"සමහර මතක ලෝකයෙන් අතුරුදහන් වෙනවා නෙවෙයි...
ඒවා ලෝකයම අමතක කරලා දානවා."
ලෝකය සෑම විටම සමාන නොවීය.
එය අප සිතනවාට වඩා බොහෝ වතාවක් බිඳී ගොස් තිබුණි.
නමුත් මිනිසුන්ට ඒවා මතක නැත.
මොකද මතකය පවා... සැකසිය හැකි දෙයක් විය.
සඳ එළියෙන් ආලෝකමත් වූ රාජධානියක් තිබුණි.
එය සිතියම්වල නොපෙනුණි.
කාලය එය හඳුනා නොගත්තේය.
මිනිසුන් එය ගැන කතා නොකළේය.
එය හැඳින්වූයේ; ලූනාරෙත් රාජධානිය ලෙසයි
එහි මැජික් සරල නොවීය.
එය ලියවුණේ තීන්තෙන් නොව... මතකයෙන්ය.
සිතියම් ඇඳීම යනු එහිදී නිර්මාණය කිරීම නොවීය.
එය ලෝකය වෙනස් කිරීමකි.
එම රාජධානියේ දෙදෙනෙක් උපන්නහ.
එක් අයෙක් මතක රැකගත්තාය.
අනෙකා මතක නිර්මාණය කළාය.
නමුත් අවසාන යුද්ධයේදී...
ලෝකය බිඳී ගියේය.
සඳ පවා නිහඬ විය.
රාජධානිය බේරා ගැනීමට...
එක් තීරණයක් ගන්නා ලදී. ඒ මතකයම මකා දැමීමයි
එම රාජධානිය කිසිදා නොතිබුණා සේ විය.
නගර අතුරුදහන් විය.
නාමයන් අතුරුදහන් විය.
ඉතිහාසය පවා වෙනස් ලෙස ලියවුණි.
නමුත්...
සමහර දේවල් සම්පූර්ණයෙන්ම අතුරුදහන් නොවෙයි.
ඒවා වෙනත් ආකාරයකින් ජීවත් වෙයි.
ඈත ලෝකයක...
තරුණ සිතියම්කරුවෙක් උපන්හ.
ඔහු අඳින සිතියම් ජීවමාන විය.
නමුත් ඔහුට ඒ ගැන කිසිවක් මතකයේ නැත.
එම මොහොතේම...
අමතක වූ රාජධානියේ සෙවනැල්ලක්...
නැවතත් සෙලවුණි.
වනාන්තරයක් තුළ...
කිසිවෙකුට නොපෙනෙන මාර්ගයක් විවෘත විය.
සිතියමක් තනිවම ලියවෙන්න පටන් ගත්තේය.
සඳ එළිය බිඳී වැටුණි.
කාලය මොහොතකට නතර විය.
කවුරුත් නොදන්නා වූ සත්‍යක් තිබුණි.
එම රාජධානිය මිය ගොස් නැත. එය... සොයා ගැනීමට බලා සිටී.
A/N: හෙලෝ රීඩර්ස්... 🌙 මගේ පුංචි ෆැන්ටසි ලෝකයට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා...
මේක Fantasy BL slow-burn romance කතාවක්. ඒ වගේම මේක මගේ පලවෙනි වට්පෑඩ් ස්ටෝරි එක.
ඔයාලා කතාව ඉස්සරහට කියවන්න කලින් දැනගන්න ඕන දේවල් කිපයක් තියෙනවා. ඒ තමයි;
⚔️ Magic + Mystery + Emotional Story එකක්
💙 මේක slow burn romance story (BL) එකක
🔥 පසුව romantic tension එනවා
ඔයාලා slow, emotional, fantasy stories කැමති නම් මේක ඔයාලා වෙනුවෙන් 💫
කියවලා enjoy කරන්න 🌙✨
Thank you for giving this story a chance.
And remember....
Some maps don't show places...
They show destinies...
--- Author (Willow Petal)
YOU ARE READING
The Kingdom Hidden Even from the Moon | On hold
FantasyA slow-burn BL fantasy of fate, forbidden magic, and a love that should not exist. "සමහර සිතියම් ලෝකය පෙන්වන්න නෙවෙයි... ලෝකය වෙනස් කරන්න."
