Arrow || Completed || KTH

By Bunnykoo_24

11.5K 2.2K 257

Ice like my heart You brought warmth You changed me.... Drought like my life You pour rain You heal me.... ... More

(01)💗 Haphazard meet 💗
(02) 💗 where is my girl?? 💗
(03) 💗 Sister and brothers💗
(04) 💗 Ice cream 💗
(05) 💗 great plan 💗
(06) 💗 sad story 💗
(07) 💗 First sight of love 💗
(08) 💗 hurt 💗
(09) 💗 jichan and jimin 💗
(10) 💗 heart patient 💗
(11) 💗 colourful tablets 💗
(12) 💗 jenny 💗
(13) 💗 Friends 💗
(14) 💗 Arrow 💗
(15) 💗 She loves me 💗
(16) 💗 Unexpected attack 💗
(17) 💗 Is he still alive 💗
(20) 💗 mafia leader 💗
(21) 💗 Hurt 💗
(22) 💗 Good bye 💗
(22) 💗 what a pleasant surprise 💗
(24) 💗 Kooky & Arrow 💗
(25) 💗 Underground palace 💗
26.)💗 End of the love story?? 💗

(18) 💗 In the van 💗

327 78 2
By Bunnykoo_24

" ලෑස්ති වෙයන් ඇරෝ තෝ මට කරපුවට වන්දි ගෙවන්න. හහ්හ්.....හහ්...හා...."

ජන්ග් හ්‍යුන්ග් හරි සතුටෙන් එයාගේ ටීම් එකත් එක්ක ඇරොවයි ජීචැන්වයි එයාලාගේ වෑන් එකකට නැග්ගුවා. ජන්ග් හ්‍යුන්ග්ට ඕනේ ටේව පුලුවන් තරම් රිද්දන්න. ඒ නිසා එයා ජීචෑන්ව එයා ගෑවින් වාඩි කරගෙන කෙල්ලගේ කරටත් අත දාලා කෙල්ලව එයාගේ ඇගට තද අරගත්තා. ජීචෑන්ට නම් මේ මනුස්සයාගේ ඇගේ ගෑවෙද්දිත් අප්පිරියයි. එයා දගල දගල ජන්ග් හ්‍යුන්ගෙන් ඈත් වෙන්න ෆුල් ට්‍රයි එක. ජන්ග් හ්‍යුන්ග් හිනා වෙන ගමන් බැලුවේ ටේගේ මූන. ඔව් ඔව් ඒක එයා බලාපොරොත්තු වුනා වගේම තරහෙන් පුපුරන්න ඔන්න මෙන්න. ඒත් ටේටත් කරගන්න දෙයක් නෑ

" යාහ්හ්හ් තමුන්ට මම හොද හිතින් කියන්නේ කෙල්ලව අතෑරපන්. තමුසෙට ඕනේ දෙයක් මට කරහන් බන්. මමනේ මේ ඔක්කොටම වැරදිකාරයා. ඔය අහිංසක කෙල්ලට පාඩුවේ ඉන්න දීපන්. " ටේ එයාගේ දෙපැත්තෙන් ඉදන් එයාව අල්ලන් ඉන්න මිනිස්සු දෙන්නවත් තල්ලු කර කර හැදුවේ ජීචෑන් ගාවට එන්න.

" ඇරෝ මම තමුසේට මේ පුදුම තරම් ඉවසීමෙන් කියන්නේ... දගලන්නැතුව හිටහන්. මට තරහා ගියොත් මම මෙතන මොනවා කරයිද දන්නෑ. පේනවනේ නේ මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා?" ජන්ග් හ්‍යුන්ග් එයාගේ අතේ තිබ්බ තුවක්කුව වන වන කියද්දි නම් ටේගේ දැගලිල්ල නිකන්ම නැවතුනා. ඒත් එයාගේ ඇස් නම් කෙලින්ම තිබ්බේ ජීචෑන් ගාව. ජන්ග් හ්‍යුන්ග් ටේට පේන්නම කෙල්ලව තව ටිකක් ලගට අරන් කෙල්ලගේ තොල් කිස් කරන්න ගත්තේ කට කොනින් හිනා වෙලා ඇරෝ දිහා බලන් ගමන්. ජීචෑන් පුලුවන් තරම් ශක්තිය දාලා ජන්ග් හ්‍ය්න්ග්ව තල්ලු කලත් වැඩක් වුන්නෑ. තල්ලු කරන කරන පාරට කෙල්ලව තව ටිකක් තද කරලා බදාගන්න එකයි වුනේ. ඔය දිහා ගිනි පුපුරු පිටවෙන ඇස්වලින් ටේ බලන් ඉන්නවා. ඒත් එයාට කරගන්න දෙයක් නෑ.

ජන්ග් හ්‍යුන්ග් තාමත් එයා දිහා බලන් තුවක්කුව කරකෝලා පෙන්නනවා. ටේ ගොඩක් අසරන වෙලා මේ වෙලාවෙ. එයාට බලන් ඉන්න බෑ මේ කොහෙවත් යන කොස්ඇට මැස්සෙක් එයාගේ කෙල්ලව කිස් කරනවා. ඒත් එයාට දගලන්නවත් බෑ. ජන්ග් හ්‍යුන්ගේ අතේ ගන් එකක් තියෙනවා. කොල්ලට බය එයාට වෙඩි වදී කියලා නෙමේ. වෙඩි වැදුනත් කෙල්ලව බේරගන්න පුලුවන් නම් එයා එක තත්පරයක් නාස්ති නොකර ඒක කරනවා. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ ජන්ග් හ්‍යුන්ග් කෙල්ලට වෙඩි තියයිද කියන එක. අනික ඌ කෙල්ලට නැතිව ටේට වෙඩි තිබ්බත් මේ යන වාහනෙන් ටේ කොහොම එලියට පනින්නද? කොහොම කෙල්ලව බේරගන්න ද?

ටේ ශේප් එකේ එයාගේ සක්කුවේ තිබ්බ සාක්කු පිහියක් එලියට අරන් එයාගේ අත් ගැට ගහලා තියෙන පටි කපන්න ගත්තේ එයාගේ දෙපැත්තෙන් guard එකට දාලා තියෙන මොන්ගල් ජෝඩුව ජන්ග් හ්‍යුන්ග් ජීචෑන්ව කිස් කරන දිහා කටවල් ඇරන් බලන් හිටිය නිසා. කොහොමත් ටේට අරූ තමන් පනටත් වඩා ආදරේ කරන කෙල්ලව කිස් කරනවා බලන් ඉන්න ඕනේ වුනේ නෑ. එයා ඒ ලැබුන චාන්ස් එකෙන් එයාගේ අතේ තිබ්බ බැමි ලිහාගෙන ප්‍රාර්ථනා කලේ ඉක්මනට මේ වාහනේ නවත්තන්න කියලා. මොකද ටේට තේරුනා අරු ජීචෑන්ට ගොඩක් රිද්දනවා කියලා කෙල්ල කෙදිරි ගාන සද්දෙන්ම. ටේ ප්ලෑන් කලේ වාහනේ නවත්තපු ගමන් කෙල්ලවත් ඇදගෙන දුවන්න.

' මේ මොන්ගල් ජෝඩුවයි අර කොස්ඇට මැස්සයි හිතන්නවත් කලින් කෙල්ලව ඇදන් දිව්වා නම් ගහකට හෙත්තු වෙලා හැංගෙන්න තිබ්බා. අනික මේ ගොන් යක්කු ටිකට අබ ඇටේක තරම්වත් මොලයක් නෑ. එයාලා මේ කිඩ්නැප් කරන්නේ එසේ මෙසේ මනුස්සයෙක් නෙමේනේ. මාෆියා ලීඩර් කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් කිඩ්නැප් කරද්දි ලේසියෙන් කපාගන්න පුලුවන් පටි වලින් බදින්නේ මොන බූරුවද? අනික උන්ට මතකත් නෑ අපේ සක්කුවල තියෙන ලට්ට ලොට්ට අයින් කරන්න ඕනේ කියලා. අඩුම අපේ ෆෝන්වත් මේ මිනිස්සුන්ට ගන්න මතක් වුනේ නෑ. ඒකත් හොදයි. ඒ නිසා යාන්තම් කුකියට කෝල් එකක් ගත්තා. දැනටමත් එයාලා ලොකේශන් හොයන් අපිව follow කරනවා ඇති. මෙයාලා සාක්කු චෙක් නොකල එකට පින් සිද්ද වෙන්න සාක්කුවේ තිබ්බ චූටි පිහියෙන් පටිත් කපා ගත්තා. අනික මගේ ඉනේ හන්ගලා තියෙන ගන් එකත් තියේ නේ. අපි දෙන්නා දුවන් ගිහින් ගහකට මුවා වුනා නම් මට අරුන් ටික ඉවර කරන් එක සිම්පල්. මොකද මුන් එකෙක්ටවත් ගන් එක ලග තිබ්බට හරියට shoot කරන්නවත් පුලුවන් ඇති කියලා මම හිතන්නෑ. ' ටේ හිතින් ගගහා හිටිය ප්ලෑන් එක ස්ටක් වුනේ එකපාරට ලොකු කැලෑවක් ලගින් වාහනේ නැවත්තපු නිසා.

'ඔහ්හ් නෝඕඕ... දෙන්නම් මල්ලි ජම්බු... මුන් මේ අපිව කැලේකටද එතකොට එක්කන් ආවේ. පේනතෙක් මානෙක බිල්ඩින් එකක්වත් නෑ. මරුනේ.... ලේසියෙන් පැනගන්න පුලුවන්. ෆයිටින් කොල්ලෝ ඔයාගේ ජීචෑන් වෙනුවෙන් කොහොමහරි මෙතනින් බේරිලා යමු.' ටේ තමන්ටම කියාගෙන අර මොන්ගල් ඩබලගේ අත්වලට මැදිවෙලා වෑන් එකෙන් එලියට බැස්සා. ටේ එයාගේ අත් බැදලා වගේ පිටිපස්සට කරගෙන ඒ බැදපු පටියත් එයාගෙම අතින් අල්ලගෙන හිටියේ, ඒක කොහෙහරි වැටුනොත් සැක හිතෙයි කියලා. වෑන් එකෙන් බැහැලා එයා ගොඩක් ඉවසීමෙන් බලන් හිටියේ ජීචෑන් බහිනකන්. ඒත් ජීචෑන් වෑන් එකෙන් බැහැපු විදිය දැක්කාම ටේගේ අත මිට මෙලවෙන්න තත්පර අරික්කාලක්වත් ගියේ නෑ. ජීචෑන් හිටියේ ඇවිදගන්නවත් පන නැතුව. කෙල්ලගේ මුලු මූනම සුදුමැලි වෙලා. රතු වුන තොල් පැලිලා ලේ එනවා. කෙල්ලව මේ විදියට දැක්කාම ලේසියෙන් කදුලු උනන්නැති ටේගේ ඇස් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

" ආහ් මොකෝ මේ මහ ලොකු චන්ඩියා අඩන්නේ?? ඇයි ඔයාගේ සිහින් කුමාරිගෙ තොල් ඔයා අතින් නැතුව මගේ අතින් තුවාල වුන එකට දුකද? "

" තමුසෙට මම...... " ඇරෝ හැදුවේ ජන්ග් හ්‍යුන්ගේ බෙල්ලෙන් අල්ලන්න. ඒත් අර මෝඩ ඩබල ටේව අල්ලගත්තා. ටේගේ දැහලිල්ල නවත්තන්නැති තැන එක guard කෙනෙක් දහිස නවලා ටේගේ බඩට ගහපු පාර ටේ බඩත් අල්ලන් බිම දනගහගත්තා. එහෙම්ම ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්ත ටේ එක පාරටම නැගිටලා ජීචෑන්ගේ අතින් ඇදන් දුවන් ගියේ ජීචෑන් පරඩැලක් වගේ ටේගේ පිටිප්ස්සෙන් ඇදිලා යද්දි.

" අරුන් දෙන්නව අල්ලගන්නවා...." මුලින් වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ශොක් වෙලා හිටිය ජන්ග් හ්‍යුන්ග් එයාගේ guard ලට කෑගහන්න ගත්තා. ඒත් වාසනාවකට ඒ වෙද්දි ලොකු ගහක් පිටිපස්සෙ හැංගෙන්න ටේටයි ජීචෑන්ටයි පුලුවන් වුනා.ඇරෝ හිතුවා හරියටම හරි. මෙතන ඉන්න එකෙක්ටවත් හරියට ඉලක්කෙ ගන්නවත් බෑ. ඒත් ටේට මේ මිනිස්සු එක්ක තවත් සෙල්ලම් කර කර ඉන්න විදියක් නෑ. ටේ දැක්කා ජීචෑන් ඉන්න තත්වේ ඒ තරම් හොද නෑ කියලා. කෙල්ලට කෙලින් හිටන් ඉන්න පන නෑ. ඒ නිසා ටේ ජීචෑන්ගේ ඇස් දෙක එයාගෙ එක අතකින් වහගෙන එයාට තුරුල් කරගෙන අර මිනිස්සුන්ට shoot කරන්න ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් ටේට ඒ ඔක්කොම බිම දාන්න පුලුවන් වුනා. වෙඩි සද්දේ ඇහෙන ඇහෙන පාරට ජීචෑන් බයේ වෙව්ල වෙව්ල තවත් හයියෙන් ටේව බදාගන්නවා කියලා ටේට තේරුනා. කෙල්ලට කෙලින් හිටගෙන ඉන්නත් බැරි තරම් දුර්වල වෙලා බය වෙලා ඉන්නේ කියලා ටේ හොදටම දැක්කා. මොකද ජන්ග් හ්‍යුන්ග්ලා හම්බුන වෙලේ ඉදන් වුන හැමදේකින්ම ජීචෑන්ව බය වුන එක වුනේ කියල ටේ දන්නවා.

ටේ අන්තිමටම ඉතුරු වෙලා හිටිය ජන්ග් හ්‍යුන්ග්ට වෙඩි තියන්න යද්දිම එතනින් වෑන් එකක් ඇවිත් නැවැත්තුවා. ඒ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරං ජන්ග් හයුන්ග් කැලේ ඇතුලට පැන ගත්තා.

" ආයිශ්ශ්ශ්ශ්..... අරෑව අල්ලගන්නවා.... " ටේ මල පැනලා ඕනම එකාට වෙඩි තියාගන්න බැරිවුන නිසා. ඒත් එක්කම මෙච්චර වෙලා ටේට තුරුල් වෙලා හිටිය කෙල්ල එකපරටම පන නැතුව වැටෙන්න ගියා. ජීචෑන්ට සිහිය නැති වුනා.

"ජීචෑන්...ජීචෑන්... අනේ කතාකරන්නකෝ ප්‍රින්සස්... අනේ මැනික මොකෝ මේ?? යාහ් හ්‍යුන්ග් ඉක්.. ඉක්මනට යමු mansion එකට. ඉක්මන් කරන්න. කුකියෝ මෙහෙ වර. ඕකාව පස්සෙ අල්ලගමු. චාමිට කෝල් කරලා විස්තරේ කියලා ලෑස්ති වෙලා ඉන්න කියන්න. " ටේ හැමෝටම අන දිදී ඉක්මනට වෑන් එකට නැග්ගා.

*******************

යූංගි දැන් nis එකේ වැඩට ඇවිත් මාස 6ක් විතර වෙනවා. මේ කාලේ ඇතුලත් nis එකේ වැඩ කරන හැමෝම එක්ක යූංගි හිතවත් වුනා වගේම එයාට විශ්වාසවන්තම සාමාජිකයන් පහකගෙන් යුත් ටීම් එකක් හදාගන්නත් එයාට පුලුවන් වුනා. ඒ විතරක් නෙමේ දැන් යූංගිට ක්‍රෂ් එකකුත් ඉන්නෝ. එයා යූංගි යටතේ ඉන්න agent කෙනෙක්. නම කිම් හේරා. යූංගිගේ විශ්වාසවන්තම සාමාජිකයන් පහෙන් එක්කෙනෙක්. ඒ ටීම් එක හැදින්වූයේ ඇල්ෆා ටීම් කියලා. ඒකේ ගෑනු ලමයි 2යි පිරිමි ලමයි 3යි තමා ඉන්නේ.

යූංගිටයි මේ ඇල්ෆා ටීම් එකටයි එයාලගේ ලොක්කා ලොකු වැඩක් බාරදුන්නා. ඒ තමයි සෝල් නගරයේ මේ වෙද්දි වෙන නීතිවිරෝධී ජාවාරම් පිලිබදව හොයන්න. ඉතින් මෙයාලා දැනගත්තා දැනට තියෙන නීතිවිරෝධී ජාවාරම් ඔක්කොටම වගේ මාෆියාව සම්බන්ධයි කියලා. ඒ නිසා මේ දවස්වල ඇල්ෆා ටීම් එකේ ප්‍රධානම ඉලක්කේ ඩ්‍රග් ඩීල් කරන මාෆියා කල්ලි ගැන හොයන එක.

" යූංගි සර්... සර් මේ තියෙන්නේ සර් ඉල්ලපු ඩීටේල්ස්.." agent b2 ඇවිල්ලා යූංගිට ෆයිල් වගයක් දුන්නා. ඇල්ෆා ටීම් එකේ අය එකිනෙකාව අදුන්වලා දෙන්නේ agent b1, agent b2, agenat b3, agent g1, agent g2 කියලා. (B කියන්නේ boys එක. G කීයන්නේ ගර්ල්ස් කියන එක. මෙතනින් agent g1 කියන්නේ කිම් හේරා හෙවත් යූංගිගේ හිත ගත්ත ගෑනු ලමයා.)

" හරි agent b2 දැන් ඔයාට යන්න පුලුවන්. ආහ් යන ගමන් agent g1ට මගේ කැබින් එකට එන්න කියන්න. "

" හරි සර්..." agent b2 යූංගිට bow කරලා රූම් එකෙන් එලියට ගියා. යූංගි ෆයිල් එක චෙක් කර කර ඉද්දි ටික වෙලාවකින් කවුරු හරි දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා. යූංගිගේ මූනේ නම් මල් හතයි. එයා ඉතින් දන්නවානේ මේ වෙලාවේ එක්කෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් එයාගේ කැබින් එකට එන්නෑ කියලා.

" come in"

" Excuse me sir... සර් මට එන්න කියලා තිබ්බේ?? "

" ඕ ඉදගන්න agent g1. " ඔව් ඔව් යූංගි මේ මෙච්චර වෙලා බලන් හිටියේ හේරා නැත්නම් agent g1 එනකන් තමා. ඒත් කෙල්ල ඉස්සරහා ඒ බව නොපෙන්වා යූංගි එයාගේ සුපුරුදු do not care සීන් එකට එන්ටර් වුනා.

" මට මේ ෆයිල් එක agent b2 දීලා ගියෙ. මට පොඩ්ඩක් මෙයාලා ගැන විස්තර කියනවද? මම මෙහෙට අලුත් නිසා මම වැඩිය මෙයාලා ගැන දන්නෑ. ඉතින්...."

" හරි සර් මම කියන්නම්." හේරා ලස්සන හිනාවක් දාන් කියද්දි යූංගි පිටින් කොහොම හිටියත් ඇතුලෙන් නම් හිරු එලියට කොටුවුන හිම බෝලයක් වගේ දිය වෙලා යන සයිස් එකක හිටියේ. ඊටපස්සෙ හේරා ගැන ගොඩාක් විස්තර කිව්වා. ඒවයින් සමහර ඒවා කොල්ලාගේ ඔලුවට ගියාට සමහර ඒවා ඇහුනෙවත් නෑ. යූංගි හිටියේ හේරාගේ ලස්සනට වශී වෙලා, එයාගේ ඇස් ඇතුලේ කිමිදිලා. අන්තිමට ඔක්කොම විස්තර කියලා ෆයිල් එකත් යූංගිගේ අතට දීලා හේරා කැබින් එකෙන් එලියට ගියා. ඒත් කොල්ලා තාම එයාගේ මනෝ මන්දිරය හදනවා. ටික වෙලාවකින් ආපහු කවුරු හරි යූන්ගිගේ කැබින් එකේ දොරට තට්ටු කලා. කොල්ලාට කොහෙද ඕවා ඇහෙන්නේ. එයා ඉතින් එයාගේ හිතත් එක්ක ලොකු වැඩක්නේ. ඊටපස්සේ දොරට තට්ටු කරපු කෙනා දොර ඇරලා ඔලුව විතරක් ඇතුලට දාලා බලලා හිනා වෙවී කැබින් එක ඇතුලට ඇවිත් යූංගිගේ මූන ඉස්සරහා අත් එහාට මෙහාට කරද්දි තමා යූංගි සිහින ලෝකෙන් බිමට බැස්සේ.

" යාහ්.. ජිමිනා... මම බය වුනා ඕයි..."

" හහ්හ්.... බය නොවී තියේද ඉතින්, මේ ලෝකේ නෙමේනේ හිටියේ?? අර හයුන්ග් රෑට රෑට බැල්කනි එකට වෙලා ෆොටෝ එකක් දිහා බලන් ලස්සනයි ගගා මැරෙන්න යන නූනා ගැනද ඔය හිත හිත හිටියේ??"

" ජිමින්න්න්න්න්......." යූංගියාට හිතා ගන්න බෑ මේ හොරගෙඩියා කොහොමද එයා රෑට බැලකනි එකට වෙලා හේරගේ ෆොටෝ එක දිහා බලන් ඉන්නවා දකින්නේ කියලා. ඊටත් වඩා සුට්ටක් සූට්ටක් විතර කොල්ලට සැජ්ජාත් හිතුනා ඉතින්.

" වේ හ්‍යුන්ග්...????" ජිමිනා හිනාවත් කාගෙන මුකුත් නොවුන ගානට ඇහුවා.

" අනී. මුකුත් නෑ. දැන් කියනවාකෝ ඇයි මෙහේ කියලා. තෝව ඔෆිස් එකෙන් එලෙව්වා කියලා නම් කියන්නෙපා ඕන්. හැබැයි එහෙම කලත් මම පුදුම වෙන්නෙත් නෑ. මොකෝ ඉතින් මුගේ පුස් කාපු මොල රාජයාගෙන් ගන්න පුලුවන් වැඩැක් නෑනේ."

" හ්‍යුන්ග්..." ඔන්න ඒ පාර මූන ඇද කරගත්තේ ජිමින්.

" හරි හරි බන් ඉතින් කියහන්කෝ වෙනදට මගේ ඔෆිස් එකට වැස්සටවත් එන්නැති එකා අද මොකෝ මේ හොදට ඉර පායලා තියෙද්දිත් ඇවිත්."

" නිකන් අප්පා. මේ ඔයා nis එකේ තමා. ඒත් මගෙන් අපරාධකරයෙක්ගෙන් වගේ ප්‍රශ්න අහන්නෙපා අප්පා."

" මෙතන ඉන්න අපරාධකරයෝ උබට වඩා හොදයි ජිමිනෝ..අහ්හ් හරි හරි මම ආයි විහිලු කරන්නෑ. ඉතින් කියහන්කෝ ඇයි ආවේ කියලා? මොකක් හරි ප්‍රශ්නයක් ද?"

" අනී හ්‍යුන්ග් අද ටේහ්‍යුන්ගා ජීචෑන් එක්ක පාර්ක් යනෝ කියලා කලින් ඕෆ් වුනා. ඉතින් මටත් කලින් යන්න කිව්වා. "

"ආහ් ඒකයි මේ... ඉතින් උබ මෙහෙ? උබටත් තිබ්බනේ බන් ජෙනී එක්ක වටයක් ගහන්න."

" අපෝ හ්‍යුන්ග් දැන් ඔයා හදන්නේ මාව එලෝගන්නද? එහෙනම් ඔච්චර වටේ යන්න ඕන්නෑ. මම යන්නම්.. ඔයාට ඉතින් නූනත් එක්ක මල් කඩන්නත් ඇතිනේ... හී හී"

" අනේ මේ විකර නොකර ඉදින් බන්. විහිලුවක් කලේ..."

" ආහ් ඒක නෙමේ හ්‍යුන්ග් ඔයා කොහොමද ටේහ්‍යුන්ගාව දන්නේ? "

" ඔය ටේහ්‍යුන්ගා කියන්නේ අපේ ජීචෑන්ගේ බෝයි නේද? උබේ මහ ලොකු බොස්.. එහෙමනේ?"

" ඕ හ්‍යුන්ග් එයා තමා. "

"මම කොහොමද බන් ඌව දන්නේ? උබවත් උබේ මහා ලොකු නගාවත් මට පෙන්නුවයෑ. ජීචෑන්ගෙන් එයාගේ කොල්ලගේ ෆොටෝ 1ක් පෙන්නන්න කිව්වාම කිව්වා ෆොටෝ පෙන්නලා බෑ, ගෙදරටම එක්කම් ඇවිත් පෙන්නන්නම් කියලා."

" ඉතින් ඒක් ඇත්තනේ හ්‍යුන්ග් නංගි පස්සෙ පෙන්නයි. හා හා ඕනෙම නම් මම පෙන්නන්නම්. ඒත් ඒක ඕනේ වෙන එකක් නෑ වගේ. හ්‍යුන්ග් ගාව දැනටමත් එයාගේ ෆොටෝ එකක් තියේනේ."

" ඈහ් මොකක්?? මේ මං ගාව? උබට පිස්සුද බන්??"

" නැත්තේ මොකෝ හ්‍යුන්ග්. ඔය රතු පාට ෆයිල් එක ඇතුලේ තියෙන්නේ? ඕක දැකලා තමා මාත් අහන්නේ ඔයා කොහොමද ටේහ්‍යුන්ග්ව මගේ සෝල්මේට්ව දන්නේ?"

" මොකක් කිව්වා සෝල්මේට්? ඈ උලමෝ... සෝල්මේට් කියන්නේ ගර්ල්ෆෙන්ඩ්ටනේ ඕයි."

" අනේ මේ හ්‍යුන්ග් එහෙම එකක් නෑ. මායි ටේටේයි සෝල්මේට්ලා එච්චරයි."

" මේ ජිමිනා උබ කිව්වේ මේ කිම් ටේහ්‍යුන්ග් කියන කෙනා ගැනද??"

" ඕ හ්‍යුන්ග් වේ?? ඔයා එයාව දන්නෝද? වාහ්හ් මරුනේ.. හ්‍යුන්ග් දන්නවාද එයා ගොඩාක් හොදයි අනේ. මෙච්චර කාලෙකට මට ලැබුන හොදම යාලුවා. ඒවගේම එයා ජීචෑන්ට ගොඩාරියක්ක් ආදරෙයි හ්‍යුන්ග්"

" අන්දේ ජිමිනා. අන්දේ..... " යූංගි එකපාරට කෑගහගෙන් නැගිට්ට පාර පුටුවත් බිම. ජිමිනුත් බය වෙලා වගේ යූංගි දිහා බලන් ඉන්නවා. එයාට හිතාග්න්න බෑ මේ හොදට හිටිය කොල්ලාට එක පාර මේ මොකක් වුනාද කියලා.

🌟🌟🌟🌟🌟🌟

අද දවසට chapter 2ක් දුන්නා.😋😋

Guess karanna balanna taetai jichantai mokak weida kiyalaa...
Ethakota jimintai yoongitai mokak unada??🤔🤔

Bye
🤗🤗
😘😘

Continue Reading

You'll Also Like

27K 5.7K 18
මතකය අමතක උනු එයා වෙනුවෙන් බලන් ඉන්න මගේ කතාව ✨️ Started Date : 11.04.2021 Ended Date : 22.04.2021 All rights reserved under the copyright claim. Co...
54.7K 7.7K 29
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
2K 400 22
"Hide - and - seek , grown - up style . Wanting to hide . Needing to be sought . Confused about being found ." Seoul නගරයේ ඛේදවාචකය! එක දිගට සිදුවන...
42.3K 11.4K 42
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥