"අනේ දෙයියනේ....තාත්තෙ, හිමීට හිමීට....බලාගෙන. දැම්ම මැරෙන්න බෑ....."
"දෝණි! බලනවා දැන් වෙලාව කීයද කියලා. ගාට ගාට යන්න ගියොත් පළවෙනි දවසෙම School එකෙන් එලියේ තමා ඉන්න වෙන්න..."
"ආ.... තාත්තේ, ගැම්මට ගේට්ටුව ඉස්සරහම නවත්තන්න හරිද, හෙන කාලෙකින් නේ.... කට්ටිය මාව දකින්නත් එපැයි."
"අනේ මන්දා මේ කෙල්ල නම්.... කෝ දැන් ඉක්කමනට යන්න. පරක්කු වෙලානේ."
"හරි තාත්තේ....Bye, උම්මා.... See You."
"ආ ආ දෝණි, මම එන්න පරක්කු වෙයි. හවස පරිස්සමින් ගෙදර යන්න."
මම තාත්තට සූකිරි හිනාවකුත් දාලා, Fly Kiss එකක් දීගෙනම School එක ඇතුලට දුව ගෙන ගියා. මදැයි පළවෙනි දවසෙම දුවන්න වුණා. සැක් ලැජ්ජාවෙ බෑ...
"දඩාස්...."
මොකක්ද බොලෙ මේ...
පොඩි කොල්ලෙක් එක පාරටම මගේ ඇගේ හැප්පිලා, මගේ කකුල් දෙක ඉස්සරහ ඇදගෙන වැටුණා.
මොක නැතත් ඒ වැටුණ පාරට නම් නිකම් මටත් රිදුණා වගේ...
මේ ළමයා එකපාරටම නැගිටලා, මාව අල්ලගෙන මගේ පිටි පස්සෙ හැංගුනා.
ඈ බොල මේ ළමයට මක් වෙලාද...වෙන කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගල් ගැහිලා වගේ ඉන්නකොට, මගේ ඉස්සරහ පිරිමි ළමයි හතර දෙනෙක් හිට ගත්තා... ආ නෑ පිටි පස්සෙ තව කෙනෙක් හිටියා එතකොට ඔක්කොම පහක් හිටියා...
ඒ මදිවට මුළු School එකේම වගේ ළමයි ඇවිත් අපේ වටේට හිටගෙන අපි දිහා, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.
"අහකට යනවා..."
එතන හිටපු එක කොල්ලෙක් ඇවිත් මාව එක පාරටම එහාට තල්ලු කරලා දැම්මා. ඒ වේගෙට මම ගිහින් Lockers වල පතබෑවුණා. ඊට පස්සෙ එයා අර ළමයගෙ Shirt එකේ කොලර් එකෙන් අල්ල ගෙන අර හිච්චි ළමයට කෑ ගහන්න ගත්තා.
"තමුසෙ දන්නවද? තමුසේ ඒ කාගෙ බෝලෙන්ද සෙල්ලම් කළේ කියලා. ආ..... කියනවා"
"අනේ අයියේ, I'm Really Sorry. මම දන්නෙ නැතුවයි ඒ බෝලෙන් සෙල්ලම් කළේ... Plz මට යන්න දෙන්න..."
"යන්න දෙන්න! කොහෙ යන්නද මල්ලියෙ, වරෙන් මෙහෙ එන්න. හොද කෑමක් තියෙනවා."
ඒ කොල්ලට තිබුණේ, නිල් පාට ඇස් දෙකක්. ඒ වගේම දුඹුරු පාටින් කොණ්ඩේ Colour කරලා. ඒ ඇස් දෙකත් එක්ක මට එයාව මුලදි ලස්සනට පෙනුණා... ඒත් අර අහිංසක ළමයට කෑගහන විදිය දැකලා මම එයා ගැන් මවන් හිටපු චිත්‍රේ එහෙම් පිටින්ම නැති වෙලා ගියා.
YOU ARE READING
Elemental Hearts
Fantasy"Elemental Hearts" කියන්නේ බලයන් ගැන කතාවක් විතරක් නෙවෙයි... එකක් වුන හදවත්වල, ආදරයේ, විශ්වාසයේ සහ එකමුතුවේ කතාවක්.
