A Dream Came True

By Jk_Ayu

1.2K 141 69

ඔන්න ඉතින් මගේ පලවෙනි ff එක ලිව්වා..කොහොම වෙයිද කියන්නනම් දන්නෑ frist time නිසා..කැමති අය කියවන්න.. මේක මගේ හ... More

Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05

Chapter 01

456 32 16
By Jk_Ayu

Yura's pov..

එක පාරට බෙල් එකක් වදින්න ගත්තා.
" Welcome to the magic shop " මගේ ඇගේ හිරිගඩු පිපුනා.. ඒ කටහඩ ඇහුනම..

" චින්චායෝ ? මම එහෙද ඉන්නෙ මම මගේ පණවල් හත බලන්න ආවද.. ඔව් මම එතන ඉන්නෙ.. අනේ මම එච්චර වාසනාවන්ත් වෙන්න පුලුවන්ද..." මට කොහොම උනත් ඒක තාම විශ්වාස කරන්න බෑ.. මට එක පාරටම ඇහුවෙ නම්ජූන් ඔප්පගෙ කටහඩ..
" හනා දූල් සේත්.." මට දැනුනෙ මම ඉන්නෙ වෙනම ලෝකෙක කියලා.. ආමිලා කෑ ගහන විදිහ.. ඒ දැනෙන හැගීම.. හැම තැනම ලයිට්ස්.. හිතා ගන්නවත් බැරි තරමය ලොකු audience එකක්.. මම ඉන්නෙ purple ocen එකේ.. ඒක ඇත්තටම වෙනම ලෝකයක්.. ආමිලා හයියෙන් කෑ ගහනවා ආමි බෝම්බ් උඩට උස්සගෙන වන වන.. මට ඇහෙන්න ගත්තා..

" Kim namjoong , Kim seokjin , Min yoongi , Jung hoseok , Park Jimin , Kim teahyun , Jeon jungkook.......... BTS................... "

මමත් ඒ එක්කම හයියෙන් ආමිලා එක්ක ඒක කියන්න ගත්තා.. එක පාරටම මට අවුරුදු ගාණාක් තිස්සෙ දකින්න ඕන වෙච්ච දේ.. මම දැක්කා.. මගේ කොල්ලො හත් දෙනාව.. මට මගේ ඇස් අදහගන්න බෑ.. එක පාරටම මම කෑ ගහන්න ගත්තා " ජන්ග්කූක් ඔප්පා....... සරංහේයෝ............" ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ගත්තෙ ඉබේටමයි.. මම දැක්කා ඒ සුරදූතයො හත් දෙනාව.. එයාලම්ගෙ ඇස්.. අනේ දිලිසෙනවා.. ජිමින්ගෙ කටහඩ.. මට දැන්නෙ ඇත්තටම මම වෙන ලෝකෙක කියලා.. ඔහොම ටික ටික වෙලාව ගියා.. එයාලා performance කරා මම කෑ ගහ ගහ ඒවා දිහා බලං හිටියා.. මට හැම දේම ලැබුනා.. 😍

අන්තිමට magic shop පටන් ගත්තා හොදටම රෑත් වෙලා.. මට වෙලාව යනවා තේරුනෙත් නෑ පොඩ්ඩක්වත්.. ආයෙමත් ඇහුනෙ ජන්ග්කූක්ගෙ කටහඩ..
" So show me..."
එක පාරටම මමත් ආමිලා එක්කම,
" I'll show you..."
" So show me "
" I'll show you......"
" Show you.."
" Show you "

" Ok let's get it!! " ඒ ජන්ග්කූක් එහෙම කියලා බනී හිනාව දැම්මා.. අනේ මට එයා ළගට යන්න ඕන.. ලැජ්ජත් හිතුනා මට ඒ දැම්ම හිනාවට 🙈

මම ඒ වෙලාවෙ හිටියෙ වෙනම ලෝකෙක ඒ කටහඩවල් මගේ කන් දෙකෙම් අහන්න ලැබුනා මට.. කොහොම විශ්වාස කරන්නද.. අනේ purple ocen එකම නිකන් දිව්‍ය ලෝකයක් වගේ.. හැම තැනම මුලු ඔක්කොම දම් පාටයි.. මේ විදිහට හැමදාම ඉන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි.. ඒකත් ඉවර වෙලා එයාලා යන්න හදද්දි ආමිලා ඔක්කොම අඩන්න ගත්තා.. ඒ වගේම හයියෙන් කෑ ගහනවා.. මට කතා කර ගන්නත් අමාරුයි.. එක දෙයයි කියා ගන්න පුලුවන් උනේ.. " මම ඔයාලාට ආදරෙයි..මාව දාලා යන්න එපා චේබල්.." 😔

ජන්ග්කූක් , ටේ , ජිමින් , හොබී , සූගා , ජින් , නම්ජූන් ඔප්පා ඔක්කොම කට්ටිය ආමිලත් එක්ක කතා කරනවා.. කොන්සට් එක ඉවර නිසා යන්න හදන්නෙ එයාලා..

🌱 " සරංහේයෝ ආමී.. බොරාහේ.. අන්යෝන්ග්... "

🐯 " ආමී.. බොරාහේ "

🐥 " I love you ආමී.. බොරාහේ.." finger heart එක පෙන්නුවා..

🐰 " අන්යෝන්ග් "

🐱 " ලව් යූ ගායීස්.. "

🌞 " ආමි සරන්ග්හේ.. "

🐨 " ආමී.................... බොරා......හේ "

හමෝම සමු දෙනවා අපිට.. මම ගල් ගැහිලා වගේ මුකුත් හිතා ගන්න බෑ.. පෙර වාසනාවකද කොහෙද මට fan meeting එකට යන්න අවස්ථාව ලැබුණා.. මට මේවා දරා ගන්න බෑ.. මේ ලැබෙන දේවල් හොදටම වැඩී.. මට බයකුත් දැණුනා හේතුවක්නම් දන්නෑ..

ගොඩක් දිග පෝලිම මට හිතා ගන්න බෑ ඇත්තටම මම කොහෙද ඉන්නෙ කියලා.. මොකද මම කවදාවත් හිතුවෙ නෑ මේ විදිහට මගේ හීන සැබෑ වෙයි කියලා.. රෑත් වෙලා.. මහන්සී මට ගොඩක් කෑ ගහලා අඩලම කොන්සට් එකේදි.. මගෙ ඔලුවට ආවෙ ජන්ග්කූක්.. එයාට මහසන්සි ඇති.. පව් මගෙ කොල්ලා.. මම මෙහෙම මහසීනම් එයාට කොහොම ඇත්ද.. අනේ ඉක්මනට එයාට රෙස්ට් කරන්න ලැබෙනවනම්.. කකුල් දෙකත් රිදෙනවා හිටගෙන ඉදලා.. මට ඇත්තටම හිතුනෙ එක දෙයයි.. ජන්ග්කූක් ඉස්සරහට ගිහින් වාඩි වෙනකම් මගේ කකුල් දෙක පණ තිබ්බොත් ඇති.. වෙන මුකුත් ඕන්නෑ මට..

ඔන්න ඉතින් ටික ටික පෝලිම අඩු උනා.. ආමිලා ඉදගෙන ඈ ගහනවා.. මම ඇතුවට ආවට පස්සෙ මඒ ඇහැ ඉස්සලාම යන්නෙ හා කන් දෙකක් ඔලුවෙ දාගෙන බනී හිනාව දාගෙන ආමි ගර්ල් කෙනෙක් ඉස්සරහා ඉන්න මට මේ ලෝකෙ අනිත් හැම දේටම වඩා වටින.. අවුරුදු ගාණක් තිස්සෙ ආදරේ කරපු ඒ සුරදූතයා පළවෙනි වතාවට ඇස් දෙකට දැක්කෙ.. මාව එක පාරමට පිටි පස්සට වැටෙන්න ගියා.. පිටි පස්සෙ හිටපු ආමි ගර්ල් කෙනෙක් තමයි මාව අල්ල ගත්තෙ.. මට මම ඉන්න තැන අමතක උනා.. වෙන කිසි දෙයකට අවදානෙ ගියෙ නෑ.. මට කිසිම සද්දයක් ඇහෙන්නෑ.. මට දැන්නෙ මාව පා වෙනවා වගේ.. එයා හිටියෙ BTS ලා වාඩි වෙලා හිටපු දිග ටේබල් එකේ කොනේම.. මට කිසිම දෙයක් ඇහෙන්නෑ.. මට පෙන්නෙ එක දෙයයි.. ඒ ජන්ග්කූක්ගෙ හැසිරීම් විතරයි.. මට ඔක්කොම දේවල් හීනයක් වගේ.. ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි.. එයා එයාගෙ ඉස්සරහා වාඩි වෙලා ඉන්න ආමි ගර්ල් එක්ක hand fighting කරානවා.. අනේ ඒ ඇස් දෙක.. ඒ හිනාව.. මම මෙච්චර දවසක් දකින්න පෙරුම් පුරපු ඒ මූණ මම දැක්කා..

" මම කොච්චර වාසනාවන්තද.. නෑ නෑ මෙහෙම වෙන්න පුලුවන්ද.. මම ඉන්නෙ හීනෙක වෙන්න ඕන.. අනේ චේබල් මම මේ හීනෙන් කවමදාකවත්ම ඇහැරෙන්න එපා.. චේබල්.. මම මේ හීනෙට ආදරෙයි " මගේ ඇස් දෙකෙන් එක පාරට කදුලු වැටෙන්න පටන් ගත්තා.. මට මාවම පාලනය කර ගන්න බැරි උනා.. කවුරු හරි මට මොනා හරි කියනවා.. ඒත් මට ඒ කිසි දෙයක් ඇහෙන්නෑ අවදානෙ යන්නෑ.. මගේ ඇස් දෙක නැවතිලා තියෙන්නේ දැන් එයා ළඟ..

මම ටිකෙන් ටික පෝලිමේ ඉස්සරහට ආවා.. මට ඇවිද ගන්න අමාරුයි.. කකුල් දෙකට පණ නැහැ.. අත් ඔක්කොම සීතල වෙලා..මම අමාරුවෙන් ඉස්සරහ ගියා.. " ඔයා ශක්තිමත් වෙන්න ඕන.. ඔයා ජන්ග්කූක්ගෙ ඉස්සරහ ගිහින් මෙච්චර කාලයක් හිතේ තද කරගෙන හිටපු දේවල් ඔක්කොම කියන්න ඕන.. ශක්තිමත් වෙන්න ඔයාට පුලුවන් ඒක කරන්න.. cool down.... පියවි සිහියට එන්න.. දැන් ටිකකන් ඔයා එයා ළගට යනවා."
මම මටම කියා ගත්තෙ මාව පාලනව කර ගන්න මට බැරි උන හින්දා.. ඒ ලස්සන මූණ කතා කරන ඇස් මං එනකම් බලං ඉන්නවා කියලා මට දැනෙනවා..

එයා ළගට ගියා එයාගෙ ඉස්සරහින් වාඩි උනා.. මට මුකුත් තේරෙන්නෑ.. මම මුකුත් කිව්වෙත් නෑ.. ඒ ඇස් දෙක් ඒ මූණ දිහා බලාගෙන හිටියා වචනයක්වත් කතා නොකර.. " මං මේ දකින්නෙ හීයක්ද.. මම හොයපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා.. වෙන්න පුලුවන්ද.. නෑ ඔයා ඉන්නෙ හීනෙක නෙවෙයි.. එයා එක්ක කතා කරන්න ඔයාට පුලුවන්.. ශක්තිමත් වෙන්න.." මම මාත් එක්කම කතා කරා.. ඔන්න මට ඇහුනා ඒ කටහඩ.. අවුරුදු ගාණක් අහන්න ආසාවෙන් හිටපු ඒ කටඩඩ..

Jungkook pov..

🐰 " අන්නෝංගසේයෝ.. ඔයාගෙ නම මොකක්ද ? "

🌸 මාව එක පාරට ගැස්සුනා.. " බෝ ? ආ- දේ ජ-න්-ක්ක්-කූ-ක් ඔප්පා.. ම-මගේ නමද ? මගේ නම යූරා.. " මම බොහොම අමාරුවෙන් උත්තර දුන්නෙ සතුට වැඩි කමට මගේ ඇස් දෙකෙන් ඉවරයක් නැතුව කදුලු ගලනවා.. මටවත් නවත්තගන්න බෑ.. ඒ මදිවට වචන පැටලෙනවා..

🐰 " මොකද මේ බය වෙලා වගේ.. අඩන්නෙ ඇයි ඔයා.. අඩන්න එපා අනේ හිනා වෙන්නකො.. කෝ කෝ ඉතින් හිනා වෙන්න.."

මට එක පාරට දැනුනෙ මම බලාපොරොත්තු උන ස්පර්ශය.. මම මගේ කම්බුලේ එක පැත්තක් රිදවන්නෙ නැතුව පරිස්සමෙන් හෙමීට ඇල්ලුවා වගේ මට දැනුනෙ.. ඔව් ඒ ජන්ග්කූක්ගෙ අත.. එයා මම අඩන නිසා එක පාරමට බනී හිනාව දාලා මගෙ කම්බුල මිරිකුවා..

🐰 " ඉතින් කියන්නකො.. ඔයාගෙ බයස් කවුද ? මම නේ ආ ආ ආ... කියන්න කියන්න හොර කෙල්ල.. මම නේද ? මට තේරුනා අඩන විදිහෙන්.. "

එයා හිනා වෙවී මං දිහා බලාගෙන කියනවා.. මට නිකන් දැනෙන්නෙ අපි දෙන්නා විතරක් ඉන්න ලෝකෙක ඉදං කතා කරාන්වා වගේ..

🌸 " දේ.. ඔප්පා.."

මම දැන් ටිකින් ටික ශක්තිමත් උනා.. මට කියන්න ඕන දේවල් කියන්න ඕන.. එයා ගාව ඉන්නත් වැඩි වෙලාවක් නැහැනේ.. ඉක්මනට යන්නත් ඕනේ.. මම එක පාරටම ඒ ඇස් දෙක දිහා බලලා මගෙ හිතේ තියන දේවල් සේරම මගේ ජන්ග්කූක්ට කියන්න ලෑස්ති උනා.. එතකොටම එයත් මට මොනා හරි කියන්න ලෑස්ති උනා..

🐰 " යූරා... ඉතින් ඔ.."

🌸 " ජන්ග්කූක් ඔප්පා.. ඉන්න.. මට කතා කරන්න දෙන්න පුලුවන්ද.. ඔයා මුකුත් කියන්න එපා මං කියන දේ විතටක් අහං ඉන්නවද චේබල්.. "

මම කතා කරන්න ගත්තෙ කදුලු පිහ දාගෙන..

🐰 " ඔව් කියන්න මං අහං ඉන්නම් "

ආයෙමත් ඒ බනී හිනාව මගේ ඉස්සරහා දැම්මා.. මට හිතුනෙ අනේ ඇත්තටම ඔයා මගේ වෙනවනම් කියලා

🌸 " ඔප්පා.. ඔයා දන්නවද දෙයක් ? මට මීට අවුරුදු 6කට කලින් එක කොල්ලෙක් හම්බුනා ආදරේ කරන්න.. ආදරේ කියන වචනෙ තේරුමවත් දන්නෑ මං එතකොට.. මම එයාට ආදරේ කරා මහේ ජීවිතේ අනිත් හැම දේටම වඩා.. මගෙ හැම දේම උනේ එයා.. දැනටත් එහෙමයි.. මම මේ ලෝකෙ වැපුරම කැමති කෙනා එයා. වටින කෙනා එයා.. එයා හින්දා මගෙ ජීවිතේ ගොඩක් ලස්සන උනා.. "

මම නැවතීමක් නැතුව කියන්න පටන් ගත්තා.. ඒත් මට හැම දේම කියා ගන්න හම්බුනේ නෑ.. මාව ඊලගට ටේගෙ ළගට යවන්න හදනවා එතන ඉන්න staff එකේ අය.. මට හැම දේම එයාට කියන්න ඕන ඒත් වෙලාව නෑ මට 😔 මොනා කරන්නද.. මම එක දෙයක් දැක්කා ඒ ඇස් මගේ කතාව අහලා දිලිසෙනවා..

🌸 " ඔව් එයා ඔයා තමයි කුමාවෝ මගේ ජීවිතේ ලස්සන කරාට.. මම ජීවත් උනේ ඔයා හින්දා.. මට ඕනෙ ඉනේ මැරෙන්න කලින් එකම එක පාරක් ඔයාව ඇස් දෙකට දකින්න විතරයි.. වෙන කිසිම බලාපොරොත්තුවක් මගේ හිතේ තිබ්බෙ නෑ.. ඉතින් අද ඒ දේ සැබෑ උනා.. ඇස් දෙකට දකින්න විතරක් නෙවෙයි.. ඔයාගෙ ඉස්සරහා ඉදගෙනම මෙහෙම කතා කරන්නත් හම්බුනා.. මට මේ ලැබුණ දේවල් වැඩී.. දරාගන්න අමාරුයි.."

ආයෙමත් ටිකෙන් ටික මගේ ඇස් වලින් කදුලු එන්න ගත්තා.. ජන්ග්කූක් සද්දයක් නෑ මගේ කතව අහං ඉන්නවා ගොඩක් ආසාවෙන්..

🐰 " අඩන්න එපා.. කියන්න දිගටම මම අහං ඉන්නම්.. නවත්තන්න එපා.. "

🌸 " දැන් මට මොනා උනත් කමක් නෑ ජන්ග්කූක්.. මොහොතෙ මැරුණත් කමක් නෑ.. මොකද මට දැන් ජීවත් වෙන්න හේතුවක් නෑ ආය.. මට සතුට දරාගන්න බෑ.. මම දෙයක් කියන්නම්.. මට පොරොන්දු වෙන්න.. කවදාවත් අඩන්නෙ නෑ කියලා.. හැමදාම හිනා වෙලා ඉන්නවා කියලා.. චේබල් මට පොරොන්දු වෙන්න.. "

ආයෙත් staff එකේ කෙනෙක් ඇවිත් හොරෙන් කියලා ගියා ටේ ගාවට යන්න කියලා..

🌸 " මම මේක කියන්නෙ BTS ජන්ග්කූක්ට නෙවෙයි.. ජොන් ජන්ග්කූක්ට ඒ නිසා හැමදාම හිනා වෙලා ඉන්න පරිස්සමෙන්.. මට ඕන එච්චරයි.. මම ආදරේ කරේ BTS ජන්ග්කූක්ට නෙවෙයි ජොන් ජන්ග්කූක්ට මගේ ජොන් ජන්ග්කූක්ට.. මම යනවා මම හැමදාම ඔයාගෙ විතරයි පොරොන්දු වෙනවා ඔයාට.. "

මට එච්චරයි කියා ගන්න පුලුවන් උනේ ටේ ගාවට යන්න සිද්ද උනා.. ඒ ගියත් අපි දෙන්නා තාමත් අපි දෙන්නගෙ ඇස් දිහා බලාගෙන.. ජන්ග්කූක්ගෙ ඉස්සරහින් ගර්ල් කෙනෙක් ඇවිත් වාඩි වෙලා කතා කරාට පස්සෙ තමයි එයා දිහා බැලුවෙ.. ඊට පස්සෙ මමත් ටේත් එක්ක කතා කරලා අනිත් අයවත් ඔක්කොම හම්බෙලා යන්න යද්දිම මම ආයි ජන්ග්කූක් දිහා බැලුවා එයා මං දිහා බලගෙන ඉන්නෙ.. එ ඇස් දිලෙසෙනවා.. මට ගොඩක් සතුටුයි.. මොකද හිතේ තිබ්බ හැම දේම කියාගන්න බැරි උනත් මම පුලුවන් දේවල් ඔක්කොම කිව්වා.. එයත් ඒවා ගොඩක් උවමනාවෙන් අහං හිටියානෙ.. මට තිබ්බ සතුටට කෑ ගන්න හිතුනා.. එක පාරටම මම දැක්කමා ජන්ග්කූක් staff එකේ එක්කෙනෙක් ළගට අරං මොනාද කියනවා.. මට එයාව දාලා යන්න ලෝබයි.. ඒත් කරන්න දෙයක් නෑ.. "මේක තමයි පළවෙනි පාර සහ අවසාන පාර ඔයාව දකින.. මම යනවා මැණික.. පරිස්සමෙන් ඉන්න.." මම එලියට ගියා..

මගේ හිතට ලොකූ සහනයක් දැනෙනවා ඇත්තටම.. මුලු ලෝකෙම මගේ උනා වගේ.. මම ඇස් පියාගෙන ටිකක් වෙලා හිටියා.. එතකොටම.. මගෙ පිටිපස්සෙන් කවුරු හරි ඇවිත් මට කතා කරා..

" චොගියෝ.."
.
.
.
.
.

මතු සම්බන්ධයි.....

Author note :
ඔන්න ඉතින් පලවෙනි chapter එක දැම්මා.. අනේ හොද්ද කියන්න්නම් දන්නෙ ආ ඉතින්.. වැරදි ඇති ගොඩක්.. ඒවත් පහලින් comment එකක් දාගෙන යන්න..ඊලග chapter එකේදි අනිවාරෙන් ඒ වැරදි හදා ගන්නවා කියලා පොරොන්දු වෙනවා..ගොඩක් දිග නෑ මේකනම් ඊලග එක දිගට දෙන්නම්.. අනේ ඉතින් මගේ චූටි කතාව කියවන හැමෝටම ගොඩක් ආදරෙයි.. කුමෝවෝ 🙈❤️

Continue Reading

You'll Also Like

4M 166K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
403K 45.8K 28
"𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒃𝒓𝒆𝒂𝒌 𝒎𝒚 𝒉𝒆𝒂𝒓𝒕 𝒊𝒏 𝒕𝒘𝒐 𝒃𝒖𝒕 𝒘𝒉𝒆𝒏 𝒊𝒕 𝒉𝒆𝒂𝒍𝒔, 𝒊𝒕 𝒃𝒆𝒂𝒕𝒔 𝒇𝒐𝒓 𝒚𝒐𝒖" ...
430K 24.1K 43
The story continues to unfold, with secrets unraveling and new dangers lurking in the shadows. The Chauhan family must stay united and face the chall...
10.1M 303K 53
Anna Krause is in her senior year and more than ready to leave high school behind and start a new, fresh life without homework. What she didn't expec...