අදත් මේ උදේම යන්න වෙලා තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි අපෙ පොඩීගෙ ඉස්කෝලෙට.අද එයාලගෙ ඉස්කෝලෙ මොකක්ද මන්දා ඉවෙන්ට් එකක්ලු. ඒකට යන්න හිටියෙ අප්පච්චි උනාට හදිසියේම එයාටත් මීටින්ග් එකක් වැටිල යන්න විදිහක් නැහැලු. ඒක නිසා ඒකට යන්න වෙලා තියෙන්නේ මට.මට මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වෙත් ඊයේ. මේ දවස් ටිකේම මටත් කම්පැනි එකේ වැඩ ගොඩගැහිලා. පොඩී ගැන හරියට බලන්න උනෙත් නැහැ. වෙනදට අප්පච්චී කවදාවත් අපේ වැඩ මිස් කරගන්නේ නෑ. හැබැයි අද එයාට තියෙන්නේ නොගිහින්ම බැරි වැඩක්.ඕක ඇහුවයින් පස්සේ පොඩීත් මූණ දෙක කරන් හිටියේ. ඊට පස්සේ තමයි මගේ ළඟට ඇවිත් හුරතල් වෙන්න අරන් ඉවෙන්ට් එකට එනවද කියලා ඇහුවේ.
ඇස් දෙකත් බෝල කරන් අහපු විදිහට බැහැයි කියලා කියන්නේ කොහොමද කටක් ඇරලා. මේ ලෝකෙටම ice cold personality එකක් තියෙන businessman කෙනෙක් වෙච්ච මම සාමාන්යය විදිහට හැසිරුනු එකම තැන වුනේ මගේ ගෙදර. විශේෂයෙන්ම මගේ පොඩී. ඒ කියන්නේ මගේ නංගී. මගෙයි තාත්තාගෙයි පුංචී ලිලී මල.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
කියාරා සූර්යවංශ.
අන්තිමට ලෑස්ති වෙලා පහලට එනකොට පොඩී ඉන්නවා ඇස් දෙකත් ලොකු කරන් හරියට පූසෙක් වගේ. එච්චරටම මොනවා දිහාද බලන් ඉන්නේ කියලා බැලුවම තමයි තේරුනේ බලන් ඉන්නේ මම දිහා නේද කියලා.
"අම්මෝ ලොකු... අද ඔයාගේ ලස්සන බලන්නකෝ. ගැම්මක් තමයි ඉතින් ඔයා නම් ආ... කාටද ඉතින් ආඩ්ම්බර. වෙන කාටද ඉතින් මේ මට මිසක්."
"හ්ම්ම්.. එහෙමද? ආඩ්ම්බරද ඉතින් මගේ පොඩීට."
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අශ්වින් සූර්යවංශ.
Kiyara pov:
මම ලෑස්ති වෙලා ඉවර වෙලා පහලට ආවේ ලොකූ එනකන්.
"තාම ආවේ නෑනේ අප්පා පහළට. ඇයි දන්නේ නෑ තාම නැත්තේ. අමතක වුනාවත්ද? නෑ.. නෑ.. වෙන්න බෑ ලොකූට එහෙම මාව අමතක වෙන්නේ නෑනේ."
එහෙම හිතන ගමන් සාලේ එහෙටයි මෙහෙටයි යන්න ගත්තේ පඩිපෙළ දිහා බලන ගමනුයි.අද යන්න තියෙන event එකට අප්පච්චි එක්ක යන්න හිටියත් මේ විකාර මීටින්ග් එකක් නිසා ඒකත් කරන්න වුනේ නෑ. හොඳ වෙලාවට ලොකූ හිටියේ. නැත්නම් ඔක්කොම ඉවරයිනේ. ඊයේ රෑ ලොකූ ආව ගමන් ගිහින් ලොකූට කිව්වම එයත් ඉතින් බැහැයි නොකියා එන්නම් කිව්වා. අනා මගේ සුකිරි බටිල්ලා. මගේනේ..මගේනේ.. අද මේ තියෙන්නේ නම් prize giving එක. මේ සැරේ මටත් මොනවද මන්දා තියෙනවා කියලා තමා ගෙදරින් දෙම්ව්පියෝ එක්ක එන්න කිව්වේ. මම හිතන්නේ ඔය chess මොනවා හරි වෙන්න ඕනේ. කොහොමත් දෙනවා නම් ඔච්චර තමයි මට නම් තියෙන්නේ. ආ.. තව ඕනේ නම් Netball වල මොනවහරි ඇති.
ඔය දෙකේම කලින් තිබ්බ matches වල certificates වගයක් දෙන්න තිබ්බ කතාවක් නම් කිව්වා මතකයි. ඒවා දෙන්න බැරි වුනා කියලා දැන්ලු දෙන්නේ. අනේ මන්දා. කොහොමහරි ලොකුවා එනවා නම් එච්චරයි. ඔහොම හිත හිත ඉද්දී පඩිපෙළ බැහැගෙන එන ලොකුවව මගේ දර්ශනපතයට අහුවුනා.
"ආ... ඔය ඉන්නේ ගැම්මට කොම්ලා. හරි හරි මෙයා මෙහෙම එනවා කියන්නේ මට අද වෙන්නේ මෙයාව පරිස්සම් කරන්න තමයි. වෙන ගෙවල්වල වෙන්නේ මේකේ අනිත් පැත්ත ඒත් අපේ ගෙදර නම් වෙන්නේ මෙන්න මෙහෙම තමයි. නැත්නම් හෙට ඉදන් අනේ ඒ ඔයාගේ අයියද? අරකද මේකද ගාගෙන එයි මගේ පස්සෙන්. අනේ මන්දා අපේ ලොකූටත් පුදුම ඉල්ලුමක්නෙ තියෙන්නේ. ඔව් ඉතින් නැති වුනොත් තමා පුදුමේ."
කොහොමහරි අන්තිමට ලෑස්ති වෙලා යන්තන් ගෙදරින් පිටත් වුනා.
(මනඃකල්පිත කතාවකි.)
YOU ARE READING
Deadly Sweet.
Romance"ඔව් රකිනවා.මම ඉන්නකල් රකිනවා.මොකද ඒ මගේ අයිතිය.මගේ දේවල් වලට අත තියපු එවුන් හොඳින් ඉඳලත් නෑ ඉස්සරහට ඉන්නෙත් නෑ.ඒ නිසා ඒවයින් ඈත් වෙලා ඉන්න ඉන්නවා. නැත්නම් ජීවිතේ අත අරින්න ලෑස්ති වෙලා ඉන්නවා." - අශ්වින් සූර්යවංශ. -
