𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.6K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -

- 26 - [EPILOGUE]

894 257 283
By sehasnara

මේ චැප්ටර් එක කියවීම මම අනුමත නොකරමි. මන්ද යත් මේක මෙලොව ඇති දරුණුම දේවල් වලින් ⁣කිහිපයක් සමග සම්බන්ධයි. මේ චැප්ටර් එක කියවලා ඔයාලා මං ගැන වැරදියට හිතන්න ඉඩ තියෙනවා.
ඒත් මේ චැප්ටර් එකත් දැම්මහම මගේ හිත නිදහස් වෙනවා. ඒක නිසා මම මේක දානවා.
මගේ ලොකු අම්මා කිව්වේ මිනිස්සු මොනවා කිව්වත් ඔයාට සතුටක් දැනෙන දේ කරන්න කියලයි.
ඉතින් here you go.
🙂🖤

__________________

ජීයන්ග්ගේ සිරුර ආදාහනය කර අවුරුදු තුනක් ගතව තිබිණි. ජීයන්ග්ගේ කාමරය පිරිසිදු කිරීම⁣ට තරම් සවියක් නිවස තුළ වූ කිසිවෙකුටත් නොතිබිණි. අවසානයේ යුන්ගි හා ජිමින් ඒ සඳහා පියවර ගත්තේ අවුරුදු තුනකට පසුවය.

ඔවුන් ලී සොල්දොරයට පා තබන විට එය දූවිල්ලෙන් වැසී කුණු වැදී තිබිණි. යුන්ගි නාසය ඇකිලීය.

'එයා නැතිවෙලා දැන් අවුරුදු තුනක්...' යුන්ගි සුසුමක් හෙළීය.

ජිමින් තමාගේ අතැඟිලි යුන්ගි සමඟින් පටලවා ගත්තේය. 'එයා දැන් සතුටින් ඇති.'

යුන්ගි සිනාසී මදක් ඉදිරියට නැඹුරුව ජිමින්ගේ දෙතොල් සිප ගත්තේය. 'ඔව්... එයා දැන් සතුටින් ඇති.'

ඔවුන් දෙදෙනා කාමරය අස් කිරීමට පටන් ගත්තේ ඇගේ මේසයෙනි. යුන්ගි එහි තිබූ දූවිලි වැකුණු පොත් ගොන්නක් ගෙන පසෙකින් තැබීය. එයට යටින් තිබූ කොළය ඔහුගේ ඇස ගැටුණේ ඊට පසුවය.
එහි මුදුනින් ජිමින්ට යනුවෙන් ලියා තිබිණි.

'ජිමින්...' යුන්ගිගේ හඬින් දූවිලි පිසිමින් සිටි ජිමින්ගේ අවධානය බිඳිණි.

'හ්ම්ම්?'

'මේක ඔයාට.' යුන්ගි කොළය දිගු කළේය.

ජිමින්⁣ ප්‍රවේශමෙන් කොළය අතට ගෙන එහි තිබූ දූවිලි පිස දමා එය කියවන්නට විය.


' ජිමින්

මම දන්නේ නැහැ මේක ඔයාට කියන්න ඕනද නැද්ද කියලා... ඇත්තටම මම දන්නේ නැහැ මේක ඔයා හොයාගනියිද කියලවත්. කමක් නැහැ. මේ දේවල් කියන එක හොඳයි කියලා මට හිතෙනවා.

මම අරියට කැමැත්තෙන් හිටියා කියලා ඔයාලා හිතන් ඉන්නවා ඇති. ඒක කොච්චර ලොකු වැරැද්දක් වුණත් මට ඒක නිවැරදි කරන්න ඕන වුණේ නැහැ.

හේතු දෙකක් නිසා.
අංක එක, මට අරියව බිඳින්න ඕන වුණේ නැහැ.
අංක දෙක, මම කැමැත්තෙන් හිටපු කෙනාට කෙනෙක් හිටියා.

මම කැමැත්තෙන් හිටපු කෙනා තමයි ඔයා ජිමින්...

ඒක විකාරයක් වගේ පේනවා ඇති. සමලිංගක ගෑනු ළමයෙක්ට මොන ආදරයක්ද පිරිමි කෙනෙක් වෙනුවෙන් කියලා.

ඒත් මම හිතන්නේ මම දෙගොල්ලන්ටම කැමති කෙනෙක්. ද්විලිංගික ගෑනු ළමයෙක්.

ජිමින් මම දන්නවා ඔයා යුන්ගිට කැමතියි කියලා. ඒක නිසා මට කරන්න තිබුණ එකම දේ ඔය දෙන්නට එකතු වෙන්න අරින එක ⁣විතරයි.

යුන්ගි කියන්නේ මගේ අයියා. එයා මට කොච්චර රිද්දුවද කියලා ඔයා දන්නවා...

කඳවුරේදී එයාගේ යටතේ හිරවෙලා හිටපු දවස්වල වුණ දේවල් ඔයා දන්නවත් ඇති. ගොඩක් දේවල් ඔයා නොදන්නවත් ඇති.

අයියා කියන වචනේ මට එයාට කතා කරන්න ඕනම වුණේ නැති වචනයක්... එදා මම ඔයා ගාව ඉඳලා අඬපු දවසේ දේවල් ඔයාට මතක ඇති.

මට යුන්ගිට වෛර කරන්න හේතු දාහක් තිබ්බා. එහෙම නොකරපු එකම හේතුව ඔයා. ඔයා එයාට ආදරේ බව මම දැනන් හිටපු නිසා මට ඕන වුණේ නැහැ ඒක බිඳින්න. ඒ වෙනකොට යුන්ගි වෙනස් වෙමින් හිටපු නිසා සමහර විට මට ඒක කරන්න ඕනම නොවෙන්න ඇති.

මට ඇත්තටම සමාවෙන්න ඔයාට ආදරේ කළ එකට. මම දන්නවා මේක ඔයා දැක්කොත් ඔයාට ඇති වෙන හැඟීම මොකක්ද කියලා...

ජිමින් ඒක අමතක කරන්න... දැන් ඔයා යුන්ගි එක්ක සතුටින් ඇති. ඒක නිසා ඒ ජීවිතේ ඒ විදිහටම විඳින්න.

මම හරිනම් මේක ⁣නොකියම මැරෙන්නයි තිබුණේ... ඒත් ඒක නොකියා ඉන්න මට බැහැ. මම හැමදාම මම ආදරේ කළ අයව නැති කරගත්තා.

මම ආදරේ කළ පළවෙනි ගෑනු ළමයා... එයාව මරපු හැටි මම ඇස් දෙකෙන් දැක්කා...

ඒ වගේම ඒ මරපු කෙනා... යුන්ගි...

ජිමින්... යුන්ගි ඉස්සර හැඟීමක් නැති කෙනෙක් වෙලා හිටියත් එයා පස්සේ වෙනස් වුණා.

ඒකට හේතුව ඔයා. ඔයා එයාව වෙනස් කළා.

මගෙන් ඔය දෙන්නගේ ජීවිතයට සුබ පැතුම්...

අරියට මේක දකින්න දෙන්න එපා. එයා දැන නොගත යුතු දෙයක් මේකේ තියෙනවා කියලා මම හිතනවා.

මතකයිනේ... ඔයයි යුන්ගියි දෙන්නා සතුටින් ඉන්න ඕන.
ඒක එච්චරයි.

ලී ජීයන්ග්/ හන් යුන්ජි.'



ජිමින් තදින් හුස්මක් ගත්තේය. ඔහුට කඳුළු වැගිරෙන්නට වූ අතර යුන්ගි ඔහුගේ පසුපසින් සිට ඔහු දෙස බලා සිටියේය.

'ජිමින්...' යුන්ගි මෘදුව පැවසීය.

'යුන්ගි... එපා... ඒවා මතක් කරන්න... එයා එදා රෑ විඳපු වේදනාව ඔයාට මතකද? එයා කියපු දේවල්... මට ඒවා සේරම මතකයි... අපිට එයා ව‍ගේ කෙනෙක් උරුම නැහැ යුන්ගි... එයාට දාහක් හේතු තිබ්බා ඔයාව නැති කරන්න... ඒත් එයා ගත්තු එකම තීරණේ නිසා අපි දෙන්නා අද මෙහෙම ඉන්නේ.'

යුන්ගි තදින් දෑස් පියා ගත්තේය. ඔහුට එදා රැය හොඳින් මතකය.




Flashback

ජීයන්ග් ජනෙල් පඩිය මතින් වාඩිවී අහසේ පාවෙන සරුංගල් දෙස බලා සිටියාය. ඇය බිමට බසින තුරු එතැන බලා සිටියේ යුන්ගිය.

ජීයන්ග් ඔවුන්ගේ අලුත් නිවසට පැමිණියාට පසු ඔහු සමඟ කෙලින් වදනක් හෝ කතා කර නොමැති බව යුන්ගිට මතක් විය.

ජීයන්ග් පඩිපෙළ බසින විට ඔහු අසලදී බිම බලාගත්තේ ඇයට ඔහුගේ මුහුණ බැලීමට වුවමනා නොවූ නිසාය.

යුන්ගි ඇගේ වැළමිටෙන් තදින් අල්ලා ඇද බිත්තියට තද කළේය. 'යුන්ජි...'

ජීයන්ග් දෑස් වසා ගත්තාය. 'මට ඒ නමින් කතා කරන්න එපා යුන්ගි...'

'ඇයි තමුසෙට නංගි කෙනෙක් වගේ හැසිරෙන්න බැරි?' යුන්ගි තවත් තදින් ඇගේ මැණික් කටුවක් බිත්තියට තෙරපමින් ඇසීය.

ජීයන්ග් ඉවත බලා ගත්තා. 'ඒ කිව්වේ?'

යුන්ගිගේ අවධානය බිඳුණේ පඩිපෙළ පහළින් යමෙකු යන ශබ්දයක් ඇසීමෙනි.

පඩිපෙළ පාමුල ඔවුන් දෙස බලා සිටියේ ජිමින්ය.

ඔහු මද වේලාවක් ඔවුන් දෙදෙනා දෙස බලා හිඳ කුස්සිය දෙසට ගියේය.

'දැන් ජින් එයි...' යුන්ගි ජිමින් යන අකාරය දෙස බලා හිඳිමින් මැතිරීය.

ජීයන්ග්ව තිගැස්මට පත්කරමින් ඔහු ඇගේ මැණික් කටුවෙන් මිරිකාගෙන පහළ මාලයට ගොස් ඇයව මේසය මතට තල්ලු ක‍ළේය.

මේසය වටා සිටියේ ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් සමඟ කාඩ් ක්‍රීඩා කරන අරියා සහ පොතක් කියවමින් සිටි හොසෙක්ය.

තප්පර තුනක් ඇතුළත එතැනට ජින් සහ නම්ජුන් සමඟ ජිමින් පැමිණියේ නිවසේ සියලු දෙනා එක් තැනකට රැස් කරවමිනි.

'ටේහයුන්ග් ජන්ග්කුක්... අරියත් එක්ක දැන්මම යන්න ඇළ ළඟට...' ජින් අධිකාරී ස්වරූපයකින් කීවේ මෙතැන සිදුවීමට යන්නේ හොඳ දෙයක් නොවන බව දැන සිටි නිසාය.

ජන්ග්කුක් හිස වනා අරියාවද වඩාගෙන එතැනින් පිටවිය.

ඔවුන් නිවසින් පිටව ගොස් විනාඩියකට පසු යුන්ගි නැවතත් ජීයන්ග්ගේ මැණික් කටුව මිරිකුවේය.

ජීයන්ග් වේදනාවෙන් කෙඳියක් නගද්දී සියල්ලන් ඔවුන් දෙස බැලීය.

'දැන් මෙතන මොකද වෙන්නේ?' ජින් ඇසීය.

යුන්ගි සුසුමක් හෙළීය. 'ජීයන්ග්... ඇයි එයාට යුන්ජි වෙලා මගේ නංගි වගේ හැසිරෙන්න බැරි?'

ඔවුන් අතර ඇති වුණේ මද නිහඬතාවයකි.

'යුන්ගි මේක.... නම්ජුන් ඇරඹීය.

'මට ඕන නැහැ මේක නවත්තන්න... හැමදාම මම එයාට කතා කරන්නයි එයා මාව නොසළකා හරින්නයි හේතු මොනවද කියන්න...' යුන්ගි තවත් ඇගේ මැණික් කටුව මිරිකමින් ඇසීය.

'යුන්ගි... මට සමාවෙන්න...' ජීයන්ග් මැතිරුවේ සියල්ලන් පුදුම කරවමිනි. 'මට සමාවෙන්න නංගි කෙනෙක් විදිහට හැසිරුණේ නැති එකට.'

ඇය මැතිරූ විට යුන්ගි ඇගේ අත තවත් තදින් අල්ලා ගත්තේය.

හොසෙක්ගේ අවධාන යොමුවී තිබුණේ ඒ වෙතටය. ‍ඔහු අඩියක් ඉදිරියට තබා ඇගේ අත යුන්ගිගේ දඩු අඬුවක් වැනි අතින් නිදහස් කරගත්තේය.

'යුන්ගි තමුසේ අයියා කෙනෙක් වගේ හැසිරිලාද මේ විදිහට එයාගෙන් ඉල්ලන්නේ?'

යුන්ගි හොසෙක්ගේ අත දමා ගැසීය. 'එයා...'

'නවත්තනවා ඕක!' ජීයන්ග් යටිගිරියෙන් කෑ ගැසුවාය.

ඇය එතරම් වේගයෙන් සහ ශබ්දයකින් කතා කළ පළමු වතාව එය වන්නට ඇතැයි ඔවුන්ට සිතිණි.

'
තමුසෙලා එක්කෙනෙක්වත් මං ගැන හරියට දන්නවද?

නැහැ නේද?

ඇයි එහෙම නම් මං ගැන ඔච්චර වද වෙලා කතා කරන්නේ? හරියට මං ගැන වද වෙනවා ව‍ගේ?

ඇයි?

මම හැසිරෙන විදිහ වැරදි ඇති.

මම අයියා කියලා කතා නොකරපු එක වැරදිද මින් යුන්ගි?

මම ලී ජීයන්ග් වුණ එක වැරදිද?

මාව එදා රත් වුණ පොල්ලක එල්ලා වද දෙද්දි මගේ අත් දෙක පිච්චුණ හැටි මතකද?

ඒක කළේ කවුද?

ඒ ඔයා මින් යුන්ගි!

ඔයාට මතකද ඔයා ගෑනු ළමයෙක්ව වද දීලා මරපු හැටි. එදා ඒ ගෑනු ළමයව මරලා ඔයා හිනාවුණා. ඒ මරපු ගෑනු ළමයට තමයි මම ආදරේ කළේ යුන්ගි...

එයාගේ මිනියත් එක්ක මම දවස් තුනක් ඒ ලෑල්ල යට හැංගිලා හිටපු හැටි මම අමතක කරන්න ඕනද?

මම ඒක අමතක කරන්න ඕනෙද?

මට වයස දාහතරෙදි සීතලෙන් ගල්වුණ මම කැමැත්තෙන් හිටපු කෙනාගේ මිනියත් එක්ක ඉන්න වුණ එකටද මම ඔයාගෙන් සමාව ගන්න ඕන?

එහෙමත් නැත්තම් එදා කූඩුව ඇතුළෙදි ඔයාගේ අත් දෙකෙන් මාව දූෂණය කළ එකටද මම ඔයාගෙන් සමාව ගන්න ඕන?

ඔයා එදා මට ඒ දේ කළේ ඔයා මගේ අයියා බව අමතක කරලයි. ඉතින් ඇයි මම දැන් ඔයාගේ නංගි වෙන්න ඕන?

මට කියන්න.

මට පිස්සු හැදෙනකන්ම මාව අර රත් වෙච්ච පොල්ලේ එල්ලා ගහපු එකටත් මම ඔයාගෙන් සමාව ගන්න ඕනද?

මගේ අත් දෙක පිච්චිලා ඒවගේ රතු පාට කැළැල් ආපු එකටත් මම ඔයාගෙන් සමාව ගන්න ඕනද යුන්ගි?

මිනිස්සු දාහක් විතර ඉස්සරහා මාව විනාස කළ එකටත් මම සමාව ගන්න ඕනද?

ඒ සේරටම මමද වැරදි?

මම සමලිංගික වුණ එකද වැරැද්ද?

එහෙමත් නැත්තම් අනික් අයටත් නිදහසේ ඉන්න ඕන නිසා අයිගරා කෙනෙක් වෙලා අනික් අය වෙනුවෙන් ලේ හලපු එකද වැරැද්ද?

මම ‍තව මොනවටද සමාව ගන්න ඕන?

මගේ ඔළුවට කුණු වතුර හලපු කෙනා කවුද කියලා මට මතකයි. ඒ කෙනා ඔයා යුන්ගි.

ඒකටත් මම සමාව ගන්න ඕනද?

ආගෝ හමුදාවෙන් මගේ යාළුවන්ව මරලා එයාලගේ ලේවලින් මාව නාවපු එකටත් මම සමාව ගන්න ඕනද?

ඒ ලේවලින් නෑවුණ හැටි...
මගේ යාළුවන්ට කපපු හැටි මට තාමත් මතකයි...

ඒ සේරටම මම වැරදිද?

එහෙමත් නැත්තම් මම කරපු එකම වැරැද්ද ඔය සේරම මතක තියාගෙනත් අමතකයි වගේ රඟපාපු එකද?

ඒක නම් කරපු වැරැද්ද මට සමාවෙන්න මින් යුන්ගි...

මම අද ඉඳන් නංගි කෙනෙක් වෙන්න ඉගෙන ගන්නම්. මම අද ඉඳන් හොඳ කීකරු නංගි කෙනෙක් වෙන්නම්.

ඒක නේද ඔයාට ඕන?

මම වෙච්ච දේවල් සේරම අමතක කරලා ඔයා එක්ක සතුටින් කතා කරලා ඉන්න ඕන?

ඒක නේද වෙන්න ඕන?

හරි... මම ඒක කරන්නම්...'

ජීයන්ග් සියල්ල අවසානයේ වේගවත් සුසුමක් ගත්තාය.

ඇය සුදුමැලි වී සිටියාය. කෝපය හා ‍වේදනාව හේතුවෙන් ඇගේ දෑසින් කඳුළු වැගිරිණි.

ජිමින් තිගැස්සු‍ණේ ඇගේ අත දැකීමෙනි. මිට මොළවාගෙන සිටි ඇගේ අතකින් ලේ වැගිරිණි.

'ජීයන්ග්! ඔයාගේ අත!' ඔහු ඉදිරියට පැන ඇගේ අතේ ගුලිය දිග හැරියේය.

අත මැද තිබූ පිහි තලයක් හේතුවෙන් ඇගේ අත කැපී තිබිණි. එයින් වැගිරුණ රුධිරය කොපමණ වීද යත් ඇගේම කලිසම එයින් තෙත්වී තිබිණි.

ජිමින් දෙස බලා තදින් හුස්මක් ගත් ජීයන්ග් ඔහුගේ ඇඟට කඩා වැටුණාය.

'එයාව එයාගේ කාමරේට අරන් යන්න ජිමින්...' ජින් ජිමින්ට හිසින් සන් කර යුන්ගි දෙස බැලීය.

'යුන්ගි... තමුසේ ඔතනටම වෙලා ඉන්නවා! අර අසරණ කෙල්ලව බලලා ඇවිත් මට තමුන් එක්ක කතා කරන්න කාරණා කීපයක්ම තියෙනවා.'

- Flashback ends -



යුන්ගි තදින් හුස්ම ගත්තේය. 'මට මතකයි ජිමින්... ඒ සේරම දේවල්...'

ඔවුන් දෙදෙනා මද වේලාවක් එකිනෙකාව වැළඳගෙන සිටිහය.

'මාමේ!' ඔවුන් දෙදෙනාගේ අවධානය බිඳුණේ කාමරය පසෙකින් ඇසුණු හඬකිනි.

යූන් ජීයන්ග්. හොසෙක්ගේ සහ රියුජින්ගේ දරුවා දොර අසල සිටගෙන සිටියාය.

'එන්න මගේ කෙල්ල!' යුන්ගි දෑත විහිදුවේය.

යූන් ජීයන්ග් දුවවිත් පැමිණි ඔහුගේ දෑතට පැන්නාය. යුන්ගිට ඇස ගැටුණේ ඇගේ සුමුදු දෑතයි.

ඔහුට ජීයන්ග්ව මතකයට නැගිණි. රත් වූ යකඩ පොල්ල මත එල්ලා ඇයට කසයෙන් ගැසූ ආකාරය ඔහුට මතක් විය.

ඇගේ දෑත් පිළිස්සී ලේ ගැලූ අකාරය ඔහුට මතක් විය.

යූන් ජීයන්ග්ව තුරුළට ගත් යුන්ගි හඬන්නට විය.

සියල්ල නිවැරදි කරන්න දැන් ඔහු පමා වැඩිය.

ඇය ගොසින් අවසානය.

යළි නොඑන්නටම ඇය ගොස් ඇත.

අහිමි වූ ළමා කාලයත්, ආදරය කළ සියල්ලන් වෙනුවෙන් හැඟීම් සියල්ලත් සඟවාගෙන ඇය ගොසින් අවසානය.

යුන්ගිට පසු තැවීමක් ඇති විය.

ඇයව කූඩුව තුළදී දූෂණය කළ ආකාරය ඔහුට මතක් විය. එදා ඇය ඔහු දෙස බැලූ ආකාරය...

කුඩා කළ ඇය කීවේ යුන්ගි ඇයව ආරක්ෂා කරන නිසා බිය වීමට දෙයක් නොමැති බවයි.

නමුත් අවසානයේ ඇයව ආරක්ෂා කරාවි යැයි සිතූ ඔහු අතින්ම ඇයව විනාශ විණි.
යුන්ගිට ඇගේ දෑස්වල තිබූ බැල්ම මතක් විය.

දකුණු ඇස යට තිබූ කැළල නිසා ඇය අපමණ වේදනාවන් විඳි ආකාරය ඔහුට මතක් විය.

ජීයන්ග්...

ඇය ජිමින්ට ආදරය කර තිබුණාය.

නමුත් අද ජිමින් අයිතිව තිබුණේ යුන්ගිටයි. .

යුන්ගිට පසුතැවීමක් ඇතිවිය.
තමා ඇයට හිමි සියල්ලම උදුරාගෙන තිබිණි.

ඇයට අයිති සියල්ලම.

යුන්ගි යූන් ජීයන්ග්ව තමාගේ පපුවට තවත් තදින් තද කරගත්තේය.

'ජීයන්ග්!' හොසෙක්ගේ හඬින් යුන්ගි තිගැස්සිණි.

ඒත් සමගම ඔහුට මතක් වූයේ තමා අත සිටින දරුවාගේ නමත් ජීයන්ග් බවයි.

'ජීයන්ග් අන්න තාත්තා ඔයාව හොයනවා...' යුන්ගි කුඩා දරුවාව අත හරිමින් කීවේය.

දරුවා යුන්ගිගේ දෑතින් පැන හොසෙක් වෙතට දිව ගියේ මිටින් මුදා හළ කිරිල්ලියක පරිද්දෙනි.

'යුන්ගි...' ජිමින් නාසය ඉහළට අදිමින් ඇසීය.

'ඔව් කියන්න...'

'මම හිතන්නේ නැහැ මට තවත් එයාගේ කාමරේ ඉන්න පුළුවන් කියලා... අපි යමුද? මම එයාගේ සොහොනටත් යන්න ඕන...' ජිමින් දූවිලි වැකුණු කාමරය වටා දෑස් යවමින් ඇසීය.

යුන්ගි සෙමෙන් හිස වැනීය. 'හරි... අපි යමු... මේ ලියුම... ඒක තිබ්බ තැනින්ම තියන්න... අරියා දකින එකට ජීයන්ග් කැමති නැත්නම් අපිත් මුකුත් නොකරන එක හොඳයි...'

ජිමින් තමා අත තිබූ ලියුම නැවත් මේසය මතින් තබා එය මතින් පොත් දෙකක් තැබීය.

'දැන් හරි... ජීයන්ග් සතුටින් ඇති එයා ඉන්න තැනක...'

__________________

ස්නානයෙන් පසුව ජිමින් ජීයන්ග්ගේ සොහොන වෙත පිය නැගීය.

ඔහු තමා අත තිබූ ලයිලැක් මල් පොකුර ඇගේ සොහොන මතින් තැබීය.

ලයිලැක් මල් සංකේතවත් කළේ තාරුණ්‍යයේ අහිංසකභාවයයි. ජීයන්ග්ට ඇගේ ළමා කාලය මෙන්ම තාරුණ්‍යද අහිමිව තිබිණි.


'ජීයන්ග්...' ජිමින් සොහොන අසලින් හිඳගත්තේය.

ඇය එහි සාමකාමීව වැතිර සිටියාය. ඇය මියගිය මොහොත ජිමින්ට හොඳින් මතකය.

ඇය අළු පැහැ සායෙන් සහ අළු පැහැ කබායෙන් සැරසී උසාවියේ සිටි අන්දම ඔහුට මතකය.

සුදුමැලිව සිටි ඇගේ ඇඟිලි තුඩු නොසන්සුන් ලෙස ලී මත ගැටුණි. තද දුඹුරු හා කහ පැහැය මුසුව තිබූ දෑසින් ඇය නොසන්සුන්ව ඔවුන් දෙස වරින් වර බැලුවාය.

කළු පැහැති බූට් සපත්තු යුවළෙන් ඇගේ සුදුමැලි දෙපා කැපී පෙණිනි.

'ලී ජීයන්ග් හෙවත් මින් යුන්ජි.' නඩුකාරවරයාගේ හඬ ජිමින්ට තවමත් ඇසෙයි.

ජීයන්ග් සන්සුන් වෙමින් නඩුකාරවරයා දෙස බැලීය.

'කඳවුරු හතළිහක් පිපිරවීම, මිනිස් ඝාතනය ඇතුළු පොදු දේපල විනාශ කිරීම යන හේතූන් යටතේ ඔබට වසර හතරක සිර දඬුවමක් නියම කරනවා.'

ජීයන්ග් සුසුමක් හෙළුවාය. ඇගේ දෑස් ශාන්ත ලෙස පියැවිණි. පොලිස් නිලධාරිනියක් පැමිණ ඇගේ දෑත් පසුපසට කර මාංචු දැමුවාය.

යුන්ගිගේ උරය මතින් හිස සඟවා ගත් ජිමින් කඳුළු ඒම වළකා ගැනීමට තොල් සැපුවේය.

ජීයන්ග් දෑස් තදින් වසාගෙන වමනය කළ අයුරු ජිමින්ට මතකයට නැගිණි. ඔහුගෙන් වැටුණු කඳුලක් ඇගේ සොහොන තෙත් කළේය.

ඊට පැය තුනකට පසු ඇගේ මරණ වාර්තාව ලෙස අධික ලෙස රුධිරය වමනය යාම බව ලියැවී තිබිණි.

ජීයන්ග්ට පිළිකාවක් තිබුණු බවක් කිසිවෙකුත් දැන සිටියේ නැත. අවම වශයෙන් ඇය ඒ පිළිබඳ හෝඩුවාවක් හෝ පළ නොකරාය.

'ජීයන්ග්...' ජිමින් ඇඟිලි තුඩුවලින් පොළොව ස්පර්ශ කරමින් මැතිරුවේය. ඇය මියගියද ඔවුන්ගේ සිත්වල ඇය තවමත් ජීවමාන විය.

ඇය මිමිණූ වචන, ඇය එදා කෑගැසූ ආකාරය සියල්ල ජිමින්ට මතකය.

මීට වසර තුනහමාරකට පමණ පෙර තමා ජීයන්ග් සමග මෙතැන හිඳගෙන සිටි ආකාරය ජිමින්ට මතකයට නැගිණි.

'ජිමින්,' ජීයන්ග් දෙපා වනමින් විමසුවාය.

ඇයට තිබුණෙ‍ේ සූර්යාලෝකය නිසා ආලෝකමත් වූ දෑසකි. අතක තිබූ තේ කෝප්පය පසෙකින් තැබූ ඇය ඉහළ ආකාසය දෙස බැලුවාය.

'මම කවදාහරි මැරුණහම, මාව මෙතන වළදාන්න. වළදාලා සුදු ලයිලැක් මල් තියන්න... මම ඒවට කැමතියි.'

'සුදු ලයිලැක් මල්?' ජිමින් ප්‍රශ්න කළේ ඇගේ දඟකාර සිනහව කෙරෙහි සිනාසෙමිනි.

'ඔව්... සුදු ලයිලැක් මල් වලින් නිරූපණය වෙන්නේ තාරුණ‍්‍යයේ අහිංසකභාවයලු. දම්පාට ලයිලැක් මල් නිරූපණය කරන්නේ ආදරයේ ප්‍රථම හැඟීම්ලු.' ඇය විස්තර කළාය.

'ඉතින් ඔයාට දම්පාට ලයිලැක් එපාද?' ජිමින් විමසුවේ ඇගේ නාසය මිරිකමිනි.

ජීයන්ග් හඬ නගා සිනාසුණාය. 'මට මොකටද දම්පාට ලයිලැක්? මම කාටවත් ආදරේ ක‍ළේ නැහැනේ...'

ජිමින් බුම්බා ගත්තේය. 'කළේ නැහැ? ජීයන්ග් ඔයා අරියට කැමතියි නේද?'

ජීයන්ග් නිහඬව ජිමින්ගේ දෑස් දෙස බලා සිටියාය. 'ඇයි ඔයාලා එහෙම හිතන්නේ?'

ජිමින් ඇගේ හිසකෙස් අතරින් ඇඟිලි යවා කොණ්ඩ කැරැල්ලක් ඇද්දේය. 'මෝඩයා... මට නිකන් හිතුණා... ඒක ඇත්තට ගන්න එපා ඉතින්...'

ඇය සිනා නොවුණාය. 'ජිමින්... මම මුලින්ම කැමති වෙලා හිටියේ ගෑනු ළමයෙක්ට...'

ජිමින් සිනාසීම නැවැත්වීය. 'හ්ම්ම්?'

'එයා තමයි මේ කැළල මට දුන්නේ...' ඇය දකුණු ඇස හරහා වැටී තිබූ කැළැල පෙන්වුවාය. 'එයාව මරලා දැම්මා... මගේ ඇස් ඉස්සරහම...'

'ජීයන්ග්...'

'මම කැමතියි ඔයා මේ කතාව අහන් ඉන්නවා නම් ජිමින්... මට ඕන නැහැ ඒක හංගන්න...'

ජිමින් සුසුමක් හෙළීය. 'මම ඕන දෙයක් අහන් ඉන්නම්...'

'අපිව එදා පෙරමුණට යැව්වා. එයයි මමයි තව තුන් දෙනෙකුයි. අපි පස්දෙනාට සටන් කරන්න හිටියේ යුන්ගියි තව දාසය දෙනෙකුයි. යුන්ගි එතකොට ලොකු ජෙනරල් කෙනෙක් නෙවෙයි. පොඩි හික් මීයෙක්...'

ඇය සිනාසුණාය. 'මම යුන්ගිගේ නංගි කියලා දැනන් හිටපු නිසා සුරන් මට යන්න දුන්නේ නැහැ ඉස්සරහට. ඒ වෙනුවට එයා ගියා. අන්තිම මොහොතෙදි මම ඉස්සරහට යද්දි තමයි සුරන් මගේ මූණට පිහියෙන් ඇන්නේ. එයා මට කියපු එකම‍ දේ තමයි තුවාල වෙලා නිසා පැත්තකට වෙන්න අපි මේක බලාගන්නම් කියලා... ඇත්තටම එදා එයා මට පිහියෙන් ඇන්නේ මාව පැත්තකට කරලා බේරන්නයි. එදා ඒ හතරදෙනාම මැරුණා.

මාව ලෑල්ලක් යට හංගලා තමයි සුරන් යුන්ගිට ගහන්න පැන්නේ. ඒත් වුණේ සුරන්ගේ නළළ මැදට වෙඩි තියපු එක විතරයි. එයාට වෙඩි තියපු වෙලාවේ යුන්ගිගේ මූණේ තිබ්බ හිනාව.... ඒක මතක් කරන්නත් බයයි ජිමින්...'

ජිමින් සුසුමක් හෙළීය. ඇයට තම සහෝදරයා සමඟ කතා නොකර සිටීමට සාධාරණ හේතු තිබිණි.

'දැන් ඒක අමතක කරන්න... ඔයාට හරියනම කෙනා හම්බවේවි... ඔයා ආදරේ කරන කෙනා ඔයාට ලැබේවී...' ජිමින් කීවේ ඇගේ පිටට තට්ටුවක් දමමිනි.

ජීයන්ග් වේදනාත්මකව සිනාසුණාය. 'මම හිතන්නේ නැහැ එයාව මට ලැබෙයි කියලා. එයාව මට ලබාගන්න බැහැ. සහ... මට එච්චර කාලයක් නැහැ ජිමිනා...'

ජිමින් ඇගේ හිස අතගෑවේය. 'ඔයා හොඳින්ද?'

ජීයන්ග් ඉදිරියට නැඹුරුව ඔහුගේ කොපුලක් සිප ගත්තාය. 'ඔව්... මම හොඳින්... හැමදේම හරියාවි.'

'හැමදේම හරිගියේ නැහැ ජීයන්ග්. ' ජිමින් ඇග‍ේ සොහොනට මැතිරීය.

'හැමදේම හරිගියා නම් අද ඔයා ඔතන නෙවෙයි නේද ඉන්නේ ජී?' ඔහුගේ හඬ වෙව්ලමින් තිබිණි. 'හැමදේම හරිගියා නම් ඔයා අද සතුටින් ඉන්නවා නේද ජී...'

ජීයන්ග්ගේ වේදනාත්මක සිනහව ඔහුට මැවී පෙනිණි. 'ජී මට සමාවෙන්න... මට ඔයාව තේරුම් ගන්න බැරිවුණා ජී...'

'ඔයා ඉන්න තැන කොතන වුණත් ඔයාට උරුම එකම දේ සතුට විතරයි... ඒක නිසා ඔයා පරිස්සමින් ඉන්න... ඔයා නිසා හුඟක් ජීවිත දැන් සතුටින් ඉන්නවා ජී... ඔයා ජීවිත ගොඩකට එළියක් වුණා... පාරේ යන සමලිංගික දෙන්නෙක් වුණත් ඔයාට පින් දෙනවා ඇති... අනික් අය වෙනුවෙන් ඔයා කරපු දේවල්... ඔයා ගියත් ඔයාගේ නම අපි අතර තියෙනවා තාමත්...'

ඔහු සොහොන මත වූ වැලි කැට කිහිපයක් ඇඟිලි තුඩුවලින් ගෙන සිම්බේය.

'ජිමිනා...' ඔහුට තමාගේ නම පසුපසින් ඇසිණි.

'ජී?' ඔහුගේ හඬ වෙව්ලන්නට විය.

ඇය පෙරටත් වඩා සුදුමැලිව සිටියාය. ඇගේ දෑස්වල තිබුණේ ප්‍රීතිමත් බවකි. නිදහස ලැබුණාක් වැනි හැඟීමක් ඇගේ දෑසින් පළවිය.

'දැන් සේරම වෙලා ඉවරයිනේ ජිමිනා... දුක් වෙන්න එපා... අපි ජීවත් වෙන්නේ ටික කාලයක් විතරයි නිසා ඒ කාලේ උපරිම සතුටින් ඉන්න දැන්... අපිට අයිති නිදහස හම්බුණා. දැන් නිදහසේ ඉන්න පුළුවන්.'

ඇගේ ස්වරය ශාන්ත විය. එය පෙරටත් වඩා පැහැදිළි වූ අතර වදනක් පාසා එහි තිබුණේ සැනසුම් ස්වරයකි.

'ජීයන්ග්...' ජිමින් කඳුළු බේරෙන දෑසින් ඇය දෙස බැලුවාය.

ඔහු ඇයව ඇල්ලීමට අත දිගු කළද ඔහුට අසුවූයේ හිස් අවකාශයක් පමණි. ඇය සැබැවින්ම එතැන නොසිටියාය.

හිතේ මැවුණ රූපයකට ඔහු මුලා වී තිබිණි.

බිම දණගසා ගත් හේ හඬන්නට විය.

'ජිමිනා...' එවර ඔහුට ඇසුණේ යුන්ගිගේ හඬයි.

'යුන්ගි...' ඔහු සිටගෙන යුන්ගිගේ උරහිස් වටා දෑත් යැවීය. 'යුන්ගි... එයා...'

'මම දන්නවා ජිමින්... අපි එයාව තේරුම් ගත්තේ නැහැ. අපි එයාට සතුටක් දුන්නේ නැහැ... එයා විඳවලා ගියා...' යුන්ගි ඔහුව තම පපුවට තද කරගත්තේය.

'යුන්ගි...' ජිමින්ගේ ඇඟිලි තුඩුවලින් යුන්ගිගේ කමිසය පොඩිවිය.

'අපි එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරමු... එයාට ඕන වුණේ අපි හැමෝම සමානයි කියන එක අනික් අයට කියන්නයි.. ඉතින් අපි ඒක කරමු ජිමිනා...'

ඔවුන් දෙදෙනා එතැන බිමින් වැතිරුණහ. බිම පුරා සුදු කානේෂන් මලින් පලසක් සෑදී තිබිණි.

පිවිතුරු ආද‍රයේ සංකේතය වූ කානේෂන් මලින් සැදුණු පලසක් මත ඔවුන් දෙදෙනා වැතිර සිටියහ.

හිත් දෙකක් තුළ ඇති වන ආදරයට ලිංගිකත්වය, වයස, සමේ වර්ණය, ජාතිකත්වයෙන් බේද නොමැතිව පිවිතුරු විය හැකිය.

එය ප්‍රේමවන්තයන් දෙදෙනෙකු පමණක් තුළ නොව සහෝදර ස‍හෝදරියන් දෙදෙනෙකු අතරත් ඇතිවිය හැකිය. එය තේරුම් ගන්නා විට යුන්ගි ප්‍රමාදය.

ඔහු ගැන ජීයන්ග් හට තිබූ අවසාන බලාපොරොත්තුවත් ඔහු විසින්ම බිඳ දමා තිබිණි.

ජීයන්ග් සෙවූ ආරක්ෂාව හා ආදරය ඇයට ලබා දෙන්නට ඔවුන්ට නොහැකි වී තිබිණි.

ඇය ඇයටම රිදවාගත්තාය. ඇය ඇයටම සිතින් පීඩා කරගත්තාය.

ඒ ඇය ආද‍රය කළ අනෙකාගේ සතුට වෙනුවෙනි.

'යුන්ගියා...' ජිමින්ගේ සිහින් හඬින් යුන්ගි අහසට දී තිබූ අවධානය බිඳිණි.

'හ්ම්ම්?'

'ජී හිටියා නම් සතුටු වෙයි නේද?'

'මොකක් ගැනද චිම්?'

'මේ හැමදෙයක් ගැනම... අද අපි කුරුල්ලෝ පියාඹනවා බලන්නේ මෙහෙම එයා නිසා. අරියා ඉස්කෝලේ යන්නේ එයා නිසා. ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නා ළමයෙක් හදාගන්න ගත්තේ එයා නිසයි... හොසෙක්ට හමුදාවෙන් එළියට ඇවිත් රියුජින්ව බඳින්න පුළුවන් වුණේ එයා නිසයි. ජී හිටියා නම්... මේ හැමදෙයක්ම ගැන සතුටු වෙයි. එයා ලෝකෙට කරපු දේවල් ගැන එයා සතුටු වෙයි නේද?'

යුන්ගි මෘදුව ජිමින්ගේ කෙස් අත ගෑවේය. 'ඔව්... එයා හුඟක් මේ දේවල් ගැන සතුටු වෙයි. එයා අපිව දාලා ගිහිල්ලත් එයා කළ දේවල් අපි අතර තාමත් තියෙනවා...'

'යුන්ගි... ජීයන්ග් මට දවසක් කිව්වා... ඔයා ඔහොම වෙනස් වුණේ... හමුදාවේ ඉඳිද්දි ඔයාට හරියට සැලකුම් නොලැබුණ නිසා කියලා. ඒක නිසා ඔයා කරන දේවල් ගැන එයා හිතන්නේ නැහැ කිව්වා...'

යුන්ගි රෝස පැහැ ආකාසය දෙස බලමින්ම සුසුමක් හෙළීය. 'එයා හොඳ නංගි කෙනෙක්. එයා තමයි මේ ලෝකේ හොඳම නංගි.'

රතු පැහැයට හැරෙමින් තිබූ ආකාසය හරහා මද පවනක් හමා ගියේ ඔවුන් මතට මල්පෙති වට්ටවමිනි.

'යුන්ගියා...' ජිමින් යුන්ගිගේ අතකින් අල්ලා ගනිමින් මිමිණීය. 'මම ඔයාට ආදරෙයි.'

යුන්ගි සිනාසී ජිමින්ගේ කොපුලක් සිප ගත්තේ වසර තුනහමාරකට පෙර ජීයන්ග් කළ ආකාරයටමය. 'මාත් ඔයාට ආද‍රෙයි චිම්.'

'යුන්ගි... ජීයන්ග් සතුටින් ඉන්නේ. මට ඒක දැනෙනවා. එයා දැන් සතුටින්!' ඔවුන්ගේ සිප ගැනීම තුළට ජිමින් මැතිරුවේ යුන්ගිගේ විඩාබර සිත නිවමිනි.

________________________

අහෙම්.. ඉතින් ඕක තමයි කතාව. ඇත්තම කියන්න මේ කතාව මීට වඩා දිගට ලියන්න හිටපු එකක්. මීට වඩා සෑහෙන කෑලිත් තිබුණා කතාවේ.

ඒ ටික නොලියා හිටපු හේතු දෙකයි.

1. ලංකාවේ මිනිස්සු සමහර දේවල් පිළිගන්න කැමති නැහැ.

2. මට කම්මැලියි.

ඔන්න ඔය හේතු දෙක නිසා මේ කතාවේ මග ඇරුණ කෑලි අනන්තයි. ඒත් මේ කතාවේ ඉංග්‍රීසි එකේ ඒ සේරම දේවල් ටික තියෙනවා. මොකද යුරෝපීය මිනිස්සු ඒවා ගැන දන්න නිසා මට ලියන්න බයක් නැහැ. අපේ අයත් එක්කනේ බැරි. කිස් කරන එකක් ලිව්වත් මරන් කන්න බලන් ඉන්නවනේ.

ජීයන්ග් කියන චරිතේ කතාවෙන් එහාට ගිහිල්ලා මගේ ඇත්ත ජීවිතේටත් ඇවිල්ලා වගේ මට ළඟදි දැනෙන්න ගත්තා. මම නිදාගන්න යනකොටත් ජීයන්ග් ගැන හිත හිත ඉන්න සීන් එකක් තිබ්බා වගේ මතකයි. එයාට සාධාරණයක් කරන්න ඕන නිසයි රිපෝට් වෙන්න හරි කමක් නැහැ කියලා මේක දැම්මේ.

වචන තුන්දාහක්+ (3000+) මම එච්චර දිග එකක් කවදාවත් ලියලා නැහැ. මේ ටික ලියන්න මට දවස් දෙකක් ගියා. ලිව්වා ලිව්වා ලිව්වා රෑ වෙනකන්ම ලිව්වා. ඊට පස්සේ අද පාඩම් කරලා පන්ති ගිහිල්ලා ඉවර වෙලා ආයෙත් ලිව්වා. ඒක නිසා හිත හොඳ ළමයි වගේ වෝට් කමෙන්ට් කරන්න.

ඔබ, ඔබ ලෙස ජීවත් වන්නේ එක සැරයකි. ඔබ සේම ඔවුනුත් ජීවත් වන්නේ එක සැරයකි. ඔබ ජීවිතය විඳිනා අතරේම ඔවුන්ටත් එය විඳින්නට දෙන්න.

- සසොරි -

- නිමි -

Continue Reading

You'll Also Like

82.1K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
114K 10K 49
????This is not Translation. ????This is my 2nd Own creation. 21ရာစုမှ လင်းခေတ်တရာ ဟာ ခါးပိုက်နှိုက်တစ်ယောက်နောက်ကိုလိုက်ရင်း ဓားထိုးခံရကာ သေသွားတာကြ...
68.7K 4.8K 26
သူမရဲ့ဖြစ်တည်မှုလေးကိုသဘောကျမိတယ်❤
5.3K 1.5K 10
''අපි එහෙම කරමු.'' ජින් විරිත්තුවා. ටේහ්‍යුන්ග් එයාගේ යාළුවන්ගේ බල කිරීමට ව්‍යායාම කරන්න පුද්ගලික පුහුණුකරුවෙක් අර ගත්තා. ඒත් ඒ පුහුණුකරුවා ව්‍යායාමය...