අද double update මොකද කියලා අහන්න එපා. හෙට දෙන්න වෙන්නේ නැහැ. මම සෑහෙන ලොකු ඉටි ගෙඩියක් ඔළුවට ඔබාගෙන ප්‍රශ්නයක් හදන් ඉන්නේ. කොහෙත්ම ලියන මානසිකත්වයක් නෑ. මේ දවස් දෙක තුනක් විතර මම නිකන් හිටියත් මුකුත් හිතන්න එපා. ලියනවා ලියන්න හිතුණු වෙලාවෙම. ඒත් මේ වෙලාවේ mood එක සෑහෙන්න අවුල්.
මුකුත් අහන්න එපා. කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඔය සමහරුත් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා ඇති මගේ වයසෙදි හෝ තාමත් මුහුණ දෙනවා ඇති. ඒ හැමෝටම ඒ ප්‍රශ්නය විසඳ ගන්න ලැබේවා කියලා පතනවා. ගෑනු පිරිමි භේදයක් නැතුව අපි කොටසක් ඒකට මුහුණ දෙනවා.
:D
Fighting!
_________________________
'ඔයා ඔය මොකක්ද කරන්නේ?' ජිමින් විමසුවේය.
'මේ කාමරේ උෂ්ණත්වේ කීයද?' ජීයන්ග් ප්‍රශ්න කළේ ජිමින්ව නෑසුනාක් මෙනි.
'මම කොහොමද දන්නේ?'
'ෆැරන්හයිට් පනස්නමයක් විතර. ඒ කියන්නේ සෙල්සියශ් අංශක 15කට ආසන්නයි.'
'කොහොමද දන්නෙ?' ජිමින් ඇසුවේ පුදුමයෙන් විවර වූ මුවකිනි.
'උදේ කීයටද නැගිටින්නේ?'
'පහයි තිහට'
'පහයි තිහට සාමාන්‍ය උෂ්ණත්වය ඒ තරම් වගේ තමයි. දැනුත් දැනෙන්නේ ඒ විදිහටම නේද?' ජීයන්ග් ඇහිබැමක් ඔසවමින් විමසුවාය.
ඔහු උරහිස් ඇකිළුවේය.
'මෝඩයා... සංවේදන නැද්ද? සංවේදකයක් තියෙනවා නම් ඔහොම හැසිරෙන්නේ නැහැ...'
'සංවේදක නෙවෙයි අන්න සෙබළු එනවා... මරන් කයි මේ සැරේ අපි දෙන්නගේන් එක්කෙනෙක්ව...'
'මරු... මැරෙන්නමයි ආසාවෙන් හිටියේ... ඒකත් ජෙනරල් හන් මොට්ටයා අතින් මැරෙන එක කොච්චර වාසනාවක්ද?' ජීයන්ග් ඇද කරන හඬක් නැගුවාය.
'ලී ජීයන්ග්! තමුන්ව ජෙනරල් හන් අරන් එන්න කිව්වා.'
'කියනකන් හිටියේ... ඇත්තමයි ඔයාලගේ නම් කිසිම රසයක් නැහැ...'
'රස පස්සේ බලන්න පුළුවන්... දැන් යනවා!'
'මම එන්නේ නෑ කියලා කිව්වේ නැහැනේ? ඇයි කේන්ති අරන්?'
___________________
ටේහ්‍යුන්ග් තමා එහාපසින් දණගැස්වූ පුද්ගලයා දෙස බැලුවේය.
'ඔයා? නේද? දවස් තුනකට කලින්...'
'ඔව් මම තමයි... දවස් තුනකට කලින් පාර මැද්දේ විනාස වුණේ. ලී ජීයන්ග්...'
'මට සමාවෙන්න මේ නීති ගැන... එදා වුණ දේ...' ටේහ්‍යුන්ග් මැතිරීය.
ජීයන්ග් සුසුමක් හෙළුවාය. 'එදා වුණ දේවල් වෙලා ඉවරයි. ඇරත් ඒක මගේ පළවෙනි වතාව නෙවෙයි.'
ටේගේ දෑස් විසල් විය. 'පළවෙනි වතාව නෙවෙයි?'
'මම අවුරුදු තුනක් හිර කඳවුරුවල හිටියා. එයාලට මාව නිකන් සෙල්ලම් බඩුවක් විතරයි. සෙල්ලම් කරලා විසි කරනවා. නැත්නම් මරනවා...'
'අපොයි!'
'ඒක නෙවෙයි ඔයා කවුද? ඇයි ඔයා මෙතන?'
'මම කිම් ටේහ්‍යුන්ග්, ඔයා වගේම වැරැද්දක් තමයි...'
ජීයන්ග් ඇස් කැරකැවීය. 'මොන මගුලක්ද ඒ?'
_________________________________
යුන්ගි සුසුමක් හෙළුවේය. 'මේක නම් කරන්න බැහැ... දෙන්නෙක්ව එකසැරේ වධකාගාරේ තියන් ඉන්න එක... ජන්ග්කුක් ඔයාට පුළුවන්නේ ටේහ්‍යුන්ග්ව වැඩ බිමට ගෙනියන්න?'
ජන්ග්කුක් හිස වනා ටේහ්‍යුන්ග්ගේ කමිස කොලරයෙන් ඔසවා ගත්තේය.
'දැන් ඔයා... හැමෝම කාමරෙන් පිටවෙන්න!'
කාමරය හිස්වූ පසු යුන්ගි හිස කරකැවීය. ඔහු තම අසුනින් බැස ඇය වෙත ඇවිදවිත් මුල් දිනයේ කලාක් මෙන් ඇගේ නිකටින් මිරිකා මුහුණ එසවූවේය.
'ඇයි මේ ඔයා?'
ජීයන්ග් යුන්ගි දෙස එක එල්ලේ බලා සිටියේ ඔහුව කන්නට මෙනි. 'ඇයි ඔයා මැරුණේ නැත්තේ?' ඇය විමසුවාය.
යුන්ගි දත්මිටි කෑවේ කෝපයෙනි. 'මං දෙයක් ඇහුවහම ඒකට උත්තර දෙනවා!'
'මම එහෙම කරන්න ඕන කියලා කවුරුත් කිව්වේ නැහැනේ යුන්ගි? නැත්නම් ජෙනරල් හන් කියන්නද?'
තමාගේ ඇඟිලි ඇගේ ගෙල වටා එතූ ඔහු ජීයන්ග්ව තමා වෙතට ඇද ගත්තේය. 'තමුන්ගේ කට වැඩියි!'
'ඔයා කියන්න කලින් මම දැනන් හිටියා...'
'මම ඔයාට ඒක තේරෙන්න කලින් ඒක දන්නවා...'
'මට මෙහෙම වුණේ ඔයා නිසා කියලත් එහෙනම් ඔයාට මතක ඇති නේද?'
යුන්ගි තම අත ඇගේ ගෙලෙන් ඉවත් කර ගැඹුරු සුසුමක් හෙළුවේය. 'අත් දෙක දෙන්න...'
'ඒ මොන ඉටි ගෙඩියකටද?'
'ඔය ලණුව ලිහන්න...'
ජීයන්ග් අත දික් කල පසු යුන්ගි ලණුව ලිහා දැමීය. 'ඔයා පහුගිය අවුරුදු ටිකට සෑහෙන්න ලාෙකු වෙලා'
'යුන්ගි...'
'හ්ම්ම්...' යුන්ගි හිස ඔසවා බැලීය.
'ඔයාට මගේ නම කියලා කතා කරන්න බැරිද? මට ඒ කටහඬ ආයෙත් අහන්න ඕන...'
යුන්ගි ගැඹුරු සුසුමක් ගත්තේය.
'යුන්ජි... හන් යුන්ජි... මගේ නංගි'
________________________________________
මම නම් අහිංසකයි ඕන්....
සෑහෙන්න අහිංසකයි...
Cooking like a chef I'm a five star Michelin...