𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.6K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 15 -

1.5K 351 37
By sehasnara

'මම දන්නේ නැහැ මේක හරියයිද කියලා... ඒත් අපි කරලා බලමු...' හොසෙක් කීවේ මිශ්‍ර සිතුවිලි ඇතිවය.

'මොකක්ද අපි කරන්න යන්නේ?' ජිමින් විමසුවේය.

'අපි අද රෑට කොහොම හරි මෙහෙන් යනවා. අයියට තමයි අද රෑ වැඩ තියෙන්නේ ඒ නිසා අපිට පැනලා යන්න එයා ඉඩ දේවි.'

'ජීයන්ග් මේක ලේසි නැහැ... අහුවුණොත් හොසෙක් හ්‍යුන්ග්ටත් මැරුම් කන්න වේවි.' ජිමින් අරියා දෙසටද බැල්මක් හෙලමින් සැක පල කළේය.

හොසෙක් සුසුමක් හෙළුවේය. 'මෙහෙමයි... මැරුම් කෑවත් ජීයන්ග් කියන්නේ මගේ නංගි. මට එයාව අසරණ කරන්න බැහැ... ඇරත් අර ඉන්න ළමයා හුඟක් පොඩියි... මෙතන වධකාගාරේ දෙන වදවලට ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දවස් දහයකට වඩා ජීවත් වෙන එකක් නැහැ.'

අරියාගේ උරහිස් වටා අත් යැවූ ජීයන්ග් සුසුමක් හෙළුවාය. 'අපි උත්සහ කරලා බලමු.'

______________

ජීයන්ග්ගේ දම්වැල ගැලවූ හොසෙක් දිගු හුස්මක් ගත්තේය. 'ඉවරයි...'

'දැන් මොකක්ද කරන්න ඕන?'

'මෙතනින් සද්ද නොකර ගියාට පස්සෙ බිම්ගෙයි කොණේ තියෙනවා වතුර බහින්න හදපු කාණුවක්... ඒකෙන් රිංගුවහම මතුවෙන්නේ හමුදා පුහුණු පිටියේ කොණකින්. එතන තියෙනවා කුණු දාන්න කපපු වල. ඒ වලෙන් අනික් පැත්තේ පාර... එතනින් පස්සේ ජිමින් ගෑනු ළමයි දෙන්නව බලා ගන්න ඕන තේරුණාද?' 

ජිමින් හිස සලා එකඟ විය.

'එහෙනම් අපි යමු....' හොසෙක් පෙරමුණ ගත්තේය.

දෙපස තිබූ සිදුරු වලින් වැටුණු ආලෝකයෙන් කෙසේ හෝ බිම් ගෙයි ජලාපවහන කාණුව දක්වා පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් පැමිණුනේ නැත.

සෙවල ගඳ ගසන කාණුවෙන් පිටතට පැමිණි පසු ඔවුන් සතර දෙනාටම සැනසුම් සුසුම් පිටවිය.

'දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ?' කිසිවෙකුත් ඇසීය.

ජීයන්ග්ගේ හුස්ම හිරවිය. 'යුන්ගි?'

හොසෙක් තමාගේ පිස්තෝලය වෙත ඇඟිලි ගෙන ගියත් යුන්ගි අන්ධකාරයෙන් පිටතට පැමිණියේ නිරායුධව නිසා නැවතත් පිස්තෝලයෙන් අත ඉවතට ගත්තේය.

'මෙතනින් ගිහින් බේරෙන්න පුළුවන් කියලා හිතනවද? ඔයා හිතනවද ඔයාලට කවුරු හරි උදව් කරයි කියලා? මේ හැමතැනම අපේ කට්ටිය ඉන්නේ....' යුන්ගි විමසුවේය.

ඔහු ඇඳ සිටි සාමාන්‍ය ඇඳුමට ඔහුගේ සිරුර කැපී පෙණිනි. ජිමින්ට කෙල ගිලුණේ පසුගිය දා රාත්‍රියේ සිදුවූ දෙය මතක් වීමෙනි.

(පහුගිය රෑ වුණ එක මොකක්ද කියලා මං කියන්නෑ ඉතිම්)

'මම දන්නේ නැහැ යුන්ගි මෙතන මොකක් වෙයිද කියලා.. ඒත් කට වහගෙන මෙතනින් අපිට යන්න දෙන්න. ඔයා සෑහෙන්න අපිට දැනටමත් වද දීලනේ ඉන්නේ..' ජීයන්ග් දත් මිටි කමින් කීවාය. 

යුන්ගි සාක්කු වල දෑත් ඔබාගෙන උරහිස් ඇකිළුවේය. 'මම මුකුත් කියන්නේ නැහැ ඉතින්...'

හොසෙක් ඉදිරියට පැමිණියේය. 'හ්‍යුන්ග්... යුන්ජි අපේ නංගි... එයාට මොනවා හරි වුණොත් ඒක අපි දෙන්නගේ වැරැද්දක්... තේරෙනවද?'

'හොසෙක් එයා ඔයාට කලින් මගේ නංගි.'

'ඒත් ඔයා එයාට නංගි කෙනෙක්ට වගේ සැලකුවේ නැහැ...'

'මම ඔයාගෙන් ඒක ඇහුවේ නැහැ ලී හොසෙක්!'

'මමත් ඔයාගෙන් ඇහුවේ නැහැ අපි දෙන්නගෙන් එයාගේ අයියා කවුද කියලා? මොකක්ද තමුන් මෙතන කරන්නේ මේ වෙලාවේ?'

යුන්ගි සුසුමක් හෙළුවේය. 'යන විදිහකට යනවා. හැබැයි තමුන් අහුනොවී ඉන්නවා හොසෙක්. මට කිසිම දෙයක් කරන්න බැහැ ඔයාලා පැනලා යද්දි අහුවුණොත්. මම මේ වෙලාවේ ඔයාලට විරුද්ධ වෙන්නෙත් නැහැ යන එකට.'

හොසෙක් සුසුමක් හෙළුවේය. 'හොඳයි එහෙනම් ස්තූතියි අයියේ...'

යුන්ගි ජිමින් දෙස බැලුවේය. ඔවුන්ගේ දෑස් මුණ ගැසෙද්දි ජිමින් බිම බලාගත්තේය. යුන්ගි ඉවත බලාගෙන එතැනින් යන්නට පය තබද්දීම ඔවුන්ට සයිරන් හඬ ඇසුණි.

'එයාලා හොයාගෙන අපි යනවා කියලා...' ජීයන්ග් මැතිරුවාය.

'ඉක්මන් කරනවා! කාණුවෙන් යන්න එපා ඔතනට දැන් මුරට දාලා ඇති පැනලා ගිය බව දන්න නිසා. තාප්පෙන් පනින්න! තාප්පෙන් පැනලා දකුණු පැත්තට ගියහම හතරවෙනි ඔරලෝසු කණුව හම්බවෙයි. එතනින් පස්සේ ඔයාලා පරිස්සම්.' යුන්ගි වේගයෙන් විස්තර කළේය.

_______________

ටිකක් දිග චැප්ටර් එකක්...

රෑ දොළහට විතර ලියලා ඉවර වුණේ...

මට ඔයාලාගෙන් උදව් දෙකක් අවැසියි.

1. Ivy Gates කියවලා තියෙනවද?

2. Deanna school of dancing එකේ ඉගෙනගන්න කවුරු හරි ඉන්නවද?

පුළුවන්නම් දෙවනි එකට උත්තර දෙන්න...

Thanks for reading.. <3



Continue Reading

You'll Also Like

573 229 6
1 "මේ ලියුමත් මගේ අවුරුදු ගානක ලියුම් මිටියට එකතු කරන්න බැරි කමක් නෑ .... හියුන්ග් ." 2 "මේ ලියුම කියවනකොට කුකීගෙ ටේටේ හියුන්ග් වෙන කාගෙවත් ආදරයක් වෙ...
277K 48.3K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
24.4K 3.9K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
1.3K 293 6
එන්න අපි ධනාත්මකව හිතමු