My CEO || KSJ(Completed)

By S_U_Y_A

59.4K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... More

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 15
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
MY CEO- පසුවදන

My CEO-part 20 (end)

3.4K 583 140
By S_U_Y_A

My CEO
Part 20 (end)

නිකේල් දවසින් දවස ශක්තිමත් වෙද්දි ජින් දවසින් දවස පසු බැස්සා.....ඒත් එමීගේ කුතුහලේ දවසින් දවස වැඩි උනා....මොකද එමීට හිතුනෙම නිකේල් එයාව හිර කරගෙන ඉන්නවා කියලා...එමී රෑ පුරාවට හද දිහා බලාගෙන බැල්කනි එකට වෙලා කල්පනා කරේ තනියම කියවන ගමන් උනත් එයා ළගට අපූරු යාලුවෙක් ආවා........උකුස්සෙක්........එමීට එයාව දැකලා පුරුදුයි...ඒ උකුස්සා පියාඹගෙන ඇවිත් බැල්කනි එකේ වැටේ වැහුවේ එමී දිහා ඒ තීව්‍ර ඇස් කරකන ගමන් තටුත් දෙපැත්තට විහිදලා.........

🥀මෙයා නේද එදා උසාවියට ගිය දවසේ කාර් එක පස්සෙන් ආවේ

එමී උකුස්සා දිහාට අත දික් කරා..උකුස්සා ඇවිත් ඒ අතේ වහද්දි එමී නිකන් පුරුදුකාරියක් වගේ උකුස්සගේ බෙල්ල අත ගෑවා

🥀ඕමෝ මෙයාත් මට පුරුදුයි මාත් මෙයාට පුරුදුයි වගේනේ...මෙයා පැටියෙක් තාම මාස තුනක විතර...

එමී උකුසු පැටියගේ ඇස් දිහා බලාගෙන මතක් කරේ එදා ජින්ගේ ගෙදරත් එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේ උකුස්සෝ ගොඩක් තියාගෙන හිටිය ගර්ල්ස්ලා ගැන......නිකේල් රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහෙද්දි උකුසු පැටියා මගේ අතින් ඉගිලිලා ගිහින් මගේ කාමරේ හොදට පේන ගහක වැහුවා......නිකේල් කතා කරත් මන් කතා කරේ නෑ.මන් බාතෲම් එකට ගිහින් මගේ ඇදුම් ඔක්කොම උනා දාලා මගේ නිරුවත් ශරීරේ දිහා බලාගෙන ඉද්දි මගේ අත නිරායාසයෙන්ම බෙල්ලේ තිබ්බ නෙක්ලස් එකට ගියා...(මතකයි නේද ළමයි ජින් නෙක්ලස් එකක් දැම්මා කියලා එමී හොස්පිට්ල් ඉද්දි)

ඒ නෙක්ලස් එක ජින්ගේ කරේ තිබ්බා වගේ මට මතකයි......ඒත් කොහෙද........ඒ ගෙදර මට පුරුදුයි ....එයාලා මට ළගයි වගේ දැනෙන්නේ ඇයි....

එමීට ඕනේ උනේ නිකේල්ට හොරෙන් කොහොම හරි ජින්ගේ ඩෝර්ම් එකට යන්න....කෙල්ලව නිකන්ම එතෙනට ගෙනියන්න දෛවයට ඕනේ වෙන්න ඇති...මතකයක් නැති උනත් එමීට ඒ ගැන අමතකයිම කියන්න බෑ.මොකද එමීගේ හිතේ ජින්ගේ මතක හෙවනැල්ලක් වගේ රැදිලා තිබුනා...නිකේල්ගෙන් එන නුපුරුදු සුවද ජින්ගෙ එන හුරුපුරුදු උණුසුම ළග හැමදාම එමී සැකේකින් නිකේල් දිහා බැලුවා....

ඒ නිසාම ඊලග දවසේ උදෙන්ම නැගිටලා එමීට දුන්නු බෙහෙත් වලින් නින්ද යන්න තියන ටැබ්ලට් තුනක්ම නිකේල්ගේ බෙඩ් ටී එකට කලවම් කරලා නිකේල්ට ගිහින් දුන්නා.....නිකේල් ඒ ග්ලාස් එකම බොනකන් එමී ළග ඉදගෙන හිටියා.....විනාඩි දහයක් පහලවක් යද්දි නිකේල් ආය නින්දට වැටෙද්දි එමී නිකේල්ගේ කාර් එකේ යතුරත් අරගෙන නිකේල්ගේ කාර් එකෙන්ම ජින්ගේ ඩෝර්ම් එකට ආවේ නිකේල්ව ඩෝර්ම් එක ඇතුලට දාලා යතුරත් අරගෙන.මොකක්දෝ හේතුවකට එමීට ඕනේ උනා නිකේල්ව හිර කරන්න.ඒකයි එමී නිකේල්ව ඇතුලට දාලා ලොක් කරේ...මේන් ඩෝ එක විතරක් නෙවේ නිකේල්ගේ රූම් එකේ දොරත් කෙල්ල ලොක් කරා.

ජින්ගේ ඩෝර්ම් එකේ ගාඩ් එක කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව එමීට යන්න දෙද්දි එමීට තවත් හිතුනේ මන් මෙයාලා එක්කන් හිටිය කෙනෙක් කියලා....කෙල්ල කාර් එකෙන් බැස්ස ගමන් ඒ ඇස් වල රැදුනේ කලු පාට BMW කාර් එකක්...

🥀මේක මගේ......මන් මේකට නමකුත් කිව්වා

කෙල්ල අමාරුවෙන් අමාරුවෙන් නම මතක් කරත් කෙල්ලට නම මතක් උනේ නෑ....කෙල්ල සෙරෙප්පු දෙකකුත් නැතුව පිනි වැටිලා තිබ්බ ගාර්ඩ්න් එකේ එහා පැත්තට ඇවිදගෙන ගියේ පුරුද්දට.......ටයිගර්ස්ලා...රොට්වයලස්ලා .....ඊටා එහා පැත්තෙන් මාලු ටෑන්ක් දෙක..........ඊටත් එහා පැත්තෙන් ඊගල්ස්ලා........එමී මේ හැම දෙයක් දිහාම බලාගෙන ගියත් එයාට පුදුම හිතුනේ නෑ....මොකද.මේ හැම දේම එමීගේ මතකෙට පුරුදු නැති උනත් එමීගේ ඇස් වලට පුරුදුයි...ඊගල්ස්ලා අතරේ හිටිය ඊයේ රෑ එමීගේ අතේ වැහුව ඊගල් පැටියා ආයෙත් ඇවිත් එමීගේ අතේ වැහුවා.....

🥀මෙයා මගේ.........එතකොට මන් ගෙස් කරනවා හරිනම් අර බ්ලැක් පැන්තර් මගේ.....

එමී බ්ලැක් පැන්තර් ළගට ගියත් ඌ හපන්න පැන්නේ නෑ.ඒ වෙනුවට එයා ගෙරෙව්වා.........එමී හිනා උනේ එයා හිතුව දේ හරි නිසා..කෙල්ල ඊගල්ව තියලා ඊලගට ගියේ ඩෝර්ම් එක ඇතුලට...කිසිම කෙනෙක් පේන්න හිටියේ නෑ...එමී ඉස්සෙල්ලම ගියේ පඩිපෙල ළග ගහලා තිබ්බ ෆොටෝ එක ළගට.....ජින්.....ඒ ෆොටෝ එකේ තමයි මගේ කරේ තියන මාලේ තියෙන්නේ.....එමී එයාගේ කරේ තියන මාලේ ඇල්ලුවා.....එමීට මිමිනුනා එයා මගේ......නිකේල් නෙවේ......එයයි මගේ.......එතකොටම පිටිපස්සෙන් ඇහුනු කටහඩට එමී ඒ පැත්ත හැරුනා...

🐥එමී ඔයා? කොහොමද ආවේ? අවුලක් නෑ නේද

එමී නෑ කියලා ඔලුව වනලා ජිමින්ට ලන් උනා......

🥀ඔයා.......ජි........ජි..............ජිමින්........

ජිමින් එයාගේ ඇස් ලොකු කරගෙන එමීට ලන් උනේ එමීට මතක් වෙලා නිසා

🐥ඔයාට මතකද එමී

🥀ලාවට.ඒත් මට ඔක්කොම මතක නෑ.මන් ජින්ගේ රූම් එකට යන්න ඕනේ

එමී ජිමින් මුකුත් කියන්නත් කලින් ජින්ගේ රූම් එකට ගිහින් තට්ටු කරේ ඒක ඇතුලෙන් ලොක් කරලා තිබ්බ නිසා.ඒ අතරේ ජිමින් ඔක්කොටොම ගිහින් එමී ඇවිත් කියලා කෑ ගහලා කිව්වේ ඩෝර්ම් එකේ නැති වෙලා තිබ්බ සතුට ආය ඇවිත් කියන්න වගේ...ජින් ටවල් එකකුත් ඇදගෙන ඇවිත් දොර ඇරියත් එමී දැක්ක පාර ජින් කලබල උනා.ජින් හිතුවෙම ජින්ට මැවිලා පේනවා කියලා....ඒත් එමී ජින්ව දොර ළගින් එහාට තල්ලු කරලා ඇවිදගෙන ගියේ බැල්කනි එකට......

🥀ආහ්.....මන් ආසම තැන.........

එමී ග්‍රවුන්ඩ් එක දිහා බලලා එච්චරයි කිව්වේ......ජින් ඒ වෙද්දි එමී පස්සෙන් බැල්කනි එකට ඇවිත් තිබ්බා......එමී ජින් දිහා බලලා සිහින්ව හිනා උනා.....උඩු කය නිරුවත්ව හිටිය ජින් ළගට ඇවිත් එමී තමන්ගේ කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සිලා ජින්ගේ තොල් මත ක්ශනික මෘදු සිපගැනීමක් තිබ්බේ ජින්ව තවත් නිශ්ශබ්ධ කරන ගමන්.....

🥀ඔයා මගේ ජින්.............මට මතකයි ......ඔයා මගේ.....මගේ හුස්ම ටික.......මගේ පන.......මට ඔයා නැතුව ඉන්න බෑ......මගේ නපුරා මේ..........

එමී කියවගෙන යද්දි ජින්ගේ ඇස් වලින් කදුලු ආවා......අන්තෙටම වැටිලා හිටිය ජින්ට ආය නැගිටින්න එමීගේ ඒ වචන ටික හොදටම ඇති උනා....එමීව ඉනෙන් ඇදලා ළගට ගත්ත ජින් විනාඩියක්වත් නාස්ති නොකර එමීගේ තොල් අල්ලගද්දි එමීත් ජින්ට ප්‍රතිචාර දැක්වූවා........දවස් ගාණක ආදරේ දෙන්නා ටික වෙලාවක් හුවමාරු කරගෙන පහලට ආවේ එමීගේ කීමට.......එමීට මතක නැති පොඩි පොඩි දේවල් එමී ජින්ගෙන් අහගත්තත් නිකේල් ගැන ජින්ගෙන් අහගන්න තරම් දෙයක් එමීට අමතක වෙලා තිබ්බේ නෑ.හැබැයි ලිලී කියලා කෙනෙක් හිටියද කියලවත් එමීට ගාණක් නෑ.

🐥එමී අපි මේ ටික දවසට සෑහෙන්න වැටිලා ඉන්නේ.ගැන්ග් එකේ ගොඩාක් අයට තුවාලයි......ඔයා හිටියේ නැති දවස් තුන හතරට අපි සෑහෙන්න වැටුනා.....

🐨ඒකටත් හරියන්න මූ පිස්සු නැටුවා එමී ඔයා නැතුව.ඌ ඔය දවස් ටිකේ සිහියෙන් හිටිය දවසක් නෑ.හැමදාම උදේ ඉදන් රෑ වෙනකන් බොනවා.

මන් ජින් දිහා බලද්දි නිකන් ශේප් වෙන්න වගේ හිනා වෙනවා මට..බබෙක් වගේ.ඒ උනාට ඇගේ ඉන්න යකා බලන්න ඕනේ මුගේ.නපුරා.

🐰එමී නිකේල්

🥀අහ් මන් ඌව කාමරේට දාලා ලොක් කරලා මේන් ඩෝ එකත් ලොක් කරලා ආවේ.දැන්නම් එලියට ඇවිත් ඇති.මන් නිකේල්ගේ කාර් එකේ ආවේ

මන් කරපු දේවල් ජින්ට එහෙම කියද්දි හැමෝම හිනා උනේ නිකේල් පව් කියලා.

🐥මොනා උනත් නිකේල් වාසනාවන්තයි.එමී එක්කන් දවස් තුනයි ඉන්න උනේ..😂😂😂ජින් අපිට උබ ගැන දුකයි ජීවිත කාලේම හිටපන් 😂😂😂

🐼කමක් නෑ මගේ මැණිකනේ මේ

ජින් මාව එයාට ලන් කරගද්දි ජිනී ඇවිත් මගේ ඔඩොක්කුවෙන් ඉදගත්තා......මන් එයාව අත් දෙක යවලා බදා ගද්දි එයා කූකි දිහා බැලුවා

👶කූකීඊ

ජිනී කූකි දිහාට අත දික් කරලා කියද්දි අපි හැමෝම පුදුම උනේ ජිනී මේ ගෙදරට ආවත් හරි එයා මේ වචනයක් කතා කරපු පලවෙනි පාර නිසා......

🐼යකෝ අප්පගේ නම කියන්න කියපල්ලා ඉස්සෙල්ලම මන් කැලේ

ජින් කිව්ව දේට හැමෝම හිනා වෙද්දි ජිනී ජින් පැත්තට හැරිලා අප්පා කියලා ජින්ව මගේ ඇගේ ඉද්දිම බදාගද්දි ජින් ජිනීව ළගට අරගෙන කම්මුලකට කිස් එක්ක දුන්නා.

🐴අරූ ගෙදරට හිර වෙලා ඉන්න එකේ යමුද අපි? ඌ මෙහේ ඇවිත් අපිට සද්දයක් දැම්මනේ

🐼යමු.මටත් ඕකා එක්කන් ඇරියස් එකක් තියනවා

🐥දැන්නේ මුට පන ඇවිත් තියෙන්නේ

🥀එහෙම තමා ජිමිනා ඔයාලා දැනගන්න සිංහයෙක් පස්සට අඩියක් තියනවා කියන්නේ එයා කුරුමානම් අල්ලනවා කියන එක......මගේ ජිනා සිංහයෙක් යූ නෝ

🐼දැට්ස් මා ගර්ල්ල්ල්ල් දැක්කනේ මගේ කෙල්ලට මාව වටිනවා තොපිට මාව වටින්නේ නැති උනාට....

🐥යමල්ලා යමල්ලා

අපි හැමෝම අපේ වාහන වල නිකේල්ගේ ඩෝර්ම් එකට යද්දි කූකි අපේ කාර් එකට ආවේ එයා තාම උන දේවල් ගැන අවුලෙන් ඉන්න නිසා වෙන්න ඇති....යන ගමන් මග දිගට කූකි කතා කරේ ඒ ගැන

🐰එමියා.....මියානේ...........මන් .....මන් එදා එහෙම කරේ නැත්තන් ඔයාලාට මෙහෙම දේවල් වලට මූන දෙන්න වෙන්නේ නෑ.......එහෙනම් ගැන්ග් එක වැටෙන්නේ නෑ මෙච්චර

🥀කූකියා...ඔයා ඔය කතාව අමතක කරන්න දැන්....මට උන දේවල් මුකුත් මතක නෑ......ඒත් ඔයා හිතනවනම් ගැන්ග් එක වැටිලා කියලා...නෑ කූකි ගැන්ග් එක වැටෙන්නේ නෑ අපි හැමෝම එකට ඉන්නකන්....ඒ නිසා හිතන්න එපා මන්වත් ජින්වත් ඒ ගැන හිතන්නේ නෑ.

🐰හ්ම්ම්ම්

මගේ වචන වලට කූකි මෙල්ල වෙද්දි අපේ වාහන නිකේල්ගේ ඩෝර්ම් එක ඉස්සරහා නතර උනා......මගේ අතේ තිබ්බ කී එකෙන් ඩො එක ඇරලා ඇතුලට යද්දි ජිමින් මාව නැවැත්තුවා

🐥ටිකක් ඉන්න එමී අපි දන්නේ නෑ ඕකා කොහෙද කියලා.ඕකා ඇටෑක් කරයි හැන්ගිලා ඉදලා

ජිමින් කියද්දි මන් හිනා උනේ ඌ තාම රූම් එකේ කියලා මට ශුවර් නිසා

🥀පිස්සුද ජිමින්.මන් නිකේල්ට ස්ලීපින් ටැබ්ලට්ස් දීලා ආවේ.මේ වෙද්දි නැගිටලා හිටියත් නිකේල්ට ඇගට පන නෑ මට ශුවර්.

🐱යකෝ එමී හතුරෙක්ට උනත් ඔහොම කරනවද

සුගා ඇහුවේ නිකේල්ගේ රූම් එක පැත්තට ඇවිදගෙන යන ගමන්....මන් ඒකට උත්තර බැන්දේ නැත්තේ හැමෝම නිකේල් ගැන අවදානෙන් හිටිය නිසා......ඒ අතර ඩෝර්ම් එක ඇතුලේ හිටිය ගාඩ් එකේ අය අපිට ඇටෑක් කරන්න ආවේ නැත්තේ මන් නිසා වෙන්න ඇති.ජින් මගේ අතින් කී එක අරන් නිකේල්ගේ රූම් එකේ ඩෝ එක අරිද්දි නිකේල් අවසිහියෙන් වගේ ඔලුව උස්සලා බැලුවත් නිකේල්ට සිහියක් තිබ්බේ නැ.ටැබ්ලට් වලට නිකේල් මත් වෙලා ඉන්න ඇත්තේ.ජින් හිනාවක් පුරවගෙන ගිහින් නිකේල්ට දැනෙන නොදැනෙනෙ ගානට පයින් එකක් ගැහුවා

🐼ෆයිනලීඊඊ......උබව අහු උනා පො%@&@

ජින්ගේ කීමට නිකේල්ව අරගෙන අපේ වාහනේට දාගෙන කෙලින්ම ගෙනාවේ ෆයිටර්ස්ලාගේ ග්‍රවුන්ඩ් එකට ..........ගෙනැල්ලා අතෑරපු ගමන් නිකේල් බිම වැටුනා.ෆයිටර්ස්ලා ඊගල්ස්ලා හැමෝම ග්‍රවුන්ඩ් එකට ගෙන්නුවේ එයාලා බාගෙට බාගයක් තුවාල කරපු මනුස්සයා අල්ලගෙන ආවා කියලා එයාලටත් පෙන්නන්න...ටිකකින් ගෑනු කෙනෙකුත් ගෙනත් නිකේල් ලගම බිම අතෑරියත් එයාට සිහිය තිබ්බ පාටක් පෙනුනේ නෑ......මන් ළග හිටිය කූකි දිහාවට නැමුනා.

🥀කවුද ඒ ගර්ල් කූකි?

🐰සමහර දේවල් මතක නැති එක හොදයි එමී....එයා නිකන් ෆයිටර් කෙනෙක්.......

කූකි එයාගේ යටි තොල හපා ගන්නවා මන් දැක්කා....ඒත් මට මතක නෑ ඒ කවුද කියලා...

🐼මුන්ට වතුර එකක් ගහපල්ලා

ජින් කෑ ගහලා කියද්දි ෆයිටර් කෙනෙක් වතුර අරන් ඇවිත් නිකේල්ටයි අර ගර්ල්ටයි ගහද්දි නිකේල්නම් හොද සිහියට ආවා වගේ....නිකේල් හිමීට නැගිටින්න ගියත් ජින් නිකේල්ගේ කොන්දට පයින් එකක් ගැහුව නිසා නිකේල් එතනම වැටුනේ කෙදිරියකුත් එක්කන්

😈ජින් .....මන් ....උබව මරනවා යකෝ.......උබ වැරදි එකා එක්කන් හැප්පුනේ

ඒත් නිකේල්ගේ වචන වලට හැමෝම හිනා උනා....මොකද හැමෝම දන්නවා මේ ගෙවෙන්නේ නිකේල්ගේ අවසන් මොහොත කියලා.ජින් ළගට ආව කිසිම හතුරෙක් ආය මේ ගේට් එකෙන් එලියට ගියේ නෑ...

🐼මන් කියන්න ඕනේ ඒවා උබම කියන්නේ මට.උබයි යකෝ වැරදි එකා එක්කන් හැප්පුනේ

ජින් මෙච්චර දවස් යටපත් කරගෙන හිටිය හැම වෛරයක්ම නිකේල්ගෙන් පිරිමහන්න ගත්තේ නිකේල්ගේ අවසන් හුස්ම පොද ටිකෙන් ටික ලන් වෙද්දි....නිකේල් නැගිටලා ජින්ට ගැහුව එකකට ජින්ගේ තොල ලාවට වගේ පැලුනා.ඒ වෙලාවේ තමා හරිම ජින් එලියට ආවේ...ඒ තරහටයි මාවයි ජින්වයි ඇක්සිඩන්ට් කරපු එක ගැනයි කිය කියා ජින් නිකේල්ට පයින් ගහලා ගහලම බාගෙට මරලා තිබ්බේ....

🐼මූව මෙහෙම මරන්නේ අපරාදේ නේද ජිමිනා.......මූ අපිව ඇක්සිඩන්ට් කරවලා මරන්නනේ ගියේ......ඒත් අපිට එච්චර දැනුනේ නෑ කොකේන් වලට මත් උන නිසා.......අපි මුට ඩ්‍රග්ස් නොදී පන පිටින්ම යට කරලා මරමු....නම්ජූන් ගිහින් කන්ටේනර් එක අරන් වරෙන්

ජින් කියද්දි හැමෝම බය උනත් මේ වෙලාවේ ජින්ට පිටින් කවුරුත් යන්නේ නෑ.මොකද මේ වෙලාවට ජින්ව පාලනේ කරන්න කිසිම කෙනෙක්ට බෑ.ජින්ව පාලනේ කරන්න එන කෙනා කවුද කියලා ජින් බැලුවේ නෑ මරලා දානවා ඇරෙන්න.ඒ නිසාම ජිමින් නම්ජූන්ට ඇස් වලින් කිව්වේ ජින් කියපු දේ කරන්න කියලා.....නිකේල් එපා....එපා කියලා මුමුනනවා මට ඈතට උනත් පෙනුනා.......ඒත් එක්කන්ම කන්ටේනර් එක ගේද්දි ෆයිටර් කෙනෙක් අර ගර්ල්ව බිම දිගේ ඇදගෙන ගිහින් පැත්තකට දාද්දි ඇහුන ජින්ගේ කටහඩ නිසා මන් ගැස්සුනා.

🐼කූකි එමී එක්කන් යනවා ඩෝර්ම් එකට

ජින් සිගරට් එකක් පත්තු කරගද්දි මටත් එතන ඉන්න හිතුනේ නැත්තේ මොනා උනත් මේ මන් මැරි කරලා හිටිය කෙනා නිසා.

එමී ගියාට පස්සේ නිකේල් කන්ටේනර් එකේ රෝදේට පන පිටින්ම යට වෙලා ගියේ වේදනාවෙත් උපරිමය විදිමින්.....නිකේල්ට තමන් හැප්පුනේ වැරදි කෙනා එක්කන් කියලා තේරුනේ කන්ටේනර් එකේ රෝදෙට ඉස්සෙල්ලම තමන්ගේ කකුල යට වෙද්දිම .....නිකේල්ගේ සිරුරවත් අදුරගන්න බැරි තරමට විකෘත වෙලා මැරිලා යන්න නිකේල්ට සිද්ද උනා.....ජින්ගේ හැටි දන්න ජිමින් ජින් ලිලීගේ ළගට යන්න කලින්ම ලිලීට වෙඩි තියලා මරලා දැම්මා.

🐼ඇයි යකෝ උබ එහෙම කරේ

🐥දැන් ඇති බන්.ඒ මොනා උනත් කූකි ආදරේ කරපු කෙල්ල.අඩුම කොල්ලගේ ආදරේට වටිනාකමක් දීපන්.දැන් යමන්

ජින් ජිමින්ගේ වචනෙට මෙල්ල වෙලා එතනින් යද්දි කෑලි ඇහිදින්න තරමට පොඩි වෙලා ගිය නිකේල්ගේ මළසිරුරේ කෑලි ටික ෆයිටර්ස්ලා එකතු කරලා නෙමෝලට දීලා ග්‍රවුන්ඩ් එකේ ලේ බින්දුවක් නැති වෙන්න සුද්ද කරා........

🐼මේකගේ කාර් එක ඔය කොහෙට හරි ගිහින් දාපන්

ජින් ෆයිටර් කෙනෙක්ට කාර් එකේ යතුර දීලා කියද්දි නිකේල්ගේ කියලා තිබ්බ අන්තිම දේත් ජින්ගේ ඩෝර්ම් එකෙන් පිටත් උනා.........

ජින් සැනසීමෙන් හුස්මක් අරගෙන ගිහින් සෝෆා එකේ ඉදගත්තේ කිචන් එකට වෙලා කූකි එක්කන් හිනා වෙවී කෑම ලෑස්ති කරන එමී දිහා බලාගෙනමයි.

🐱හැමෝම වරෙල්ලා මෙතනට.අපිට ලොකු වැඩක් තියනවා කරන්න

සුගාගේ සද්දෙට එමී කූකි හැමෝම හෝල් එකට ඇවිල්ලා ඉදගද්දි මන් ජින් ළගින් ඉදගන්න ගියත් එතනින් ජිමින් ඉදගත්තා.මන් ජිමින්ටත් රවලා කූකි ළගින්ම ඉදගත්තේ සුගාට තියන ලොකු වැඩේ මොකද්ද කියලා අහන්න.

🐱අපිට දැන් තියනවා මුන් දෙන්නව බන්දන්න......එමී ජින් දෙන්නගේ වෙඩින් එක හෙටම ගන්න ඕනේ.අපේ ළගින්ම ඉන්න ටික එකතු වෙලා හෙට මුන් දෙන්නව බන්දමු.

🐥වෝහෝඕඕ ආව් ආව් ජින් කොල්ලා දැන් බදින්න යන්නේ

🐼ඇයි දැන් උබලට හදිස්සි

ජින් අහද්දි අපි හැමෝම ජින් දිහා බැලුවේ මෙයා නිකන් හැසිරෙන්නේ එයාට මැරි කරන්න ඕනේ නෑ වගේ.අපි ජින් දිහා බැලුව විදිහට ජින් බය උනාද කොහෙද 😂😂😂

🐼හරි හරි ඉතින් මටත් හදිස්සියි තමයි.

ජින් කියද්දි අපි හැමෝම හිනා උනා.අපි රෑම ගියේ මගෙයි ජින්ගෙයි ඇදුම් තෝරන්න.අනිත් අයටත් ඒ ගමන්ම අපි ඇදුම් තෝර ගත්තා....මට සුදු පාට ස්ලීව්ලස් දිගම දිග ටිකක් පිම්බුන ගව්මක් තේරුවේ ජින්.....මන් ඒකට ගැලපෙන්න සුදු පාට ෆුල් කිට් එකක් ජින්ට තේරුවා........අනිත් අයටත් සුදු පාටින්ම ඇදුම් ගත්ත අපි වෙඩින්ග් හෝල් එකකුත් බුක් කරලා ඩෙකරේශන්ස් වලට බාර දීලා ආවේ පාන්දර තුනත් පහු වෙලා.........

අපේ වසවත්තියෝ ටික ජින්ටයි මටයි එක රූම් එකේ ඉන්න දුන්නේනම් නෑ.බැන්දට පස්සේ හැමදාම ඉන්න පුලුවන් කියලා මාව යොවාගේ රූම් එකට යැව්වා..........

🐥එමී ගිහින් යොවා එක්කන් නිදා ගන්න

🐼යා මොකද්ද කියන්නේ එමී ඉන්නේ මගේ රූම් එකේ

🐨නෑ නෑ හෙට මැරි කරනකන් එමී ඉන්නේ යොවා එක්කන්.යොවා එමීව එක්කන් යන්න

🐼යා එමී නවතිනවා.යොවා එමී ඉන්නේ මගේ රූම් එකේ

ජින් කොච්චර පොර කෑවත් මාව යොවා ඇදගෙන ගියා 😂😂😂
............wedding day..............

උදේ ඉදන් මාව සැලෝන් එකේ කෙනෙක් අන්දනවා අරවා උලනවා මේවා උලනවා මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියනවා ඉවරයක් නෑ....කොහොමහරි පැය තුනක් වගේ යද්දි මන් ලස්සනම ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙලා හිටියා.මන් කන්නාඩියෙන් මන් දිහාම බලාගෙන කල්පනා කරේ මගේ ලස්සන ගැන නම් නෙවේ..........මේ කාලේ ඇතුලත මගේ ජීවිතේට උන දේවල්..........දෛවය මාත් එක්කන් ලස්සන සෙල්ලමක් කරලා තිබ්බා.....නිකේල්ගෙන් ජීවිතේ පටන් ගත්ත මන් ඉවර කරේ ජින්ගෙන්......මන් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ මේ නපුරා මට මෙච්චර ආදරේ කරයි කියලා...........

ජින්ව සුගා ජිමින් හැමෝම විහිලු කර කරම ලෑස්ති කරේ දැන් ඉතින් ජින්ගේ තරහා අඩු කරගන්න වෙයි කියලා.

🐥දැන් උබේ යකා අඩු කරගන්න වෙයි.නැත්තන් එමී උබව නෙමෝලට කන්න දෙනවා කියලා එමී කිව්වා 😂😂😂

🐱පව් යකෝ අපේ ජිනා

🐼පව් කියන්නේ උබට තාම මාව බන්දන්න ඕනේ උනේ.පව් මන්

විහිලු කර කරම ජින් වෙඩින් හෝල් එකේ හිටගෙන හිටියේ එමී එනකන්..........ඒ අතර එමීගේ ඔම්මයි ඔප්පයිත් හිටියා.ජින් ඒ අයට කෝල් කරලා හැම දේම ඒ දෙන්නට පැහැදිලි කරලා දීලා තිබ්බා..........

එමී සුදුම සුදු ගවුමක් ඇදලා මල් බොකේ එකකුත් අරගෙන ජින් ඉස්සරහට යද්දි ජින් බලාගෙන හිටියේ ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව.මොකද ජින්ට ඕනේ උනේ නෑ එක තප්පරයකට ඒ ඇස් එමීගෙන් අයින් කරගන්න.එමී ඇවිත් ජින් ළගින් හිටගත්තේ සුන්දර හිනාවක් මූනේ පුරවගෙන.............

🥀මොකෝ

එමී ඇහුවේ රහසින් වගේ

🐼ඔහ් මයි ගර්ල්

ජින් පපුවේ අතකුත් තියාගෙන කියපු විදිහට මට හිනා ගියා.අපි හැමෝම ඉස්සරහා ප්‍රතිඥා දීලා අපි දෙන්නා සදහටම එකට දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න පොරොන්දු උනා.........මගේ ඇස් වලින් කදුලු ගැලුවේ මේ ආදරේ නිසා අපි කොච්චර කරදර වලට මූන දුන්නද ඒ හැම දේම විසදගෙන අපි දෙන්නා අද මෙතන කොච්චර සතුටකින් ඉන්නවද කියලා මතක් වෙලා.........ජින්ගේ මූනෙත් මන් කලාතුරකින් දැක්ක ලස්සන හිනාවක් ඇදිලා තිබුනා.ජිමින් සුගාට අද වගේ දවසකවත් වද නොදී ඉන්න පොඩ්ඩක්වත් ට්‍රයි කරේ නෑ.ඉදිකට්ට පස්සේ නූල වගේ සුගාගේ පස්සෙමයි😂😂😍 යොවා හොබී එක්කන් ඉද්දි ටේ කූකි නම්ජූන් හැමෝම අපි දෙන්නා දිහා බලලා සතුටු උනා.....

හෝල් එකෙන් යන්න වෙලාව එද්දි හැමෝම අපි ඉස්සරහා සතුටු කදුලු වැට්ටුවා......ජිනී රෝස මලක් වගේ.....යොවාගේ අතට වෙලා මට බායි කියනවා....අපි හැමෝටම සමු දීලා හෝල් එකෙන් එලියට ආවා.............හෝල් එක ඉස්සරහා තිබ්බ ස්විමින්පූල් එක දකිද්දි මට මතක් උනේ මේ නපුරා මාව දවසක් රෑ පූල් එකට තල්ලු කරලා ගියපු එක.වාසනාවට මට මෙයා කරපු හැම නපුරුකමක්ම හොදට මතකයි.........ජින්ගෙන් පලි ගන්න කියාපු වෙලාව නිසා මන් ටිකක් අරෙහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා ජින්ව පූල් එකට තල්ලු කරත් ඒ යකා මාවත් ඇදගෙනම පූල් එකට වැටෙද්දි මන් එහා පැත්තේ හිටිය කූකිව අල්ලගද්දි කූකිත් අපිත් එක්කන්ම පූල් එකට වැටුනා........මන් වතුර අතරින් නවත්තගන්න බැරි වෙන්නම හිනා වෙද්දි ජින් හිනාව අතරින් මට ලන් උනා

🐼යා පලි ගන්නවද අහ්? හිතුවා මදි

🐰යෝ තොපිනම් මහ සාපයක් සැක්

කූකි බැන බැනම පූල් එකෙන් ගොඩට යද්දි අපි වතුරෙන් නෑවිලා ඉන්න ලස්සන ෆොටෝස් ටිකක් ටේගේ කැමරා එකට අහු උනා 😍

රෑ වෙලා ජින්ගේ ඩෝර්ම් එකට ආව අපි දෙන්නා තනි කරලා හැමෝම ඩෝර්ම් එකෙන් යද්දිනම් මට දුක හිතුනා.......

🥀යා ඔයාලා ඇයි යන්නේ

🐥මට මිශන් එකක් තියනවා.මන් යනවා

🐴මන් යොවා එක්කන් එලියට යනවා යොවා යමු

🥀යොවා ඇයි ඔයා ජිනීව අරන් යන්නේ

🐴ජිනීට එලිය බලන්න ඕනේලු.යමු යමු ජිනී

හැමෝම මොකක්ම හරි කියලා එලියට යද්දි ජින් මීක් සද්දයක් නෑ.මෙයා තමා කියන්න ඇත්තේ යන්න කියලා.මන් රූම් එකට ආවට පස්සේ ජින් රූම් එක්ට ඇවිත් මාව පිටිපස්සෙන් බදා ගත්තා......

🐼අද ඔයා මගේ

ජින් මගේ කනට කොදුරලා මාව අතෑරලා ගිහින් රූම් එකේ දොරත් වහලා මගේ ළගට ලන් වෙද්දි මන් මගේ අත් දෙක ජින්ගේ බෙල්ල වටේ යවලා ජින්ව ලන් කරගත්තා.......

🥀ජි....න්

මගේ කෙදිරියකට දෙවනි නොවූ මිමිනුමට ජින්ගේ ඇස් දිලිසුනා.......නලලට මෘදු හාදුවක් තිබ්බ ජින් මගේ ඉන වටේ අත් යවලා මගේ තොල් රලුව සිප ගන්න ගත්තා.....මාව එහෙම්ම ඇදට දැම්ම ජින් එයාගේ ශර්ට් එක ගලවලා බිමට විසි කරලා මගේ බෙල්ලට නැමෙද්දි එයාට තිබ්බ එකම අවහිරේ උනු මගේ ඇදුම් ටික එයාගේ අතින්ම ගිලිහිලා ගියා.....සියුම් කෙදිරියක් ජින්ගේ සැපීම් නිසා ඇති වෙද්දි මන් ජින්ටම තුරුල් උනේ ආත්මෙන් විතරක් නෙවේ ගතින්ම ජින්ගේම වෙලා......හෝරා දෙක තුනක්ම ජින්ගේ පහසේ අපි දෙන්නගේ ආත්මයන් එකට මුසු උනූ කාමරේ වා තලය අපි දෙන්නගේ උනුසුම් සුසුම් වලින් පිරිලා යද්දී..........

🐼සරන්හේ මැණික

ජින් මගේ පපුවේ ඔලුව තියාගෙන කියද්දි මන් හිනා උනා......එයා මට ආදරෙයි කිව්ව පලවෙනි පාර....මට ආදරේ කරා එයා....ඒත් ඒක වචනෙන් කිව්ව පලවෙනි පාර....ජින්ගේ උනුසුමට ආයෙම මන් යට වෙද්දි දෙවනි වතාවටත් මන් ජින්ගෙම උනා.....

.................

අපි දෙන්නගේ ආදරේ ජින්ගේ නපුරුකම් මැද ගෙවිලා යද්දි ගැන්ග් එක ආය තිබ්බ විදිහටම ශාර්ප් උනේ අපි හැමෝගෙම මහන්සියෙන්......අපි දෙන්නා මැරි කරලා නිසා අපි දෙන්නට තනියම ජින්ගේ ඩෝර්ම් එකේ ඉන්න කියලා අනිත් අය බල කරත් අපි දෙන්නට ඕනේ උනේ හැමෝම එක්කන් ඉන්න නිසා අපි දෙන්නගේ කීමට හැමෝම එක ඩෝර්ම් එකේ නතර උනා......

කූකි ලිලීව ඈත් කරාට පස්සේ එයා ආය ආදරයක් ගැන හිතුවේ නෑ.කූකිට තනියම ඉන්න ඕනේ උනා...ලිලීට දුන්නු ආදරේ වෙන කෙනෙක්ට දෙන්න කූකිට ඕනේ උනේ නෑ...කූකි ලිලීව අමතක කරන්න සෑහෙන්න කාර්‍යබහුල උනා...මේ ටික දවසට කූකිගේ වත්කම් ජිමින්ගේ වත්කම් වලට සමාන උනා...විශේශෙන්ම ලිලීගේ බොඩි එක නෙමෝලට නොදී ජින්ගේ ගැන්ග් එකට වෙන් උන සෙමෙට්‍රි එකේ ජින්ගේ නන්ගිගෙයි නෝරාගෙයි සොහොන් ළගම තැන්පත් කරේ ලිලී හතුරෙක් උනත් කූකිට ආදරේ නොකලත් කූකි ලිලීට කරපු ආදරේට පොඩි හරි ගෞරවයක් ලැබෙන්න ඕනේ කියලා ජිමින් කිව්ව නිසා...................ජිමිනුත් කූකිත් තනියමම ඉස්සරහා දවස් ටික ගත කරන්න තීරනේ කරලා තිබ්බ නිසා අපි එයාලට බල කරන්න ගියේ නෑ.ජිමින් එයාගේ හදවතේ තිබ්බ ආදරේ කෙලන් එක්කන්ම මිහිදන් කරලා තිබුනා.

විශ්වාසේ බිදපු මිනිස්සුන්ට අපි ආදරේ නැද්ද?
හෝ ගාලා අඩන ඇස් අග්ගිස්සෙන් බේරුනේ ආදරේ නෙවේද?
තාලයක් නැතිව ඉකි ගහන
ලබ් ඩබ් ගාන්නේ නැති පපු ඇතුලේ
ආදරේ තිබුනේම නැද්ද?

පාලුවට ගිය අහස දිහා බලාගෙන
උඩ පහත් ගිය හුස්ම පොදි වල
හූල්ලපු සුසුම් වල ආදරේ
තිබුනේම නැද්ද?

මං හිතන්නේ වස්තුවේ
ආදරේ තිබුනේම රැවටුනු හිත් ඇතුලේ
ආදරේ තිබ්බෙම විශ්වාසය බිදිලා
සුනු විසුනු වෙලා ගියපු තැන් වල

ආදරේ හැමදාම පරිස්සම් උනේ
රැවටුනු බිදුනු හිත් වල
(Copied- කූකිගෙන් ලිලීට)

ප්‍රේමය ඇති වීම ඒකපාර්ශ්වික මෙන්ම
අහම්බෙන් සිදුවන්නක් වන අතර,
ආපසු ප්‍රේමයක් බලාපොරොත්තුවෙන්
ප්‍රේම නොකරන තාක් විරහවකින් තොර,
සුන්දර ඒකපාර්ශ්වික ප්‍රේමයකට හිමිකම් කිව හැක

(ජිමින්ගෙන්)

හොබීගෙයි යොවාගෙයි එන්ගේජ්මන්ට් එකත් අපි මැරි කරලා මාස දෙකක් යද්දි කරා..යොවා දැන් ප්‍රෙග්නන්ට් ..ඒ පැටියා එයාලා ලගට ඇවිත් සති දෙකක් විතර.....ජිනී දැන් හැමෝම එක්කන් එකතුයි.වචනයක්වත් කතා නොකර හිටිය ජිනී දැන් කෝච්චියක් වගේ කියවනවා......කූකිගේ ජිමින්ගේ පාලු මකන්න වගේ ජිනී ඕනේ වෙලාවක ඒ දෙන්නා පස්සේ......

මේ කාලෙට ඇටෑක් අපිට ආවේම නැති තරම්.මොකද නිකේල්ගේ මරනෙත් එක්කන් ගොඩාක් අය අපිට තිබ්බ භය වැඩි උනා....ජින් අලුතින් කැසිනෝ හවුස් දෙක තුනක්ම ඕපන් කරද්දි අනිත් අයත් එයා වගේම දියුණු උනා.........සෝල් වල අවයව ජාවරම් මත්කුඩු ජාවාරම් හැම දෙයක්ම වගේ බින්දුවටම වැටුනා...ඩ්‍රග්ස් බිස්නස් කරපු අනිත් අන්ඩර්වර්ල්ඩ් ගැන්ග් සෑහෙන ගානක් අපේ ගැන්ග් එකට තිබ්බ බය නිසාම ඒ දේවල් අතෑරලා දැම්මා........

ජින්ටනම් දැන් බබෙක් ඕනේ වෙලා ඉන්නේ....එයාට ජිනී විතරක් මදිලු.එයා වගේම තරහා යන කොල්ලෙක් ඕනේලු.......කූකියි අනිත් අයයිනම් කියන්නේ එයාලට බබාලා බලාගන්න බැරිලු ජිනී මුලු සන්සාරෙටම ළමයි එපා කරවලාලු තියෙන්නේ......😂😂😂 හැබැයි ඇත්ත කතාව.ජිනී කට්ටියට පුදුම වදයක් දෙන්නේ...

🐼එමී පුතෙක්

🥀බෑ

🐼අනේ එකෙක්නේ

🥀එකෙක්වත් බෑ

🐼මෙන්න මෙහේ එනවා

මන් ජින්ගේ ග්‍රහනේ නිසා නැවතුනේ ජින්ගේ පපුවේ........ජින් හිමීට මගේ තොල් වලට නැමෙද්දි මන් මගේ ඇස් පියා ගත්තේ ජින්ට ඉඩ දීලා........

🐼සරන්හේ MY SECRETARY ❤️

🥀නාදෝ සරන්හේ MY CEO💜️

.............................

නපුරු හදවත,
කියයි බොහෝමයක් හදවත්
නපුරු හදවත්
ආදරය හදුනන්නේවත් නෑ කියා........

නමුත්,
ඒ නපුරුකම් වලින් පිරුණු
හදවත
මෙලොව ඇති ආදරණීයම
හදවත හිමි
දෙව්ලොව දේව නිර්මාණයක්
විය හැක..........

ආදරයට
තවත් නමක්
නපුරුකම 💜️

සමහර හදවත් තියනවා සන්සාරෙන් සන්සාරෙට පතාගෙන ඇවිත් මේ ආත්මේදිත් ඒ වගේම ඒ ආදරේ හිමි වෙන.......හරියට ජින්ගෙයි එමීගෙයි ආදරේ වගේ........ඒත් තවත් හදවත් තියනවා සන්සාර ප්‍රේම ගමන ගමනාන්තය තෙක් යන්න බැරි මගින් නැවතුනු....හරියට කූකිගෙයි ලිලීගෙයි.......ජිමින්ගෙයි කෙලන්ගෙයි හදවත් වගේ..........එන්න අපි පැතුමක් කරමු එක් උනු හදවත් වෙන් නොවේවා....වෙන් වෙනු හදවත් එක් වේවා කියලා💜️

............END...........

Plz vote 😍😍😍

Continue Reading

You'll Also Like

1.9M 83.4K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1M 33.2K 78
"𝙾𝚑, 𝚕𝚘𝚘𝚔 𝚊𝚝 𝚝𝚑𝚎𝚖! 𝚃𝚠𝚘 𝚕𝚒𝚝𝚝𝚕𝚎 𝚗𝚞𝚖𝚋𝚎𝚛 𝚏𝚒𝚟𝚎𝚜! 𝙸𝚝'𝚜 𝚕𝚒𝚔𝚎 𝚝𝚑𝚎𝚢'𝚛𝚎...𝚍𝚘𝚙𝚙𝚎𝚕𝚐ä𝚗𝚐𝚎𝚛𝚜 𝚘𝚏 𝚎𝚊𝚌𝚑...
10.2K 1.9K 25
කාලයකදි එලියක් දෙන.. කාලයකදි අදුරට සැඟවෙන.. ඔබේ පුරහඳ ළඟින් හිඳිනා.. දිදුලන තාරකාවකි ඔබ... kim_son_joon❤️✨️ Started Date: 2021/08/11 Finished Date: 2...
6.5K 1.1K 11
deal එකකට මැරි කරපු කපල් එකක් ✨️🤝 deal එක ඉවර උනු ගමන් ඩිවොස් වෙන කපල් එකක් ✨️🤝😐 පළවෙනි පාරට හොබිට කතාවක් ලියන්නේ 😙✨️❤️ කැමති අය කියවන්ඩො 😙✨️...