From the beginning of the day Forth of March 2026....
මං දන්නව මං එච්චර ලස්සන නැති බව... එච්චර කියන්නේ ඉතින් ගොඩක් තියා චුට්ටක්වත් නැතුව ඇති...ඒත් ඉතින් කැත මිනිස්සුන්ටත් ලස්සන හැඟීම් තියෙනවනේ...මට එයා ගැන මගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා තේරුනේ හරියටම එදා...
4th of March at house R****
" ඕක ඉක්මනට දීපං බං.
අඩෝ ඕක කැතයි ඉස්සරහට ලස්සන එකක් ඕනිනේ "
ඒ ඇහුනේ අපි ගියපු ගමන් හවුස් එකේ පැත්තක ඉඳපු සඳලි අක්කගේ කටහඬ එයා එතන ඉඳියේ තව යාළුවො දෙන්නෙක් එක්ක උණ බට වලට ගෝනි තියලා මහනගමන් වෙද්දි අන්තිම ටික මහන ගමන් ඒ කතා කරේ අනිත් උදව්වට හිටියා අක්කට... කොට අක්කා කෙනෙක් නම නම් දන්නෙ නෑ ඉතින් මන්...
එතන ඉඳී අනිත් අක්කා.... එයා නම් හිටිය තනියම වැඩ කර කර.. කොන්ඩේ කපපු ලස්සන හොඳ ඕරා එකක් තියෙන අක්කා කෙනෙක්... දැක්කත් ඇති ඉතින් මාව චූන් වෙන්න. අනේ මන්ද... මටත් සෙට් වෙන්නෙම ඕවා...
දැන් යන්නත් බෑ. මොකද මාව දැකපු අපේ හවුස් කැප්ටන් සේහා අක්කත් දුවගෙන ආවා...
" උඹ යන්නේ නෑ නේ නංගි.අඩෝ අතන තියෙන ගෝනි ටික ඉක්මනටම මහපන්කෝ... උඹ දන්නවනේ මහන්න "
අක්ක කිව්වෙ මට එතනින් යන්න තිබ්බ පොඩි ඉඩත් මකන ගමන් වෙද්දි මම හා කියන්න ඔළුව වනලා මගේ යාළුවා ඇදගෙන අදිති අක්කා ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තට යන්න ගියා...
හංසිනි කියන්නේ එහෙම නැත්නම් මගේ විදිහට හංසි කියන්නේ මට ඉතුරු වෙච්ච එකම හොඳම යාළුවා.... විස්තර වැඩි දිගට කියන්න ඕන නෑ... මම කියන්නම් එහෙම විතරක්
මම ගෝනි කාර් එකට නූල දදා අදිති අක්කගේ විරුද්ධ පැත්තට යද්දි ම එයා කතා කළා...
ඒත්....මට නෙවෙයි.
හංසිට...
මං එයාට වැරැද්දක් කලෙත් නෑ. අනේ මන්ද ඇයි එයා මාව මග අරින්නේ කියලා... කොහොමහරි මම හංසිට යන්න කියලා ඔලුවෙන් සයින් කරලා මගේ පාඩුවේ ඇවිදගෙන ගිහින් එතන තිබ්බ පුටුවකට නැගලා ගෝනිය මහන්න ගත්තේ දුකින් ඔළුව පුරවගෙන.... මං සැරින් සැරේට එයා දිහා බලපු එකෙන් උනේ තවත් දුකවැඩි වෙන එකද මන්දා... එයා හංසිට හිනා වෙවී කතා කරනවා, දෙන්නා එකමුතුවෙලා මහනවා.
YOU ARE READING
Can't Be Mine 🖤
General Fiction" මන් හිතන්නේ ඔයා කවදාවත් මන් ගැන දැන ගන්න එකක් නෑ අක්කේ... කමක් නැහැ මන් ආදරෙයි නේ... ඔයාට යාලුවෙක් විදිහට වත් මතක නැති මාව... මුළු සංසාරෙටම මන් මතක තියා ගන්නම්..." ~•මිනදි ශවින්ද්යා...~• " අහ්ම්... ඔයා...??? නම මොකද්ද...
