𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]

By sehasnara

51.6K 10.5K 2.5K

සමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුව... More

- හඳුන්වාදීම -
- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
- 16 -
Announcement? Yes!
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23 -
- 24 -
- 25 - [Finale]
A/N
- Homophobia 10K Views Special Chapter -
- 26 - [EPILOGUE]

- 9 -

1.6K 353 38
By sehasnara

'ජෙනරල් හන්...' දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි.

'දණ ගහගන්න...' යුන්ගි කෙඳිරුවේය.

'ඒ මොකද?'

'මට ඕන නැහැ මැරුම් කන්න...'

ජීයන්ග් ඇස් කරකවමින් හිඳගෙන සිටි තැනම දණගසා ගත්තාය. 'තමුන්ව මම මරනවා හන් යුන්ගි...' 

'ඒක පස්සේ බලමු...' 

යුන්ගි දොර විවර කළ විට ගැහැණු ළමයෙක් ඇතුළට විසි විණි. ඇය හඬමින් සිටි බව සියල්ලන්ටම පැහැදිළිව ඇසුණු අතර එක්වරම කාමරයට පැමිණි සෙබළෙකු ඇයට පා පහරක් එල්ල කළේය.

'මොකක්ද මෙතන වෙන්නේ?' යුන්ගි විමසීය.

'මේ ඉන්නේ හ්‍යුන් අරියා. මැරුණු ජෙනරල් හ්‍යුන් ජොන් සුක්ගේ දුව. අම්මා ඇමරිකානු තාත්තා කොරියානු. ජාතීන් දෙකක එකතුවක් වෙන එකම ලොකු පවක්. ඇරත් මෙයා සමලිංගිකයෙක්...'

ජීයන්ග් යටි උගුරෙන් වමාරන ශබ්දයක් පිට කළාය. යුන්ගි ඔරවා බලමින් නැවතත් අරියා වෙතට බැල්ලමක් හෙළුවේය. 'භාණ්ඩ අංක හතලිස් හතර පාවිච්චි කරන්න. කවුරු හරි... මට ජීයන්ග් එක්ක විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා.'

'මට නම් ඔයා එක්ක විසඳගන්න කිසිම ප්‍රශ්නයක් නෑ ජෙනරල් හන්...'

යුන්ගි ඇයව නොසලකා හැරියේය. සෙබලෙකු භාණ්ඩ අංක හතලිස් හතර ගෙන ආ විට ජීයන්ග්ගේ හුස්ම හිරවිය.

'තමුන්ට පිස්සුද යුන්ගි? ඕක ඔච්චර පොඩි ළමයෙක්ට පාවිච්චි කරන්නේ? එයා මැරෙයි...' 

'කට වහගන්නවා!' එතැනට පැමිණි තවත් එකෙකු ඇගේ කට මිරිකුවේය.

'කට වහගන්න කියන්නේ ඇයි? එයා මැරුණොත් ඕකෙන්?'

'ලී ජීයන්ග්...' යුන්ගි මැතිරීය.

'යුන්ගි ඔයාට තේරෙන්නේ නැද්ද ඒක කොච්චර වේදනාවක් දෙයිද කියලා? ඇරත් බලන්න එයා පාෙඩි ළමයෙක්නේ...'

'ඔයත් පාෙඩි ළමයෙක් ජීයන්ග්.'

'හොඳයි මම ඒක දන්නවා. ඒත් ඔය භාණ්ඩ අංක හතලිස් හතර මට පාවිච්චි කරනකොට මට අවුරුදු එකොළහයි. මම දවස් දෙකක් විතර සිහි නැතුව පවා හිටියා. ඕක සෑහෙන්න වේදනාවක් දෙනවා යුන්ගි...'

යුන්ගි කල්පනාකාරී බැල්මකින් ඇය දෙස බලා නැවතත් සෙබලුන් දෙස බැලීය. 'ඒක එකසැරෙන් ඉවරයක් කරන්න.'

සෙබලුන් බිම ගුලි වී සිටි අරියාගේ දෙපා දෙපසට ඈත් කළහ. විදුලි මෝටරය ඇගේ දෙපා මැදට තද කළ ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට අණ ලැබෙන තුරු බලා සිටියහ. ඊට පෙර ක්‍රියාත්මක වූ ජීයන්ග් මෝටරය ඉවතට ඇද ගත්තාය.

'මේ මගුල කරන්නම ඕනනම් මට කරන්න. එයා පොඩි ළමයෙක්... පොඩ්ඩක් හිතන්නකෝ... ඔයාලගේ නංගි කෙනෙක්ට මෙහෙම වුණොත්? එයාට කොච්චර නම් වේදනාවක් දැනෙයිද කියලා...'

'ජීයන්ග් ඔතනින් අයින්  වෙනවා... තමුන් දන්නවා නම් ඕක ඔච්චර රිදෙනවා කියලා ඇයි ඔයා ඒක ඉල්ලන්නේ?' යුන්ගි තම කෝපය පාලනය කරගන්නට උත්සාහා කරමින් විමසුවේය.

'මොකද මාව අන්තෙටම නැති කරලා ඉවරයි ඔයාලා. එයාට එහෙම දෙයක් වෙනවා බලන්න මට ඕන නැහැ...'  ජීයන්ග් ද දත්මිටි කමින් පිලිතුරු දුන්නාය.

'ඒක එහෙමනම්...' යුන්ගි ඇරඹීය. 'භාණ්ඩ අංක හතලිස් හතර ජීයන්ග්ට පාවිච්චි කරලා ඒ දෙන්නව යවන්න!' 

_____________________

මගෙන් අහන්න එපා සහාේදර සෙනෙහස මෙතන නැද්ද කියලා...

මම හිතන්නේ ඒක නැහැ...

යුන්ගි ගොඩ කාලයක් දරුණු හමුදා පුහුණුවක් ලැබුණු කෙනෙක් නිසා එයාට හැඟීම් කියන දේ දැනෙන්නේ අඩුවෙන්.

:D

(Aria) අරියා මේ වගේ කියලා හිතාගන්න. එයා mix එක්කෙනෙක් නිසා කොණ්ඩේ තඹ පාටයි.


හෙට MAYBE update එකක් නැතිවෙයි... මම ලියලා ඉවර නෑ තාම....

____________________________________________________

HAPPY HOSEOK DAY!!!

J HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOPE

Continue Reading

You'll Also Like

1.7K 357 23
සීතල ‌වප් මස උණුහුම් කරන්නට කෝපි කෝප්පයක් නැති කළ සිත නළවන්නට වැළඳගන්න ‌පෙම්බරකු නැති තැන ඉදින් පැමිණිද කවිය මා සනසන්නට
25.1K 4K 29
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
573K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...