ඉමක් පේන්නෙ නැතිමුහුදෙ ඇස් අලවගෙන ඔහේ කල්පනා කර කර හිටිය අධීර්ගෙ ඇස් ගියෙ මුහුදු වතුරත් එක්ක ඔට්ටු වෙන කොල්ලෙක් දිහාවට! සර්ෆ් බෝර්ඩ් එකකුත් බදාගෙන නටන ඒ නමක් නොදන්න කොල්ලා කාලෙකට පස්සෙ අධීර්ගෙ මූණට හිනාවක් ගෙනල්ලා... ඉතින් අධීර් ඉස්සරහ තිබුනු සුදු කැන්වස් එකේ ඒ නමක් නොදන්න කොල්ලා පාට මවන්න පටන් අරන්!
උරහිස් ලගටම වැවිලා තිබුනු ලාවට මුදු ගැහිච්ච කොණ්ඩෙ... මුහුදු හුලගට එගෙ මෙහෙ යන උඩ බොත්තම් දෙකක් ගැළවුනු සුදු කමිසෙ.... ඒ සුදු කමිසෙ තැන් තැන්වල වැදිලා තිබුණු තීන්ත පාරවල්... නහය දිගේ රූටන කණ්ණාඩිය...ගැලවුණු බොත්තම් දෙක අස්සෙන් පේන කිරිගරුඬ පාට පපුව උඩ දිලිසෙන දාපු දා ඉදන් මොහොතකටවත් ගළවලා නැති රත්තරන් පිහාටුවක් එල්ලෙන හීන් චේන් පොටක්...
අධීර් ඉන්න සැහැල්ලු විදිහට බලන් ඉන්න කෙනෙක්ගෙ හිතට වුනත් නිදහසක් දැනෙන තරම්...
පැය දෙකකටත් වැඩිය පාට ලෝකෙක අරමන් වෙලා කලර් පැලට් එකත් එක්ක ඔට්ටු වුන අධීර් අතින් ඇදුනු තීන්ත පාරවල් නමක් නොදන්න කොල්ලට කැන්වස් එක උඩ පණ දීල තිබුණා! දැන් තියෙන්නෙ අරන් එද්දි තිබ්බ හිස් කැන්වස් එක වෙනුවට පාට ගොඩක් තැවරුණු කැන්වස් එකක්! ඒ දිහාවට හිනාවක් දීපු අධීර් නැගිට්ටා... ඉතින් අධීර් තෘප්තිමත්! අදට මේ ඇති...
ආපහු යන්න ලෑස්ති වෙච්ච අධීර් ආපහු ඉස්සරහ බලද්දි දැක්කෙ මෙච්චර වෙලා මුහුදෙ නටපු කොල්ලව! ඒ රූපෙ තමන් දිහාවට ඇවිදන් එනවා!
අධීර්ගෙ අත ඉබේම ගිහින් නැවතුනේ පපුව උඩ දිස්නෙගහන පිහාටු පෙන්ඩන්ට් එකට!
රූපෙන් කොහොම වෙනස් වුනත් කොහොම අමතක කරන්නද ඒ ඇස් දෙක!
හෙලෝ babzzzz.....
අලුත් කතාවක් කියෝමුත👉👈🤭
පිස්සුද අනේ... මන් මේක ජොලියට දැම්මේ☺️
මේක Slow Apdate හරිත.... හරි හරි මන් දන්නවා Moonlight එකත් ස්ලෝ තමා..... දන්නැද්ද ඉතින්....😁
කියවල බලන්නකෝ...
වෝට් පාරක් දාලා කොමෙන්ට් කරන්න හොදේ...😘ආදරෙය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය් බෙට්ට තරම් 💩....
_cLoud_🎀✨️
YOU ARE READING
Untold Love
Fantasy"ඔයා යනවද?" "හ්ම්ම්..." "ඒ කියන්නෙ ඔයා මාව දාල යනව?" "යන්න වෙනවනෙ ඉතින්... මන් යන්නම්...පරිස්සමින් ඉන්න මගෙ කේනුල්ය!" "යන්නම් නෙමෙ ගිහින් එන්නම් කියන්න." "ගිහින් එන්නම් මන්!" "පරිස්සමින් ගිහින් එන්න රුධීෂ!"
