My vampire (Complete)

By SanduniMadhushika

15.8K 3.6K 232

උන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි... More

character intro
1
2
3
4
5
6
7
8
9
10
11
13
14
15
16
17
18
19
20
💕💕💕
Happy moment 🎊

12

572 148 10
By SanduniMadhushika

@dorm
After few days

Tae pov.
මේ දවස් ටිකේ කොච්චර අමතක කරන්න හැදුවත් මට නිතරම යුරා එක්ක shop එකේ වැඩ කරන සුයාව සැරෙන් සැරේ මතක් වෙනවනෙ. යුරාට ආයෙ coffee shop එකට යන්න එපා කියපු නිසා මට තාම පාඩුව. අපිටත් මේ දවස් වල කොහෙවත් යන්න එපා කියල තියෙන්නෙ චෝයි උගෙ රැලයි අපි ඉන්න තැන දැනගෙන නිසා. ඒත් අද නම් මම කොහොම හරි එලියට යන්න ඕනි. මට එලියට යා ගන්න උදව්වක් ජිමිනාගෙන් ගන්න පුළුවන් වෙයි. මම ගියේ ජිමිනාගෙ කාමරේට. ඒ යනකොට මේක කොට්ටෙ බදන් නිදි. අම්මප මූටත් සුගා හියොන්ග්ගෙ නිදි දෙව්දුව වැහිලද කොහෙද? මම දුවගෙන ගිහින් ඇඟට පැන්න.

🐥අම්මෝ!!!! මොන මගුලක්ද යකෝ තෝ කරන්නෙ. මගෙ කොන්ද නෑ වගේ.

🐯 මොකක්ද යකෝ මේ නිදා ගන්න වෙලාවක් ද? නැගිටපිය.

🐥 ශික් තොපි වගෙ පාප මිත්‍රයෝ නිසා මට හීනෙන්වත් කෙල්ලෙක් සෙට් වෙන්න දෙන්නෙ නෑ.

🐯අනේ උබයි උබේ කෙල්ලයි. මේ ඒක නෙමෙයි. ජිමිනෝ......... මට එලියට යන්න පොඩි අයිඩියා එකක් දියන්කෝ.

🐥ඒ මොකද එක පාර.... පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඔය යන්න හදන්නෙ coffee shop එකේ කෙල්ල බලන්න නේද?

🐯 පිස්සුද මම මොකටද ඒ කෙල්ල බලන්න යන්නෙ.

🐥අනේ උබත් මටනෙ බොරු කරන්නෙ මම දැක්කනෙ එදත් කටත් අරන් බලන් ඉන්නවා.

🐯අ....අ.... මේ ඒ නිකන්. මෙ උබට පුළුවන්ද කියන්නකෝ.

🐥හරි හරි බන්. උබට නොකරන දෙයක් තියේද? මම අහල බලන්නම්.

ජිමිනා මාත් එක්ක පහලට එනකොට ජින් හියොන්ග් කිචන් එකේ. මට ඉන්න කියල ජිමින් ජින් හියොන්ග් එක්ක කතා කරන් එන්නම් කිව්වා. මුගෙ මූණෙ හිනාව මට වැඩිය ඇල්ලුවෙ නෑ. ඒත් කොහොම හරි මට එලියට යා ගන්න පුළුවන් උනොත් ඇති. ටිකකින් ජිමිනා මම ඉන්න තැනට ආවෙ කපටි හිනාවත් එක්කමයි.

🐯 මොකද කිව්වේ. හියොන්ග් යන්න කිව්වද?

🐥හ්ම්ම්ම් යන්න කිව්ව.... මාත් එක්ක.

🐯ඈ............. උබ එක්ක. උබ මොකටද?

එතකොටම

🦄තේහියුනා ජිමින් එක්ක ගිහින් එන්න. මම දන්නවා ඔයා ඒ වගේ වැඩක් කරන්නෙ නෑ කියල. ඒක බොරුවක් වෙන්න ඇති. මම එන්න ඇහුවම ඕනි නෑ කිව්වනෙ. දෙන්න එක්ක ගිහින් එන්න. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මට හරි නම්ජුන් හියොන්ග් ට හරි කතා කරන්න.

මට එවලෙ ඒ කියපු කිසිම දෙයක් තේරුනේ නෑ. මම ඒක අහන්න කට අරිනකොටම ජිමිනා මාවත් ඇදන් එලියට ගියා. මම ඒක ජිමිනාගෙන් අහගන්න හිතා ගත්තෙ මේකා මොකක් කියල එලියට යන්න කැමති නොගත්තද දන්නෙ නෑ කියල හිතුන නිසා.

🐯ජිමිනො මොකක්ද අර හියොන්ග් කිව්වෙ. මට තේරුනෙ නෑ.

🐥ආ....... ඒකද ඒක ලොකු දෙයක් නෙමෙයි. මම කිව්වෙ උබ නිසා උබ යාළු වෙලා හිටිය කෙල්ල ප්‍රෙග්නට් වෙලා කියල බොරු කියනව කියල. ඉතින් ඒක විසදන්න යන්නෙ කිව්ව.

🐯ආ ඒක මිසක්. ඈ........ තෝ මොකක්ද කිව්වෙ. මගෙ නිසා කෙල්ලෙක් ප්‍රෙග්නට් වෙලා. යකෝ උබ වගෙ මම කෙල්ලො එක්ක යාළු වෙලා නෑ. මම තාම නොඉදුල්. මම තාම මගෙ ෆස්ට් කිස් එකවත් දිලා නෑ. එහෙම එකේ මොකක්ද අර කියපු කතාව.මම අද තෝව මරනවා.

🐥අතෑරපන් යකෝ මගෙ බෙල්ල. උබට මැරෙන්න ඕනි උනාට මට අඩු වයසින් මැරෙන්න බෑ.

මම බෙල්ල අතෑරියෙ අර කිව්වත් වගෙ කාර් එක කොහෙ හරි ඇන ගනී කියල හිතුන නිසා.

🐯ඕක කිව්වට වඩා හොදයි ළමයා හම්බ වෙලා කිව්වනම්. ජින් හියොන්ග් මොනව හිතනවද දන්නෙ නෑ.

🐥 හරි හරි බන්. ඒක අමතක කරහන්කො. උබෙ අර නොඉදුල් කතාව මොකක්ද. උබ දැන් යන්නෙ ඉදුල් වෙන්න නේද? එහෙම එකේ ඒ කතාව ගැලපෙන්නේ නෑ.

🐯අනෙ මගෙන් මොකුත් අහගන්නෙ නැතුව හිටහන්. උබ ඕක අර කෙල්ල ඉස්සරහ එහෙම කියන්නෙ නෑ. හැබැයි කිව්වොත් ජින් හියොන්ග්ට කියපු බොරුවටත් එක්ක ගහන්නෙ තව කොට වෙන්න.

🐥අනේ පලයන් යන්න. මම එහෙම නොකිව්වනම් එලියට යන හැටි බලන්න තිබ්බා.

කොහොම හරි කතාවෙන්ම අපි කොෆි ෂොප් එක ගාවටම ඇවිල්ලා. අපි දෙන්නා බැහැල ඇතුලට ගිහින් ටේබල් එකක ඉද ගත්තත් මගෙ ඇස් හෙව්වෙම ඒ ඇස් දෙක.






























හායි ♥️





























😘කතාව කියවන හැමෝටම ගොඩක් ආදරෙයි 😘






















බායි ❤️👋

Continue Reading

You'll Also Like

4.9M 289K 101
In this life, a human without the money to pay for their own life is worth nothing. Take those humans in as property, breed them, and you'll end up l...
25.7K 5.1K 28
ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙවෙයි දුරින් ඉඳන් හරි .. එයා සතුටින් ඉන්න...
194K 7K 69
𝐒𝐔𝐏𝐄𝐑𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋 | 𝐑𝐡𝐞𝐚, 𝐚 seventeen-year-old girl, her mom, and her fifteen-year-old brother 𝐑𝐚𝐟𝐞 moves to a new home 𝐭𝐨 𝐬𝐭𝐚𝐫...