සත් සිහිනය ( ON HOLD )

By Genu_007

3.4K 333 24

❤️❤️කවුද හිතුවෙ ගැනු ලමයි 7 දෙනාගෙ සිහින කුමාරවරු 7 දෙනා තමන්ටම අයිති වෙයි කියලා ඒත් දෛවය තමයි එක තිරනය කරන්... More

Introduction
characters
chapter 01
Chapter 2
Chapter 3
Chapter 04

Chapter 5

563 43 16
By Genu_007


සත් සිහිනය

Chapter 5

ලංකාවේ වේලාවෙන් උදෑසන 11.10 පමණ වන විට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් රැගත් ගුවන් යානය අසර්බයිජානය බලා පැමිණියා. 🛬🛬🛬🛬

Giha pv

අසර්බයිජානයේ bakuහි පිහිටි Heydar Aliyev International Airport එක තමයි අපේ ගමනාන්තය උනේ. මං ටක් ගාලා ගියේ ගෙනූ ගාවට. අපායට ගියත් ඉතින් අඳුරන එකෙක් හරි  ඉන්න එපැයි. අඳුරගෙන එක් දවසයි දෙකයි උනාට අපි ගොඩක් ෆිට් වුනා. ආමිල කියන්නෙ නිකංද ඉතින්. යන යන තැන armyලා.....

🖤 අඩේ genu මේක airport එකක්ද නැත්නම් දිව්‍යලෝකයක්ද? ලොකු බලන්නකෝ ඒ වගේම පට්ට ලස්සනයි....
( කෙනා කවුරු වුනත් මගේ  හිතට ඇල්ලුවනම් ඉතින් ආයේ එයා මගේ යාළුවෙක් තමයි. ඒ වගේම තමයි කතා කරද්දී මගේ කටට බ්‍රේකුත් නැහැ )

💛 අක්කේ අසර්බයිජානය කිව්වම නම නිකං කැතයි වගේ නිසා මං හිතුව රටත් කැතයි කියලා. බලං යද්දි ගොඩක් ලස්සනයි නේ

( ඒක ඇහුවම නං මට තේරුණා මේකිත් මං වගේම පොරක් තමයි කියලා. නියමෙට සෙට් වෙනවා 😂😂 )

වටේම ලස්සන බල බල අපි හැමෝම එයපෝට් එකෙන් එළියට ආවා. අනිත් අය නං හැබැයි අපි දෙන්න වගේ මොංගල් ඇක්ශන් දදා කටත් ඇරගෙන වටේ කැරකුණේ නැහැ වැදගත් විදිහට ගියා.....

" වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත "
එක පාරටම හිතට ආවෙ මේ සින්දුව. 🤔 හෑ යකූ දැන් එතකොට මායි ගෙනුයි ද මෙතන වන සිවුපාවුන් ?? 🤔🤔

පොඩ්ඩක් මොංගල් ඇක්ෂන් දැම්මට මොකද  අපිත් හොඳ දේවතාවියො තමයි. කට විතරයි පොඩ්ඩක් අවුල්. ඔය දෙවිවරුත් හොඳයි හොඳයි කිව්වට මේ අපි වගේ කට වාචාල දෙවිවරුත් නැහැ කියන්න බැහැ නේ. හා නැද්ද මං අහන්නේ ? 🤣

කොහොමින් කොහොම හරි එයාර්පෝට් එකෙන් එළියට ආව අපිව පිළිගන්න බාලදක්ෂයන් පිරිසක් ඇවිල්ලා හිටියා. එයාලත් එක්ක group photo එකකුත් ගහල ඊටපස්සෙ අපිට දුන්න බස් එකෙන් අපි jamboree භූමියට ආවා. මං හිතුවෙ අපි තමයි ඉස්සෙල්ලම ආවේ කියලා ඇයි යකෝ වෙන එවුන්ව එයාපෝට් එකේදි දැක්කේ නෑනේ. ඒකට මෙතන බලන්න එපෑ කඩිගුලක් වගේ කට්ටිය පිරිලා. ගෑනු ළමයින්ට ඉන්න වෙනම පැත්තක් පිරිමි ළමයින්ට ඉන්න වෙනම පැත්තකුත් තිබුණා. හැබැයි ඉතින් නිදාගද්දි විතරයි හොදේ අනිත් වෙලාවට නං දෙගොල්ලම ඉන්නේ එකට.

අද හවස තුනට තමයි opening ceremony එක තිබුණේ. දැන් නං අපි රෑටත් කාලා නිදාගන්න තමා මේ හදන්නේ. අද රෑට නම් හැමෝටම කෑම මෙහෙන් ලැබුණා හෙට ඉඳන් අපිම උයාගන්න ඕනේ. කවද කරපු දේවල් යකූ.... ටීම් එකේ ඉන්න අය අදුරන්නෙත් නැහැ යන්තමට ගෙනුවත් මගේ එකටම සෙට් වුණා. කලින් නම් camp වල දී ඉව්වට මොකෝ වැඩි හරියක්ම ඉව්වෙ මගේ යාලුවොයි මට වඩා වැඩිමල් අයයි. මං ඉතින් රහ බලලා ඇද කියන එකයි උයන දේවල් කන එකයි නම් අඩුවක් නැතුව කලා අනිත් දේවල් කෙසේ වෙතත්. මගේ යාලුවන්ට අනුව මට පුළුවන් එච්චරයිලු. ඇත්ත වෙන්න ඇති යාලුවනේ කියන්නේ 😁😁
හැබැයි අපේ අම්මත් කියනවා 🥲

මම මනෝ ගහගෙන ටෙන්ට් එකට වෙලා පෙරලි පෙරලි හිටියා. ආ කියන්න අමතක උනානේ අපිට නිදා ගන්න තියෙන්නෙ ටෙන්ට් වල. ඒවා මෙහෙන්ම හදලා තිබ්බා. දැන්නම් මෙහෙ වෙලාව රෑ දහයයි. ඒ කියන්නේ කියන්නේ ලංකාවේ වේලාවෙන් 11.30.... පැය එකහමාරක් අඩුවෙන් තමයි මෙහෙ වෙලාව යන්නේ. ආපු ගමන්ම අම්මට තාත්තටයි කෝල් කරපු නිසා හිතේ වැඩිය බරක් නැතුව නිදාගන්න කියලා හැදුවේ. මොකද ඉතිං අද මෙහෙම කලින් නිදා ගත්තට ඉතුරු දවස් ටික නම් කීයට නිදාගන්න වෙයිද කියන්න බැහැ.

හැමදාම රෑට musical shows තියෙනවා. තව ගිනිමැල සංදර්ශන තියනවා. ආහ් තව එක එක රටවල් වල සංස්කෘතීන්ට අයත් විවිධ නැටුම් ගැයුම් වැයුම් වගේ විවිධ ඉදිරිපත් කිරීම් එහෙමත් තියෙනවා.......

ඔව් ඔව් මං කිව්වේ නැති වුණාට අපේ රටෙනුත් අයිටම් එකක් තියෙනවා. මාත් ඉන්නවා ඒකට පොඩ්ඩක් මොංගල් උනාට මමත්  හොඳ dancer  කෙනෙක් තමයි හුම්😉😌

මෙහෙ දවල්ට ටිකක් රස්නෙයි..... කොහොමහරි අපේ ටීම් එකේ කට්ටිය රණ්ඩු වෙන්නැතුව සමගියෙන් හිටියා ඇයි ඉතින් යකූ අඳුරන්නැති රටකට ඇවිල්ලා මොනවට මරාගන්න ද ?

අද රෑට උයන්න තියෙන්නෙ අපේ ටීම් එකට. අබ සරණයි ඉතිං ඔන්න ඉස්සෙල්ලාම බත් එක උයන්න කියලා ගත්තා. ලිප හදලා හාල් එක ලිපේ තිබ්බා. තව ටිකෙන් වතුර ටික රත් වෙන්න කලින් හාල් ටික ඒකට දානවා. හොඳ වෙලාවට අපේ ටීම් එක බාර ලීඩර් අක්කා හිටියේ. බත් එක ඉදෙනකන් කියලා එයා එළවළු හදන්න අවශ්‍ය කරන බඩු ලෑස්ති කරා තව දෙන්නෙක්ට බත් එක බලාගන්න කිව්වා..... දැන් නං ගොඩක් වෙලා ගිහින් තාම බත් එක ඉදෙන පාටක් නැහැ..... අපි බාරව හිටපු මැඩමුත් ඇවිල්ලා බත් එක බැලුවා බත් එකේ එක පැත්තක් නං ඉදිලා. අනිත් පැත්ත තාම ඇට.... බලද්දි ලිප ඇදයි.... 😁
තව එකෙක් අල හොද්දට දිය කිරි වලට කලින් මිටි කිරි දාලා.... ඉතිං ආයෙත් පොල් ගෑවා..... තව එකෙක් ඒකට ලුණු දාලා ඌ දැම්ම කියල දන්නැතුව අනිකත් ලුණු දාලා.... අද රෑ කන්ඩ නෙමේ ඉතිං 🤧🤧🤧🤧🤧

කොහොමහරි මැඩම්ගේ පිහිටෙන් රෑට බඩගින්නෙ නොඉඳ යන්තම් කන්න දෙයක් හදාගත්ත..... නිදාගන්න කියලා ආවත් නිදා ගන්න බැහැ රස්නෙයි..... අපේ ටීම් එකේ කට්ටිය එකතුවෙලා ටෙන්ට් එක උඩින් තියෙන රෙද්ද අයින් කරා..... ( ඒකට fly sheet එක කියලා තමයි කියන්නේ වහිද්දි වුණත්  ඒක නිසා ටෙන්ට් එක තෙමෙන්නේ නැහැ..... හැබැයි ඉතින් රස්නෙ වෙලාවට ඒක දැම්මම තවත් රස්නෙයි. ඒ නිසයි ඒක අයින් කළේ )
ඒත් ටිකක් රස්නෙයි වගේ ඒ නිසා මායි ගෙනුවයි  තව නංගි කෙනෙකුයි ටෙන්ට් එකෙන් එලියට ගිහින් ටෙන්ට් එක ළඟින්ම  තණකොළ ගොල්ලෙන්  බිම රෙද්දක් එලාගෙන නිදාගත්තා....

නිදාගෙන කොච්චර වෙලා ගියාද මන්දා ඉන්න බැහැ සීතලයි බෙඩ් ෂීට් එක හෙව්වත් ඒක අහු වුණේ නැහැ කොහොමහරි බලද්දි බෙඩ්සීට් එක තණකොළ ගොල්ල උඩ තිබ්බා..... ඒකත් පුදුම සීතලක් නිදාගෙන ඉන්න සීට් එකක් හොඳටම සීතල වෙලා.... ගෙනු හිටියේ මගේ එහා පැත්තේ.... ඒකි මාවත් බදාගෙන හොදට නිදි. මගේ ඇදුම් තෙතයි ගෙනූගේ ඇඳුනුත් තෙතයි. හිතට ආපු සැකයක් නිසා ගෙනුව හැරෙව්වා.

🖤 යා ගෙනුවා නැගිටිනවා.... නැගිටින්න  කියලා නේද කිව්වේ. 😠 එක සැරයක් කිවුවහම නැගිටිනවා කෝ

💛 මොකද අක්කියෝ බෙරිහන් දෙන්නේ නිදාගන්නකො 😴

🖤 මෙච්චර හරියක් කරල තියෙද්දිත් තොට නින්ද යනවද යකෝ... බලපං කරලා තියෙන දේ
( එහෙම කියලා මං  ඒකිගේ පිටට ගැහුවා.... ගැහුව පාර සැර වැඩිද මන්ද)

( එහෙම කියලා මං  ඒකිගේ පිටට ගැහුවා.... ගැහුව පාර සැර වැඩිද මන්දා ගෙනූ එකපාරටම නැගිටලා ඉඳගත්තා. රිදුනට මොකද කරල තියෙන වැඩේ තමා මොන්ටිසෝරි ළමයින්ටත් හපන් )

💛 මොකක්ද අනේ වෙලා තියෙන්නෙ මට කෑගහන්නෙ මොකද නිදාගන්න දෙන්නකෝ

🖤 බලපන් මගේ ඇඳුමත්  තෙතයි බෙඩ් ෂීට් එකත් තෙතයි නිදාගෙන ඉන්න රෙද්දත් තෙතයි උඹත් තෙතයි.... නිදාගන්න කලින් වොෂ් රූම් යන්න ඕනේ කියලා උඹ දන්නෙ නැද්ද මේ අවුරුද්දට දාහතක් වෙන්ඩ එනවා නේද උඹට වොශ් රූම් යන්න ඕනි කියලා   මාව හැරෙව්වා නං මං එනවා නේද යන්න බලපන් දැන් මොකක්ද කරන්නේ කියලා දැන් ගිහින් නාන්නද කියන්නේ??

( ආපු කේන්තියට ම මම ගෙනූට හොඳටම කෑ ගැහුවා )

Genu pov

මට හොදටම නින්ද ගිහිල්ලා හිටියේ මෙන්න යකෝ එක පාරටම මේ ගිහා හයියෙන් කෑ ගහනවා.... මහසෝනා වත් මේකීගෙ බෙල්ල මිරිකලාද.... ඒත් ඉතින් මේ ලංකාව නෙමෙයි නේ..... හෑ යකූ එතකොට මෙහෙත් මහසෝනලා ඉන්නවාද  😱😱😱
එච්චර හිතන්න හම්බුන්නෑ වැදුනෙ නැතෑ හොඳ පාරක්..... චූත් ගියාද මන්දා.... මං විජහට නැගිට්ටේ ආයේ  ගුටි කන්න වුණොත් කියන බයට නං නෙමෙයි ගුටි කාලා අනිත් එකත් වුනොත් කාට කියන්නද... අන්න ඒකයි 😂😂

මෙන්න යකෝ මේකි මට බැනගෙන බැනගෙන යනව මං බැලුවා මොකද මේ කියලා කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ මොනවද මන්දන්නේ නැහැ තෙතයි ලු. ආ ඇඳුම් තෙතයිලු 🤣 මෙන්න මේකි මට බනිනවා washroom එකක් ගැන කියලා. washroom  යන්න ඕනේ කිව්වා නම් එයා එනවලු යන්න. ඒත් ඉතින් මට washroom යන්න වුවමනාවක් නැහැනේ. බලෙන් කරන්නද කියන්නේ??? ඒකද මට දැන් වොෂ් රූම් යන්න වැඩේ වෙන්නම ගැහුවෙ. යකෝ මාව washroom යවන්න මේකිට පුදුම උවමනාවක්නෙ තියෙන්නේ..... එහෙම බලෙන් යන්න පුලුවන්ද මේකිට පිස්සුද මන්දා 🙄🙄 දැන් ඉතින් වෙන  වෙන දේවලුත් හිතට එනවා ඒ ගැන හිතද්දී.....
( මේවා හිතුවා විතරයි කියන්න ගියේ නැහැ මොනා උනත් අක්කෙක් නේ )

💛 මොනාද කියන්නේ අපේ සූටි හිත් ඔයාගේ ඔය කැත අදහස් වලින් පුරවන්න එපා

🖤 මොකක්ද යකෝ උඹ කියවන හරුපේ උඹනෙ දැන් මෙතන වොෂ් රූම් එකක් කියලා හිතාගෙන වැඩ කරල තියෙන්නෙ 😠

💛 මොකක් කිව්වා  ?? 😧
( මං බැලුවේ මොකක්ද මේ කියවන්නේ කියලා කියන මෙලෝ දෙයක් තේරෙන්නෑ )
🖤 කට ඇරන් බලන් ඉන්නේ මොකද යකෝ උඹ මෙතන චූ කරලා කියලා කිව්වේ 🤬

💛 මොකක්!! 🥵

🖤 උඹට නින්දෙන් චූ ගිහින් 😤

💛 මොකක්ද අනේ බොරු කියන්න එපා මට චූ ගියා කියන්නේ කොහොමද ඔයාට වෙන්නැති හොඳට බලන්න 🤧😠

Giha pov

මෙන්න යකෝ මේකි කියනවා මමලු චූ දාල තියෙන්නෙ.... සිරාවට වෙලා තියෙන්නේ ඒක නම් හතර විලි ලැජ්ජාවයි. මං ගිහින් මුහුදට පැනලා මැරෙනවා.🤧අම්මේ තාත්තේ සමාවෙන්න හිතලා නෙමෙයි ඔයාලට දුකක් දෙන්නෙ මගේ නෙමෙයි වැරැද්ද මගේ මුත්‍රාශය තමයි වැරැද්ද කළේ 🤧🤧

අපි දෙන්නගෙ සද්දෙ ඇහිලා ගෙනුගේ එහා පැත්තේ නිදාගෙන හිටිය නංගිත් ඇහැරුනා.... එයාටත් විස්තරය කිව්වා මල කෙලියයි එයාවත් හොදටම තෙමිලා.

🖤 දැන් නම් හොඳටම ෂුවර් ගෙනූ ඒ මම නෙමෙයි ඔයා තමයි.... එහෙම කළේ මම නං කොහොමද එයාවත් තෙමෙන්නෙ ? 🤨

💛 අනේ මේ මම නෙමෙයි කියලා කිව්වනේ 🤧

🖤 උඹ තමයි 🤨

💛 නෑ කිව්වනේ

🖤 උඹ තමයි

💛 නෑ නෑ නෑමයි

🖤 ඔව් ඔව් උඹ ම තමයි

💛 නෑ කිව්වානේ ගිහා අක්කේ ඔයා නම් මහ හොඳ නැහැ🤧🤧

🖤  යමන් වොෂ්රූම් එකට මෙහෙම නිදා ගන්න බෑනෙ 😒😒

මායි ගෙනුයි අර නංගි තුන්දෙනාම වොෂ් රූම් එකට ගිහින් ඇඟ සෝදගත්තා දැන්නම් පාන්දර තුනට විතර ඇති කොහොමත් තව ටිකකින් නැගිටිනවා නේ හැමෝම.... ඒ නිසා අපි නැගිටලා ම හිටියා..... උදෙන්ම bedsheets හෝදලා දැම්මා. මේ තියෙන රස්නෙට පැයෙන් දෙකෙන් ඒවා වේලිලා තියෙයි.....

අද දවසම ගෙනූ මට ඔරවනවා. ඔරවන්නෙ නැතුව තියෙයිද පාන්දර  කියපුවා ට ? වැඩේ කියන්නේ අන්තිමට චූ ගිය කෙනෙක් නැහැ..... දවල් අයිස්ක්‍රීම් එකක් අරන් දීල තමයි ගෙනූව යාලු කර ගත්තෙ.... අදත් රස්නෙ නිසා මායි ගෙනුයි එළියෙ නිදාගන්න කියලා හැදුවේ. හැබැයි ඊයෙ අපිත් එක්ක නිදාගත්ත නංගිනම් ආවේ නැහැ. මොකද ඉතිං ඊයෙ සිද්ධියෙන් පස්සේ ඒකිටත් සාධාරණ බයක් ඇති වෙන්නැති අදත් චූ නාන්න වෙයි කියලා..... සිරාවටම ඊයෙ චූ ගියෙ ඒකිට ද කියලත් මට සාධාරණ සැකයක් දැන් ඇතිවෙනවා....

Genu pov

ගිහා අක්කි අදත් එළියෙ නිදාගමු කියලා කිව්වා. මේකිත් එක්ක දැං මට එකට නිදා ගන්නත් බයයි වගේ. අදත් මාව බලෙන් washroom යවන්න හැදුවොත් එහෙම😅😅
ඊයේ අපිත් එක්ක නිදා ගත ගෑනු ළමයා නං අද අපි එක්ක නිදාගන්න එලියට  ආවෙ නෑ. ඇයි ඉතින් යකූ මේ ගිහා අක්කි කියන ඒවට යක්කුත් ෂොක් වෙනවා ශුවර්. ඒ තරමට ඒ කටට බ්‍රේක් නැහැ. වෙලාවකට මට සැකයි මේක කටක්ද කියලත් 😁

..............................................................................

ඔන්න ළමයි 5 ඉක්මනට දුන්නා..... ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න බලන්නම්..... 😘💜

Continue Reading

You'll Also Like

178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
39.2K 5.8K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
234K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
490K 66.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...