. හැමදාම කෙල්ලෝ එක්ක රැයවල් ගෙවන මට එදා පළවෙනි වතාවට කෙල්ලෙක් පවු කියලා හිතුනා.. ඒ නිසාම එයාව මගෙ ලගට ගෙන්න ගන්න හදද්දිම කොහේ ද ඉදන් ආව එකෙන් ඒ කෙල්ලගේ ඇගේ හැප්පිලා එතන විකාරයක් නටන්න ගත්තා.. කෙල්ල බය වෙලා හිටියේ.. ඇස් වල කදුලු . වැටුන පාර කෙල්ලගේ අතත් තුවාල වෙලා.. ඒ කිසි දෙයක් ගැන ගානක් නැතුව අරූ ඒ කෙල්ලට ගහන්න අත උස්සන් යද්දී මං වීරයා වගේ ගිහින් කෙල්ලව බේරන් එළියට එක්කන් ආවා.. කෙල්ල ඇඩුවා .. හොදටම ඇඩුවා.. මට ආව කේන්තියට බනින්න හිතුනත් මං කටට ආව වචන ටික ගිලගෙන කෙල්ලව සනසන්න බැලුවා.. මහා රෑ ෆාමසීයක් ලග තිබුන් නෑ.. ඒ නිසා මගේ සාක්කුවේ තිබ්බ ලේන්සුවක් අරන් මං කෙල්ලගේ තුවාලේ වැහෙන්න බැදලා කෙල්ල නැවතිලා ඉන්න තැනටත් ගිහින් දැම්මා.. එහෙම එහෙම පටන් ගත්ත අපේ හිතවත්කම ආදරේකට පෙරලෙන්න වැඩි කාලයක් ගියේ නැහෑ...

( ළමයි මේ ඉන්නේ මිස්ට ජොන්ග් කොල්ලා කාලේ.. 👀.. සෝයි නේද.. හනේ මං මෙයාට හරි ආසයි අනේ.. 😭 එයාට හෝබාගේ සේප් කට් එක තියෙන්නේ.. )

කාලයත් එක්ක හේසූ මගේම කර ගන්න ඕනේ වුනත් ඒ වෙනකොටත් මට බිස්නස් මැරේජ් එකක් අපේ අප්පා හොයලයි තිබ්බේ. අපි ජීවත් වුන කාලේ හැටියට තරාතිරම,පවුල් පසුබිම මහා ලොකුවට බැලුවා.. ඒ නිසා මට හේසු ගැන ගෙදරට කියන්න පුලුවන් කමක් තිබ්බේ නැහෑ. ඒත් හේසූ අහිංසකයි. මං කොහොමද ඒ කෙල්ලව රවට්ටන්නේ.. මං හිත හදාගෙන මේ ගැන හේසුට කීවේ එයා පොඩ්ඩක් හරි මාව තේරුම් ගනි කියලා හිතලා. ඒත් එයා මාව තේරුම් ගත්තේ නෑ..ඒකට උත්සහා කලෙත් නැහෑ...

" හේසූ.. අහන්න.. මං පිළිගන්නවා මං සෙල්ලක්කාරයෙක් වුනා.. ඒත් ඔයා නිසා මං වෙනස් වුනා.. ඔයා ඒක දන්නවනේ.. "

" ඒත් මෙහෙම වෙද්දී මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ?.. ඔයා තීරණයක් ගන්න ඔප්පා.. නැත්නම් මං මේ ගැන තීරණයක් ගන්නම් "

" ඔයා මොනවද කරන්නේ? "

" කරන දේ බලන් ඉන්න ඔප්පා.. "

හේසූ එදා මට ඇහුකම් නොදී ගියාට පස්සේ මට එයාව හොයා ගන්න ලැබුනේ නැහෑ.. දින සති මාස ගෙවිලා ගියා.. මං හේසුව හෙව්වේ නැති තැනක් නැහෑ...

ඒත් දවසක් හන් ගගින් හම්බුන නාදුනන මළසිරුරක් ගැන සෝල් පුරාම කටකතා ගිය නිසා මාත් ඒ ගැන හෙව්වේ එදා සිද්ද වුන සිද්දිය නිසා මගේ හිතේ පොඩි බයක් ඇති වුන නිසයි....

මං මගේ යාලුවෙකුත් එක්කන් ඒ තැනට යද්දී එතන වටේම මිනිස්සු පිරිලා ඉද්දී මගේ ඇගම වෙව්ලන්න ගත්තා. හිතේ ඇති වුන බයට වඩා මං ඇත්තටම හේසුට ආදරේ කල නිසා මට මහා මූසල හැගීමක් දැනුනා.. මිනිස්සු අතරින් යන්තම් රිංගලා මළසිරුර තිබ්බ තැනට ගියාම මං දැක්කේ ඉටිකොලේකින් වහලා තිබ්බ ගෑනු කෙනෙක්ගේ මළසිරුරක් ... මගේ හිත කීවෙම ඒ හේසු නෙවේ කියලා.. ඒත් ඒ මළසිරුරේ මුන දවස ගානක් වතුරේ තිබ්බ නිසා අදුර ගන්න බැහැ කියලා එතන හිටිය අය කතා කරනවා මට ඇහුනා.. මට එතනට ගිහින් බලන්න ඕනේ වුනත් වටේම හිටිය මීඩියා කාරයො නිසා මගේ යාලුවා මාව එතනින් ඇදගෙන ගියා .

" උබට පිස්සුද? "

" අහපන්.. ඒ .. ඒ මගේ හේසූ වෙන්න ඇති බන්.. 😭 මට බලන්න ඕනේ..මං මොකද කරන්නේ "

" අහපන්. උබ ඔතන ගිහින් ප්‍රශ්නයක් වුනොත් මීඩියා වල ගිහින් උබේ අප්පා උබව මරලා දායි අදුර ගන්න බැරි වෙන්න.. "

" ඒත්.. 😭 "

" අහපන් මං හිතන් නෑ ඒ හේසු කියලා.. ඒකී ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා මං හිතන් නෑ බන්.. ක්ලබ් එකේ වැඩට එන්න ඒකිගේ හිත හයියනම් කොල්ලෙක් නිසා ඒකීගේ ජීවිතේ නැති කරගන්න තරම් ඒකී මෝඩ නැතුව ඇති බන්..."

" උබ කොහොමද යකො මගේ කෙල්ල ගැන දන්නේ.. "

ජොන්ග් ආව කේන්තියට යාලුවගේ කොලර් වලින් අල්ලලා කෑගැහුවත් ඒ එක්කම ආව කදුලු නතර කරගන්න බැරුව යාලුවගේ උරිස්සට බර වෙලා අඩන්න ගත්තා..

" මට හේසුව හොයලා දීපන් බන්.. 😭 "

" අපි තව බලමු.."

කොච්චර හෙව්වත් මට මගේ කෙල්ලව හොයා ගන්න බැරි වුනා... අන්තිමට එදා මං දැක්ක ඒ මළසිරුර හේසුගේ වෙන්න ඇති කියලා මට හිත හදා ගන්න වුනේ මං ගැනම කේන්තියකින්.. ඒ අහිංසක කෙල්ලට මං ලං වුනේ නැත්නම් අදටත් ඒ කෙල්ල ජීවත් වෙනවා කියන එක මගේ හිතට වද දුන්නා.

ඔය කාලේ තමයි මට හමුදාවෙන් ලියුම ආවේ.. මට හමුදාවට යන්න ඕනේ කමක් තිබුන් නැතත් ඒකෙන් මිදෙන්න බැරි නිසා යන්න වුනා.. අවුරුදු දෙකක හමුදා සේවයෙන් පස්සේ 1991 මැද කාලේ මං හමුදා සේවයෙන් අයින් වෙලා මගේ සුපුරුදු ජීවිතේ ගෙවන්න ගත්තා.. බාර් අස්සේ රිංගන වාරයක් ගානේ මට පෙනුනේ හේසුගේ මූණ.. පිස්සෙක් වගේ මං රණ්ඩු වල පැටලුනා.. ඒ නිසාම අප්පා මගේ කසාදේ ඉක්මන් කරලා මාව බන්දලා දුන්නා..

ඒ හ්වා යේරී ට... ගතිගුණ වලින් හේසුට සහාමුනින්ම යේරී වෙනස් කෙනෙක්.. බිස්නස් පවුලක හැදුන නිසා එයා හැමදේම දිහා බැලුවේ ඒ විදිහට.. මං කොච්චර දරදඩු කෙනෙක් වුනත් යේරීට යටත් වෙන්න මට සිද්ද වුනා.. ඒ මට අප්පාගෙන් එල්ල වුන බලපෑම නිසා.. යේරිත් එක්ක ගෙවුන ජීවිතේ අකමැත්තෙන් හරි මට එයා එක්ක ඉන්න සිද්ද වෙද්දී කාලෙත් එක්ක අපේ පවුල එළිය වුනේ මගෙ නමින් යේරිට හම්බුන අපේ පුතා නිසයි.. පුතා හම්බුනාට පස්සේ මං යේරී ගැන හොයලා බැලුවා. මොනවා වුනත් ඒ මගේ පුතාගේ ඔම්මා කියන හැගීම මට තිබුනා..


( ළමයි මේ ඉන්නේ හ්වා යේරී.. 🙂 හොබීගේ , සූබීගේ ඔම්මා .. එයාත් හෝබී වගේ නිසා තමයි එයාව ගත්තේ. 😭 )

මං කොච්චර යේරීට ආදරෙන් සලකන්න හැදුවත් එයාගේ ගතිගුණ එක්ක මට එයාව එපා වෙන එකයි වුනේ.. හැම වෙලේම මං ගැන බැලුවේ සැකෙන්. අපි අතර රණ්ඩු ඇති නොවුන දවසක් නෑ.. ඒත් එයා මගේ පුතාට ගොඩක් ආදරේ කලා.. මං ඒ නිසා ඒ හැමදේම ඉවසුවත් අපේ පවුලේ සතුට නැති කලෙත් යේරීම තමයි..

Flashback End....

Present ...

" යේරී.. ඔයා සතුටෙන්ද? ඔයා විනාශ කරලා දාලා ගිය මේ ගෙදර අද අපේ ළමයි දුක් විදිනවා හෝසෝක්ගේ ඔම්මා.. 😔 "

මිස්ට ජොන්ග් පිංතූරේ දිහා බලන් යේරිගේ රූපේ ඇගිල්ල යවමින් කීවේ ඇස් වලට ආව කදුලු කම්මුල දිහේ ඔහේ ගලාගෙන යන්න ඉඩදීලයි...

අතීතයේ සිදුවුන වැරදි වලින් වර්තමානයේ විදවන මිනිසුන් කෙතරම් ඇත්ද?.. ඒ වැරදී කවදාවත් හරිගස්සන්න බැරි  දේවල්නම් , ඒ මතකය එක්ක ජීවිතේ විදවීම පමණක් ඉතුරු කරයිනම් , ඒ ජීවිත ජීවත් වෙන්නේ තාලෙට ගැහෙන හදවතත් , ඒකාකාරීව පිටවෙන හුස්මත් නිසා පමණයි.. එක් තත්පරෙන් ඒ සියල්ලම අමතක වෙලා ගියත් අවුරුදු ගානක මතකයක් නොමැතිව හිස්ව ජීවත්වෙන එකත් කිසි ඵලක් නැති දෙයක් වෙන්න පුලුවන්.. මින්ස්සු විවිධාකාරයි. තමන්ගේ හැගීම් එකිනෙකාට වෙනස්. අපට අපිත් සමග තව කෙනෙක් සංසන්දනය කරන්න බෑ.... ඒත් අපිට පුලුවන් අපේ හැගීම් වලින් තව කෙනෙක්ව නොරිදවා ඉන්න.. ජීවිතයත් හරියට සෙල්ලමක් වගේ... කොච්චර බුද්ධීමතෙක් වුනත් අපි එවලෙට ගන්න තීරණ එක්ක අපේ මුලු ජීවිතේම තීරණය වෙන්න පුලුවන්.. අපි එක්ක  ඉන්න , අපි වටා ඉන්න අයගේ ජීවිතෙත් ඒ දේ තීරණේ නිසා වෙනස් වෙන්න පුලුවන්..

මිස්ට.ජොන්ග් ගේ ජිවිතෙත් ඒ වගේ.. තමන් ගත්ත තිරණ එක්ක තීරණය වුන ජීවිතේ, ඒ වේදනා බර මතකය එක්ක දවස ගෙවෙන්නෙ ඒ මතකය ඉතිරි කල ආදර සටහන් එක්ක .. ඒක ඊට වඩා අමාරු දෙයක්.. අමාරුවෙන් හොදවෙන්න දගලන තුවාලයක් ආයේ ආයේ පෑරෙනවා වගේ... තමන් අමාරුවෙන් අමතක කරන්න දගලන අතීතේ ජොන්ග් ට එයාගේ ළමයින්ගේ මූණු වලින් මැවිලා පේන්න ගද්දී ජොන්ග් ජීවිතේ ඉතිරි කාලේ ගත කලේ ගිනි ගොඩක් මැදවගේ....

-----------------------------------------------------------------

@NIS Headquarters
Seocho District ,Seoul   .

👮️1 : තවම මිනිහව කොටු කරන්න බැරි වුනා නේද ?

" දේ... අපේ ප්ලෑන් එක එදා වැරදුනා... අපි හිතුවා වගේ මිනිහා එදා ආවේ නෑ සර්.. "

👮️1 : කොහොම හරි කරලා ආයේ ප්ලෑන් එකක් ගහනවා.. අපි මොනාද ලොකු තැන ඇහුවම කියන්නේ?.. ඉලෙක්ශන් එකත් ලග එනවා.. ඊට කලින් මේක විසදන්න ඕනේ ඕයි...

" දේ.. සර් ඒත් මිනිහා දැන් කෙල්ලෙක් පස්සේ වැටිලා ඉන්නේ.. අර වැඩ ටික පස්ස ගහනවා.. මිනිහා දන්නවා අපි පස්සෙන් කියලා... "

👮️1 : ඔව් ඒක මිනිහා දැනගන්න ඕනේ.. ඒකනේ අපේ ප්ලෑන් එක.. අපි මිනිහාව ලේසියෙන් කොටු කර ගත්තොත් කලින් වගේම මිනිහා සල්ලී වලින් බේරිලා යනවා.. ඒක අපිට හොද නෑ.. ඒ නිසයි මේ පාර අපි ඌට වඩා ගේම් එකක් ගහන්න ඕනේ.. අපි හැම වෙලේම අගවන්න ඕනේ අපි මිනිහා පස්සේ ඉන්නවා කියලා..

" දේ.. "

👮️ 1 : අපි මේකට තමුන්ව තෝර ගත්තේ ඇයි කියලා තමුන් දන්නවනේ.. අපි විශේෂ හමුදා පුහුණුව දීලා අවුරුදු දෙකක් මේකට තමුන්ව ට්‍රේනින් කලා.. ඒ නිසා වැඩේ වැරදෙන්න බෑ.. මේ පාර ඉලෙක්ශන් එකෙන් බැරි වෙලා හරි විපක්ෂෙන් ආවොත් මූලු රටම NK වලට ඕන විදිහට නටන්න වෙයි.. ඒ නිසා මේ රටේ අනාගතේ තිරණේ වෙන්නේ තමුසෙගේ වැඩ වලින් කියලා හිතන් වැඩේ කරනවා..

" දේ.. තේරුනා බොස්.. "

👮️ 1 : ඊළග ඕඩර් එක කවදද යන්නේ?

" තවම දවසක් නෑ සර්.. මං දැන ගත්ත ගමන් සර් ව දැනුවත් කරන්නම්.. "

👮️ 1 : හරි යනවා... අහ් ඉන්නවා.. ලොක්කා තමුසෙව හම්බෙන්න ඕනේ කීවා..

" මාව? 😳 ඒත් ඇයි..."

👮️ 1 : දන් නෑ.. මට හිතෙන්නේ මිනිහගේ දුවව දෙන්න වගේ යනේ..

" 😂 එහෙනම් ලොක්කට එතනදිනම් මාව නම්ම ගන්න බැරි වෙයි... මොකද මට දැනටමත් මං ආදරේ කරන කෙනෙක් ඉන්නවා.. "

👮️ 1 : හරි හරි ඕක ගිහින් එයාටම කියනවා 😂.  තමුසෙව එයාට ඕනේ නිසා මුකුත් කරන එකක් නෑ..

" දේ 😂.. එහෙනම් මං යන්නම් සර්..( Salute )"

-------------------------------------

" ම්ම්ම්.. මං මොකද කරන්නේ.. මින්හාව හම්බෙලා සමාව ගන්නවද... 😪 ආයේ කනේ පාරක් කන්න වෙයිද දන් නෑ... "

" ආ ලොක්කා ."

යුංගී තනියම කුටු කුටු ගගා බිම බලන් යද්දී ජන්ග්කුක් ඇවිත් යුංගිගේ පිටට ගහන් මුණ ඉස්සරහට ආව නිසා කොල්ලා ගැස්සිලා ගියා..

" 🤪 ආයිෂ්.. බය වුනා යකෝ 😒 "

" මොන ලෝකෙද ඉන්නේ?.. තනියම කියව කියව.. 😄 මොකෝ ලොක්කාගේ අන්තඃපුරය පේන්න නැත්තේ ? කොලේජ් ආවත් හරි කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කේ නෑ.. "

" 😒 උඹට දැන් ඒකත් ප්‍රශ්නයක්ද.. කොල්ලා දැන් හැදිලා ඉන්නේ 😌 "

" ඒකනම් පේනවා 😄 කොහෙද යන්නේ.. ලෙක්චර්ස් ඉවරද? "

" ම්ම්ම් මං මේ වැඩට යන්න හැදුවේ.. "

" එහෙමද.. මාත් මේ ලයිබ්‍රී එකට යන ගමන්..ඉතින් කෝ උබේ නැට්ට? "

" මින්හාද? "

" නෑ නෑ.... රූප සුන්දර්.. ජිනා බන්.. "

" 😂 මිනිහා දැන් හෙන බිසීනේ.. කෝල් එක්ක ගන්න ඕනේ.. පොඩ්ඩක් ඉදපන්... "

යුංගී ජන්ග්කුක් මතක් කල නිසා ජින්ට කෝල් එකක් ගන්න කියලා හිතන් සාක්කුවට අතදාලා phone  එක ඇදලා ගත්තා...

" ඕ. මේ මොකද්ද.. ? "

යුංගී සාක්කුවෙන් phone එක ගන්නවත් එක්කම එදා යුංගී සාක්කුවට දා ගත්ත පිංතූරේ බිමට වැටුනා... ජන්ග්කුක්  ඒක අහුලලා යුංගීගේ අතට දෙන්න ගිහින් ආයෙත් photo    එක දිහා බලලා යුංගි දිහා බැලුවා..

" ඕ මේක.. මට මේක අමතක වෙලා තිබ්බේ.. ඕක දියන් මෙහේ 😒 "

" යුංගියා.. උබට කොහෙන්ද මේක? "

" උබට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ.. අර මින් ආජුස්සී  කියන්න වගේ 😌😒 "

" ඒක මට වැඩක් නෑ තමා.. ඒත් උබත් ජොන්ග්  ආජුස්සීව අදුරනවද ?"

" මොකා ? කාව ? 😒 "

" ජොන්ග් ආජුස්සී  බන්.. මේ photo  එකේ ඉන්නේ 😒 "

" ආඅ ලොක්කාවද 🙂. ඔව් දන්නවා...😌
.
.
.
.

චම්කාන්.. ( ටිකක් ඉන්න )  😳 උබ කොහොමද එයාව දන්නේ? "

.
.
.
.
.
.
.
.
.
.

( මේ කවර් එක මයේ වදක ලොලිපොප් ඕතර්ගෙන් Lee_ChoiAura 🙂💜️ හායි.. තැම්ස් පොඩ්ඩො..)

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

ජන්ග්කුක් මිස්ට.ජොන්ග්ව දන්නේ කොහොමද දන් නෑනේ ? 🙄

හායි ළමයි.. 🙂 දැන් නිකන් ඔලුව පස්න පත්තරයක් වගේද? . ම්ම් මගෙත්.. 😅 ඕකේ බායි..

Borahae 💜️

Continue Reading

You'll Also Like

93.4K 12.4K 45
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
43.1K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
20.2K 2.2K 43
ආදරය අහිමිව ගිය Y/N ට අප්පාගෙ දඩුවමක් ලෙස ලැබෙන මාෆියා තරුණයෙකු හා විවාහය නිසා ඇයට කුමක් වේවි ද? 18+ කොටස් තියෙන්න පුලුවන්. අකමැත්තෙන් කියවන්න එපා. ...
3.9K 765 10
කොරියාවට ඉගෙන ගන්න එන තරුණියක් . ඇයට අහම්බෙන් හම්බෙන අපූරු මිතුරෙක්. ඇයගේ ජීවිතයට පැමිණෙන අහංකාර තරුණයෙක්. බාදක රැසක් අතරින් ගලා යන ආදර කතන්දරයක්. හ...