"අනේ... මේ පැටව් දෙන්නගෙන් මම කාටද වැඩියෙන්ම ආදරේ කරන්න ඕනි? මේ රෝස පාට හාවා ඉන්න චූටි ටී-ෂර්ට් එකද, නැත්නම් මේ නිල් පාට එකද? දෙන්නම හරි සෝක්නේ..."
මම කණ්ණාඩිය ඉස්සරහට වෙලා මගේ ඇඟට තිය තියා තනියම කියෙව්වේ තොල් දෙකත් උල් කරගෙන.
මම අද ආවේ නගරයේ තියෙන ලොකුම Shopping Complex එකට. එතන තිබ්බ Designer බුටික් එකක තිබ්බ ලස්සනම ලස්සන ඇඳුම් දැක්කම මට මාවම පාලනය කරගන්න බැරි වුණා. මම එක එක ඇඳුම් ඇඟට තියලා බල බල, පොඩි ළමයෙක් වගේ සතුටින් උඩ පැන පැන හිටියේ.
"ම්ම්... මේක ගත්තොත් මගේ රෝස කම්මුල්වලට තවත් ලස්සනට තියෙයි. නේද චූටි හාවෝ?"
මම ඇඳුමේ හිටපු හාවාගේ පින්තූරයට මගේ පුංචි ඇඟිල්ලෙන් තට්ටු කරලා හිනා වුණා. මම දන්නේම නැතුව මගේ සෙල්ලම් දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා මට තේරුණේ නැහැ.
ඇත්තටම, ඒ වෙලාවේ ඒ ෂොප් එක අයිති Wang Company එකේ CEO, ඒ කියන්නේ නගරයේ ඉන්න බය හිතෙනම මාෆියා බොස් වන වන්ග් යිබෝ එතනින් යන්න ආවා. එයා වටේම කළු ඇඳ ගත්ත ආරක්ෂකයෝ හිටියා.
හැමෝම එයාට බය වෙලා ඔළුව නැමුවත්, මම මගේම ලෝකෙක අතරමං වෙලා හිටියේ. යිබෝ මගේ දිහා බලන් හිටියේ පුදුමයෙන් වගේ. මම රෝස පාට ටී-ෂර්ට් එකක් බදාගෙන, කකුල් දෙකත් පොළොවේ ගගහා හුරතල් වෙන විදිහ එයාගේ හිතට තදින්ම වැදුණා කියලා මට පස්සේ හිතුණා. එයාගේ ඒ තද, සීතල ඇස් මගේ දිහා බලන් ඉද්දි මොහොතකට උණුසුම් වුණා වගේ මට පෙනුණා. ඒත් මම ඉක්මනටම මගේ බිල් එකත් ගෙවලා එතනින් දිව්වේ බස් එක වැටෙන්න කලින් ගෙදර යන්න ඕනි හින්දා.
ඔයලට හිතන දේ මෙතන ටයිප් කරගෙන යන්නකෝ
වැරදී අඩුපාඩු තියනවනම් මට කියන්න නැත්නාම් මට හදගන්න බැනේද ලමයිනේ .
මිට
ඔයලාගේ
Nyx_LunaX
YOU ARE READING
Forced Wedding
Non-Fictionනපුරු මාෆියා බොස් කෙනෙකුගේ අතට අහුවුණු අහිංසක පුංචි හා පැටියෙක්... බලහත්කාර විවාහයකින් ආරම්භ වූ ඔවුන්ගේ කතාව ආදරයක් වෙයිද, නැත්නම් විනාශයක්ද? 🖤🥀
