My CEO || KSJ(Completed)

Von S_U_Y_A

59.4K 10K 591

If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin... Mehr

MY CEO -part 01
My CEO-part 02
My CEO-part 03
My CEO-part 04
My CEO-part 05
My CEO-part 06
My CEO-part 07
My CEO-part 08
My CEO-part 09
My CEO-part 10
My CEO-part 11
My CEO-part 12
My CEO-part 13
My CEO-part 14
My CEO-part 16
MY CEO-PART 17
My CEO-PART 18
My CEO-PART 19
My CEO-part 20 (end)
MY CEO- පසුවදන

My CEO-part 15

2.2K 442 22
Von S_U_Y_A

My CEO
Part 15

🥀නෝරා මෙහාට එන්න ඔයා ඔතනින් වැටෙයි

මන් කියාගෙනම ඉස්සරහට යද්දි ජිනුත් නෝරාට ඒ විදිහටම කෑ ගැහුවා.මන් නෝරාට ලන් වෙද්දි එයා තවත් අඩියක් පස්සට තියද්දි මන් හිටිය තැනම නැවතුනේ මන් තවත් ළගට ගියොත් එයා තවත් පස්සට යයි කියලා බයට......එයාගේ ඇස් වලින් කදුලි පේලි දෙක තුනක්ම රෑටලා ගියත් එයා හිටියේ හිනා වෙලා

🐼නෝරා විකාර නොකර මෙහෙට එනවා

ජින් කෑ ගැහුවත් නෝරා එතනින් හෙලවුනේ නෑ

🌺ප්ලීස් එමී මට සමාවෙන්න.........ජින් සමාවෙන්න..........මගේ.....මගේ පැටියව හොදින් බලාගන්නවා කියලා මන් දන්නවා ඔයාලා.........

නෝරා කියන ගමන් එයාගේ කදුලු පිහලා කදුලු අතරින් හිනා උනත් ඒ හිනාව පිටුපස්සේ තිබ්බේ එච්චර හොද අරමුණක් නෙවේ කියලා මගේ හිත කෑ ගැහුවා

🌺එමී...ජින් මට පොරොන්දුවක් වෙන්න

🥀නෝරා ලිස්ට්න්.....අපි කතා කරගන්න තියන දෙයක් පස්සේ කතා කරගමු....ප්ලීස් ඔයා ඔතනින් මෙහාට එන්නකෝ

🐼නෝරා ප්ලීස් i beg you මෙහාට එනවකෝ නෝරා

නෝරා බෑ කියන්න ඔලුව වැනුවා

🌺මට පොරොන්දු වෙන්නකෝ

🥀හරි මන් මොකද්ද පොරොන්දු වෙන්න ඕනේ

මන් හිටියේ ගොඩාක් කලබල වෙලා උනත් මන් මාවම පාලනේ කරගෙන සන්සුන් විදිහට ඇහුවේ මන් කලබල වෙද්දි නෝරාත් කලබල උනොත් එතනින් පහලට වැටෙයි කියලා බයට.

🌺මගේ පැටියා.....නෑ ඔයාලගේ පැටියා.....ඔයාලගේ ජිනී......එයාට කවදාවත් එයාගේ ඇත්ත අම්මා මන් කියලා කියන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න.........එයා මන් ගැන දැනගන්න ඕනේ නෑ එමී.....එයා මට වෛර කරයි......ප්ලීස්

නෝරා අත් දෙකත් එකතු කරලා අඩ අඩ කියද්දි මගේ ඇස් වලට මටත් නොදැනීම කදුලු උනලා තිබුනා.......මන් හා කියලා ඔලුව වනද්දි ජිනුත් කතා කරා

🐼නෝරා මන් පොරොන්දු කඩන මනුස්සයෙක් නෙවේ ඒක ඔයා දන්නවා....මන් ජිනීට මුකුත් කියන්නේ නෑ.එමී කියන්නෙත් නෑ......ඒත් ඔතනින් දැන්වත් අයින් වෙනවා නෝරා ප්ලීස්

නෝරා එයාගේ කදුලු ටික පිහාගෙන හිනා උනු එකයි කරේ.......මන් නෝරාගේ හිනාව දිහා බලාගෙන හිටියේ පුදුමෙන්....

🌺එමී ජින් ඔය දෙන්නා ලන් වෙන්නකෝ මට බලන්න ඕනේ ඔය දෙන්නා එකට ඉන්නවා.

🐼නෝරා මන් ඔතනට ආවොත් තමුසෙට කන පැලෙන්න දෙනවා ඔතනින් එහාට උනේ නැත්තන්.තමුසේ හීල් එක්කුත් දාගෙන ඕයි ඉන්නේ ඔතනින් ලිස්සයි

🥀නෝරා ප්ලීස්

🌺අනේ ලන් වෙන්නකෝ

නෝරාගේ කීමටම ජින් මගේ ලගින් ඇවිත් හිටගද්දි නෝරා හිනා උනා.....ඒත් අපි දෙන්නගේ මූනෙනම් හිනාවක් තියා කිසිම හැගීමක් තිබුනේ නෑ නෝරා ගැන බයක් ඇරෙන්න.

🌺හැ..........හැමදාම.....දෙන්නාම ජිනී එක්කන් සතුටින් ඉන්න.........සමාවෙන්න මන් කරපු දේවල් වලට........මගේ ජිනී බලාගන්න........මන් ඔය දෙන්නටම ණයගැතියි මගේ හුස්ම ටික (ජිනී) බේරගත්තට

නෝරා කියලා හිනා වෙලා අපේ පැත්ත හැරිලා ඉද්දිම අනිත් පැත්තට නැවෙද්දි එයා බැල්කනි එකෙන් පහලට වැටුනා

🐼නෝරා

🥀හේයි නෝඕඕඕ වේයිට්

ජිනුයි මායි දෙන්නම ඉස්සරහට දුවගෙන ගියත් අපි දෙන්නම පරක්කුයි.ඒ වෙද්දිත් නෝරා එතනින් පහලට වැටිලා ඉවරයි.....තට්ටු දහයක බිල්ඩින් එක්කින් එයා පැන්නා.........ජින් එයාව මගේ පපුවට තුරුල් කරගත්තේ මට මාවම පාලනේ කරගන්න බැරි නිසා වෙන්න ඇති.......හයියෙන් හැඩුම් එද්දි ජින්ගෙන් ඈත් වෙලා මන් පහල තට්ටුවට පුලුවන් තරම් ඉක්මනට දුවගෙන ගියා.නෝරා වැටිලා හිටිය තැන මිනිස්සු ගොඩක් එකතු වෙලා ඉද්දි මන් ඒ මිනිස්සු අතරින් නෝරා ලගට ගියේ පිස්සුවෙන් වගේ......එයාගේ නහයෙන් කටින් ලේ ගලලා තිබ්බා වගේම ඔලුවෙන් ගලපු ලේ පාරක් පාර දිගේ විසිරිලා තිබ්බා..........මන් දුවගෙන ගිහින් නෝරා ලග දණ ගහගත්තු පාර මගේ දණහිස් දෙකම තුවාල උනා කියලා මට දැනුනත් මගේ සිහියේ හිටියේ නෝරා විතරයි.......මන් නෝරාගේ ඔලුව අතාගාන ගමන් කෑ ගැහුවේ මට මේ දේ නිකම් ශොක් එකක් වගේ වෙද්දි........

ටිකකින් ජින් එතනට දුවගෙන ඇවිත් නෝරාගේ බෙල්ලට අත තියලා බැලුවේ හුස්ම වැටෙනවද කියලා වෙන්න ඇති......

🥀ජින්.......ජින්......එයා.........එයාට.......මුකුත්....වෙලා නෑ නේද.......ජින්

මන් ඇහුව දේට කතා නොකරම ජින් මාව එතනින් නැගිට්ටවද්දි මන් ජින්ගේ අත ගසලා දැම්මා.

🐼එමී හොද සිහියට එනවා.......she is dead

🥀ජින්.....මොනාද කියන්නේ......එයා අනේ...........එයා

ජින් මාව ඒ පපුවට තුරුලු කරගද්දි එතනට පොලිසියෙන් ආවා......මන් දන්නේ නෑ කවුද එතනට පොලීසිය ගෙන්නුවේ කියලවත්......නෝරා වැටිලා හිටිය විදිහ මාක් කරලා නෝරාගේ බොඩි එක එතනින් අරගෙන යද්දි ජින්ගේ ඇස් වල කදුලු පිරුනා මන් මගේ කදුලු පිරුනු ඇස් වලින් දැක්කා.........

🐥එමී අඩන එක නවත්තන්න ...ජිනා ඩෝර්ම් එකට යනවකෝ එමී එක්කන්.මේ බලනවකෝ එමීගේ කකුල් දෙකම තුවාල වෙලා.ගිහින් බෙහෙත් දානවා.මන් මෙතන වැඩ ටික ඉවර කරලා එන්නම්.........ඔෆිස් එකට මේකෙන් පොඩි හරි ඉෆෙක්ට් එකක් තියෙයි.......යනවකෝ

ජිමින්ගේ කීමට ජින් මාවත් ඇදගෙන වාහනේ ගිහින් ඉදගද්දි ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ ස්ටාර්ට් කරලා පාරට දැම්මා......

🐼එමී මටත් දුකයි..........එයා මන් ඉස්සෙල්ලම ආදරේ කරපු කෙල්ල........මගේ ඇස් ඉස්සරහා එහෙම උනහම මට කොහොමද දැනෙන්නේ කියලා ඔයා දන්නේ නෑ එමී.........අඩන්නේ නැතුව ඉන්නකෝ ප්ලීස් මන් තව ටික දුර්වල වෙනවා ඔයාගේ කදුලු වලට
.
මන් ජින්ගේ පපුවට හේත්තු වෙලා හිටියේ මගේ ඇස් වලින් ගලන කදුලු වල නැවතීමක් නැති වෙද්දි........මට නෝරා අන්තිම මොහොතේ හිනා උන විදිහ මැවි මැවී පෙනුනා..........ඒක හරියට දැනුනේ පපුවට මොකේකින් හරි අනිනවා වගේ වේදනාවක්.....

🥀මන්............මන් 😭😭😭....ඔයාට ලන් උනේ නැත්තන්.........😭😭..මේ මුකුත් නෑ ජින්........

මගේ ඇස් වලින් කදුලු පේලියක් වැටෙද්දි ඊට නොදෙවෙනි වෙන්න තව කදුලු පේලියක් ඇහේ තනියට ආවා..මගෙන් ඉකියක් පිටවෙද්දි ජින් මගේ පිට අත ගෑවා.......

🐼ශ්ශ්ශ් විකාර කියවන්න එපා එමී.ඔයා එද්දිත් මන් එයාගෙන් ඈත් වෙලා හිටියේ........ඔය විකාර හිතලා ඔලුව අවුල් කරගන්න එපා ප්ලීස්.

ඩෝර්ම් එකට ඇවිත් ඉදගත්ත තැනම මන් ඉදගෙන කොච්චර වෙලා හිටියද මන්දා.......සෑහෙන වෙලාවක් යනකන් මගේ ඉකිය නවත්තගන්න මට බැරි උනා.......අන්තිමට ජින්ටත් මට හොදින් කියලම ඇති වෙලාද මන්දා මට බැන්නට පස්සේ තමා මන් වොශ් එකක් දාගන්න රූම් එකට ගියේ..........ශවර් එක යට ඉද්දිත් මට මැවි මැවී පෙනුනේ නෝරා අතනින් බිමට පැන්න විදිහමයි....එලියට ආවත් ජිනීව දකිද්දි නෝරාගෙ හිනාව මට ජිනීගේ මූනෙන් මැවිලා පෙනුනා.........ඒ නිසාම මන් රූම් එකට වෙලා හිටියා.....ඒලියන්ගේ අවසන් කටයුතු කරලා තාම දවසක්වත් ගෙවිලා ගියේ නෑ......එතන උනු දේවලුත් එක්කන් මේකත් හිතට එකතු උනහම මන් හිටියේ ගිනි ගොඩක් උඩ වගේ.....මට නෝරාගේ මරණෙනම් දරාගන්න සෑහෙන්න අමාරු උනා....

දවස් දෙකක් යද්දි නෝරාගේ අවසන් කටයුතු කරලා ඉවර කරේ මගේ අවසිහිය මැද්දෙමයි.........හැබැයි කොච්චර මන් මානසිකව වැටිලා හිටියත් මන් ලිලීව කූකීගෙන් පුලුවන් තරම් ඈත් කරලා තිබ්බා....කූකී ලිලීව හොයද්දි මොකක් හරි දෙයක් කියලා මන් ලිලීව ටවුන් එකට යැව්වා.නැත්තන් කූකිට වෙන වැඩක් පැවරුවා.......මේ දේවල් අස්සේ මට කූකිව නැති කරගන්න් ඕනේ උනේ නෑ.

දවස් දෙක තුනක් ගත වෙද්දි නෝරාගේ මරණ පරීක්ශන ඔක්කොම ජිමින් යටතේ සිද්ද උනු නිසා අපිටවත් කම්පැනි එකටවත් ඒකේන් කිසිම හානියක් උනේ නෑ.ජින්ටයි මටයි එතනට කට උත්තරයක් දෙන්න විතරක් යන්න උනා.......අනිත් හැමදේම ජිමින් අතින් හරි විදිහට සිද්ද උනේ නෝරා සියදිවි නසාගත්තා කියලා ඔප්පු කරලා.

නෝරාගේ අවසන් කටයුතු වලින් පස්සේ තුන්වෙනි දවසේ හවස අපි හැමෝම නෝරා බලන්න යන්න ලෑස්ති උනා.......හැමෝම කලු ඇදලා වාහනේ ජින්ලගේ ගැන්ග් එකේ ප්‍රයිවට් සෙමෙට්‍රි එකට ඩ්‍රයිව් කරා......සෙමෙට්‍රි එකේ හැම තැනම අරලිය ගස් වලින් පිරිලා තිබ්බා...මල් කලබක් මගේ අතේ ජින් තියද්දි ජිනුත් කාර් එකෙන් තව බොකේ එකක් ගත්තා.මන් දැක්කා කූකී අතෙත් බොකේ එකක් තියනවා.........නෝරාගේ සොහොන ලගට ඇවිදගෙන යද්දි එතන සොහොන් කොත් සෑහෙන්න තිබ්බා.....නෝරාගේ සොහොන් කොත තාම හදලා තිබ්බේ නෑ.ඒත් නෝරාගේ සොහොන් කොතට එහා පැත්තෙන් අනිත් සොහොන් කොත් වලට වඩා ලොකුවට තිබ්බ සොහොන් කොත ජින්ගේ නන්ගිගේ සොහොන් කොත කියලා මන් අදුරගත්තේ ඒකේ ගහලා තිබ්බ නම නිසා.......කිම් සොක් කෙලන්..........ඒකේ එයාගේ ලස්සන හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් තිබුනා.............නෝරාගේ සොහොනට මෙහා පැත්තේ මේ ලගදී නැතු උනු ඒලියන්ගේ සොහොන් කොත තිබ්බා........ඒකේ එයාගේ ෆොටෝ එකක් ගහලා තව යටින් මොනවදෝ ලියලා තිබ්බා.......අපි හැමෝම ගිහින් සොහොන් කොත් තුන ඉස්සරහින් හිටගද්දි ආව හුලග නිසා අරලිය ගස් වලින් මල් එක දෙක බිමට වැටෙද්දි නෝරාගේ සොහොන මැදට වෙන්න වැටුනු අරලිය මල දිහා මන් කදුලු පිරුනු දෑසින් බලාගෙන හිටියා..........ආව හුලග මගේ කොන්ඩේ අව්ස්සද්දි මන් මගේ ඇගිලි තුඩු වලින් මගේ දුඹුරු පාට ස්ට්‍රේට් කොන්ඩේ කන පිටිපස්සහා රදවාගත්තා.......

මට මතක් උනේම නෝරා ඔෆිස් එකේ ස්ටාෆ් එකත් එක්කන් හයියෙන් හිනා වෙවී වැඩ කරන විදිහ....එයා ස්ටාෆ් එකේ අය එක්කන් හරිම එකමුතුයි....ස්ටාෆ් එක නෝරාට තිබ්බ ආදරේ මන් දැක්කේ එයාගේ ෆියුනරල් එක දවසේ.........එයා හොද කෙනෙක් කියන්න ආය මට අටුවා ටීකා ඕනේ උනේ නෑ.....හොද මූන පෙන්නගෙන ඉන්න ලිලී වගේ නෙවේ නෝරා කියලා තේරුම් ගන්න මට කල් ගියා.ජින් එයාගේ නන්ගිගේ සොහොන් කොත උඩින් ෆ්ලවර් බොකේ එක තියලා එයාගේ ඇස් වලින් වැටුනු කදුලු පිහිදගද්දි ජිමින් ඇවිත් කෙලන්ගේ සොහොන ළග දණින් වැටුනේ ජින් ජිමින්ගේ අතක් අල්ලගද්දි..........කූකිත් එයාගේ ඒලියන් ලගට හිහින් ෆ්ලවර් බොකේ එක තියලා " ඔයාව බේරගන්න බැරි උනාට මියානේ" කියලා මුමුනනවා මන් අහගෙන..........

මගේ තුරුලේ තියාගෙන හිටිය ෆ්ලවර් බොකේ එක හැමෝම එක්කන් එකතු වෙලා නෝරාගේ සොහොන උඩ තියලා එතන ඉටිපන්දම් ටිකක් අපි පත්තු කරා...........ඉටි පන්දම් වලින් ඉටි උණු වෙලා වැටෙනවා වගේම මගේ ඇස් වලිනුත් ආයේම කදුලු කඩාගෙන වැටෙද්දි ජින් මගේ උරිස් වටේ අත යවලා මාව එයාට ලන් කරගත්තා.

🐼ඇයි ඔච්චර දුක් වෙන්නේ එමී එයා ඔයාට නපුරුකම් කරා නේද

මන් ඔලුව වනලා නෑ කිව්වා

🥀නෑ ජින්..........එයා එහෙම කරේ එයාගේ ආදරේ නිසා..........නෝරාට තියෙන්නේ හරිම ආදරණීය හදවතක්....එයා එයාගේ ආදරේ වෙනුවෙන් මාත් එක්කන් ෆයිට් කරා.......එච්චරයි .එයා මට වෛර කරන්න ඇති මන් ඔයා ළග ඉද්දි.........මන් උනත් එහෙමනේ......මන් කැමති නෑ ඔයා ගාව වෙන කෙල්ලෙක් ඉන්නවට....නෝරත් ඒ වගේ.....එක පාරක් එයා අතින් වැරැද්දක් උනා.....ඒත් ඒ වැරැද්ද හදාගන්න හිතෙද්දි එයා පරක්කුයි.......එතකොට මන් ඔයාගේ ජීවිතේට ඇවිත්.....

🐼මන් එයාට ආදරේ කරපු එකටවත් ඔයාට ඉරිසියා නැද්ද

🥀නෑ..........එයා සතුටින් ඉන්න ඕනේ කෙනෙක්....එයා හැමදේම කරලා තියෙන්නේ එයාගේ ආදරේ වෙනුවෙන්...එහෙම අයට ආදරේ පරක්කු වෙලා හරි හම්බෙන්න ඕනේ ජින්........හරියට නෝරාට අපේ ජිනී හිටියා වගේ........ඒත් ජිනී එයා ළග හිටියේ නෑ.ඒ වෙනුවට නිකන් රූපේ බලලා සැනසෙන්න හරි ඔයා හිටියා නෝරා ඉස්සරහා .......මට ඉරිසියා නෑ ජින්......මට සතුටුයි නෝරාට එහෙම හරි සැනසීමක් ලැබුනු එකට........

ආදරේ කියන්නේ මේ ලෝකේ අයිති වෙන්නම ඕනේ දෙයක් නෙවේ......අපි ආදරේ කරන කෙනා අපි ඉන්න අහස යට වෙන කෙනෙක් එක්කන් සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන එකත් ආදරයක් ජින්.........නෝරා ඇවිත් කෙලින්ම මගෙන් ඔයාව ඉල්ලුවානම් මන් ඔයාව නෝරාට දීලා දුර ඉදන් ඔයාලා දිහා බලාගෙන ඉන්නවා......හරියට නෝරා අන්තිම මොහොතේ අපි දෙන්නා ලගට වෙනවා දැකලා සැනසුනා වගේ..........ආදරේ හරිම පුදුම හැගීමක්.......දෙකයි පනහේ තුට්ටු දෙකේ මිනිස්සුන්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ ජින්........ඒකට හොද හදවතක් තියෙන්න ඕනේ......නෝරාට වගේ.....එයා ඉන්න තැනක සතුටින් ඇති

ජින් මගේ කතාව මීක් සද්දයක් නැතුව අහගෙන ඉද්දි අනිත් හැමෝමත් කදුලු පුරවන් මගේ කතාව අහන් ඉන්නවා මන් ඇස් කොනට දැක්කා.

🐥මන්......නෝරාට ගොඩාක් නපුරුකම් කරා.........මන් බැලුවේ හැම වෙලේම ජින්ගෙන් නෝරාව ඈත් කරන්න......ඒත් එයා මේ වගේ තත්වෙක ඉන්නවා කියලා මන් දන්නේ නෑ......අඩුම මට ඒ ගැන ටිකක් හරි හොයන්න තිබ්බා...එයා මට වෛර කරනවා ඇති

මන් ජිමින් ලගට ගිහින් එයාට සමාන්තරව හිටගත්තා

🥀නෑ ජිමින්.......එයා අපි හැමෝටම සමාව දීලා ගිහින් තියෙන්නේ........එයා එයාගේ සතුට සදහටම මගේ අත් දෙකට භාර දීලා එයාගේ සතුට හොයාගෙන යන්න ඇති.......නෝරා හුස්ම වගේ ආදරේ කරපු ජින්වයි ජිනීවයි මට දීලා ගිහින් තියෙද්දි එයා කාටවත් වෛර කරන්නේ නැති වෙයි...........අනික..........ජිමිනා ඔයා දන්නවනම් නෝරා මෙහෙම තත්වෙක ඉන්නේ කියලා ඔයා කීයටවත් නෝරාට නපුරුකම් කරන්නේ නෑ කියලා මන් දන්නවා.

ජිමින් එයාගේ ඇස් වලින් ගැලුව කදුලු ටික පිහලා එයා අතේ තිබ්බ කැන්ඩ්ල් එකක් පත්තු කරලා ආයේම නෝරාගේ සොහොනේ ගහලා මියානේ කියද්දි අපි හැමෝම හමාගෙන ආව හුලගක සිප ගැනීමකින් වෙලිලා ගියේ හරියට නෝරා අපිට ආශිර්වාද කරනවා වගේ......මගේ පය පාමුල හුලගට වැටුනු අරලිය මල අරගෙන මන් ඒ දිහා බලාගෙන හිටියේ නෝරාගේ ආත්මේත් ජින්ගේ නන්ගි කෙලන්ගේ අත්මේත් ඒලියන්ගේ ආත්මේත් මේ අරලිය මල වගේම පාරිශුද්ද වෙන්න කියලා හිතන ගමන්............

-දෛවය සමහර හදවත් ආත්ම ගණන් මුනගස්සනවා.......හැබැයි දෛවයට ඒ හදවත් එක ආත්මෙක හරි එකතු කරන්න අමතක වෙනවා......ඉතින් ඒ හදවත් සෑම ආත්මේකදීම හිමී නොවී එකතු නොවී හදවතින් පමණක් හිමි ගතින් අහිමි ආදරයක් හිතේ පුරවගෙන විදවලා මැරිලා යනවා........හැබැයි ඒ ආදරේ ඊලග ආත්මේත් උපදිනවා.........ඉතින් අපි ප්‍රාර්තනා කරමු සන්සාරගත ආත්මගත තවමත් එකතු නොවූ ,එකතු වන්නට පෙරුම් පුරන ණයකාර හදවත් එකතු කරන්නට දෛවයට මතක් වේවා කියලා-
(ඔයාලගේ මාෆියා අක්කගෙන් ප්‍රාර්තනාවක්❤️)

ඩෝර්ම් එකට ඇවිත් මන් රූම් එකේ බැල්කනි එකට වෙලා බලාගෙන හිටියේ ජින්ව බලාපොරොත්තුවෙන් ........හැබැයි ජිනුයි ජිමිනුයි දෙන්නම ආව නිසා මට තේරුනා ජින් ජිමින්ටත් ලිලී ගැන කියන යන්නේ කියලා.......ජින් ඇවිත් මාව පිටිපස්සෙන් හග් කරලා මගේ බෙල්ලට සොෆ්ට් කිස් එකක් දීලා එතන තිබ්බ පුටුවකින් බියර් එක්කුත් කඩාගෙන ඉදගනිද්දි ජිමිනුයි මායි දෙන්නම බැල්කනි එකේ වැටට හේත්තු උනා.

🐥මොනවද කියන්න තියෙන්නේ ජිනා

ජින් බියර් එක බීලා සිගරට් එකක් පත්තු කරගද්දි ජිමින් එතනින් යන්න ලෑස්ති උනා

🐼හරි හරි බන් මන් විසි කරා.ඉදගනින්කෝ

ජිමින් කැමති නෑ සිගරට්ස් වලට.ජින් සිගරට් එක නිවලා විසි කරද්දි ජිමින් ජින්ට එහා පැත්තෙන් ඉද ගත්තා

🐼ලිලී ගැන මොකද බන් හිතන්නේ උබ

🐥වටේ යන්නේ නැතුව කෙලින් කියපන් ජිනා.මොකද්ද අවුල

ජින් එයාගේ බියර් එකත් එක්කන් කල්පනාවක වැටෙද්දි මන් ජිමින්ට විස්තරේ කිව්වා.

🥀ජිමිනා නෝරා එයා මැරෙන්න කලින් මට ලෙටර් එකක් දුන්නා

මන් ඒක ජිමින් දිහාට දික් කරේ එයා ඒක දිහාත් මන් දිහාත් මාරුවෙන් මාරුවට බලලා ඒක අරගෙන දිගාරිද්දි..........ජිමින් සම්පූර්ණ ලෙටර් එකම කියවලා මන් දිහා බලලා ජින් දිහා බැලුවා........ජිනුයි මායි දෙන්නම ජිමින් දිහා බලාගෙන හිටියේ එයාගේ ප්‍රතිචාරේ බලන්න

🐥ලිලී ගැන සමහර වෙලාවට මටත් සැක නොහිතුනාම නෙවෙයි......ඒත් බන් අපි හරියට හොයලා බලන්න ඕනේ......මොකද ලිලී අපි ලග දැන් අවුරුදු දෙකකටත් වැඩියි......අනික ලිලීට කූකී පන වගේ.අපි ඒක අමතක කරන්න හොද නෑ......ලිලී නිසා කූකීට වැටෙන්න දෙන්න බෑ....

🐼මට ලිලී ගැන නෙවේ අවුල.ඇත්තටම ලිලී එහෙමනම් කූකීයට මන් මොකද කියන්නේ? මන් කොහොමද කොල්ලගේ හිත හදන්නෙ? උබලා දන්නවා මට මගේ ෆයිටර් කෙනෙක්ට තුවාලයක් උනත් රිදෙන විදිහ.එහෙම එකේ මගේ සහෝදරයා වගේ ඉන්න උන් දුක් විදිනවා මට බලන්න බෑ.

🐥ලිලී අපි ගැන තොරතුරු නිකේල්ට දුන්නත් කමක් නෑ........නිකේල්ට අපිව අල්ලන්නවත් බෑ.....ඒ නිසා කූකී ගැන හිතලා අපි මේකෙදි වැඩ කරමු

🥀අපි ලිලීව එයාට නොදැනෙන්න දවසක් දෙකක් ෆලෝ කරමු.එතකොට අපිට හොයාගන්න පුලුවන් ලිලී කාවද මීට් වෙන්නේ කාත් එක්කන්ද කනෙක්ශන් තියෙන්නේ ඔක්කොම

🐼එහෙම කරමු ජිමිනා.වෙන කරන්න දෙයක් නෑ......එමී ඔයා ටිකක් බලන්න.....ජිමිනා එක්කන් එකතු වෙලා ෆලෝ කරන්න.මන් එතකන් ඔෆිස් එකේ වැඩ ටික බලන්න ඕනේ.නෝරාගේ සීන් එක නිසා නොකිව්වට sj එකට සෑහෙන කැලලක් වෙලා තියනවා.....ඒක ගොඩ ගන්න අපිට මහන්සි වෙන්න වෙනවා.

මමත් ජින් කියපු දේ ඔලුව වනලා අනුමත කරද්දි ජිමින් ජින්ගේ බියර් එක අරගෙන අහසට ඇස් යැව්වා........

🐥එක අතකින් ආදරේ නැති තරමට හොදයි ජිනා.......කූකී ඕක දැනගත්තම කොහොම හැසිරෙයිද........කෙලන් නැති උනාට පස්සේ මන් විදවපු විදිහ මට මතක් වෙනවා.

ජිමින්ගේ ඇස් වල කදුලු පිරෙනවා මාත් දැක්කා.......නොකිව්වට එයා අදටත් පාලුවෙන් ඉන්නේ කෙලන් නැතුව.......ඒක පාර්ශවික ආදරයක් උනත් කාටද මෙච්චර අවන්ක වෙන්න පුලුවන්...........කවුරුත් හිතනවද ඉතින් මේ නපුරා ඇතුලේ මෙච්චර අවන්ක කමක් මෙච්චර ආදරයක් හැන්ගිලා තියනවද කියලා.........ජින්ගේ නන්ගිගේ ෆොටෝ එක තාමත් ජිමින්ගේ වොලට් එකේ තියනවා මන් දැකලා තියනවා..................ලබන ආත්මේවත් ඒ අවන්ක හදවත් වෙන් නොවන විදිහට හමු වෙන්නම ඕනේ........

දයාබර දෛවය,
මුනගස්වන්න
හදවත් දෙකක්
කිසිදිනෙක
කිසිදු හේතුවකින්
වෙන් වන්නට
හේතුවක් හමු නොවන....................

.....................

ඊලග දවසේ ජින් ඔෆිස් එකට යද්දි ජිමිනුයි මායි ලෑස්ති උනේ ලිලීගේ හොස්පිට්ල් එකට යන්න..........අපි දෙන්නා කූකිගෙන් සැක නොහිතෙන විදිහට අද ලිලීට ඩියුටි තියන වෙලාව අහගෙන හොස්පිට්ල් එකට ගියේ...........අපි ලිලීට නෝට් වෙන්නේ නැති වෙන්න කුලියට ගත්ත ඔත්තු බලන කෙනෙක්ව දැම්මේ ලිලී මේ වෙද්දි අපේ ගැන්ග් එකේ එක්කෙනෙක් නෑර අදුරන නිසා......ලිලීට මට වඩා හොදට පුලුවන් ගැන්ග් එකේ අය අදුරගන්න.........ලිලී දොලහා විතර වෙනකන් හොස්පිට්ල් එකේ ඉදලා එලියට ආවා කියලා අපිට කුලී ඔත්තුකාරයා කිව්ව නිසා අපි දෙන්නම කාර් පාර්ක් එකට වෙලා බලාගෙන හිටියේ ලිලීගේ රුව මතු වෙනකන්

🐥එමියා කූකියා ලිලී ඕෆ් වෙනවා කියලා කිව්වේ තුනටද කොහෙද නේද

🥀හ්ම්ම් තුනට

මන් කාර් එකේ ඉදලා කැප් එක ඇස් දෙක වැහෙන්නම දාගෙන හිටියත් මගේ ඇස් ලිලීව හෙව්වා

🐥දැන් දොලහයි......එතනම සැකයිනේ ඉතින්.ආය දෙකක් නෑ නිකේල්ගේ එකියක් වෙන්නම ඕනේ

🥀මට තියන ප්‍රශ්නේ එයා මෙච්චර කල් ඔයාලා එක්කන් හිටියත් කිසිම කරදරයක් උනේ නැති එක ජිමිනා.

🐥අන්න එනවා

දුර ඉදන්ම ජිමින් පෙන්නද්දිම මගෙත් ඇස් තිබ්බේ ලිලී ලග.....කොන්ඩේ ලාවට ගෝල්ඩ් කරල් එකෙන් කලර් කරලා කොන්ඩේ කඩලා දාලා රතු ටයිට් ස්කර්ට් එක්කට සුදු බ්ලවුස් එකක් ඇදලා හයි හීල්ස් දාලා හිටිය ලිලී ඇත්තටම ලස්සනයි........ලිලීට කූකී ආදරේ කරන එක ගැන ආය අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.

ලිලී කාර් එක පාරට දාද්දි ලිලීගේ කාර් එකෙන් ටිකක් දුරින් අපි අපේ කාර් එක තියාගෙන අපි ලිලීව ෆලෝ කරන්න ගත්තා.........

🥀ජිමිනා මේක නිකේල්ගේ ඩෝර්ම් එකට යන පාරනේ

🐥ඔව් ඉතින් එමී මේකේ තියෙන්නේ නිකේල්ගේ ඩෝර්ම් එක විතරක් නෙවෙයිනේ.අපි තව ටිකක් බලමුකෝ කොහෙව ගිහින් නවතින්නේ කියලා.......

ජිමින් කියද්දි මන් කූකිට කෝල් කරා

🥀📞කූකියා එමීගෙන් අහන්නකෝ කොහෙද ඉන්නේ කියලා

🐰📞ඇයි හොස්පිට්ල් එකේ ඇත්තේ.

🥀📞පණ්ඩිතයා නොවී අහනවකෝ මට ජිනී ගැන ටිකක් කතා කරන්න තියනවා.එයා ෆෝන් අන්සර් කරන්නේ නෑ.

🐰📞අහ් ඉන්න බලමු

..................

🐥යා මෝඩයා කූකියට සැක හිතෙයි

🥀නෑ.ජිනීට බෙහෙත් කරමු කියලා ලිලීමයි කිව්වේ.....එයා බය වෙලා වගේ ඉන්න නිසා.ඒ නිසා අවුලක් නෑ.....මෙන්න කූකි ගන්නවා කෑ ගහන්න එපා

මන් මගේ තොල් වලට ඇගිල්ලක් තියලා පෙන්නුවේ ජිමින්ට කෑ ගහන්න එපා කියලා.මන් කූකීගේ කෝල් එක ආන්සර් කරද්දි ජිමින් ඒ දිහා බලාගෙන හිටිය විදිහට මට හිනත් ගියා.

🐰📞එමී එයා හොස්පිට්ල් එකේ ඉන්නේ.දැන් සර්ජරි එක්කට යන්න ඕනේලු.ඒ නිසා දැන් මීට් වෙන්න වෙලාවක් නෑ කියලා රෑට ජින්ගේ ඩෝර්ම් එකට එන්නම් කිව්වා

🥀📞අහ් ඕකේ කූකියා බායි.

...........

🐥ඒ කියන්නේ ඒකි කූකිට බොරු කරනවා

🥀හ්ම්ම්..........

ජිමිනුයි මායි දෙන්නා මූනෙන් මූන බලාගත්තේ ඇත්තටම ලිලීගේ වාහනේ නිකේල්ගේ ඩෝර්ම් එකෙන් ඇතුලට දැම්ම නිසා............ජිමින් තරහින්ම ස්ටියරින් වීල් එකට ගැහද්දි මන් මගේ නලලට දැම්ම දාඩිය ටික පිහා ගත්තා

🥀අපේ කොල්ලා

මට නිරායාසයෙන්ම එහෙම මිමිනුනේ කූකීව ලන් කරගෙන ආදරේ කියලා නමක් ඉස්සරහට දාගෙන ලිලී අර අහින්සක කොල්ලව රවට්ටා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතුන නිසා.......මේ ටික දවසට කූකී ලිලීට ආදරේ කරන විදිහ මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා........ඒ වගේ ආදරයකට කිසිම කෙල්ලෙක් බොරුවක් කරයි කියලා මන් හීනෙන්වත් හිතුවේ නෑ........

🥀ජිමින් මන් යන්නම් නිකේල්ගේ ඩෝර්ම් එක ඇතුලට.ඔයා ඉන්න මෙතන

මන් කිව්වේ බ්ලූටූත් එකත් කනේ රදවගන්න ගමන්.කාර් එකෙන් බහින්න ඔන්න මෙන්න තියෙද්දි ජිමින් කෑ ගැහුවා

🐥යා පිස්සුද නිකේල් ලගට යන්න.ජින් මාව එල්ලයි යකෝ

🥀මන් යන්නේ ලිලීට පේන්න.එයා දැනගන්න ඕනේ මන් දැනගත්තා කියලා.ඔයා ඉන්නකෝ බය නොවී.බ්ලූටූත් එකෙන් කනෙක්ට් වෙන්නකෝ මට.

ජිමින් කෑ ගහන එක ගණන් නොගෙනම මන් නිකේල්ගේ ඩෝර්ම් එකට ඇවිදගෙන ගියා.........මගේ හිතේ බයක් තිබුනේ නෑ.හැබැයි ජිමින් කාර් එකෙන් බැහැලා ටික දුරක් යනකන් මගේ පස්සෙන් ආවේ එයාගේ හිතේ තිබ්බ බය නිසා වෙන්න ඇති...........

...............to be continued ..............

Weiterlesen

Das wird dir gefallen

176K 8.1K 105
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
1.9M 83.5K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
7.2K 1.6K 42
Amalda Kim, කොරියාවේ ජීවත් වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක්.ඒකාකාරව ගලාගෙන තමන්ගේ ජීවිතයට වෙනසක් ගේන්න පිරිසක් ඇයට මුණ ගැහෙන්නේ අහම්බෙන්.... ඇය ඔවුන් සම...
293K 14.1K 94
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...