Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෙව්මන්ෂි ආර්ෂිතා රත්නාංශ. වයස අවුරුදු 20. Uni of pera Art faculty එකේ first year student කෙනෙක්. මධ්‍යම පාන්තික පවුලක වැඩිමල් දියණිය වන අතර තමන්ගෙ නංගිට ලෝකයක් තරම් ආදරේ කරයි. දමිළ සංස්කෘතියට අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වුන සිංහල තරුණියක් වගේම දක්ෂ නැට්ටුක්කාරියක්. ඉගත් පහු කරන් වැවුණු දිග කොණ්ඩය කිරි කෝපි පාට හමට කැපිලා පෙනෙද්දි මූණ දිහා බලපු ගමන්ම කැපිල පේන හීන් දිගැටි ඇස් පාසල් යන අවදියේ ඉදන්ම පිරිමි ළමයිගෙ ආකර්ෂණය නම් මහන්සියක් නැතුවම දිනා ගත්තා. හැබැයි ඉතින් දෙව්මන්ෂි ඒ දේ නම් ගනන් ගත්තෙ නැත්තෙ පුංචි කාලෙ ඉදන්ම තිබුන හීන අඩාල කරගන්න බැරි නිසා. අධිමාත්‍රික හැගීම් හරි ලස්සනට වචනවලට පෙරළන පොත් රචිකාවියක් වගේම තමන්ගේම මහන්සියෙන් ගොඩයන්න දගලන කෙල්ලෙක්. පවුලෙ අයගෙ යාළුවන්ගෙ දුක්ගන්නාරාළ විදියට part time job එක කරන මැය තමන්ගේ සිතුවිලි හැගීම් සිත තුළම සගවන් සිටින්නීය. සැමවිටම සිනහවකින් මුව සරසාගෙන සිටින්නටද වගබලා ගන්නීය.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මේඝව් විෂේනාද් ආර්ථෆ්. වයස අවුරුදු 22. Uni of pera Management faculty එකේ third year student කෙනෙක්. ලංකාවෙ top business එකක් වෙන VR එකේ ownerගෙ එකම පුතා. Top student කෙනෙක් වන අතර ගායනයට සහජ හැකියාවක් ඇති අයෙකි. Uni එකේ වගේම tiktok එකෙත් මාරම famous චරිතයක් වගේම සුවහසක් ගෑනු ළමයිගෙ ක්‍රශ් එක තමයි මේ. හැබැයි ගෑනු ළමයිව තියා ළගම යාළුවො ටික ඇරුණම පිරිමි ළමයිවවත් ගනන් ගන්නෙ නැති තද ගති තියන කොල්ලෙක්. කෙටියෙන්ම කිව්වොත් හිනාවෙන්නෙත් බොහොම කලාතුරකින්. Tiktok followersල බර ගානක් ඉන්න account එකක් අයිතිකාරයෙක් වුනාට post එකක් upload කරන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ. ඉස්කෝලෙ යන කාලෙ රග්බි play කරපු නිසාම හම අව්වට පිච්චිලා වගේ ලා දුඹුරු පාටක් ගත්තා. දැනටත් ආගමක් වගේ රග්බි අදහන බැතිමතෙක්. බයික් එක්ක සංසාරගත බැදීමක් තියන කොල්ලෙක්.
YOU ARE READING
Just Cry | ongoing
Romance"දුක හිතුනාම අඩන එක වැරැද්දක් නෙමෙයි.. හැබැයි හිනාවෙන් දුක හංගනව කියල දැන දැනම නොදන්නව වගේ ඉන්න එක වරදක්."
