𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.7K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 11 -

1.6K 350 60
By sehasnara

යුන්ගි සමඟ ඇති වූ රණ්ඩුවෙන් පසුව ඇයට නැවත සිර කුටියට එන්නට ඉඩ ලැබිණි. ජීයන්ග් පැමිණෙන විටත් ජිමින් අවදියෙනි. ඔහුගේ උකුල මත අරියා නින්දට වැටී සිටියාය.

'එයා ඔයාට මුකුත් කරාද?' ජිමින් ඇසුවේ ජීයන්ගේ වේදනාබර දෑස් දෙස බලමිනි.

ජීයන්ග් හිස දෙපසට සැළුවාය. 'නැහැ.'

'මේ කවුද?' ජිමින් අරියාව පෙන්වමින් ඇසුවේය.

'මම දන්නේ නැහැ... හෙට එයාගෙන්ම අහගන්න. ජිමින් මුකුත් අහන්න එපා තවනම්....'

ඇය බිම වැතිරෙන්නට උත්සාහා කරන විට ජිමින් ඇයව තමා වෙතට ඇදගෙන ඇගේ හිස ඔහුගේ පපුව මතින් තබා ගත්තේය. 'ඔතනින් නිදා ගන්න... ඔයාට මහන්සි පාටයි.'

වදනක් හෝ පිට නොකළ ජීයන්ග් ජිමින්ගේ සිරුර මත නින්දට වැටුණාය.

ඔහු මත විශ්වාසය තබා සිටි ගැහැණු ළමුන් දෙදෙනා ගැන ජිමින්ට වගකීම් සහගත බවක් දැණිනි.

______________________

පසුවදා උදෑසන ජිමින් අවදිවන සිටි අරියා සිරකුටියේ කොණක ගුලිවී බියපත් වූ දෑසින් ජීයන්ග්ගේ රුධිරය තැවරී තිබූ දෙපා දෙස බලා සිටියාය.

'හෙලෝ...' ජිමින්ගේ හඬට ඔහු දෙස බැලූ ඇය නැවතත් බිම බලා ගත්තාය.

ජීයන්ග්ද සෙමින් අවදි වූවාය. ඇයව සුදුමැලි වී තිබුණේ පෙරේදා හොල්මනක් වූ අයෙකු ලෙසිනි.

'ජීයන්ග් ඔයාට අවුලක් නැහැ නේද?'

ජීයන්ග් හිස සැළුවාය. 'ලොකු අවුලක් නැහැ. ඇඟ රිදෙනවා...' ඇය හිස ඔසවා අරියා දෙස බැලුවාය. 'ඔයාට මුකුත් කරදරයක් නැහැ නේද?'

අරියා නැතැයි කියන්නට හිස වැනුවාය.

'ඔයා ගැන ටිකක් අපිට කියන්නකෝ...' ජිමින් මෘදු ලෙස මිමිණුවේය.

අරියා ජීයන්ග් දෙස බැලුවේ අවසර ගන්නට මෙනි. ජීයන්ග් සිනාවක් පෑ නිසා ඇය මුව විවර කළාය. 'මම හ්‍යුන් අරියා මිරායි. මට අවුරුදු දොළහයි... එයාලා අම්මව මැරුවා...'

'අපොයි... ඔයා හුඟක් පොඩියිනේ... බය වෙන්න එපා හරිද? මම ඉන්නවා.. ලී ජීයන්ග්. මට දාසයයි. ඔයා අහලත් ඇති අයිගරා කළු බැළලි ගැන. එතකොට මේ ජිමින්... එයාට දාහතයි. නවක සෙබලෙක්...'

'ඔයාද අයිගරා කළු බැළලි? එයාව මැරුවා කියලයි පහුගිය දවස් වල මිනිස්සු කතා වුණේ...' අරියා විවර වූ මුවින් යුතුව ඇසුවාය.

ජීයන්ග් හිස් බැල්මක් හෙළුවාය. 'එයාලා මාව නොමරා මැරුවා...'

ජිමින් නිහඬව බලා සිටියේය. 'මෙතන වෙන දේවල් කිසි කෙනෙක්ට හිතාගන්න බැහැ...'

'ඒක නම් ඇත්ත.' ජීයන්ග් එකඟ විය.

අරියා මදක් ජීයන්ග්ට ලං වූවාය. 'ඔයා හාෙඳින් නේද? මං නිසා ඊයේ වුණ දේ?'

ජීයන්ග් සුසුමක් ඇද ගත්තාය. 'මම හොඳින් ඉන්නවා. ඒක ටිකක් රිදෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ...'

____________________________

short chapter cuz author is damn lazy ass.

(this is me - )

love you all people.

stay strong!

fighting!

ඔයාලා අරියා ගැනයි ජීයන්ග් ගැනයි මොකද හිතන්නේ? 

Continue Reading

You'll Also Like

3M 264K 48
!အမွန္ေတာ့ မင္းက က္ုိယ္အၿမဲတမ္း အမွတ္တရ သိမ္းထားခ်င္မိတဲ့ အစိမ္းေရာင္ ေပ်ာ္႐ႊင္ျခင္းေလးပါ... Oct9.2021 !အ...
2.5M 251K 40
1920ခုနှစ်လောက်က လူနေမှုပုံစံတွေကို inspireယူပြီး ရေးဖွဲ့ထားတဲ့ Own Creation rebirth fictionလေးပါ။ _________# Starting date_26.6.2020 Ending date_6.1...
7.8K 318 12
අපි ඇවිලෙන්න පටන් ගත්තෙ ඒ විදිහට. ඒ නිමක් නැති ගින්නට අපි දෙන්නා ටිකෙන් ටික දැවිලා ගියා. අපි සැනසීමක් හෙව්වෙත් ඒ ගින්නෙන්මයි. හැම මොහොතක ම අපි තව තවත...
62.2K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...