𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.7K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 12 -

1.5K 358 49
By sehasnara

ටේහ්‍යුන්ග් අවදි වූයේ කවුරුන් හෝ ඔහුගේ අතින් අදින බව දැණුනු අවස්ථාවේදීය.

'අහ්?' 

ජන්ග්කුක් ඔහුගේ එහා පසින් දණගසාගෙන සිටියේය. 'කතා කරන්නේ නැතුව මං කියන එක අහන්න... හෙට ඔයාවයි අනිත් දෙන්නවයි මරන්න ලෑස්ති කරලා තියෙන්නේ... ඒ නිසා දැන් ඔයා මාත් එක්ක යන්න  එන්න'

ටේහ්‍යුන්ග්ගේ මුව විවර විය. 'ඇයි?'

ජන්ග්කුක් ඉතා වේගයෙන් තමා අත තිබූ රෙදි කඩක් ටේහ්‍යුන්ගේ මුවට එබුවේය. 'වැඩිය කියෙව්වොත් මේක හිරකරලා මරන්නේ...'

අන්ධකාරයේම ටේහ්‍යුන්ග්ව ඔසවා ගත් ජන්ග්කුක් දුවන්නට පටන්ගත්තේය.

_______

ටේහ්‍යුන්ග් දෑස විවර කරන විට ඔවුන් දෙදෙනා කැලයක වාඩිවී සිටිහය. ටේහ්‍යුන්ග් දෑතින් හිස අල්ලා ගෙන නැගිට්ටේය. 'මම මේ කොහෙද ඉන්නේ?' 

ජන්ග්කුක් අහස දෙසින් තම දෑස ඉවතට ගෙන බාලයා දෙස බැල්මක් හෙළුවේය. 'මේ අපි ඉන්නේ අඳුරු කැලෑවේ. අපිට තව ගොඩක් දුර යන්න වෙයි මේකෙන් බේරෙන්න නම්.' 

'මොකෙන් බේරෙන්නද?' 

ජන්ග්කුක්ගේ දෑසේ තිබුණේ වදයට ලක්වූ පෙනුමකි. 'සමලිංගිකයන්ව මරනවා කියලා දන්නේ නැද්ද?' 

ටේහ්‍යුන්ග් ඇස් කැරකැවුවේය. 'ඉතින්? මමනේ සමලිංගිකයා! ඔයා මොකද වද වෙන්නේ මාව මරන එක ගැන?' 

ජන්ග්කුක් ඉදිරියට නැවී ටේහ්‍යුන්ගේ තොල් මතින් තම තොල් තද කළේය. 

______________

වික්ෂිප්ත වූ ටේහ්‍යුන්ග් විසල් වූ දෑසින් යුතුව ජන්ග්කුක් දෙස බලා සිටියේය. 

'දැන් උත්තරේ හරිද?' ජන්ග්කුක් විමසීය. 

'ඔයා? ඔයත් එහෙම කෙනෙක්ද?' 

වැඩිමලා (ජන්ග්කුක්) හිස වනමින් එකඟ විය. 'මාත් එහෙම කෙනෙක් තමයි ඉතින්...'

ටේහ්‍යුන්ග් නිහඬව බලා සිටියේය. 'ඇයි එහෙනම් ඔයා අර විදිහට මිනිස්සුන්ට වද දෙන්නේ?'

පිළිතුරක් නැති තැන ටේහ්‍යුන්ග් දිගටම කතා කරගෙන ගියේය. 'ජීයන්ග්ට දාසයයි. එයා පොඩි ළමයෙක්... ජිමින් මාත් එක්ක පොඩි කාලේ සෙල්ලම් කරපු යාළුවා... අපි සේරටම මැරෙන්නද කියන්නේ? අපි මොකක්ද කරපු වැරැද්ද? සමලිංගික කියන එක වැරැද්දක්ද?'

'මං කියන එක අහන්න ටේහ්‍යුන්ග්... අපි කවුරුත් වැරැද්දක් කරලා නැහැ. ඒත් නීතිය කියන එක නීතියමයි... තේරුණාද?' 

'ඒක යකාගේ නීතියක්නේ අප්පා... නීති දාන්නේ වැරදි වලට... ඒත් වැරැද්දක් නොකරම අපිට නීති දාලා....' 

ජන්ග්කුක් නිරුත්තරව බලා සිටියේය. 

_________________

වනය මැදින් නිහඬව ගමනේ යෙදිමින් සිටි ටේහ්‍යුන්ග්ට හා ජන්ග්කුක්ට කතා කිරීමට දෙයක් තරම් නොතිබිණි. 

පැය තුනක නොනැවතුණු ගමනකට පසුව ටේහ්‍යුන්ග් හති හලමින් බිම වැතිරුණේය. 'මට මහන්සියි... තව නම් යන්න බැහැ...' 

ජන්ග්කුක් ටේහ්‍යුන්ග් අසලින් දණක් නවාගෙන වාඩි වුණේය. 'තව ටික දුරයි... අපිව හොයා ගත්තොත් දෙන්නවම මරලා දායි... ඉක්මන් කරන්න ටේ...' 

'අනේ මට නම් බැහැ තවත් යන්න... කන්න හම්බුණෙත් නෑ දවස් දෙකකින් හරියට.'

'හොඳයි එහෙනම්...' ජන්ග්කුක් පළමු වර කලාක් මෙන් ටේහ්‍යුන්ග්ව ඔසවාගෙන දුවන්නට පටන්ගත්තේය. 

__________________

තවත් එකක් ඉවරයි.... 

හොසෙක් අයියා තව ටික වෙලාවකින් එලියට එයි... 

 😊:D 

Continue Reading

You'll Also Like

86.8K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
51.7K 10.5K 30
සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක...
570K 49.5K 29
Taekook Fanfiction Jeon Kim Own creation
1.3K 293 6
එන්න අපි ධනාත්මකව හිතමු