"මොකක්ද යකෝ මේ වුණේ? මං කොහෙද මේ ඉන්නේ?"
ටේහුන් තදින් පියවෙලා තිබුණු ඇස් දෙක අමාරුවෙන් ඇරියා. ඔළුව ඇතුළෙන් ලොකු කැක්කුමක් එක්ක කරකැවිල්ලක් ආවා.
තමන්ගේ ඇඟේ තිබුණේ සුදු පාට මංගල ඇඳුමක්. වටේටම රෝස මල් සුවඳයි, මේස උඩ පාත්වෙච්ච ඉටිපන්දම් එළියයි. හැබැයි ඒ එළිය අස්සේ තිබුණේ මාරම අඳුරු, බය හිතෙන ගතියක්. ටේහුන් හිටියේ විශාල කළු පාට පුටුවක වාඩි කරවලා. එයාගේ අත් දෙක පිටිපස්සට කරලා තදින් ගැටගහලා තිබුණා.
"අඩෝ! කවුද යකෝ මාව මෙතනට ගෙනාවේ? මගේ ඉස්කෝලේ uniform එක කෝ? මට exam එකට පාඩම් කරන්නත් තියෙනවා! ලෙහාපන් මාව!"
ටේහුන් හයියෙන් කෑගැහුවා.
ටේහුන් කියන්නේ නිකන්ම නිකන් අසරණ කොල්ලෙක් නෙවෙයි. ඉස්කෝලේ යන, කාටවත් බය නැති, අම්බානකට දඟකාර, කටකාර කොලු පැටියෙක්.
එයාගේ ගෙදරින් එයාව බලෙන්ම වයසක සල්ලිකාරයෙකුට බැඳලා දෙන්න හදද්දී, ටේහුන් කළේ හෝල් එකේ washroom එකෙන් පැනලා දිව්ව එක. හැබැයි පාරට බහින්නත් කලින් කොහෙන්ද ආපු කළු පාට සූට් ගහපු මැරයෝ ටිකක් එයාව kidnapped කළා.එකපාරටම කාමරේ ලොකු කළු ලී දොර ඇරුණා.
උස, තද කළු පාට සූට් එකක් දාගත්ත කෙනෙක් ඇතුළට ආවා. එයාගේ එක අතක රෝස මල් වෙනුවට තිබුණේ කළු පාට පිස්තෝලයක්.
අනිත් අතේ පත්තුවෙන සිගරට් එකක්. මූණේ කිසිම හැඟීමක් නෑ. ඇස් දෙකෙන් විතරක්ම මිනිහෙක්ව බයෙන් පණ යන තරම් සීතලයි.
ඒ තමයි පාතාලේ අනුකම්පාවක් නැති නරුමයා...
ජන්කුක්.
ජන්කුක් හිමින් හිමින් ටේහුන් ගාවට ආවා. ටේහුන්ගේ හදවත ඩික් ඩික් ගාලා ගැහෙන්න ගත්තත්, එයාගේ දඟකාර කට නං වහගත්තේ නෑ.
"ඒයි තමුසේ කවුද? මාව අල්ලගෙන ඉන්නේ මගේ තාත්තගෙන් කප්පම් ඉල්ලන්නද? මං තමුසෙට කියන්නේ, මාව ලෙහැව්වේ නැතොත් මං තමුසෙගේ කන හපාකනවා!"
ටේහුන් ඇස් ලොකු කරන් කෑගැහුවා.
ජන්කුක් ටේහුන් දිහා බලලා පොඩි, සීතල හිනාවක් දැම්මා. එයා එකපාරටම පාත් වෙලා ටේහුන්ගේ බෙල්ල පිටිපස්සෙන් එයාගේ තද අතක් තියලා, ටේහුන්ගේ මූණ එයාගේ මූණට ලං කරගත්තා.
YOU ARE READING
The unwanted vow
Non-Fictionteakook "අද ඉඳන් තමුසේ මගේ." "ඇයි? මගේ නම තමුසේට ලියලා දීලා නෑනේ... මගේ දෙමාපියන්වත්-" "එහෙම දීලා තිබුණා නම්?" "එහෙනම්... උඹ මොකද කරන්නේ?" "මම නම් එහෙම හිතන්නේ නෑ, අර්යන්." "එහෙනම් මේ මොකක්ද, ම්?" "නෑ... ඒක බොරුවක්." "ඇයි චාන්ඩී? කට වැහුනාද, ම්?" "...
