තවත් සතියක් ගෙවිලා ගියේ කුකීව එයාගෙ කාමරේටම තනි කරලා....
දැන් කුකීට සාමාන්‍යයෙන් සනීප නිසා ජින් තීරණය කලා එයාට ස්කෝලෙ යන්න දෙන්න. මාසෙකට විතර පස්සෙ ස්කෝලෙ යන නිසා ජින් ස්කෝලෙට දැනුම් දීලා තිබුනෙ හදිසියෙන්ම සෝල් වලින් පිට යන්න වුන නිසා කුකීට ස්කෝලෙ එන්න බැරි වුන බව. කුකී ඉගෙන ගන්න දක්ෂ නිසා ස්කෝලෙන් ලොකුවට අවුලක් වුනේ නෑ.
කුකී හිටියෙ ගොඩාආආක් සතුටින්.. එලියට යන්න ලැබෙන නිසා. පහුවදා උදේම ජින් ඇහැරවන්නත් කලින් නැගිටලා කුකී ලෑස්ති වුනා.
"කුකී... දගලන්න දුවන්න පනින්න ලෑස්ති වෙන්න එපා... වෙලාවට බෙහෙත් ටික බොන්න හොදද.. පරිස්සමින් යන්න පුලුවන් ද.. මං ගිහින් දාන්නද..."
"එපා හ්යුන්ග්.. මට තනියම යන්න පුලුවන්."
"හ්ම්... බායි කුකී.."
"බායි හ්යුන්ග්.."
-------------------------------
ටේ උදේම කම්පැනි එකට ගියේ එයාගෙ සුපුරුදු වැඩේට...
ඔව්.. සතියක් තිස්සෙ දැන් එයා උදේට පාර බලන් ඉන්නෙ කුකී එතනින් ස්කොලෙ යයි කියලා..
"අදවත් එන්න හා පැටියෝ... තව නම් මට ඉවසන් ඉන්න බෑ."
එතකොට එයා දැක්කා ඈත ඉදන් උඩ පැන පැන එන කුකීව..
Tae pov:
දෙයියනේ මහන්සි වෙන්න එපා කියල තියෙන එකේ මේ ලමයා එන විදිහ..
මාව දැක්කෙ නෑනේ තාම...
මං ටක්ගාලා එතන තිබුනු phone box එකක් පිටිපස්සට ගියා..
උඩ පැන පැන ආව ලමයා... දැන් මොකෝ හෙමින්...
වට පිට බල බල කාවද දන්නෑ හොයන්නෙ...
මගෙ කාර් එක ලගට ගිහින් ඒකට එබිලත් බැලුවා. හනේ... දැන්නම් මූණ සත පනහක් වගේ...
ටිකක් වෙලා බිල්ඩින් එක දිහාත් බලන් ඉදලා... මූණ බිමට හරවන් එයා ඉස්සරහට ඇවිදන් ගියා...
------------------‐----------------
හ්යුන්ග් නෑනෙ.... එයා දන්නවා නෙ මං ස්කෝලෙ යන්නෙ මෙතනින් කියලා... වාහනෙත් තියෙනවා... සුට්ටක් බලන් ඉන්න බැරිද මං එනවද කීලා...
හ්හ මොකට බලන් ඉන්නද... මගෙ මොනා බලන්නද... සතියකුත් ගියානෙ... දැන් මාව අමතක වෙලා ඇති... දැන් ඉතින් මං එයා ලග නෑනෙ ඕන ඕන වෙලාවට කිස් කරන්න... ඒ නිසා මාව ඕන නැතුවැති...
ඒයි ඇස් දෙක...අඩන්නෑ.. නවත්තනවා ඕක... මට පාර පේන්නෙත් නෑ... පස්සෙ අඩනෝකෝ... අනික මාව මතකවත් නැති කෙනෙක් වෙනුවෙන් අඩන්නෙ මොකටද.. ඔච්චරටම බොලදයිද...
ආහ්... හැමදාම මොකක්හරි හැප්පෙනවා...
"ඔයාට විනාඩියක් වත් මං වෙනුවෙන් බලන් ඉන්න බැරිද...ම්ම්ම්...?"
"ට්ටේ හ්-හ්යුන්ග්... ඔ-ඔයා..."
"කියන්න... මං වෙනුවෙන් බලන් ඉන්න පුලුවන් තප්පර හතලිස් හතයිද... ම්ම්ම්?"
"හ්යුන්ග් ම්-මං... හ්යුන්ග් කොහෙවත් පේන්න හිටියෙ නැහැනෙ...."
"මං හිටියා... ඔයා බැලුවෙ නෑ..."
කුකී ආයෙත් කදුලු පිරුනු ඇස් බිමට හරවගත්තා...
ටේ කුකීගෙ අතින් අල්ලන් ඉස්සරහට ඇවිදගෙන යන ගමන් කතා කලා...
"දන්නවද.... සතියක්ම... උදේට මං බලන් හිටියා මගෙ හා පැටියා එනකන්...
කොච්චර වෙලාවක් බලන් ඉන්න ඇතිද... පැයක්? දෙකක්? නෑ... එන්නෙ නෑ කියල දැන දැනත් දවල්ටත් මං බලන් හිටියා...
එහෙම එකේ ඔයා මොනවද හිතුවෙ ම්ම්ම්?"
කුකී ඔලුව උස්සලා ටේ දිහා බැලුවෙ පුදුමෙන්... එතකොට එයාලා හිටියෙ බිල්ඩින් දෙකක් අතර තිබුනු පාලු පාරක... බිම බලං ආවා මිසක් යන දිහාවක් බැලුවෙ නෑනෙ...
ටේ හෙමින් කුකීව බිත්තියට හේත්තු කරා....
"දන්නවද කොච්චර ඔයාව මතක් වුනාද කියලා මට... ම්ම්ම්?"
කුකී මොකුත් නොකියා ටේ දිහාම බලන් ඉඳිද්දී ටේ හෙමින් කුකීගෙ කදුලු පිහි දැම්මා..
"ඔයාට හිතාගන්නවත් බෑ මට ඔයාව මතක් වුන තරම...."
ටිකක් වෙලා ටේ දිහා බලන් හිටිය කුකී එක පාරටම ටේගෙ තොල් වලට චූටිම චූටි කිස් එකක් දීලා බිම බලාගත්තා...
(An: හනේ පොඩි එකාගෙ සැජ්ජාව😂)
එක පාරටම වෙච්ච දෙයින් ටේට පුදුම හිතුනා වගේම පාලනය කරන් හිටිය හැගීමුත් පාලනයෙන් ගිලිහුණා
ටේ කුකීගෙ මූණ අත්දෙකෙන්ම අල්ලගෙන පරිස්සමින් ඒ තොල් වලට බර වුනා...
හ්ම්ම්.... සතියක් තිස්සෙ දැනුනු පාලුව නැති වෙනකන්ම මේ මොහොත විදින්නයි දෙන්නටම ඕන වුනේ...
ටිකෙන් ටික සිපගැනීම් නොසන්සුන් වෙද්දි කුකී ටේගෙ ශර්ට් එක තමන්ගෙ චූටි ඇගිලි අතරෙ ගුලි කරගත්තා.. ටේගෙ එක අතක් කුකීගෙ ඉන වටේ ගියේ කුකීව එයාගෙ ඇගට තද කරගන්නයි...
විනාඩි දෙක තුනකට පස්සෙත් ටේට නං කුකීව අතාරින්න අදහසක් නොතිබුනත් කුකීට හුස්ම ගන්න අමාරු උන නිසා ඒක නවත්තන්න සිද්ධ වුනා...
කුකීගෙ චූටි රවුම් ඇස් වලින් ආයෙමත් කදුලු ගලාගෙන ගිහින් තිබුනෙ ඇයි කියලා හිතාගන්න බැරි වුන ටේ ටිකක් බය වුනා...
"මට..මට සමාවෙන්න පැටියෝ... ම්-මොකද වුනේ..."
"ම්-මට.. ටික..ක් හ්.. හුස්ම ගන්..න අමා..."
"අනේ මට සමාවෙන්න... මට ඒක අමතක වුනා... ඔයා... බෙහෙත් බිව්වද කුකී... මං.. මං මොනවද කරන්න ඕන..."
"ඉන්..හේලර් එක..."
"කොහෙද.. කොයි එකේද තියෙන්නෙ..."
ටේ කුකීගෙ බෑග් එක අරන් කලබලෙන් ඉන්හේලර් එක හෙව්වා..
"හම්බුනා..."
ඉන්හේලර් එක ගත්තට පස්සෙ කුකීට ටිකක් හරි ගියා..
ටේ හිටියෙ අහක බලාගෙන. කුකී ටේගෙ මූණට එබුනා...
"හ්යුන්ග්?"
ටේ තවත් අනික පැත්තට හැරුනේ එයාට නවත්තගන්න බැරි කඳුලු හන්ගන්න...
"හ්යුන්න්න්ග්....."
"සමාවෙන්න කුකී... හැමදාම මං නිසා ඔයාට මොනාහරි වෙනවා... ම්-මගෙන් ඈත් වෙන්න ඔ-ඔයා"
"ඒයි.... පිස්සුද... හ්යුන්ග්.. මොනවද මේ කියන්නෙ.. කෝ මෙහෙ බලන්නකෝ...."
කුකී ටේ ගෙ මූණ අත් අතරට අරන් ටේගෙ කම්මුලට දිග... හාදුවක් දුන්නා...
"දැන් සේරම හරි... අපි යමුද හ්යුන්...."
"හ්ම්..."
කුකී ටේගෙ අතේ එල්ලිලා ඇවිදගෙන යන ගමන් කතා කරා....
"හ්යුන්ග්... ඔයාට හෙට වැඩ ගොඩක් තියෙද..."
"ඇයි පැටියෝ..."
"අපි.... කොහෙහරි ඇවිදින්න යමුකො හ්යුන්ග්..."
"ඔයාට ස්කෝලෙනේ...."
"අනේ... එක දවසක් නොගියට මොකද..."
"කුකී.... යුනිෆෝම් එකෙන් ස්කෝලෙ කට් කරලා යන්න බෑනේ..."
"හයුන්ග් හෙට කැශුවල් ඩේ එක.."
"කුකී..."
"අනේඒඒ හ්යුන්න්න්ග් ඔයා හොදයි නේ... ප්ලීස් ප්ලීස්..."
ටේට් කුකීගෙන් බේරෙන්නම බැරි තැන හා කියන්න සිද්ධ වුනා...
"හ්යුන්ග් ඔන්න එහෙනම් මං හෙට උදේට එනවා..."
"හරී..."
ස්කෝලෙ ලගට එනකන් ඇවිදගෙන ගිහින් කුකී ගියාම ආපහු ආවා...
පයින් පාර දිගේ ඇවිදගෙන එන Kim corporation CEO දිහා මිනිස්සු බලන් හිටියෙ පුදුමෙන් වගේ. අතරින් පතර හිටිය ගෑනු ළමයි මැරෙන්න හැදුවෙ නැති ටික විතරයි... ටේහ්යුන්ග් කිසි කෙනෙක්ව ගනන් නොගෙන ආයෙත් කම්පැනි එක ලගට ඇවිදන් ගියේ කුකීව කොහෙද එක්කන් යන්නෙ කියල හිත හිත...
▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎
ඒ චැප්ප හරි නෑ නේ... මට රොමැන්ටික් වෙන්න තේරෙන්නෑ😒💔
An: හරියටම වචන අටසීයයි...😌
My mind: තව ලියමුද...🙃
An: අපෝ ඔය ඇති... 🤨
My mind: ඒත් රීඩර්ස්ලා පවු නේ...😒
An: නෑ නෑ... පව් නෑ... මේ ඇති😌
අද බාල්දි නෑ නේද ලයි... කමන්නෑ සතුටු වෙන්නකෝ😂🤚
ඔය තරුව ඔබාගෙන යන්න අනේ... අපරාදෙ.. නිකං තියෙන එකනෙ😂
ටටා ඈ💞😏