𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.6K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 17 -

1.4K 340 29
By sehasnara

ජිමින් සහ අරියා විශාල දුරක් ගෙවා ගෙන අඳුරු කැලෑව පසු කරගෙන අයිගරා කඳවුරට පැමිණීමට සමත් විය.

මුර දොරටුවේ සිටි සෙබලියක් ඔවුන් දෙසට තුවක්කුව දිගු කළාය. ජිමින් දෑත් එසවූවේය.

'අපි ආවේ ආගෝ හමුදාවෙන් පැනලා. මම කන්ග් ජිමින්. මේ හ්‍යුන් අරියා. අපි දෙන්නවම මරණ දඬුවමට නියම කරලා හිර කරලයි තිබුණේ.'

සෙබලිය ඇහිබැමක් එසවූවාය. 'කවුද මෙතන ගැන ඔයාලට කිව්ව කෙනා?'

'ලී ජීයන්ග්. අයිගරා කළු බැළලි.' ජිමින් පිළිතුරු දුන් විට සෙබලිය දෑස් විසල් කොට බැලුවාය.

'ඒක වෙන්න බැහැ... එයාව මැරුවා...'

'නැහැ... එයාව මැරුවා කියලා කිව්වට එයා ඉන්නවා. එයාවත් හිර කරලා තියෙන්නේ ආගෝ හමුදාවේ අපි හිර කරලා හිටපු තැනමයි. ජෙනරල් හන් යටතේ.' ජිමින් විස්තර කළේ අරියාව දෑත් මැදට ගනිමිනි.

'ඇතුළට එන්න...' සෙබලිය අරියාව දැකීමෙන් පසු ප්‍රශ්න කිරීම නවතා දැමුවාය.

ජිමින් අරියා සමඟ ඇතුල් වූ විගස දුටුවේ ටේහ්‍යුන්ගේ අතින් අල්ලා ගත් දේහධාරී සෙබලෙකු රාත්‍රී ආහාර ගනිමින් සිටින අයුරුයි.

'ටේහ්‍යුන්ග්?' ජිමින්ට කෑගැසිණි.

සෙබලාගෙන් දෑස් ඉවතට ගත් ටේහ්‍යුන්ග් ජිමින් දෙස බැලුවේය. 'ජිමින්-ආහ්!'

'ඔයා එයාලව දන්නවද?' සෙබලිය සුපරික්ෂාකාරී දෑසින් විමසුවාය.

ජිමින් හිස වැනුවේය. 'ඔව්... අපි එකට හිටියේ පොඩි කාලේ ඉඳන්ම.'

'ඔයා එයාලා එක්ක කතා කරන්න... මම මේ ගෑනු ළමයව එක්කන් යනවා මූලස්ථානෙට.'

ජිමින් හිස වනා අරියාව අතහැර ටේහ්‍යුන්ග් වෙත දිව ගියේය.

________

'ඉතින් ඔයා කියන්නේ දැන් ඔයා ලස්සන සෙබලෙක්ගේ කොල්ලා කියලද?' ජිමින් සිනා සෙමින් ප්‍රශ්න කළේය.

ටේහ්‍යුන්ග් දෑතින් මූණ වසා ගත්තේ රතු වූ බව සැඟවීමටයි.

'හොඳයි හොඳයි ඔයා දියුණු වෙලානේ... මට සතුටුයි...' ජිමින් අතින් පහරක් එල්ල කරමින් සතුට පල කළේය.

ජන්ග්කුක් ජිමින් දෙස බැලුවේ යමක් අසන්නටයි. 'ජෙනරල් හන්ට මොකද වුණේ? එයා තමයි අපිට මෙතනට එන්න කිව්වේ... කෝ දැන් එයා?'

ජිමින්ට දිගු සුසුමක් පිටවිය. 'අපි එන්න ටිකකට කලින් අපිව අහුවෙන්නයි ගියේ... ඒ නිසා එයාටයි ජීයන්ග්ටයි එන්න බැරි වුණා.'

'එයාලව මරයිද?'

ජිමින් උරහිස් ඇකිලීය. 'මම දන්නේ නැහැ... මට අරියව බලා ගන්න කිව්වා...'

'අරියා?'

'ම්ම්ම්... ඔව්... අවුරුදු දොළහක ගෑනු ළමයෙක්. එයාව මරන්න ඔන්න මෙන්න තීද්දි ජීයන්ග් බේරගත්තේ...'

ජන්ග්කුක් හිස සැළුවේය. 'මම හිතන්නේ යුන්ගි වෙන්න ඇති මරන්න යන්නැත්තේ ඒ කෙල්ලව.'

ජිමින් එකඟ වන බව පෙන්වමින් දෑස් පියාගත්තේය.

______________

අරියා සිටියේ මූලස්ථාන පුටුවක වාඩිවීය. ඇය ඉදිරියෙන් සෙබලියන් දෙදෙනෙකු කල්පනාකාරී ලෙස බලා සිටියහ.

'ඔයාට විශ්වාසද ඒ ජීයන්ග් මයි කියලා?'

අරියා හිස සැළුවාය. 'එයා එහෙම තමයි කිව්වේ...'

'මට කියන්න එයා මොන වගේද කියලා? මට හරියටම දැනගන්න ඕන එයා ඉන්නවද කියලා.' ප්‍රධාන පුටුවේ වාඩිවී සිටි සෙබලිය මෘදුව අණ කළාය.

අරියා දෑස් පියාගත්තේ ජීයන්ග්ව පැහැදිලිව සිතේ මවා ගැනීමටයි. 'එයා උසයි. සුදුමැලියි. කොණ්ඩේ උරහිසට විතර තිබුණා. ඇස් දෙක තද දුඹුරු පාටයි. බෙල්ලේ තිබුණා අමුතු මාලයක්. දකුණු කම්මුලේ කැපුම් පාරක් තිබුණා.'

මේසය අනික් පස සිටි සෙබලිය සුසුමක් හෙළුවාය. 'ඒ එයා තමයි. ලී ජීයන්ග්... අපි එයාව කොහොමහරි ගෙන්න ගන්න ඕන. එයා නැති අයිගරා කඳවුරක් හරියට උණ්ඩයක් නැති තුවක්කුවක් වගේ...'

_____________

Stan IU everyone!

Spotify එකෙන් IU ගෙයි Yoongz ගෙයි Eight අයින් කරලා... මම දන්නේ නැහැ මොන ගොන් වැඩක්ද කියලා ඒක.

ඒ සිංදුවේ කිසිම වැරදි දෙයක් නැහැ. ඔයාලා දන්නවා ඇති SHINee - Jonghyun, F(x) - Sulli, Kara - Goo Hara suicide කරගත්තා කියලා. ඒ තුන්දෙනයි IU යි හොඳම යාළුවෝ. නිකන් හිතන්න එයාව ඉතුරු කරලා හැමෝම suicide කරගත්තහම IUට දැනෙන වේදනාව, පාළුව... 

Eight සිංදුව තියෙන්නේ ඒක ගැන...

Spotify නැති වුණත් කමක් නැහැ... හැමෝම ඒක YouTube, Apple music වල stream කරන්න...

Continue Reading

You'll Also Like

587K 63.9K 32
သစ်ပင်ကြီးလို မှီကပ်နားခိုဖို့အသိထက် ဘဝတစ်ခုလုံးရဲ့ အားကိုးဆုပ်ကိုင်ရာ ကောက်ရိုးမျှင်လေးအဖြစ်....
7.6K 316 12
අපි ඇවිලෙන්න පටන් ගත්තෙ ඒ විදිහට. ඒ නිමක් නැති ගින්නට අපි දෙන්නා ටිකෙන් ටික දැවිලා ගියා. අපි සැනසීමක් හෙව්වෙත් ඒ ගින්නෙන්මයි. හැම මොහොතක ම අපි තව තවත...
72.3K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
69.4K 4.2K 53
រឿងរ៉ាវស្នេហាផ្ដេីមដោយពាក្យថា " ស្នងត្រកូល " របស់Park Jimin និង Kim fiaaly Page : BangTan-Novel FB : Aria