( 2024 )
"ඒ බන් literature මිස් නෑ වගේ.. අපි වටයක් දාන්න යන්ද? "
හැමදාම උත්තරේ නෑ කියන බව දැන දැනම 927299990 වතාවටත් ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මගෙ එක අඹ යාලුවෙක්..
මන් ඔලුව වනලා අනිත් පැත්ත හැරිලා මේසේ උඩින් ඔලුව තියාගත්තා..
උගන්නන්න කව්රුත් නැති වුනත් මන් කැමති පන්තියට ම වෙලා නිදාගන්න නැත්නම් library එකට යන්න.. ඒත් මගේ පාප මිත්‍රයෝ ඒකට කැමති නෑ.. කොහොමත් library මිස් දවස් දෙකකට නිවාඩු නිසා library එක වහලා ඒ හින්දා මාත් කට වහගෙන නිදාගන්න හැදුව විතරයි අනිත් පාප මිත්‍රයා ඉන්ටවල් එකට කන්න තියන බත් මුල මේසේ උඩ ලිහාගත්ත බැවින් මන් නිදි දෙව්දුවට චුට්ටකින් එන්න කියල කන්න ගියා...
ඒකෙන් මේකෙන් මම කව්ද කියන්නත් අමතක වුණා.. මම යශ්‍රී ෂලන්‍යා.. යාළුවො කියන්නේ යෂ් කියලා..මන් ටිකක් සුදුයි.. සුදුයි කියන්නේ අව්වට ගියොත් කළු වෙන්නේ නම් නෑ ඒත් රතු වෙනවා.. තම්බපු ඉස්සෙක් වගේ නම් නෙමෙයි ඒත්.. ඉන ගාවට විතර දිග කොණ්ඩයක් තියනවා මන් නම් බලාගන්නේ නෑ ඒක අම්මා තමයි බලාගන්නේ අමුතුවෙන් straight කරන්න දෙයක් නෑ උපතින්ම straight hair එකක් මට තියෙන්නේ...
එතකොට මගේ අතිජාත මිත්‍රයෝ දෙන්නා තමයි සෙනූ , දනූ... සෙනුරි, දනුජි... පොඩි කාලේ ඉදන් අපි එකට තමයි හිටියේ.. පොඩි කිව්වට දැනටත් පොඩි තමයි තාම o/l වත් ලියලා නෑ.. O/l තියෙන්නේ ලබන අවුරුද්දේ (2025 march)...
තව විස්තර පස්සේ කියන්නම්කෝ.. අහ් මන් යන්නේ girls school එකකට.. Colombo..
"බිත්තරේ කෝ යකෝ?!"
"උබ කෑවේ නැද්ද මන් හිතුවේ උබ කෑවා කියලා මාත් කෑවේ නෑ ඕයි!"
"අනේ පලයන් යන්න"
කනකොට හැමදාම වගේ නැගෙන ප්‍රශ්න තමයි ඔව්වා.. අපි තුන්දෙනාම කරන කාණ්ඩ විෂයන් එකම නිසා අපි තුන්දෙනා O/L කාලය පුරාවටම ඉන්නේ එකට තමයි class ගියත් ඒ හැමවෙලේම... අපි තුන්දෙනා වෙනස් වෙනවනම් වෙනස් වෙන්නේ මන් තමයි අපි තුන් දෙනාගෙන් කෙට්ටුම අනිත් දෙන්නම අල බෝල දෙකක්.. අහ් ඒ දෙන්නටම කොල්ලෝ ඉන්නවා.. කොච්චරවත් කියනවා ඕව බදින්න වෙන්නේ නෑ කියලා කොහෙද මගේ රැවුල නෑනේ.. මන් තමයි තනිකඩයා.. ගෙදරත් මන් තනිකඩයා.. එකා යකා වගේ.. කොහේ බැලුවත් මන් තනියම හුහ්.. කමක් නෑ දුකක් නෑ අපිටත් දවසක හඳ පායයි නේ.. එතකොට බලාගමු...දෙන්නම් මන් අද පප්පලට...
Sikee thats the wrong number...
YOU ARE READING
Before I Knew | [Ongoing]
Romance"පොරොන්දුවක් වෙනවද? හැබැයි සදහටම රකින්න ඕනේ.." "මොකක්ද?" . . Disclaimer : 📖 මෙය මගේ පළමු කතාවයි. 🤍 මෙහි සඳහන් වන සියලුම චරිත, ස්ථාන, සිදුවීම් හා සංවාද සම්පූර්ණයෙන්ම මනඃකල්පිතය. සැබෑ පුද්ගලයන්, ස්ථාන හෝ සිදුවීම් සමඟ ඇති ඕනෑම සමානතාවයක් අහඹු සිදුවීම...
![Before I Knew | [Ongoing]](https://img.wattpad.com/cover/412929644-64-k795752.jpg)