❤️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲 𝐨𝐟 𝐥𝐨𝐯𝐞...

By Dima_Akira

7.5K 1.3K 1.4K

"දන්නවද මන් ඔයාව පලවෙනියෙන්ම දැක්ක දවසේ මේකේ Staff එකට කිවුවා ඔයාව වැඩට ගන්න එපා කියලත්.. "ආ...... "හ්ම්...ඔය... More

Theory of love ✨ บทนำ ✨ හැදින්වීම
Chapter 1 ✨งานใหม่ ⏳අලුත් වැඩක්.
Chapter 2 ✨เพื่อนยังคง 👬 තවමත් යාලුවො.
Chapter 3 ✨ทฤษฎีแห่งความรัก ❤️Theory of love
Chapter 4 ✨ มหาวิทยาลัย Bankok 🏫Bankok university
Chapter 5 ✨ คืนแรก 🌜1st night
Chapter 6 ✨ กลับไปที่ Bankok 🚶🏃නැවත bankok වෙත.
Chapter 7 ✨ เพื่อนรัก 👬👬Best friends
Chapter 8 ✨สตูดิโอ Chobjai 🌆 Chobjai Studio cafe.
Chapter 9 ✨ฉันรักเขา 💕 මම ඔහුට ආදරෙයිද ?
Chapter 10 ✨ฉันรักคุณ ❤️I love you
Chapter 11 ✨ความรักที่เป็นอันตราย 🐒dangerous love
Chapter 12 ✨ตั้งแคมป์ ⛺️Camping
Chapter 14 ✨รักแท้ ❤️True love
Chapter 15 ✨ วันครบรอบปี 💑 anniversary
Chapter 16 ✨ ฉันต้องการความรักของเขา 💏 I want his love
Chapter 17 ✨ วันสุดท้าย 🐒 Last day

Chapter 13 ✨ มหาวิทยาลัยมหิดล 🏫 Mahidol university

217 65 30
By Dima_Akira

"පපී...අපි ආපහු pattaya වලට එමුද ?ගන් ඇහුවේ pattaya වල ඉදන් බැංකොක් වලට එන අතරමගදි..

"ඔව්..අපිට කොහොමත් ආපහු ලගදිම එන්න වෙනවා..Theory of love අන්තිම ෂූටින් තියෙන්නේ pattaya වල.ඕෆ් හිනා වෙලා කිවුවා..

"වාව්...නියමයි නියමයි..ගන් කෑගහන්න ගත්තේ සතුට වැඩි කමට.ගන් කොහොමත් pattaya වලට ගොඩක් ආස කලා..

"අම්..ඒක නෙමෙයි ඊයේ රෑ..ඕෆ් කතාව පටන් ගන්නයි හැදුවේ...

"ම්ම්...පපී මන් රේඩියෝ එක දාන්නද ගන් එහෙම කියලා ඕෆ් හා කියන්නත් කලින් හෙන සද්දෙන් රෙඩියෝ එක දැම්මේ ඕෆ් ඊයේ රෑ කියලා කතා කරන්න හදපු දේ ගැන ගන්ට ඉවෙන් වගේ තේරුනු නිසයි..😂 මොකද ඊයේ රෑ වුනු දේවල් ඕෆ්ට වගේම ගන්ටත් ලොකු පුදුමයක් වුනා..ඒක ඒ දෙන්නටම අලුත් දැකීමක් වුනා..

"ඊයේ රෑ ශෝක්...දන්නවද ඒ මගේ 1st time ඕෆ් හිනා වුනා..

"පපී...ඔයා ඕක නැවැත්තුවේ නැත්නම් මන් වාහනෙන් බැහැලා පයින් යනවා..

"කොහෙටද බැංකොක් වලටම ? ඕෆ් ආපහු  හිනා වෙන්න ගත්තා..පපී ට ඉතින් ගන්ව අවුස්සනවා ඇරුනාම වෙන සතුටක් නැති තරම්.
                         🌄 Next day 🌄

එදා ෂූටින් තිබ්බේ Mahidol university එකේ..





(ඩ්‍රාමා එක ඔයාලත් බැලුවනම් මේ තැන අමතක වෙන්න විදියක් කොහෙත්ම නෑ )

ෂූටින් මගදි නවත්තන්න වුනේ එලියේ ෂූට් කරන්න බැරි විදියට වහින්න ගත්ත නිසයි. ගන් හිටියේ එලියේ වැස්ස එකපාරටම කඩා වැටුනු නිසා ගන්ව පොඩ්ඩක් තෙමුනා.ගන් වැස්සෙන් බේරෙන්න university එක ඇතුලට දුවලා ගියා. විනාඩී 20ක් විතර වැස්ස ඉසා ෂූට් එක නවත්තන්න වුනා.ඕෆ් හිටියේ කැන්ටීන් එකේ.වැස්ස නතර වුනු ගමන් ඕෆ් පහලට ආවේ ගන් ගෙ ෂූට් එකට වෙලාව හරි නිසයි.ඒත්ගන් පේන්න හිටියේ නෑ. ඕෆ් ගන් ව හෙවුවා ඒ විතරක් නෙමෙයි ස්ටාෆ් එකේ අයත් ගන්ව හෙවුවා කෝල් කරත් ගන් 4n එක ආන්ස්වර් කරේ නෑ..

"මෙයා කොහේ ගිහින්ද මන්දා..ඉන්න අනිත් ලමයි එක්ක ගන්ව හොයන එකනම් ලේසී නෑ..මේකා කොටයි පේන්නෙත් නෑනේ..ඕෆ් තනියෙම කියව කියව පහලට යද්දි ඕෆ්ගේ ඉස්සරහට ඕෆ්ගේ fan කෙනෙක්ව හම්බුන..fan girl කෙනෙක් කිවුවොත් හරි. ඕෆ් එයා එක්ක කතා කරලා සෙල්ෆි එකක් ගහන්නත් කැමති වුනා.ඕෆ් ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ආපහු යද්දි බංකුවක් උඩ ගන් වාඩි වෙලා හිටියා. එතන ජේම්ස් හිටියා..ගන්ට එහා පැත්තේ වාඩිවෙලා හිටිය ජේම්ස් දැකලා ඕෆ්ට ටිකක් නෙමෙයි ගොඩක් කේන්ති ගියා.

"ගන්...ඕෆ් එතනට ගියාම ජේම්ස් එතනින් නැගිට්ටා..

"එහෙනම් මන් යනවා ගන්..ජේම්ස් එහෙම කියලා ඕෆ් එක්කත් හිනා වෙලා එතනින් ගියා.

"එයා මොකද මෙතනට වෙලා කරන්නේ ? ඕෆ් ඇහුවේ කහින ගමන්..

"අම්මෝ එක් කෙනෙක්ගේ ඊරිසියාව..ගන් හිනා වුනේ අතින් කටත් වහගෙන..

"අ..අ...ඔව් ඉතින් ඇයි ඒක වැරදිද ? ඔය මගේනේ..ජෙම්ස් ඒක දන්නවත් ඇති දැන් නේද ? ඕෆ් ගන් ඉන්න තැනින් වාඩි වුනා.

"ඔව් ඔව් එයා දන්නවා..එයා අපිට විෂ් කලා..

"මන් හිතුවට වඩා මිනිහා හොදයිනේ..ඉතින් මොනවා ගැනද කතා කර කර හිටියේ..?

"එයා අද වැඩ කරන අන්තිම දවස එයා අයින් වෙනවා..එයාට ලොකු කම්පැණි එකක් වැඩ හම්බවෙලා..

"අයියෝ එහෙමද අපරාදේ..ඕෆ් කිවුවෙ කහින ගමන්..මේ මේ ඒක නෙමෙයි අන්න කට්ටිය ඔයාව හොයනවා යමු යමු එන්න.ඕෆ් එහෙම කියලා ගන්ගේ අතින් ඇල්ලුවා..

"පපී..ඔයාගේ අත සීතල වෙලා..සනීප නැද්ද ?

"නෑ ඒම එකක් නෑ..නිකන් වෙන්න ඇති. ඒක නෙමෙයි අද දැන් මේක ඉවර වෙලා GMM එකට යන්නත් ඕනීනේ අර photoshoot එකට.

"ඔව් ඒකනම් ඇත්ත..එත් ඔයා හොදින්ද ?

"අ..ඔව් ඔව් මට අවුලක් නෑ.ආපහු ඕෆ් කහින්න පටන් ගත්තා.ඊට පස්සේ දෙන්නම එකට සෙට් එකට ගියා.ෂූටින් ඉවර වෙලා දවල්ට කෑමත් කාලා හනි හනිකට වාහනේට නැග්ගේ GMM එකට යන්නයි.ගිහින් ලැහැස්තිවුනේ ඒ දෙන්නටම photoshoot එකක් තිබුනු නිසයි.

"බලන්න අපි කොච්චර බිසීද ? ඊයේ නිදහසේ හිටියා..ඒත් අද ආපහු වැඩ ඕෆ් ගන්ගේ අතින් අල්ලන ගමන් කිවුවා..

"පපී..ඔයාගේ අත් ගල්වෙලා වගේ. ඇයි එච්චර සීතල ..ගන් බය වුනේ ඕෆ්ට අසනීපයක්ද කියලා දැනුනු නිසයි.ඒත් ඕෆ් ඒකට උත්තරයක් දෙන්නත් කලින් එයාලගේ photoshoot එකට වෙලාව ආවා..ඒක අතරතුරත් ඕෆ් නිතරම වාඩි වෙලයි හිටියේ..සැරින් සැරේ කහින්නත් ගත්තා..ඕෆ් ගොඩක් අසනීපෙන් ඉන්න විත්තිය කාටවත්ම තේරුනේ නෑ ගන් ඇරුනාම.ගන්ට ඕෆ්ගේ පොඩි වෙනසක් වුනත් හොදට දැනුනා..ගන් සැරින් සැරේ ඕෆ් දිහා බැලුවා..ඒත් ඕෆ් හිනා වෙලා photoshoot එකට අවධානය දුන්නා..මොකද කොයිතරම් සල්ලියක් හම්බුනත් ඒ වැඩේ සාර්තකව කරන්නයි ඕෆ්ට ඕනීවුනේ . එයාගේ කැපවීම නිසාමයි එයාට මේ තරම් මිනිස්සු ආදරේ කරන්නේ කියලා හැමෝම දන්න නිසයි ඕනම වැඩකට ඕෆ් ටයි , ගන්ටයි නිතරම ආරාධනා එන්නෙත්.

(පපීගෙයි , ගන්ගෙයි photoshoot එක )

"හරි ඇති යන්තන් ඒකත් ඉවරයි. හෙට ආපහු ෂූටින් Rangsit university එකේනේ.අම්මො දැන් නම් හරිම මහන්සී..ඉක්මනට ගෙදර යන්න ඕනී...ඕෆ් එහෙම කියලා වාහනේට නැග්ගෙ ඉක්මනට ගෙදර යන්න ඕනී වුනු නිසයි.

"ගන් ඔයා කොහෙද යන්නෙ අපේ ගෙදර යනවද නැත්නම් මන් ඔයාව ඔයාගේ ගෙදරට ඇරලවන්නම්..ඕෆ් ඇහුවේ ආපහු කහින ගමන්..

"ම්ම් නෑ..නැ...මන් ඔයාගේ ගෙදර එන්නේ ගන් එහෙම කිවුවේ මේ වෙලාවේ ඕෆ් නොකිවුවත් ඕෆ්ට අසනිපයි කියලා තේරුනු නිසයි. ගන් ගෙදරට ඕෆ්ගෙ අපාර්ට්මන්ට් එකේ ඉදන් ටික දුරක් යන්නත් ඕනී ඒ නිසා ඕෆ්ව මහන්සි කරවන්න ගන්ට ඕනී වුනේ නෑ කීයටවත්.

"ආ..එහෙනම් යන්..ඕෆ් වාහනේ ස්ටාට් කරා.ටික දුරක් යද්දි වාහනේ පාරෙන් පිට යනවා වගේ කියලා ගන්ට තේරුනා..ගන් නිදාගෙන හිටියත් ඒක ගන්ට හොදට තේරුනා..ගන් ඇස් ඇරලා බලද්දි ඕෆ් ට නින්ද යන විත්තිය එයා දැක්කා..

"පපී...ගන් කෑගහලා ඕෆ්ගෙ අතින් ඇල්ලුවා..ඕෆ් කොච්චර බය වුනාද කිවුවොත් හයියෙන් බ්‍රේක් කරල වාහනේ නතර කර ගත්තේ නැත්නම් පාරේ තිබ්බ ලයිට් කනුවක ගිහින් වාහනේ වදින්න ඉඩ තිබ්බා..

"ගන්...ඔයා හොදින් නේද ? ඕෆ් කලබල වුනේ ගන්ට අනතුරක් වෙයි කියලයි..

"මන් හොදින් පපී..ඒත් ඔයා හොදින් නෙමෙයි ගන් එහෙම කියලා කටගන්න හම්බුනේ නෑ ඕෆ් ඉකමන්ටම වාහ්නෙන් බැස්සෙ කහින ගමන්..ඕෆ් ටිෂූ එකක් වාහනෙන් අරගෙන හයියෙන් කහින්න ගත්තා.

"පපී...ගන් ඉක්මනටම වාහනෙන් බැස්සා..මොකද මේ.. මේ blood නේද ? ඉක්මනටම හොස්පිටල් යන් නගින්න...ගන් ඕෆ්ව ඒ විදියට දැකලා බය වුනා.ගන් වාහනේ අරන් හොස්පිටල් එකට යන්න පිටත් වුනා.ඕෆ් සීට් එකේ නිදාගෙනයි ගියේ.විනාඩි විස්සකින් විතර ඕෆ්ව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා එලියට එන්න හම්බුනේ එයාලගේ වාසනාවට . ඒ ටයිම් එකේ වැඩිය පේශන්ලා හිටියෙ නැති නිසයි...වාහනේට නැග්ගට පස්සෙත් ඕෆ් කහින්න ගත්තා.

"පපී...හයියෙන් කහින්න එපා..දැක්කනේ ඩොක්ටර් කිවුවා ඔයා හයියෙන් කහින නිසා උගුර තුවාල වෙලා.ඒකනේ ලේ ආවෙත්.හිමීට කහින්නකෝ..අනිතෙක ලා රස්නෙන් වතුර බොන්නත් කිවුවා..නැත්නම් ඔයාට සෙංගෙඩි හැදෙයි..ගන් උපදෙස් මාලවක්ම දුන්නා.ඕෆ් කන් වහගෙන ඔලුව වන වන හිටියෙ ගන්ගේ කරච්චලෙන් බේරෙන්නයි..😂ගෙදර ගිය ගමන් ඕෆ් වොශ් දාන යන්න ලෑස්ති වෙලා වොශ් රූම් එකට ගියා.හදිස්සියේම ගන් වොශ් රූම් එකට ආවේ ඕෆ් හිතන්නත් කලින්...

"මේ මොකද මේ ? ඕෆ් උඩ බිම බැලුවා.

"ඇයි මොකද මන් ආවේ මගෙ boy friend හිටිය තැනටනේ..පපී එදා මන් ලෙඩින් හිටපු වෙලාවේ ඔයා මාව කොච්චරහොදට බලාගත්තද ඉතින් අද ඔයාට සනීප නෑ..මන් ඔයාව බලාගන්නම්...ගන් එහෙම කියනකොට ගන්ගේ ඇස් දිලිසෙන දිහා ඕෆ් බලන් හිටියේ ගොඩක් ආදරෙන්..

"අනේ මේ කොල්ලා මට කොච්චර ආදරෙයිද ඕෆ් හිතුවා..

"අහ්..හා හා ඒනම් ඔන්න මාව බලාගන්නකෝ..ඕෆ් එහෙම කියලා හිනා වුනා..ගන් ඕෆ්ට වොශ් දාන්න Hot water ලෑස්ති කරලා දුන්නා විතරක් නෙමෙයි ඕෆ්ට වොශ් දාගන්නත් ගන් උදව් කලා..වොශ් දාලා ඉවර වෙලා ඕෆ්ව පිහදැම්මෙත් ගන්ම තමයි.ඕෆ් ගම් දිහා බලන් හිටියේ ගොඩක් ආදරෙන්...ඕෆ් ලග ගන්ට දෙන්න ලොකු තෑග්ගක් තිබුනා..එදා pattaya වලදි ගත්ත ring එක.ඒක ඕෆ් තාම ගන්ට නොදෙන්න ලොකු හේතුවක් තිබ්බා..ඒත් ගන් මේ විදියට ඕෆ්ව බලාගද්දි ඕෆ්ට ඒක දෙන්නම හිතුනා..නමුත් ඕෆ් කිසිම ඉගියක්වත් නොදී සද්ද නොකර හිටියා..

"ගන් මට කිස් එකක් දෙන්නකෝ...ඕෆ් එකපාරටම ඉල්ලපු දේ ඇහුනු ගමන් පුදුම වෙලා බලන් හිටියා..

"පිස්සුද පපී..ඔයාට මොන ලෙඩේ තිබ්බත් ඔයාගෙ කටටනම් බ්‍රේක් නෑ නේද ගන් හිනා වුනා..

"අනේ අනේ..ඕෆ් බලකරන්න ගත්තා..

ඔයා ඔහොම ඉන්නකොට ගොඩක් cute ඕෆ් හිනා වෙන්න ගත්තා..ඊට පස්සේ රෑට කෑම කාලා දෙන්නත් එක්කම නිදාගන්න කියලා ඇදට ගියා.ඒත් ඕෆ් ඇදෙන් නැගිටලා ගිහින් TV එක දැම්මා..

"පපී...ඔයාට සනීප නෑ නේද ඒ මදිවට හෙට ෂූටින් අදවත් ටිකක් කලින් නිදාගන්නකෝ...ඔයාව තනියෙම තියන්න බැරි නිසයි මන් ආවෙත් ඔයා එක්ක.අනේ පපී ඕක වහලා දාන්නන්කෝ...ගන් කිවුවේ ඕෆ්ටමේ වෙලාවේ විවේකය ඕනී නිසයි. අනිත් එක මොනම හේතුවකටවත් හෙට ෂූටින් නතර කරන්නත් විදියක් නැති නිසයි. මොකද ගිය පාර ෂූටින් නතර කරන්න ඕනී වුනේ ගන්ට අසනීප වුනු නිසයි. මේ පාර ඕෆ්ට අසනීපයි කියලා කල් දාන්න කොහෙත්ම විදියක් නැති විත්තිය ඕෆ් වුනත් දැනගෙන හිටියා අනිත් එක ඒම කරන්න ඕෆ්ට ඕනී වුනෙත් නෑ ..

"අයියෝ හරි හරි අනේ..දැන් මට අඩුයි.කැස්සක් විතරයි තියෙන්නෙත්..ඔහොම ඉන්නකෝ අපි අද horror movie එකක් බලමුකෝ...

"Horror movie...පපී ඔයාට දැන්නම් හොදටම සනීප නෑ වගේ...මේ වෙලාවේ මොන films ද අනේ..අනිතෙක හොල්මන් කතා ?? ගන් ට වෙලාවකටනම් ඕෆ්ගේ වැඩ තේරුම් ගන්නම බැරි වුනා.

"අනේ ගන් ඔයා එක්ක මෙහෙම ඉන්නකොට මොකක් හරි කරන්න ඕනිමයි. ණත්නම් ඔයාටත් කම්මැලි හිතෙයි අපේ මේ සම්බන්දේ..ඕෆ් කිවුවා..
"මොකක්..මොකක්...ඒ මොකක්ද ඒ කිවුවේ..?

"හ්ම්..ටෙ තමයි කිවුවේ..ඕනම කෙනෙක්ට එහෙම වෙනවලුනේ ඉතින් ඔයාටත් මාව එපා වුනොත්. ඒ නිසා මට මේවා කරන්න දෙන්නකෝ..
"අයියෝ පපී phi ටේ ඔයාව රවට්ටලා අනේ...

"ඒත් ඒක බොරුවක් නෙමෙයිනේ ඒම වුනොත් ? ගන් ඕෆ් දිහා බලලා ඕෆ්ගෙ ඉස්සරහින් ඔඩොක්කුවේ වාඩි වෙලා ඕෆ්ගේ මූන දිහා බැලුවා..ඕෆ්ගෙ ලිප්ස් කිස් කරන්න ගන් දෙපාරක් හිතුවේ නෑ.ඕෆ්ව බදාගෙන ගන් ටික වෙලාවක් හිටියා. ඊට පස්සේ අත් දෙකෙන්ම ඕෆ්ගෙ මූන ඇල්ලුවා.

කොනිචිවා!! 😜

ඉතින් කොහොමද ඔයාලට කියලා මුලින්ම අහන්නම්...හැමෝම පරිස්සමින් ඉන්න ඕනී ඔන්න හොදද ? දැක්කනේ අපේ පපීත් ලෙඩ වුනානේ..එයාව බලාගන්න නම් ඔන්න අපේ ගන් හිටියා..😁අපි ලෙඩ වුනොත් අපේ අම්මලා තාත්තලනේ ඉන්නේ ඒ නිසා එයාලට වදයක් නොවී ලෙඩ වෙන්නෙ නැතුව ඉන්න ඔන්න..මේ දවස් වල හැම තැනම covid හොදටම වැඩීනේ ඔයාලත් දන්නවනේ...

හරි දැන් කියන්නකෝ බලන්න කොහොමද අද කොටස කියලා..ඔයාලට මතකද එදා pattay වලදි ඕෆ් ගන්ට දෙන්න ring එකක් ගත්තා..ඒත් එයා ඒක දුන්නේ නෑ තාම. ඒක ගැන වැඩිය කතා කලෙත් නෑ..ඒකට ලොකු හේතුවක් තියෙනවා..මන් දැන්ම කියන්නේ නෑ...ඔයාලා බලන් ඉන්නකෝ...❤️

Continue Reading

You'll Also Like

My Mess By Peroxide

Teen Fiction

1.4M 60.6K 51
Cole Reeves, God he's a mess. You might be wondering how. Well... let's just say this book starts off with the sentence; 'Ookay, so the shed is coll...
29.9M 654K 33
For months Summer is trapped in a cellar with the man who took her - and three other girls: Rose, Poppy, and Violet. His perfect, pure flowers. His f...
82.1K 10.9K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
43.7M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...