A Dream Came True

By Jk_Ayu

1.2K 141 69

ඔන්න ඉතින් මගේ පලවෙනි ff එක ලිව්වා..කොහොම වෙයිද කියන්නනම් දන්නෑ frist time නිසා..කැමති අය කියවන්න.. මේක මගේ හ... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 05

Chapter 04

140 24 2
By Jk_Ayu

At the car

ජිමින් , ජින් , සුගා , හොබී ඔක්කොම හොදටම නිදි.. ටේ phone එක දිහා බලාගෙන ජන්ග්කූක් තාමත් ඒ විදිහමයි.. ජූන් ඉන්නවා මුකුත් නොකර.. එකපාරටම හැමෝමගෙම කනට ඇහුනෙ ටේගෙ කටහඩ..

Jungkook pov

🐯 " යොරෝබුන් මේ අහන්න මේ බලන්නකො අද කොන්සට් එකට ආපු girl කෙනෙක් accident වෙලාලු.. අමාරුයි වගේ හොදටම.. මේ බලන්න.. " ටේහ්‍යුන්ග් phone එකේ තිබ්බ news එකක් නම්ජූන් ඉන්න පැත්තට හරවලා එයාට පෙන්නන හදද්දි එක පාරටම ජන්ග්කූක් ඒක ඇදලා ගත්තා.

🐰 " මෙහෙ දෙන්න.. මොකක්ද වෙලා තියෙන්නේ කවුද මේ girl ආ ? කියන්නකො කවුද මෙතන හටියට පැහැදිලි නෑනෙ කවුද මේ ? කියන්නකො.." එක පාරටම මට මතක් උනේ යූරාව.. මං දන්නෑ මෙහෙම හිතෙන්නෙ කියලා.. ඒත් මට ඒ accident එක ගාවින් එද්දිත් මහ නරක හැදීමක් දැනුනා.. යූරා ගැන ඇයි මම මෙච්චර වද වෙන්නෙ.. ඇයි එයා ගැනම හිතෙන්නෙ.. මොනා වෙලාද මට.. එයාට කරදරයක් නැතුවැති නේද.. අන්ද්වේ.... අන්ද්වේ.. එයාට එහෙම වෙන්න බෑ..

🐯 " යා ජන්ග්කූක් ශී ඔයාට පිස්සු හැදිලද ඔහොම phone එක උදුරලා ගන්නෙ ආ.. ඇගිල්ලත් හීරුනා.. මෙහෙ දෙන්න phone එක.. කවදාවත් ඔයා ඔහොම හැසිරිලා නෑනෙ.. මොනා වෙලාද මංදා.. ඇත්තටම මේ girl කවුරු වෙන්න ඇත්ද හ්යුන්ග්.. මොනා උනත් කරදරයක් නොවී ඉක්මනට හොද උනොත් හොදයි.."

ඊට පස්සෙ එක පාරටම හැමෝටම ඇහුනෙ නම්ජූන්ගෙ කටහඩ.. " මේ බලන්න news එකේ වීඩියෝ එකක්.. ආ වහිනවා හොදටම පැහැදිලි නෑනෙ කිසි දෙයක්.." ටේ එක පාරටම එතන යූරව දැක්කා

🐯 " යා ජන්ග්කූක් ශී මෙන්න අර කෙල්ල.. මේ බලන්න එයා මෙතන ඉන්නවා..."

🐥 " මොන කෙල්ලද කොයි කෙල්ලද අපි දන්නෙ නැති කෙල්ල කවුද දැන්.. ආ කියන්න ටේහ්‍යුන්ග් ශී ජන්ග්කූක් ශී මොනාද මේ වෙන්නෙ කවුද ඒ කෙල්ල.."

🐰 " කෝ මෙහාට දෙන්න.. " මම හිතපු දේ හරි ඒ යූරා තමයි.. දැන් මම මොකද කරන්නෙ.. එයාමද accident වෙලා තියෙන්නේ.. මම යන්න ඕන ඉක්මනට.. එයා ළගට.. අපි hospital එකට යමු.. ඉක්මනට.. මට hospital එකට යන්න ඕන.."

🌱 " වේ ? ජන්ග්කූකා ඔයාට මොකක් හරි අසනීපයක්ද මොකද උනේ.."

🐰 " යා පල්ලී.. hospital එකට යමූ..පල්ලී.." ඒ වෙලාවෙ මට කවුරුත් කියන මුකුත් ඇහුන්නෑ.. මහේ හිතේ තිබ්බෙ එක දෙයයි ඉක්මනටම යූරා ළගට යන්න ඕනෙ කියන හැගීම විතරයි.. කවදාවත් නොදැච්ච විෆ්හිහෙ බයක් මට දැනෙන්න ගත්තා.. මං දන්නෑ ඒ ඇයි කියලා.. ඒත් මට එයා ළගට යන්න ඕන.. කාර් එක hospital එකට ආවා.. අනිත් හැමෝම මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා ඒත් මට ඒ කිසිම දෙයක් ඇහුන්නෑ.. ගොඩක් රෑ වෙලා නිසා පාරෙ traffic එක තිබ්බෙත් නෑ.. මම කාර් එක නැවැත්තුවා විතරයි cap එකයි මගේ කොට් එකයි මාස්ක් එකයි දාගෙන බැහැලා දිව්වෙ hospital එක ඇතුලට.. ඕන දෙයක් වෙන්න කියලා එක දිගටම ඇතුලෙ දිව්වා.. මම ගොඩක් බය වෙලා.. ඇගත් සීතල වෙලා එහෙන් තාම එලියෙ වහිනවා.. සීතල වේගනත් එනවා.. යූරා හොදින් ඇති එයාට මුකුත් වෙන්නෑ.. ලිෆ්ට් එක ගාවට ගියාට ඒක නෑ.. පඩි පෙල දිගේ තුන්වෙනි තට්ටුවටම නැග්ගා.. icu එක ළගට යද්දි ඒ දැක්ක දේ.. එයාව හොදටම තෙමිලා වතුර බේරෙනවා.. සීතලේ වෙවුල වෙවුල අඩනවා.. ඒ යූරද ? ඔව් එයා තමයි.. ඒ වෙලාවෙ හිතට දැනුන ඒ සතුට කියාගන්න තරම් වචන නෑ.. එයා හොදින් එයාට කරදරයක් නෑ.. පඩි පෙල ගැනගෙන ආව වේගෙත් එක්ක පපුව හයියෙන් ගැහෙනවා.. ලොකු හුස්මක් අරං පහළග දැම්මෙ හැම දෙයක්ම හොදින් නිසා.. ඒ එයා නෙවෙයි නිසා.. හෙමීට අඩියෙන් අඩිය එයා ගාවට යන්න ගත්තෙ මටත් නොදැනිම..

At Hospital

Yura pov

සීතලයි හොදටම.. වතුර බේරෙනවා ඇග පුරාම.. කවුරුත් ඇත්තෙත් නෑ එලියෙ.. ජියා ඇතුලේ.. ඔලුවත් රිදෙනවා..ජියා ගැනමයි හිතෙන්නේ.. එයා හොදින් ඇති කියලා හිතනවා මම.. කකුල් දෙකට පණ නැති නිසා icu එකේ දොර ගාව තිබුණ පුටුවෙන් වාඩි වෙලා ඔලුව ගහගත්තට පස්සෙ ආයි මටත් නොදැනිම කදුරු වැටෙන්න ගත්තා.. එක පාරටම මට ඇහෙන්න ගත්තෙ සපත්තු සද්දයක්.. ' ටොක්.... ටොක්... ටොක්.. ' ඒකත් ඇහුනෙ හරියට ඈතින් ඇහෙනවා වගේ.. ඒ දිහා බලන්නඕනෙ උනත් හිත ඉඩ දුන්නෑ.. ජියා ගැන බය නිසා වෙන කිසි දේකට අවධානෙ දෙන්න හිතුන්නෑ.. ටිකෙන් ටික ඒ සපත්තු හඩ මගේ පැත්තට එනවා වගේ ඇහුනේ.. ටිකෙන් ටික හෙමීට හෙමීට මං ගාවට ආවා වගේ ඇහුණා.. එක පාරටම මට ඇහුනේ මම මේ ලෝකෙ අහන්න ආසම කටහඩ වගේ කටහඩක්.. ඒත් එක්කම මට මෙච්චර වෙලා දැනුන සීතල අඩු උනා.. උණුසුමක් දැනුවා.. මොකක් හරි මඒ ඇගට පෙරෙව්වා වගේ දැනුනේ..

" ඔහොම ඔතනට වෙලා අඩ අඩ හිටියම ප්‍රශ්න විසදෙනවද? "

අන්ද්වේ..😳 අනී අනී මට පිස්සු එයා කොහෙද මෙහේ.. ඒත් ඒ කටහඩ.. එක පාරටම ඒ කටහඩ ගොඩක් හුරු නිසා ඔලුව උස්සලා හෙමීට එයා දිහා බැලුවේ.. ඒ දැක්ක දේ.. කලු cap එකක් කලු මාස්ක් එකක් දාගෙන ගොඩක් උස handsome කොල්ලොක් මගෙ ඉස්සරහා ඉන්නවා දැක්කේ.. කලුවර නිසයි මාක්ස් එක නිසයි මූණ පැහැදිලි නෑ හරියට.. අඩලා අඩලා හෙම්බත් වෙලා එහෙම සීතල නිසා වෙවුලනවා.. ඔක්කොම බොද වෙලා වගේ පෙනුනේ..

" ක-ක-කවුද "

🐰 " මොකද ඔතනට වෙලා අඩ අඩ ඉන්නේ.. බලන්න ඔයාව හොදටම තෙමිලා ඔහොම හිටියම හරිද.. මුලු රෑම මෙතනට වෙලා අඩ අඩ ඉන්නද හදන්නේ... එන්න යමු අපි ඔයාව ගෙදරට ඇරලවන්න.."

" ජන්ග්කූක් ඔප්පා.. මේ ඔයාමද.. නෑ මම දකින්නෙ හීනයක් නේද.. ඒ accident එක වෙලේ accident උනේ මාව නේද.. මම හීනෙක නේද මේ ඉන්නේ.. පිස්සු මට.. ඔයා කොහොමද මගේ ළගට එන්නේ.. හැම දෙයක්ම හීනයක්ම විතරයි.. එහෙම වෙනවනම් මම කැමතී.." එක පාරට මම නැගිටලා ජන්ග්කූක්ගෙ උරහිස් දෙකෙන් අල්ලලා හොලවලා ඇහුවෙ කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටපු නිසා.. " ඔප්පා කියන්න මේක හීනයක් නේද.. එතන accident උනේ මාව නේද ජියා නෙවෙයිනේ.. අනේ මගේ ජියා..... චේ-බ-ල් මට කියන්න මේක හීයනක් නේද.." ඒ වෙලාවෙ නොව්නවත්වාම ඇඩ් දෙකෙන් කදුලු වැටෙන්න ගත්තා.. ජන්ග්කූක්ගෙ කකුල්දෙක ගාව බිම ඉන්දවුණේ කකුල් දෙකට පණ නැති උන හින්දා.. කතා කරගන්නවත් බැරි තරමට හයියෙන් ඇඩෙනවා.. මට මේ ලෝකෙ මගේ කියලා හිටියෙ ජියා විතරයි.. එයාට මම හින්දා වුණ දේ.. " මම කිසිම හිතක් පපුවක් නැතිකෙල්ලෙක් ජන්ග්කූක්..චේබල් මට කියන්න එක පාරක් මේක හීනයක් කියලා..මාව මෙව් නපුරු හීනෙන් ඇහැරවන්න මට තවත් මේක දරා ගන්ම බෑ.. ගොඩක් රිදෙනනවා මේක.." 😭💔

🐰 " යූරා නැගිටින්න අපි යමු එන්න.. දැන් ගොඩක් රෑ වෙලා.. සීතල වේගනත් එනවා.. දැන් ගෙදර යන්න.. හෙට උදේට එන්න ආය.. "

" මට බෑ මම යන්නෑ මගේ ජියාව දාලා කොහෙවත්.. මම එයා ළගට වෙලා ඉන්න ඕන.. අනික දැන් මම එයා නැතුව කොහෙ කියලා යන්නද.. දැන් ගෙදර යන්න බෑ.. එයාට හොද වෙනකම් මම කොහෙවත් යන්නෑ.."

🐰 " යා... මේ කෙල්ලනම්.. හිතුවක්කාරකම තියන.. මුලුරෑම මෙතනට වෙලා ඔහොම සීතලේ ගැහි ගැහී ඉන්නද හදන්නෙ උදේ වෙනකම්ම.. පෙන්නෙ නැද්ද ඔයාව තෙමිලා හොදටම.. ඔහොම හිටියොත් උණ ගනී.. කියන දේ අහන්න දැන් ගෙදර යන්න එන්න..

මගේ ළග ඉන්නෙ ජන්ග්කූක් කියලා පුහුම වෙන්නවත් ඒ වෙලාවෙ සිහියක් තිබුනේ නෑ.. මගේ කකුල් දෙකථොදටම වෙවුලනා ඇවිද ගන්නත් බෑ.. එයාමාව නැගිට්ටවලා පහලට එක්කන් යන්න ගියේ.. ජියා accident උන වෙලාවෙ එයා ළගට දුවගෙන යන්න ගිහින් හීල් එකේ එක හීල් එකක් කැඩුනා.. මට ඇවිදගන්න බෑ.. ඒ නිසා හීල් දෙක ගලවලා අතට ගත්තා.. ඒ වෙලාවෙත් හැම දේම හීනයක් වගේ.. ජන්ග්කූක් මගේ ළග මම එච්චර වාසනාවන්ත වෙන්න පුලුවන්ද.. කිසිදෙයක් තේරෙන්නෑ.. වෙන දේකට මුහුණ දෙනවා කියකා එයා එක්ක පහලට යන්න ගියේ.. එක පාරම අඩිය තියලා යන්න හදද්දිම කවුරු හරි එක පාරම මාව උස්සලා අත් දෙකට ගත්තා වගේ දැනුනේ.. ඔව් ඒ ජන්ග්කූක් 😳 කිසිම බරක් පතලක් නැතුව හරියට නිකම් හුලං පොදක් ඉස්සුවා වගේ එක පාරම මාව එයාගෙ අත් දෙකට ගත්තේ..

🐰 " ඔයාවනම් හදන්න බෑ.. ඔහොම ඇවිදින්න පුලුවන්ද ? අනේ මංදා මේ කෙල්ලනම්.."

එක පාරටම මාව ගල් ගැහුනා.. හෙලවෙන්නවත් බැරි තරමට තදින් එයා අක්ලන් හිටියේ.. ඒ ඇස් දිලෙසෙනවා.. මොනා හරි මට කියන්න හදනවා වගේ.. ඇයි මට එහෙම දැනෙන්නේ.. ඒ කොණ්ඩෙ හුලගට යද්දි 🥺 අවුරුදු ගාණක් තිස්සෙ දකින්න පෙරුම් පුරපු ඒ මූණ මේ විදියට දකින්න ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ..පහලට ඇවිත් එලියට යද්දි මම දැක්කෙ කලු පාට වෑන් එකක් නවත්තලා තියෙනවා..

" ජන්ග්කූක් අපි කොහෙද මේ යන්නේ.. මාව කොහෙද අරං යන්නේ.."

🐰 " කට වහගෙන ඉන්න එක වචනයක්වත් කියන්න එපා.. ඔයා ඉන්නෙ කොහෙද මේ ළගද..? "

" මම...ම-ම ඉන්..."

🐰 " නෑ ඕනෑන්නෑ එක්කො වචනයක්වත් කියන්න එපා.."

මුකුත් කියන්න දෙන්නෙත් නෑ එයා.. මට කවදාවත් නොදැනුනු විදිහෙ ලොකු ආරක්ෂාවක් දැනුනා එයාගෙ අත් දෙක උඩ ඉද්දි.. අවුරුදු ගාණක් පණටත් වඩා ආදරේ කරපු කෙනා ළග ඉද්දි ඇයි බය වෙන්නෙ මම..

ජන්ග්කූක් දොර ඇරියා වෑන් එකේ.. එතකොට මට ඇහුනෙ ගොඩක් හුරු කටහඩක්..

🐥 " යා.. ජන්ග්කූක් ශී කොහෙද ගියෙ මනුසායෝ.. " ඒ ජිමින් දෙවියනේ මම ඉවරයි BTS අනිත් හය දෙනාම ඒක ඇතුලේ.. මගේ අවසානේ.. මොකද කරන්නෙ මම දැන්.. ඇදුම් ඔක්කොම තෙමිලා.. අනේ 😣 එයාලා එක පාරම මම ජන්ග්කූක්ගෙ අත් දෙක උඩ ඉන්නවා දැකලා ගල් ගැහුනා.. එක්කෙනෙක්වත් සද්ද නෑ..

" ජන්ග්කූක් මේ මොකක්ද වෙන්නෙ මේ කවුද ? 😳 " හොබී බය වෙලා වගේ ඇහුවෙ..

🐰 " මම පස්සෙ හැමෝටම හැම දෙයක්ම කියන්නම්.. දැන් මෙයාට ගෙදර යන්න බෑ.. හොදටම රෑ වෙලා තේරෙනවනෙ ඉතින් අපිට වෙන කරන්න දෙයක් නෑ.." එහෙම කියලා ජන්ග්කූක් මාව වෑන් එක ඇතුලෙන් තිබ්බා.. ඇත්තටම ඒ වෙලාවෙ මොනා කියන්නද මොනා කරන්නද කිසි දෙයක් හිතාගන්න බෑ මට.. ඇගට තවත් පණ නැති උනා වෙන දේ හිතා ගන්න බැරුව..

🌱 " ආ හරි අපි යමු.. කමක් නෑ.. අපි මෙයාව එක්කන් යමු අපේ dorm එකට.. වෙන කරන්න දෙයක් නෑනේ.. ඒකනෙ ජන්ග්කූක් ඔයා කියන්න ගියෙ.."

🐰 " දැට්ස් ම බෝයි කොල්ලට තේරුනා.."

එහෙම කියලා එයා එයාහෙ බනී හිනාව දාලා ඇහැක් ගැහුවා.. මේක හීනයක්නම් මාව මේකෙන් ඇහැරවන්න එපා චේබල්.. මම මේ හීනෙට ආදරෙයි.. මැරෙනකම් උනත් මේ හීනෙ ජීවත් වෙන්න ඕන මට..

🐥 " අන්න අන්න මෙච්චර වෙලාවක් low වෙලා තිබ්බ හිනාව.. දැන් ආයි charge උනාද ආ... යා පොඩ්ඩක් ඉන්න මෙතන මොකක්ද වෙන්නෙ.. කවුරු හරි මට පැහැදිලි කරන්න.." ජිමිනා හයියෙන් හිනා උනේ බඩ අල්ලගෙන මම ඒ හැම කෙනා දිහාම බලන් හිටියෙ ආසාවෙන්.. ජිමිනා හිනා වෙද්දි ගොඩක් කියෝට්.. අනේ ඒ හිනාව 😍

එක පාරම මට ඇහුනෙ ටේගෙ කටහඩ.. එයා හිටියෙ පිටි පස්සෙ ෂීට් එකේ.. කලුවර නිසා එයාව දැක්කෙත් නෑ.. එක පාරටම මට " ටේ ඔප්පා " කියලා කියවුනා..

🐯 " දේ.. දේ.. මම තමයි.. යා ජිමිනා නවත්තගන්නවා ඕක.. මම පස්සෙ පැහැදිලි කිරීමක් කරන්නම් මේ 😂 " ටේ ජිමින් බෙල්ලට පැනලා බදාගෙන දෙන්නත් එක්ක හයියෙන් හිනා උනා.. ජන්ග්කූක් හිටියෙ මගෙ එහා පැත්තේ.. එයත් එක පාරටම ටේ ජිමින් දෙන්නගෙ ඇග උඩට පැන්නා.." යා මොනාද කියවන්නෙ ආ.. පිස්සු හැදිලද.."

අනේ මෙයාලගෙ කෝලම්.. මේවා දකින්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ.. මට ලොකූ සැහැල්ලුවක් ආරක්ෂාවක් දැනුනා.. ටේ ජිමින් ජන්ග්කූක් තුන් දෙනා එකතු වෙච්ච තැන ඉවරයිනෙ ඉතින් 🤭 හුරතලේ ඔක්කොගෙම.. පස්සෙ මතක් උනේ ජූන් ඔප්පා එහා පැත්තෙ කියලා.. කිසිම සද්දයක් නෑ එයා.. මොනා හිතනවද දන්නෑ.. 😳 එහෙම හිතලා අනිත් අතට ඔන්න ඇහුනෙ එයාගෙ කටහඩ..

🌱 " ඔයාට තුවාල නැහැනේ.. මොකද උනේ?"

" යේ ? ආ මේකයි ඔප්පා.. අද කොන්සට් එක ඉවර වෙලා යද්දි මගේ යාලුවා මං නිසා accident උනා.. මම හින්දා තමයි මේ ඔක්කොම දේවල් 😔 "

🌱 " ආ එහෙමද.. යාලුවට මොකද අමාරුද ගොඩක් ? "

" එයා තාම hospital එකේ.. මං දන්නෑ මොනා වෙලාද කියලා.. ඒත් එයාට අනිවාර්යයෙන් හොද වෙනවා.. මම දන්නවා ඒක.."

🌱 " ආ ඔව් එයාට හොද වෙයි.. ඔයා කලබල නොවී ඉන්න හරි "

මගේ ලොකු අයියා මඒ ළග ඉන්නවා වගේ හැගීමක් දැනුනේ.. එයා හිත හදන්න ගොඩක් දක්ෂයි.. අනේ කුමාවෝ ජන්ග්කූක් ඔප්පා මන් ළගට ආවට.. මගේ දෛවය මේ විදියට ලියවිලා ඇති කියලා කලින් දන්නවනම් මම.. ඔයාලා හත් දෙනා තමයි මගේ පණ උනේ.. ඔයාලා වෙනුවෙන් මම ඕනම දෙයක් කරන්න ලෑස්තී..ඔඔහොම ඉන්නකො dorm එකට ආවා..

" දෙවියනේ.. මෙච්චර ලස්සන තැනක්.. මේයාලා ඉන්නෙ මෙහෙද.. 😳 "

🐥 " ආ හා බහින්න බහින්න ළමායි..අපි ආවෝ.." ජිමිනා ගිහින් පැන්නෙ ටේගෙ කරට.. අනේ මේ කොල්ලවනම් හදන්න බෑ 🤭

🐰 " යූරා.. එන්න අපි ඇතුලට යමු.. "

අර දෙන්නගෙකෝලම් දිහා බලන් ඉදලා බහින්නත් අමතක උනා මට.. " ආ.. යේ ඔප්පා"

🐰 " ඇවිදින්න පුලුවන්ද ? බැහැ නේද මෙහෙ එනවා හිතුවක්කකාර කෙල්ල.. අනේ මංදා හදන්නෑ බෑ ඉතින්.."

අනේ මේ කොල්ලා ආයෙත් මාව හුලන් පොදක් ඉස්සුවා වගේ උස්ස ගත්තා.. මූණත් දනවා මගෙ දැන් ලැජ්ජයිත් එක්ක.. මොනා කරනවද මංදා.. 🙈

🐰 " ආ මේ මොකද මූණ රතු වෙලා.. මොකෝ සීතලද 😂 "

ආයෙමත් මාව ලැජ්ජාවෙන් නිමට සමතලා කරලා දාන්න හදන්නෙ මේ කොල්ලා.. ඔහොම කරනකොට මම කොහොමද මූණ බලාගෙන උත්තර දෙන්නේ.. " මුකුත් නෑ මට මහන්සී ටිකක් ඒකයි "

🐰 " හරි හරි උඩට යමුකෝ.."

Dorm එක ඇතුලට ආවා.. ඇතුලෙ ලස්සන..මට මුලු වටේම දුවන්න හිතුනා.. මෙච්චර ලස්සන තැනක්.. එතකොටම ජිමින් කෑ ගහගෙන උඩට දිව්වා.. ටේ kitchen එකට ගියා වතුර බොන්න.. අනිත් අය උඩට යන්න ඇති.. දෙවියනේ මම තාම ජන්ග්කූක් අත් දෙක උඩ නේද 😳 ඔක්කොම අමතකයි දැන් මට මේ කොල්ලට අමාරු ඇති මාව උස්සන් ඉදලා.. එහෙම වෙන්න බෑනෙ ඉතින.. ජන්ග්කූක්ගෙ ඇගේ හැටියට මෙයාට මාවත් බරක්ද.. 🤭 ඔන්න එතකොටම ජින් ඔප්පා පහලට ආවා..

🐨 " ජන්ග්කූක් ශී යූරට bed room එක දෙන්නෙ මොකක්ද ? "

Bed room 😳 අන්ද්වේ මම ඉවරයි....
.
.
.
.
.

මතු සම්බන්ධයි

Author note :
ආ ළමායි කොහොමද ඉතින්.. 🤭 අනේ සොරි පරක්කු උනාට මම හිතන්නෙ සතියකට විතර පස්සෙ මේ දුන්නේ..සොරී 😭 වැඩ ගොඩක් අස්සෙ තමයි මේක ලිව්වේ.. වැරදි තැන් තියනවනම් ගණන් ගන්න එපා.. typing මිස්ටේක් ඇති.. 😔 ගොඩක් අය inbox msg දාලා අගනවා කතාව දෙන්නෙ නැද්ද කියලා.. පුලුවන් වෙලාවට දෙන්නම් ඉතින්..😔 කියවපු හැමෝටම ආආදරෙයි 😘❤️ කුමාවෝ

Continue Reading

You'll Also Like

847K 8.4K 68
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍
4.3M 287K 61
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
3.4M 38.8K 31
Diana is an 18 year old girl about to start her senior year until she bumps into a woman at the bookstore who has quite the personality. The woman ta...