"You're the light...you're the night
You're the color of my blood...
You're the cure...you're the pain
You're the only thing I wanna touch...
Never knew that it clould mean
So much....so mach......
So love me like you do
L.....L...Love me like yo do....
Touch me like yo do
T....T....Touch me li-----"
"සුදු පුතා.....ඔය කෑගැහිල්ල නවත්තන්න...අහල පහල මිනිස්සුත් බය වෙලා ඇති.."
"මොන කෑගැහිල්ලක්ද අම්මා...මන් මේ සින්දුවක් කිව්වේ අනේ ඇහෙන්නේ නැද්ද???"
"ඔව් ඔව් අහරේ ගායකයට අමතරව එකෙකුත් සින්දු කියනකොට මට ප්‍රෙශර් වගේ..."
"අනේ අප්පච්චි...ඔයත් අම්මගේ පැත්තෙද..."
"ඔව් ඉතින් උබට කලින්නේ එයාව හම්බුනේ...නෙද වස්තුවේ..."
"අහකට වෙනවා රිතුල්....අප්පයි පුතයි දෙන්නම එකයි..."
"හහ් මන් යනවා මට ඔන්නෑ කවුරුත්.."
කිචන් එකේ ඉදලා ගස්සගෙන ගියපු අහස්‍ය ආපහු කම්මැලිකමට කියලා දාගත්ත JBL එකටත් රවලා ඇදෙන් ඉදගත්තේ ආයෙනම් සින්දු කියන්නෑ කියලා දහ අතේ දිව්රන ගමන්...එත් ඔය ට්‍රැක් පැනපු වෙලාවට ටකරමකට ගල් ගහනවා වගේ තියන කටහඩ අවශ්‍ය වෙලාවට සොෆ්ට් වෙන්නේ කොහොමද කියන එක අදටත් රහසක්....
නමින් අහස්‍ය චන්ද්‍ර සේනාධිර කියන්නේ ඉස්කොලේ සංගිත කාමරේ අරක් ගත්ත බහිරවයා...හරියට බහිරවයා නැත්තම් නිදානේ රැකෙන්නේ නෑ වගේ අහස්‍ය නැත්තම් ඉස්කොලෙට මියුසික් කියලා එකකුත් නෑ...එතරම් අහස්‍යයි මියුසික්කුයි අතර බැදිමක් තියනවා...
රිතුල් සත්තර සේනාධිරගේ වගේම අනුල් ආලොක සේනාධිරගේ එකම පුත්‍ර රත්නය....එකා යකා වගේ තමා ඉතින්...රිතුල් කියන්නේ ලොයර් කෙනෙක් වගුම එයා තමා අහස්‍යගේ අප්පච්චි....එතකොට අහස්‍යගේ අම්මා ගැන කියනවනම් එයා සංගිත ගුරුවරයෙක්...දැන් ඉතින් පැහැදිලිනේ අහස්‍යට මියුසික් එක්ක තියන ආත්මිය බැදිමට හෙතුව.....
අහස්‍ය කියන්නේ සාමාන්‍ය පෙල ලියලා උසස්පෙලට ඉස්කොලෙ යන්න ඉන්න අවුරුදු17ක පොඩි කොල්ලෙක්.හැබැයි අහස්‍ය කියන විදියට එයා දැන් සාමාන්‍ය පෙල ලියපු නිසා ලොකු ලමයෙක්ලූ...කවුද අනේ ඔවා දන්නේ....කොහොම හරි හෙට තමා අහස්‍ය උසස් පෙලට ඉස්කොලේ යන පලවෙනි දවස...කලින් ගියපු ඉස්කොලෙන් අස්වෙලා කොලබ තියන ලොකු ඉස්කොලෙකට ගියේ අහස්‍ය කලින් ගිය ඉස්කොලේ කනිශ්ඨ ඉස්කොලයක් හින්දා....එයා ගියේ එයාගේ ගෙවල් ලගම තියන පොඩි ඉස්කොලෙකට....
ඉතින් හෙට අලුත් ඉස්කොලෙකට යන එක ගැන චකිතයක් තිබුනත් අහස්‍යට ඔනා කරා ඉක්මනට ඉස්කොලේ යන්න..යාලුවෝ අදුන ගන්න....ඉතින් ඉස්කොලේ යන්න ඔනා සේරම ලෑස්ති කරලා කම්මැලි කමට සින්දුවක් අහන්න ගත්ත කොල්ලට එකපාර ආපු චුන් එකකට වහලේ හෙල්ලෙන තරම් හයියෙන් කෑගහලා සින්දු කිව්වා....
YOU ARE READING
MY FRIST CRUSH
Fantasyඅපි දෙන්නා ගැලපෙනවද?? (අහස්‍ය චන්ද්‍ර සේනාධිර) ඇයි නැත්තේ..මායි ඔයයි නමින් උනත් ගැලපෙනවා..සුර්යායි චන්ද්‍රයි එක අහසේ ඉන්නවා වගේම..අහසයි මුහුදයි ස්තිජයෙන් එක්වෙලා තියන්නේ... (සයුරු සුර්ය තිශාක්‍ය)
