බැලේ කියන්නෙ හරියට අපේ ජීවිතේ වගේ. අපි තියන හැම අඩියක් ගැනම හරි අවධානෙකින් ඉන්න ඕනෙ. ඒ තියන හැම අඩියක්ම හරි පරිස්සමෙන් තියන්න ඕනෙ. එහෙම නැති උනොත් අපි වැටෙන්න පුළුවන්. ඒ වැටුන වෙලාවක ආපහු අපි නැගිට්ටෙ නැත්නම්, අන්න එතනයි අපේ පරාජය ලියවිලා තියෙන්නෙ. වැටි වැටි නැගිටිනකොට ඇයි මම වැටුනෙ කියලා හිතලා හේතුව හොයාගත්තම ආයිත් ඒ වැරැද්ද සිද්ද නොවෙන්න වගබලාගන්නත් ඕනෙ. ගොඩක් අයට අමතක වෙන්නෙ ඒක. සමහරු වැටුනට පස්සෙ හැමදේම අතඇරලා දානවා. තවත් සමහරු ආයිත් නැගිට්ටත් වැටුන හේතුව අමතක කරනවා. අන්න ඒකයි මම අපේ ජීවිතේ හරියට බැලේ වගේ කියන්නෙ. ජය වගේම පරාජය කියන්නෙත් අපේ ජීවිතේ කොටසක්. දිනන්නම ඕනෙ නම්, කොච්චර වැටුනත් අපිට ආපහු නැගිටින්නම වෙනවා. ජීවිතේ ඇතුලෙ ආදරේ කියන නැටුම නටන්න යනකොට ඒ තියන හැම පියවරක්ම අනිවාරෙන් වැදගත්. මොකද ඒක අපි කලින් නටලා නැති නැටුමක්. ආදරේ කියන නැටුම ඇතුලෙ අපි වැටුනොත් නැගිටින්න ගොඩක් අමාරුයි. ආදරේ කියන අඩිය හරියට තියාගන්න බැරි උනොත් මුලු නැටුමම එතනින් නවතින්න පුළුවන්. මගේ නැටුමෙ ආදරේ කියන අඩිය හරියට තියාගන්න බැරි උනේ මම අන්ධ වුන නිසාද?. විලියම් ශේක්ස්පියර් කියලා තියෙනවා " සැබෑ ආදරයේ මාවත කිසිදා සුමට නොවේ." කියලා. ඒකෙ තේරුම අපිට හරියටම තේරුම් ගන්න නම් අපිට පනටත් වඩා ආදරය කරන්න කෙනෙක් ලැබෙන්න ඕනෙ. එහෙම ලැබිලත් ඔයාට එයා එක්ක ඉන්න පින මදි උනොත්?...
